ප්‍රසන්න විතානගේ ගේ (නමේ අන්තිමට ගේ එන අයගෙ අයිතිය හගවන්නත් ගේ එකක් දාන්න වුනාම එන අවුල) ගාඩි ෆිල්ම් එක බලන්න ලැබුන. ප්‍රසන්න කියන්නෙ ලංකාවෙ ඉන්න ඉවසිලිවන්තම, පිළිවෙලම, වෘත්තීයම සිනමාකරුවා කියල පුළුවන්. එයා තමන්‍ගේ චිත්‍රපට නිර්මාණයට අමතරව චිත්‍රපටි නිෂ්පාදනය ගැනත් ලොකු දැනුමක්, පරිචයක් ලබාගත්තා. කලාපයේ විවිධ දක්ෂතා ඇති පිරිස් එක්ක සිනමා නිර්මාණ කරමින් ලංකාවෙ සිනමාව කලාපීය සිනමාවත් එක්ක සම්බන්ද කරන්න ලොකු උත්සාහයක් ගත්තා. අපේ සිනමා කර්මාන්තයට බිහිකරන්න පුළුවන් වුනේ එහෙම එක්කෙනයි.
ප්‍රසන්න සෑහෙන කාලයක් තිස්සෙ ගාඩි චිත්‍රපටිය නිර්මාණය කරනවා. ලංකාවෙ පීරියඩ් සිනමාව ඇතුලෙ නිර්මාණාත්මකව මෙතෙක් උසස්ම මට්ටම අත්පත් කරගන්න ගාඩි සමත් වෙලා තියෙනවා කියල කියන්න පුළුවන්. ඒ තරම් කැත නැතුව, දෙබස් ආදියෙන් පවා ඒ කාලයත් මේ කාලයත් දෙකම දැරිය හැකි අවකාශයක් නිර්මාණය කරගන්න ප්‍රසන්නට පුළුවන් වෙනවා. මං හිතන්නෙ එතනදි වැදගත්ම දේ ප්‍රසන්න ඉතිහාසයේ අතුරු කතාවකින් හැරෙන එකයි. ගාඩි චිත්‍රපටියට විෂය වෙන කතාව ඉතිහාසයේ වැදගත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒක ඇහැලේපොලගේ පරිවාර නිළමෙ කෙනෙකුගෙ බිරිඳක් ගැන කතාවක්. ඒත් ඉතිහාසය වෙනස් වීම ගැන ඉතාම සුවිශේෂී මානුෂීය කතාන්දරයක් ගාඩි ඇතුලෙ තියෙනවා.
කතාව දිගහැරෙන්නෙ රාජසිංහ රජු පන්නන්න ඇහැලේපොල සෙට් එක කුමන්ත්‍රණය කරන දවස්වල. ඉංග්‍රීසින් එක්ක (ඩොයිලි එක්ක) එකතු වෙලා මේ ගහන කැරැල්ල පරාජයට පත්වෙනවා. නිළමෙලාගෙ පවුල් පිටින් රාජ උදහසට ලක්වෙනවා. ඒ නිවෙස්වල ගැහැණුන්ට එක්කො දියට පැන දිවි නසාගැනීම හෝ ගාඩි රැහැට එකතු වීම තෝරාගන්න ලැබෙනවා.
මේක හරිම ලස්සන තෝරාගැනීමක්. එක්කො සංස්කෘතිය නැත්තං ජීවිතය කියන දෙක අතර. තමන්‍ගේ කුල ගෞරවය ගැන ජීවිතයට වඩා හිතන අය ගඟට පනිනවා. ඒත් කුලයට එපිටින් ජීවිතය ගැන තාමත් බලාපොරොත්තු සහගත අය අඩියක් පස්සට ගන්නවා.
ඒ ඉහළ කුලවතිය ලබාගන්න රොඩියෝ ගඟ හරහා පීනනවා. හරියට ශුක්‍රාණු වගේ. ඇය තමන්ගේ කරගන්නේ මුලින්ම ඇගේ මුවට තමන්‍ගේ බුලත් හපය ලන රොඩියායි.
