Author: cult

  • වම දකුණ පැටලෙන සයිටම් විරෝදය

    වම දකුණ පැටලෙන සයිටම් විරෝදය

    සයිටම් ප‍්‍රශ්නෙ දැන් පත්තු වෙලා යනවා. අධිකරණයේ ස්වාධීනත්වය, රෝගීන්ගේ සෞඛ්‍ය අවදානම, අධ්‍යාපනයේ පිරිහීම වගේ මාර මාතෘකා වලින් ලංකාවෙ  ඕනම දේකට විරුද්ද වෙන රෝගී වම සහ දකුණ සයිටම් විරෝධය මත එල්ලී යැපෙනවා. මෙතනදි තේරුම් ගන්න තියෙන වැදගත්ම කාරණය මේ මතුකරන කවර කාරණයකටත් වඩා ඒ පිටිපස්සෙ තියෙන වැඩවසම් උවමනාව කියන එක. ඇත්තටම එතනදි මේ විරෝධීන් පව්. ඒ අයට කොයිතරම්  ඕන වුණත්, කොයිතරම් ලෝකෙ ප‍්‍රගතිශීලී කියන කතා කටපාඩම් කර ගත්තත් මේ ජානගත පසුගාමීත්වයෙන් ගැලවෙන්න අමාරුයි. ඒක සිද්ද වෙන්න නියමිත සමාජ පරිණාමයක් හරහායි. ඇත්තටම සයිටම්, සමලිංගික අයිතිය වගේ කාරණා ඒ පරිණාමය වේගවත් කරනවා. මේ කතිකාවෙ පරණකම අවධාරණය කරනවා.

    වමේ ජනප‍්‍රිය කතිකයෙක් සහ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී ඉන්න හෙළ උරුමයට බර කතිකාචාර්යවරයෙක් ඇතුලූ තවත් බොහොමයක් කට්ටිය ඉතා මෑතක ඉඳන් විලිලැජ්ජ නැති කතාවක් හරි හයියෙන් කියනවා.
    ‘දැන්  ඕන කෙනෙකුට  ඕන දෙයක් කියන්න පුලූවන් වෙලා’
    ඒ ගොල්ලො අවුල් වෙනවා.

    මේ කියන්නෙ නවීන තාක්‍ෂණය හරහා හැමෝටම තමන්ගෙ අදහස් ඉදිරිපත් කරන්න, ඒවා බෙදාහදා ගන්න තියෙන අයිතිය ගැනයි. තමන් බුද්දිමතුන්, හදාරන්නන්, කියවන්නන් විදිහට හඳුන්වා ගනිමින් සමාජ සංවාද අවකාශයේ අත්පත් කරගෙන හිටපු තැන ප‍්‍රජාතන්ත‍්‍රීකරණය වීම ගැනයි මේ මැසිවිල්ල.

    යම් හෝ ප‍්‍රගතිශීලී අදහසක් දරන්නෙක් පුළුවන් තරම් පක්ෂ විය යුත්තේ හැම කෙනෙකුගේම අදහසක් මතුවෙන්නට, සංවාද වෙන්නට අවකාශයක් විවෘත වීම ගැනයි. හැම අදහසකටම සමාන බරක් ලැබීම ගැනයි.

    සමාජයේ කොමියුනිස්ට්වාදය ගැන කතා කරන ගොඩක් අයගෙ සැබෑ දේශපාලනය අහුවෙන තැන වෙන්නෙ මේකයි. කවර තත්වයක් හෝ වේවා ඒ තත්වය තුල තමන්ගෙ ආධිපත්‍යය ආරක්ෂා වෙන්න  ඕන. ලංකාවෙ මාක්ස්වාදය කියන්නෙ ඔච්චරයි. අනිත් හැමදේම තියෙන්නෙ නිකං මිනිස්සු කරකවන්න.

    මගේ අදහස නම් සිංදු කියන්න ආස හැමෝටම සිංදු කියන්න ඉඩ තියෙන්න  ඕන. ෆිල්ම් හදන්න ආස හැමෝටම තමන්ගෙ ෆිල්ම් එක හදන්න පුළුවන් වෙන්න  ඕන. අදහසක් තියෙන හැමෝටම තමන්ගෙ අදහස කියන්න තැනක් තියෙන්න  ඕන. ඉගෙන ගන්න ආස හැමෝටම තමන් කැමති දෙයක් ඉගෙන ගන්න පුළුවන්කම තියෙන්න  ඕන.

