Tag: history

  • කාමසූත්‍ර – සයවන කොටස

    කාමසූත්‍ර – සයවන කොටස

    පුරවැසියෙකුගේ ජීවිතය

    පුරුෂයෙක් මෙසේ ලබා ගත් අධ්‍යාපනයෙන් සහ ත්‍යාග වශයෙන් (බ්‍රාහ්මණයන්ට ධනය ත්‍යාග ලෙස ලැබුණි), අත්පත් කරගැනීමෙන්, ලබාගැනීමෙන්, ඉතුරු කිරීමෙන් හෝ උරුමයෙන් ලත් ධනයෙන් (මේ සියල්ල වෛශ්‍යයයන්ට ධනය ලැබුනු ආකාරයි) ගෘහපතියෙක් ව (ගෘහස්ථ) පුරවැසියෙකුගේ ජීවිතය ගත කළ යුතුය. ඔහු නගරයේ නිවසක් හෝ විශාල ගමක් හෝ යහපත් මිනිසුන් වසන ප්‍රදේශයක් හෝ බොහෝ අය පොදුවේ නිවසන නිකේතනයක් හෝ වාසයට ගත යුතුය. මේ නිවස ජල පහසුකම් වලට සමීපව පිහිටිය යුතු අතර විවිධ අවශ්‍යතා සඳහා වෙන් කළ කාමර සහිත විය යුතුය. මේ නිවස උයනකින් වටව තිබිය යුතු අතර බාහිර සහ අභ්‍යන්තර කාමර දෙකක් තිබිය යුතුය. අභ්‍යන්තර කාමරය කාන්තාවන් සඳහාය. බාහිර කාමරය හොඳින් සුවඳවත් විය යුතුය. එහි මෘදු, සිත්ගන්නාසුලු, පිරිසිදු සුදු රෙද්දෙන් වැසුනු, මැද කොටස පහත, එහි මල්මාලා සහ මල් පොකුරු ගැවසුනු, ඉහළින් වියනක් සහිත, ඉහළින් එක කොට්ටයක්ද, පහළින් තව කොට්ටයක්ද වන සේ කොට්ට දෙකක් සහිත සයනයක් තිබිය යුතුය. එහි කවිච්චියක්ද එහි හිස පෙදෙසට වන්නට ස්ටූල් එකක්ද තිබිය යුතුය. ස්ටූල් එක මත රාත්‍රිය සඳහා අවැසි සුවඳ ගැල්වුම්ය. මල්ය. නෙතෙහි ගල්වන අඳුන්ය. මුව ගල්වන සුවඳය. දෙහි ගස් දඬුය. කවිච්චිය අසල බිම පඩික්කමක් තිබිය යුතුය. ඒ අසල ආභරණ පෙට්ටියක් සහ ඇත් දළයකින් තැනූ ආධාරකයක ඇති වීනාවකි. සිත්තම් ඇඳීමට පුවරුවකි. සුවඳ පිරුණු කලසකි. පොත්ය. කහ අමරන්තා මල් වැල්ය. කවිච්චියට නුදුරින් බිම රවුම් අසුනකි. ක්‍රීඩා භාණ්ඩ කරත්තයකි. දාදු ලෑල්ලකි. මේ කාමරයට පිටතින් කුරුළු කූඩුවකි. එමෙන්ම කපු කැටීමට සහ කැටයමට බඳු දේ සඳහා වෙන් කළ තැන්ද ඇත. උයනෙහි කැරකෙන ඔන්චිල්ලාවක් සහ සාමාන්‍ය ඔන්චිල්ලාවකි. මලින් ගැවසුනු ලතා මණ්ඩපයකි. ඒ අසල හිඳගැනීමට උස්ව සකස් කළ අසුනකි.

    ගෘහපතියා උදේ පිබිදී ශරීර කෘත්‍යයන් ඉටු කළ පසුව, දත් මැද, සිරුරෙහි ආලේපන සහ සුවඳ නිසි පමණ ගල්වා, ආභරණ පැළඳ, නෙත් පියෙහි සහ නෙත් යට අඳුන් ගල්වා, දෙතොල වර්ණ ගන්වා ඔහු දෙස කැඩපතින් බැලිය යුතුය. අනතුරුව බුලත් කොලයක් සමග මුව සුවඳ කරන අනෙක් දේ සපා ඔහුගේ දවසේ ව්‍යාපාර ආරම්භ කළ යුතුය. ඔහු දිනපතා ස්නානය කළ යුතුය. දිනක් හැර දිනක් සිරුරෙහි තෙල් ගැල්විය යුතුය. දින තුනකට වරක් සබන් (හා සමාන යමක්) ගැල්විය යුතුය. දින හතරකට වරක් කෙස් රැවුල් මුඩු කළ යුතුය. දින පහකට හෝ දහයකට වරක් සිරුරේ අනෙක් රෝම මුඩු කළ යුතුය. මේ කිසිවක් අමතක නොකළ යුතු අතර කිහිලිවල දහඩියද ඉවත් කළ යුතුය. චරායනට අනුව පෙර දහවල්, පසු දහවල් සහ රාත්‍රී ආහාර ගත යුතුය. පාතරාසයට පසු ගිරවුන්ට කතා කිරීම පුහුණු කිරීමටත්, කුකුලන් සහ එළුවන් පොරයට පුහුණු කිරීමටත් කාලයයි. සීමිත කාලයක් පිතාමර්දා, විතා, විධූෂක ආදීන් සමග විනෝදවීමට ගත කළ හැකිය. අනතුරු දිවා මැද සැතපීම කළ යුතුය. අනතුරුව නැවත වස්ත්‍රාභරණයෙන් සැරසෙන ගෘහපතියා සවස් කාලයේ මිතුරන් සහ අල්ලාප සල්ලාපයේ ගත කළ යුතුය. සන්ධ්‍යා කාලයේ ගීත ගායනා වලින් අනතුරුව ගෘහපතියා අර පෙරදී සුවඳ ගල්වා සකස් කළ කුටියේ තමන්ගේ මිතුරෙක් සමග රැඳී සිටිය යුතුය. ඒ ඔහු වෙත ආකර්ශනය වූ ගැහැණිය පැමිණෙන තුරුය. නැතහොත් ඔහු කාන්තාවක් අත ඇයට පණිවුඩය යැවිය හැකිය. නොඑසේනම් ඔහුම ගොස් ඇයට කතා කළ හැකිය. ඇය සපැමිණි පසු ඔහු හා ඔහුගේ මිතුරා ඇයව පිළිගෙන ආදරණීය රසවත් සංවාදයෙන් ඇයට ආස්වාදය ලබා දිය යුතුය. දවසේ කාර්යය නිමා විය යුත්තේ එසේය.

    ඉඳහිට විනෝදාස්වාදය සඳහා කළ යුතු දේවල් පහත පරිදිය.
    1. විවිධ දේවතාවන්ට උත්සව පැවැත්වීම
    2. ස්ත්‍රී පුරුෂ සමාගමයන්
    3. මධුසාද
    4. උයන්කෙළි
    5. වෙනත් සමාජ කටයුතු

    උත්සව

    විශේෂ නැකත් දිනවල පුරවැසියන්ගේ සමුළුවක් සරස්වතී කෝවිලට කැඳවිය යුතුය. ගායනා සහ අනෙකුත් හැකියාවන් ඇති නගරයට අලුතෙන් පැමිණි කලාකරුවන්ගේ දක්ෂතා එහිදී පරීක්ෂා කළ යුතුය. එදිනම දක්ෂ අය අගයමින් ත්‍යාග ලබා දිය යුතුය. පැමිණි පුරවැසි සමූහයේ ප්‍රසාදය අනුව ඔවුන් රඳවා ගැනීම නැවත පිටත් කර හැරීම කළ හැකිය. මෙම සමුළුවෙහි පුරවැසියන් සමෘද්ධියේදී මෙන්ම ආපදා සමයේදීත් ප්‍රසංගයන්ට ක්‍රියාකාරීව සහභාගි විය යුතුය. එමෙන්ම අලුතෙන් සමුළුවට එක්වූ අයට ආගන්තුක සත්කාර දැක්වීමද මේ පුරවැසියන්ගේ වගකීමකි. මෙහි දක්වා ඇති කරුණු අනෙක් දේවතාවන් වෙනුවෙන් පවත්වන උත්සව සඳහාද මෙපරිද්දෙන්ම සිදු කළ යුතු වෙයි.

