ලංකාවෙ දොස්තරලා කංසා නීතිගත කිරීමට විරුද්ධයි. ඒ කිසිම තමන් විසින් කළ පිළිගත හැකි අන්දමේ පර්යේෂණවලින් එළඹුනු නිගමන මත නෙමෙයි. ගතානුගතික පිළිගැනීම මත පිහිටා කරන නිකංම බාරගැනීමක් සහ වෙනත් රටවල ප්‍රධාන ධාරාවෙ ඇතැම් පර්යේෂණ විශ්ලේෂණයකින් තොරව ගුරු කොට ගැනීමක් තමයි එතන දකින්න තියෙන්නෙ. ඕනෑම විෂයක් පිළිබඳව තමන් එල්බගත් මතයෙන් බැහැරව විකල්ප මතිමතාන්තර ගැන මැදිහත් අධ්‍යනයක් ලංකාව වගේ රටක වෛද ්‍ය වෘත්තිකයන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ විෂය ධාරාව සකස්වෙලා තියෙන්නෙම දැඩි ආධිපත්‍යයික ආගමික මුහුනුවරකින්.

විශේෂයෙන්ම ලක්ෂ ගානක් විසින් පාවිච්චි කරන මත්ද්‍රව්‍යයක් ගැන රෝහලකට එන සිය ගානක් එය හානිකර තරමින් භාවිතා කළවුන්ගෙ දත්ත පාදක කරගෙන කරන  ප්‍රතිකාශ අවිද්‍යාත්මක වෙනවා. ඒ වගේම ලක්ෂ ගානකට ආර්ථික, ආධ්‍යාත්මික සහ සෞඛ්‍යමය ප්‍රතිලාභ ලැබෙන දෙයක් රෝහල්ගත සුලූතරයකගේ අනිසි භාවිතය මත තහනම් කරන්න කියල ඉල්ලන එක පරිණත අදහසක් නෙමෙයි.

ඕනම ඩ‍්‍රග් එකක් තහනම් කරද්දි සිද්ද වෙන දේවල් දෙකක් තියෙනවා. එක්ක අලූත් අපරාධකාරයන් පිරිසක් බිහිකරන එක. ඒ හරහා නව පාතාලයක් වගේම පාවිච්චි කිරීම නිසා සිරගත වෙන, ජීවිත විනාශවෙන පිරිසක් නිර්මාණය කරනවා. අනෙක ඒ රසායනිකය ගැන පර්යේෂණ පක්ෂග‍්‍රාහී වෙන එක. ඒකෙන් සියලූ පර්යේෂණ සීමා වෙනවා. අධිකාරීන්ට යටත් වෙනවා. ඒ රසායනිකය ගැන වැදගත් මැදිහත් දැනුමක් ලබාගැනීමේ විද්‍යාත්මක අවකාශය ඉවර වෙනවා.

වෛද්‍ය සංජේ ගුප්තා ඇමරිකානු ස්නායු වෛද්‍යවරයෙක්. සීඑන්එන් ප්‍රධාන වෛද්‍ය වාර්තාකරු විදිහටත් සේවය කරනවා. ජෝර්ජියාවෙ ග‍්‍රැඩි අනුස්මරණ රෝහලේ සහකාර ප්‍රධාන ස්නායු වෛද්‍යරයා වෙන්නෙත් ගුප්තා. ඒ වගේම ඉමොරි වෛද්‍ය විද්‍යාලයේ ස්නායුවේදය ගැන ආචාර්යවරෙයක්.

එයා කංසා ගැන නිදහස් පර්යේෂණයක්, දැනට සොයාගෙන ඇති දත්ත ගවේෂණයක් වගේම ඒ දත්ත පිටුපස පවතින සමාජ දේශපාලන තත්වයන් පිළිබඳ පිරික්සීමක් කරනවා. මේ ගුප්තා විසින් 2013දි ලියපු ලිපියක්. අද වන විට ඇතැම් කරුණු වෙනස් වෙලා තිබුණත් තහනමක් ගැන නිදහස් වෛද්‍යවරයෙකුගෙ විද්‍යාත්මක සොයාබැලීමක් මෙතන සටහන් වෙනවා.

