ෆැකල්ටි ඔෆ් සෙක්ස් මැසේජ් බොක්ස් එකට ප්‍රශ්නයක් ඇවිත් තිබුන.
මං කැමති මගේ අම්මත් එක්ක සෙක්ස් කරන්න. නැත්තං එයා වෙන කාත් එක්ක හරි සෙක්ස් කරනවා බලන් ඉන්න. ඒ ආසාව මට නවත්තගන්නම බෑ. මං මොකක්ද කරන්න ඕන?
මීට ටික කාලෙකට කලින් ෆේස්බුක් ගෲප් එකකුත් හැදිලා තිබුන. අම්මලා සමග සෙක්ස් කරන්න කැමති උන්ගේ සංගමය කියල. ඒකට කුපිත වුනු අනෙක් ෆේස්බුක් මහජනතාව ඒක රිපෝර්ට් කරලා කරලා ගලවලම දැම්මද කොහෙද.
අපිට තියෙන ලොකුම කුනුහරුපෙ තමයි අම්මට හුකනවා කියන එක. සමහරුන්ට ඕක ඇහුන ගමන් මළ පනිනවා හොඳටම. කොහොම වුනත් මේ මව සමග සංවාසය කියන එක සෑහෙන ඈත අතීතයේ ඉඳන් පැවත එන ව්‍යභිචාරයක්. ඉන්සෙස්ට් එකක්.
ඒක බරපතල තහංචියක් වෙන එකෙන්ම පැහැදිලි අනෙක් කාරණය තමයි ඒක පවතිනවා කියන එක. ඒ වගේම ඒක සමාජ සංස්ථාවෙ දරුණු නිලයක් කියන එක. අපි මේ කතා කරන්නෙ අපි දන්න ලොකුම කුනුහරුපෙ ගැන.
මව සමග සංවාසය කියන ආශාව, ෆැන්ටසිය ඍජුව මුදුන්පත් කරගන්න බැරි වුනාම අපි අම්මා වගේ කෙනෙක් සමග සංවාසය රසවිඳින තැනට මාරු වෙනවා. මිල්ෆ් නැත්තං මම්ස් අයි ලව් ටු ෆක් කියන කැටගරිය නියෝජනය කරන්නෙ මේ වෙස්මාරු කරපු ආශාව.
අම්මලට පිරිමි පුතාලගෙ ඇතිවෙන ලිංගික ආකර්ශනය ලොකු රහසක් නෙමෙයි. හැබැයි සමහර අය මේක ඕනවට වඩා දුර අරගෙන යනවා. මිචිගන්වල කිම් වෙස්ට් සහ බෙන් ෆෝර්ඩ්ගෙ කතාව එහෙම එකක්. ඒ කතාව මාධ්‍යවල පළවුනාට පස්සෙ ඇමරිකානු පොලිසිය කියනවා මේ දෙන්නට අවුරුදු 15ක සිරදඩුවමක් දෙන්න පුළුවන් කියල. ඊට පස්සෙ මේ දෙන්නට සිද්ද වෙනවා වසන් වෙලා ජීවත් වෙන්න.
කිම් වෙස්ට් ට අවුරුදු 51ක්. බෙන්ට 32 ක්. අවුරුදු දෙකක ආදර සම්බන්දයකින් පස්සෙ ඒ ගොල්ලො කසාද බඳින්න තීරණය කරනවා. අපි පුදුම තරම් ආස්වාදනීය ලිංගික ජීවිතයක් ගත කරනවා කියල ඒ දෙපල කියනවා.
බෙන් කියන්නෙ කිම්ගෙ පුතා. බෙන්ට සතියක් වයසෙදි කිම් එයාව හදාගන්න දීලා තියෙනවා. 2013දි මේ දෙන්නා හදිස්සියෙ මුනගැහෙනවා. කිම් කියනවා එයාට මුල් දුරකථන සංවාදවලදිම බෙන් ගැන හැගීම් ඇතිවෙන්න ගත්තා කියල. එයාට බෙන් සම්බන්ද ශෘංගාර හීන පේන්න ගන්නවා. අන්තිමේදි මේ දෙන්නා හෝටල් කාමරයක මුනගැහෙනවා. ෂැම්පේන් බෝතලයකින් ආදරය සමරනවා. පලවෙනි හාදුව හුවමාරු කරගන්නවා. හැමදෙයක්ම පටන් ගත්තෙ එතනින්.