    සමාගමය

    එකම වයසක, තරාතිරමක සහ සමාන දක්ෂතා ඇති, සමාන රුචිඅරුචිකම් සහ සම මට්ටමක අධ්‍යාපනයක් ඇති පුරුෂයන් පුරඟනන් සමග එක්ව හිඳිමින් හෝ පුරවැසියන් කණ්ඩායමක් සමග හෝ ඒ කෙනෙකුගේ වාසස්ථානයක එකිනෙකා සමග සිත්ගන්නාසුලු කතාබහේ නියැලීම සමාගමයක් ලෙස හැඳින්වෙයි. මේ සංවාදයන් කෙනෙකුගේ අඩක් නිමකළ කාව්‍යයක් සම්පූර්ණ කිරීම පිළිබඳ විය හැකිය. නැතහොත් වෙනත් කලාවන් ගැන දැනුම් පරීක්ෂා කිරීම් පිළිබඳ විය හැකිය. ඉතා සුන්දර කාන්තාවන්, පුරුෂයන් කැමති දේට කැමැත්තක් දක්වන කාන්තාවන්, අනෙකුන්ගේ මනස් ඇදගැනීමේ දක්ෂ කාන්තාවන් මෙහිදී ගෞරවයට පාත්‍ර වේ.

    මධුසාද

    පුරුෂයන් සහ ස්ත්‍රීන් එකිනෙකාගේ නිවෙස්වල මධුපාන කළ යුතුය. මෙහිදී පුරුෂයන් විසින් පුරඟනන් හට පානයට අවකාශ සැලසිය යුතුය. අනතුරුව ඔවුන් පානය කළ යුතුය. මධු, ඒරෙය, සුරා, සහ ආසව ආදී තිත්ත මෙන්ම ඇඹුල් පානයනුත් විවිධ දඬු, පළතුරු සහ පත්‍ර මුසු පානයනුත් මෙහිදී භාවිතා කෙරේ.

    උයන්කෙළි

    උදෑසන පුරුෂයන් මනාව හැඳ පැළඳ පුරඟනන් සමග අසුන් පිට උද්‍යාන කරා යා යුතුය. සේවකයන්ට ඔවුන් සමග මේ ගමනට එක්වෙයි. දවසේ කටයුතු එතැන් සිට කිරීමෙන් අනතුරු, වටුවන්, කුකුළන් හෝ එළුවන් කෙටවීම වැනි සිත්ගන්නාසුලු ක්‍රීඩාවන්ගේ යෙදීමෙන් පසු සවස් යාමයේ ඔවුන් නැවත නිවෙස් කරා එන්නේ නෙලාගත් මල්පොකුරුද අතැතිවය.

    ගිම්හාන සමයේදී විසකුරු සහ අනතුරුදායක සතුන් ඉවත් කළ ආරක්ෂිත දිය පහරක ස්නානයේදීද මෙපිරිදිම කාරණා සිදුවෙයි.

    අනෙක් සමාජ ක්‍රීඩා

    දාදු ක්‍රීඩාවේ නියුතු රාත්‍රීන්. සඳ ඇති රාත්‍රීන්හි පිටත සංචාරයන්. වසන්ත සමයේ උත්සව පැවැත්වීම. අඹ කඩන්නට යාම. නෙළුම් දඬු කෑම. ළපටි ඉරිඟු කෑම. දළුලන සමයේදී වනාන්තරවල ඇවිදීම. උදකක්‍ෂවේදික හෙවත් ජලක්‍රීඩා. එකිනෙකා මලින් සැරසීම. කොහොඹ මලින් පහරදීම. ආදී තවත් නොයෙක් රටටම පොදු වූ හෝ ඒ පළාතට විශේෂ වූ ක්‍රීඩා. මෙවන් විනෝදාස්වාදයන් පුරවැසියන් විසින් පවත්වාගෙන යා යුතුය.

    පුද්ගලයෙකු වෛශ්‍යාවක් සමග සිටියදී මෙන්ම වෛශ්‍යාවක විසින් තමන්ගේ සේවිකාවන් සමග හෝ පුරවැසියන් සමග ඉහත විනෝදාස්වාදයන්හි යෙදිය හැකිය.

    විනෝදාස්වාදයන් සඳහා සම්බන්ධවන (කලින් සඳහන් කළ) චරිත පහත පරිදිය.

    පිතාමර්දා යනු ධනයක් නැති, ලෝකයේ හුදකලා වුනු, ඔහුගේ අසුන, පෙණ නගන යම් ද්‍රව්‍යයක් සහ රතු රෙදි කඩක් පමණක් සන්තකව ඇති, උසස් ප්‍රදේශයකින් පැමිණි, සියලු කලාවන්හි දක්ෂ, මේ කලාවන් උගැන්වීමෙන් පුරවැසියන්ගේ සහ පුරඟනන්ගේ ඇසුර ලබන්නෙකි.

    විතා යනු වාසනාවේ ඵලවන් අත්විඳින ලද, ඔහුගේ ප්‍රදේශයේම අය ඇසුරු කරන, ගෘහමූලිකයෙකුගේ ගුණාංගයන් සහිත, බිරිඳක් සිටින, පුරවැසි සමළුවවෙහි සහ පුරඟනන්ගේ ගෞරවය ලබමින් ඔවුන්ගෙන් යැපෙමින් ඒ තැන්හි වෙසෙන්නෙකි.

    විදූෂක නොඑසේනම් වෛහාසක යනු යම් කලාවන් ප්‍රමාණයක් පමණක් දන්නා, සියල්ලන් විසින් විශ්වාස කරන කවටයෙකි.

    මේ අය පුරවැසියන්ගේ සහ පුරඟනන්ගේ ගැටුම් සමථයට පත් කරන්නට ඉදිරිපත් වෙයි. ස්ත්‍රී යාචිකාවන්, හිසමුඩු කළ කාන්තාවන්, අනාචාරයේ හැසිරෙන කාන්තාවන් සහ විවිධ කලාවන්හි නිපුණ වයස්ගත පුරඟනන් සම්බන්ධයෙන්ද මේ කාරණය අදාල වේ.

    මෙපරිද්දෙන් තමන්ගේ ග්‍රාමයේ හෝ නගරයේ වෙසන, සියල්ලන්ගේ ගරුත්වය ලබන පුරවැසියෙක් ඔහුගේ කුලයේ හඳුනාගැනීම වටිනා අයව කැඳවිය යුතුය. ඔහු සාමූහිකව සංවාද කළ යුතු අතර ඔහුගේ මිතුරන් සතුටු කළ යුතුය. විවිධ දේ සඳහා අන් අයට සහාය වීමෙන් අන් අයටද එපරිදිම එකිනෙකාට සහාය වීමට අවස්ථා සැලසිය යුතුය.

    මේ ගැන කියවෙන ඇතැම් ශ්ලෝකයක් පහත පරිදිය

    “සංස්කෘත භාෂාවට පමණක් හෝ අනෙක් ප්‍රාදේශීය භාෂාවකට පමණක් හෝ සීමා නොවී, සමාජයේ විවිධ කාරණා ගැන කතිකා කරන පුරවැසියෙක් උසස් ගෞරවයක් ලබන්නේය. මහජනයා විසින් ප්‍රතික්‍ෂේප කරන, පාලනය වන නීතියක් නොමැති, අනෙකුන්ගේ විනාශය අරමුණු කරන සමාජයන්වල බුද්ධිමතුන් ජීවත් නොවිය යුත්තේය. ජනතාවගේ අරමුණු අනුව ක්‍රියා කරන, තෘප්තිය අරමුණු කරන සමාජයක ජීවත්වන උගත් පුරුෂයා ලෝකයේ ගෞරවයට පාත්‍ර වන්නේය.”

  • කාම සූත්‍ර – පස්වන කොටස

    කාම සූත්‍ර – පස්වන කොටස

    සූසැට ශිල්පය

    කාම සූත්‍රය සමග පහත කලාවන් හැදෑරිය යුතුය.