අන්තිම අවුරුද්දෙ මං වීඞ්- නැත්තං කංසා කියල අලූත් ඩොකියුමෙන්ටි‍්‍රයක වැඩ කරමින් හිටියා. ඒ නම ඇහුන ගමන් ඒක ගැන එන්න පුළුවන් සරලමතික අදහසට වඩා ඇත්තට ඒකෙ කන්ටෙන්ට් එක වෙනස්.

 

ඉතාම වැරදි සහගත විදිහට මං විශ්වාස කළා මත්ද්‍රව්‍ය මර්දන ආයතනය විසින් කංසා පළමු කාන්ඩයේ මත්ද්‍රව්‍යයක් ලෙස නම් කරන්න ඇත්තේ විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වෙලා කියල. මොකක් හරි ඒ අයට දැඩිව පිලිගත හැකි තර්කයක් තියෙන්න ඕන කංසා ඉතාම අන්තරායකාරී, කිසිම වෛද්‍යමය අගයක් නැති, අපහරණයට සහ ඇබ්බැහියට පොළඹවන මත්ද්‍රව්‍යයන් සමග එක පෙලේ තියන්න. ඒත් අවාසනාවට ඒ අයට ඒ වෙනුවෙන් කිසිම විද්‍යාත්මක පදනමක් තිබුනෙ නෑ. ඒ වගේම මං දැන් පැහැදිලිව දන්නවා මරිජුවානා නැත්තං කංසා ගැන මේ කියන සියල්ල බොරු වග. කංසා කොහෙත්ම දරුනු ඇබ්බැහියක් හෝ අයථා භාවිතයක් ඇති කරන්නෙ නෑ. ඒ වගේම පැහැදිලි වෛද්‍යමය වටිනාකමක් කංසාවල තියෙනවා.සමහර රෝගී තත්වයන්ට වැඩ කරන එකම රසායනය වෙන්නෙ කංසා. 

උදා විදිහට කොලරාඩෝවල චාලට් ෆිගී සම්බන්ධ රෝගී තත්වය. අවුරුදු තුනේ ඉඳන් එයාට ෆිට් එක හැදෙනවා. සතියකට 300 වතාවක් විතර හැදෙනවා. ඒ මදිවට බෙහෙත් වර්ග හතක් විතර දිනපතා ගන්නවා. මෙඩිකල් මරිජුවානාවලට පුළුවන් වුනා එයාගෙ මොලය සංසුන් කරන්න. කංසා පාවිච්චියත් එක්ක මේ වෙද්දි එයාට ෆිට් එක හැදෙන්නෙ මාසෙකට දෙපාරක් හෝ තුන්පාරක් විතරයි. මං ඒ වගේ රෝගීන් බොහොමයක් මුනගැහිලා තියෙනවා. මට ඒත්තු ගියා අපි වෛද්‍ය වෘත්තිකයන් විදිහට ලබාදෙන්න පුළුවන් හොඳම ප‍්‍රතිකාරය ලබානොදීම අපේ වගකීම පැහැර හැරීමක් බව. සමහර විට ඒ ප්‍රතිකාරයට කංසා අඩංගු වෙන්න පුළුවන්. අවුරුදු 70ක් පුරා අපි ඉතාම විධිමත් ස්වරූපයෙන් නොමග ගිහින් තියෙනවා. ඒකට මගෙන් සිදුවුනු දායකත්වය වෙනුවෙන් මං සමාව ඉල්ලනවා. මං විශ්වාස කරනවා මේ ලිපියත්, ඉදිරියට එන ඩොකියුමෙන්ට්‍රියත් යම් නිවැරදි කිරීමක් වෙනුවෙන් කළ හැකි උපරිමය කරයි කියල.

1970දි සහකාර සෞඛ්‍ය ලේකම් වෛද්‍ය රොජර් ඕ එග්බර්ග් ලියනවා ලියුමක්. කංසා පලවෙනි කාන්ඩයේ මත්ද්‍රව්‍යයක් විදිහට නිර්දේශ කරන්නෙ එතනින්. ඒක ඒ විදිහටම අවුරුදු 45ක් ඇවිල්ලා තියෙනවා. මං මුලින්ම පටන් ගත්තෙ ඒ දශක ගානක් පරණ ලියුම අධ්‍යනය කරන තැනින්. මං දැකපු දේ ඉතාම නරක තත්වයක්. එග්බර්ග් එයාගෙ වචන පරිස්සමෙන් තෝරගෙන ලියනවා.