මීට කලින් බෙන් කසාද බැඳලා ඉන්නෙ. එයා අම්මා වෙනුවෙන් ඒ කසාදය අත්අරිනවා. මේ දෙන්නා කියන්නෙ ඒ ගොල්ලො ජෙනටික් සෙක්ෂුවල් ඇට්‍රෑක්ෂන් වෙන විදිහකට කිව්වොත් ජානමය ලිංගික ආකර්ශන තත්වයක් නිසා මෙහෙම බැඳුනා කියල. ඒක ව්‍යභිචාරයක් හැටියෙන් ඒ ගොල්ලො බාරගන්නෙ නෑ.
නමුත් ජෝන් මේයර් කියන මනෝ වෛද්‍යවරයා කියන්නෙ එහෙම එකක් නෑ කියල. ජීඑස්ඒ කියන්නෙ මිනිස්සු සමාජයේ වටිනාකම් පද්ධතිය බිඳින්න පාවිච්චි කරන නිදහසට කාරණයක් කියල.
මේයර් කියන්නෙ ඉන්සෙස්ට් කියන දේ අපේ සමාජවල හැමදාකම පැවතුනා කියල. ඒ සමාජ අපවාදය, තහංචිය ඒ විදිහට දිගටම ශිෂ්ටාචාරයෙ තිබුනෙ ඒක පවත්වාගෙන යාමට අවශ්‍ය හේතු තිබුනු නිසා. මේයර්ට අනුව බෙන් සහ කිම් කියන්නෙ සමාජවිරෝධී ජීවිත ගත කරන මානසික රෝගීන් දෙන්නෙක්.
නිව්යෝර්ක් සෙක්ස් තෙරපිස්ට් කෙනෙක් වෙන ඉයන් කර්නර්ට මේ ගැන තියෙන්නෙ සැකයක්. ජාන ලිංගික ආකර්ශනය කියන එක ගැන තාම කවුරුවත් අධ්‍යනය කරලා නෑ කියලයි එයා කියන්නෙ. නමුත් අපේ සංවාස සම්ප්‍රදාය හැදිලා තියෙන්නෙ ජානමය වෙනස්කම් හොයාගෙන යන්න මිස සමානකම් හොයාගෙන යන්න නෙමෙයි. නමුත් මේ විදිහෙ ව්‍යභිචාර තත්ව වලදි පොදු කාරනා හොයලා ඒක රෝගයක් හෝ ජානමය තත්වයක් කියනවට වඩා වැදගත් වෙන්නෙ ඒ අයගෙ පුද්ගලික ජීවිතය ඇතුලෙන් මේ දිහා බලන එක කියලයි ඉයන් කියන්නෙ.
2015දි නිව්යෝර්ක් මැගසින් එක මේ වගේම මේ කතාවෙ අනිත් පැත්ත වාර්තා කරනවා. ඒ තාත්තා කෙනෙක් එක්ක ලිංගිකව එක්වීමෙන් කන්‍යාභාවය නැති කරගත්ත දුවෙක් ගැන. ඒ අය එකිනෙකා දකින්නෙ අවුරුදු 12ට පස්සෙ. ඒ දැකපු ගමන් ඒ දෙන්නා අතර ඇතිවෙන වාවාගත නොහැකි හැගීම් නිසා ඒ මොහොතෙම විවාහ වෙලා දරුවන් ලබන්න ඕන වුනා කියල ඒ ගොල්ලො කියනවා.
