ආදරේ කියන්නෙ නිරුවතට. අපිට ඇඳුම් නැතුව ඉන්න පුළුවන් තව කෙනෙක් එක්ක තියෙන සම්බන්දෙට. එහෙම නිරුවත් වෙන්න පුළුවන් තැන් ජීවිතේ හරි අඩුයි. ආදරේ කිව්වට ගොඩක් ආදර වෙන තැන්වලටත් වඩා ඇඳුම් ඇඳන් ඉන්න වෙන තැන්. ආදරේ කියන්නෙ අපිට අපේ හැම වල්මත්බවක්ම, මෝඩකමක්ම, ආශාවක්ම, අසහනයක්ම නොසගවා නිදහස් කරන්න පුළුවන් සවිඥානක සම්බන්දයක්. අපිව අනෙකාට දැනෙන්න ඕන. අපිව අනෙකාට ඇහෙන්න ඕන. අනෙකාව අපිට දැනෙන්න ඇහෙන්නත් ඕන. ඒක හුදු දෙන්නෙකුගෙ හෝ කීපදෙනෙකුගෙ එකට පැවතීමක් ගතවීමක් නෙමෙයි. අපේ නිරුවත් පැවැත්ම අනෙකා එක්ක බෙදාගන්න තැනක්. මාංසයත් ආත්මයත් අනෙකා එක්ක එකතුවෙන අවකාශයක්. අපේ නිරුවත්ම මොහොත පවතින්න ඕන අපේ ආදරේ ඇතුලෙ. ඒ මොහොත තමයි අපේ අවංකම මොහොත. ජීවිතේ අසිරිමත්ම මොහොත. මොකවත්ම නැතුව පවතින්න පුළුවන් බැඳීම. මේක කායික නිරුවත විතරක් නෙමෙයි. සිතින් කයින් වචනයෙන් කියන තුන්දොරින්ම නිරුවත් වීමක්. නිරුවතින් එකිනෙකා ගතින් වගේම සිතින් බදාවැළඳ ගන්නා ඒ ආදරයේ දිව්‍යමයභාවය බැතිමත්ව දණනමන අල්තාරයක්. මරණයෙන් අවදිවන ප්‍රාතිහාර්යයක්.
ඒ ප්‍රාතිහාර්යය අත්විඳින සොඳුරු පෙම්වතුන්ගේ දිනයක් වේවා.
Chinthana Dharmadasa