“ඔයා මහ වනචර බැල්ලියෙක් නේද?”
ඒ හිස්තැනට පස්සෙ තමලු මගේ කනට කෙඳිරුවා.
“ඔව්..”
“මිනිහා ළඟ තියාගෙන ඔහොම වෙන මිනිස්සු එක්ක නිදාගන්න තරමට උඹ වේසියෙක්..”
“ඔව්.. ඇත්ත..”
මං තවත් හයියෙන් මගේ ඇගිලි යෝනි තොල් අතර එහා මෙහා කළා.
තමලු මාස්ටර්බේට් කරන ගමන් මාව හියුමිලියේට් කරනවා.
“උඹ මං කියන ඕන දෙයක් කරනවා නේද?”
“ඔව්..”
“නැගිටලා මට උඹේ එක පෙන්නපං එහෙනං..”
මං නැගිට්ටා. කැමරාව ඉස්සරහ ස්කර්ට් එක උඩට ඇද්දා. ආශාවෙන් පෙඟී පිම්බී තිබුන මගේ වැජයිනා එක පෙන්නුවා.

“කී දෙනෙක් ඕකට හු.. ඇද්ද ?” තමලු ඕනවට වඩා යනවද කියල මට හිතුන. ඒත් මට ඕන නං නවත්තන්න තිබුන.
“ඔව්… ගොඩක් අය…” මං නාට්‍යය ඉස්සරහට ගෙනියන්න කැමති වුනා.
ඒ අපහාසය ලැජ්ජාව වගේම කැමරාව ඉස්සරහ මගේ නිරුවත මාව පුදුමාකාර විදිහට ශක්තිමත් කරනවා වගේ මට දැනුනා. මේ ලැප්ටොප් එකත් එක්කම තමලු ඇතුලු මුලු ලෝකෙම මගේ යෝනියේ ගිල්වා දාන්න පුළුවන් වගේ හැගීමක් ඒක.
‘මට පේන්න මාස්ටර්බේට් කරන්න’
තමලුගේ අණ.
“බෑ”
මං පොඩි කාලෙන් පස්සෙ එහෙම තනියම කරගෙන නෑ.
‘කරපං. නැත්තං මං තරහ වෙනවා’
නාට්‍යයෙ සම්පූර්ණ බලය තියෙන්නෙ එයාගෙ අතේ. මට තියෙන්නෙ අවනත වෙන්න. ඒ අවනත වීම කියන්නෙ මගේ උඩුහිතට විරුද්ධ යටිහිතට පක්ෂ ආසාව.
මං හෙමින් ඇඟිල්ලක් මගේ යෝනිය ඇතුලට අරන් ගියා. ඊට පස්සෙ තව ඇඟිල්ලක්. යන්තම් ඇඟිලි සම්පූර්ණයෙන් නොපෙනී ගියා විතරයි.

‘ඌෳම්ම්හ්…….. ’
තමලුගෙ මෝචනය මට ඇහුන. මටත් හෙමින් කෙඳිරි ගෑවුනා.ඒකත් එක්කම එයාගෙ ඒ වනචර ආත්මයත් නැවතුනා. එයා සාමාන්‍ය වුනා. එතකොට මට දැනුනා මං අමු හෙළුවෙන් කියල. මට ලැජ්ජා හිතුන. මං ඇඳුම් පිලිවෙල කරගත්තා.
‘ඔයා මාරයි… මං ඔයාට ආදරෙයි’
තමලු කිව්වා. ඒ පරාජිත වචන යම් පමණකට මාව අස්වැසුවා. එයා ඉන්නෙ සහනයෙන් වග මට දැනුනා. ඒත් එයා මාව ඉතුරු කලේ අසහනයකින්.
ඒත් මට ඊට වැඩියෙන් එයාගෙන් ඉල්ලන එක මදිකමක් වගේ දැනුනා. පිරිමියෙක් වුනහම දැනගන්න ඕන ගෑනියෙකුට කොහොමද සලකන්නෙ කියල.

