අද දෙවෙනි එලිසබෙත් රැජනගේ අවමංගල්‍යය. ඒ වගේ දවසක ඇත්තටම වටිනවා රැජනගෙන් අපිට ලැබුනු දේ ගැන හිතන එක. රැජන කියන්නෙ බ්‍රිතාන්‍ය කිරීටය. එලිසබෙත්ට කලින් වික්ටෝරියා අපිව පාලනය කළා. අපි නිතර කතා කරන වික්ටෝරියානු සංස්කෘතිය නිර්මාණය වෙන්නෙ මේ යුගයෙ. ඒ කියන්නෙ 1837 ඉඳන් 1901 දක්වා කාලය. මේ කාලෙදි තමයි බ්‍රිතාන්‍යයේ බලය ප්‍රධානතම ගෝලීය බලය විදිහට වර්ධනය වුනේ. ගල් අගුරු, යකඩ, වානේ සහ රෙදිපිලි නිෂ්පාදනයෙන් ලෝකයේ ප්‍රධානතම වෙළඳ බලයක් අත්පත් කරගන්නත්, කලාවේ සහ විද්‍යාවේ විප්ලවයන් සිදු කරන්නත් බ්‍රිතාන්‍යයට හැකියාව ලැබුනා. මේ සියල්ලේ ප්‍රතිඵලය වුනේ බ්‍රිතාන්‍ය වික්ටෝරියානු සංස්කෘතිය ලෝකයටම බලපෑම. යටත්විජිත රටවල් වුනු අපේ වගේ රටවලට මේක තදින්ම බලපෑවා. අද පවා අපිට අත්හළ නොහැකිව තිබෙන පුහු සදාචාරවාදී තත්වයන් බොහොමයක් වික්ටෝරියානු සම්ප්‍රදායන්ගෙන් පැවත එන ඒවා. විශේෂයෙන්ම ලිංගික සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ විරෝධතා පිටිපස්සෙ තියෙන්නෙ මේ යල්පැන ගියා වික්ටෝරියානු මතවාද.
ඒ කොහොම වුනත් කාලයක සීමාවන්, තහංචි ලෙස පැවතුනු දෑ ඒ කාලය ඉක්ම ගිය පසු කලාවන් හැටියට රස විඳින්න පුළුවන් වෙනවා. වික්ටෝරියානු සංස්කෘතික අංගත් මේ වෙද්දි ඒ වගේ කලාත්මක රස වින්දනයන්ට නිමිති.
වික්ටෝරියානු සංස්කෘතිය පිටිපස්සෙ තිබුනු දැවැන්තම පීඩනය තමයි යටපත් කළ ලිංගික ආශාව. ඒ සංස්කෘතියෙ හැම අංගයක් තුලින්ම මේ ලිංගික පීඩනය එලියට පනිනවා. රැජනගේ මළගම වෙනුවෙන් අපි හැරී බලමු වික්ටෝරියානු සංස්කෘතික අවධියෙ සෙක්ස් කොයි වගේ තිබුනද කියල.
වික්ටෝරියානු සංස්කෘතියෙ ප්‍රධානම දෙයක් තමයි උඩ ඉඳන් පහලටම හොඳට ආවරණය වෙන විදිහට බොත්තම් දාලා ඇඳුම් අඳින එක. පිරිමි ඇවිස්සෙයි කියල බයට මේ අය මේසවලට පවා කකුල් ආවරණය වෙන විදිහට රෙදි ඇන්දුවා.
වික්ටෝරියානු සංස්කෘතිය හැමතිස්සෙම සදාචාරය ඉස්සරහට දාගත්ත එකක්. හැබැයි ඒ සංස්කෘතියම තමයි වැඩිපුරම මිනිස්සුන්ගෙ රහස් ජීවිතයට එබෙන්න ආසා කළෙත්. මේ දෙබිඩිකම ඒකෙ ලකුණක්. මේකම තමයි අද ලාංකිකයො විදිහට අපේ දෙබිඩිකමේ පදනමත්.
