මං පටන් ගන්නවා ලියන්න. ලියන්න පටන් ගන්න කලින් මගේ ඔලූවෙ පිලිවෙලට සංවිධානය වෙලා තියෙනවා අදහස් පෙලක්. කොකා කෝලා- සන්නස්ගල සහ ජවිපෙ. ඒත් ඒක ලියන්න කලින් හදිස්සියෙම කිසිම තේරුමකට නැතුව මට මතක් වෙනවා ඇල්කෙමිස්ට් පොත. පොතේ කතාව නෙමෙයි. ඊට කලින් තියෙන ප්‍රෝලොග් එක. මං හිතන්නෙ කොයෙලො ගෙ මේ පොත ගොඩක් දෙනෙක් කියවලත් ඇති. පරිවර්තනය වෙලත් ඇති. ඒත් මට ඒක නොලියා බෑ.
”ඇල්කෙමිස්ට් පොතක් අහුලගත්තා කැරවන් එකේ ඉන්න වෙන කවුරු කෙනෙක් ගෙනාපු. ඒක පෙරලගෙන යද්දි එයාට මුණගැහුනා නාසිසස්ගේ කතාව.
ඇල්කෙමිස්ට් දන්නවා නාසිසස් පුරාවෘත්තය. නදියක් අයිනෙ දණ ගහගෙන තමන්ගෙම රූපය දිහා ඇස් දල්වාගෙන බලා හිටපු තරුණයා. එයා එයාගෙම රූපයට කොයිතරම් වශී වෙලා හිටියද කිව්වොත් පස්සෙ එක උදෑසනක එයා මේ නදියට වැටිලා මැරෙනවා. නදියෙ එයා වැටිච්ච තැනින් මලක් පිපෙනවා. ඒ මලට කියන්නෙ නාසිසස්.
ඒත් මේ පොතේ කතාකරුවා කතාව ඉවර කරන්නෙ එහෙම නෙමෙයි.
එයා කියනවා, නාසිසස් මැරුණට පස්සෙ මේ වනාන්තරයට අදිපති දේවතාවන් මේ නදිය හොයාගෙන ආවලූ. එතකොට ඒ ගොල්ලො දකිනවා සීතල වතුරෙන් පිරිලා තිබ්බ ඒ නදියම ලූණු රස කඳුළු නදියක් බවට පෙරලිලා.
‘ඇයි ඔයා අඩන්නෙ?’ දේවතාවො නදියෙන් අහනවා.
ඩන්නෙ නාසිසස් හින්ද…’ නදිය උත්තර දෙනවා.
‘මම අ
‘ආ.. ඒක පුදුමයක් නෙමෙයි. අපි කැලේදි කොයිතරම් නම් එයාගෙ පස්සෙන් ආවත් ඔයාටනෙ ගොඩක්ම ළංවෙලා එයාගෙ ලස්සන දකින්න පුළුවන් වෙන්නෙ…’ දේවතාවො නදිය අස්වසනවා.
‘ඒත්… නාසිසස් ලස්සනද?’ නදිය පෙරලා අහනවා.
‘ඔයා තරම් වෙන කවුද ඒක දන්නෙ?’ දේවතාවො පුදුම වෙනවා.
‘එයා ඔයාගෙ ඉවුරෙ ඉඳගෙනයි එයාගෙ රූපය දිහා බලාගෙන භාවනා කළේ?’
නදිය මොහොතකට නිශ්ශබ්ද වුණා. පස්සෙ එයා කතා කළා.
‘මං නාසිසස් හින්ද වැළපෙනවා තමයි. ඒත් මං කවදාවත් දැකලා තිබුනෙ නෑ නාසිස්ස් ලස්සනයි කියල. මං වැලපෙන්නෙ, නාසිස්ස් එහෙම දණගහගෙන හිටපු හැම වතාවකම එයාගෙ ඇස් ඇතුලෙ මං දැකපු මගේ ලස්සන මට ආපහු දකින්න වෙන්නෙ නැති හින්ද….’
කොයිතරම් ලස්සන කතාවක්ද? ඇල්කෙමිස්ට්ට හිතුණ.”
නාසිසිසම් ඇතුලෙ අනෙකාට වෙන දේ ගැන හරිම විටී ට්විස්ට් එකක් කොයෙලො ගෙ මේ කෙටි කතාව ඇතුලෙ තියෙනවා. ඒක හරියටම කියන්න බෑ මෙන්න මේකයි, මෙච්චරයි කියල. ඒත් ලොකු වපසරියක අවබෝධයක් එකපාර දෙන සෙන් කතාවක් වගේ ගතියක් ඒකෙ තියෙනවා.
මේ දවස්වල ලංකාවෙ දරුණුවට ඇවිලෙනවා කොකාකෝලා විරෝධයක්. ඒකට හේතුව වුනේ කොකාකෝලා කොම්පැණිය තමන්ගේ නළ කාන්දුවකින් සිදුවුනා යැයි කියන විදිහට ඞීසල් කැලණි ග`ගට මුදා හැරීම. ඒ හේතුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඒ කොම්පැනියෙ පරිසර බලපත‍්‍රය අහෝසි කරනවා.
