“ඔයා එන්නෙ නැද්ද?”watsapp මැසේජ් එකක්. වෙලාව හරියටම රෑ දහයයි. පොඩ්ඩක්වත් පරක්කු වෙන්න බෑ.
“තාම බෑ..”
මං කියන්නෙ මොකක්ද කියල එයාට තේරෙනවා. මලින්ද තාම ඇහැරලා.
“බෑ.. මට ඕනි”
එයා දැන් ගොඩක් හිතුවක්කාරයි. මාත් ඒකට ආසයි. ඒක හින්ද උල්පන්දම් දීලා දැන් ඕනවට වැඩියි.
“බෑ. එන්නෙම නෑ”
“එහෙම කොහොමද? බලාගමු.”
ටෙක්ස්ට් එකක් යවන්න කලින් උත්තරේ ඇවිත්. එහෙම වෙන්නෙ එයා ෆෝන් එකේම එබීගෙන ඉන්න හින්ද. මොනවා වුනත් පිරිමියෙක් මෙහෙම අසිහියෙන් තමන් එනකං බලන් ඉන්නවා කියල දැනෙන එක පිස්සුවක්. ඉන්න බැරි කරනවා.
මලින්ද තාම නිදි නැතුවත් මං ලැප්ටොප් එක ඇරගත්තා. හැමදාම රෑට මට ගොඩක් වැඩ. ඒක තමයි මං හදලා තියෙන කතාව. මලින්ද දැන් මං කියන දෙයක් ගැන ඊට වඩා එහාට දෙයක් අහන්නත් කම්මැලියි. එයාගෙ මං ගැන තිබුන උනන්දුව මැරිලා. මට ඒක තේරෙනවා. අපි ගොඩක් ළංවුනාම දැනෙන දේවල් අඩුවෙනවා. ඒක හින්දම මං ගැන උනන්දු කාට හරි මං ආස වෙනවා.
තමලු මට මුනගැහුනෙ මං ඒ හිස්තැනේ ඉඳිද්දි. මුලින්ම එයා මට රික්වෙස්ට් එකක් එවලා තිබුන. ජපුරෙ ඉගෙන ගන්න වග කියලා තිබුන. මං ඇක්සෙප්ට් කළා.
“හායි ” එයා ටෙක්ස්ට් කළා.
මං හිනාමූනක් යැව්වා.
“You have a beautiful smile. Don’t let it fade.” එයා කිව්වා.
අපි කතාව පටන් ගත්තෙ එහෙම. මීට මාසෙකට විතර කලින්.
ඊට පස්සෙ අපි හැමදාම චැට් කළා. රෑ එක දෙක වෙනකල්. කැමති සිංදු ෆිල්ම් පොත් එදා දවසෙ රටේ වෙච්ච දේවල් ගැන අපි සුමානයක් විතර චැට් කරන්න ඇති. ඊට පස්සෙ අපි අපි ගැන. අපේ ආසාවල් ගැන කතා කළා. ඇත්තටම එයා මගේ ආස තැන් ගැන කතා කළා.
‘මං හරි ආසයි ඔයාගෙ බෙල්ලෙ යට පැත්තට. හැරෙද්දි මතුවෙන නාරටියට..”
“බොරු කියන්න ඕන නෑ. ඇත්තට ආස තැන ගැන කෙලින් කියන්න” වටේ යද්දි මං එයාට විහිළු කළා.
‘හ්ම්ම්.. ඇත්තටම මං ආසම ඔයාගෙ boobs වලට’
රෑ එලි වෙනකල් එහෙම හිත කිතිකැවෙන දේවල් කතා කර කර ඉන්න කෙනෙක් ඉන්න එක මරු. ඒ කියන සමහර ඒවට ඇඟේ හිරිගඩුත් පිපෙනවා. මලින්ද නිදි. මං ඕනවටත් වඩා ඇහැරලා. තමලු එක්ක බෑ.
“පොඩ්ඩක් ගලවලා පෙන්නන්නකො..”
තමලු එකපාරට එහෙම ඉල්ලීමක් කළා.
“ඔයාට පිස්සුද?”
මං හිතන්නත් කලින් මං කියලා ඉවරයි.
“මොනාද හලෝ..”
“බෑ.. එච්චරයි..”
එදා රෑ එතනින් කලින් ඉවර වුනා. අපි තරහ වුනා. මට නින්ද ගියෙත් නෑ.
