පලවෙනි කොටස
ජෝර්ජ් බටායි (1897- 1962 ප්‍රංශය) වෘත්තියෙන් ලයිබ්‍රේරියන් කෙනෙක්. ජොබ් එකෙන් එලියෙ එයා සරියලිස්ට් බෝඩරේ කෙනෙක්. අලුත් අදහස් ඉදිරිපත් කරන්නෙක්. ලේඛකයෙක්. එයා විෂයන් ගානක පොත් ලියනවා. දර්ශනය, ආර්ථිකය, කවිය වගේම පෝර්නොග්‍රැෆි ගැනත් බටායි ලියනවා. බටායි උත්සාහ කලේ විවිධත්වයේ විද්‍යාවක් ඉදිරිපත් කරන්න. සිවිල් සමාජය විසින් පිටමං කළ සියල්ලෙහි දාර්ශනිකත්වය එලියට ගන්න.
මේ කොටස් වශයෙන් පලවෙන්නෙ ජෝර්ජ් බටායිගෙ ඉරොතිකවාදය- මරණය සහ ලිංගිකය කියන පොතේ දළ පරිවර්තනයක්.
ඉරොතිකවාදය නැත්තං ශෘංගාරවාදය කියන්නෙ මරණය දක්වාම ජීවිතය වෙනුවෙන් පෙනී සිටීම කියන එකට. මේක නිර්වචනයක් නෙමෙයි. ඒත් අන් කවර නිර්වචනයකටත් වඩා මේ අදහසේ ශෘංගාරය කියන එකේ තේරුම තියෙනවා. නිවැරදි නිර්වචනය හොයන්න ගියොත් ඒක අනිවාර්යෙන්ම පටන් ගන්නෙ ප්‍රජනනය නැත්තං වර්ගයා බෝකිරීමට අදාල කොටසෙන්. ඒත් ශෘංගාරය කියන්නෙ ඒක නෙමෙයි. ප්‍රජනනය කියන එක මිනිස්සුන්ටත් සත්තුන්ටත් එක වගේ අදාලයි. ඒත් ඒ ලිංගික ක්‍රියාව ශෘංගාරයක් බවට පෙරලාගන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. ශෘංගාරය නිකංම ලිංගික ක්‍රියාවක් නෙමෙයි. ඒක ස්වභාවික අරමුනෙන් ඒ කියන්නෙ වර්ගයා බෝ කිරීමේ හෝ දරුවන් හැදීමේ ක්‍රියාවෙන් ස්වාධීන වූ මානසික ක්‍රියාවලියක්. මං කලින් සඳහන් කළා වගේ ඉරොතිකය කියන්නෙ මරණයේදීත් ජීවිතය උත්සවයක් හැටියෙන් සැලකීම වුනත් ඉරොතිකය මරණයෙන් වෙන්වූ ක්‍රියාවලියක් නෙමෙයි. මේක පැරඩොක්ස් එකක්.
මාකස් ඩි සාද් මෙහෙම කතාවක් කියනවා.
රහසිගතබව හරිම පහසුයි. ඒත් ලිබර්ටීන් කෙනෙක් ඒ කියන්නෙ සම්මත සීමා නොතකා ඉන්ද්‍රියන් පිනවීමේ නිර්භය කෙනෙක් වරදෙහි යම් දුරක් ගිහින් නැති කෙනෙක් වෙන්න බෑ. මිනීමරුමක් විසින් ඉන්ද්‍රියයන් මත පතුරන අනුහස එහෙම කෙනෙක් දැනගෙන ඉන්න ඕන.
එයා මෙහෙම කතාවකුත් කියනවා.
අසම්මත චර්යාවක් සමග සම්බන්ධ කරගැනීම තරම් මරණය ගැන තේරුම්ගත හැකි වෙන විදිහක් නෑ.
මාකස් ඩි සාද් මෙහෙම කතාවක් කියනවා.
රහසිගතබව හරිම පහසුයි. ඒත් ලිබර්ටීන් කෙනෙක් ඒ කියන්නෙ සම්මත සීමා නොතකා ඉන්ද්‍රියන් පිනවීමේ නිර්භය කෙනෙක් වරදෙහි යම් දුරක් ගිහින් නැති කෙනෙක් වෙන්න බෑ. මිනීමරුමක් විසින් ඉන්ද්‍රියයන් මත පතුරන අනුහස එහෙම කෙනෙක් දැනගෙන ඉන්න ඕන.
එයා මෙහෙම කතාවකුත් කියනවා.
අසම්මත චර්යාවක් සමග සම්බන්ධ කරගැනීම තරම් මරණය ගැන තේරුම්ගත හැකි වෙන විදිහක් නෑ.
