මනෝ විශ්ලේෂණයෙන් සහ දේශපාලන මතවාදවලින් බැහැරව සිනමාවේ සෞන්දර්යය ගැන කතාබහක් කරනවා කියල ඇල්ෆා එකේ ප‍්‍රියන්ත ෆොන්සේකා එක්ක කරන වැඬේ පෝස්ට් එකක් එෆ්බී එකේ වැටුන. ඒකෙන් කුපිත වුණු විදර්ශන, වංගීස ඇතුලූ පිරිස ඒ දෙකෙන් තොරව ආර්ට් ගැන කතා කරන්න පුළුවන්ද කියල ඒක ජෝක් කරන්න ගත්තා.
ඇත්තටම සිනමාව ගැන කතා කරන්න මනෝ විශ්ලේෂණය, නැත්තං දේශපාලන දර්ශනවාද වගේ ඒවා ඕනද? ආර්ට් නම් වමේ වෙන්න ඕන කියල හිතන මට්ටමේ මානසිකත්වයකට මේ තත්වය හරිම ස්වභාවිකයි. ඒත් සිනමාව ගැන කතා කරන්න මේ න්‍යායන් ඕනද? කවුරු හරි කියන කවර හෝ අදහසක් අරගෙන ඒක දේශපාලනිකයි කියල කොහෙට හරි සම්බන්ද කරන්න පුළුවන්. ඒ විදිහට ඕනම දෙයක් අතර සම්බන්ධතා තියෙනවා. ඒත් ප‍්‍රශ්නෙ වෙන්නෙ අපි න්‍යායක් ඇතුලෙන් චිත‍්‍රපටිය කියවන්න හදනවද කියන එකයි.
ලංකාවෙ සිනමා විචාර සහ කියවීම් ඔක්කොම පාදක වෙන්නෙ මේ තියරි උඩයි. ඇත්තටම ලංකාවේ සිනමාව කියවන්න යන ගොඩක් අයට සිනමාව විඳීමේ හැකියාව අඩුයි. ඒ ගොල්ලො තමන්ගෙ තියරියත් එක්ක චිත‍්‍රපටිය සමීකරණය කරනවා. ඒක සෙට් වෙන්නෙ නැත්තං චාටර්, පසුගාමී, නව ලිබරල්වාදී මොකක් හරි දේකින් ෆිල්ම් එක පීචං කරනවා. සෙට් වෙනවා නම් ඒ තියරිය වෙනුවෙන් නිර්මාණය වීමේ ප‍්‍රීතියෙන් චිත‍්‍රපටිය උස්සගෙන යනවා.
ඒ තියරිය හරියට කළාම චිත‍්‍රපටියක් හරිද? සුචරිත ගම්ලත් කාලෙ ඉඳලම එන ලංකාවෙ විචාරය ඔච්චරයි.
මේ විදිහෙ තියරි උඩ හිටගෙන විචාර ලියන අය ලෝකෙ නැත්තෙ නෑ. ඒත් ට බාහිරින් එක එක අදහස් එලියට එනවා. චිත‍්‍රපටි ගැන විෂයමූලික සහ ආත්මමූලික කියන පැති දෙකෙන්ම කියවන්න පුළුවන්. මං පුද්ගලිකව වඩා කැමති ආත්මමූලික කියවීමට. ඒ කියන්නෙ ෆිල්ම් එකක් තමන්ට දැනුනෙ කොහොමද කියන පුද්ගලික අදහස. ඒක නොයෙක් දේශපාලන, මිත්‍යා, මනෝ විද්‍යා, බහුබූත දේවල්වල මිශ‍්‍රණයක් වෙන්න පුළුවන්. ඒත් ඒ ෆිල්ම් එකෙන් ඒ පුද්ගලයාට ඇති කරපු වෙනස සජීවීව ඒ ප‍්‍රකාශනයෙ තියෙනවා. ආත්මමූලික විචාර කියන්නෙ ආයිමත් ආර්ට් එකක්. චිත‍්‍රපටියක බලපෑමෙන් බිහිවෙන තවත් කෘතියක්. ඒක නැවත විඳින්න පුළුවන්. මාරයි, ආතල්, හිරිවැටිලා යනවා වගේ වචනවලට ඒ ආත්මමූලික විචාර ඇතුලෙ ගොඩක් දේවල් ප‍්‍රකාශ කරන්න පුළුවන්. වැදගත් වෙන්නෙ කියවන්නාව ජර්නි එකක අරන් යනවද කියන එකයි.