    මේ ගුණාත්මක තත්වයන් ගැන, අනාගත අවදානම් ගැන හැම ප‍්‍රලාපයක්ම පැන නගින්නෙ තමන්ට පුද්ගලිකව දැනෙන වල්නරබිලිටි එකට. මේ කියන්නෙ ඒ අයගෙ රස්සාවල් අවදානමට යනවා වගේ සරල කාරණයක් නෙමෙයි. ඊට වඩා තමන් විසින් ජීවිත කාලයක් පුරා දර දිය ඇදලා උපයා ගත්ත මේ සංකේත ප‍්‍රාග්ධන තත්වය අර්බුදයට යන එක ගැනයි. ඒක ඒ අයට ලෝකය කඩා වැටීමක් විදිහට පේන එක සාමාන්‍යයි. හැම පැරඩයිම වෙනසකදිම මේ විදිහෙ බහුතරයක් පරණ එක වෙනුවෙන් එල්ලෙනවා. ඒත් සමාජය ඉස්සරහට යනවා.

    මේ කාලෙ මතුවෙන හැම සංවාදයකම වගේ ප‍්‍රධාන ලක්ෂය වෙන්නෙ මේක. පැරණි මතවාදිමය, බුද්දිමය ආධිපත්‍යය අර්බුදයට යාම. ඒ වෙනුවට දහස් ගානක් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව එකිනෙකාගේ අදහස් බෙදාහදා ගැනීම. එහිදී තමන්ගේ සුදුසුකම් අනුව වැඩි බරක් ලබා ගැනීමට නොහැකි වීම. නව තාක්‍ෂණික නිර්මාණශීලීත්වයන් ඉදිරියේ තමන්ගේ නොහැකියාව වඩාත් පිළිඹිඹු වීම.

    අන්තර්ජාලයට වඩා පතපොත කියවීම අධිතක්සේරු වෙන්නෙත් මේ මානසිකත්වයෙන්මයි. අනිත් හැම රස්සාවකටම වඩා දොස්තරකම අධිතක්සේරු වෙන්නෙත් මේ හින්දමයි.

    මගේ සමහර යාලූවො පවා අනිත් විෂයන් වගේ නෙමෙයි, මේක ජීවිත වලට බලපාන විෂයක් කියල කියන්න පෙළඹුණා. ඒකම අපේ ඔලූවට කන්ඩිෂන් කරපු අදහසක්. උදා විදිහට රියදුරුකමට වඩා කොහොමද වෛද ්‍යකම බරපතල වෙන්නෙ කියල මට තේරෙන්නෙ නෑ. රියදුරන්ට විනයක් නැති කමෙන් එකපාර මගීන් තොගයක්ම අනතුරකට ලක්වෙන්න පුළුවන්.  ඕනම දොස්තර කෙනෙක්ගෙන් වෙන්න පුළුවන් අවදානමට වඩා ඒක අවදානම්කාරීයි. ගුරුවරුන්ගෙ අඩුබුද්ධිය නිසා අනාගත පරපුරක්ම නන්නත්තාර වෙන්න පුළුවන්.

    කිසිම වගකීමක්, වගවිභාගයක් නැති දෙමව්පියකම නිසා ළමයි අපරාධකාරයො වෙන්න පුළුවන්. පුද්ගලික සෞඛ්‍ය එක්ක සම්බන්ධ වෛද්‍ය විද්‍යාව සමාජ විද්‍යාවන්ට වඩා වගකීම් සහගතයි කියල හිතන එකමත් අපේ සීමාවක්.

    සයිටම්වල ගුණාත්මක තත්වයන් ගැන පෙනී ඉන්න මට පුළුවන්කමක් හෝ  ඕනකමක් නෑ. ඒත් පුද්ගලික අධ්‍යාපනයට මේ දොරටුව විවෘත වීමත් එයින් හණමිටි අධ්‍යාපන මතවාද අභියෝගයට ලක්වීමත් ඉතාමත් වැදගත්. අනෙක් අතට ඔය කියන ගුණාත්මක බව පාලනය කරන සියලූ අධිකාරීන් ඒ කටයුත්ත කරන්නෙ දූෂිත විදිහට. පක්ෂග‍්‍රාහී විදිහට. තමන්ගේ අධිකාරී බලය යොදාගෙන ඔවුන් සමාජයට ලැබෙන්න නියමිත සියලූ අවකාශයන් අවහිර කරනවා. පුළුවන්කමක් තිබ්බා නම් අර මුලින් සඳහන් කරපු වමේ මිතුරා ෆේස්බුක් පවා තහනම් කරනවා.