‘‘අපිට තවමත් මේ ශාඛය හෝ එයින් ඇතිකරන මත්බවේ ප්‍රතිඵල ගැන සැලකිය යුතු තරමේ දැනීමක් නැති නිසා අපගේ නිර්දේශය වන්නේ මරිජුවානා පලවෙනි කාණ්ඩයේ මත්ද්‍රව්‍යයක් වශයෙන් තබාගන්නා ලෙසයි. අඩුම තරමේ එවන් අධ්‍යයන වලින් පසු මේ තත්වය නිරාකරණය කරන තෙක්.’’

කංසා තහනම් වෙන්නෙ ඒ ගැන විද්‍යාත්මක දැනීමක් නිසා නෙමෙයි. ඒ ගැන කිසිම දැනීමක් නැතිවීම නිසයි.

1970දි එග්බර්ග් මෙතන කියනවා ඒ ගැන කෙරෙන අධ්‍යයන ගැන. නමුත් ඒ බොහොමයක් සම්පූර්ණ නොවී මගදි නතර වෙනවා. ඒත් තව ගැඹුරින් හොයද්දි එග්බර්ග්ට මේ වෙනකොට ඉතාම වැදගත් පර්යේෂණයක ප්‍රතිඵල ඇවිත් තිබුනා කියල මං දැනගත්තා. ඒ සමහර තොරතුරු ඊටත් වඩා අවුරුදු 25ට කලින් හොයාගත්ත ඒවා. 1944 නිව්යෝර්ක් මේයර් ෆ්ලොරෙලෝ ලගාර්ඩියා නිව්යෝර්ක් සයන්ස් ඇකඩමියත් එක්ක එකතු වෙලා අධ්‍යනයක් පටන් ගන්නවා. ඒ ගොල්ලොන්ගෙ නිගමනය වෙන්නෙ මර්ජුවානා වෛද්‍ය විද ්‍යාත්මක තේරුමෙන් බරපතල ඇබ්බැහියක් ඇති කරන්නෙ නැති වගයි. ඒ වගේම මරිජුවානා විසින් මෝර්ෆීන්, කොකේන්, හොරොයින් ඇඩික්ෂන් එකකට පොළඹන්නෙ නැති වගත් ඒ අය නිගමනය කරනවා. 

අපි දැන් දන්නවා ඇතැම් දත්තයන් වෙනස් වුනත් කංසා විසින් 9%-10%ක් අතර වැඩිහිටියන් ඊට පොළඹවාගැනීමේ තත්වයක් ඇති කරන වග. ඒක අපි දෙවෙනි කාන්ඩයේ මත්ද්‍රව්‍යයක් විදිහට ලකුනු වෙලා තියෙන කොකේන් එක්ක සංසන්දනය කලොත් හානිකර බවෙන් අඩු කාන්ඩයක තියෙන කොකේන්වල ඇබ්බැහිකාරක බව 20%ක් වෙනවා. හෙරොයින්වල 25%ක්. වඩාත් දරුණුම ඇබ්බැහිකාරකය වෙන්නෙ දුම්කොල. ඒ ඇබ්බැහිය 30%ක්. මේ ඇබ්බැහිය නිසාම දුම්කොල උරන්නො මියයාම පවා සිද්ද වෙනවා. සමහර කංසා පාවිච්චි කරන අයට ඒක නැවැත්තුවම ඇතිවෙන බලපෑම ගැනත් සාක්ෂි තියෙනවා. නින්ද නොයාම, කාංසාව, අප්පිරියාව වගේ තත්වයන් පවතින්න පුළුවන්. එහෙම සලකා බැලූවත් ඒක හානිකර බවෙන් වැඩි මත්ද්‍රව්‍යයක් විදිහට ගන්න එක විද්‍යාත්මක නෑ.අනෙක් මත්ද්‍රව්‍ය එක්ක සංසන්දනය කලොත් කංසා ඇබ්බැහිය නොතකා හැරිය හැකි තරම්. ඇල්කොහොල් ඇබ්බැහිය අරගෙන බැලූවොත් ඒක ජීවිතය අවදානමේ හෙලන තරමෙ එකක්. 

