සෙක්ස් කියන්නෙ ආධ්‍යාත්මික පුහුණුවක් කියල කිව්වම ගොඩක් අය ඒක පිලිගන්නෙ නෑ. ඒත් සරලවම හොඳ සෙක්ස් එපිසෝඩ් එකක අවසානය වෙන්නෙ මොකක්ද?

සතුට.
 ඒක හුදු කායික සතුටක්ද?
 නෑ අවසානයේදි සියලු මානසික අර්බුද ආතතීන්වලින් මිදිලා පාවෙනසුලු සෞන්දර්යයක අත්දැකීමක් විඳින එක තමයි සෙක්ස්වල පරම සුඛය. බලහත්කාරයකදි අපිට අහිමිවෙන්නෙ මෙන්න මේ ආධ්‍යාත්මික සුවය. ඒ වගේ ලිංගික ක්‍රියාවක් ආරම්භයත් අවසානයත් ආතතිකරයි. ඒක වනචරයි කියල සරලව හඳුන්වන්නෙ ඒකයි. කායික තෘප්තියෙන් විතරක් සැනසෙන ලිංගික ක්‍රියාවක් පවතින්නෙ අපේ මිනිස් හැකියාවන්ගෙ ඉතාම ප්‍රාථමික තලයක. එතැනින් ඉහලට, මානසික බැඳීමට, ශරීරයේ සීමාවන් අතික්‍රමනයට, නිර්වාණයට ළඟාවීම තමයි පිරිමියෙක් හෝ ගැහැනියක් විදිහට ලබන මාර්ගඵලය වෙන්නෙ.

සෙක්ස් කියන්නෙ සම්බන්ධවන සියලු පාර්ශ්වයන් නිවී සැනහෙන තෘප්තියක් වෙන්න ඕන. ඒක අපේ ශරීරය හරහා අපේ ආධ්‍යාත්මය පොහොසත් කරන අත්දැකීමක් වෙන්න ඕන.

ආගම ගොඩනැගුනෙ ශරීර ආශාවන් යටපත් කිරීමේ ප්‍රවේශයෙන්. තන්ත්‍ර ගොඩනැගෙන්නෙ ශරීර ආශාවන් ට්‍රාන්සෙන්ඩ් කිරීමේ නැත්තං ශරීරය ඉක්මවා ආධ්‍යාත්මික තලයකට ගෙනයාමේ ප්‍රවේශයෙන්. අපේ දෙබෙදුම, ඩුඅලිටිය ඒකත්වයකට පූර්ණත්වයකට පත්කිරීමේ ආධ්‍යාත්මික පුහුනුවක් විදිහට.

සත්තුන්ගෙයි අපෙයි වෙනස කියල ආගමික සදාචාරවාදියො හිතන්නෙ ලිංගික ක්‍රියාව පාලනය කිරීම. දකින දකින තැන සෙක්ස් කරන්නෙ සත්තු, මිනිස්සු කතාවට කියන්නෙ එහෙමයි. ඒත් ඇත්ත කතාව වෙන්නෙ මිනිස්සුන්ට පුළුවන් සෙක්ස් කියන එක ශරීරයෙන් ඔබ්බට විමුක්තිය කරා ගෙනියන්න. එහෙම ආධ්‍යාත්මික තලයෙ ලිංගික සම්භෝගයක් තමයි මනුස්ස අත්පත් කරගැනීම වෙන්නෙ.

පාරක තොටක නෙමෙයි ඕනම තැනක සෙක්ස් කිරීමේ වරදක් නෑ. ඒක විඳීම, දැනීම, ඒකත්වය, සෞන්දර්යය, සාමය උත්සන්න කරන ක්‍රියාවක් නම් ඒක නිරෝගීයි. කසාද බැඳලා වුනත්, නීත්‍යානුකූලව වුනත් අපේ සෙක්ස්වල තියෙන්නෙ පීඩාව, බෙදීම, ආතතිය, අසහනය උත්සන්න කිරීමක් නම් ඒක රෝගීයි.