කොළඹ පාසැලක ශිෂ්‍යයෙක් ගුරුවරියන් කීප දෙනෙකු සමග සම්බන්ධතා පැවැත්වීමේ සිදුවීමක් ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා. තරුණයා සමහරෙකුට අනුව වැරදිකාරයෙක්. සමහරෙකුට අනුව වීරයෙක්. ඒ කොහොම වුනත් බොහෝ දෙනෙකුට අනුව ගුරුවරියන් වැරදිකාරියො වෙලා තියෙනවා.
මේ අතරෙ වෝක්වාදී කොහොමත් ලිංගික විරෝධී පිරිස්, ගුරු ශිෂ්‍ය වෙනස අතර බලයක් ක්‍රියාත්මක වෙන නිසා කොහොමත් මේක හිංසනයක් විදිහට දකින්න පෙළඹිලා තියෙනවා. ඒ අයගෙ පෙනී සිටීම් බලද්දි කෙනෙකුට පැහැදිලි වෙන්න ඕන මේ අයට අනුව සෙක්ස් කියන්නෙම හිංසනයක් බව. ඒක වෙනම තත්වයක්. අසමාන බලයක් ක්‍රියාත්මක නොවෙන කිසිම සම්බන්ධතාවයක් ලෝකෙ ඇත්තෙ නෑ. ඕනම සම්බන්ධයක බල අසමතුලිතතාවයක් තියෙනවා. බොහෝ විට ඒක ශෘංගාර කාරණයක් වෙනවා. මේ අයට අනුව වික්ටර් රත්නායකට අර තරුණ කාන්තාව සමග විවාහ වෙන්න බෑ. ඒක බලහත්කාරයක්. (අපි මේ අයව පොඩ්ඩක් පැත්තකින් තියමු)
මේ සිදුවීම දිහා බලද්දි වැදගත් කාරනා කීපයක් සිහියේ තබා ගන්න උවමනායි.
- මේ ශිෂ්‍යයා අවුරුදු 19ක වැඩිහිටියෙක්. ඒ නිසා මෙය නීතියෙන් වරදකාරි තත්වයක් නෙමෙයි.
- මේ සබඳතා ඉතාම ආරක්ෂිත ආකාරයෙන්, ලිංගික රෝග හෝ අනවශ්‍ය ගැබ් ගැනීම් හෝ සිදු නොවන ආකාරයෙන් වීඩියෝ හරහා කළ දුරස්ථ සබඳතායි. (අපි දන්නෙ එපමණයි)
- මේ කිසිවක් පාසැල් භූමිය තුල සිද්ද වුනු ඒවා නෙමෙයි. ඒ කියන්නෙ ගුරු ශිෂ්‍ය නිල අවකාශයෙන් බැහැරව නිවෙස් තුල සාමාන්‍ය තරුණයෙක් සහ තරුණියක් ආකාරයෙන් සිදුවුනු ක්‍රියාකාරකම්.
මේ සිදුවීමේ නව්‍යතාවයකට ඇත්තේ මේ සබඳතා වීඩියෝ වීමත් ඒවා ලීක් වීමත් තමයි. නැත්නම් ගුරුවරුන් හා ශිෂ්‍යයන් (ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම) අනුරාගික කායික සබඳතා කියන්නෙ ඉතා දුර අතීතයක පටන් හැම පාසැලකම සිදුවන අප්‍රකට නමුත් අති සාමාන්‍ය සිද්දියක්. හැම පරම්පරාවකම හැම වැඩිහිටියෙක්ම තමන්ගේ පාසැල් වියේ මෙවන් සිදුවීම් දැකලා, අහලා හෝ කරලා තියෙනවා. 
හෝමෝන කැරලි ගහමින්, සියලු ඉන්ද්‍රියයන් ඇවිස්සෙන, කුතුහලයෙන් මත්වෙන නව යොවුන් වයස. ඒ වයසට සීමා කියන්නෙ තරණය කිරීමෙන්ම තෘප්තිමත් වෙන ශෘංගාර කඩුළු.
ප්‍රයිවෙට් ලෙසන්ස් කියන්නෙ 1981 විතර ආපු චිත්‍රපටියක්. ඒකෙ තියෙන්නෙ අවුරුදු පහලොවක විතර පොඩි එකෙක් ගෙදර නතර කරලා යන තරමක් වැඩිමහල් කාන්තාවක්/ ටියුටර් කෙනෙක් එක්ක අනුරාගයෙන් බැදෙන කතාවක්. ඒ කාලෙ මේ වෝක් කතන්දර තිබුනෙ නෑ. ඒ ෆැන්ටසිය අපි හැමෝම බෙදාගත්තා.
ඊට පස්සෙ 1986 ප්‍රයිවෙට් ලෙසන්ස් ප්‍රංශ චිත්‍රපටියක් ආවා. ඒක තරමක් සංකීර්ණ එකක්. මේ සිද්ධියට අදාලව ආපහු බලන්න පුළුවන් නම් වටිනවා. මේ චිත්‍රපටි අපේ ළමා කාලය විචිත්‍රවත් කළා විතරක් නෙමෙයි අපේ ආශාවේ මායිම් සළකුණු කළා.