තමන්ට බල්ලන්ට මෙන් සළකන ඉහළ වංශයෙන් නෙරපා හරින කාන්තාවක් තමන්‍ගේ කරගැනීම සඳහා තරගවදින රොඩී මානසිකත්වය අසිරිමත් එකක්. එක්කො නිකං දෙන ඕන දේකට පොරකාලා ගන්න පුරුද්ද රැහැක් විදිහට තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්තං ඔවුන්ගේ ආශාව හැමදාම පවතින්නෙ ඒ උසස් වාංශික කාන්තාවන් ගැන වෙන්න පුළුවන්. හරියට කලු අයගේ ආශාව සුදු ගැහැණුන් මත පවතිනවා වගේ.
ඒ කොහොම වුනත් මේ වැළඳගැනීම අනිත් පැත්තෙන් අත්හැරීමක්. කුල මුසුවීමක්. ඒ වංශවත් කුලයේ කාන්තාවට දෙවැනිව පවතින්න තෝරාගැනීමක්.
මං දැකලා තියෙනවා ලංකාවෙ පිරිමි බොහොමයක් තමන්ට වඩා සංස්කෘතිකව බලවත් ගැහැණියක් පාවා ගන්න බයකින් පසුවෙනවා. ඒ තමන්‍ට හුරු සංස්කෘතිය අත්හරින්න වෙනවා කියන බයට. නැත්තං හීනමානයට. සමහරු උගත්කම්වලින් පවා තමන් අභිභවා යන කාන්තාවක් විවාහ කරගන්න බයයි. ඒක තමන්‍ගේ පිරිමිකම දුර්වල කරන තත්වයක් විදිහට ඒ අයට හැගෙනවා. මුදල් අතින් තමන්ට වඩා ඉහළ කාන්තාවන් සම්බන්ධයෙන් පවතින ආකර්ශනය වෙන අරමුණක්. ඒත් සංස්කෘතිකව තමන්ට වඩා උසස් ගැහැණියක් තෝරාගැනීම කියන්නෙ පිරිමි ගොඩකට අභියෝගයක්.
මෙතනදි මේ රොඩී කොල්ලා ඒ අභියෝගය ගන්නවා. එහෙම තැනකදි දේවල් දෙකක් වෙන්න පුළුවන්. එක, පිරිමියා විසින් ගැහැණිය තමන්ට නතු කරවාගෙන තමන්ගේ සංස්කෘතියට අඩංගු කරගැනීම. දෙවෙනි එක ගැහැණියගේ සංස්කෘතිය තමන් විසින් වැළඳගැනීම. ඒ සංස්කෘතියට ගරු කිරීම. ඒ වෙනුවෙන් තමන්ගේ සංස්කෘතිය හෝ වර්ගයා අත්හැරීම. ඒක ගැහැණුන්ගෙ පැත්තෙන් නිතර සිද්ද වෙන දෙයක්. නමුත් පිරිමියෙකුගේ පැත්තෙන් දරුණු අභියෝගයක්. ඉන්න ස්තිර තැනක් පවා අහිමි රොඩී කොල්ලෙකුටම මිස වෙනකෙකුට බොහෝ දුෂ්කර විය හැකි කාර්යයක්.
ඒත් කුලයක් හෝ වර්ගයක් වෙනස් වෙන්න ගන්නෙ ඒ පාවාදීම ඇතුලෙයි. හැම වර්ගයකම ඊලග පැවැත්ම තීරණය කරන්නේ ඒ වර්ගය උසස් සංස්කෘතියක් වෙනුවෙන් පාවා දෙන්නා විසිනුයි.
ප්‍රසන්නගෙ කතාවම පදනම් වෙන්නෙ තන වැස්ම මත. රොඩියන්ව පහත හෙලන කාරණය වෙන්නෙ තන වැස්මක් ඇඳීම තහනම් වීමයි. උසස් කුලයෙන් පිටුවහල් කරන නිළමේ බිරිඳ තමන්ගේ තන වැස්ම ගැලවීමට එරෙහිව සටන් කරනවා. මෙතනදි පියයුරු කියන්නෙ ශෘංගාරය හෝ ආශාව පිළිබඳ කාරණයක් නෙමෙයි කුල ගෞරවය පිළිබඳ කාරණයක්.