    1. ගායනය
    2. වාදනය
    3. නර්තනය
    4. නර්තන ගායන සහ වාදන සංකලනය
    5. ලේඛනය සහ චිත්‍ර ඇඳීම
    6. ටැටූ
    7. සහලින් සහ මල්වලින් සැරසිලි කිරීම
    8. මල් වැවීම
    9. දත්, ඇඳුම්, කෙස්, නිය, ශරීරය වර්ණ ගැන්වීම
    10. වර්ණ ගැන්වූ වීදුරු පොලොවට ඇල්ලීම
    11. ඇඳක් සකස් කිරීම, කළාලයක් එලීම, ආසන සැකසීම.
    12. ජලය පිරවූ වීදුරු වාදනයේ හැකියාව
    13. පොකුණු කලාව
    14. රූප රාමු සැකසීමේ කලාව
    15. මාල, වළලු සැකසීම.
    16. හිස් පළඳනා සැකසීම.
    17. නාට්‍යකරණය
    18. කරාබු සැකසීම
    19. සුවඳ ගැල්වීමේ කලාව

    1. මැණික්, විසිතුරු දේවල් ඇඳුමකට නිසිලෙස ඇමිනීමේ කලාව
    2. මැජික් හෝ මන්ත්‍ර
    3. අතපය වැඩෙහි සුරුබව
    4. ඉවුම්පිහුම් කලාව
    5. විවිධ පානයන් සකස් කිරීමේ කලාව
    6. මැහුම් කලාව
    7. නූල් සහ රෙදිවලින් විවිධ විසිතුරු දේ තැනීම.
    8. ප්‍රහේලිකා විසඳීම.
    9. ගීතයෙන් ගීතය ආකාරයේ ක්‍රීඩා. කෙනෙක් නවතන තැනින් අනෙකා ආරම්භ කළ යුතු.
    10. අනුකරණයේ කලාව
    11. කියවීම. මන්ත්‍ර කීම
    12. අසීරු වාක්‍ය උච්චාරණ කලාව. මෙය ක්‍රීඩාවක් වශයෙන් පුහුණු කළ යුතුය.
    13. කඩුව, දුන්න -ඊතලය සහ රිටි පුහුණුව.
    14. තාර්කිකභාවය
    15. වඩුවැඩ
    16. ගෘහනිර්මාණකරන ශිල්පය
    17. රන් රිදී කාසි ගැන සහ මැණික් ගැන දැනුම.
    18. රසායනය සහ ඛනිජ ගැන දැනුම
    19. පබළු සහ මැණික් වර්ණගැන්වීම
    20. පතල්, කොරි පිළිබඳ දැනුම
    21. ගෙවතු වගාව

    41. කකුලන් එළුවන් පොරට යෙදීම
    42. ගිරවුන්ට කතා කරවීම
    43. සිරුරේ සුවඳ ගැල්වීම
    44. රහස් භාෂා කියවීමේ දැනුම
    45. අකුරු වචන මාරු කරමින් කතා කිරීමේ කලාව
    46. ප්‍රාදේශීය වහර ගැන දැනුම
    47. මල් බඳුන් සැකසීමේ කලාව
    48. ගුප්ත මණ්ඩල ආදී දේ සැකසීමේ කලාව
    49. මානසික අභ්‍යාස. අඩු වචන වාක්‍ය පිරවීම, උඩ යට මාරු කර ඇති ඡේදයන්ගේ අර්ථ වටහාගැනීම ආදිය.
    50. කාව්‍යකරණය
    51. වාග්කෝෂය පොහොසත් වීම.
    52. වේශ නිරූපණය
    53. කලා අධ්‍යක්‍ෂණය
    54. සූදු කෙළිය
    55. මන්ත්‍ර ආදියෙන් අන්සතු දේ අයිති කරගන්නා ක්‍රම
    56. තරුණ ක්‍රීඩා හැකියාව
    57. සමාජ චාරිත්‍ර ගැන දැනුම පුහුණුව
    58. යුද්ධය පිළිබඳ දැනුම
    59. ජිම්නාස්ටික්
    60. දේහ ලක්ෂණ විද්‍යාව
    62. ගණිත සමීකරණ
    63. කෘතිම මල් සැකසීම
    64. මැටි භාණ්ඩ ඇඹීම

    ඉතා හොඳ පිළිවෙලක් සහිත, සුන්දර මෙන්ම අනෙක් උසස් ගති ලක්ෂණවලින් යුත්, ඉහත කලාවන්ගේ නිපුණ, ප්‍රසිද්ධ ගැහැණුන්ට ගණිකා යන උසස් නාමය ලබා දෙන ලදී. ඔවුන්ට පිරිමින් හා සමව සභාවන්ගේ අසුන් පැනවිනි. ඇය රජුගේ ප්‍රසාදයටත් බුද්ධිමතුන්ගේ වර්ණනාවටත් ලක්විය. සියල්ලන් විසින් ඇගේ ඇසුර ඉල්ලා සිටින හෙයින් විශ්වීය ආකර්ශනයක් ඇති වස්තුවක් විය. රාජ කුමාරියක් වුවද , ආමත්‍ය දියණියක් වුවද මෙකී ශිල්ප උගත්තේ නම් ඔවුන්ගේ ස්වාමියන්ට වඩා ප්‍රිය වන්නේය. තව දහසක් කාන්තාවන් ඔවුන්ට සිටියද ඒ අයව නොපෙනී යන්නේය. එමෙන්ම සැමියාගෙන් වෙන්ව තනිවන කාන්තාවකට වුවද වෙනත් දේශයකදී වුවද මෙකී ශිල්පයන්ගෙන් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගත හැකි වන්නේය. ඒ ගැන දැනීමම වුවද කාන්තාවක් වඩාත් ආකර්ශනීය කරන්නේය. මේවා පුහුණුවේ යෙදවීමට නම් ඒ උචිත අවස්ථා උදාවිය යුතුය. මෙම කලාවන් ප්‍රගුණ කළ, වාග් කෞෂල්‍යයෙන් සහ කාන්තාවන්ට ගරු කිරීමේ පිළිවෙත්වලින් හෙබි පිරිමින් කාන්තාවන්ගේ හදවත පැහැර ගන්නේය. ඔවුන් සමග ඔහු ගත කරන්නේ ඉතා කෙටි කාලයක් වුවද ඔවුන් සතුටින් ඔහුව පිළිගන්නේය.

  • ඓතිහාසික ගණිකා උරුමය

    ඓතිහාසික ගණිකා උරුමය

    ගණිකා වෘත්තිය ලෝකෙ පරණම වෘත්තිය කියල කට කතාවට කිව්වට ඒක ඇත්තක් නෙමෙයි. ලෝකෙ පරණම වෘත්තිය වෙන්න ඕන දඩයම හෝ ආහාර එකතු කිරීම සම්බන්ධ දෙයක්. හැබැයි හැම ශිෂ්ටාචාරයකම ගණිකා වෘත්තිය පැවතුනා. සල්ලි හෝ භාණ්ඩ සේවා හුවමාරුව පටන් ගත්ත තැන ඉඳන් සෙක්ස්වලටත් දේවල් හුවමාරු වුනා.

    ක්‍රිපූ 18වෙනි සියවසේ බැබිලෝනියාවෙ හමුරාබි කියන රජතුමා ගණිකාවන්ගේ උරුමයන් වෙනුවෙන් වගන්ති නීති පොතට ඇතුලත් කරනවා. සහෝදරවරු ඉන්නවා නම් ඒ අය තමන්ගේ ගණිකා නැගෙණිය සමග දේපොල බෙදාගත යුතු ආකාරය දක්වනවා. ගණිකාවන් තමයි පිරිමින්ගෙන් යැපෙන්නෙ නැති එකම ගැහැණු කාණ්ඩය විදිහට සලකන්නෙ.

    අපි අතීතෙට ගියොත් ගණිකා වෘත්තිය කියන එක අතිසුලබ දෙයක්. ඒත් අද ඇමෙරිකාවෙ වුනත් තාම ගණිකා වෘත්තිය නීති විරෝධීයි. නෙවාඩා ප්‍රාන්තෙ විතරයි ගණිකා වෘත්තිය නීතිගත විදිහට පිලිගන්නෙ. එංගලන්තෙ වගේ රටක් ගත්තොත් ලිංගික සේවා ලබාදීම නීතිවිරෝධී නෑ. ඒත් ගණිකා නිවාස පවත්වාගෙන යාම ආදිය නීති විරෝධීයි. ලංකාවෙ මෑත දෙන ලද නඩු තීන්දු අනුව නම් ගණිකා වෘත්තියේ යෙදීම නීති විරෝධී නෑ. ගණිකා සේවයේ යෙදවීම තමයි නීති විරෝධී වෙන්නෙ. ඒත් ලංකාවෙ ගණිකා වෘත්තිය නීතිගත නෑ.

     

    ක්‍රි.පූ 6 වෙනි සියවසේ ග්‍රීසියෙ අධිනාගරික ප්‍රදේශවල රාජ්‍ය අනුග්‍රහයෙන් ගණිකා නිවාස ඉදි කළා. ග්‍රීසියේ ගණිකාවන් කාණ්ඩ තුනක් හිටියා. පොර්නායි කියන්නෙ වහල් ගණිකාවො. ඊළඟට හිටියා නිදහසේ ඉපදුනු වීදි ගණිකාවො. මේ වර්ග දෙකේ පිරිමින් සහ ගැහැණුන් දෙපිරිසම හිටියා. තරාතිරමක් නැතුව ඕනම කෙනෙකුට මුදල් ගෙවලා මේ දෙපිරිසෙන් තමන්ගේ ආශා සංසිඳුවාගන්න පුළුවන්. ඊළඟට හිටියා හෙටේරා කියල ඉහළම මට්ටමේ ගණිකාවන්. මේ අය හිටියෙ ගැහැණු විතරමයි. මේ අය දාර්ශනික සංවාද පවත්වන, කවි ගැන විචාර කරන මට්ටමේ දැනුමක් තිබුනු අය. සමාජයේ ඉහළම වංශවතුන් තමයි හෙටේරලව ඇසුරු කළේ.