    ගුණාත්මක තත්වයන් සමාජයේ පරිභෝජන රටාව විසින් පාලනය කරයි. ඒ තමයි ඒක වෙන්න පුළුවන් හොඳම විදිහ. මගේ අදහසක්, උගත්කමක්, සහතිකයක් වෙනත් කවර හෝ ආධිපත්‍යයක් විසින් තහවුරු කරනවට වඩා සමාජගත වීමෙන්, සංවාදයෙන් එහි වටිනාකම තක්සේරු වෙන්න  ඕන. මෙන්න මේකටයි මේ හැමෝම විරුද්ද. යමක් වෙනුවෙන් සහතිකයක් දෙන්න, අගයක් දෙන්න, බරක් දෙන්න තමන්ට ඇති බලය අහිමි වෙන එක.

    තමන් යන්නෙ වෙදෙක් ළගටද, සාස්තරකාරයෙක් ළගටද, සයිටම් දොස්තරෙක් ළගටද, ආණ්ඩුවෙ දොස්තරෙක් ළ`ගටද කියන එක තීරණය කිරීම මිනිස්සුන්ගෙ අයිතියක්. විවෘත පරිසරයක තමන්ගෙ වැදගත්කම, වටිනාකම තහවුරු කරගන්න එක ඒ වෘත්තිකයන්ගෙ කාර්යයක්. වෘත්තිය විසින් සමාජයේ ගොඩනංවන ලද ආධිපත්‍යයක් ඇතුලෙ වටිනාකම් තහවුරු කරගන්න එක, බලපෑම් කරන එක වැඩවසම් පීඩනයක්.

    මේ ප‍්‍රතිවිරෝධතා මතුවීම නරක දෙයක් විදිහට දකිනවා නෙමෙයි. කොයිතරම් පරණ වුනත් මේ හැම විරෝධයකටම අදාල කාර්යයක් තියෙනවා. යෝජනා කරන නව තත්වය වඩා සාධනීය විදිහට හැඩගැස්වීම වෙනුවෙන් නැගෙන ප‍්‍රතිවිරෝදයන් ඇරුණම අනිත් ඒවායින් වෙන්නෙ කම්පනය බැලන්ස් කරන එක. වේදනාව පහ කරගන්න උදව්වෙන එක.


    චින්තන ධර්මදාස

  • බෙල් එක ගැහුවට පස්සෙ පංතියට ආපු, ආලෝකෝ උදපාදි

    බෙල් එක ගැහුවට පස්සෙ පංතියට ආපු, ආලෝකෝ උදපාදි

    ලංකාවෙ එපික් ෆිල්ම්  හදන්න බෑ කියන එකයි මගේ අදහස. ඒකට හේතුව එපික් ෆිල්ම් එකක් හදන්න අවශ්‍ය වෙන යන්ත‍්‍ර උපකරණ අපිට නෑ කියන එක නෙමෙයි. ඇත්තටම ඒක අවසාන කාරණය වෙන්න පුළුවන්. ඊට වඩා එහෙම වැඩකට අවශ්‍ය කර්මාන්තමය පසුබිමක් ලංකාවෙ නෑ. ඒ අවශ්‍ය නිෂ්පාදන සම්බන්ධතා වගේම පුහුණුව, අත්දැකීම අපිට නෑ.

    ඊටත් වඩා මූලික වෙන්නෙ අපිට එපික් ලියන්න බැරි එක. අපි තාම ලියන්නෙ තොරනෙ කතාව. ඒ චරිතවල ගැඹුරක්, ජීවිතයක් අදාල නෑ. උඩින් කියාගෙන යන ප‍්‍රවෘත්තිය විතරයි තියෙන්නෙ. අනිත් පැත්තට අපි ඉතිහාසෙ දිහා බලන්නෙ අන්තිම පක්ශග‍්‍රාහී විදිහට. ඉතිහාසෙන් ගැලවිලා ඉතිහාසය දිහා බලලා ඒක ප‍්‍රතිනිර්මාණය කරන්න පුහුණුවක් අපිට නෑ.