සමාජයෙන් තහංචි පැනවුනු ඉතා සමීප ඥාති සම්බන්ධතා ඇති අය අතර ලිංගික සම්බන්ධතාවලට අපි කියනවා ඉන්සෙස්ට් නැත්තං ව්‍යභිචාරය කියල. දෙමව්පියන් දරුවන් අතර සහෝදර සහෝදරියන් අතර ඇතිවෙන සබඳතා මේකට උදාහරන. මේක ලිංගික සංසර්ගයක්ම විය යුතු නෑ. කවර හෝ ලිංගිකමය ආශ්‍රයක් මේ ගනයට වැටෙනවා.
මේක ටැබූ එකක් වුනත් මේක යුනිවර්සල් ටැබූ එකක්. හැම සමාජයකම ව්‍යභිචාරය තියෙනවා. සංස්කෘතියෙන් සංස්කෘතියට සමහර ඥාති සම්බන්ධතා අතර සම්බන්ධතා පිලිගන්න හැටි වෙනස් වෙනවා. සමහර සංස්කෘතීන්ට අනුව පලවෙනි මස්සිනා එක්ක හැර අනිත් අය එක්ක සෙක්ස් කරන්න පුළුවන්. කලින් කසාදයේ දුවත් එක්ක දෙවෙනි කසාදෙ බාප්පා අතර ඇතිවෙන සම්බන්දය තවත් මේ වගේ එකක්. පරණ ඊජිප්තු ඉන්කා සමාජවල රාජකීයයන් අතර ඉන්සෙස්ට් එක අනිවාර්යයක් වුනා. ඒ උරුමය පිනිස ඒ පවුල්වල අයට ඒ පවුල් අතරම ලිංගික සම්බන්ධතා පවත්වන්න වුනා.
මනෝවිශ්ලේෂනවාදය කියන විදිහට අවුරුදු 3 සිට 5 දක්වා දරුවෙක් තමන්ගේ විරුද්ධ ලිංගික මව හෝ පියා සමග ව්‍යභිචාරාත්මක ලිංගික ආශාවක් ඇති කරගන්නවා. පිරිමි දරුවෙක් නම් මේ සම්බන්දතාවට ඊඩිපස් සංකීර්නය කියල ෆ්‍රොයිඩ් කියනවා. ඒ අදහස ෆ්‍රොයිඩ් ගන්නෙ ග්‍රීක ඛේදාන්තයක් වුනු මහා ඊඩිපස් කතාවෙන්. මව ගැන ලිංගික ආකර්ශනයකින් සහ තාත්තා සමග එදිරිවාදීකමකින් දරුවෙක් පෙලෙනවා කියල ෆ්‍රොයිඩ් කිව්වා. තාත්තා විසින් තමාව කප්පාදු කරයි කියලා ඇතිවෙන බිය නිසා පිරිමි දරුවා තාත්තා වගේ වෙන්නත්, තාත්තාගේ වටිනාකම් සමග අනුගත වෙන්නත් පෙළඹෙනවා. මේකම ෆ්‍රොයිඩ් ගැහැනු දරුවන්ගෙ පැත්තෙන් ඉලෙක්ට්‍රා සංකීර්නය කියල කතා කරනවා.
සහෝදර සහෝදරියන් අතර සහ තාත්තා දුව අතර ලිංගික සම්බන්ධතා ඇතිවීම මව සහ පුතා අතර සම්බන්ධතාවයන්ට වඩා වැඩියි කියලයි පිලිගැනීම. පවුල ඇතුලෙම පුතා සහ මව අතර ගුප්ත ලිංගිකමය සම්බන්දයක් පැවතීම ගොඩක් සංස්කෘතීන්වල ස්වභාවික දෙයක්. ඒක අනුරාගී එකක් නොවුනත් ලිංගිකමය එකක්. ඒක අපි අධි පිවිතුරු තත්වයක් වෙනකල් ශිෂ්ට කරලා අරගෙන තියෙනවා.