අනිත් එක විෂයමූලික විචාර. මනෝ විශ්ලේෂණ වේවා සමාජ සත්තාවාදී වේවා, ස්ත‍්‍රීවාදී වේවා කවර හෝ න්‍යායක්, විෂයක් සාධනය කරමින් කෘතියක් ගැන කරන අදහස් දැක්වීම්. ඒවා තමයි ලංකාවෙ මෙතෙක් කල් පැවතගෙන එන්නෙ. ඒ හින්ද තමයි ඒවා නැතුව කොහෙද විචාර කියල වගේ ප‍්‍රශ්න ඇහෙන්නෙ.
මේ විචාර වලින් කරන්නෙ පවතින යම් න්‍යායික විෂය පදනමක් මත කෘතියක් ඇනලයිස් කිරීම. මේක ඇකඩමික් වර්ගයේ වැඩක්. විඳීමක් වෙනුවට විශ්ලේෂණයක්. කලින් කියපු ආත්මමූලික විචාරය සංස්ලේෂී එකක් නම් මේක විශ්ලේෂී එකක්. මේ සම්බන්ධයෙන් පොදු එකගතා තියෙනවා. කොටින්ම ප‍්‍රියන්ත මෙතනදි කතා කරන සෞන්දර්යවේදය පවා ඒ විදිහෙ විෂයක්. මනෝ විශ්ලේෂණයෙන් වගේම සෞන්දර්යවේදයෙනුත් කෘතියක් කියවන්න පුළුවන්.
මං පුද්ගලිකව ඒ සෞන්දර්යවේදී කියවීමට පවා කැමති නෑ. ඕනම එකක් විෂයයක් එක්ක සාධනය කරමින් කරන අදහස් දැක්වීම මට මළගෙදර කතාවක් වගේ. අපි කෘතිය එක්ක සජීවී ගනුදෙනුවක් කරන්නෙ නෑ වගේ. කෘතිය ආශ‍්‍රය කරන්නෙ හරියට ගණිකාවක් වගේ. විනිශ්චයකාරී තැනකින්. ඒක මට ආර්ට් එක්ක කරන රමණයක් වගේ දැනෙන්නෙ නෑ.
ඒත් ඒ විදිහෙ විචාරත් පවතිනවා. ඒවා කියවන සහ ඒවා ඇසුරෙන් නැවත නැවත කෘති කියවන ලොකු පිරිසක් ඉන්නවා. මේ දෙවෙනි වර්ගයේ විචාර නැවත ආර්ට් එකක් නිර්මාණය කරන්නෙ නෑ. ඒක එන්ඞ් එකක්. නිශ්චිතයක්. මාරයි වගේ වචන ඒවායෙ නැත්තෙ ඒකයි. විවෘත අදහස් තියෙන වචන වලින් සන්නිවේදනය කරන්න ඒ පිට්ටනියෙ බෑ.
ඒත් මේ එකකින් අනිත් එක වාරණය වෙන්නෙ නෑ. අපි ඇත්තටම ෆිල්ම් එකක් බලන්නෙ කවුරු හරි ඒක මනෝ විශ්ලේෂණයට හරි මාක්ස්වාදයට හරි එකගයි කියන හින්ද නෙමෙයි, බලලා ඇවිත් මාරයි මචං ගිහින් බලපං කියන එකෙන්… ඒක විචාරයකට එහා ගිය ෂෙයාර් කර ගැනීමක්.
චින්තන ධර්මදාස