    එපික් එකක් ලියන්න තියා අපේ ප‍්‍රවීනයො වුනත් තාම සාමාන්‍ය පිටපතක්වත් ගලපගන්නෙ පුදුම ආයාසෙකින්. ඉතිහාසය පක්ෂග‍්‍රාහීව නිර්මාණය කරන්න බෑ කියනවා නෙමෙයි. ඒ පක්ෂග‍්‍රාහී නිර්මාණය කරන්නත් යම් දුරකින් ඉතිහාසය දිහා බලලා එහි සංවේදී තැන් අඳුරගන්න වෙනවා. අපේ ඉතිහාස කතා නිර්මාණය කරන අය ඉතිහාසයට බැතිමත්ව ඇලීම නිසා ඒ කතාව ඇතුලෙ ජීවිතයක් ගොඩනගා ගන්න බැරුව යනවා.

    දැන් අපි ඉන්නෙ ගොඩක් විවෘත ලෝකෙක. රුපියල් පනහට සීයට එන ඞීවීඞී නිසා චිත‍්‍රපටි ගැන හොඳ දැනීමක් රටේ බහුතරයකට තියෙනවා. විශේෂයෙන්ම මේ වෙද්දි ෆිල්ම් බලන  ඕඩියන්ස් එක කියන්නෙ ඉන්ටර්නෙට් එකේ හොඳටම සැරිසරන අය. මහින්දගෙ කාලෙ මේ තත්වෙ වෙනස්. මහින්ද චින්තනය යටතෙ ෆිල්ම් හෝල් පිරුනෙ සිනමා පේ‍්‍රක්‍ෂක පිරිසකගෙන් නෙමෙයි. ඒ පිරිස දේශපාලනිකව එතනට ගාල් කරපු කට්ටියක් විතරයි. ඒක  ඕගනික්  ඕඩියන්ස් එකක් නෙමෙයි.

    දැන් ආයිමත් ඇත්තට ෆිල්ම් බලන අය හෝල්වලට එන්න පටන් අරන් තියෙනවා. ඒත් ඒ අය මහින්දාගමනය බලන අය නෙමෙයි. එතනදි අපේ එපික් ෆිල්ම් එකක් ලෝකෙ වෙන රටවල එපික් ෆිල්ම් එක්ක නිකම්ම කම්පෙයාර් වෙනවා. එවැනි දැවැන්ත සිනමාවකින් පේ‍්‍රක්‍ෂකයො බලාපොරොත්තු වෙන දේ දෙන්න අපිට තාම සිනමා ‘ආර්තිකයක්’ නෑ.

    ඒත් චිත‍්‍රපටිකරුවෙකුට ඒ වගේ දැවැන්ත නිෂ්පාදන අත්දැකීමක් ගන්න තියෙන ආසාව කොහෙත්ම අවතක්සේරු කරන්න බෑ. බූඩි මාතා ෆිල්ම් එක කිරීම දැකපු තැනින්මයි මං චත‍්‍ර වීරමන් ආලෝකො උදපාදි කරපු එක දකින්නෙත්. ඒ ෆිල්ම් වලට තියෙන ආසාව. කොහොම හරි ලැබෙන අවස්ථාව අල්ලා ගැනීම. රිචර්ඞ් බ‍්‍රැන්සන් කියන විදිහට ඔයා දන්නෙ නැති වැඩක් ඔයාට බාර දෙන්න හැදුවොත් ඉස්සෙල්ලා ඒක බාරගන්න. පස්සෙ කරන හැටි ඉගෙන ගන්න.

    ආලෝකෝ උදපාදි හැදෙන්නෙත් ඒ මහින්ද චින්තන යුගයෙමයි. ඒ කාලෙ වෙන චිත‍්‍රපටි තිබුනෙ නෑ. ආශ්චර්යය තිබුනෙ රජකතා බණකතා රැල්ලෙ. ඒවට අලූත් නිෂ්පාදකයො හැදිලා තිබුන. රාජ්‍ය අනුග‍්‍රහ ලැබුන. ආලෝකෝ උදපාදි කෙරෙන්නෙත් මේ දේශපාලනය ඇතුලෙ. ඒත් ඒ වෙද්දි රජ කතා, බණ කතා සිනමාවෙ උවමනාව වුණු මිනිස්සුන්ගෙ ඔලූවට සහ පොකට් එකට තට්ටු කිරීම කියන සරල කාරණයට එහා ගිහින් මේ ෆිල්ම් එකේ අධ්‍යක්‍ෂවරයාගේ සෞන්දර්යාත්මක උවමනාව පැහැදිලිව පේනවා. දේශපාලනය හෝ මතවාදයට වඩා සිනමාව කියන නිර්මාණාත්මක ප‍්‍රවේශය දැනෙනවා. විශේෂයෙන්ම ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ පීරියොඩිකල් දැක්මකින් ආපහු අපේ ඉතිහාසය බලන්න උත්සාහ කරපු එකම ලොකු දෙයක්. ඒ විදිහට රෙෆරන්ස් එක්ක වැඩ කිරීම අපේ අයට පුරුදු නැති ඩිසිප්ලින් එකක්.