ඒක සිදුවිය යුතු දෙයක්. කොම්පැණිය එක්ක ඞීල් එකක් දාලා වැඬේ යටගහන්න තිබුණු අවුරුදු දහයක පුරුද්ද අවසන් කරමින් මේ වගේ ක‍්‍රියාමාර්ගයක් ගැනීම ගැන පරිසර අධිකාරිය පැසසිය යුතුයි. ඒ වගේම මේ විදිහෙ වගකීම් රහිත ක‍්‍රියා සිදු කිරීම වෙනුවෙන් ලංකාවෙ කොකා කෝලා කොම්පැණියට සමාජ විරෝධය එල්ල වීමත් අනිවාර්යෙන් අවශ්‍ය ප‍්‍රතිචාරයක්. මාධ්‍ය වලින් කොයිතරම් කරුණු වසන් කරන්න උත්සාහ කළත් ෆේස් බුක් සහ සමාජ ජාල වෙබ් අඩවි හරහා විවිධ තරාතිරම් වල අය තමන්ගේ විරෝධය පෙලගැස්වීමත් දියුණු තත්වයක්.
ඒත් ඊට පස්සෙ මේක ටික ටික පරණ ගුහාවාසී චින්තනය පැත්තට යන්න ගන්නවා. කොකා කෝලා ඞීසල් කාන්දුවට එරෙහිව කොකා කෝලා තහනම් කරන්න වගේ ජෝක් වල ඉඳන් බහුජාතික සමාගම් විරෝධය වගේ පරණ අදහස් කඩමාලූ ඔක්කොම මේක වටේ එතෙනවා.
කොකා කෝලා කියන්නෙ ලංකාවෙ එක පරම්පරාවකට බීමක් විතරක් නෙමෙයි. ඒක ලයිෆ් ස්ටයිල් එකක්. සංස්කෘතියක්. මාත් අයිති වෙන්නෙ ඒ පරම්පරාවට. අලූත් විදිහක විනෝදයක්, අලූත් විදිහක තාරුණ්‍යයක්, අලූත් විදිහක අදහස් පරපුරක් කොකා කෝලා හරහා බිහිවුණා. ඒ ඇඞ්වර්ටයිසින් වලින් අලූත් ජීවිත නිර්මාණය වුණා. මට කොකා කෝලා කියන්නෙ මගේ මානසික අවශ්‍යතාවයක්. ඒක දෙවෙනි වෙන්නෙ වතුරට විතරයි.
සියලූ ප‍්‍රචාරණ දැන්වීම් වල සහ ඒ අඳුරු රතු ගුප්ත මේ ලෝකෙ නැති වෙනස්ම රස එකතු වෙලා මට ඕනම වෙලාවක කික් එකක් දෙනවා. ඒ සංස්කෘතික නිෂ්පාදනයට විරුද්දව මේ කියන වාරණ තහනම් හු`ගක් ගොඬේ දේවල්.
කොකා කෝලා වගේ බහුජාතික සමාගමක පරිසර ප‍්‍රතිපත්තිය වුණත් අපි හිතනවට වඩා ගොඩක් දියුණු එකක්. ලෝකෙ විවිධ තැන් වල විවිධ අවස්ථා වල මේ කාරණා කඩවීම් වෙන්න පුළුවන්. ඒකට බලපාන්නෙ මේ පාර ජාතික සංස්කෘතියට වඩා ඒ රටවල සංස්කෘතිය. බහුජාතික සමාගමක් තරගකාරීත්වය සහ ජනතා ප‍්‍රතිවිරෝධයන් එක්ක වඩ වඩාත් ප‍්‍රගතිශීලී කාරණා වලට තල්ලූ කරනවා. ඒක තමයි ධනවාදයේ ක‍්‍රමය වෙන්නෙ. ඒක නිසා ඒ වගේ සමාගමක් විසින් කරන අකටයුතු තැන් වලදී තියුණු විදිහෙ චෝදනා එල්ල කිරීමක් සහ ප‍්‍රතිවිරෝධයක් අත්‍යාවශ්‍යයි. එතකොට තමයි අපිත් යම් සබුද්ධික සිවිල් සංවිධානගත වීමක් සහිත සමාජයක් විදිහට එලියට පේන්නෙ. ඒත් ඒක කොකා කෝලා පරිපාලනයට මිස කෝකා කෝලා වලට විරුද්ද එකක් නොවිය යුතුයි කියන එකයි මගේ අදහස.