තනපට බලහත්කාරෙන් ඉවත් කරන දර්ශනවලදී පවා ඇගේ පියයුරු වසන් කරන්නට ප්‍රසන්න අධ්‍යක්ෂවරයා විදිහට තීරණය කරනවා. කතාවෙ ඇයව නිරුවත් කළත් ප්‍රසන්න ඇගේ ගෞරවය රකිනවා.
නමුත් අනෙක් රොඩී ගැහැණුන්ගේ පවා පියයුරු දර්ශනය වෙන්නෙ කලාතුරකින්. බොහෝ අවස්ථාවල යම් යම් දෙයින් ඒවා උවමනාවෙන් ආවරණය කරපු බවක් පේනවා. ඒකට හේතුව මං හිතන්නෙ අපේ සිනමා ශාලාවලට නරඹන්නො ගෙන්වා ගැනීමම වෙන්න ඕන. කාන්තා නිරුවත ප්‍රදර්ශනය වුනු ගමන්ම ප්‍රේක්ෂාගාරය බාගෙට අඩුවෙනවා. විශේෂයෙන් කාන්තාවන් චිත්‍රපටය නැරඹීම ප්‍රතික්ෂේප කරනවා.
ගාඩි කොල්ලයි මේ වංශවත් කෙල්ලයි මුණගැහෙන්නෙ රොමාන්තික ආදරයට පෙර යුගයෙදි. ඇල්මක් ගැන දැනීමක් මිස ආදරය ගැන වැල්වටාරම් නැති කාලෙක. සියල්ල සම්ප්‍රදාය විසින් තීරණය කරන කාලෙක. එතනදි සම්ප්‍රදාය අත්හරින්න බලකරන ගැහැණියක් සහ සම්ප්‍රදාය අත්හරින තීරණය ගන්නා පිරිමියෙක් මුනගැහෙනවා.
ඒ මුනගැසීම ආදරයක්ද කියන්න අපි දන්නෙ නෑ. මොකද ඒ හැගීමට ඒ වකවානුවෙ වචනයක් තිබුනෙ නෑ. ඒත් බැඳීමක් තිබුන.
ඇය මුලු කාලය පුරාම සටන් කරන්නෙ ඇගේ කුලපට හෙවත් තනපටය රැකගන්න. එක තැනකදි ඇය තීරණය කරනවා ඒ තන පටය අත්හරින්න. ඒ තමන් වෙනුවෙන් වර්ගයා අත්හළ පිරිමියාගේ වරිග පැවැත්ම වෙනුවෙන්. ඔවුන්ගෙන් ආරම්භ වෙනවා අලුත් රොඩී පරපුරක්. ඒ රොඩීන් කියන්නෙ තමන්ගේ වර්ගය ‘ආදරය’ වෙනුවෙන් පාවා දුන් පරපුරක්.
ප්‍රසන්න තමන්‍ගේ සිනමාකරණය තුල හැගීම් දැනීම් දනවන්න ඉඩක් තියන්නෙ අඩුවෙන්. ඒ කියන්නෙ රොමැන්ටිසයිස් කරන්නෙ අඩුවෙන්. මට හිතෙන්නෙ මේ කතාව මීට වඩා රොමැන්ටික් කතාවක් කියලයි. ඒක තව උපරිමයෙන් පපු හීරෙන්න දෙන්න තිබුන කියලයි.
රංගනය පැත්තෙන් හැම කෙනෙක්ම වගේ විශිෂ්ටයි. අල්පය ඇතුලෙ මහා දෙය නිරූපණය කරන්න ප්‍රසන්න සමත් වෙලා තියෙනවා. කොටින්ම රගපාන්නම බැරි රවීන්ද්‍ර රන්දෙණිය පවා සිරාවට රගපානවා. මං හිතන්නෙ මේ ඇක්ට් එක අමාරු එකක්. සාම්ප්‍රදායික උස් හඩින් කතා කරන, නිකට උස්සගෙන කැරකෙන, අධිතාත්වික වංශවතා නිරූපණය කරන්න ලේසියි. ඒත් යතාර්ථවාදී නිළමෙ චරිතය කරන්න අමාරු එකක්.
