ආර්ට් කියන්නෙ ඔයා ආර්ට් කියල දකින දේ නෙමෙයි. ආර්ට් කියන්නෙම ගැප් එකට. ප්‍රකාශ කරන්න අවශ්‍ය දේ සහ ප්‍රකාශිතය අතර පරතරයට. මේ මගහැරුනු සම්බන්ධයට. දන්නා දේ අසමත් වෙන මොහොතේදී නිර්මාණයට ඉඩ විවෘත වෙනවා.
-මාර්සල් ඩුෂාම්-
වැනිසා ප්ලේස්ව මට මුනගැහුනෙ ස්ටෙෆාන් දීපු පොඩ්කාස්ට් ලින්ක් එකකින්. එයාගෙ කටහඬ එක මොහොතකින් මාව ට්‍රාන්ස් එකකට දැම්මා. ඊට පස්සෙ එයාගෙ අදහස්. මට මුනගැහුනු ගැඹුරුම සහ සංකීර්ණම ගැහැණු චරිතය වැනිසා ප්ලේස් බව නිහතමානීව කියන්න ඕන.
ප්ලේස් ලෝයර් කෙනෙක්. එයා පෙනී ඉන්නෙ ලිංගික වැරදිකරුවන් වෙනුවෙන්. ඒ වගේම එයා ස්ත්‍රීවාදී ප්‍රකාශනයක් ලේ ෆිගේ කියන ස්ත්‍රීවාදී ප්‍රකාශනයෙ ආරම්භක කර්තෘ. එයා කන්සෙප්චුවල් කවියෙක්. කවිය සහ චිත්‍රය අතර වැඩ කරන කෙනෙක්.
එයා කියනවා ලෝයර් කෙනෙක් විදිහට වැඩකරද්දි එයාට ලැබුනු අසාමාන්‍ය තේරුම් ගැනීම ගැන. එක උදාහරණයකින් කිව්වොත් එයා වරක් පෙනී ඉන්නවා අඩු වයස් කෙල්ලෙකුගෙ නිරුවත් ඡායාරූප ගැනීමක් සිදු කරපු වරදකරුවෙක් වෙනුවෙන්. මේ වරදකරුවාට උසාවියෙන් ඇප ලබා දෙනවා. ඇප ලබාදීමකදි අත්අඩංගුවට ගත්ත එයාගෙ කැමරාව ආදී උපකරණ ආපහු බාරදිය යුතු වෙනවා. ප්ලේස් මේ මොහොත විස්තර කරනවා.
වරදකරුවා ශාලාවක් මැද හිටගෙන ඉන්නවා. පොලිස්කාරයා එයාගෙ බඩුමුට්ටු ඇතුව මේසයක් අසල ඉන්නවා. කැමරාව අතට ගන්න පොලිස්කාරයා වරදකරුවාට ඒක දෙන්න වගේ දිගු කරමින් හිතාමතාම ඒක බිමට අතාරිනවා. කැමරාව කුඩුවෙනවා.
ප්ලේස් මේක කියවන්නෙ අපරාධකාරයාට වඩා පොලිස්කාරයා අපරාධයක් සිදු කරන මොහොතක් විදිහට. අපරාධකාරයාගේ වැඩේ වෙන්නෙ අපරාධය සිදු කිරීම. ඒක එයා හරියට කරලා තියෙනවා. නමුත් නීතියේ නිලධාරියාගේ වැඩේ වෙන්නෙ අපරාධකාරී විදිහට හැසිරීම නෙමෙයි. මේ මොහොතෙදි අපරාධය සිදු කරන්නෙ පොලිස්කාරයා විසින්.
මේ විදිහට අපරාධකරුවන්ට එරෙහි අපරාධ වැලැක්වීමේ නීතිය අපරාධකරුවාට වඩා සාපරාධී හැසිරීමක් දරන වග වැනිසා ප්ලේස් තමන්ගෙ අත්දැකීම් ඇසුරින් කියනවා. ඒ නිසාම එයා අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටීම තමන්ගේ වගකීම හැටියෙන් ගන්නවා. වඩාත් මානුෂීයව මගහැරුනු කොටස තියෙන්නෙ එතන.
