පියයුරු කියන්නෙ සමහර වෙලාවට හොඳ යාලුවෙක්. සමහර වෙලාවට බලාපොරොත්තු කඩවෙන තැනක්. ඒ කොහොම වුනත් ඔයා ඔයාගෙ පියයුරුවලට කොන්දේසි විරහිතව සපෝර්ට් එකක් දෙනවා. ඔයා ඒවට සපෝර්ට් කරන්නෙ බ්‍රා කියන දෙයින් ඇඟ තද කරලා බැඳගෙන. 

බ්‍රා මුල්ම වතාවට පාවිච්චි වුනේ අවුරුදු 100ට විතර කලින්. එදා ඉඳන් අපි ගොඩක් දේවල් ඒවා ගැන විශ්වාස කරනවා. ඒවා ලස්සන වෙන්න ඕන. හරි සපෝර්ට් එකක් තියෙන්න ඕන. බ්‍රා එකත් හරියට ගෑනු වගේමයි. බ්‍රා එකකින් අපි බලපොරොත්තු වෙන දේ හරියටම ලෝකෙ කාන්තාවන්ගෙන් බලාපොරොත්තු වෙන දේට රූපකයක් වගේ. 

අවුරුදු සීයක් ඇතුලෙදි අපි මිනිස්සු විදිහට කොයිතරම් වෙනස් වෙනවද? එහෙනම් අපේ බ්‍රා එකත් අවුරුදු සීයක් ඇතුලත කොච්චර වෙනස් වෙලා තියෙන්න ඕනද? ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක එහෙම වෙලා නෑ. තවමත් කාන්තාවො 80%ක් අඳින්නෙ වැරදි බ්‍රා සයිස් එකක්. 59%ක් කාන්තාවො කියනවා ඒ ගොල්ලොන්ගෙ බ්‍රා හින්ද කොන්දෙ අමාරු, උරහිස් අමාරු ඇතිවෙනවා කියල. අවුරුදු සීයක් ඇතුලත මෙච්චර තාක්‍ෂණය දියුනු වෙලා තියෙද්දි අපි සපෝර්ට් එකක් කිය කිය මේ අවුල් බ්‍රා එකක් ඇතුලෙ හිරවෙන්නෙ ඇයි? මොකද බ්‍රා එකක් කියන්නෙ විශ්මිත නිර්මාණයක්ද? අවුරුදු සීයකටවත් වෙනස් නොවෙන තරම් ඒක අනර්ඝද? නෑ මං හිතන්නෙ නෑ. නිෂ්පාදකයො තේරුම් අරන් තියෙනවා එකම දේ පාටයි ප්‍රින්ට් එකයි වෙනස් කර කර නිෂ්පාදනය කරන එක ලේසියි ලාබයි කියල . ඒ ගොල්ලො පාරිභෝගිකයන්ව පුහුනු කරනවා මේ වර්ගයේ නිෂ්පාදනවලින් නවීකරනයක් බලාපොරොත්තු වීම සුදුසු නෑ කියල. අපි ෆෝන් එකක් ගන්නවද නිකංම පාට මාරු කරන්න ඕනකමට? නෑ, අපිට ඕන අප්ග්‍රේඞ් එකක්. තාක්‍ෂණික අංශය අපිට බලකරනවා නවතම සොයාගැනීම කරා යන්න කියල. ඒත් ඇපරල් අංශය අපිව කන්ඩිෂන් කරනවා තියෙන දේ ඒ විදිහටම බාරගන්න කියල. 

ඔව් පොඩි පොඩි වෙනස්කම් සිද්ද වෙලා තියෙනවා බ්‍රා වලත්. මයික්‍රොෆයිබර්, ස්ටේ‍රච් වෙන එක. පැඩඞ් ස්ට්‍රැප්ස්, මෝල්ඩඞ් කට්ස්, එක එක විදිහෙ අන්ඩර්වයර්ස්. ඒත් 1930 ගනංවල බ්‍ර එකක් අරන් බලන්න. මේ අවුරුද්දෙ එකක් එක්ක සංසන්දනය කරන්න. ඔයාට කිසි විදිහකින් ලොකු වෙනස්කමක් අඳුරගන්න ලැබෙන්නෙ නෑ. කඬේක මේ සියවසක් පරණ බ්‍රා එකක් තිබ්බොත් ඔයා හිතන්න ඉඩ තියෙනවා ඒක තමයි අලුත්ම ඩිසයින් එක කියල. ඇඞ්වල ඔයා දකිනවා බ්‍රාවල අලුත්ම විප්ලවයන් සිද්ද වෙලා කියල කතන්දර. ඒත් අන්තිමට එතන තියෙන්නෙ පරණ බ්‍රා එකමයි.

