දඹුල්ලේදී කාන්තා ඇඳුම් ඇඳගෙන රෑ පාරෙ හිටපු තරුණයෙක් පොලූවලින් පහර දීලා මරලා දාලා තියෙනවා කියල ප‍්‍රවෘත්තියක් පල වෙනවා. ඒ ප‍්‍රවෘත්තියෙම පොලිසිය විසින් මේ තරුණයා කීප වරක්ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා කියලත් සඳහන් වෙනවා. මේ ප‍්‍රවෘත්තිය මාධ්‍යවල පලවෙන්නෙ ට‍්‍රාන්ස්ජෙන්ඩර් කියන එක ගැනවත් කිසිම දැනීමකින් තොරවයි. තනිකරම බෝරිං සමාජ ජීවිතවලට බයිට් එකට තලූමරන්න දෙන නිව්ස් එකක් විදිහටයි.
පොලූවලින් මිනිහෙක්ව ගහලා මරනවා කියන එකේ බරපතලකම පවා ඒ කතාවෙ තරුණයා ට‍්‍රාන්ස්ජෙන්ඩර් වීම හරහා අවතක්සේරු කරනවා.
කොළඹ කේන්ද්‍රීය මධ්‍යම පාංතික කීප දෙනෙක් ඇරුනම ලංකාවෙ පොදු ට‍්‍රාන්ස්ජෙන්ඩර් කියන පිරිස මානව අයිතීන්වත් හිමි නැති පිරිසක් තරමට පීඩනයටත් නොතකා හැරීමටත් ලක්වෙනවා. පිරිමි විසින් තාප්පවලට හේත්තු කරගෙන කටට දෙන සහ ඊට පස්සෙ ගගහා එලවන පරිසරයක් ට‍්‍රාන්ස්ජෙන්ඩර් අයට බාරගන්න සිද්ද වෙනවා. ඒ අය වෙනුවෙන් සාධාරණය ඉටුකරන නීතියක් නෑ. ඒ අයව ළ`ගින් ඇසුරු කරන නිසාම ඒ මිනිස්සු තමන්ගේ ලිංගිකත්වය නිසා අත්විඳින තාඩන පීඩන මං දන්නවා. පවුලෙන් එලියට වැටෙන තැන ඉඳන් රස්සාවක් විතරක් නෙමෙයි ඉන්න හිටින්න තැනක්වත් හොයාගන්න බැරි තත්වයක් දක්වා ඒ අය අනාත වෙනවා.
ට‍්‍රාන්ස්ජෙන්ඩර් කියන එක මානව ගරුත්වයක් ඇතුව බාරගන්න අපේ හෙට්‍රො සොසයටිය පරිණත වෙලා නෑ විතරක් නෙමෙයි ඒ අය තමන්ගේ සාමාන්‍ය ජීවිතය විදිහට අත්විඳිමින් ඉන්න අසාධාරණය සහ පීඩාව ඇත්තක් විදිහට බාරගන්නත් මේ හෙට්‍රො උන් ලෑස්ති නෑ.
ඒ හින්දම මේ තරුණයාගෙ මරණය විහිළුවක් වෙනවා.
මේ මරණය සම්බන්ද ඇත්ත කතාව කියන එකම බොරුවක්. මාධ්‍යවල වාර්තා වුනෙම සහ මිනිස්සු විසින් රසවින්දෙම ඒ ඇත්ත කතාව නෙමෙයි. ඇත්ත කතාව ට‍්‍රාන්ස්ජෙන්ඩර් මිනිස්සු විඳින වේදනාව පිළිගන්න බහුතරය මගඅරින එකයි. මේක පුද්ගලික මරණයක් කියන එක ඇතුලෙන් තවමත් අපි හංගමින් ඉන්න ඇත්ත ඒකයි. පොලිසිය විසින් දිනපතා මේ අයට හිරිහැර සිද්ද වෙන වග පොලිසියම කියනවා. ඒත් අපිට ඒක ස්වභාවිකයි.