    හෙටේරලා විවිධ ශිල්පවල දක්ෂ අය. ගායනය, නර්තනය සමහරු ජිම්නාස්ටික් පවා කළා. පුද්ගලික සාදයකට ගියත් අද කාලෙ ගානෙන් ඩොලර් හත්අටදාහක් දවසට හම්බු කළා. ඒ අය ගැන සාහිත්‍ය ලියවුනා. කලා නිර්මාණ කෙරුනා.

    රෝම කාලෙ වෙනකල්ම ගණිකා වෘත්තිය නීතිගතයි. ක්‍රිස්තියානි රෝම අධිරාජයන් විසින් තමයි මේක ටික ටික අධෛර්ය කරන්න පටන් ගන්නෙ. ඒක ක්‍රිස්තියානි ආගමේ බලපෑම.

    ස්පාඤ්ඤයෙ විසිගොත් රජු තමයි ක්‍රි.ව පළවෙනි සියවසේදි ක්‍රිස්තියානිය වැළඳගෙන ගණිකා වෘත්තිය පළවෙනි වරට තහනම් කරන්නෙ. ඒ තමන්ගෙ රට ක්‍රිස්තියානි ඇදහිල්ල එක්ක පෙළට තියාගන්න. ගණිකාවක් සමග ඉඳලා අහුවෙන පිරිමියෙකුට කිසි දඬුවමක් නියම වුනේ නෑ. ගැහැණියට කස පහර 300ක් සමග පිටුවහල් කිරීමේ දඬුවමක් නියම වුනා. මරණ දඬුවම පවා පැනවීමේ හැකියාව තිබුන.

    මධ්‍යතන යුගයත් එක්ක එංගලන්තෙ දෙවෙනි හෙන්රි ගණිකා වෘත්තිය අධෛර්ය කළත් ඒක තහනම් කරන්න උත්සාහ ගත්තෙ නෑ. නිතර මේ ගණිකා නිවාස පරීක්ෂා කිරීම් වලට ලක්වුනා. ඒ ඒවා ඇතුලෙ වෙනත් නීති විරෝධී දේවල් වෙනවද කියල බලන්න.

    1358දි ඉතාලිය ගණිකා වෘත්තිය ආදරෙන් වැළඳගන්නවා. ඒක ලෝකෙට අවශ්‍ය වෘත්තියක් හැටියෙන් වැනිසියේ මහා කවුන්සිලය ප්‍රකාශයට පත් කරනවා. ප්‍රධාන නගරවල රජයේ මුදල්වලින් ගණිකා නිවාස ඉදි කරනවා.

    ගණිකාවකට අනිත් කාන්තාවන්ට නැති වරප්‍රසාද ලැබුනා. උදා විදිහට වෙනත් කාන්තාවකට අධ්‍යාපනය ලබන්න පුළුවන් වුනේ කන්‍යාරාමයකට ගියොත් විතරයි. නමුත් ගණිකාවකට නිදහසේ අධ්‍යාපනය ලබන්න හැකියාව තිබුන. ඒ වගේම විවාහක ස්ත්‍රියකට ලැබෙන ආරක්ෂාව සහ ස්ථාවරත්වයත් ඇයට ලැබුන. නොබැඳ හිටපු අයට වඩා ගණිකාවන්ගේ ජීවිතය ලස්සන වුනා. ඒ අයට හැමදේම අතරෙ තමන්ගේ ආශාවන් සන්තර්පනය කරගන්නත් පුළුවන්කම තිබුන.

    මේ ගණිකාවන් උසස් සංස්කෘතියක් තිබුණු ගැහැණු. මේ අය හෙටේරලා වගේම ගැඹුරු දේවල් ගැන සංවාද කළා. සෙක්ස්වලට අමතරව මේ බුද්ධිමය ගැහැණු ඇසුර වංශවතුන් ප්‍රිය කළා. මේ හින්දම මේ ගණිකාවන්ට පුළුවන්කම තිබුණ රටේ දේශපාලනයට සිඩක්ෂන් ඇතුලෙ ලොකු බලපෑමක් කරන්න.

    1500 ගණං වෙද්දි ගොඩක් යුරෝපයේ රටවල ගණිකා වෘත්තිය මරණ දඬුවම ලැබිය හැකි වරදක් මට්ටමට ඇවිත් තිබුනා. හැබැයි කවුරුවත් ඕක ක්‍රියාත්මක කළේ නෑ. පස්වැනි පෝප් සික්ස්ටස්ට ඕන වෙනවා මේ අණ තදින් ක්‍රියාත්මක කරන්න. එයා කිව්වා ගණිකා වෘත්තියෙ යෙදෙන හැම කෙනෙක්ම මරාදාන්න කියල. එයාගෙ අණ කොයිතරම් දුරට ක්‍රියාත්මක වුනාද කියල සාක්ෂි නෑ.

    මේ පෝප්ම තමයි ගබ්සාව අපරාධයක් කියල කිව්වෙත්. මුලින් පල්ලියෙ තිබුනෙ සති 20ක් යනකල් කළලය මිනිස්බවෙන් තොරයි කියල විශ්වාසයක්. සික්ස්ටස් ඒක වෙනස් කළා. පිළිසිඳ ගත්ත තැන ඉඳන්ම නැති කිරීම අපරාධයක් කියල කිව්වා.

    ඔටෝමන් අධිරාජ්‍යය කාලෙදි ගණිකාවො වුනේ ගැහැණුම නෙමෙයි. තුර්කියෙ තිබුණ බාත්හවුස් කියල ස්නානාගාර වගයක්. මේවායේ වැඩට හිටියෙ තරුණ කොල්ලො. මේ ගොල්ලො තමයි එතනට එන පිරිමි ක්ලයන්ට්ලට සේවා සැපයුවෙ. සොඩොමි, ඒ කියන්නෙ සමලිංගික, ගුද සංසර්ග ආදී විකෘති යැයි සම්මත ලිංගික හැසිරීම් නීතියෙන් තහනම් වුනත් මේ කොල්ලො කොහොම හරි ඒ අවශ්‍ය තෘප්තිය තමන්ගේ ක්ලයන්ට්ලට ලබාදුන්නා. ඒ ගොල්ලො ඉතා සමීප සම්බන්ධතා මේ ධනවතුන් එක්ක ගොඩනගා ගත්තා. ඒ ලැබෙන මුදල් ඒ අයටම තියාගන්න අවසර තිබුනු නිසා ඒ ගොල්ලො ලොකු මුදලක් මේ රැකියාවෙන් ලැබුන.

    ජපානෙ අපි ගණිකාවන් කිව්වම අහලා තියෙන්නෙ ගේෂා ස්ත්‍රීන් ගැනනෙ. ඒත් ගේෂා කියන්නෙ ජපානෙ සෙක්ස්වලට හිටපු අය නෙමෙයි. ඒ ගොල්ලො එන්ටර්ටේනර්ස්ලා. නැත්තං සත්කාර සේවා සපයන අය. ජපානෙ ඔයිරාන් නැත්තං ප්ලේ වුමන් කියල කියන්නෙ ලිංගික ශ්‍රමිකයො විදිහට හිටපු අයට.

    1600-1800 විතර වෙනකල් ජපානයේ ඊඩෝ කාලය කියල හඳුන්වන පරිච්ඡේදයෙදි ගණිකාවන්ට ඉහළම තත්වයක් තිබුන. මේ කාලෙදි ගණිකා වෘත්තිය නීතිගතයි. මේ අය සේවය කළේ උසස් අය වෙනුවෙන්. ඒ නිසා ඉතාම වැදගත් භාෂාවක් කතා කළා. අනර්ඝතම ඇඳුම් ඇන්දා. ජපානයේ පවුල්ම ක්‍රමය දැඩි පීතෘ මූලික එකක්. නමුත් ඉන් පිටත හිටපු ගණිකාවන්ට නිදහස් ගැහැණු විදිහට ජීවත් වෙන්න ඉඩ ලැබුන. ඒ අයට බලය සහ අනුහස දෙකම තිබුන. කසාද ගෑනියෙකුට ජපානෙ තිබුනෙ ඊට වඩා ගොඩක් වෙනස් තත්වයක්.