    සෙට් ගැන හිතලා තියෙන විදිහ, ෂොට් කොම්පෝස් කරන විදිහ, චරිත වල බාහිර ස්වරූපයන් වගේ ගොඩක් දේවල් ගොඩක් ලස්සනයි. ඒත් මේ ෆිල්ම් එකට ස්ක‍්‍රීන් ප්ලේ එකක් තිබිලා නැති වග පැහැදිලියි. ෆිල්ම් එකේ කිසි කෙනෙකුට චරිතයක් ගොඩනැගෙන්නෙ නෑ. පරණ තොරනෙ කතාවම වඩා හොඳ ඩිරෙක්ටර්ස් ටී‍්‍රට්මන්ට් එකකින් එලියට එනවා.

    චත‍්‍රගෙ දක්ෂතාවය මං ගොඩක් දකින්නෙ මේ කාරණයත් එක්කයි. හරිහැටි ලියවුන පිටපතක් පවා නැතිව එයා සිද්ධීන් වල ටෙන්ෂන් ගොඩනැගීම, රිද්මය පවත්වාගෙන යාම වගේ කාරණා ඉතා හොඳට කරනවා. කිසි දෙයක් අඩංගු නැති සිද්දීන් දිහා පවා කුතුහලයෙන් බලන් ඉන්න පුළුවන් විදිහෙ සිනමාත්මක ස්පර්ශයක් එයා දෙනවා.

    අපේ හැම එපික් ෆිල්ම් එකක්ම වගේ ෆේල් වුණු සමූහ යුධ දර්ශන, ත‍්‍රාසය දනවන ලූහුබැඳීම් ආදිය නම් ආලෝකො උදපාදිවලදි සෑහෙන ප‍්‍රගතියක් අත්කරගෙන තියෙනවා. ඒත් ක්ලෝස් අප්ස් වලදි ලොකු දුර්වලතාවයන් පේනවා.

    වතාවෙන් වතාව හාමුදුරුවරු පෙන්නද්දි ගාථා සද්දෙ පිටින් දාන එක වාතයක්. ඒ හාමුදුරුවරුන්ට තැන තැන ලැග ඉන්නවට වඩා දෙයක් පිටපතෙන් හදලා දීලා නැති හින්ද තත්වෙ තවත් බරපතල වෙනවා.

    ගොඩක් අය සැබෑ ඉතිහාස දත්ත එක්ක ෆිල්ම් එකේ යම් කාරණා සසඳන්න උත්සාහ ගත්තත් මට හිතෙන්නෙ මේ ඒ විදිහෙ චිත‍්‍රපටියක් නෙමෙයි කියල. ඒ වෙනුවට ඉතිහාසෙන් පිට ගිහින් නිර්මාණය කරන යම් යම් කාරණා ෆිල්ම් එකේ රියැලිටියට ගැටගහන්න චත‍්‍රට පුළුවන් වෙලා තියෙනවා. ඇත්තටම ඉතිහාස කතා ප‍්‍රවෘත්තියට වඩා යමක් ෆිල්ම් එකට එකතු කරන්නෙ ඒ පිටපැනීම් වලින්.

    දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ෆිල්ම් එකේ රජා වීරයා වෙන්නෙ නෑ. ඒ වෙනුවට අතිශය දුර්වල පෙඳයෙක් වගේ චරිතයක් තමයි මහ කලූ සිංහලයාට දීලා තියෙන්නෙ. උද්දික වෙනුවට දර්ශන් ධර්මරාජ් මේ චරිතෙට ගත්තා නම් ඒක වළගම්බා හැලගෙම්බා නොකර බේරගන්න විතරක් නෙමෙයි ඉතිහාස කතා චිත‍්‍රපටි රැල්ලෙ දේශපාලනයටත් අභියෝගයක් කරන්න පුළුවන් කමක් තිබුණ. (ඒත් ඒ කාලෙ කවුද එහෙම හිතන්නෙ?)