කෙල්ලෙක් එක්ක ඩේට් එකක් ගිය කොල්ලෙක් ඩේට්රේප් එකක වරදකරුවෙක් වුනු අවස්ථාවක් ගැනත් ප්ලේස් මතක් කරනවා. එදා රාත්‍රියේ මුනගැහුනු මේ කොල්ලයි කෙල්ලයි කාමරයකට යනවා. මුලින් සෙක්ස් කරන්න එකග වෙන කෙල්ල ඒ කරන අතරමගදි හිත වෙනස් කරගන්නවා.
දැන් ඇති. එයා කියනවා.
කොල්ලා අසරණ වෙලා බලන් ඉන්නවා.
මට එපා. ඔයා ඕන නං කරන්න. කෙල්ල ඊට පස්සෙ කියනවා. කොල්ලා වැඩේ කරගෙන යනවා. කෙල්ල විසින් තමන්ව රේප් කළා කියල නඩු දානවා.
මෙතනදි වැනිසා ප්ලේ කියන්නෙ මේ අවස්ථාවෙ වරද හෝ නිවරද තීරණය වෙන්නෙ බලය පවතින දිශාව අනුවයි කියල. ඔව්, මේක නීතියෙන් වැරදියි. ඒත් සදාචාරමය විදිහට එහෙම නොවෙන්න පුළුවන්. මෙතනදි තියෙන්නෙ කෙල්ල කියන දේ සහ කොල්ලා කියන දේ විතරයි. කවුද හරි කියන තීරණය සංකීර්ණ එකක්.
වැනිසා ප්ලේස් රේප් ජෝක් කරනවා. රේප් ජෝක් කියන්නෙ ස්ටෑන්ඩප් කොමඩියන්ස්ලා අතර ප්‍රසිද්දි විහිලු වර්ගයක්. ඕනම කොමඩියන් කෙනෙකුගෙ සාක්කුවෙ රේප් ජෝක් කීපයක් තියෙනවා. මේ රේප් ජෝක් ගැන ස්ත්‍රීවාදීන්ගේ මුල ඉඳන්ම තිබුනා තද බල විරෝධයක්.
රේප් ජෝක් කීපයක්.
1. සහභාගිවෙන පිරිසෙන් දහයෙන් නම දෙනෙක්ම එන්ජෝයි කරන වැඩේ මොකක්ද? ගැන්ග් රේප් එකක්
2. රේප් විසිල් එකක් ළඟ තියෙන මහත කෙල්ලෙක් ගැන කියන්න තියෙන්නෙ මොකක්ද? අතිශය සුබවාදීයි
3. ඔයා ආසද රේප් සෙල්ලම කරන්න.
නෑ.
අන්න ස්පිරිට් එක!
4. මං දන්නවා ඔයා රේප් ජෝක්වලට ආස නෑ කියල. ඒත් මං බලහත්කාරෙන් එකක් ඔයාට කරන්නයි යන්නෙ.
රේප් එකක් කියන්නෙ විහිලුවක්ද? එහෙම විහිලු කරන එක රේප් එකකට ගොදුරු වුනු කෙනෙකුගෙ පැත්තෙන් කොයිතරම් පීඩාකාරීද?
මේ විදිහට ඒ ගොල්ලො රේප් ජෝක්වල සදාචාරය ප්‍රශ්න කළා. ඊට එරෙහිව පෙනී හිටියා. මීටු වගේ පෙරමුණු දැඩිව මේ ආර්ට් ෆෝර්ම් එකට පහර දුන්නා.
වැනිසා ප්ලේස් රේප් ජෝක් කරද්දි එක ගැහැනියක් නැගිටලා ප්‍රශ්න කරනවා.
ඔයා ඔහොම විහිලු කරන්නෙ ඔයා කවදා හරි රේප් වෙලා තියෙනවද?