    දෙවෙනි ලෝක යුද්ද කාලෙදි අධිරාජ්‍යවාදී සොල්දාදුවො ගණිකා නිවාස සහ ගම්මාන හැමතැනකම ගැහැණු දූෂනය කළා. මරලා දැම්මා. 80,000-300,000 අතර පිරිසක් හිර කරගෙන මිලිටරි පිරිස්වලට ලිංගික සුවපහසුව ලබන්න බලකා හැදුවා. අද වෙනකලුත් ජපානය මේ බලහත්කාරී ගණිකා සේවයේ වගකීම බාරගන්නෙ නෑ.

    ප්‍රංශයේ ගණිකා වෘත්තිය වෙනුවෙන් අමුතු වැඩක් කළා. එතෙක් පැවතුනු සාම්ප්‍රදායික තහංචි අයින් කරලා ඒ වෙනුවෙන් වෙනම සදාචාර කාර්යාංශයක් හැදුවා. මේක වුනේ ප්‍රංශ විප්ලවයට පස්සෙ. මුලින්ම පැරිසියෙන් පටන් අරන් මේ කාර්යාංශය පස්සෙ රට පුරාම ක්‍රියාත්මක වුනා. මේකට පැවරුණු කාර්යය වුනේ ගණිකා නිවාස අධීක්ෂණය කරන එක. ඒ අය නිසි විදිහට නීතියට අනුකූලව සේවා සැපයීම කරනවද කියල සොයාබලන එක. ඒවා ආශ්‍රයෙන් වෙනත් නීති විරෝධී දේවල් සිද්ද නොවීම තමයි මේ සදාචාරයේ අරමුණ වුනෙ. අවුරුදු සීයකට ආසන්නව මේ සදාචාර පොලිසිය තිබුන. පස්සෙ අහෝසිවෙලා ගියා.

    ඉන්දියාව ගත්තම ගණිකා වෘත්තිය ගැන ලොකු ඉතිහාසයක් තියෙනවා. මේක පූර්ව වෛදික අවධිය වෙනකල් යනවා කියලයි කියන්නෙ. ඔය ගණිකා කියන වචනෙම වුනත් ඉන්දියාවෙ එකක්. ගණිකා කියන්නෙ ඉහළම ස්ථරයේ ලිංගික ශ්‍රමය සපයන ගැහැණු. ඒ අය ශිල්ප 64ක් දැනගෙන හිටියා. විවිධ දර්ශනවාද සහ සෞන්දර්යවේදයන් දැනගෙන හිටියා. ඒ අයට වෙනම මන්දිර තිබුන. ඒවායේ සංවාද සංවාස රති ක්‍රීඩා කෙරුනා.

    පූර්ව වෛදික කාලෙ ගත්තොත් ගණිකා වෘත්තියක් කියල එකක් ස්ථාපිත වෙලා තිබුනෙ නෑ. මොහොන්ජදාරොවෙන් හම්බුන ලෝකඩ පිලිමයක් තියෙනවා කාන්තාවක් මාතෘ දෙවඟන වෙනුවෙන් නර්තනයේ යෙදෙන හැටි දැක්වෙන. හැබැයි ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියන්නෙ දියුණු වාණිජ ශිෂ්ටාචාරයක්. මේ නිසා වයින් සහ ස්ත්‍රීන් වෙනුවෙන් ඕන තරම් වියදම් කරන්න පුළුවන් වෙළෙන්දො හිටියා. ඒත් මේ නගරවල ගණිකා නිවාස කියල වර්ගයක් ස්ථාපිත වෙලා තිබුන කියන්න සාක්ෂි තාම හොයාගෙන නෑ.

    වේද යුගයෙදි ආර්යයො ගත්තොත් ඒ ගොල්ලො කෘෂිකර්මාන්තෙ එක්ක හිටපු අය. ඒ අය වැස්ස අව්ව වෙනුවෙන් දෙවියන්ට පූජා පැවැත්තුවා. මේ පූජාවලදි ඒ අය සෝම පානය කළා. මේ අවස්ථාවල අයාලේ යාමත් යම් පමණකට සිදුවුනා කියල අනුමාන කරන්න පුළුවන්. කසාදය කියල එකක් තාම සම්මත වෙලා නැති නිසා මේකට ගණිකා සේවනය කියල කියන්න බෑ.

    කාලයත් එක්ක සමූහ පවුල් ක්‍රමයක් සහ මාතෘමූලික රටාවක් ගොඩනැගෙද්දි මේ අයාලේ යාම ආගමික සහ දේශපාලන උත්සව වගේ තැන්වලට විතරක් සීමා වුනා.

    ඍග් යජූර් වේද කාලෙ එද්දි විවාහය ගැන සංකල්පයක් හැදිලා තිබුන. ඒකෙ හැටියට දෙන්නෙක් හෝ කීපදෙනෙක් දරුවන් ලැබීමේ අරමුණ ඇතුව සමාජ සම්මතයෙන් ලිංගික ක්‍රියාව සඳහා එළඹීම විවාහයක්. ඒත් විවාහය එක්ක තිබුනු නීති ඉතාම ලිහිල් නිසා මිනිස්සුන්ට ලිංගික නිදහස තිබුන. ගණිකා වෘත්තියක අවශ්‍යතාවය ඇතිවුනේ නෑ. ඍග්වේදයේ ඒ කාලයේ නර්තනයේ යෙදුනු ගැහැණු ගැන යම් විස්තර කියවෙනවා. ඒත් ගණිකා වෘත්තියක් වගේ තත්වයක් තිබුනෙ නෑ කියලයි හිතන්නෙ.

    වෛදික නොවන අනෙක් ද්‍රවිඩ වගේ පිරිස් ලිංග සහ යෝනි වන්දනාවෙ යෙදුනා. මේ කාලෙ ආර්ය වෙළෙන්දො මේ ද්‍රවිඩ රජවරුන්ට තෑගි විදිහට සුන්දර කන්‍යාවක් පිරිනමන්න පටන් ගන්නවා. මේ රජවරුන් එක්ක දිගට සම්බන්ධතා පවත්වාගන්න මිත්‍රත්වය තහවුරු කරගැනීමක් විදිහටයි මේක කරන්නෙ.
    ඍග් වේදයේ තැන් කීපයක ඒ කාලෙ ලිංගික ශ්‍රමික තත්වයට ආසන්න තත්වයන් තිබුනු වග සඳහන් වෙනවා. රජවරුන් සහ වංශවතුන් විසින් වහල් කෙල්ලන්ට තෑගි පිරිනැමීමක් ගැන ඒකෙ කියවෙනවා. ඒ වගේම මේ කාලෙදි සහෝදරයෙක් නැති සහෝදරියක් ඉබේටම ගණිකාවකට සමාන තත්වයකට පරිවර්තනය වුනු වග පේනවා.

    මේ වෛදික සමාජයේ ලිංගික චර්යාවන් පැවැතුනු තැන් තිබුන. උදා විදිහට ‘සමන’ කියල කරත්ත රේස් තරග තිබුන. මේවට එන ගැහැණු ඒ අයගෙ පෙම්වතුන් එක්ක මුලු රාත්‍රියෙම විනෝද වුනා. ඒ වගේම ගණිකාවනුත් මේ උත්සවවලට ආවා.

    තව තිබුනා වෛදික සභා කියල ජාතියක්. මේවා එක එක දේවල් වෙනුවෙන් පාවිච්චි වුනු ශාලාවන්. ඒවා අද කාලෙ ක්ලබ් විදිහටත් පාවිච්චි වුනා. මේ ශාලාවකට එන ශභාවත් යෝෂා කියල ගැහැණියක් ගැන ඍග් වේදයේ කියවෙනවා. ඒ චරිතය ගණිකාවක් හැටියෙන් අනුමාන කරනවා.

    බ්‍රාහ්මණ කාලෙදි ගණිකා වෘත්තිය පිලිගැනීමට ලක්වුනා. වෛශ්‍ය කියන වෙළඳ කුලය වෙනුවෙන්ම සේවා සැපයීමට වේශ්‍යා හෙවත් වේසි කියල සිංහලෙන් කියන වෘත්තිය පැවතුනා. ගණිකා, බණ්ඩිකා, රුප්ජිවා, වරංගනා, කුල්ටානි, සම්භාලි, පුම්සාලි කියන වේශ්‍යා වර්ග තිබුන. අන්තපුර විදිහට වෙනමත් පුද්ගලික ස්ත්‍රීන් විදිහට වෙනමත් කාන්තාවන් හිටියා. මේ කාලෙ පාරිශුද්ධභාවය, කන්‍යාභාවය වගේම මොනොගමික කසාදය වගේ දේවල් හොඳටම ස්ථාපිත වුනු කාලයක්. අනිත් පැත්තෙන් වෙළදාමත් එක්ක නගර බිහිවෙමින් ගණිකා වෘත්තිය සාමාන්‍ය මිනිසුන්ගෙ අවශ්‍යතාවයක් බවට පත්වුනා.
    ඒත් ගණිකාවන් වෙනුවෙන් පැනවූ නීති රීති හෝ ඒ අයගෙ ජීවිත රටාව සඳහනක් හෝ බ්‍රාහ්මන සාහිත්‍යයේ මුනගැහෙන්නෙ නෑ.