වික්ටෝරියානුවො සෙක්ස්වලට බය වෙන්න සාධාරණ හේතුවකුත් තිබුන. ඒ තමයි 1800 ගණංවල පැතිරෙන්න ගත්ත සිපිලිස් වසංගතය. විරූපි වීම විතරක් නෙමෙයි සිපිලිස්වලින් මානසික තත්වයත් පිරිහුනා. ඒක බිහිවෙන දරුවන්ට පවා ආසාදනය වෙන්න පුළුවන්. ඒ කාලෙ සිපිලිස්වලට බෙහෙත් තිබුනෙ නෑ. (දැන් මේක ප්‍රතිකාර ගැනීමෙන් පහසුවෙන් සුව කරන්න පුළුවන් රෝගයක්)
ඒ කාලෙත් ආරක්ෂාවට කොන්ඩම් තිබුන. ඒත් ඒවා පාවිච්චි කරන්න දැනුවත් කිරීමක් හෝ උනන්දු කිරීමක් තිබුනෙ නෑ. ඒ වගේම සතුන්ගෙ බඩවැල් ආදියෙන් නිෂ්පාදනය කරපු කොන්ඩම් නිතර ඉරී යාමේ අවදානමකුත් තිබුන. ගුඩ් ඉයර් නිෂ්පාදකයො 1855 දි රබර් කොන්ඩම් නිෂ්පාදනය කළත් ඒවා ඒ තරම් ව්‍යාප්ත වෙලා තිබුනෙ නෑ.
ඉතින් සමාජරෝග සැලකුවෙ වරදෙහි හැසිරීමට ලැබෙන දඩුවමක් විදිහට.
ඉතින් මේ වික්ටෝරියානු සදාචාරය අනුව ස්වයං වින්දනය තමයි ඉහළින්ම අගය කරන්න ඕන. ඒත් ස්වයං වින්දනය වළක්වන්න උපකරණ පවා මේ අය නිෂ්පාදනය කළා. හීනෙන් ධාතු පහවීම සැලකුවෙ රෝගයක් විදිහට. ඒ කාලෙ දොස්තරලා මේක ස්පර්මොටොරියා නමින් හඳුන්වමින් ප්‍රතිකාර ලබාදෙන්න පියවර ගත්තා.
කාන්තාවන් සම්බන්ධයෙන් මේ තත්වෙ තවත් නරක් වුනා. ඉසාක් බේකර් බ්‍රවුන් කියන ඒ කාලෙ ලන්ඩන් මෙඩිකල් සමාජයේ සභාපති විසින් කාන්තාවන් ස්වයං වින්දනයට ඇබ්බැහි වීම වළක්වන නිසැක ක්‍රමයක් විදිහට ක්ලිටෝරිසය සැත්කමකින් ඉවත් කිරීමට උපදෙස් දුන්නා .
වික්ටෝරියානු සමාජය ගණිකා වෘත්තිය ලොකුම සමාජ අපරාධයක් විදිහටයි සැලකුවෙ. ඒකට දරුණු ප්‍රතිචාර දැක්වීමකුත් සිදුවුනා. ජැක් ද රිපර් වගේ ගණිකාවන් මරා දමන සීරියල් කිලර්ස්ලා පවා බිහිවුනේ වික්ටෝරියානු සදාචාරය ඇතුලෙයි.
මේ යුගයේ පහළ පාංතික ජීවිතයේ දුක්ඛිතබව ගැන වර්කහවුස් ටේල්ස් කියන වෙබ් එකේ ලෙස්ලි හියුමන්ස් මෙහෙම ලියනවා.
‘19 වෙනි සියවසේ දුප්පත් කාන්තාවන්ට තිබුනෙ ඉතා සුළු රැකියා අවස්ථා ප්‍රමාණයක් වගේම ඒවා බොහොමයක් දුක්ඛිත ඒවා වුනා. සමහර කාන්තාවන් තමන්ට පහසුවෙන් විකිනිය හැකි ශරීරය විකුණා ජීවත් වුනා. ඒ වගේම මත්පැන්වලට ඇබ්බැහි වීම සහ ජීවිතයේ කණස්සල්ල නිසා බොහෝ දෙනෙක් ගණිකා වෘත්තියට යොමු වුනා.
සමහර කාන්තාවන් වෘත්තියක් වශයෙන්ම ගණිකෘ වෘත්තිය තෝරාගත් අතර පසුව විවාහ වී සාමාන්‍ය යැයි සැලකෙන ජීවිත ගත කරන්නත් යොමු වුනා’
අගමැතිවරයෙක් වුනු ග්ලැඩ්ස්ටන් ගණිකාවන් ගලවා ගැනීම වෙනුවෙන් කරපු උත්සාහයන් නිසා ජනප්‍රියයි. ඒත් ඒ උත්සාහයන් පිටුපස තිබුනු සැබෑ උවමනාවන්ද ප්‍රශ්නකාරී තත්වයක් තිබුන.