ඔක්කොමටම කලින් ඇයි අපි බ්‍රා අඳින්නෙ? සමාජය, සංස්කෘතිය අපිට කියල තියෙනවා අපේ පියයුරු ආවරණය නොකර සිටීම අශීලාචාරයි කියල. අශිෂ්ටයි කියල. ඒවා නිකං එල්ලා වැටෙද්දි ඒ තරම් ආකර්ශනීය නොවෙන්න පුළුවන්. පියයුරු ලොකු නම් පැද්දි පැද්දි ඇවිදන එක අසීරු වෙන්නත් පුළුවන්. සමහර විට ඔයා හිතනවා ඇති බ්‍රා ඇන්දොත් පියයුරු එල්ලා වැටෙන එක නවත්තන්න පුළුවන් කියල. හැබැයි ඇත්ත තත්වය බ්‍රා ඇඳීමෙන් ඔයාගෙ පියයුරු එල්ලා වැටීම වලක්වන්න පුළුවන් කියල ඔප්පු කිරීමක් කරපු කිසිම විද්‍යාත්මක සොයාගැනීමක් නෑ . මේ එල්ලාවැටීම සිද්ද වෙන්නෙ කාරණා කීපයක් නිසා. පියයුරුවල ප්‍රමානය, ගර්භනීබව, වයස, දුම්බීම, ගුරුත්වය වගේ කාරනා මේකට බලපානවා. පර්යේෂණ දෙකක් තියෙනවා බ්‍රා ඇඳීම නිසා ඇත්තටම පියයුරු එල්ලාවැටීම සිදුවෙන්න පුළුවන් කියල. ඒක විවාදාපන්න වුනත් ඒ පර්යේෂනවල තර්කය වුනේ කෘතිමව පියයුරු ඉහලට ඔසවන ආධාරකය නිසා ඒ වෙනුවෙන් ඇති ස්වභාවික මාංශපේශීන් දුර්වල වෙනවා කියන එක. 

බ්‍රා අඳින්නෙ නැති ගෝත්‍රයන්ගෙ කාන්තාවන් දිහා හොඳින් බලන්න. සමහර අයගේ හොඳට එසවුනු පියයුරු, සමහරුන්ගෙ එල්ලා වැටෙන පියයුරු. අපේ බ්‍රා අඳින සමාජයත් එක්ක කිසිම වෙනසක් නැති තරම්. ඇත්තටම බ්‍රා එක නිසා වෙන්නෙ විවිධ වූ පියයුරු හැඩයන් එකවගේ කරන එක. විවිධත්වය නැති කරන එක. ඒක නිසා වැරදි හේතු උඩ බ්‍රා අඳින්න එපා. බ්‍රා අඳින හින්ද පියයුරු එසවී තියෙනවා කියල විශ්වාස කරන එකෙයි හයිහීල්ස් ඇඳලා ඒක ගැලෙව්වත් තමන් උස ගිහින් ඇති කියල හිතන එකෙයි කිසිම වෙනසක් නෑ. 

ඔව්, එල්ලා වැටීම වැලැක්වුවෙ නැතත් සපෝර්ට් එකක් විදිහට අපිට බ්‍රා අඳින්න පුළුවන්. ඒත් මේ නිකං වයර් කෑලි දෙකක් යටින් යනවට වඩා විදිහක් ඒකට තියෙන්න ඕන. කවුද කියන්නෙ මේ අන්ඩර්වයර්ස්වලින් සපෝර්ට් එකක් දෙනවා කියල. ඒක බොරුවක්. අන්ඩර්වයර්ස් තියෙන්නෙ සපෝර්ට් එකට නෙමෙයි. ඒවා හදලා තියෙන්නෙ ෂේප් එක වෙනුවෙන්. ඒක හරියටම පෝනිටේල් බෑන්ඞ් එකක් වගේ. ලොකු දෙයක් පොඩි රවුමක් විදිහට මිරිකලා තියනවා. අන්ඩර්වයර්ස් නැති බ්‍රාවලින් පියයුරුවලට වැඩි සපෝර්ට් එකක් ලැබෙන්න පුළුවන්. 