‘මං යනවා. මට ඇති’
මගේ තරහ පළ කලේ එහෙම. එයාට උත්තර දෙන්න ඉඩක් නොදීම මං ලයින් එක කට් කළා.

ඒ තරහත් එක්ක සිද්දියෙ තිබුනු ආතතිය ඒක තවත් ආස්වාදනීය කළා. පලවෙනි වතාවට පිරිමියෙක් ඉස්සරහ එහෙම වනචර වුනාමයි. මං වොෂ්රූම් එකට ගිහින් මාවම ස්පර්ශ කරන්න ගත්තා. මට තෙමෙන්න ඕන වුනා. ඒ හින්ද ෂවර් එක ඇරගත්තා. මේ දවස්වල වතුර සීතලයි. ඒ වුනාට මං රස්නෙයි. ඇඳුම් පිටින්ම නෑවෙමින් මං වතුර මල යට මොහොතකට කලින් සැනහුන ඩිජිටල් සිහිනය මෙනෙහි කරමින් යෝනිතොල් ඇඟිලිවලින් කිතිකැව්වා.

ඒක විපරීත ආස්වාදයක්. මං සුරතාන්ත පෙලක් එකදිගට පහුකළා. මගේ සර්වාංගයම ඒ විපරීතයෙන් විමුක්තිය ලැබුවා.

මං ආපහු ඇඳට ආවෙ නිවුනු මනසින්. නිදාගන්න.
“මොකද මේ රෑ නාලා?” මලින්ද ඇහුවෙ තෙත එයාගෙ ඇඟට ඉහුනු හින්ද.
‘රස්නෙයි.. දාඩියයි’.
මං නිදි.

පහුවෙනිදා ඔෆිස් ගියත් මං හිටියෙ උඩ පැන පැන. හුඟක් දඟ වැඩක් කරපු පොඩි එකෙකුට තිබුන උද්දාමයක් මට දැනුනා. මෙච්චර කාලයක් මගේ ඇඟ ඇතුලෙ හිටපු මංවත් නොදැන හිටපු මාව අවදි වුනු වගක් දැනුනා.

මං හරි වල්… එහෙම හිතද්දි මට සකුටු හිතුනා.

පැය කොහොමද තත්පර වගේ ගෙවුනෙ කියල මං දන්නෙ නෑ. ඔෆිස් එකේ පැට අට පුරාත් මගේ මයිල් ගස් කෙලින් වෙලා, වරින් වර හිරිගඩු පිපුනු වග විතරක් මං දන්නවා. ඔෆිස් ඇරුනා. මලින්ද ගෙදර ආවා. අපි කෑවා. එයා නිදාගත්තා.

රෑ දහයයි. මගේ ඩිජිටල් රහස් ජීවිතේ දොරටු ඇරෙන වෙලාවයි.
තමලු එන්න එන්නම නරක් වුනා. එයාට මාව සම්පූර්නයෙන්ම නිරුවත් කරන්න ඕන වුනා.

කොයිවෙලාවෙ මලින්ද ඇහැරෙයිද දන්නෙ නෑ. එහෙම වුනොත් මට කියන්න දේකුත් නෑ. හෙඩ්ෆෝන් දෙකක් කනේ ගහගෙන හෙළුවෙන් මාස්ටර්බේට් කරන අමන්දව දැක්කොත් එයාගෙ ඔලුව නරක් වෙයි.
ඒත් ඒ හැම මුරන්ඩු වැඩක්ම වඩ වඩාත් ආකර්ශනීය වුනා. තමලු මාව උමතුවක අද්දරට තල්ලු කළා. ඒ කෙලවරේදි මට මගේ වනාන්තර ආත්මය මුනගැහුන.
මං වල් ගෑනියෙක්..

