Swingers Club පලවෙන්න පටන්ගත්තට පස්සෙ ගොඩක් අය හිතුවෙ ඒක මං ලියන කතාවක් කියල. ඒත් ඇත්තටම ඒක ලියන්නෙ මං නෙමෙයි. ඒක ලියන්නෙ ස්වින්ගර් කෙනෙක්. ඒ සංස්කෘතියෙ ජීවත් වෙන කෙනෙක්. හැබැයි මේ වරදවා වටහාගැනීම නිසාම මට ගොඩක් ස්වින්ගර්ස්ලව අඳුරගන්න ලැබුන. ඒ අයගෙ ලිංගික ජීවිත ගැන විවෘතව කතාබහ කරන්න ලැබුන. එතනදි මට තේරුන දේ තමයි ස්වින්ගර්ස්ලා කියන්නෙ මං මෙතෙක් ජීවිතයේ දැකපු සුන්දරතම ජීවිත ගතකරන පිරිසක් කියන එක. මේ කියන්නෙ ලිංගික ජීවිතය පැත්තෙන් විතරක් නෙමෙයි, එකිනෙකාගෙ තේරුම් ගැනීම, ආදරය සහ මානසික බැඳීම පැත්තෙනුත්. ඒ අවංක විවෘතබව ඒ අයගේ ජීවිතේ හැම අංශයකටම බලපාලා තිබුණ.

Swinging කියන්නෙ තමන්ගේ සහකරුවන් සහ සහකාරියන් එකිනෙකා අතර හුවමාරු කරගන්නා ශෘංගාර අත්දැකීමකට. අපේ ගම්පලාත්වල ඉඳලා තියෙනවා බලහත්කාරෙන් තමන්ගේ බිරිඳ වෙන අය එක්ක රමණය කරවන සැමියන්. ඒක ස්වින්ගින්ග් නෙමෙයි. ඒක බලහත්කාරය. ස්වින්ගින්ග් කියන්නෙ එකිනෙකාගේ කැමැත්තෙන්, consent එක ඇතුව, සියලු පාර්ශ්ව විසින් රස විඳින සංස්කෘතික අත්දැකීමක්. ස්වින්ගින් වලදි මේ පාර්නර්ස්ලා ඉන්නෙ කැපවුණු සම්බන්ධතාවල. මේ අය උපරිමයෙන් තමන්ගේ සහකරුවන්ට/සහකාරියන්ට අවංකයි. මේ අවංකකම තමයි ස්වින්ගින්වල ශෘංගාරයේ පදනම. මේක නොන්-මොනොගමි, ඒ කියන්නෙ එක්කෙනකුට පමණක් වෙන්වුනු ලිංගික සබඳතා විශ්වාස කරන මොනොගමි බැඳීමෙන් බාහිර එකක්. ඒ වගේම විවෘත සබඳතා- open relationship කාණ්ඩයේ තවත් එකක්. 1960 ගණන් වලින් පස්සෙ ස්වින්ගින් කල්චර් එක ජනප්‍රිය වෙන්න පටන් ගන්නවා.

ජෝන් ස්ටොසල් කියන ලිබටේරියන් මාධ්‍යවේදියා මේ ස්වින්ගින් ජීවිත ගැන ගවේශනාත්මක වාර්තාවක් නිකුත් කළා. මෙතනදි ජෝන් ස්ටොසල් විසින් ටෙරී ගූල්ඩ් නම් තවත් මාධ්‍යවේදියෙකුව උපුටා දක්වමින් කියන්නෙ ‘ස්වින්ග් කරන්නෙම ඒ අය තමන්ගේ සහකරුවන්ට cheat කරන්න අකමැති හින්ද කියල. ස්ටොසල් ස්වින්ගර් කෙනෙක්ගෙන් අහනවා, ඔයාට බය නැද්ද ඔයාගෙ වයිෆ් වෙන කෙනෙක් එක්ක යයි කියල?’

අර මනුස්සයා උත්තර දෙනවා, ‘ස්වින්ගර්ස්ලා මේ හුවමාරුව කරන්නෙම අරමුණක් ඇතුව. වෙන වයිෆ් කෙනෙක් හරි හස්බන්ඩ් කෙනෙක් හරි හොයා ගැනීම ඒකෙ අරමුණ නෙමෙයි’
ඒ වගේම ස්වින්ග් කරන කාන්තාවන් නැත්නම් පෙම්වතියන් කිව්වෙ, ‘කාන්තාවන්‍ අතේ තමයි මේකෙ බලය තියෙන්නෙ. ඒ වගේම ඒක ලොකු ආත්ම විශ්වාසයක් ඇති කරනවා’
ස්ටොසල් කියන විදිහට එයා විසින් සාකච්ඡා කරන ලද කිසිම මනෝ විද්‍යා උපදේශකයෙක් ස්වින්ග් කරන්න එපා කියල අවවාද කරන්නෙ නෑ. ඒකෙන් යම් අයගේ විවාහයට බලපෑම් එල්ල වෙන්න පුළුවන් කියන අවවාදය විතරයි දෙන්නෙ.