    ඊට පස්සෙ ඉන්දියාවෙ පුරාවෘත්ත යුගය එනවා. ඒ කියන්නෙ මහාභාරතය, රාමායනය වගේ එපික් ලියවුන කාලෙ. මේ කාලෙදි ගණිකාවන්ට නීතිමය පිලිගැනීමක් තියෙනවා. මහාභාරතයේ පවා එනවා ජයග්‍රහණය කරලා එන රාමාව පිළිගන්න වෛශ්‍යාවන්ට නියෝග කරන තැනක්. මේ යුගයෙදි ඒ අය රක්තවර්ණ වටිනා වස්ත්‍රවලින් සැරසිලා විවිධ සමාජ උත්සවවලට සහභාගි වුනා. රතුපාටෙන් සංකේතවත් කලේ ආශාවේ භයානකකම.

    ස්මෘති අවධියෙදි මේ ගණිකාවන්ට තිබුණු තත්වය නැවත පිරිහෙන්න ගන්නවා. ඒ අයව සමාජයෙන් පිටුවහල් කරන ලද කොටසක් හැටියට සලකන්න ගන්නවා. අන්තපුරයක් පාලනය කරන හෝ ඉහල මට්ටමේ වංශවතෙකුගේ ස්ත්‍රියක් වීම තමයි උපරිමයෙන් ලබන්න පුළුවන් තත්වය වුනෙ.

    බෞද්ධ යුගයෙදි ආපහු මේ තත්වය වෙනස් වෙනවා. ඒ කාලෙ ප්‍රඥාවන්තයන් පොකුරු පිටින් බිහිවුනු යුගයක්. බුදුන් සමග මහාවීර වගේ තවත් ශෘස්තෘවරුන් ගැඹුරු දර්ශනයන් දේශනා කරමින් හිටියා. පාටලීපුත්‍ර කියන පලාතෙ චන්ද්‍රගුප්ත මෞර්ය කාලෙදි තිබුනා ගණිකා නගරයක්. මේ කාලෙදි තමයි මේක රාජ්‍ය ආදායමක් කරගන්න පුළුවන් කියල කල්පනා කලේ. ගණිකා නිවාසවලට ටැක්ස් ක්‍රමයක් හඳුන්වලා දුන්නා. කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රයේ ලියනවා ගණිකාවක් පැවතිය යුතු ආකාරය ගැන. ඇගේ සේවාවන් සකස් විය යුතු අන්දම ගැන. ඒ වගේම දක්ෂ ගණිකාවන්ව ඔත්තු සේවාවල පවා යොදා ගැනුනා. අර්ථ ශාස්ත්‍රය අනුව ගණිකාවක් කියන්නෙ රාජ්‍ය දේපොලක්. ඇයට හානි කිරීම වරදක්.

    කාමසූත්‍ර, නාට්‍ය ශාස්ත්‍ර ආදිය ලියවෙන ගුප්ත යුගය වෙද්දි ගණිකා වෘත්තිය ඉතා ඉහළ තැනකට එනවා. මේ අයට නගරවල වෙනම ක්වාර්ටස් තියෙනවා. පණ්ඩිතයො දාර්ශනිකයො නිතර ගිහින් මේ අය එක්ක සාකච්ඡා කරනවා. මේ අතර ග්‍රීකයො විසින් මදුරාපුරය ආක්‍රමණය කරනවා. ඒත් මේ ලිබරල් සොල්දාදුවන් වඩා හොඳින් ගණිකාවන්ට සළකන්න ගත්තා කියලයි කියන්නෙ.

    නාට්‍ය ශාස්ත්‍රයේ විස්තර කරනවා ගණිකාවක් කියන්නෙ කවුද කියල. ඇය විවිධ කලාවන්හි දක්ෂ වෙන්න ඕන. විද්‍යාව සහ සාහිත්‍ය දැනගන්න ඕන. සූසැට ශිල්පය ප්‍රගුන කරන්න ඕන. නැටුම් සංගීතය ආදියෙහි සුරු වෙන්න ඕන. වැඩිහිටියන්ට සහ සමාජ සම්ප්‍රදායන්ට ගරු කරන්න ඕන.

    මේ නිසා ගණිකාවක් සාමාන්‍ය ගැහැණියක් සතුව තිබුනු දුර්වලතා වලින් තොර ඉතාම නිදහස් ශක්තිමත් සහ බුද්ධිමත් ගැහැණියක් වුනා කියලයි කියන්නෙ. ගණිකාවන්ට පුහුණු වීම පිණිස පාඨශාලා පවා තිබුනා.

    මධ්‍යතන යුගය වෙද්දි කෝවිල්වලට දේවදාසියන් ලෙස ගැහැණු දරුවන් බාරකිරීමේ සම්ප්‍රදායක් පවතිනවා. මේ අයට කෝවිලේ වතාවත් කිරීම තමයි මුලින්ම පැවරුනෙ. ඊට පස්සෙ දෙවියන් වෙනුවෙන් නර්තන පූජා පැවැත්වීම කෙරුනා. දේවදාසියන් දෙවියන්ට විවාහ කරදී ඇති නිසා යළි කිසි දවසක සාමාන්‍ය මනුස්සයෙකු සමග විවාහ වෙන්න බැරි වුනා. ගොඩක් වෙලාවට පහල කුලවල දුප්පත් දෙමව්පියන්ගෙ දරුවො තමයි දේවදාසියො විදිහට කෝවිල්වලට පවරගත්තෙ. මේ පූජ්‍ය පක්ෂය ටික ටික දූෂ්‍ය වෙනවත් එක්කම දේවදාසියො කෝවිලේ ලිංගික ශ්‍රමිකයන් වුනා. වයසත් යනවත් එක්ක ඒ අය කිසිම පිළිසරණක් නැති ගණිකාවන් විදිහට පාරට වැටුනා.

    ඉන්දියාවෙ සුල්තාන් යුගයෙදි ගණිකා වෘත්තිය සශ්‍රීක වෙන්න පටන් ගත්තා. සුල්තාන්ලට ඕනවුනේ ලෝකෙ ඕනම තැනක තියෙන ඉහලම සැප විඳින්න. ලෝකෙ පුරාම රටවල්වලින් ඒ ගොල්ලො ගණිකාවන් ඉන්දියාවට ගෙන්න ගත්තා. තමන්ගේ මන්දිර අන්තපුර බවට පෙරලුවා. ඒ ගැන කිසිම සදාචාරාත්මක අවුලක් සුල්තාන්ලට තිබුනෙ නෑ. විවිධ රටවල විවිධ ආගම්වලින් ගෙන්වාගන්නා ගණිකාවන්ව මුස්ලිම් ආගමට හරවාගත්තා. සමහර තැන්වල කාන්තාවන් කාලයකට කුලියට ගතහැකි ක්‍රමයක් පවා ක්‍රියාත්මක වුනා.

    මෝගල් අධිරාජ්‍යය කාලෙදිත් ගණිකා වෘත්තිය රාජ්‍ය මට්ටමෙන් කෙරුනා. අක්බාර් අධිරාජයා කාන්තාවන් 5000කින් සමන්විත අන්තපුරයක් තමන් වෙනුවෙන් පවත්වාගෙන ගියා. ඉතාම හොඳින් මිළමුදල් ලැබෙන කාලයක් නිසා වංශවතුන් වඩාත් සුඛ විහරණවලට වියදම් කළා. තමන් වෙනුවෙන්ම වෙනම රති ක්‍රීඩා මන්දිර පවත්වාගෙන ගියා. වෙනම කාන්තාවන් නඩත්තු කළා. ගොඩක්ම ප්‍රකට වුනේ පුද්ගලිකව වංශවතුන් සඳහා සැපයෙන ගණිකා සේවය සහ අන්තපුර ක්‍රමය.

