පැරා ලියන ගොඩක් දේවල්වලට මං එකගයි. ලංකාවෙ වමේ විද්වත් බහුතරයකට නැති විදිහෙ විවෘත දැක්මක් පැරාට ගොඩක් දේශපාලන කාරණා ගැන තියෙනවා. ඒත් සමහර සංස්කෘතික, මාධ්‍ය භාවිතා ගැන පැරා සදාචාර විනිශ්චයකට යන බවක් පේනවා. ඒක මං හිතන්නෙ සමාජීයව නරක ප‍්‍රතිඵල ඇතිකරන්න පුළුවන් භාවිතාවක්.
මොකද සදාචාරය කියන එක පුද්ගලයා අනුවත් කාලය අනුවත් අතිශයින්ම සාපේක්ෂයි. හැමතිස්සෙම මේ සදාචාර සීමාවන් හිතුවක්කාර විදිහට තරණය කරන අපරාධකාරයින් තමයි ඊළ`ග මොහොතේ සමාජය වඩා පරිණත සහ විවෘත කරන්නෙ.
මං මේ කියන්නෙ පැරා ඉරාජ්ගෙ ක්ලියොපැට්රා ගැන ලියපු ලිපිය පදනම් කරගෙන. ඊට කලින් දරුවන් වෙනුවෙන් යම් යම් නාලිකා බ්ලොක් කිරීමක් ගැනත් පැරා ලියලා තිබුන. මං ඒකට එක`ග නැති වුනත් ඒක තම තමන්ගෙ පුද්ගලික කැමැත්ත. ඒත් ක්ලියොපැට්රා ගැන ලියමනේදි පැරා සමාජයට කියනවා ඉරාජ් විසින් වපුරන ස්ත‍්‍රී පීඩකත්වය, ප‍්‍රචණ්ඩත්වය වගේ කරුණු අරඹයා මැදිහත් වෙන්න කියල. වෙන විදිහකට කිව්වොත් මට ඒ ලියමන ඇතුලෙ දැනෙනවා වාරණයක් ඉල්ලා සිටීමක් වගේ දෙයක්. සමහර විට මං වැරදි වෙන්න පුළුවන්.
මං දකින විදිහට චිත‍්‍රපටියක්, සිංදුවක්, කවියක්, චිත‍්‍රයක් කියන ඕනම දෙයක් ෆැන්ටසියක්. නිශ්චිතව යතාර්ථය එක්ක ගැටගැහීමක් යෝජනා නොකරන ඕනම ආර්ට් එකක් හදන්නෙ ෆැන්ටසි අවකාශයක්. පෝර්න් කියන්නෙ ෆැන්ටසියක්. ඒත් සමහර ස්නෆ් පෝර්න් එනවා ඒ වෙනුවෙන් ඇත්තටම තව ජීවිතයක් මත ප‍්‍රචන්ඩත්වය මුදාහරින. අන්න ඒ වගේ තැනකදි ඒ නීතිය හෝ සමාජය හෝ පුද්ගල ආරක්ෂාව වෙනුවෙන් බලය පාවිච්චි කිරීම අවුලක් නෙමෙයි. ඒත් ඒ සම්බන්ධ කෘතියට විරුද්දව බලය පාවිච්චි කරනවා කියන්නෙ ප‍්‍රකාශනයේ නිදහස ගැන ප‍්‍රශ්නයක් වෙනවා. උදා විදිහට සයිබීරියන් ෆිල්ම් කියන චිත‍්‍රපටිය ආර්ට්පීස් එකක් වෙන්නෙ ඒ හින්ද. මොනම හේතුවක් හින්දවත් ප‍්‍රකාශනයේ නිදහස වාරණය වෙනවා කියන්නෙ ඒක අපි අපිවම සීමාකර ගැනීමක්.