වැනිසා ප්ලේස් හරිම නිසොල්මනේ උත්තර දෙනවා.
”මං රේප්ජෝක් එකක් කරන්න කොලිෆයි වෙන්න කී වතාවක් රේප් වෙලා තියෙන්න ඕනද ඔයාට අනුව? මං කොහොමද රේප් වෙලා තියෙන්න ඕන? ඒක ගැන්ග් රේප් එකක් වෙන්න ඕනද? මං මගේ තාත්තා අතින්, නැත්තං බාප්පා, සහෝදරයා අතින් රේප් වෙන්න ඕනද? මං කොහොම රේප් වුනොත්ද ඔය කියන සුදුසුකම මට ලැබෙන්නෙ?”
අත්දැකීමක් විසින් යමක් ගැන අපිට කතා කළ හැකි දැනුමක් හෝ වරමක් ලබාදෙනවා කියල හිතන එක පටු අදහසක්. සමහර අත්දැකීම් අපිව තවත් මෝඩ කරනවා. සීමා කරනවා. සමහර අත්දැකීම් අපිට කිසිම දැනුමත් පරිණතබවක් ලබා නොදීම ගතවෙලා යනවා.
වැනිසා ප්ලේස් කියන්නෙ ඒ රේප් ජෝක් අහන්න එතනට පැමිනීම ඒ ගැහැනිය විසින් ගත්ත තීරණයක් කියල. කවුරුවත් එයාව බලහත්කාරෙන් එතන රඳවාගත්තා නෙමෙයි. ඕනම වෙලාවක එයාට නැගිටලා යන්න පුළුවන්.
මං මගේ ආර්ට් එක ඇතුලෙ කරන්නෙ කාටවත් හැදෙන්න සදාචාරාත්මක උපදෙස් දෙන එක නෙමෙයි. මගේ ආර්ට් එකේ බලාපොරොත්තුව කම්පනයක් ඇති කිරීම. ඒක කොයි ආකාරයක කම්පනයක්ද කියන එක මට අදාල නෑ. ආර්ට් එකක් තියෙන්නෙ මනුස්සයෙක්ව ඊට කලින් අත් නොවිඳි කම්පනයකට රසයකට භාවයකට පත් කරන්න විතරයි. හොඳ නරක කියල දෙන එක ආර්ට්වල වැඩක් නෙමෙයි.
ස්ලැවොයි ජිජැක් මෙතනදි ලස්සන අදහසක් ගේනවා.
”සානුකම්පාව සහ අභිමානය ගැන දරන සියලු හැසිරීම් බොරු මුලාවන්.”
-ජිජැක්-
යූ හැඩ් ටු බී දෙයාර් කියන වැනිසා ප්ලේස්ගෙ රේප් ජෝක් පොතේ ඒ ගැන අදහසක් පලවෙනවා.
”ඒක හරිම පැහැදිලියි. රේප් ජෝක්ස්වලට හාස්‍යජනකයි. වැඩියෙන්ම ඒවා හාස්‍යජනක ලෙස සැලකීම වරදක් නිසාම.”
ඇත්තටම රේප් එකක් ගැන ඇතිවන භාවාතිෂය අනුකම්පාව කියන්නෙ පලායාමේ ක්‍රමයක්. ඒක අපිව සුවපහසු කරනවා. ඒ වෙනුවට අපිට ශක්තියක් හැකියාවක් තියෙන්න ඕන රේප් එකක භයානකකමට මුහුන දෙන්න. ඒ භයානකකම හාස්‍යයට ලක්කරන්න. රේප් ජෝක් එකක් කරන්නෙ ඒක. හුදෙක් අපේ සුවපහසු ආරක්ෂිත කලාපයට රිංගාගැනීමෙන් රේප් එකක කිසි දෙයක් වෙනස් වෙන්නෙ නෑ.
වැනිසා ප්ලේස්ගෙ නිර්මාණ ගැඹුරු ප්‍රචන්ඩ ප්‍රශ්න අපි ඉස්සරහ ඉතුරු කරනවා.