තමලුයි මායි එක එක දේවල් කළා. එක එක දේවල් මගේ යෝනියට ඇතුල් කරලා බලන්න එයා ආස වුනා. මං කිසි දෙයක් බෑ කිව්වෙ නෑ. මං තමලුගෙ කැමරා ස්පර්ශයෙන් එක රැයකට කීපවතාවක් සුරතාන්තයට පත්වුනා. ඒත් තාමත් මං තමලුව දැකලා නෑ. ඒ කැමරාව පිටිපස්සෙ ඉන්නෙ කවුරු වෙන්න පුළුවන්ද?

ඒ මිනිහව නොපෙනෙන තාක් කල් මට ඒ සිදුර පිටුපස්සෙ දෙවියන්වහන්සේ ඉන්නවා කියල හිතාගන්න පුළුවන්.

‘වේසි, උඹ මට පේන්න උඹේ මිනිහා එක්ක සෙක්ස් කරන්න ඕනි’
තමලු දවසක මට විධාන කළා.
‘බෑ’
‘ඇයි?’
‘මට ඕන නෑ අපි දෙන්නා අතරට එයාව ගන්න’
‘මට ඕනි’
‘ඒක අසාධාරනයි. මට එයාව එහෙම පාවිච්චි කරන්න බෑ’
‘උඹ ඒක කරන්නම ඕනි’

මෙතනදි හරි පුදුම දෙයක් වුනා. මං ලයින් එක කට් කරලා නැගිට්ටෙ නෑ. ඒ වෙනුවට මං ඒ වැරැද්ද කරන අරමුනෙන් නැගිට්ටා. මං හිතන්නෙ මට මං ගැන තිබුනු විශ්වාසය ඉස්මුරුත්තාවෙ ගිහින් තිබුනෙ.
මං කැමරාව ඇඳ පේන විදිහට හැරෙව්වා. මලින්ද ළඟට ගිහින් හෙමින් එයාගෙ කලිසම උඩින් අතගෑවා.
මලින්ද නිදිමතේම අත පැත්තකට ගසලා අනිත් පැත්ත හැරුනා. මං එයාගෙ පිට පැත්තෙන් හාන්සි වුනා. ඇඟේ ගෑවෙන විදිහට ඉන්න ගමන් පැත්තකින් අත එයාගෙ කලිසම ඇතුලට අරන් ගියා. කලබලයක් නැතුව හෙමින් හෙමින් මං මලින්දගෙ ශිෂ්නය උඩපහල කළා. ඊට කලින් කිසිම දවසක මං එහෙම දේකට මුලපුරලා තිබුනෙ නෑ.

මට කිසිම බයක් සැකක් තිබුනෙ නෑ. ලැජ්ජාව කියල දෙයක් අහලකවත් තිබුනෙ නෑ. තමලු කැමරාවෙන් බලාගෙන.

මලින්ද එකපාරට ගැස්සිලා මගේ පැත්තට හැරුනා. ඊට පස්සෙ එයා තිගැස්සුනා. හිතාගන්න බැරුව ආපහු ඇස් ඇරලා බැලුවා.
මං කතාවක් නැතුවම එයාගෙ ශිෂ්නය කලිසමෙන් එලියට ගත්තා. මලින්ද ඇහැරෙන්න කලින් එයා ඇහැරලා හිටියෙ.

මං කෙලින්ම මගේ තොල් ශිෂ්නය මතට පාත් කළා. මලින්ද බලාගෙන කටත් ඇරගෙන. හැබැයි එයා මගේ ඔලුව අතින් තදින් පහලට තල්ලු කළා. සම්පූර්ණයෙන්ම ඒක මගේ කට ඇතුලට තෙරපෙන හැටි තමලු බලාගෙන ඇති.