පිරිමි සමාජයේ රියැක්ෂන් එක ඉතා පැහැදිලියි. විනෝදවීම, මගහැරීම හෝ ඒක තරම් අවුලක් නෑ, නැත්තං උන්ගෙ ප‍්‍රශ්නයක් වෙන්න ඇති කියන මගහැරිම. උන්ගෙ ප‍්‍රශ්නයක් වෙන්න ඇති කියන එකම නිතර සුලූතර ප‍්‍රශ්නවලදි බලය හිමි බහුතරය පාවිච්චි කරන ලේසියක්. මේ වගේ සිද්දිවල පුද්ගලික ඇත්ත කතා නෑ.
සිද්දියක් මාධ්‍යවල වාර්තා වුන තැන ඉඳන් ඒක පුද්ගලික අවකාශයෙන් සමාජ අවකාශයට එනවා. එතකොට ඒ පුද්ගලික තැන සිද්ද වුන ඇත්ත නැත්තට වඩා අදාල වෙන්නෙ සමාජ අවකාශය තුල සිද්ද වුන ඇත්ත නැත්තයි. මාධ්‍ය සහ පිරිමි සමාජයේ අවිඥානය විසින් මේ ට‍්‍රාන්ස්ජෙන්ඩර් තරුණයාගේ මරණය හෑල්ලූ කරමින් හිටියා. නැත්තං නැවත නැවත මරාදමමින් තිබුන.
දෙමළ සමාජය මුහුණ දෙන ප‍්‍රශ්නවල වගකීම සිංහල බහුතර සමාජය විසින් බාරගන්න ඕන වගේම සුළුතර වෙනස් ලිංගික අනන්‍යතාවයන් හිමි පිරිස් මුහුණ දෙන තාඩන පීඩනවල වගකීම අධිපති හෙට්‍රො සමාජය විසින් බාරගන්න ඕන. දඹුල්ලෙදි කවුරු හරි කෙනෙක් පොල්ලක් උස්සලා ගහන එක පුද්ගලික කාරණයක් නෙමෙයි. ඒ පොල්ල උස්සන්න සමස්ත සංස්කෘතික සමාජ කතිකාවක්ම දායක වෙලා තියෙනවා. ඒ මරණය සමාජයට සහ මාධ්‍යයට විසිතුරු පුවතක් වෙන්නෙම ඒ හින්ද.
සුළුතරයකගේ අයිතියක් වෙනුවෙන් අධිපති සමාජ බලය අභියෝග කිරීමේ වැරැුද්දක් නෑ. කිසිම දවසක ඒ සුලූතරය වෙනුවෙන් ඇත්ත එලිවෙනවා කියල එකක් නෑ. මොකද ඒ අයට එලිකරන්න ඇත්තක් නෑ. ඇත්ත තියෙන්නෙ එලියෙ. ඒක අපි බාරගන්නෙ නැති එක විතරයි.
උදා විදිහට උතුරෙ දෙමල මනුස්සයෙක් දකුනෙ පාරක ගහලා මරලා දාලා තිබුනොත් මුලින්ම සිංහල සමාජයට ඇගිල්ල දික්කරන එක පසුතැවිලි වෙන්න කාරණයක් නෙමෙයි. මොකද අනිවාර්යෙන්ම ඒ මරණය සිදුකරන අන්තිම පොලූපාරට, ඒ අවසන් තීන්දුවට ඒ මනුස්සයා දෙමළවීම බලපානවා. ඒ වගෙම මේ තරුණයාට වැදුන අන්තිම පොලූපාරටත් එයා ට‍්‍රාන්ස්ජෙන්ඩර් වීම බලපානවා. ඒ අධිපති සමාජ කතිකාව උඩ හිටගෙන කරන රිපෝර්ට් කිරීමෙදි කවුරුන් හෝ එය අභියෝග කිරීම විසින් සුලූතර ප‍්‍රජාවට ඒ වෙලාවෙ අවශ්‍යම සමාජ ආරක්ෂාවක් යම්පමණකින් හරි ගොඩනැගෙනවා.
