සිතාරා සඳමාලි ෆර්නැන්ඩො සහ ජෙනිෆර් එලිසබෙත් කාටර් යුවළ ඇල්බාර්ටාහි එඩ්මන්ටන් වලදි 2019 ඔක්තෝම්බර් 05 වෙනිදා අතිනත ගත්තා. ඒ ගැන ඔවුන් මේ විදිහෙ සටහනක් යොදලා තිබුන.

”අපි සමලිංගික,  ජාතීන් දෙකකට අයත් යුවළක් වන අතර අපේ විවාහ මංගල්‍යයත් තරමක් සුවිශේෂී එකක්. අපිට ඕන වුනේ ඒක ඉතාම නිදහස් විනෝදකාමී එකක් කරන්න. අපේ ආරාධිතයන්ට අපිත් එක්ක සතුටු වෙන්න ඉඩ හදන්න. අපි තෝරගත්ත ශාලාව ඩවුන්ටවුන් එඩ්මන්ටන්වල හොලිඩේ ඉන් එක සුන්දර වගේම මිල අධික නොවන තැනක්. අපි බස් එකක් හයර් කළා එඩ්මන්ටන් ට්‍රාන්සිට් එකේ ඉඳන් අපිව ෆොටෝ ගන්න අරන් යන්න. ඩ්‍රැග් ක්වීන්ලා දෙන්නෙක් (ගැහැණු විදිහට අඳින පළඳින පිරිමින්) හිටියා අපේ අමුත්තන්ව පිලිගන්න. අපිට හරිම සතුටුයි අපේ සුන්දරම දවසෙ හැමදේම හරියට සිද්ද වුනු එක ගැන.

මේ යුවළ අතිනත් ගැනීමේදී එකිනෙකාට මෙහෙම පොරොන්දුවක් දුන්නා.”

‘ජෙනිෆර් එලිසබෙත් කාටර්වන මම ,
සිතාරා සඳමාලි ෆර්නැන්ඩො වන මම,
මගේ ආදරනීය භාර්යාව සහ ජීවිතයේ සහකාරිය හැටියෙන් බාරගන්නා බවටත්
අද පටන් සෑම මොහොතකම ඔබ සමීපයෙන්ම සිටින බවටත් ඔබව දිවිහිමියෙන් විශ්වාස කරන බවටත්,
ඔබේ පුද්ගලිකත්වයට ගරු කරන බවට සහ ගෞරවයෙන් ඔබව රැකබලාගන්නා බවටත්
නිරන්තරයෙන් ඔබව දිරිගැන්වීමට සහ  සහයෝගය ලබා දීමට කැපවන බවටත්
ඔබ සමග මගේ සතුට දුක බලාපොරොත්තු සහ සිහින බෙදාගන්නා බවටත්
අද පටන් ජීවිතය පුරාම ඔබ සමගම රැඳෙන බවටත් පොරොන්දු වෙමින්  ඔබේ අත ගන්නවා.
මේ මුදුව සදාකාලයටම අපේ මංගල දවසෙ පොරොන්දුවත් ඔබ ගැන ඇති මගේ ආදරයේ සහ කැපවීම පිළිබඳ සිහිවටනයත් වනු ඇති.’

මෙතනදී විවාහය සිදුකරන කාන්තාව මෙහෙම කියනවා

”ඔබ දෙපල, බිරිඳ සහ බිරිඳ වශයෙන් ප්‍රකාශ කරන අතර හාදුවකින් එය තහවුරු කර මෙන් ඉල්ලා සිටිනවා”
සිතාරා සහ ජෙනිෆර් ඉතාම ආදරෙන් ඔවුනොවුන් සිපගන්නවා. තවමත් අසම්මතයක් වූ මේ විවාහයට ඔවුන්ගේ දෙමව්පියන්  ආදරෙන් ආශීර්වාද කරනවා.

ලිංගිකත්වය පිළිබඳ සම්මතයන් නොතකා ආදරයේ අසම්මතය ආදරනීය ලෙස වැළඳගත් ඔවුන්ට අපේ සුබපැතුම්. https://youtu.be/jV3bKHVmTsQ