විලියම් මාස්ටර්ස් සහ වර්ජිනියා ජොන්සන් ප‍්‍රසිද්ද වුනේ 1960 ගණන්වල ඒ දෙන්නා කරපු මිනිස් ලිංගිකත්වයේ කායික විද්‍යාත්මක පර්යේෂණ හින්ද.
එතෙක් තිබුන මිනිස්සු එක්ක සංවාද කරමින් දත්ත එකතු කිරීම වෙනුවට මාස්ටර්ස් ඇන්ඞ් ජොන්සන් පර්යේෂණාගාර ක‍්‍රමවේදයන් පාවිච්චි කළා. ඒ අය ඇත්තටම මිනිස්සු ස්වයං වින්දනයේ යෙදෙන හැටි, සංසර්ගයේ යෙදෙන හැටි නිරීක්ෂණය කරමින් මේ පර්යේෂණ කළා.
මේ දෙන්නා ගණිකාවන් සහ කාමලෝලී ගැහැනු යොදාගනිමින් පර්යේෂණ කරනවා. ඒ ඇසුරෙන් ස්ත‍්‍රීන්ගේ ෆේක් ඕගස්ම් /ව්‍යාජ සුරතාන්ත සහ මල්ටිපල් ඕගස්ම් ඒ කියන්නෙ ස්ත‍්‍රියකට සුරතාන්ත කීපයක් එක දිගට ලැබීමේ හැකියාව ගැන එලිදරව් කරනවා.
මේ දෙන්නාගේ සොයාගැනීම් ලිංගික විද්‍යාවට, මනෝවිද්‍යාවට සහ මනෝ චිකිත්සාවට ලොකු මෙහෙවරක් කළා. මානව ලිංගික ප‍්‍රතිචාරයේ අවධීන් හතරක් තියෙන බව මාස්ටර්ස් ඇන්ඞ් ජොන්සන් විස්තර කලා. මේක ස්ත‍්‍රී පුරුෂ කාට වුනත් පොදුයි. ඩිසයර් නැත්තං ලිබිඩො, අරවුසල් නැත්තං පිබිදීම, ඕගස්ම් නැත්තං සුරතාන්තය, රිසොලූෂන් ඒ කියන්නෙ පසු-දැහැන විදිහට මේ අවධි හතර හඳුන්වනවා.
මාස්ටර්ස්ලා එන්න කලින් ලිංගික ප‍්‍රශ්නයක් තියෙන කෙනෙක් එක්කො ගියෙ පූජකයෙක් ළගට. නැත්තං මනෝවිශ්ලේෂකයෙක් ළගට. ඒ වෙද්දි ෆ්‍රොයිඞ්ගෙ අදහස් ඇමරිකාව පුරා පැතිරෙමින් තිබුන කාලෙ. මාස්ටර්ස්ලා මේ වෙනුවට ශාරීරික පැත්තෙන් ලිංගික ප‍්‍රශ්නවලට විසඳුම් හොයන්න උනන්දු වුනා. සෙක්ස් කරන්න ගියාම විවාහක අය මුහුන දෙන අර්බුදවල කායික විද්‍යාත්මක තොරතුරු එකතු කළා. ඒ ගොල්ලො හුස්ම වේගය, හදවතේ ගැස්ම මනින උපකරණ පවා නිර්මාණය කළා. වඳුරෙ, හාවො වෙනුවට කෙලින්ම මිනිස්සු යොදාගනිමින් පර්යේෂණ කළා. ස්ත‍්‍රී පුරුෂ ලිංගික ප‍්‍රතිචාරයන්ගේ සායනික අර්ධය තමයි මාස්ටර්ස්ලගෙ ග‍්‍රවුන්ඞ් එක වෙන්නෙ.
මාස්ටර්ස්ලා අතින් සිද්ද වුනු වැදගත්ම දේ වෙන්නෙ ස්ත‍්‍රී ලිංගිකත්වයේ ආනුභාවය ලෝකයට එලිදරව් කරපු එක. පිරිමියෙක් එක සුරතාන්තයකින් නිශ්ක‍්‍රීය වෙලා යද්දි ස්ත‍්‍රියක් එක දිගට සුරතාන්ත පෙලක් අත්විඳින බවත් ස්ත‍්‍රියකට සුරතාන්තය සඳහා පිරිමියෙක් අවශ්‍ය නොවෙන බවත් මුලින්ම කියන්නෙ මාස්ටර්ස්ලා. හියුමන් සෙක්ෂුවල් රෙස්පොන්ස් කියන සෙක්සොලෙජි විෂය විස්තෘත කරන මාස්ටර්පීස් එක මේ දෙන්නා අතින් ලියවෙනවා.