ඒ තරුණයා වෙනුවෙන් පිරිමි සමාජයට ඇගිල්ල දික්කරලා මතුකරපු විරෝදය හැමපැත්තකින්ම සාර්තක එකක්. ඒකෙන් ට‍්‍රාන්ස්ජෙන්ඩර් කියන එක ගැනම සමාජයේ ලොකු කතිකාවක් මතුවුනා. ඒ අයගෙ අයිතිවාසිකම් ගැන කතා වුනා. ට‍්‍රාන්ස්ජෙන්ඩර් කතාව අමතක කරලා මිනිහෙක් විදිහට අපි දුක්වෙමු කියන තැනටවත් බහුතරයකට එන්න පීඩනයක් හැදුනා. මාධ්‍යවල හැසිරීම විවේචනය වුනා. අර තරුණයාගේ මරණයට ගරුත්වයක් වටිනාකමක් ලැබුන.
දැන් ඒ මරණය පිටිපස්සෙ තියෙන ඇත්ත කතාව කියල කම්කරු තරුණයෙක් සහ රුපියල් 35000ක් ඇවිත් තියෙනවා. තවත් පැත්තකින් ඒ අයගෙම කල්ට් දෙකක් විසින් නගරයේ කරපු මරාගැනීමක් කියල කතාවකුත් ඇවිත් තියෙනවා. සිංහල බෞද්ද පිරිමින්ට විරුද්දව අදහස් පලකරපු මං වගේ අයව පෝලිමේ ගන්න පටන් අරන් තියෙනවා.
ට‍්‍රාන්ස්ජෙන්ඩර් තරුණයෙකුට අත්වෙච්ච ඉරණමක් ගැන ඇත්ත හොයන්න හෙට්‍රො පොලිසියකට කවදාවත් බෑ. ඒ ඇත්ත බාරගන්න අපේ වගේ හෙට්‍රො සමාජයකට පුළුවන්කමකුත් නෑ. ඒ හින්ද අපි දරාගන්න පුළුවන් විදිහෙ ඇත්තක් නිර්මාණය කරලා බාරගන්නවා.
ඒක පුද්ගලික ප‍්‍රශ්නයක්.
ඒක තමයි ලේසිම විදිහ. ඒත් ප‍්‍රශ්න කවදාවත් පුද්ගලික නෑ. හැම ප‍්‍රශ්නයක්ම සමාජ ප‍්‍රශ්නයක්. අධිපති කතිකාව (පොලිසිය) විසින් අදාල නොවේ කියල බැහැර කරන දේම තමයි අදාල කාරණා තියෙන්නෙ.
අපි හැමෝම අමතක කරන කාරණයක් තමයි දඹුල්ලෙදි ගහලා මැරුවෙ තරුණයෙක් නෙමෙයි කියන එක. මේ මරණය තරුණයෙක්ගෙ කියන එකමත් ඒ ලිංගික ප‍්‍රකාශනය නොතකා බැහැර කිරීමක්. දඹුල්ලෙදි ගහලා මැරුවෙ තරුණියක්. මරා දැමුනු තරුණියක් ගැන පොලිසියටවත් සමාජයටවත් වාර්තා වෙලා නෑ. ඇයට පැවැත්මක් නෑ.
ඒ නිසා ප‍්‍රවෘත්ති වැරදුනා කියලා මාව ජෝක් කර සන්තෝස වෙන නෝනාවරු මහත්තුරුන්ට කියන්න තියෙන්නෙ තව හයියෙන් හිනාවෙන්න. ඒක හොඳ ව්‍යායාමයක්. මොකද ඒ ගිල්ටිය නැත්තං ඔයාලව ලෙඩ කරන්න ඉඩ තියෙනවා. තාමත් මේ කිසිම කෙනෙක් නැවත නැවත කියවෙන පොලිසියෙ අඩන්තේට්ටම් ගැන වචනයක කතාවක් නෑ. ඒ පොලිසිය විසින්ම මේ සිද්දයෙ ඇත්ත කතාවක් කියනකල් හැමෝම කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවා.
(සංස්කෘතික) පොලිසිය පැත්තෙ හිටගෙන මං වැරදියි කියල ඔප්පු කරන්න හදන හැම කමෙන්ටුවක්ම නැවත නැවතත් ඔප්පු කරන්නෙ උද්දච්ඡු පීඩක පිරිමිකමමයි. වෙන විදිහකට කිව්වොත් මේ මරණය ගැන මං දරන අදහස සමාජීයව කොයිතරම් නිවැරදිද කියන එකයි.
– චින්තන ධර්මදාස