පවුලේ පිරිමියෙක් අතින් ඉන්සෙස්ට් සම්බන්ධතා ඇතිවීමේ වැඩි ප්‍රවනතාවයක් තියෙනවා. විවිධ මානසික ප්‍රශ්න සහ ආවේගයන්ගෙන් පෙලෙන තාත්තලා අතින් දුවලා අතවරයට ලක්වීම බහුලයි. මේ බොහෝ අවස්තාවල අම්මා ඒ ගැන දැනුවත්ව හිටියත් ඊට විරුද්දව කිසිවක් කරකියාගන්න බැරි තත්වයක් තියෙනවා.
ව්‍යභිචාරය ඇතිවෙන්න දුප්පත් පොහොසත්, නාගරික ගම්බද, දියුණු නොදියුණු වගේ කිසි වෙනස්කමක් බලපාන්නෙ නෑ. ඒක ඕන තැනක වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩක් වෙලාවට මේකට ගොදුරු වෙන්නෙ බාල වයස්කාරයන්. ඒක බලහත්කාරයක් විදිහට සිද්ද වුනාම ඒ ගොදුරු වෙන අයට ලිංගික දුර්වලතා ඇතිවීම, ප්‍රචන්ඩ ලිංගික චර්යාවන් ඇතිවීම, අපචාරී වීම වගේ දේවල් වෙන්න පුළුවන්. අපි දන්නවට වඩා ඉන්සෙස්ට් සම්බන්ධතා ඇත්තටම බහුලයි. පවුලේ ගරුත්වය ගැන හිතන නිසා ඒවා වාර්තා වෙන්නෙ අඩුවෙන්. ඒ වගේම පුංචි දරුවන්ට බොහෝ විට තමන් මුහුන දෙන අතවරය ගැන පැමිනිලි කරන්න හැකියාවක් නෑ.
ඇමරිකාවෙ ලොකුම පෝර්න් කැටගරි තියෙන වෙබ්සයිට් එකක් තමයි ගේම්ලින්ක්. ඒ ගොල්ලො කියන විදිහට අන්තිම අවුරුදු 04 ඇතුලත මිල්ෆ් කියන පෝර්න් කැටගරිය 83%කින් වැඩිවෙලා තියෙනවා.
ගේම්ලින්ක් කියන විදිහට මේ මිල්ෆ් පෙරලිය ඇතිවුනු තැන ලේසියෙන්ම ලකුනු කරන්න පුළුවන්. ඒ 99 ඇමරිකන් පයි ෆිල්ම් එකේ ස්ටිෆ්ලර්ගෙ අම්මා පුතාගෙ යාලුවෙක් එක්ක බේස්මන්ට් එකේ පූල් ටේබල් එකක් උඩ සෙක්ස් කරන තැනින්. 2003දි ෆවුන්ටන්ස් ඔෆ් වේන් බෑන්ඩ් එක ස්ටේසිස් මාම් සිංදුව රිලීස් කරනවා. ඒකත් මේ ආසාවට හොඳ තල්ලුවක් දුන්නා. 2007 සහ 2009 අතර ලීසා ඈන් විසින් සාරා පේලින්ගෙ පැරඩිය ‘හූස් නේලින්ග් පේලින්’කියන පෝර්න් එක කරාම මිල්ෆ් අලෙවිය රොකට් වගේ නගින්න පටන් අරන් තියෙනවා.
මේ කතාව වෙන විදිහකට කිව්වොත් ගොඩක් අය අම්මලට ආස කරනවා. ඒ මොකද? ක්ලැසික් උත්තරේ වෙන්නෙ අර උඩ කියපු ෆ්‍රොයිඩියානු කතාව. එතකොට තාත්තාගෙ අතින් කප්පාදු වෙන්න ඇති බය නිසා මේක අම්මාගෙන් අම්මා වගේ අය කරා මාරු වෙනවා.
