ශෘංගාර සාහිත්‍යයේ ඉස්ලාම් දිගහැරුම
පර්ෆියුම් ගාර්ඩ්න් ඔෆ් සෙන්ෂුවල් ඩිලයිට් නැත්තං ශෘංගාරාස්වාදයේ සුගන්ධ උද්‍යානය කියන්නෙ පහලොස්වෙනි සියවසේ ලියවුනු අරාබි ලිංගිකෝපදේශ ග්‍රන්ථයක්. ඒ වගේම ශෘංගාර සාහිත්‍යය කෘතියක්. ඒක ලියන්නෙ මුහම්මද් ඉබන් මුහම්මද් අල් නෆ්සාවි කියල කෙනෙක්. කෙටියෙන් නෆ්සාවි.
පිරිමියෙක් හෝ ගැහැනියක් ආකර්ශනීය වෙන්නෙ කවර ගුනාංගයන්ගෙන් සමන්විත වුනොත්ද කියන එකත් කාමසුත්‍රයේ වගේම විවිධ ලිංගික තාක්‍ෂණයන් කියා දීමත් මේ පොතෙන් කෙරෙනවා. ඒ වගේම ලිංගික සෞඛ්‍ය ගැනත් ලිංගික ආබාධවලට විවිධ අත්බෙහෙත් ආදියත් විස්තර වෙනවා. ශිෂ්නයට සහ යෝනියට නම් ලැයිස්තුවක් මෙහි ගෙනහැර දක්වනවා. සිහින විස්තර කරන කොටසක් වෙනම අඩංගු වෙනවා. සතුන් අතර ලිංගික චර්යාවන් පවා විස්තර කරනවා. ඒ වගේම හාස්‍යමුසු කතන්දරත් ඇතුලත් වෙනවා. මේ පොත ඇරබියන් නයිට්ස් වගේම ජනප්‍රියතාවයක් ලබනවා.
පර්ෆියුම්ඩ් ගාර්ඩන් පෙරවදනකින් සහ පරිච්ඡේද 21කින් සමන්විතයි. ඒත් මේ පොතේ ප්‍රංශ සහ ඉංග්‍රීසි පර්වර්තන දෙකේම 21වෙනි පරිච්ඡේදය ඇතුලත් නෑ.
පෙරවදනෙදි කතුවරයා විසින් රතිආස්වාදය ලබාදීම වෙනුවෙන් දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා. ඔහු කියන විදිහට දෙවියන් විසින් සුන්දරබවෙන් ආඪ්‍ය ස්ත්‍රියක් ලබාදීමෙන් පිරිමියා සම්භෝගය පිනිස උනන්දු කරනවා. පිරිමියාගේ ස්වභාවික දුර්වලතාවය වන්නේම ගැහැනියගේ ආදරය ප්‍රාර්තනා කිරීමයි. කතුවරයා කියනවා මුස්ලිම්වරයෙක් හැටියට ඔහුට ඉන්නෙ එකම දෙවි කෙනෙක් කියල. මුහම්මද් තමයි ඔහුගේ ශෘස්තෘවරයා වෙන්නෙ. ඔහු තමන් දෙවියන්ගේ සේවකයෙක් බව කියනවා.
වර්ණනා කළ යුතු පිරිමියා වන්නේ පහසුවෙන් ඍජුබව ලබන අයයි. ඔහුට ඉක්මනින් මෝචනය නොවෙයි. ධාතු පහවුනත් එසැනින් නැවත ඍජු වෙයි. ඔහුගේ ශිෂ්නය සහකාරියගේ යෝනිය කෙලවර දක්වාම දිගුයි. ශිෂ්නය කුඩා නම් ඔහුට ගැහැනිය සතුටු කළ නොහැකි වෙයි.
වර්නනා කළ යුතු ගැහැනිය වන්නේ මනා උකුලක් පිරුනුබවක් සහ අනුරාගී බවක් ඇති ඇයයි. ඇයට කලුවන් දිගු වරලසක් හිමිය. වටකුරු කලුවන් ඇස් හිමිය. ශෝභන නාසයක් හිමිය. රතුවන් තොල් සඟලක් හිමිය. ඇගේ හුස්ම පවා සුවඳවත්ය. ඇගේ පියයුරු පිරී ඇති අතර ඒවා ඍජුය. ඇගේ යෝනියෙන් දුගඳක් හමන්නේ නැත. ඇගේ උකුල පළල්ය. අතුල් සහ පතුල් මනස්කාන්තය. ඇය සිනාසෙන්නේ හෝ කතා කරන්නේ කලාතුරකිනි.
මේ පොත ඉංග්‍රීසියට ගේන්නෙ සර් රිචර්ඩ් ෆ්‍රැන්සිස් බර්ටන් විසින් 1886දි. බර්ටන් විශ්වාස කරනවා පර්ෆියුම්ඩ් ගාර්ඩන් පොත මේ වර්ගයේ පොත් අතර විශිෂ්ට කෘතියක් කියල. ඒ ඉතාම ලේසියෙන් අසභ්‍ය හැටියෙන් ගැනෙන්න ඉඩ ඇති කාරණා පවා වැදගත් ආකාරයෙන් ඉදිරිපත් කිරීම නිසයි. බර්ටන් කියන විදිහට පර්ෆියුම්ඩ් ගාර්ඩන්හි හැම අදහසක්ම ස්වතන්ත්‍ර නෙමෙයි. සමහර ඉරියව් විස්තර ආදිය ඉන්දියානු ග්‍රන්ථවලිනුත් සිහින විස්තර කිරීම ආදිය අසෙඩින් එල් මොනාඩෙකිගේ බර්ඩ්ස් ඇන්ඩ් ෆ්ලවර්ස් පොතෙනුත් අරන් තියෙනවා කියල ඔහු කියනවා.
මුල් ප්‍රංශ පරිවර්තනයේදී 21වෙනි පර්ච්ඡේදය උවමනාවෙන් මගඅරිනවා. ඒ එම පරිච්ඡේදයෙ තිබුනු සමලිංගික සහ කුමාර මෛථුනය සම්බන්ධ කාරනා නිසයි. 1890දි බර්ටන් මියයද්දි එයා පර්ෆියුම්ඩ් ගාර්ඩන් මුල්ම පිටපත අරගෙන 21 වෙනි පරිච්ඡේදයත් ඇතුලුව එහි සම්පූර්ණ පරිවර්තනයක් කරනවා . ඒක නම් කරන්නෙ සෙන්ටඩ් ගාර්ඩන් කියල. ඒත් ඒ පොත බර්ටන්ගෙ මරණයෙන් පස්සෙ ඔහුගේ බිරිඳ විසින් ගිනිබත් කරනවා. මේ නිසා ඒ පරිවර්තනය නිකුත් වෙන්නෙ නෑ. අදටත් කියවන්නාට 21 වෙනි පරිච්ඡේදය අහිමියි.
පර්ෆියුම්ඩ් ගාර්ඩන් පොත කොටසින් කොටස ඉදිරියේදි පරිවර්තනය වෙනු ඇති.