සජිත ඇන්තනි සහ ඩිනාරා තමන්ගේ චරිත ඉතාම ආකර්ශනීය විදිහට නිරූපණය කරනවා. සජිත දකින කොට ජැක්සන්ව මතක් නොවී තබාගැනීම හරිම දුෂ්කර දෙයක්. සජිත නිසා සිහිපත් වුනු ජැක්සන්ගේ ඒ නළු පෞර්ෂය මාව මොහොතකට චිත්‍රපයටයෙන් එළියට අරගෙන ගියා.
ගාඩි චිත්‍රපටයට බටහිර ක්ලැසිකල් මියුසික් යොදාගැනීම නම් ලොකු නොගැලපීමක්. සංගීතය පාවිච්චි වෙන්නෙ චරිතවල ආත්මය පැත්තෙන් නෙමෙයි ඩොයිලිගේ පැත්තෙන් වගේ. ඒක ඒ චරිත හුදකලා කිරීමක් වගේ දැණුනා.
ගාඩි කියන්නෙ ලොකු කතාවක්. එපික් එකක් අවමතා රීතියෙන් කරන්නෙ කොහොමද කියල උත්සාහයක්. ඒ හින්දම ආකර්ශනීය වැඩක්.
දැනුත් අපි නොයෙක් අයගෙ ලීක්වෙන, තනපට ඉවත් කළ වීඩියෝ බලනවා. ඒවා ෂෙයාර් කරනවා. ඇත්තටම ඒ පිටිපස්සෙ තියෙන්නෙ නූතනවාදී හැගීමක් වුනු ශෘංගාරයද නැත්තං අර පරණ කුලවාදී නිගරු කිරීමමද?



අත්තික්කා කොලයකින් ගොඩක් දේවල් වහගන්න පුළුවන් ඇති. ඒත් මිනිසාගේ ලිංගය ප්‍රාණවත් වීම නම් ඒකෙන් වහන්න බෑ. මානව ලිංගිකත්වය ගැන තියෙන පොදු මහා නැරටිව් එක රවටනසුලු, පිළිගත නොහැකි මොනොගමියක සංවර්ධනයක් ගැන අදහස ස්ථාවර කරන්න ගොඩනගපු එකක්. මේ නැරටිව් එකේ හැටියට විෂම ලිංගික ස්ත්‍රී පුරුෂයන් යනු අපේ ප්‍රතිවිරුද්ධ ජානවල ඇජන්ඩාවක් අනුව ක්‍රියාත්මක වෙන යුද්ධයක ඉත්තන් වගේ වෙනවා. සියලු විනාශයට මුල අපේ ජීව විද්‍යාත්මක ඩිසයින් එක කියලයි අපිට උගන්නන්නෙ. පිරිමි තමන්ගේ බීජ පුළුවන් තරම් පතුරවන්න වෙහෙසෙනවා. (මේ අතර තමන්ට පමණක්ම කියල ස්ත්‍රීන් තබාගැනීමෙන් පිතෘත්වය සහතික කරන්න දගලනවා) මේ අතර කාන්තාවන් තමන්ගේ සීමිත ඒ නිසාම වටිනා ඩිම්බ නොවැදගත් පිරිමින්ගෙන් ආරක්ෂා කරගන්න වෙහෙසෙනවා. හැබැයි තමන්ට සපයා දෙන්න පුලුවන් සැමියෙක් සමග ලැබුනු පසු ඒ අය ජානමය වශයෙන් ඉහළ යැයි ගැනෙන මෝල්ඩර් වර්ගයේ හතරැස් හනු සහිත පිරිමින් සමග රහසින් රමණයේ යෙදෙන්න ඉඩ ලද සැණින් සාය උස්සනවා. මේක නිර්මාණය කරන්නෙ ලස්සන චිත්‍රයක් නම් නෙමෙයි.



































