මේ ගවේෂණයට සහභාගි වූ ස්වින්ගර්ස්ලා කියන්නෙ ඒ අයගේ විවාහය එයින් වෙනදටත් වඩා ශක්තිමත් වුනා කියලයි. කිසිසේත්ම තමන්ගේ අනෙකා තමන්ට බොරුවක් නොකරන බව දැනීම සබඳතාවයක පදනම ශක්තිමත් කරන බවයි ඒ අයගෙ අදහස.

ස්වින්ගින්ග් අත්දැකීමක් ත්‍රීසම් එකක්, ෆෝර්සම් එකක් වෙන්න පුළුවන්. නැත්තං කකෝල්ඩ් හෙවත් තමන්ගේ සහකරුවා/සහකාරිය අනෙකෙක් සමග රතිසුව විඳීම නරඹා ආස්වාදයක් ගැනීම වෙන්න පුළුවන්. දැනුවත්ව වෙන්වෙන්ව සහකරුවන් සහකාරියන් හුවමාරු කරගැනීමක් වෙන්න පුළුවන්.

ස්වින්ගර්ස් අත්දැකීමක් විසින් හොඳ සම්බන්ධතාවයක් තවත් ශක්තිමත් කරන්න පුළුවන්.

ආචාර්ය ටැමී නෙල්සන් කියන ‘නිව් මොනොගමි’ පොත ලියපු සයිකොතෙරපිස්ට් කියන්නෙ සාර්ථක සම්බන්දයක් පවතින්නෙ විශ්වාසය සහ සබඳතාවය කියන කාරණා දෙක උඩයි කියල.

‘නොන් එක්ස්ක්ලූසිව් ලිංගික අත්දැකීමක් විසින් සහකරුවන් සහ සහකාරියන් අතර එකිනෙකා ගැන ඇති ආකර්ශනය තවත් වැඩි කරන්න පුළුවන්. මේක පැරඩොක්ස් එකක් වගේ පෙනුනත් මේ අත්දැකීම හරහා ලැබෙන ශෘංගාරයේ තියුණුබව විසින් දෙන්නෙක් අතර පවතින බැඳීමේ සජීවීබව තවත් වැඩිකරනවා’
-ආචාර්ය ටැමී නෙල්සන්-

මොනොගමි සම්බන්ධයක තියෙන ලොකුම අවුල මේ විශ්වාසය ගැන ප්‍රශ‍්නෙ. තමන්ගේ බිරිඳ හෝ පෙම්වතිය වෙන කෙනෙක් සමග සම්බන්ධතාවයක් පවත්වාවි යැයි බය. ඒත් ස්වින්ගර් කෙනෙක් මේ බයෙන් ආතතියෙන් නිදහස්. ඒ හින්දම එයාගෙ සම්බන්ධතාවය වඩාත් නිරෝගී එකක් වෙනවා.

ස්වින්ගින් මානසික සෞඛ්‍යයට හිතකරයි

ආචාර්ය සෙත් මෙයර්ස් ‘සයිකොලොජි ටුඩේ’ එකට ලිපියක් ලියමින් කියන්නෙ ස්වින්ගින් අත්දැකීම් ලබන අය ඒ අයගේ සිතුම් පැතුම් අතින් වඩාත් නම්‍යශීලී සහ නිර්මාණශීලී බවයි. මේ නම්‍යශීලී බව මානසික සතුට පවත්වාගන්න ඉතා අවශ්‍ය දෙයක්. ඒ වගේම තමන්‍ගේ ලිංගික ජීවිතයේ නවතාවයන් නිසා මේ අයගේ නිර්මාණශීලීත්වය සහ ඇබ්ස්ට්‍රැක්ට් තින්කින් වැඩිවෙන බව කියනවා.

Compersion ඉරියාවේ අනිත් පැත්ත

කෙරිස්ටා කොමියුනය කියන නිව්යෝර්ක්වල යුතෝපියානු විවෘත ලිංගික සමාජය විසින් හඳුන්වා දීපු වචනයක් තමයි කම්පර්ෂන් කියන්නෙ. මේක ජෙලසි කියන එකේ විරුද්ධ පැත්ත. ඔබේ සහකරුවා හෝ සහකාරිය අත්විඳින සතුට දැකීමෙන් එය තමන්ගේ සතුටක් ලෙස විඳීමට තමයි කම්පර්ෂන් කියන්නෙ. මේක එම්පතියෙ ගැඹුරු තැනක්.