‘ද වර්ම් ඉන් ද බඩ්’ හෙවත් පොහොට්ටුවේ පණුවා නමින් වික්ටෝරියානු යුගයේ වංශවතුන්ගේ දෙබිඩි ජීවිත ගැන පොතක් ලියන රොනල්ඩ් පියර්සොල් ඒ ගැන මෙහෙම ලියනවා.
‘ග්ලැඩ්ස්ටන්ගෙ ගලවාගැනීමේ මෙහෙයුම පිටුපස ලස්සන කාන්තාවන්ට ඇති එයාගෙ ආශාවත් තිබුන. නැගෙනහිර දිග ලන්ඩනයේ (වඩාත්ම අඳුරු ප්‍රදේශය) ගණිකාවන් ඔහු කිසි දවසක ගලවාගත්තේ නෑ. ඒ වගේම රූපයෙන් ලස්සන නැති කිසි කෙනෙකුත් ඔහු විසින් ගලවා ගත්තේ නෑ’
ගොඩක් ජනප්‍රිය කතා තිබුනත් වික්ටෝරියානුවන් විසින් සෙක්ස් ටෝයිම් නිර්මාණය කලේ නෑ.
ඩිල්ඩෝස් වගේ සෙක්ස් ටෝයිස් සෑහෙන කාලෙක ඉඳන් තිබුන. ඒත් වික්ටෝරියානු කාලෙදි සෙක්ස් කියන දේ වෛද්‍යකරණය වෙන්න පටන් ගත්තා. මේ කාලෙදි සෙක්ෂුවල් ෆ්‍රස්ට්‍රේෂන් හෙවත් ලිංගික වශයෙන් බලාපොරොත්තු සුන්වීම කියලා සැලකෙන සාමාන්‍ය තත්වය ඒ කාලෙදි හිස්ටීරියාව නම් සුව කළ යුතු රෝගයක් විදිහට සැලකුනා. මේ සඳහා දොස්තරලා වයිබ්‍රේටර්ස් පාවිච්චි කළා. තව කාන්තාවන් තමන්ටම කියලා ‘කාන්තා සහායකයෙක්’ (අත්කම් ලෙස නිමැවූ ඩිල්ඩෝවක්) තියාගන්න වාසනාවන්ත වුනා.
ඇත්තටම වික්ටෝරියානුවන් ගෘහ භාන්ඩවල කකුල් පවා ආවරණය කරන්න උනන්දු වුනා කියන එක ජනප්‍රිය මිත්‍යාවක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කියන්නෙ වික්ටෝරියානුවන් කොයිතරම් අසභ්‍ය මනසකින් හිටියද කිව්වොත් මේස කකුලක් පවා හැගීම් අවුස්සන අසැබි දෙයක් විදිහට දැක්කා කියලයි. මේසෙක නැම්මක් පවා දරාගන්න බැරි වුනා කියලයි.
ඒත් මේක ඒ තරම් සත්‍ය කාරණයක් නෙමෙයි. මේක සිද්ද වෙන්න මූලික හේතුව ඉංග්‍රීසි සංචාරකයෙක් වුනු ෆෙඩ්රික් මැරියට් 1837දි ඇමරිකාවට ගියාම අත්විඳපු විහිළුවක් වෙන්න පුළුවන්.
ඉතිහාසඥයෙක් වෙන ටෝනි පෙරොටෙ මේ ගැන ලියන්නෙ මෙහෙම.
‘මැරියට් නයගරා ඇල්ල අසබඩ සෙමනේරියක තරුණ යුවතියන් පිරිසක් මුනගැහුනා. එතනදි පියානෝවක කකුල් පවා වැසෙන ලෙස කලිසම් අන්දවා තිබීම දැකලා එයා පුදුම වුනා. එතන හිටපු කෙනෙක් කිව්වෙ, මේ ලේසියෙන්ම නරකට පෙළඹෙනසුලු වයසෙ තරුණ යුවතියන්ගෙ සිත් දූෂ්‍ය නොවනු පිනිස එහෙම කරනවා කියලයි. තව වෙලාවක යැංකි යුවතියක් මැරියට් ට කියනවා ‘කකුල’ කියන වචනය පවා ඇමරිකාවෙ කියන එක අවදානම් කියල. කැප්ටන් මැරියට් මේ සියල්ල එයාගෙ ඇමරිකානු ඩයරියෙ සටහන් කරනවා.
මේ හැරුනු කොට මේ ගැන කිසිදු තැනක සටහනක් නෑ. සමහර විට පියානෝ කකුල් දූවිල්ලෙන් වලක්වනු පිනිස ආවරණය කළා වෙන්න පුළුවන්’
මේ මැරියට්ගෙ පොත කියවපු බ්‍රිතාන්‍ය වැසියන් ඇමරිකානුවන්ට දෙවෙනි නොවනු පිනිස මේ දේවල් අනුකරණය කළා වෙන්න පුළුවන්.