මං මලින්දගේ ඇඟ උඩ ඉඳගෙන එයාගෙ ශිෂ්නය මගේ යෝනි තොල් අතරින් හෙමින් හෙමින් ඇතුල් කරගත්තා. ඒත් තෙත්වෙලා තිබුනු තරමට ඒක ඕනවටත් වඩා වේගෙන් සම්පූර්ණයෙන් නොපෙනී ගියා. මං මලින්දට පිටිපස්ස හරවලා තමලුට ඉස්සරහින් පේන විදිහට රිද්මයානුකූලව උස්පහත් වුනා. පියයුරු නිරුවත්ව නිදහස්ව පැද්දුනා. මං ඉස්සරහ දෙවියන් වහන්සේ. මගේ පිටිපස්සෙ මලින්ද.
මං මලින්දව දෙවියන්ට පාවාදෙමින් හිටියා.

මගේ ඒ සීමාවක් නැති උන්මත්තක හැසිරීම මට මං ගැනම බයක් ඇති කළා. බිහිසුනු සුරතාන්තයකින් පස්සෙ ආපහු පියවියට ආපු මං කරපු දේ ගැන පසුතැවුනා.
කරන්න දෙයක් නෑ. කරලා තියෙන්නෙ මෝඩම වැඩක්.

මාව මගේ පාලනයෙන් තොරවුනු මොහොතක් නිසා මට ඒකෙ වගකීමක් ගන්න පුළුවන්කමකුත් නෑ.
තමලු එක්ක තියෙන මේ වර්චුවල් සම්බන්ධය නතර කරන්න මං හිතාගත්තා. මේ සම්බන්දෙ මට වගේම මගේ ළඟ ඉන්න මිනිස්සුන්ටත් හානිකර එකක්.
පහුවෙනිදා රෑ දහයට මං බලාගෙන හිටියා එයාගෙන් සමුගන්න.

තමලු කතා කළා. වෙනදට වඩා එයාගෙ කටහඬ අසහනකාරීයි. ඒ හඬ තරහකින් පිරිලා වගේ මට දැනුනා.
‘උඹ දන්නවද? උඹ මහ කැත ගෑනියෙක්. උඹ වගේ උන් ගැන රටටම කියන්න ඕන. මං උඹේ ඔක්කොම වීඩියෝ, උඹයි මිනිහයි ඉන්න වීඩියෝවත් එක්කම එලියට දානවා. ඊට කලින් පුළුවන් නම් ජීවිතේ නැති කරගනිං. නැත්තං මිනිස්සු උඹට ගල් ගහලා මරනවා. උඹ වේසියෙකුටත් වඩා අන්තයි’

මොකක්?
‘උඹට ඇහුනනෙ..’
ඒක ඇත්තක්ද නාට්‍යයක්ද කියල තේරුම් ගන්න මට ටිකක් වෙලා ගියා. මං හිනාවෙන්න උත්සාහ කළා. ඒත් එයා සීරියස්.

‘අදින් පස්සෙ උඹට මාව මුනගැහෙන්නෙ නෑ. හැබැයි උඹට උඹව මුනගැහෙයි. උඹ බලපං ඒ ගෑනිට උඹ කැමතිද කියල’

තමලු ලයින් එක කට් කළා. මුලින් තුෂ්නිම්භූත තත්පර කීපයක් ගතවුනා. ඊට පස්සෙ මගේ මුලු ඇඟම හීතල වෙන්න ගත්තා. කැමරාව පිටුපස හිටපු දෙවියන් විසින් මාව විනිශ්චය කරන්න පටන් අරන් තිබුන.
මට ඒක කියාගන්න කිසි කෙනෙක් හිටියෙ නෑ. මලින්ද වෙනදා වගේම සරලව සැපෙන් නිදාගෙන හිටියා. ඒත් මං හිටියෙ මෝචරියක අයිස් ලාච්චුවක තරම් සීතලක. මාව වෙව්ලන්න අරන් තිබුන.

තමලු එහෙම කිව්වෙ බොරුවට කියල හිතන්න උවමනාවට මං එයාට දිගටම ටෙක්ස්ට් කළා.
ඇයි මේ?
මොකක්ද වෙලා තියෙන්නෙ?
කතා කරන්න ප්ලීස්..
උත්තර නෑ. එහා පැත්තෙ කවුරුත් නෑ.