මේ සිදුවීමේ ආකාරයට වීඩියෝ මගින් කරන ලිංගික ආස්වාද ලැබීම් අපි හැමෝම කරනවා. ඒක මේ කාලෙ අතිශය සාමාන්‍ය දෙයක්.
සැබෑ ප්‍රශ්නය පැන නගින්නෙ මෙතනින් ඔබ්බටයි. ඒ තෙවෙනි පාර්ශ්වයක් විසින් ඒවා නැරඹීම සහ ඒවා ලීක් කිරීම කියන කාරණය. ඒක විපරීත අශිෂ්ට සතුටක්. සදාචාරය කැඩෙන තැන වෙන්නෙ ඒක. සමාජ මාධ්‍ය පුරා දකින්න තියෙන්නෙ ඒ අශ්ශීල සතුට/ඉරිසියාව/වේදනාව ගුණාකාර කරමින් බෙදාහැරීමයි.
බලහත්කාරී නොවන ලිංගික හැසිරීමක් කියන්නෙ හොඳ දෙයක්. මිනිස්සු සතුටු වෙන දෙයක්. එකිනෙකා ආදරෙන් බැදෙන දෙයක්. ඒවා ලීක් කිරීම සහ බෙදාහැරීම කියන්නෙ විනාශකාරී, අපරාධකාරී, අසහනකාරී දුෂ්ට වැඩක්. ඒ විපරීත රසය විසින් අර තරුණයාගේත් ඔහු සමග පෙම්කළ කාන්තාවන්ගේත් ජීවිත විනාශ කිරීම අරමුනු කරගන්නා බව පේනවා.
මේ සබඳතා සුන්දර වන අතර ඒවා මත ක්‍රියාත්මක වන සදාචාර මෙහෙයුම නින්දිතය.
මේ සබඳතා නිසා ඇතිවෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් වෙන්නෙ ඒ පාසැලට. වරද තියෙන්නෙ පාසැල් විනය සම්බන්ධයෙන්. එලියෙ සමාජයට වද වෙන්න කාරණාවක් එතන නෑ. මේ එලියෙ නලියන්නෙ අසහනය.
මේ වෙද්දි සමහරු ඒ කාන්තාවන්ගේ පුද්ගලික ගිනුම් හොයාගෙන, ඒ අයගේ පිංතූර ෂෙයාර් කරගෙන හරිම හිරිකිත ෂර්ලොක් හෝම්ස්ලා වෙමින් ඉන්නවා. මේ පිරිස සෝෂල් මීඩියා පිසාචයො. සමාජ මාධ්‍යයක ජීවත් වෙන පහලම ස්ථරය.
අපි මේ කතාවෙන් ටිකක් දුරස් වෙලා ඇත්තම ප්‍රශ්නය දිහා බලමු. මේ සබඳතා නිසා ඇත්තම අර්බුදය ඇතිවෙන්නෙ පවතින පාසැල් ක්‍රමයටයි. ඒ ආකෘතිය ලොකු කම්පනයකට ලක්වෙනවා. ඒ කම්පනය තේරුම් ගැනීම වැදගත්. මේ පාසැල් ක්‍රමය පිටිපස්සෙ පවතින ඇත්ත අවුල එතනදි අපිට මුනගැහෙනවා.
අපේ නුතන පාසැල් ක්‍රමය නිර්මාණය වන්නේ ක්‍රිස්තියානි සෙමනේරි ක්‍රමය ඇසුරෙන්. මේ හින්දම තහනම වැලැක්වීම, දන්ඩනය මූලික ක්‍රමයක් විදිහට ඒ තුල ක්‍රියාත්මකයි. ආශාව යටපත් කිරීම තමයි පාසැලේ විනය වෙන්නෙ. නවයොවුන් වියේ කැරලිගහන මානව ලිංගික ආශාව තේරුම් ගන්න හෝ බාරගන්න මේ ක්‍රිස්තියානි පාසැල් ක්‍රමයට පුලුවන්කමක් නෑ. මේ නිසා ලිංගික යමක් මතුවු සැනින් පාසැලේ ආකෘතියම හෙල්ලෙන්න පටන් ගන්නවා. පාසැල් ගැන ආගමික භක්තියෙන් බැඳුනු බැතිමත්තු කැළඹෙනවා. ගුරු මෑනියෝ.. ගුරු පියානෙනි.. ඒ අය කොහොමද සෙක්ස් කරන්නෙ? ඒක ඒ ක්‍රිස්තියානි සෙමනේරි පාසැල් සංස්කෘතිය ඇතුලෙ ට්‍රෝමැටික් එක්ස්පීරියන්ස් එකක්.
