සැල්වඩෝ ඩාලි කියන්නෙ ලෝකෙ මෙතෙක් බිහිවුණු එක්සෙන්ට්‍රික්ම ආර්ටිස්ට් වෙන්න පුළුවන්. සරියලිසම් කියපු ගමන් මතක් වෙන්නෙ ඩාලි. එයාගෙ චිත්‍ර විතරක් නෙමෙයි එයාමත් සරියලිස්ට් එක්ස්ප්‍රෙෂන් එකක්.
‘මං තමයි සරියලිසම්’ කියලත් ඩාලි වෙලාවකට කියනවා.
ඩාලිගේ චිත්‍ර ගොඩක් නිර්මාණය වුනේ සෙක්ස් කියන තේමාව ඇතුලෙ. සිහිනය, උපවිඥානය, අතාර්කිකත්වය ආදී කලාප හරහා ඩාලිගේ චිත්‍ර සෙක්ස් හොයාගෙන ගියා. ග්‍රේට් මාස්ටර්බේටර්, ස්පෙක්ටර් ඔෆ් සෙක්ස් ඇපීල්, හිට්ලර් මාස්ටර්බේටින් වගේ චිත්‍රවලින් අපිට තේරුම් ගන්න පුළුවන් ඩාලිට සෙක්ස් එක්ක තිබුණු අමුතු විදිහෙ ගනුදෙනුව.
මිනිස්සු ගොඩක් ඩාලිගේ සෙක්ස් ජීවිතය ගැන කතා කරනවා. ඩාලි කියන්නෙ ලිබර්ටීන් කෙනෙක්. ඒ කියන්නෙ සදාචාර සීමා ගැන තුට්ටුවකටවත් නොහිතා තමන්ගේ ඉන්ද්‍රිය ආස්වාදය සොයාගෙන යන කෙනෙක්. ඒ වගේම එයා වොයර් කෙනෙක්. අනුන් ලිංගික ක්‍රියාවේ යෙදෙනවා බලන් ඉඳලා සතුටු වෙන කෙනෙක්. සේඩිස්ට් හෙවත් පරපීඩාකාමියෙක්. ගොඩක් අය කියනවා මේ දේවල් ඩාලිගෙ ළමා කාලයේ අත්දැකීම් එක්ක සම්බන්ධයි කියල.
ඩාලිගේ වැඩිමල් සහෝදරයා, එයාගෙ නමත් සැල්වඩෝර්, පොඩි කාලෙම මැරෙනවා. ඩාලි ඉපදුනාම තාත්තා විශ්වාස කරන්නෙ මේ ඉපදුනෙ අර මැරුනු සහෝදරයාමයි කියල. සැල්වඩෝර් කියන නම පවා ඩාලිට වැටෙන්නෙ එහෙමයි. මේ හින්ද ඩාලිට සිද්ද වෙනවා තමන් නොවී තමන්ගේ මැරුණු සහෝදරයා හැටියට පවතින්න. තාත්තාගේ විශ්වාසය ජීවත් කරවන්න. මේක ඩාලිගේ පෞර්ෂයට දැඩිව බලපානවා.
‘අපි හරියටම වතුර බිංදු දෙකක් වගේ එකිනෙකාට සමානකම් දැරුවා. ඒ ඒ වතුර බිංදු මත වෙනස් පරාවර්තන වැටිලා තිබුනා’ ඩාලි
ඒ වගේම බොහොම කන්සවටිව් චරිතයක් වුනු තාත්තා ඩාලිට සෙක්ස් ගැන ඇති කලේ වරදකාරී හැගීමක්. ඒ වගේම පිළිකුල් පහත් දෙයක් කියන තේරුම් ගැනීමක්. ලිංගික අධ්‍යාපනය කියල ඩාලිගේ තාත්තා එයාට විවිධ ලිංගික රෝගාබාධ වැළදුනු ඉන්ද්‍රියයන්ගේ රූප බලන්න බලකළා. ඒ වගේම මියගිය, කුණුවුනු ශරීර කොටස් වල රූපත් නිතර පෙන්නුවා. මේ ළමා වියේ දැකපු රූපවල බලපෑම ඩාලිගේ චිත්‍රයෙන් චිත්‍රයට දකින්න පුළුවන්.
විශේෂයෙන් ස්පෙක්ටර් ඔෆ් සෙක්ස් ඇපීල් චිත්‍රයේ ඩාලි තමන්ව අවුරුදු හතක පොඩි එකෙක් විදිහටත්, විශාල පියයුරු සහ තට්ටම් සහිත අමුතු ජීවියෙක් විදිහටත් අඳිනවා.