පළවෙනි ගෝඨාභයයි වෝහරික තිස්සයි තමයි ඕක පටන්ගන්නෙ. වෝහාරික තිස්ස කියන්නෙම ව්‍යවහාරයට ගෙනාවා කියන එක. ව්‍යාවහාරික තිස්ස. ඔය කියන්නෙ ප්‍රැක්ටිකල් බුඩිසම් ගෙනාවෙ එයා කියන එක. යතාර්ථයට ඔබ්බෙන් වූ යතාර්ථයක් විදිහට ආගමක් තියෙන්න බෑ, ඒක තියෙන්න ඕන මේ යතාර්ථය තුලමයි කියන එක තමයි වෝහාරික කිව්වෙ. හැබැයි බුදුදහම යතාර්ථයේ හිරකරන්න බෑනෙ. ඒක යතාර්ථයෙන් එපිට පවතින එකක්නෙ. සම්මුති සත්‍යයෙන් ඔබ්බෙ තියෙන දෙයක් ගැනනෙ බුදුදහම කතා කරන්නෙ. මෙතනදි වෝහාරික කරන්නෙ ඒක සම්මුතියට ගේන එක. මොකද රාජ්‍යයට සම්මුතියක් ඕන කරනවා. බුදුදහමත් එක්ක රාජ්‍යයක් ගෙනියන්න බෑ.
ඉතින් රාජ්‍යයට ඕන විදිහට බුදුදහම අර්ථකතනය කරලා දෙන එක තමයි භික්ෂුන්ට පැවරිලා තියෙන්නෙ. භික්ෂුන්ට වෙන ජීවිතයක් නැති වුනා. භික්ෂුත්වය රාජ්‍යයේ පිරුවටයක් විදිහට තමයි පවතින්න ගත්තෙ. භික්ෂුන් කල්පනා කළා අපිට සීල සමාධි ප්‍රඥා කිසි එකක් ඕන නෑ, රාජ්‍යයට ඕන විදිහට ආගම සකස් කරලා දීමෙන් සුඛෝපභෝගී ජීවිත ගත කරන්න පුළුවන් කියල. ඉතින් මොකද වුනේ රාජ්‍යයි ආගමයි එකතු වෙලා මිනිස්සුන්ට ලෞකිකත්වය අහිමි කළා. රාජ්‍යයි ආගමයි විතරක් ලෞකික සුව විඳින්න පටන්ගත්තා.
නාලන්දා ගෙඩිගේ, බෙල්ගෙ කාලෙ සංරක්ෂණය කරන්න පවා ඉඩ දුන්නෙ නෑ. ඒ කාලෙ තිබුනෙ වික්ටෝරියා රැජිනගෙ බලය. නාලන්දා ගෙඩිගේ ඔය තියෙන තැන නෙමෙයි තිබුනෙ. ඔය ජලාශෙ මැද තිබුනු දූපතේ තිබුනෙ. උන් නාලන්දා ජලාශය පුළුල් කළා. ඕක කැඩුවා. පස්සෙ පරණවිතාන ලොකු අරගලයක් කරලා තමයි ඕක ඔතන පිහිටෙව්වෙ. නාලන්දා ගෙඩිගේ තිබුනු තැන තමයි නාලන්දා ජලාශය හැදුවෙ. මේක යටකළා ජලාශෙට. පුළුවන් නම් කිමිදිලා බලන්න. තව ගොඩක් ඔය වගේ මූර්ති තියෙනවා වතුර යට. ඔය අපි දකින්නෙ ගොඩට ගෙනල්ලා හයිකරපු ටික විතරයි.

ලංකාවෙ කසාදය කියල එකක් තිබුනෙ නෑ. පෘතුගීසින් තමයි පහතරටට කසාදය අඳුන්නලා දුන්නෙ. පෘතුගීසින් කළේ පහත රට කසාදය අඳුන්නලා දීලා උඩරට මිනිස්සුන්ගේ නිදහස් ලිංගිකත්වය පහත් අශිෂ්ට විදිහට හඳුන්වපු එක. ඒ කාලෙ පහතරට මිනිස්සු උඩරැටියන්ට පහරදුන්නෙ එහෙමයි. ඒ අය වනචරයි කියල. අපිට කසාදය කියන එකට සිංහල වචනයක්වත් නෑනෙ.