    බි්‍රතාන්‍යයො තමයි ගණිකා වෘත්තිය සීමා කරන නීති සම්මත කරන්නෙ. මොකද ඒ රටේ වැඩකරන්න ආපු හැම සුද්දටම ඉන්දියාවෙ තවත් ගැහැණියක් හෝ ගැහැණුන් කීපදෙනෙක් ඉන්න තත්වයක් ඇතිවෙනවා. ඒ අයගෙ පවුල් අවුල් වෙන්න ගන්නවා. ඒ වගේම සමාජ රෝග බෝවීමේ අවදානමක් ඇතිවෙනවා. මේ නිසා මේක පාලනය කිරීමේ අවශ්‍යතාවයක් බි්‍රතාන්‍යයන්ට එනවා. මුලින් බෝවෙන රෝග පණතක් විදිහට මේ වෑයම එනවා. පස්සෙ සදාචාර විරෝධී ජාවාරම් තහනම් කිරීමේ පණතක් විදිහට 1956දි ගණිකා වෘත්තිය සීමාකරන නීති ගේනවා. මේ පනත ගණිකා ජාවාරමට එරෙහිව ගෙනාවත් ඇත්තටම පීඩාවට පත්වුනේ ඒ වෘත්තියේ යෙදෙන ගැහැනුන්මයි. මේ නිසා ගණිකාවක් හැටියට සේවයේ යෙදෙන කෙනෙක්ව ගණිකා ජාවාරමේ යෙදුනා කියන වරදට හසුකළ නොහැකි අන්දමේ ප්‍රඥප්ති පස්සෙ නිර්මාණය වුනා.

    සමහර සීමිත පලාත්වල ගණිකා වෘත්තිය පවත්වාගෙන යන්න බි්‍රතාන්‍යයන්ටත් සිද්ද වෙනවා. මුම්බායිවල කාමාතිපුර කියන්නෙ ආසියාවෙ ලොකුම රෙඩ් ලයිට් ස්ටී්‍රට් එක. මේක බි්‍රතාන්‍යයන් වෙනුවෙන්ම පවත්වාගෙන ගිය ගණිකා ප්‍රදේශයක්.

    1999දි විතර ස්වීඩනය ගණිකා වෘත්තිය ගැන වෙනස්ම එළඹුමක් ගන්නවා. ඒ අය මේක කාන්තාවන්ට එරෙහි ප්‍රචන්ඩත්වයක් විදිහට ස්ත්‍රීවාදී කෝණයකින් මේ දිහා බලනවා. මේ නිසා ගණිකාවන් රජය මැදිහත්වීමෙන් වෙනත් වෘත්තීන් වලට පුහුණු කරනවා. ඒ වගේම සෙක්ස් විකිනීම වරදක් නොවුනත් සෙක්ස් මිළදී ගැනීම වරදක් බවට පත් කරනවා.

    දකුණු අප්‍රිකාව වගේ රටවලට ගණිකා වෘත්තියේ ඉතාම ඛේදනීය ඉරණමකට මුහුණ දෙන්න සිද්ද වෙනවා. දුප්පත් රටවල් ගොඩක් වටවෙලා තියෙන හින්ද ගණිකා වෘත්තියට ලේසියෙන්ම යොමුවන පිරිස වැඩියි. මේ නිසා සෙක්ස් ට්‍රැෆිකින් නැත්තං වෙනත් රටවල අයගේ විවිධ ලිංගික අවශ්‍යතා වෙනුවෙන් ගැහැණුන් විකිනීම දරුණුවට සිද්ද වෙනවා. 25%ක් විතරම මෙතනදි ගොදුරු වෙන්නෙ බාලවයස්කාර දැරියන්. 2007 වගේ කාලෙදි ඒ රජය ඉතා දැඩි නීති සම්පාදනය කරමින් මේ තත්වය පාලනය කරන්න උත්සාහ ගත්තා.

    ඇමරිකාවෙ නෙවාඩා ප්‍රාන්තයේ විතරක් ගණිකා වෘත්තිය නීතිගතයි. ගණිකා නිවාස පවත්වාගෙන යන්න නිශ්චිත තැන් තියෙනවා. කොන්ඩම පැළඳීම අනිවාර්යයි. තීරණය ගැනීමේ අයිතිය ලිංගික ශ්‍රමිකයා නැත්නම් ඒ කාන්තාව සතුයි. අනිවාර්යෙන්ම සතිපතා රෝග පරීක්ෂාවන් සිද්ද කරනවා.

    නෙවාඩා වල මේ නිදහස ලැබෙන්න හේතුව එහේ ජනතාව ලිබරල් වීමද? නෑ ඒ ගොල්ලො ලිබටේරියන්. ඒ අය පුද්ගලිකව ගණිකා වෘත්තියට අකමැතියි. නමුත් තමන්ගේ පුද්ගලික අකමැත්ත රාජ්‍යය නීතියක් බවට පත්වෙලා යමක් සීමා කිරීම ගැන ඒ අය ඊට වඩා අකමැතියි. ගණිකා වෘත්තිය කියන එක රාජ්‍ය මට්ටමෙන් නීත්‍යානුකූලව පවත්වාගෙන යාම වරදක් නෑ කියලයි ඒ මිනිස්සු දකින්නෙ.

    ලංකාවෙ ගණිකා වෘත්තිය නීතිගත කිරීම ගැන විවිධ සංවාද මතුවෙනවා. ඒ අතරෙ හැමදාම ගොසිප් පිටුවල, හිරු නිව්ස්වල ගණිකා නිවාස වටලනවා. ඒ කාන්තාවන් මාධ්‍ය සහ නීතියේ අතවරයට ලක්කරනවා. ඒත් නෙවාඩාව වගේ අපි අකමැති වුනත් සමාජයට අවශ්‍ය දෙයක් තිබිය හැකියි කියන එක පිලිගන්න තරමට අපේ රටේ මනස දියුණු වෙලා නෑ. ඒ නීති නිසා තව මනුස්සයෙකුගේ ජීවිතයට තියෙන බලපෑම අපේ සදාචාරයෙන් එලියට ඇවිත් බලන්න අපි ලෑස්ති නෑ. අපි කැමතියි හංගන්න. තවත් යටපත් කරන්න. සෙක්ස් කියන එක හැංගිලා කරන්න ඕන දෙයක් කියල අපි විශ්වාස කරනවා. ඒ හැංගීම නිසා ජාවාරම් බිහිවෙනවා. ගැහැණු දූෂණය වෙනවා. සමාජ රෝග පැතිරෙනවා. ගැහැණු පොලිස් අතවරවලට ලක්වෙනවා. ඒ වගේම ගෙවන මුදලට සරිලන සෞන්දර්යාත්මක ආස්වාදයක් ලැබීමේ අවස්ථාව පාරිභෝගික අපි හැමෝටමත් නැති වෙනවා.

    ඒත් අපි සදාචාරය කියන්නෙ මේකට.

  • ශෘංගාර දර්ශනයේ ඉතිහාසය – ඇලන් සොබෙල් (තුන්වෙනි කොටස)

    ශෘංගාර දර්ශනයේ ඉතිහාසය – ඇලන් සොබෙල් (තුන්වෙනි කොටස)

    “ඔවුන්ගේ මනස්වල යහපත් කොටස් ජයගතහොත් එයින් ඔවුන්ට පැවරුනු දාර්ශනික කලාපය සොයා යන්නට ඔවුන් පෙළඹෙනු ඇත. ඔවුන්ගේ ජීවිත එකම ආශීර්වාදයක් වනු ඇත. ඒ ජීවිත නිහතමානී මෙන්ම ස්වපාලනයක් ඇති ඒවා වනු ඇත. අනෙක් අතට දාර්ශනිකයෙක් වීමේ අරමුනත් සහිතව ඔවුන් ජීවිත් වීමේ පහල මාවත තෝරාගතහොත්, ඉතා ඉක්මණින් ඔවුන් වයින් බීමෙන් හෝ වෙනයම් දේකින් නොසැලකිලිමත් මොහොතක, මේ නොහික්මුනු සෛන්ධවයන් විසින් ඔවුන්ගේ ආත්මයන් අත්පත් කරගෙන සාමාන්‍ය ජනතාව විසින් ප්‍රීතිමත්ම යැයි සිතන ක්‍රියාව සිදු කරනු ඇත. මෙය එක්වරක් කිරීමෙන් පසු ඔවුන් ජීවිත කාලයේම නැවත නැවත මෙහි යෙදෙනු ඇත. ඒ ඔවුන් විසින් කරනු ලබන දෙය ඔවුන්ගේම මනසින් පූර්ණ ලෙස අනුමැතියක් ලබා නැති නිසාවෙනි.