තමන්ගේ සහකරුවා තමන්ට පමණක් කියල අත්පත් කරගත් මානසිකත්වය සමග එන බය, ආතතිය, අවුල වෙනුවට ස්වින්ගින්වලදි කෙනෙක් මේ කම්පර්ෂන් කියන තැනට යනවා. ඒක නිදහසක්, සතුටක්, ආදරයක් දනවන තැනක්. තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය තමන් හැරදා යාවි කියන බයෙන් ස්වින්ගර්ස්ලා නිදහස්.

විවිධත්වය

ස්වින්ගින් කියන්නෙ එකපාරට ඕන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ලොකු මානසික පුහුණුවක් ඕන කරන වැඩක්. තමන්ගේ සහකාරිය වෙන කෙනෙක් දිහා බැලුවත් කිපෙන පිරිමින්ට සමහර විට මේක අත්පත් කරගන්න බැරි තරමෙ තැනක්. ‘කකෝල්ඩ්’ හෙවත් තමන්ගේ පෙම්වතිය හෝ පෙම්වතා වෙන කෙනෙක් සමග රතිසුව විඳිනු දැකීමෙන් විඳින ශෘංගාරය අපේ සංස්කෘතියෙ හැටියට දුර්වල පිරිමි ලක්ෂණයක්නෙ. ඒකට තියෙන්නෙ නෙගටිව් අදහසක්. පිරිමියාට බැරි හින්ද වෙන පිරිමියෙකුට දෙනවා කියල ග්‍රාම්‍ය හැගීම තමයි ගොඩදෙනෙකුට තියෙන්නෙ.

ඒත් ඇත්තටම තමන්ගේ පෙම්වතිය වෙන කෙනෙක් සමග ලිංගිකව සතුටු වෙනවා දැකලා සතුටු වෙන්න පුළුවන් කෙනෙක් කියන්නෙ ශක්තිමත් මානසිකත්වයක් ඇති කෙනෙක්. ඒ නිසා හීනමානයට පත්නොවෙන කෙනෙක්. ඇල්ෆා මේල් ගතිවලින් පිරුණු නිතරම තමන්ගේ ලිංගික හීනමානයෙන් ඇවිස්සෙන ඇව‍රේජ් පිරිමියෙකුට වඩා මේ වගේ පිරිමියෙක් ගැහැණියකට ශක්තිමත් සහකරුවෙක්.

ස්වින්ගර්ස්ලා ගැන කරපු පර්යේෂණ අනුව පේන්නෙ ඒ අය ඉතාම විචිත්‍රවත්, ආස්වාදනීය ජීවිත ගත කරනවා කියන එක. ඒ වගේම ඒ අයගෙ කසාද ජීවිතත් බෙහෙවින් ශක්තිමත් බැඳීම්. විවිධ පුද්ගලයන් මුනගැසීමත්, විවිධ අත්දැකීම් හුවමාරු කරගැනීමත් එක්ක ඒ අයගෙ ජීවිතය කොහෙත්ම ඒකාකාරී වෙන්නෙ නෑ. ඒ වගේම සමාජයට පිටස්තරව එකිනෙකා අතර ඇතිකරගන්නා ඉන්ටිමේට් සම්බන්ධතා නිසා ස්වින්ගර්ස්ලගෙ තියෙනවා ලස්සනට කමියුනිටියක්. ඒක විශ්වාසය ආදරය ගෞරවය පදනම් වුනු එකක්.

මතක තියාගන්න ඕන දේ තමයි, ස්වින්ගර්ස් ශෘංගාරය හැම කෙනෙකුටම ගැලපෙන්නෙ නෑ කියන එක. මේක වැරදි කෙනෙකුට විනාශයක් වෙන්න පුළුවන්. ස්වින්ගර්ස් ජීවිතයක් උත්සාහ කරන්න නම් ඔයාට අනිවාර්යෙන් ඉතාම හොඳ සම්බන්ධතාවයක් තියෙන්න ඕන. දෙදෙනා අතර හොඳ විවෘත අවංක කතාබහක් තියෙන්න ඕන. එහෙම නිරෝගී සම්බන්ධයක් තවත් ආස්වාදනීය කරන්නයි මේ ශෘංගාර හුවමාරුව ගැලපෙන්නෙ.