අන්ඩර්වයර් බ්‍රා වර්ග තියෙනවා හොඳ සපෝර්ට් එකක් ලැබෙන. ඒත් ඒක සිද්ද වෙන්නෙ අන්ඩර්වයර් එක හින්ද නෙමෙයි. මේ සපෝර්ට් එක එන්නෙ කප් එකෙනුයි ස්ට්‍රැප් එකෙනුයි. ඒත් ඔයා අන්ඩර්වයර් එකක තියෙන ෆීල් එකට නැත්තං ෂේප් එකට කැමති වෙන්න පුළුවන්. හැබැයි ඔයා අන්ඩර්වයර්වලට කැමති නැත්තං, ඒත් සපෝර්ට් එකක් කියල හිතන් අඳිනවා නම් ඒක නවත්තන්න. ඔයා ඉන්නෙ රැවටීමක. අන්ඩර්වයර්ස් නැති සපෝර්ටර් බ්‍රා ඕන තරම් තියෙනවා.

කොහොමද එහෙම එකක් හොයාගන්නෙ? 

ඇදෙන්නෙ නැති ෆැබ්රික්වලින් හදපු කප් තියෙන බ්‍රා එකක් තෝරගන්න. හිතන්න කුෂන් පුටුවක ඉඳගන්න එකෙයි ලීපුටුවක ඉඳගන්න එකෙයි වෙනස. කූෂන් එකේ ඔයා ගිලිලා යනවා. ඒත් ලී පුටුව ඔයාව කෙලින් හරි ෂේප් එකට තියාගන්නවා. නොන්-ස්ටේ‍රච් ෆැබ්රික් එක හරියට මේ ලී පුටුව වගේ. අවශ්‍ය  සපෝර්ට් එක හොඳින්ම දෙනවා. ස්ට්‍රැප්ස්වලත් ඉස්සරහට නොන්-ස්ටේ‍රච් ස්ට්‍රැප් එකක් තෝරගන්න. මේක සුවපහසු නෑ කියල හිතනවා නම් ඒක වැරදියි. ෆැබ්රික්වලින් දෙන සපෝර්ට් එක වයර් එකට වඩා ඉතාම හොඳයි.

ගෑනු ලොකුමහත් වෙන්නෙම සයිස් එකක් ගැන දැනුමක් එක්ක. මේ සයිස් එක වෙනස් වෙනවා කියන්නෙ ඒක අවුලක්.  ඔයාගෙ සයිස් එක 6 නම් දැන් ඔයා 10 නම් ඔයාට ඒක ප්‍රශ්නයක්. 12 ඉඳන් 8ට ගියත් එහෙමයි. ඔයා ඔයාව ලේබල් කරගෙන තියෙන්නෙ බ්‍රා සයිස් එක අනුව. විශේෂයෙන් කප් සයිස් එකෙන්. ux A, ux B, ux D, සමහර විට ඔයාට ඒ ගැන සෑහීමක් ඇති. සමහර විට ලැජ්ජාවක් ඇති. ඒත් බ්‍රා කියන්නෙ කලිසම් වගේ දෙයක් නෙමෙයි. ඔයාගෙ සයිස් එක 8 නම් කලිසමක ඔයා දන්නවා හය පොඩියි. දහය ලොකුයි කියල. ඒ ස්ටයිල් එකේ එක සයිස් එකයි ඔයාට හරියන්නෙ. ඒත් බ්‍රා වෙන කිසිම ඇඳුමක් වගේ නෙමෙයි. ඔයාට හරියන සයිස් තියෙන්නෙ එකක් විතරක් නෙමෙයි.

ඔයා මේ වෙද්දිත් එක සයිස් එකක් තීරනය කරලා ඇති මේ තමයි ඔයා කියල. ඒත් ඒකෙන් වෙන්නෙ ඔයාට තව ගොඩක් සුවපහසු, වෙන වෙන බ්‍රා හොයාගන්න සීමාවක් පැනවෙන එක විතරයි. අපි බ්‍රා සයිස් හතරක් ගමු. 38A” 36B” 34C සහ 32C. මේවා බැලුබැල්මටම වෙනස් සයිස්. ඒත් ඇත්තටම මේ සයිස් හතරම එකයි. මේ ඕනම සයිස් එකක් එකම ප්‍රමානයක පියයුරුවලට ගැලපෙනවා. මේක කරන්නෙ දිග හෝ කොට අන්ඩර්බෑන්ඞ් එකකින්.