    -සොක්‍රටීස්-

    දැනුම සහ විශිෂ්ටත්වය තමයි අරමුණු කරන්න ඕන. කායික තෘප්තියෙන් නොමග යන්න නරකයි. ප්ලේටො සිම්පෝසියම් සහ ෆේඩ්‍රස් දෙකේම පිරිමි පිරිමි ආදරය සහ මිත්‍රත්වය වර්ණනා කරනවා. ෆේඩ්‍රස්වලදි ප්ලේටො පිරිමි පිරිමි ලිංගිකත්වයට විරුද්ධ වෙන්නෙ ඒක අස්වාභාවික හින්ද නෙමෙයි. යහපත සොයා යාමේ වටිනාකමට වඩා ලිංගිකත්වය වටිනාකමෙන් අඩු නිසා. ලිංගික සංසර්ගයක දරුවන් බුද්ධිමය කතිකාවක දරුවන් වගේ සාරයෙන් සහ අමරණීයත්වයෙන් යුක්ත නොවෙන නිසා. ක්‍රිස්තියානි පූජකයො පසුකාලෙක කාන්තාවන්ට සහ විවාහයට අපහාස කළේත් මේ කාරණය මතම පිහිටායි.

    ප්ලේටො ලිංගිකත්වයට බය වුනා. ඒ ලිංගිකත්වය තුල ඇති බලය සහ ස්වාධීනත්වය එක්ක ගැටගැහුනු කාරණා ගැන සංවේදී නිසා. ප්ලේටොගෙ මේ සෙක්ස් ගැන තිබුනු අදහස් 20 වෙනි සියවසේ ලිංගිකත්වය සම්බන්ධ දේශපාලන සහ වෛද්‍යමය සාකච්ඡාවල ප්‍රධාන කාරණා වුනා. ලිංගික තෘප්තිය සොයායාම නිසා පුද්ගලයෙකුගේ ක්‍රියාවේ සහ ජීවිතයේ ස්වාධීනත්වයට ඇතිවිය හැකි ඉතා බලගතු බලපෑම ගැන ප්ලේටෝ විස්සෝප වුනා. අපි ආශාවේ වහලුන් වෙනවා. අනෙක් අය කියන ඕනදේකට කීකරු වෙනවා. එයින්ම ජීවිතේ නිදහස සහ සතුට අහිමිවෙනවා. සිම්පෝසියම්වලදි පෝසෙනියස් මේක පෙන්වා දෙනවා, ‘ආදරය සොයායාමේදී ආදරවන්තයන් විකාර දේ කරනවා. ඔහු විටෙක යාඥා කරනවා. ඉල්ලා සිටිනවා, යටත්වෙනවා, දිවුරනවා, දොර ළඟ පාපිස්සෙ නිදියනවා. කිසිම වහලෙක් නොකරන දේවල් කරනවා’

    ෆේඩ්‍රස්හි සොක්‍රටීසුත් මේ විදිහටම මේක දකිනවා.

    “ආදරවන්තයෙකුගේ ආත්මය ඔහු විසින් සියල්ලන්ටම වඩා ඉහළින් සිතන ඔහුගේ ශෝභනිය අත්හැර නොයනු ඇත. ඔහුගේ දේපොල නොතකා හැරීම හෝ අහිමිවීම ගැන ඔහුට ගානක් නැත. පෙරදී ඔහු ආඩම්බරයෙන් රැකගත් ජීවිතයේ වටිනාකම් ඔහු දැන් ප්‍රතික්‍ෂේප කරයි. වහලෙක් මෙන් ඔහු තමන් වැඳුම්පිදුම් කරන ආශාවස්තුවට සමීප ඕනෑම තැනක සැතපෙනු ඇත”

    අපිට පුළුවන් මාක් ට්වේන්ගෙ ටොම් සෝයර්, ජියුසෙප් ටෝර්නාටෝගෙ සිනමා පැරඩිසො වගේ කෘතිවල පෙන්නන අනුරාගය විසින් අවුස්සනලද නවයොවුන් මෝඩකම්වලට හිනාවෙන්න. ඒ වගේම ඇමරිකානු ටෙලිවිෂනය විසින් වරදේ බැඳීමේ ලිංගික ආශාවේ බලය එක්ක අතදිග ඇරලා සෙල්ලංකරනවා කියලා සෝපාහාසෙන් පිළිගන්න. ඒ අතරෙම තෝමස් මාන්ගෙ වැනිසියෙ මරණයෙහි ඇති විනාශකාරී පොළඹවනසුලු ආශාවේ කතාව සීරියස් විදිහට ගන්න.

    ඇරිස්ටෝටල් එයාගෙ නිකොමැකියන් එතික්ස් පොතේ ෆීලියා නැත්නම් මිත්‍රත්ව ආදරය ගැන දිගට කතා කරනවා. හොඳ යාළුවෙක් නම් අනෙකාගේ යහපතම ප්‍රාර්ථනා කරනවා සහ එකිනෙකාගෙ යහපත වැඩිදියුණු කරනවා කියල එයා තර්ක කරනවා. මේ සම්බන්ධතාවයේ සදාචාරාත්මක මනෝවිද්‍යාත්මක පැත්ත ගැන එයාගෙ උනන්දුව එක්ක බලද්දි එයා ලිංගිකත්වය ගැන කියන්නෙ පුදුම තරම් ටිකයි. ඒත් එයාගෙ කෘතියෙ ඇතැම් පරිච්ඡේද වැදගත්. ඇරිස්ටෝටල් සෙක්ස් කියන එක තේරුම් ගත්තෙ කුසගින්නක් විදිහට. කෑමට හෝ බීමට ඇති උවමනාවට සමාන සත්ත්වමය අවශ්‍යතාවක් විදිහට. ග්‍රීකයන්ට පස්සෙ ගොඩක් දාර්ශනිකයො සහ ආගම්වාදීන් මානව ලිංගිකත්වය කියන එක මනස සහ මාංශය අතර බෙදීමෙදි අවතක්සේරු කරන භෞතික අර්ධයට තල්ලු කළා. ඒ වගේම මේකට විරුද්ධ අයත් හිටියා.

    ඇරිස්ටෝටල්ගෙ මධ්‍යම ප්‍රතිපදාව ගැන ආචාර ධර්මත් ප්‍රසිද්ධයි. ශික්ෂණයේ යහපත ගැන කතා කරද්දි අනෙක් දේවල් අතර කෑම බීම සහ සෙක්ස් පාලනයේ වැදගත්කමත් කතා කරනවා. තර්කයේ මගපෙන්වීම නොමැතිව ආශාව තෘප්තිමත් කිරීම හානිකර විය හැකියි. ආශාවට අධික ලෙස අවධානය යෙදීම වනචාරී, පහත් දෙයක්. ආශාව සමීප වන්නේ තාර්කික සත්වයෙක් වූ මිනිසාට වඩා වනචාරී සතුන්ටයි. ශික්ෂිත මනුෂ්‍යයා අධිකභාවයත් හිඟභාවයත් අතර හරි පමණ හඳුනාගෙන අධිකත්වයෙන් සහ සාගතයෙන් කියන දෙකෙන්ම අත්මිදෙයි. ඒ වගේම ඇරිස්ටෝටල් කියනවා ලිංගික ආශාවෙ අඩුවක් දැකලා අවශ්‍ය පමණට අඩුවෙන් එය තෘප්තිමත් කිරීම සිද්ද වෙන්නෙ කලාතුරකින් කියල. මේ අසංවේදීතාවය මනුෂ්‍ය එකක් නෙමෙයි කියල. ඇත්තටම ඇරිස්ටෝටල් බය වුනේ වැඩියෙන් ලිංගික ක්‍රියාවල යෙදීමෙන් යහපත අවතක්සේරුවෙයි කියල. අඩුවෙන් ලිංගික ක්‍රියාවේ යෙදීමෙන් වෙන අවුල ගැන එයා දුක්වුනෙත් අඩුවෙන්. ප්ලේටො කියපු ස්වාධීනත්වය සහ සතුට නැතිවීම ගැන කතාවත් මෙතනදි මල්ඵල දරනවා. කාලයත් එක්ක අඩුවෙන් ලිංගික ක්‍රියාවේ යෙදීම ඌනතාවයක් විදිහට දකිනවා වෙනුවට ක්‍රිස්තියානියේ ඒක ශුද්ධ වූ බ්‍රහ්මචර්යාවක් බවට පත්වුනා. 20 වෙනි සියවසේදී ඇමරිකානු මනෝවෛද්‍ය සංගමය මේ නිර්වචනය කනපිට ගැහුවා. අඩුවෙන් ලිංගික හැඟීම් ඇතිවීම මානසික ව්‍යාධියක් වුනත් අධික ලෙස ලිංගික හැඟීම් ඇතිවීම මානසික රෝගයක් නෙමෙයි කියල ඒ ගොල්ලො කිව්වා.