තව තියරියක් තමයි ජැක් මොරින් කියන සෙක්ස් තෙරපිස්ට් එයාගෙ ‘ද ඉරොටික් මයින්ඩ්’ පොතේ කතා කරන මධ්‍ය ශෘංගාර තේමාවන්. නැත්තං කෝර් ඉරොටික් තීම්ස්. එයා කියන්නෙ ඒවා අපේ වැඩෙන වයසෙදි අපි මුහුන දෙන හැගීම්මය තත්වයන්ට අපේ සබ්කොන්ෂස් එකෙන් දක්වන ප්‍රතිචාර කියල. මේවා දිගටම අපේ ලිංගික ජීවිතයට බලපානවා. අම්මලා ගැන ආශාවත් සමහර අයට ඒ වගේ ඇතිවෙන ප්‍රාථමික ශෘංගාර තේමාවක්.
පීටර් කැනරිස් කියන සායනික මනෝවෛද්‍යවරයා කියන්නෙ මේක ටැබූ එකක් වීමමත් ඒ ආශාව වැඩි කරනවා කියල. ඒක ව්‍යභිචාරී ෆැන්ටසියක්. නමුත් සමාජය ඇතුලෙ මේක දරුණු ලැජ්ජාවක ප්‍රභවයක්. එක්කො ෆැන්ටසිය තියෙන කෙනාම ඒ ගැන ලැජ්ජාවෙනවා. නැත්තං එයාට විශේෂ අනෙකෙක් විසින් මේක ගැන දැනගැනීම ලැජ්ජාවක් ඇති කරනවා. තමන්ගෙම අම්මා නොවුනත්, මේ වෙන අම්මා කෙනෙක් වෙත දිගු වෙන ෆැන්ටසියෙ වුනත් කෙනෙක් ව්‍යභිචාරී වරදකාරයෙක් වෙන තැනක් තියෙනවා. මේ එකම ආශාව.
කැනරිස් දකින විදිහට අපේ සමාජයෙ අම්මා කෙනෙක් දරුවන් ලැබුනට පස්සෙ සෙක්ස්හරණය කළ තත්වයකින් සැලකීමත් මේ ටැබූමය ගතිය වැඩි කරනවා. නමුත් ඇත්තටම මේ ෆැන්ටසිය වර්ධනය කරන්නෙ දරුවන් වැඩෙන අවදියේදී අම්මලා එක්ක ගත කරන ලිංගික අත්දැකීමකට සමාන සම්බන්ධතා ස්වරූපය හින්ද. අම්මලා එක්ක මේ කුඩා වියේ ඇතිවන ලිංගිකරූපී ආදරය සාමාන්‍යයක්. මේක යටපත් වෙලා තිබිලා නැවත ඇක්ටිවේට් වෙමින් අපේ ආශාවෙ න්‍යෂ්ටිය බවට පත්වෙන එකයි වෙන්නෙ.
ගොඩක් පුතාලා අන්තිමට බඳින්නෙ තමන්ගෙ අම්මට සමාන රූපයක් ඇති ගැහැනු. සම්බන්ධතා ඇතුලෙ උත්සාහ කරන්නෙ තමන්ගෙ අම්මා වගේ ගැහැනියක් හදන්න. අඩුවැඩි වශයෙන් අපි හැමෝම ව්‍යභිචාරියි.
ඒත් හැම ෆැන්ටසියක්ම යතාර්ථයක් කරගන්න අවශ්‍ය නෑ. සමහර ෆැන්ටසි යතාර්ථයක් වුනහම පොලොවෙ වැදිලා කුඩුපට්ටම් වෙලා යනවා. හැම ෆැන්ටසියක්ම ඇත්ත කරගන්න උත්සාහ නොකර ඒක ෆැන්ටසියක් විදිහටම රස විඳින්න අපිට ඕන වෙනවා ශෘංගාර පරිණතකමක්. ඒ පරිණතභාවය හුරු කර නොගැනීම අපිව ආශාව රස විඳින්නෙක් වෙනුවට ආශාවෙ වහලෙක් බවට පත් කරනවා.
ටැබූ කඩන එක නරක නෑ . හැබැයි ටැබූ ගැන පූර්ණ සවිඥානක වීමකින් පස්සෙ.