මං මෙතනදි කියන්න ඕන තාත්තා කෙනෙක් හැටියට මං හිතනවා ළාබාල, මොළය වැඩෙන වයසෙ දරුවන්ට කංසාවලින් වැඩි හානියක් සිද්ද වෙන්න පුළුවන්. සමහර පර්යේෂන පෙන්නන විදිහට නවයොවුන් කාලයේ දිනපතා කංසා පාවිච්චි කලොත් ෂූ ලෙවල් එක අඩුවෙන්න පවා පුළුවන්. තව පර්යේෂණයක් පෙන්නන විදිහට ඒ වයසෙදි දරුණු කංසා භාවිතය සයිකෝසීය තත්ව පවා ඇති කරන්න පුළුවන්. මං මගේ පොඩි අයට ඇල්කොහොල් බොන්න දෙන්නෙත් නෑ. ඒ ගොල්ලොන්ට කංසා පාවිච්චියට වුනත් මං වැඩිහිටි වයසට එනකල් ඉඩදෙන්නෙ නෑ. ඒ ගොල්ලොන්ට කංසා බොන්න ඕනම කියනවා නම් මං කියනවා අඩුම අවුරුදු විසිගනං වෙනකල්වත් ඉන්න, මොළය සම්පූර්ණයෙන් වැඩෙනකල් කියල. 

වෛද්‍යමය  ප්‍රතිලාභ මේ ගවේෂනය අතර මං තව වැදගත් දෙයක් හොයාගත්තා. මෙඩිකල් මරිජුවානා කියන එක අලූත් දෙයක් නෙමෙයි. වෛද්‍ය ප්‍රජාව කාලයක ඉඳන් මේ ගැන විවිධ දේ ලියා තියෙනවා. ඇත්තටම සිය ගානක් එහෙම ලියවුනු වෛද්‍ය ලිපි තියෙනවා කංසාවලින් ඇති ප්‍රයෝජන ගැන. මේ ගොඩක් ලිපි ලියවිලා තියෙන්නෙ 1840-1930 අතර කාලෙදි. ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්කාලයේ පහුගිය වසරේ පමණක් ලිපි 2000ක් පමණ කංසා ගැන ලියවී තියෙනවා. 

බහුතරයක් කංසා පාවිච්චියේ නරක ගැන. කංසා වලින් ලැබෙන බෑඞ් ට්‍රිප් ගැන, පිලිකා සමග සම්බන්දයක් තියෙනවද කියන එක ගැන ආදී වශයෙන්. මං එතනදි තේරුම් ගත්තා කංසාවලින් ඇති යහපත සෙවීම වෙනුවෙන් පර්යේෂණ කෙරෙන්නෙ 6%ක තරම් සුළු ප‍්මාණයක් විතරයි කියන එක. අනිත් ඔක්කොම පර්යේෂණ කෙරෙන්නෙ කංසා වලින් ඇති විය හැකි හානි ගැන හොයන්න. මේ අසමතුලිතතාවය ඇත්ත  ප්‍රතිඵල වල ලොකු විකෘතියක් ඇති කරනවා. කංසා ගැන අධ්‍යනයට ඇති අභියෝග- කංසා ගැන කවුරුහරි අධ්‍යනයක් කරනවා නම් ඊට කාරණා දෙකක් සම්පූර්ණ වෙන්න ඕන. එකක් කංසා තියෙන්න ඕන. හැබැයි කංසා තහනම්. දැන් පේනවද අර්බුදය? විද්‍යාඥයන්ට පුළුවන් පර්යේෂණ සඳහා මිසිසිපිවල ගොවිපොලකින් කංසා ගෙන්වාගන්න. ඒත් මං එතනට ගිහින් බලද්දි එතන කංසා වැවීම නතර කරලා. අනික ඔයා ඒ සඳහා අවසර ලබාගන්න ඕන. 

මං මුනගැහුනු විද්‍යාඥයො හැමෝම වගේ කිව්වෙ ඒක කොයිතරම් අසීරු කාරණයක්ද කියන එක. කැන්සර් ගැන අධ්‍යනයක් නම් ඒක ජාතික පිලිකා ආයතනය හරහා යන්න ඕන. වේදනා ගැන අධ්‍යනයක් නම් ඒක ජාතික ස්නායු ආබාධ ආයතනය හරහා යන්න ඕන. ඒ වගේම තුන්වෙනි වැදගත් අනිවාර්ය අනුමැතියක් තියෙනවා. ඒක ගන්න තියෙන්නෙ හානිකර මත්ද්‍රව්‍ය පිළිබඳ ජාතික ආයතනයෙන්. ඒ ආයතනය තියෙන්නෙම මත්ද්‍රව්‍ය වලින් වෙන හානිය ගැන හොයන්න. කොහෙත්ම මත්ද්‍රව්‍යවලින් ලබාගත හැකි ප්‍රතිලාභ ගැන හොයන්න නෙමෙයි. 