    ඒ වගේම මේ රජවරු කියන්නෙ පොඩි කල්ලියක් එක්ක ඉන්න චන්ඩි වගේ පිරිසක් කියන එක ෆිල්ම් එක ඇතුලෙ පේනවා. පරසතුරු උවදුරු එද්දි රජා රකින්න පෙළගැහෙන රංචුවෙ සෙබළු දහයක්වත් නැති තරම්. ෆිල්ම් එක පුරාම අපි දකින්නෙ පොඩි පොඩි රංචු අතර ගැටුමක් විතරයි. ඒක ආලොකො උදපාදිවල බලාපොරොත්තු වෙච්ච තත්වයක් නොවෙන්න ඇති. ඒත් මං හිතන්නෙ ඒක තමයි අපේ රජකාලෙ ඇත්ත තත්වය. මහා වංශයම ලියවිලා තියෙන්නෙ මේ වගේ පොඩි පොඩි නඩ ටිකක් ගැන. අපි ඉතිහාසය කියල ලොකුවට මවාගන්නෙ ඉන්දියානු ඉතිහාසෙ තියෙන ආනුභාවය අපේ එක උඩට දාලා. අපේ රටෙ සයිස් එක අමතක කරලා.

    වළගම්බා ඇත්තටම සතුරන්ව පරාජය කරන්නෙ සටන් වැදිලා වීරත්වයෙන් නෙමෙයි. ඒ වෙනුවට උන් උන් කොටාගෙන දුර්වල වෙනකල්ම බලාගෙන ඉන්න තිබුණ ඉවසීමෙන්. කාලය තමයි එයාගෙ එකම ස්ට‍්‍රැටජිය වෙන්නෙ. ෆිල්ම් එකෙත් වළගම්බා ගැන කිසිම ආනුභාවයක් ගොඩනැගෙන්නෙ නෑ. ඊට පස්සෙ වීරයෙක් විදිහට ඉතුරු වෙන්නෙ බුද්ධ ධර්මය හෝ හාමුදුරුවරු සෙට් එක. ඒත් වැල්ලෙ තැන් තැන්වල කයිය ගහනවට වඩා ජීවිතයක් හාමුදුරුවරුන්ට ලියවිලත් නෑ. ෆිල්ම් එකේ මුලදි නායකයො විදිහට හඳුන්වාදෙන චරිත පවා ටිකක් දුර එද්දි හොයාගන්න නැති වෙනවා.

    ෆිල්ම් එකේ ටී‍්‍රට්මන්ට් එක කොයිතරම් ඉදිරියෙන් තිබුනත් කෑලි හැලෙන පිටපතක් නිසා කතාව අරාජික වෙලා යනවා.

    ෆිල්ම් එකේ සංගීතය අති විශිෂ්ට වැඩකොටසක් කරනවා. එපික් ෆිල්ම් එකකට අවශ්‍ය මූඞ් එක, විශාල බව, හැ`ගීම ආදී සියල්ල හොඳින් කැටි කරගන්නත් චිත‍්‍රපටියෙ තිරරචනයේ අඩුපාඩු පවා ඇතැම් තැන්වලදි වහන්නත් මියුසික් වල පවර් එක උදව් වෙනවා.

    මේ කොයි අඩුපාඩු තිබුණත් ලංකාවෙ කෙරුණු එපික් ෆිල්ම් අතර හොඳම එක විදිහට ගන්න වෙන්නෙ ආලොකො උදපාදි. ඒ ෆිල්ම් එක ඒ තරම් හින්ද නෙමෙයි ඒ වෙනුවෙන් අරන් තියෙන වෑයම ඒ තරම් හින්ද.

    අන්තිමට ෆිල්ම් එක ඉවර වෙන්නෙ බුද්ධ ධර්මය ග‍්‍රන්ථාරූඩ කරන තැනින් . සිද්දියක් විදිහට ඒ කොටසෙ රූපමය ගොඩනැංවීමට මං ගොඩක් කැමතියි (ඒ ඞීටේල් වලට ගිහින් තියෙන විදිහ) . පුස්කොල පදම් කරලා, පන්හිඳෙන් කුරුටු ගාලා, ඒවායෙ ගාථා මතුවෙද්දි ඒ වචන වලට ලොකු හැ`ගීමක් ඇතුල්වෙනවා.