මේ වෙද්දි කොකා කෝලා වලින් සිදුවන සෞඛ්‍ය හානි වගේ දේවල් ගැන ලීෆ්ලට් පවා බෙදනවා. එතකොට මේ ශරීර සෞඛ්‍යය වෙනුවෙන් අපි කොකා කෝලා පිටුදැකිය යුතුද? මේක හරියටම පිළිකාව නිසා දුම්බීම අත්හරින්න කියල කරන නොදියුණු යෝජනාවමයි. හැම දියුණු සංස්කෘතික නිෂ්පාදනයකටම එරෙහිවම මේ වාමාංශික ප‍්‍රතිගාමී විරෝධයන් පැණ නගිනවා. ඒකට හේතුව ඒ අධිනිශ්චය වෙලා තියෙන සෞඛ්‍ය හෝ වෙනයම් සීමාවන් ඇතුලෙ කිසි අලූත් දෙයක් නිෂ්පාදනය කරන්න බැරි එක අනිවාර්යක් නිසා. ඒ සීමාවන් ඇතුලෙ පුළුවන් ආපහු අතීතෙට යන්න විතරයි. කොළ කැඳ, රණවරා බොන්න විතරයි. කරුණාකර සෞඛ්‍ය මහත්වරුන් තමන්ගේ රාජකාරිය කරන්න. පරිණාමය වෙන ආශා අවශ්‍යතා අනුව මිනිස් ශරීරය හැඩගැස්වීමේ ක‍්‍රම හොයාගන්න. වාරණය තමන්ගෙ භාවිතාව කරගන්නවට වඩා අභියෝගය බාරගන්න.
හොඳට කල්පනා කරලා බැලූවොත් මිනිස්සු කියන්නෙ කවදාවත් පරිසරය ආරක්‍ෂා කරපු ජීවීන් කොටසක් නෙමෙයි. හැම මිනිස් දියුණුවක්ම සටහන් වෙන්නෙ පරිසරයට එරෙහි පියවරක් එක්ක. අපිට කොහෙත්ම අපේ පරිිසරය සහගෝගී හෝ අනුකූලතාවයක් දැක්වූයේ නෑ. අපි පරිසරය විනාශ කරමින් ආයුධ හැදුවා, ගෙවල් හැදුවා, නගර හැදුවා, ආශාවන් හැදුවා. එතකොට පරිසරය විසින් නැවත අපිට ලෙඩ හැදුවා, ආපදා හැදුවා, විනාශ හැදුවා. ඒත් අපිට හැමදාම හොයන්න වෙන්නෙ එතනින් එහාට කොහොමද මේ පරිසරයේ සීමාවන් පාලනය කරගන්නෙ කියන එක මිස නැවත කැලේට යන ප‍්‍රතිපදාව නෙමෙයි.
වනාන්තර අඩුවීම අපිට ප‍්‍රශ්නයක් නම් අපිට සිද්ද වෙනවා අපිට අවශ්‍ය විදිහට වනාන්තර වවා ගන්න. සත්තු අඩුවීම අපිට ප‍්‍රශ්නයක් නම් අපිට සිද්ද වෙනවා අපිට ඕන විදිහට අභිජනනය කරමින් සත්තු හදාගන්න. අපේ පරිසරය අපි විසින් නිර්මාණය කර ගන්නවා. ඒක තවදුරටත් පරණ ස්වභාවික පරිසරය නෙමෙයි. මිනිසා යනු ස්වභාවික ජීවියෙක් නෙමෙයි කියන අපි නිතර අමතක කරනවා. හැමතිස්සෙම පරණ කැලෑව මතක් කරනවා. ලංකාව වගේ ළතැවෙන රටවල මේ ප‍්‍රවණතාවය වැඩියි.
කොකා කෝලා විරෝධය හරහා මට පේන පැති මේවා. මගේ යෝජනාව නම් ලංකාවෙ කොකා කෝලා කොම්පැණිය වහලා දාන්න කියන එකයි. කොකා කෝලා වගේ දියුණු සංස්කෘතික පානයක් පරිපාලනය කරන්න ලංකාවෙ ගෝතයන්ට අමාරුයි. ඒකෙන් වෙන්නෙ ඒ බීමෙ ඇත්ත කොලිටි එකත් පිරිහෙන එකයි. උදාහරණයක් විදිහට කොකා කෝලා සහ කැළණි ග`ග කියන මුහුවීමම සංකල්පමය අතින් ලොකු හානියක්. කොකා කෝලා වලට ඒක ගැන වඩාත් හිතන්න වෙන්නෙ ඒක බීමකට වඩා මේ සංකල්පමය ප‍්‍රාග්ධනය උඩ යැපෙන හින්ද. අපි කොකා කෝලා ආනයනය කරමු කියන එකයි මගේ යෝජනාව. එතකොට සමහර විට මිළ වැඩිවෙයි. ඒත් රස හොඳ වෙයි. ඇත්තටම උවමනාවක් නැතුව විරුද්ද වෙවී කොකා කෝලා බොන අය ඒක අත්අරීවී. නැතුවම බැරුව ආශාවක් මානසික අවශ්‍යතාවයක් විදිහට කොකා කෝලා බොන අය විතරක් ඒක බොයි.
සන්නස්ගල සහ ජවිපෙ ගැන කතාව ලියන්න මේ ඉතුරු ඉඩ මදි. ඒක ආපහු හිතුණොත් බලමු.
චින්තන ධර්මදාස