මොකක්ද රේප් එකක් කියන්නෙ? හරියටම කියන්න බෑ. මොකක්ද ආර්ට් එකක්, නැත්තං කවියක්, කොමඩියක් කියන්නෙ? ඒකත් හරියටම කියන්න බෑ. ප්ලේස් එයාගෙ ආර්ට් ඇතුලෙ ප්‍රචන්ඩත්වය සහ කලාව අතර පවතින ඕගනික් සම්බන්ධය ඉස්මතු කරනවා. වැනිසා ප්ලේස්ට අනුව ආර්ට් කියන්නෙ කාලය අවකාශය සහ පිලිගත් තත්වයන්ට ඇතිකරන ප්‍රචන්ඩත්වයක්.
වැනිසා ප්ලේස් කියන්නෙ කන්සෙප්චුවල් පොයට් නැත්තං සංකල්පීය කවියෙක් කියල කිව්වනෙ. මේ කන්සෙප්චුවල් පොයෙටි්‍ර කියන එක ඇතිවෙන්නෙ විසි එක්වෙනි සියවසේ මෙහෙයුමක් විදිහට. ඒ කලාවෙ යෙදෙන අයගෙ පුහුනුව වෙන්නෙම ක්‍රියේටිව් නොවෙන්නෙ කොහොමද කියන එක. මොකද ක්‍රියේටිව් කියන එකම සීමාවක් විදිහට ඒ ගොල්ලො තේරුම් ගන්නවා. කන්සෙප්චුවල් කවියක් කොයිම වෙලාවකවත් අවසාන නිමි නිෂ්පාදනයක් වෙන්නෙ නෑ. ඒකෙ වෑයම වෙන්නෙම අදහසක් විදිහට පැවතීම. තවත් අලුත් නිර්මාණවලට අමුද්‍රව්‍යයක් වීම.
වැනිසා ප්ලේස් මේ විදිහට චිත්‍ර සහ කවිය අතර පර්යේෂන කරනවා. ඒ සීමාවන් බොඳ කරනවා. එයා එක වෙලාවක කණ්ණාඩියක් පිටිපස්සෙ ඉඳගෙන ප්‍රේක්‍ෂකයන්ගෙන් එකතු කරගත්ත පාපොච්චාරන ස්ටුඩියො එකක නැවත එයාගෙ හඬින් එයාගෙ පාපොච්චාරනයද සහිතව ඉදිරිපත් කරනවා. ද ලෝයර් ඉස් ප්‍රසන්ට් කියන නමින්.
වැනිසා ප්ලේස් විශ්වාස කරන්නෙ කවිය කියන එක වේදිකාවක් විදිහට. ඒක හරියට ෆේස්බුක් එක වගේ. ඒකෙ වැදගත්ම කාරණය වෙන්නෙ අනිත් අයට සහභාගීත්වයට ඉඩක් පැවතීම. හුදු නරඹන්නො හෝ කියවන්නො කියන්නෙ මේ යුගයේ කලාවට අදාල පිරිසක් නෙමෙයි.
ෆේස්බුක් පිටුවක් ගත්තොත් ඒකෙ අපේ ආත්මීය දේවල් අපි ලියනවා. ඒ වගේම අනිත් හැමෝටම ඒකට එකතු වෙන්නත් පුළුවන්. එකම වෙලාවක සබ්ජෙක්ටිව් සහ ඔබ්ජෙක්ටිව් කියන පරාසයන් දෙකේම මේ පැවැත්මට වැනිසා ප්ලේස් කියන්නෙ සොබ්ජෙක්ටිව් කියල. එකම විටක තමන්ගේ ආත්මීය දෙයක් සහ වාස්තවික දෙයක් හැටියෙන් පැවතීම තමන්ගෙ කවියක පරාසය විදිහට ප්ලේස් තේරුම් ගන්නවා.