    චක්ඛුං උදපාදි – ඤාණං උදපාදි – විජ්ජා උදපාදි – ප‍්‍රඥා උදපාදි – ආලෝකෝ උදපාදි

    දැකීම ඇති වේවා. ඒ දැකීම තුලින් ඤාණය ඉපදේවා. ඒ ඤාණයෙන් විද්‍යාව හෙවත් දැනීම ඇතිවේවා. ඒ දැනීමෙන් අවබෝධය ලැබේවා.
    ඒ අවබෝධයෙන් ආලෝකය ඉපදේවා…

    ලංකාවෙ ඇතිවුණු හිස්ටොරිකල් එපික් සිනමා රැල්ලෙ අවසානය ඒ විදිහට සළකුණු වෙනවා.


    චින්තන ධර්මදාස

  • Marx vs Osho

    Marx vs Osho

    මාක්ස් ගැන පහුගිය ටිකේම එක එක තැන්වල එක එක කතා ඇතිවුනා. ඒකෙ ප‍්‍රතිඵලයක් හැටියට මාක්ස් බහුවිධාංගීකරණය වුනා. එක මාක්ස්වාදීන් පිරිසකට අනුව මාක්ස් තරම් ධනවාදයට ඇලූම් කළ පුද්ගලයෙක් තවත් නෑ. තව මාක්ස්වාදියෙකුට මාක්ස් තමයි වඩාත්ම පරිභෝජනවාදය වර්ණනා කරලා තියෙන්නෙ. තව කෙනෙකුට මාක්ස් කියල තියෙන්නෙ එක දෙයයි. උඩින් පේන එකක් තියෙනවා, යටින් නොපෙනෙන එකක් තියෙනවා. ඒක අහපු මගේ යාලූවෙක් කිව්වා, අපි ඔක්කොම මාක්ස්වාදියො බන්. අපිත් කොච්චරවත් ට‍්‍රයි කරන්නෙ ඔය යටින් නොපෙනෙන එක බලාගන්නනේ කියල. 
     
    කොහොම හරි මාක්ස්වාදය අන්තිමට ස්විස් ආමි නයිෆ් එකක් වගේ වුනා.
     
    ඒ අතරෙ මාක්ස්වාදය යළි කියවන්න පටන් ගත්ත. මේ කොයි කොයි විදිහට හරි සංවාදයක් ඇති වුනා. ඒක හොඳ දෙයක්. මං පිළිගත්තත් නොපිලිගත්තත් කවර මතවාදයක් ගැන හෝ සංවාද වෙන එකෙන් ඒ මතවාදය එක එක විදිහට වර නැගෙන්න ගන්නවා. මතවාද සිය ගානකට පරිවර්තනය වෙනවා. ඔරිජිනල් එකක් හොයාගන්න බැරි කොපි සිය ගානක් බිහිවෙනවා.
     
    මාක්ස්වාදය ගැන තියරිටිකල් සාකච්ඡුා මාක්ස්වාදීන්ට බාරයි. ඒ අතරෙ මං මාක්ස්වාදය ගැන හරිම  ඕඩිනරි ලිපියක් පරිවර්තනය කරනවා. මේක  ඕෂෝ නැත්තං භගවාන් ශ‍්‍රී රාජනීශ් මාක්ස්වාදය ගැන එයාගෙ සන්‍යාසියෙක් අහන ප‍්‍රශ්නෙකට දෙන උත්තරයක්. 
     
    එක වෙලාවකදි කෙනෙක්  ඕෂොගෙන් අහනවා එයා කොමියුනිසම් නැත්තං සමාජවාදෙට පක්ෂද කියල.  ඕෂො උත්තර දෙනවා.
     
    ඔව් වගේම නැහැ. මං විරුද්දයි සෝවියට් ජනපදයෙ, චීනෙ සහ අනිත් කොමියුනිස්ට් රටවල තියෙන සමාජවාදෙට. මං විරුද්දයි කාල් මාක්ස්, එංගල්ස්, ලෙනින්, ස්ටැලින් මාවෝ වගේ මිනිස්සු උප්පද්දපු සමාජවාදෙට. මොකද ඒක කොමියුනිසම් නෙමෙයි. ඒකයි මං විරුද්ද.
     