තමලු කියන එක කරනවද නැද්ද? මට පුළුවන්ද එහෙම වෙන පිරිමියෙක් ඉස්සරහ ඇඳුම් ගලවන්න?
හොඳටම රස්නෙයි. දාඩියත් දානවා.
එයා ආයිමත් මාත් එක්ක කතා නොකර ඉඳීද?
එහෙම ළඟින් චැට් කරපු කෙනෙක් නැති වෙලා යනවා කියන්නෙ ලොකු හිස්තැනක් ඉතුරු කරනවා. ඊට පස්සෙ රෑට මං මොනවද කරන්නෙ? ආදරයක් නොවුනට ඒක සමහර විට ආදරේකටත් වැඩි ඇබ්බැහියක්.
මං ආයිමත් චැට් කරන්නෙ නෑ. මං තීරණය කළා. ඊට පස්සෙ මට නින්ද ගියා.
ඒත් උදේ වෙද්දි ආපහු ඒ හිස් තැන එහෙමම තිබුන. මලින්ද ලෑස්ති වෙලා වැඩට ගියා. මං කාංසියට බියොන්සෙගෙ crazy in love දාගත්තා.
I look and stare so deep in your eyes (I…)
I touch on you more and more every time
When you leave, I’m begging you not to go
Call your name, two, three times in a row
Such a funny thing for me to try to explain
How I’m feeling, and my pride is the one to blame (Yeah)
‘Cause I know I don’t understand
Just how your love can do what no one else can
සිංදු කියන්නෙ හරි නපුරු ජාතියක්. මට තමලුගෙ වල් ඉල්ලීම් දඟකාර ආදර ඉල්ලීම් වගේ පේන්න ගියේ වචන පේලි කීපයයි.
ඇයි මට එයාව විශ්වාස නැත්තෙ? ඇයි ඇයි මං බය?
මං ෂවර් එක යට ඉන්න ගමන් මගෙන්ම ඇහුවා.
එතකොට එයා සෙක්ස් කරන්න කතා කළත් මං යනවද?
ඒක කල්පනා කරද්දිම මගේ කකුල් මැද්දෙ ඉඳන් හදවත වෙනකල් එකපාර දැනුන විදුලියෙන් මං උත්තරේ තේරුම් ගත්තා. මං ඉන්නෙ විනාසයක් අද්දර.
ඔෆිස් එකේ වැඩ මං කලේ වෙනදට වඩා හයියෙන්. වැඩ කරන වේගෙට කාලෙ දුවනවා වගේ හැඟීමක් මට තිබුන. මේල් ටික ගහගෙන ගහගෙන ගියා. මීටින්ග්ස් ටික කඩාගෙන බිඳගෙන ගියා. සැරින් සැරේට මැසේජ් එකක් ඇවිත්ද කියල බැලුවා. ෆේස්බුක් යූටියුබ් මොකුත් නෑ. පුළුවන් තරම් ඉක්මනට දහවල රෑ කරවන්න මං වැඩකළා. ආදරේකට පුළුවන් අපිව හරිම ප්‍රොඩක්ටිව් කරන්න.
ආදරයකට?
ඔව්. ඒක සමාන්තර ආදරයක්.
ගෙදර ආවා. නෑවා. කණ්ණාඩියෙන් මගේ ඇඟේ හැම තැනම බැලුවා. මුරන්ඩු මයිල්ගස් ඔලුව උස්සලද? නිපල්ස් වෙනදට වඩා පාත් වෙලා වගේද? හැරෙද්දි වම් තට්ටමේ උපන් ලපේ පේනවද?මං හරියට කැම් ගර්ල් කෙනෙක් වගේ. අනේ අමන්දා…උඹ නං ඇත්තටම වල්. මං මටම කියාගත්තා.
මලින්ද ගෙදර ආවා. මං කෝපි හදලා දුන්නා. එයාගෙ ඔෆිස් එකේ විස්තර කිව්වා. ඒවා කිය කිය හිනාවුනා. එයා හරිම හොඳ කෙනෙක්. ඒත් හැමදාම වගේ එයාට මගේ දවස කොහොමද කියල අහන්න අමතක වුනා.
රෑ දහයයි. මලින්ද නිදි. තමලුගෙන් දවසෙම කිසි පනිවිඩයක් නෑ. දහය පහුවෙලත් තාම නෑ. මාව බිමටම කඩාගෙන වැටුන.
“හායි…”
ඉවසන්න බැරිම තැන මං ටෙක්ස්ට් කළා.