මේ අපි ගතවෙන යුගය වැනිසා ප්ලේස් විස්තර කරන්නෙ සෙමියො කැපිටලිසම් නැත්තං සංඥාර්ථ ධනවාදය විදිහට. මේ යුගයෙදි අපි හුවමාරු කරගන්නෙ සංකේත සහ සංඥාර්ථ. මෙතනදි වඩා වටිනාම දේ වෙන්නෙ පුද්ගලයා කියන එක. ෆේස්බුක් ටම්බ්ලර් මේ හැම ප්ලැට්ෆෝම් එකකම මෙහෙමයි. අපි හුවමාරු කරගන්නෙ අපිව. මෙතනදි ඒ මමත්වයට පැලස් පොයෙටික් මම කියන වචනය පාවිච්චි කරනවා. ඒ මම තමයි මේ හුවමාරුවෙ ස්වර්ණමය වටිනකම දරන ඒකකය.
මේක හුදු පරිභෝජනයක් නෙමෙයි. සහභාගීත්වයක්. අපි කරමින් ඉන්නෙ අතිශය ආත්මීය නිෂ්පාදන හුවමාරු කරගැනීමක්. සෞන්දර්ය නිෂ්පාදනයක උපරිම තැන වෙන්න පුළුවන් මේකයි.
වැනිසා ප්ලේස් තමන්ගෙ කාව්‍යාත්මක නිෂ්පාදන තමන්ගෙම සමාගමක අලෙවි කරනවා. ඒක එයා හඳුන්වන්නෙ ප්‍රාග්ධනයේ සහ හදවතේ කොටසක එකතුවක් හැටියට. ඒකෙන් බ්‍රෑන්ඩ් එකක් හැදෙනවා. මුදල් ලැබෙනවා. එයින් තව තව නිෂ්පාදන බිහිවෙනවා. හුවමාරු වටිනාකම වෙන්නෙ පොයෙටික් මම කියන එක. මේකට එකතු වෙන්නෙ එකම විලාසිතාවක් බලාපොරොත්තු සහ කැටගරයිස් නොකරපු ආශාවන් ඇති පිරිස්. හරියටම ඔන්ලයින් ලයික් එකක් වගේ. ඒක උඩින් පේන වටිනාකම නෙමෙයි ඒ ලයික් එකට ඇති ඇත්ත හේතුව පිටිපස්සෙ තියෙන්නෙ.
මේ මොහොතෙ සංස්කෘතික ප්‍රාග්ධනය පවතින්නෙ සමාජ මාධ්‍යවල කියල ප්ලේස් කියනවා. නවකතාව සිනමාව ආදිය මේ යුගයෙදි වලංගු කලාත්මක ප්‍රකාශන හැටියට ගැනීමයත් අස්වාභාවිකයි කියලයි එයාගෙ අදහස.
”කවිය සහ චිත්‍රය අතර ඇත්තටම වෙනසක් තියෙනවද? මේ දෙක වෙනස් වෙලා තියෙන්නෙ ඒ වටා හැදුනු ඩිස්කෝර්ස් එක කියන මාර්කටින් කතන්දරය නිසා නෙමෙයිද? කාලය කියන්නෙම අවකාශය. අවකාශය කියන්නෙම කාලය. චිත්‍රයක් වුනත් කවියක් වුනත් අපි ස්කෑන් කරනවා. ඊට පස්සෙ ඉන් කියවාගත යුතු දේ අපි තීරණය කරනවා. ඒක රෙකෝර්ඩ් කිරීමක්.
කවිය කියන්නෙ සමාජ මාධ්‍යවල විශිෂ්ටතම මීඩියම් එක වෙන්න පුළුවන්. සෝවියට් මානසිකත්වය බලන්නෙ සාමූහිකත්වය දිහා බල්ක් එක දිහා. ඒක හින්ද ආත්මය කියන එක ඒ ගොල්ලොන්ට වටින දෙයක් වුනේ නෑ. ඒත් සෙමියො කැපිටලිසම් වල කවියාගෙ ආත්මය කියන්නෙ බ්ලූචිප් ස්ටොක් එකක් වගේ.”
– වැනිසා ප්ලේස්.