සාද්ගෙ මේ කතාව විපරීතයක් පතුලෙන් එන එකක් වෙන්න පුළුවන්. ඒත් මේ පෙළඹුම දුර්ලභ මනුෂ්‍ය ස්වභාවයක් නෙමෙයි. මේක අසම්මත ඉන්ද්‍රිය පිනවීම සම්බන්ධ කාරණයක්. කොහොම වුනත් මෙතන තියෙනවා මරණය සහ ලිංගික ප්‍රහර්ශය අතර සම්බන්ධයක්. නියුරෝසිකයෙකුට මරණයක් ගැන ඇසීමක්, දැකීමක් ලිංගික උත්තේජනයක් ඇති කරන්න පුළුවන්. මේ සම්බන්ධය නියුරෝසික තත්වය නිසාම වෙන එකක් කියල අපිට වසන් කරන්න අමාරුයි. මං පුද්ගලිකව විශ්වාස කරනවා සාද් කියන කතාවෙ ගැඹුරු සත්‍යයක් තියෙනවා කියල. වරදෙහි සීමාවලට වඩා එහාට දිගහැරෙන සත්‍යයක්. මං විශ්වාස කරනවා සමහර විට ඒක ජීවිතය සහ මරණය ගැන අපිට තියෙන රූපවල පදනම වෙන්න පුළුවන්. අපිට පැවැත්ම ගැන ඇත්තට කල්පනා කරන්න බෑ මේ සත්‍යය මගඇරලා ගිහින්. අපිට නිතරම මුනගැහෙනවා මනුෂ්‍යයාට තමන්ගේ ආශාවන්ගෙන් ස්වාධීන ජීවිතයක් තියෙනවා කියල කල්පනා කරන අදහස්. මං කියන්නෙ ආශාවන්ගෙන් බාහිර පැවැත්මක් ගැන අපි හිතන එකවත් තේරුමක් නෑ කියල.
මට සමාවෙන්න ඕන ආරම්භයක් විදිහට මෙහෙම දාර්ශනික කාරණා ලියාගෙන යන එකට. මේ වෙද්දි දර්ශනය කියන්නෙ ජීවිතේ එක්ක සම්බන්ධ කාරණයක් නෙමෙයි. ඒත් මං මෙතන කතා කරන්නෙ ජීවිතය එක්ක අත්‍යන්තයෙන්ම ගැඹුරෙන්ම සම්බන්ධ තත්වයක් ගැනයි. අපි කතා කරන්නෙ දැනට ප්‍රජනනය එක්ක සම්බන්ධ කරලා කතා කරන ලිංගික ක්‍රියාව ගැන. ඒත් මං කිව්වා වගේ ඉරොතිකය කියන්නෙ ප්‍රජනනයට ප්‍රතිවිරුද්ධ දෙයක්. අන්තයන් දෙකක් විදිහට වර්ගයා බෝ කිරීමයි, ඉරොතිකයයි දෙකක් වුනත් ඉරොතිකය තුලත් නැවත ජනනය කිරීමේ අර්ථයක් අඩංගු වෙනවා.
ප්‍රජනනය කියන්නෙ එකිනෙකා අසම්බන්ධිත ජීවීන්ගේ පැවැත්මක් ගැන අදහසක්. මේ විදිහකට ප්‍රජනනය කරන දෙන්නත් දෙන්නෙක්. ඒ වගේම ප්‍රජනනයෙන් ඇතිවෙන ජීවිනුත් නැවතත් ඒ දෙමව්පියන්ගෙන් ස්වාධීන වෙන් වෙන් වශයෙන් පවතින ජීවීන් වෙනවා. හැම ජීවියෙක්ම එකිනෙකාගෙන් ස්වාධීනයි. ඒ අය අතර බැඳීම් තිබුනා වුනත් එයාගෙ උපත, මරණය, ජීවිතය ගතවීම හැමදේකම තියෙනවා මේ අසම්බන්ධිත නැත්තං වෙන්වූ පැවැත්ම.
මේ පරතරය පවතිනවා. ලියන මම සහ කියවන ඔයා අතර වුනත්. අපි සන්නිවේදනය කරනවා. ඒත් අපි අතර මූලික වෙනසක් තියෙනවා. ඒක නැති වෙන්නෙ නෑ. ඔයා මැරුනට මං මැරෙන්නෙ නෑ. අපි අසම්බන්ධිත ජීවීන්. ඒත් මේ පරතරයම නෙමෙයි සම්පූර්ණ සත්‍යය වෙන්නෙ. ඒක ගැඹුරු පැල්මක් අපි අතර. ඒත් අපිට ඒ පරතරයෙ තියෙන අපැහැදිලිබව මායාකාරී බව එකට අත්විඳින්න පුළුවන්. මේ පරතරය තමයි මරණය කියල එක විදිහකට කියන්න පුළුවන්. මරණය ගැඹුරයි. මරණය මෝහනීයයි.
මගේ යෝජනාව වෙන්නෙ අපි එකිනෙකාගෙන් වෙන්වූ ජීවීන් වන අතරම මරණයෙන් තමයි අපේ පැවැත්ම සම්බන්ධ වෙන්නෙ කියන එක. ප්‍රජනනයෙන් වෙන් වෙන් ජීවීන් බිහි කළත් එහි සම්බන්ධතාවයත් ඒ සමගම නිර්මාණය වෙනවා. ඒක මරණය එක්ක තදින්ම බැඳිලයි තියෙන්නෙ. ප්‍රජනනය සහ මරණය. මරණය කියන්නෙ අඛන්ඩත්වය. ප්‍රජනනය කියන්නෙ ඛන්ඩනය. මේ දෙකම එක වගේම ආකර්ශනීයයි. මෙන්න මේ ආකර්ශනීය බව තමයි ශෘංගාරය කියන්නෙ.
ජෝර්ජ් බටායි