ඔයා හිතන්න ඔයා D කප් කියල. ඊට පස්සෙ ඔයාට බලන්න වෙනවා ඔයාගෙ ඉලඇටකූඩුවෙ වටප්‍රමානය. එහෙම බැලුවත් මේ සයිස් කිරීම වැරදියි. 38D, 36D, 34D, 32D මේ හතරෙ කිසිම සමානකමක් නෑ. ඒවා එක සයිස් එකක පියයුරුවලට හෝ ඉලඇටකූඩුවෙ ප්‍රමානයකට ගැලපෙන්නෙ නෑ. ජීවිත කාලෙම ඔයාට උගන්නපු විදිහට A කප් එක පොඩියි D කප් එක ලොකුයි කියන එක බොරුවක්. ඔයා විශ්වාස කරනවද ඔයා A වුනත් D කප් එකක් තියෙන කෙනෙකුට වඩා ලොකු පියයුරු තියෙන්න පුළුවන් කියල. වැරදියි වගේ පෙනුනත්  ඇත්ත ඒක. බ්‍රා සයිස් එක කියන්නෙ තනිකරම වියවුලක්. ගැහැනුන්ව ලේබල් කරන අනෙක් දේවල් වගේම මේ කප් සයිස් කතාවත් බොරුවක්. ඔයා කවදද අන්තිම වතාවට ඔයාගෙ කප් සයිස් එක ප්‍රශ්න කලේ?

ඇයි මේ සයිස් එක මේ වගේ පිස්සුවක් වෙලා තියෙන්නෙ? කවුද ඕක ඩිසයින් කලේ? 32, 34, කියන ඉලක්කම් පදනම් වෙලා තියෙන්නෙ වික්ටෝරියානු ෂර්ට් සයිස් මත. මුලින්ම බ්‍රා සයිස් එක කියන්නෙ ෂර්ට් සයිස් එකම වුනා. ඒ කාලෙ හිතුවෙ ෂර්ට් සයිස් එක සමානයි බ්‍රා සයිස් එකට කියල. ඇඳුම පොඩි නම් බ්‍රා සයිස් එකත් පොඩියි. 

ඒක එහෙම නෙමෙයි කියල දැනුනම කලේ මොකක්ද දන්නවද? වික්ටෝරියානු ෂර්ට් එකට වඩා අඟල් කීයක් පපුව ලොකුද කියන එක උඩ කප් සයිස් එක හඳුන්වාදුන්නා. මෙන්න ඒකෙ අර්බුදය. 32 ෂර්ට් එකට වඩා අඟල් දෙකක් ලොකු නම් ඒක B කප් එකක්.  38 ෂර්ට් එකට වඩා අඟල් දෙකක් ලොකු නම් ඒකත් B කප් එකක්. ඔන්න ඔහොමයි එක එක B කප් සයිස් ඇතිවුනෙ. ඒක නිසා සම්පූර්නයෙන්ම වෙනස් වගේ පේන කප් සයිස් පෙලක් ඇත්තටම සයිස් එකෙන් සමාන වෙන්න පුළුවන්.

නිෂ්පාදකයො එකම විදිහෙ ඉදිරිපස කොටසක් දිගටම නිෂ්පාදනය කළා. අන්ඩර්බෑන්ඞ් එකේ දිග වෙනස් කරමින් වෙනස් සයිස් විදිහට නම් කළා. ඒත් කප් සයිස් එක සමානයි. ඇයි 80%ක් කාන්තාවො වැරදි සයිස් එකක බ්‍රා අඳින්නෙ, ඒ ගොල්ලොන්ට කිසිම දැනීමක් නෑ මොකද්ද මේ සයිස් එක කියල. මේ වෙද්දි ලෝකෙ බ්‍රා මාර්කට් එක අවුරුද්දට ඩොලර් බිලියන 25ක්. 80%ක් පාවිච්චි කරන්නෙ වැරදි බ්‍රා සයිස් එක නම් අඩුම බිලියන 20ක ආදායම ඇවිත් තියෙන්නෙ වැරදි නිෂ්පාදනයක් අලෙවි කිරීමෙන්. මට වෙන කිසිම ඉන්ඩස්ටි්‍ර එකක් ගැන හිතාගන්න බෑ 80% පාරිභෝගිකයො වැරදි දෙයක් මුදල් ගෙවලා ගන්න. ඒක හරිම සාමාන්‍ය විදිහටයි බාර අරන් තියෙන්නෙ. කොහොමද එහෙම වෙන්නෙ? 