වික්ටෝරියානු සංස්කෘතිය සෙක්ස් ගැන ලොකු අවුලක් තිබුනට වික්ටෝරියා රැජන සෙක්ස්වලට බොහොම ආසා කළ කෙනෙක්. එයාගෙ සැමියා වුනු ඇල්බර්ට් එක්ක ඉතාම අනුරාගී දැඩි ඇල්මකින් පසුවුනු බවයි කියන්නෙ. එයාගෙ පළමු රාත්‍රිය ගැන දිනපොත් සටහනක් තබන වික්ටෝරියා මෙහෙම ලියනවා.‘ඒක පුදුම තරම් තෘප්තිදායක, මනස්කාන්ත රාත්‍රියක්. මං කිසි දවසක ඒ වගේ රාත්‍රියක් ගත කර නැහැ. ඔහුගේ දැඩි ප්‍රේමය සහ ඇල්ම දිව්‍යමය ප්‍රේමයක සහ සතුටක හැගීම් මට දුන්නා. ඔහුගේ දෑතින් මාව අල්ලාගෙන සිටි අතර අපි නැවත නැවතත් උනුන් සිපගත්තා’
ඒ කාලෙ තිබුනු විශ්වාසයන්ට පටහැනිව වික්ටෝරියා දැඩි ලෙස කායික ඇසුර ප්‍රිය කළා. නමුත් ඒ ඇය සහ ඇල්බර්ට් අතර විතරයි. සමහරු කියන විදිහට ඇය නිම්ෆොමේනියැක් හෙවත් තෘප්තිමත් කළ නොහැකි තරමේ ආශාවකින් පෙලෙන්නියක්. මේ නිසා ඇල්බර්ට් හිටියෙ හතිවැටිලා.
වික්ටෝරියා ෆ්‍රාන්ස් එක්සැවර් වින්ටර්හෝල්ටර් කියන සිත්තරාට කියල ඇගේ ආලේඛ්‍ය රූපයක් අන්දවාගන්නවා. ඒ කාලෙ හැටියට ඒක තිගැස්සෙන තරමෙ අනුරාගී එකක්. ඒ චිත්‍රය තමයි වික්ටෝරියාගේ රහසිගත චිත්‍රය නමින් ප්‍රසිද්ද වුනේ. මේක ඇය කරන්නෙ ඇල්බර්ට් වෙනුවෙන්. දැන් කාලෙ හැටියට නම් ඒක පෙම්වතාට යවන නිරුවත් ඡායාරූපයක් හා සමානයි.
බර්ටි කියන නමින් පවුලේ හඳුන්වපු හත්වෙනි එඩ්වර්ඩ් (වික්ටෝරියාගේ වැඩිමල් පුතා) හොඳටම නරක චර්යාවක් තිබුනු කෙනෙක්. එයාගෙ තාත්තා ප්‍රින්ස් ඇල්බර්ට් එයාට කියනවා, මං දන්නවා උඹ දුර්වල මෝඩයෙක් කියල, ඒත් මෙහෙම සදාචාරයක් නැති එකෙක් කියල දැනගෙන හිටියෙ නෑ කියල.
ඇල්බර්ට් ලෙඩ ඇදෙන් නැගිටලා බර්ටි බලන්න යනවා එයා නෙලී ක්ලිෆ්ඩන් කියන නිළිය එක්ක අයර්ලන්තයේ කාරා කෑම්ප්ස්වල හැසිරෙන හැටි ගැන කතා අහන් ඉන්න බැරුව. මේ ගමනෙදි ඇල්බර්ට් සීතලට අහුවීමෙන් එයාගෙ මරණය ඉක්මන් වුනා කියලත් කියනවා. ඒත් නිල වශයෙන් ඇල්බර්ට් මැරෙන්නෙ ටයිෆොයිඩ් හින්ද. ඒ්ත් වික්ටෝරියා බර්ටිට බැනවදිනවා එයා නිසා ඇතිවුනු ආතතිය මේකට හේතු වුනා කියල.