ඒ වගේම ඩාලි කියනවා, ‘මං එක වෙලාවක ගලා (එයාගෙ පෙම්වතිය) එක්ක සෙක්ස් කරන්න උත්සාහ කළා. ඒත් ඒක තනිකරම අතිශෝක්තියට නගපු ක්‍රියාවක්’ කියල.
ඩාලිට සෙක්ස් ගැන තිබුනු ප්‍රතික්ෂේපය ඉතා විශාලයි. මේ අතෘප්තිය පිරිමහ ගන්න ඩාලි කලේ එයා විසින් තෝරාගන්නා අය එක්ක ගලා ට ලිංගිකව හැසිරෙන්න කියල එය නැරඹීමයි.
ඩාලිට ස්වයං වින්දනය ගැන තිබුනෙත් වෙනස් එළඹුමක්.
කාර්ලොස් ලොසානො කියන ඩාලි එක්කම වැඩ කරපු කෙනා ඩාලි ගැන කියන්නෙ, එයා නැරඹුම්කාමියෙක්, ස්වයංවින්දනකාමියෙක් සහ විපරීතයෙක් කියලයි. ඩාලිට මාස්ටර්බේට් කිරීමේ දැඩි ඇබ්බැහියක් තිබුන. ඒක ළමා කාලයේ පීඩාව එක්ක සම්බන්ධයි කියල විශ්වාස කරනවා.
ඩාලි ඉස්කෝලෙ යනකාලෙ එයාගෙ ශිෂ්නය අනිත් අයට වඩා කුඩා කියල දකිනවා. ඒ නිසාම එයා තුල ඇතිවෙනවා හැගීමක් එයා ලිංගිකව බෙලහීනයි කියල. ඒ හින්දම වැඩිපුර ස්වයං වින්දනයට නැඹුරු වෙන ඩාලිගේ ද ග්‍රේට් මාස්ටර්බේටර් වගේ චිත්‍රයක් පෙන්නන්නෙ මේ ඇබ්බැහියයි.
ඩාලිගේ තාත්තාට ඩාලිගෙන් උදුරගන්න බැරි වුනු එකම දේ ස්වයං ගවේෂණයට ඩාලි තුල ඇති හැකියාවයි.
ෆ්‍රෙඩ්රිකෝ ගාර්ෂියා ලෝකා එක්කත් ඩාලිගේ සම්බන්ධයක් තිබුන. ඒක නිකංම කලාත්මක අදහස් හුවමාරු කරගැනීමක් නෙමෙයි. ඒ දෙන්නා අතර ආදර හසුන් හුවමාරු වුනා.
‘ඔබ කිතුනු කුණාටුවක් වන අතර මගේ මිත්‍යාදෘෂ්ටියේ අල්පමාත්‍රයක් හෝ ඔබට අවශ්‍යය. මම ඔබව රැගෙන ගොස් මුහුදු අසබඩ ඔසුවලින් සුවපත් කරන්නම්. මේ ශීත ඍතුව නිසා ගිනිමැලයක් දල්වන්නම්. අපි ශීතලෙන් වෙව්ලාවි. ඔබ නිර්මාණකරුවෙක් බවත් විචිත්‍ර වූ දෙයින් පිරී ඇති බවත් ඔබට සිහිපත් වේවි. අපි එකට එහි ජීවත් වේවි…’’
ඩාලි විසින් ලෝකාට ලියනවා.
අවාසනාවට ඩාලිගේ මේ ප්‍රේමය ට්‍රැජඩියක්. ඉයන් ගිබ්සන් කියන ඩාලිගේ චරිතාපදානය ලියන අය කියන විදිහට ඩාලිට තමන්ගේ සමලිංගික පැවැත්ම දැඩි අර්බුදයක් වගේ දැනුනා. තමන්ව පිරිමිකම අඩු කෙනෙක් විදිහට දකීවි කියල එයා බය වුනා.
ඩාලිගේ ලිංගික තේමා රැගත් චිත්‍ර බොහෝ විට ඔහුගේ ළමාකාලයේ ඛේදය සමග සමපාත වෙනවා. ඒ හැරුනු විට වෙනත් තේමාවන්ගෙනුත් ඩාලි චිත්‍ර ඇඳලා තියෙනවා. ඩාලි හරිම නාසිසිස්ටික් ඒ කියන්නෙ තමන්ම මාරයි කියන හැගීමෙන් පෙලුන කෙනෙක්. ඒ නිසාම ඩාලිගේ මමත්වය විශාල එකක් වුනා.
හැබැයි ඩාලිගේ චිත්‍රයක් බලන හැම කෙනෙක්වම ඒ චිත්‍රය විසින් යම් ආකාරයකින් වෙනස් කරනවා. ඒ චිත්‍ර පහුකරලා යන්නෙ බලන්න ආපු මනුස්සයා නෙමෙයි. ඒ තරමට ඒවා විසින් අපේ උපවිඥානය කිතිකවනවා.