බොහොමයක් කාන්තාවෙ තමන්ගෙ කොන්දෙ උරහිසෙ වේදනාවලින් පෙලෙන්නෙ ඒ ගොල්ලො හරි බ්‍රා සයිස් එක අඳින්නෙ නැති හින්ද. ඒක බරපතල කාරණයක්. කාන්තාවන් බහුතරයක් තමන්ගෙ නිවැරදි බ්‍රා සයිස් එක අඳින සිස්ටම් එකක් හදන්න හරිම ලේසියි. ඇත්තටම සමාන කප් සයිස් ඔක්කොම එක සයිස් එකක් විදිහට නම් කරන්නයි තියෙන්නෙ. එච්චරයි. බෑන්ඞ් සයිස් එක සරලව ඇගේ  වටප්‍රමානය විදිහට දක්වන්න. ඔයා ජීවත්වෙන්නෙ ඩවුන්ටවුන් ඇබීවල නෙමෙයි නම් කවුද ගනං ගන්නෙ ඔයාගෙ වික්ටෝරියානු ෂර්ට් සයිස් එක?

ගොඩක් කාන්තාවො අඳින්නෙ ලොකු බෑන්ඞ් සයිස් එකක් පොඩි කප් සයිස් එකක්. මේක හරියටම බලාගන්නෙ මෙහෙමයි. පිටිපස්සට අතදාලා බෑන්ඞ් එක වියතක් අදින්න. ඒක ලේසියෙන් ඇදෙනවා නම් ඒක ලොකුයි නැත්තං පරණයි. ඔයාගෙ ස්ට්‍රැප්ස් වුනත් සමානව තියෙන්න ඕන නෑ. ගොඩක් අයගෙ එක උරහිසක් අනෙකට වඩා යාන්තම් උසයි. ඉතින් ඒවා සමානව සකස් කරන්න ඕන නෑ.

ඔයා බ්‍රා එකක් ගන්නවා නම් හැමතිස්සෙම ඊට යාබද සයිස් ටිකත් ට්‍රයි කරන්න. ඔයාට වඩාත් ගැලපෙන, සුවපහසු බ්‍රා එක හොයාගන්න වෙන්නෙ එහෙමයි. මිලට ගනිද්දි හැමතිස්සෙම ලිහිල්ම හුක් එකට දාන්න පුළුවන් බ්‍රා එකක් ගන්න. මොකද බ්‍රා එක ඇදෙද්දි ඔයාට ඒක ටික ටික තද හුක් එකට අරන් යන්න පුළුවන්. අවුරුද්දකට සැරයක් බ්‍රා මාරු කරන්නත් මතක තියාගන්න.

ඔයා අද මොන විලාසිතාවක බ්‍රා එකක් අද ඇන්දත් ඒක අවුරුදු සීයක් පරණයි. සමහර දේවල් තියෙනවා කාලයත් එක්ක වඩාවඩා හොඳ වෙන. හරියට වයින් වගේ. ඒත් බ්‍රා එහෙම එකක් නෙමෙයි.

හැම බ්‍රා එකක්ම පුහුණුවක්.  ඒවා අපිව පුහුනු කරනවා දේවල් පවතින විදිහට බාරගන්න. ඔයාට ඒ ගැන කිසි දෙයක් කරන්න බෑ කියන පිලිගැනීමට නතු කරනවා. බ්‍රා කියන්නෙ පවතින තත්වය ගැන සංකේතයක්. මං කියන්නෙ බ්‍රා ගලවලා ගිනිතියන්න කියල නෙමෙයි. ඒත් අපිට අනිවාර්යෙන්ම පුළුවන් මීට වඩා හොඳ දෙයක් නිර්මාණය කරන්න. 

අපි කිසි දෙයක් නොහිතම ඉබේටම වගේ බාරඅරන් ඉන්න මේ වගේ අපිට ඉතාම සමීප පුංචි දෙයක්වත් ප්‍රශ්න නොකරනවා කියන්නෙ අපි ජීවිතේ ගොඩක් දේවල් ප්‍රශ්න නොකරම බාරගන්නවා කියන එක.

ලෝරා ටෙම්පෙස්ටා – කාන්තා යටඇඳුම් පිළිබඳ විශේෂඥ