ඉරාජ් කරන්නෙ මොනවා හරි විකුණලා සල්ලි හම්බුකරන්න ට‍්‍රයි කරන එක. සිංදුවක් මියුසික්වලින් හෝ ලිරික්ස්වලින් හිට් කරගන්න බැරි තැනදි එයා කරන්නෙ රෙදි ගලවන එක. මට ඉරාජ් තමන්ගෙ වැඬේ කරන අරමුණ අදාල වෙන්නෙ නෑ. මට අදාල වෙන්නෙ ඒ වැඩෙන් මාව යම් කම්පනයකට, තල්ලූ කිරීමකට ලක්කරනවද කියන එක විතරයි. මං ඒක දිහා බලන්නෙ ඉරාජ්ව ඉරේස් කරලා. මට හිතෙන විදිහට චේතනාහං භික්කවේ කම්මං වදාමි කියන එක ආර්ට්වලට අදාල නෑ.
ඉරාජ් කරන්නෙ පොප් වැඩක්. එතනදි සෙක්ස් වගේම ධම්මපදයත් එයා එක විදිහට පාවිච්චි කරනවා. රෙදි ගලවනවා වගේම සිවුරු අන්දනවා. මං හරි කැමති දෙයක් තමයි සදාචාරයයි අපචාරයයි කියන දෙකම එයා එක වැඩක් ඇතුලෙ විකුනන එක. ඒක මං හිතන්නෙ ලංකාවෙ ආර්ට්වල හරි ඉන්ටරෙස්ටින්ග් තැනක්.
විශේෂ කාරණයක් වෙන්නෙ ඉරාජ්ගෙ ක්ලියොපැට්රා වලට විරුද්ද වෙන්නෙත් සාමාන්‍ය සිංහල බෞද්ද ජනතාව නෙමෙයි. ගොඩක් විකල්ප අයගෙනුයි වැඩියෙන් බැනුම් අහන්නෙ. සදාචාරය වෙනුවෙන් රෙදි උස්සන් එන්න ඕන බෞද්ද බහුතරය වෙනුවට යම් විකල්ප කියවීමක් තියෙන අය ප‍්‍රකාශනයක සදාචාරය වෙනුවෙන් මැදිහත් වෙන එකම ටිකක් අමුතුයි. සමහර විට මේ විරෝදය එන්නෙ ඉරාජ්ගෙ අමු විකිනිල්ල එක්ක තියෙන අප‍්‍රසාදය නිසාම වෙන්නත් පුළුවන්. ඒත් ලෝකෙ ගොඩක් විශිෂ්ට දේවල් නිර්මාණය වෙලා තියෙනවා සල්ලි හොයන පරමාර්ථය නිසාම. දොස්තයෙව්ස්කි පවා පොත් ලිව්වා සූදු කෙලින්න සල්ලි හොයාගන්න.
ඉරාජ්ගෙ ක්ලියොපැට්රා විෂුවල් වැඬේට මං කැමතියි. ඒකෙන් ඊජිප්තු ක්ලියොපැට්රා වෙනුවට මට ඇහෙන්නෙ ක්ලියොපැට්රා නයිට් ක්ලබ් එකේ නම. නයිට් ක්ලබ් එකක ආශාවන් වෙනුවෙන් වැයවෙමින් මුදල් උපයන ගැහැණියක් මුහුණ දෙන ඛේදවාචකයක් තමයි ක්ලියොපැට්රා කියන්නෙ.
නයිට්ක්ලබ් එකේ දකින ඒ ගැහැණිය ඇඳේදි මේ වගේ ඇති කියල මවාගන්න සල්ලාලයෙක් ඉන්නවා. ඒ සල්ලාලයා විදිහට තෝරගෙන තියෙන මූණට මං ගොඩක් කැමතියි. අනංමනං වැඩිය කියන්න ඕන නෑ, ඒ මූනෙම තියෙනවා පාපය.
සරාගී විදිහට රාත‍්‍රියේ මුනගැහෙන ගැහැණුන් ගැන අවලං හීන දකින එක ලංකාවෙ සාමාන්‍යයක්. කොට ගවුමක් වුනත් ඇති ගැහැණියක් ගණිකාවක් කරන්න. ඒක සල්ලාල අපරාධකාරයන්ට වගේම පොලිස්කාරයන්ටත් පොදුයි. ක්ලබ් එකේ රාගී දෑසින් දකින, දුවෙක් එක්ක තනිව ජීවිත අරගලයක යෙදෙන මේ ගැහැණිය, බීඞීඑස්එම් වස්තුවක් විදිහට සළෙල මනසක පරිකල්පනය වෙනවා.