‘එයා හැමදෙයක්ම එලියට දායිද? ඒක තවත් එයාගෙ ෆැන්ටසියක් විතරද? හෙට ඉඳන් මං ලෝකෙට මුහුන දෙන්නෙ කොහොමද?’

ෆෙෘ්න් එකෙන් ෆෝන් එකට මගේ ක්ලිප් මාරු වෙමින් යනවා මට පෙනුනා. රටේම මිනිස්සු රට ඇතුලෙත් වෙන රටවල් ඇතුලෙත් ඉඳන් මගේ නිරුවතට මාස්ටර්බේට් කරනවා මට පෙනුනා.
මලින්ද??? ඒ මනුස්සයා මේක දරාගන්නෙ කොහොමද?

මං ඉවරයි කියල මට දැනුන. ඔව්, මං මැරෙන්නම ඕනි.
මට වීස් එක හැදුනා. හුස්ම ගන්න අමාරු වුනා. මං පපුව අල්ලගෙන ඇඳේ හාන්සි වුනා. මලින්දව ඇහැරවන්නෙ නැතුව. මේක හාර්ට් ඇටෑක් එකක් නම් හොඳයි. මං මෙහෙමම මැරෙයි.
ඒත් ඒ මරණය බාරගැනීමේ සිතුවිල්ල මාව සංසුන් කළා.

ඇස් වහගත්තම මගේ නිරුවත හැම ඔන්ලයින් සයිට් එකකම නිවි නිවි පත්තුවෙනවා මං දැක්කා.
‘උඹ මැරෙන්න ඕන’ තමලු කියනවා මට ඇහුනා.

මං ඇයි ඌ කියන දේ කරන්න ඕන?
මාව වෙනස් කලේ ඒ ප්‍රශ්නය වෙන්න ඕන.
මං පිරිමියෙක් නං කියල මට හිතුන. මට දැනෙන ලැජ්ජාව සහ බයට හේතුව මං ගැහැනියක් වීම වග මට පසක් වුනා.

රෑ දොලහ පහුවුනා. අමන්දා මැරිලා ඉපදුනා.

මං මගේ ඇඟ ගැන ලැජ්ජා වෙන්නෙ නෑ. මගේ ඇඟ ගැන මට ලැජ්ජාවක් ඇති කරන්න ඉඩ දෙන්නෙත් නෑ. ගැහැනියක් විදිහට මගේ වටිනාකම අනුන්ගේ සදාචාරයෙන් විනිශ්චය කරන්න මං ලෑස්ති නෑ.
මලින්ද මාව දාලා යයි. ඒත් ඇත්තටම මලින්ද මාව දාලා ගිහින් කොයිතරම් කල්ද?

මගේ ඇතුලෙ මං වෙනුවෙන් සටන් කරන ගැහැනියක් නැගිටිනවා මට දැනුන. ලැජ්ජාවේ අන්තිම පතුලෙදි ගැහැනියක් මැරිලා වඩා ශක්තිමත් ආත්මයක් ඇතුව ඉපදෙනවා කියල මට හිතුන.

මගේ ඇස්වලින් කඳුළු කඩාහැලුනා. ඒ මැරුනු මං ගැන දුකට වෙන්න ඇති. කොට්ටෙ පෙඟෙන කල් මං ඇඬුවා. ඒත් ඉකිගැහුවෙ නෑ. අඬන්න අඬන්න මං සැහැල්ලු වුනා. මළගෙයක් තරමට මං අඬන්න ඇති.
ඇස්වල කඳුළු හිඳුනට පස්සෙ මට සනීපෙට නින්ද ගියා. පහුවෙනිදා වෙනදා වගේම එලිවුනා. ෆෝන් ඔන් වුනා. අපි රස්සාවලට ගියා. මගේ නිරුවත විසින් රටම ආක්‍රමනය කරන කල් මං ඉවසිල්ලෙන් බලන් හිටියා.

තමලු මං ලෑස්තියි.
කෝ එයා තාම නෑ.

නිමි