ඉතින් තමන්ගේ රෝගයක් සඳහා කංසා නිදහස් වෙන තුරු බලන් ඉන්න රෝගීන්ට කිසිම ඉඩක් ලැබෙන්නෙ නෑ. 1943 වෙනකල් කංසා නීතිමය වශයෙන් ඖෂධ ලැයිස්තුවෙ තිබුනා. ඒක නිර්දේශ කලේ ස්නායු වේදනා සඳහා. පාලනය කළ නොහැකි තරම් දරුණු වේදනාවලට. මේකට මරිජුවානා තියෙද්දි අද අපි පොපි ගහෙන් ගන්න මෝර්ෆීන්, ඔක්සිකොඩොන් නිර්දේශ කරනවා. අර්බුදය තියෙන්නෙ මේ වර්ගයේ වේදනාවලට ගොඩක් බෙහෙත් වැඩකරන්නෙ නෑ. අනික ඉක්මනින්ම ඇග ඒකට පුරුදු වෙනවා.

වඩාත් බය හිතෙන කාරණය වෙන්නෙ ඇමරිකාවෙ හැම මිනිත්තු 19ට වරක්ම කවුරුන් හෝ වෛද්‍යවරයෙක් විසින් නිර්දේශ කළ ඖෂධ පාවිච්චි කරලා මිය යනවා. ගොඩක් වෙලාවට වැරදීමෙන් ඕවර්ඩෝස් වෙලා. ඒක භයානක තත්වයක්. ඒත් කංසා නිසා මිය ගිය කිසි කෙනෙක් මේ වෙනතෙක් වාර්තා වෙලා නෑ.

 

 මේ වෙනකොට 76%ක් වෛද්‍යවරු කියනවා පිලිකා රෝග වේදනාවලින් පෙලෙන අයට තමන් කංසා නිර්දේශ කරනවා කියල.

කංසා පළමු කාන්ඩයේ අන්තරායකාරී මත්ද්‍රව්‍යයක් විදිහට ශ්‍රේනිගත වෙද්දි ඒ වාක්‍යයේ තිබුනා හිඩැසක්. මේ ගැන අපගේ නොදැනීම නිසා… කියල. ඒත් ඒ දැනීම ලබාගන්න ඇමරිකාවෙ අමාරුයි. අර කලින් කිව්වා වගේ අනුමැතිය ලබාගන්න ඕන වැදගත්ම තැනක් විදිහට මත්ද්‍රව්‍ය වලින් වෙන හානි ගැන බලය ඇති ආයතනයක් බාධාකාරී ලෙස එතන තියෙනවා. ඒ සියලූ බාධක මැද්දෙ වුනත් අපි සැලකිය යුතු පර්යේෂන  ප්‍රමානයක් කරලා තියෙනවා.

මං ඉතාම සතුටු වෙනවා ස්පාඤ්ඤය, ඊශ‍්‍රායලය වගේ රටවල් කංසාවල ඇති පිලිකා මර්දන ගුනයන් ගැන කරන පර්යේෂණ සම්බන්ධයෙන්. ඒ වගේම රෆායල් මෙෂුලම්ගෙ පසුකම්පන ආතතීන්ගෙන් පෙලෙන අයව සුව කරන්න කංසා යොදාගැනීම ගැන කරන පර්යේෂණ. මං ඒවා වෙනුවෙන් මට ලබාදිය හැකි උපරිම සහයෝගය ලබා දෙනවා.

රටවල් 20ක මිනිස්සු සහ කොලම්බියාව මේ වෙද්දි වෛද්‍යමය  ප්‍රතිකාරයක් විදිහට කංසා නීතිගත කරලා තියෙනවා. ඉක්මනටම අනිත් හැම රටක්ම කංසාවලට නිදහස ලබාදේවි.

රොජර් එග්බර්ග් මීට අවුරුදු 18ට කලින් මැරුනා. මං කල්පනා කරනවා එයා අද හිටියා නම් මේ තත්වය ගැන කොහොම හිතයිද කියල.