ෆැන්ටසිය සහ යතාර්ථය අතර බෙදීමක් නොදන්නා මේ නොදියුණු පිරිමියා බලහත්කාරයෙන් තමන්ගේ ෆැන්ටසිය මේ ගැහැණිය ලවා නිමවාගන්න හදනවා. ඒ උත්සාහය අවසන් වෙන්නෙ ඝාතනයකින්. ඒක වටේ යුක්තිය ඉටුවීම, හොල්මන් සහ අද්බූත ජවනිකා වගේ කීපයකුත් තියෙනවා. බීඞීඑස්එම් ෆැන්ටසියක් ලංකාවෙ සාමාන්‍ය ගැහැණියකගෙන් ඉටුකරගන්න ගිහින් ඒක මිනීමැරුමක් දක්වා යන එක මරු තේමාවක්. ඒ කතාව ඉරාජ් හදන්නෙ කොටස් දෙකකට. එකක් මේ ගැහැණිය ශෘංගාරකරණයෙන් අපේ ආශාව පුබුදු කරන කොටස. අනෙක යුක්තිය ඉටුවීම හරහා අපරාධකාරයාට ද`ඩුවම් ලැබෙන කොටස. මං කලින් කිව්වා වගේම මේ දෙකම එකම ආශා වේදිකාවක ක්ලියොපැට්රා ඇතුලෙ විකුණනවා.
ඇත්තටම ගත්තොත් ලංකාවෙ ශෘංගාරය යම් මට්ටමකින්, ලස්සන විදිහකට සමාජගත කිරීම සිද්ද වුනේ සිනමාවෙන් නෙමෙයි, ඉරාජ්ගෙ මියුසික් වීඩියෝ වලින්. වෙන රටවල නිෂ්පාදිත අනුරාගී සිහින පාට පාටින් ලාංකේයකරණය කරන්න ඉරාජ්ට පුළුවන් වුනා. ඒවා නිසා ලංකාවෙ ශෘංගාර විෂුවල් කලාපය හොඳ විදිහකට වර්ධනය වුනා. (නැත්තං අපිට තිබුනෙ ඇගේ වෛරය ගනයෙ ශෘංගාර කලාවක්)
ප‍්‍රචණ්ඩත්වය ෆැන්ටසියක රසවිඳින්න මං කැමතියි. ඒක හින්දම රාම් ගෝපාල් වර්මාට මං ගොඩක් කැමතියි. හොලිවුඞ් ෆිල්ම් එකකටවත් බෑ රාම් ගෝපාල් වර්මාගෙ වයලන්ස් ෆැන්ටසියක චමත්කාරය මවන්න. ඉරාජ් ක්ලියොපැට්රා එක්ක සමහර තැන් ආර්ජීවීට ගොඩක් කිට්ටු තරමට නිර්මාණය කරලා තියෙනවා. ඒක ඇචීව්මන්ට් එකක්.
සදාචාරය වෙනුවෙන් ෆැන්ටසි සීමා කරන්න ඕන නෑ. ෆැන්ටසියක් මාර වෙන්න පුළුවන්, බාල වෙන්න පුළුවන්. ඒත් හැම ෆැන්ටසියකටම අනෙකාට හිංසාවක් නැතුව ප‍්‍රකාශමාන වෙන්න නිදහස තියෙන්න ඕන. මිනිස්සුන්ට පුළුවන් අකමැති නම් නොබලා ඉන්න. බලලා බනින්න. පොඩි උන්ට නොපෙන්නා ඉන්න. ඒත් කිසිම ෆැන්ටසියක් සදාචාර විනිශ්චයකට ලක්වෙලා වාරණයට හෝ තහනමට ලක්වීම නොවිය යුතු දෙයක්.