“හලෝ…”
විනාඩි දහයකට විතර පස්සෙ එයා.
“එනවද?”
ඒ මං.
“අද බෑ. වැඩක්. ”
එයාගෙ ආඩම්බර.
මං ෆෝන් එක තියල ගිහින් නිදාගන්න හැරුනෙ. ඔච්චර නං බෑ.
“ආවා..”
එතකොටම එයාගෙන් ටෙක්ස්ට් එකක් ආවා. මාව තෙත් වුනා.
“ඔයාට මාව විශ්වාස නෑ නේද?”
එයා ටෙක්ස්ට් එකට පස්සෙ දුක මූනක් අමුනලා එව්වා.
“නෑ..”
“එහෙනං?”
“එකපාර බෑ කියල හිතුන”
“අද පුළුවන්ද?”
මට මගේ පපුව ගැහෙන සද්දෙ ඔක්කොටම වඩා සද්දෙන් ඇහෙනවා. මං හැරිලා බැලුවෙ ඒ සද්දෙට මලින්දත් ඇහැරලද කියල. හුස්ම වැටෙන්නෙ හරියට පිරිමියෙක් ඇඟ උඩ ඉන්නකොට වගේ.
මං කැමරාව ඔන් කළා. හෙඩ්ෆෝන් දෙක දාගත්තා.
“ෂා….”
මට දැන් තමලුව ඇහෙනවා. එයාට තිබුනෙ හරිම අසහනකාරී හඬක්. ඒකට මං ආසවුනා.
එයා හාට් පෝලිමක් එව්වා.
‘කොහොමද? ඔයා හිතපු තරම් ලස්සනද මං?’ මං එයාගෙන් ඇහුවා.
“ඕක ගලවන්නකො ඉතින්..”
පලවෙනි වතාවට කසාද බැඳපු මිනිහා පිටිපස්සෙ තියාගෙන වෙන පිරිමියෙක් ළඟ නිරුවත් වෙන්න මං ලෑස්තියි. මේ වෙව්ලිල්ලට පපුව පැලුනෙ නැත්තං.. ඔව් ඒක මං කරයි. මං බොත්තමෙන් බොත්තම නිදහස් කළා. බ්‍රා එකෙන් විතරක් වැහුනු පියයුරු කැමරාව ඉස්සරහ. ලාවට දාඩියත් දාලා.
“ඔයාගෙ කැමරාවත් ඔන් කරන්නකො”
“බෑ..”
“ඇයි?”
“මං ආස මෙහෙම”
එයා ආස එහෙම වුනාට මං නිරුවත් වෙන්නෙ නිකංම තිරයක් ඉස්සරහ. ඒ කැමරාව පිටිපස්සෙ ඇස් දෙකක්ද ඊට වඩා වැඩි ගානක් තියෙනවද කියන්නවත් මං දන්නෙ නෑ.
“බෑ.”
මං ආපහු බ්ලව්ස් එකේ බොත්තම් දාගන්න හැදුවා.
“ප්ලීස්..”
“හ්ම්…. ”
රතුපාට බ්‍රා එක අකරින් පේන මගේ පියයුරු පිරිමියෙක් පිස්සු වට්ටන තරම ගැන දැනීමක් මට තිබුන. මේක හරිම අමුතු අත්දැකීමක්. මගේ පෑන්ටි එක මේ වෙද්දි සම්පූර්නයෙන්ම තෙතයි. කකුල් තැවරෙද්දි ලිස්සනවා මට දැනෙනවා. “ඕකත්..”
මං අත් පිටිපස්සට දාලා හුක් එක පැන්නුවා. මගේ පියයුරු තුඩු නිරාවරනය කරමින් බ්‍රා එක පහතට වැටුනා.
තමලු හුස්ම ගන්න සද්දෙ මට ඇහුනා. එයා මැරෙන්න තරම් තදට හුස්ම ගත්තා. නෑ… එයා මාස්ටර්බේට් කරන වග මට දැනුනා. මාත් මගේ අත ස්කර්ට් එක ඇතුලට අරන් ගියා.
‘ල ස් ස න…….” හිරවුනු හුස්මක් එක්ක එයාට කියවුනා. ඊට පස්සෙ ටික වෙලාවක් හුස්ම විතරයි. මං දිහා ඒ සිදුරෙන් කවුරු හරි බලන් ඉන්නවා කියල කියන්නෙ ඒ හුස්ම විතරයි.
To Be Continued..