පෝර්න් හබ් කියන්නෙ ලෝකෙ ක්‍රියේටිව්ම වැඩ කරන පෝර්න් සයිට් එක. ඇඩ්වර්ටයිසින් ලෝකෙ තාම කතාවෙන වැඩ පෝර්න් හබ් තමන්ගෙ අසම්මත ප්‍රොඩක්ට් එකෙන් කරලා තියෙනවා. ඒ ගොල්ලො ට්‍රයි කරන අලුත්ම වැඩේ තමයි වැන්ක්බෑන්ඩ් එක. සිංහලෙන් කිව්වොත් අතේගහන බෑන්ඩ් එක. ඒ ගොල්ලො මේක අරන් එන්නෙ ලෝක බලශක්ති අර්බුදයට විසඳුමක් විදිහට. පරිසරය ආරක්ෂා කරන පියවරක් විදිහට.

තමන්ගෙ මිලියන ගානක් වීඩියෝ බලමින් සතුටුවෙන සුවහසක් ජනතාවගේ ඩර්ටි එනර්ජි එකතු කරන එකයි ඒ ගොල්ලොන්ගෙ අරමුණ. මේ බෑන්ඩ් එක අතේ බැඳගෙන ස්වයංවින්දනය කරද්දි ඉබේටම ඒක ඇතුලෙ තියෙන කයිනෙටික් චාර්ජර් එක චාර්ජ් වෙනවා. ඒ චාර්ජ්වෙන විදුලිය ෆෝන් ලැප්ටොප් චාර්ජ් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. මීට පස්සෙ කවුරු හරි ස්වයං වින්දනය කර කර ඉඳලා අහුවුනොත් ටක් ගාලා කියන්න තියෙන්නෙ බැටරි චාර්ජ් කරනවා කියලයි.

මේකට ගැහැණු පිරිමි භේදයක් නෑ. දෙපාර්ශ්වයටම පුළුවන් බලශක්ති අර්බුදයට උදව්වක් වෙන්න. ලෝකෙ හැම කෙනෙක්ම තමන් ස්වයංවින්දනයෙ යෙදෙද්දි අපතේ යන බලය නැවත ලෝකෙ සංවර්ධනය වෙනුවෙන් යොදවනවා කියන්නෙ සංකල්පයක් විදිහට මරු වැඩක්.

දැන් මේ බෑන්ඩ් එක තියෙන්නෙ බීටා අවධියෙ. කැමති අයට තමන් සමග ලියාපදිංචි වෙලා මුල්ම වෑන්ක් වොරියර්ස්ලා වෙන්න පුළුවන් කියල පෝර්න් හබ් ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා.

 දැන් ලෝකෙ බේරගන්න බලය තියෙන්නෙ ඔබේ අතේ.