ඇය පස්සෙ ඇගේ මේ අයාලෙ යන පුතා ගැන කියනවා, මට ඊට පස්සෙ කිසි දවසක අපහසුවකින් තොරව එයා දිහා බලන්න බැරි වුනා කියල. වික්ටෝරියා දැනගෙන හිටියා බර්ටිගෙ අවකල් ක්‍රියාවන් ගැන. ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය සමග විවාහ වුනු පසුවත් බර්ටි තමන්ගේ සුපුරුදු ස්ත්‍රීලෝලීත්වය පවත්වාගෙන ගියා. එයාගෙ ප්‍රියතම ගණිකා නිවාසය වුනු ‘ලෙ ෂබානාස්’ හි ලිංගික ක්‍රියාකාරකම් සඳහා ඔහුටම වෙන් කළ පුටුවක් පවා තියාගෙන හිටියා.
මේ කාලෙ අසභ්‍ය පොතපතත් තිබුන. ‘ඔටොබයග්‍රෆි ඔෆ් ෆ්ලී’ හෙවත් මැක්කාගේ කතාව කියන්නෙ 1887දි ලියවුනු ඉරොටික් නවකතාවක්. පස්සෙ කාලෙක හෙලිදරව් වුනා මේ පොත ලිව්වෙ ලන්ඩනයේ නීතිඥයෙක් වුනු ස්ටැනිස්ලාස් ඩි රෝඩ්ස් බව.
මේක අපේ රටේ මකුනාගේ කතාව වගේ එකක්. මැක්කාගේ දෘෂ්ටිකෝනයෙන් බෙලා කියන සුන්දර යුවතියකගේ අනුරාගය සහ ලිංගික හැසිරීම් ගැන මේක කියවෙනවා. ලන්ඩනයේ ‘හෝලිවෙල් ස්ට්‍රීට්’ ටයිම්ස් පත්තරෙන් හැඳින්නුවෙ ශිෂ්ට ලෝකයේ අශිෂ්ටම මාවත කියල. මේක පෝර්න්වල මධ්‍යස්ථානයක් වෙලයි තිබුනෙ. 1834දි පෝර්න් ෂොප් 57ක් පැවතුනු බවට ගනන් බලා තියෙනවා.
1857දි අසභ්‍ය පණත ගේන්නෙ මේ අනීතික කර්මාන්තය නවත්තන්න හිතාගෙන. ඒත් ඒකෙන් වෙන්නෙ මේක තවත් අන්ඩර්ග්‍රවුන්ඩ් මාර්කට් එකකට හැරෙන එක. පොත් ප්‍රකාශකයො බොරු නම්වලින් මේ ප්‍රකාශන පවත්වාගෙන යන්න පටන් ගන්නවා.
ආචාර්ය මැතිව් ග්‍රීන් ‘සීක්‍රට් හිස්ටරි ඔෆ් හෝලිවෙල් ස්ට්‍රීට්’ ලිපියෙ මෙහෙම ලියනවා,
‘හෝලිවෙල් මාවතේ සාමාන්‍ය දිනයක රංචු පිටින් පිරිමි, සමහර විට ගැහැණු මේ පෝර්න් ෂොප්වල පිටත ජනෙල්වලින් එබෙමින් සැරිසරනවා. ඉඳහිටලා ඇතුලට නොපෙනී යන්නෙ වික්ටෝරියානු ලන්ඩනයේ තහනම් ඵලයේ රස දත්වලින් සපා බැලීමටයි.
ජනෙල්වලින් පේන පොළඹවනසුලු කවර, සහ අසභ්‍ය කැටයම් ඇතුලෙ ඇති අසභ්‍ය දේ ගැන සංඥාවක් දෙනවා.
මේ සියවස මැද ඩේලි ටෙලිග්‍රාෆ් ලිපියක් මෙවන් අය පහත් කරමින් ලියා තිබුනෙ, රහසින් කවුළු තුලින් මේ පව්කාර කඩ ඇතුලට එබී බලන, අසහනයෙන් මේ අසැබි පොත් කවර පෙරලා බලන, ක්‍රියාව තරම් වනචර වූ මේ කැටයම් දෙස වරදකාරී ලෙස නැමී බලා සිටින්නවුන් විදිහටයි..
ආන්ට් එප් නමින් හඳුන්වපු එල්ස්පෙත් මාර් වික්ටෝරියානු කාලෙ සෙක්ස් ගැන ලස්සන කතාවක් කියනවා. මේ කාන්තාව ඇත්තටම හිටියද නැද්ද කියලත් විවාදයක් තියෙනවා.
ආන්ට් එප්ගේ ගයිඩ් ෆෝර් ලයිෆ් පොතේ ඇය කියනවා,
‘සෙක්ස් කියන්නෙ හරියට පාන් වගෙයි. ඒක නැතුව ජීවිතේ මොනවා කරන්නද? අන්තිම පල්’