නමුත් ඒ අර්බුදය නිර්මාණය කරන්නෙ ඒ ආකෘතිය විසින්මයි. තහනම හැමවෙලාවකම ආශාව උමතු කරනවා. නිලබලයන් එක්ක නිර්මාණය කරන කෘතිම බැරියර් කියන්නෙම අනුරාග සබඳතා ආකෘතී මවන තැන්. ගුරු, පූජ්‍ය, ආරක්ෂක ආදී නිලබල ආකෘති මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා. මේ ආශාව හෝ අනුරාගයත් මේ නිලයන් හෝ ආයතන තරම්ම පරණයි. ටැබු එක උපන් දා පටන් ආශාව නිර්මාණය වෙනවා.
පාසැල් ආකෘතීන් කිව්වම ලෝකෙ තිබුනු එකම ආකෘතිය මේ සෙමනේරි, බන්ධනාගාර, රෝහල් ආකෘතියම නෙමෙයි. උදා විදිහට ග්‍රීකයන් අතර තිබුනෙ වෙනත් අධ්‍යාපන ආකෘතියක්.
ක්‍රිස්තියානි ආකෘතිය වගේ ආශාව තහනම් කිරීම, පාපී දෙයක් කිරීම වෙනුවට ග්‍රීකයො ආශාව ආධ්‍යාපනය ඇතුලට බාරගත්තා. ග්‍රීක අධ්‍යාපනයෙදි ශරීරය, මනස, ධෛර්යය , රසය සහ ආත්මය කියන සියල්ල නිර්මාණය කරගැනීම අරමුණු කර ගත්තා. නූතන පාසැල් ක්‍රමයේ ගුරුවරයා යන දුරස්ත, නිලමය තත්වය වෙනුවට වඩා ඉන්ටිමේට් සම්බන්දයක් ග්‍රීකයො අපේක්ෂා කලා. බොහෝවිට ශිෂ්‍යයන් සමග ගුරුවරුන්ගේ අනුරාග සම්බන්ධතා පැවතුනා. ඒ සබඳතා අධ්‍යාපනයෙ කොටසක් වුනා. ඒ කාලෙ සදාචාරය වෙනස්. පෙඩරෙස්ටි හෙවත් නව යොවුන් සහ වියපත් දාර්ශනිකයන් අතර අනුරාග සම්බන්ධය පිළිගත් ක්‍රමයක් වෙලයි තිබුනෙ. ඒ ක්‍රමය ඇතුලෙ තමයි සොක්‍රටීස්ලා, ප්ලේටොලා, ඇරිස්ටෝටල්ලා බිහිවෙන්නෙ. 
ග්‍රීකයො ආශාව බැහැර කරනවා වෙනුවට ආශාව රිචුවල් එකක් බවට පත්කර ගත්තා. එතකොට ඒක වනචාරී එකක් වෙනවා වෙනුවට යම් අභිවෘද්ධියක් පිනිස යොදාගත හැකි මගක් වුනා.
ඒ හින්ද ග්‍රීක අධ්‍යාපන ආකෘතිය මේ වගේ ලිංගික සම්බන්දතා නිසා දෙදරන්න ඉඩක් නෑ. නමුත් අපි ගැහැනු පිරිමි පවා වෙන් කරමින් ලිංගිකත්වය තහනම් කරමින් නිර්මාණය කරගත්ත ක්‍රිස්තියානි පාසැල් ආකෘතිය මේ වගේ දෙයින් සෑහෙන්න බිඳ වැටෙන්න පුලුවන්. මොකද ලිංගිකත්වයට එරෙහිව තමයි පාසැල නිර්මාණය කරගෙන තියෙන්නෙ. ඒක දුර්වල පිහිටීමක්.
ලිංගිකත්වය දිහා ධනාත්මක විදිහට බලන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් අපිට අවශ්‍ය වෙනවා. දෙන්නෙකු අතර ලිංගික සම්බන්ධතාවයක් කියන්නෙ (ගැහැණු වේවා පිරිමි වේවා සම සංක්‍රාන්ති කවර වේවා) ඒක ලස්සන දෙයක්. ඒක කැත කිරීමේ සංස්කෘතියක් නෙමෙයි අධ්‍යාපනය ඇතුලෙන් නිර්මාණය වෙන්න ඕන.
අවසාන ප්‍රතිඵලයක් විදිහට ලිංගික අනුරාගයකින් බැඳීමේ වරදට ඒ තරුණයාගේ හෝ අනෙක් කාන්තාවන්ගේ හෝ ජීවිත විනාශ වෙනවා නම් ඒකට වග කියන්න ඕන සදාචාරයේ නමින් මිනිස්සු මරා දමන මේ විපරීත සමාජය මිස අනුරාගයෙන් බැඳී සතුට බෙදාගත්ත උන් නෙමෙයි.
සුන්දර දේ සුන්දර විදිහට දකින්න. අසුන්දර දේ අසුන්දර ලෙස බැහැර කරන්න. විවෘත මිනිස්සු විදිහට ජීවත් වෙන්න.