    ඒ ගොල්ලො කළේ ඒකාධිපතිවාදී, අමුනුස්ස, වහල් සමාජයක් නිර්මාණය කරන්න උත්සාහ කරපු එක. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝදී, පුද්ගලයා පිළිබඳ ගෞරවයක් නැති, කොටින්ම පුද්ගලයාට කිසිම වටිනාකමක් නැති ක‍්‍රමයක්. පුද්ගලයා කියන්නෙ අංකයක් විතරයි. හරියට හමුදාවක වගේ. හමුදාවක කෙනෙක් මැරුනොත් අංක 08 මැරුනා කියලයි කියන්නෙ. නැත්තං අංක 08 අතුරුදන් වුනා. මෙතන තියෙනවා ලොකු මානසික වෙනසක්. මේ අංක 08ට බිරිඳක් නෑ. ළමයි නෑ. තාත්තෙක් අම්මෙක් නෑ. එයා නිකංම අංක 08. ඉල්ලක්කමක්. 
    කිසි මනුස්ස වටිනාකමක් නැති. ඒත් ඒ අංක 08 වෙනුවට එයාගෙ ඇත්ත නම පාවිච්චි කළොත් එතකොට දැනෙන විදිහ වෙනස්. එතකොට ඔයා හිතන්න පටන් ගන්නවා, මේ මනුස්සයාගෙ බිරිඳට නැත්තං පවුලට මොකද වෙන්නෙ කියල. මේ හමුදා ක‍්‍රමය කියන්නෙ නොමිනිස් ක‍්‍රමයක්. ඒ වගේමයි මාක්ස්ගෙ කොමියුනිසම් කියන එකත්. පුද්ගලයාට කිසිම වටිනාකමක් නොදෙන නොමිනිස් ක‍්‍රමයක්.
     
    මාක්ස් කියනවා ඔයා වෙන කිසිවක් නෙමෙයි, ද්‍රව්‍යයක්, මැටර් එකක් විතරයි. එතකොට ඔයා හිටියත් මළත් මොකද්ද තියෙන වෙනස? ඒක හින්ද ස්ටැලින්ට ගොඩක් පහසු වුනා රුසියාවෙ මිනිස්සු මිලියන ගණං මරන්න.
     
    ඒත් මාක්ස් පුද්ගලයා කියන්නෙ නිකම්ම ‘මැටර්’ එකක් කියල නොතිබුනා නම් ස්ටැලින්ට ටිකක් හරි අමාරු වෙනවා ඒක. ඒත් ස්ටැලින්ගෙ හිතට පුංචිවත් ප‍්‍රශ්නයක් එන්නෙ නෑ මේ ඝාතන ගැන. එයාගෙ හෘදය සාක්ෂිය මාක්ස්ගෙ කොමියුනිසම් වලින් පදම් වෙලා තියෙන්නෙ. ඒ මැරෙන්නෙ මිනිස්සු නෙමෙයි. ඒ අයට ආත්මයක් නෑ. ඒ අය නිකම්ම ජීවී යන්ත‍්‍ර වගේ. මිනිසුන්ගෙන් මිනිස්කම කියන එක අයින් කරන ඒ වගේ මුග්ධ මතවාදයකට මං කොහෙත්ම සහයෝගය දක්වන්නෙ නෑ. සිද්ද වෙන්න  ඕන මිනිස් අගයන් තවත් වැඩි දියුණු කරන එකයි. පුද්ගලිකත්වය තවත් පැති වලට වර්ධනය කරන එකයි. ඒ වෙනුවට ඒ ගොල්ලො පුද්ගලික හැම දෙයක්ම විනාශ කරන්න ගත්ත. ඒ ගොල්ලොන්ට  ඕන වුනේ පුද්ගලයා සාමූහිකයක කොටසක්, අංශූවක් බවට පත් කරන්නයි. කරකැවෙන රෝදෙක ස්පෝක් කම්බියක් වගේ.  ඕන වෙලාවක මාරු කරන්න පුළුවන්. 
     
    ඒත් කිසිම මනුස්සයෙකුගේ ඉඩ වෙන කෙනෙකුට පුරවන්න බෑ. හැම මනුස්සයෙක්ම සුවිශේෂයි. මාක්ස්ගේ කොමියුනිසම් ඇතුලෙ පුද්ගලයාට ඒ ගරුත්වය නෑ. ඔවුන් මොකක්ද මේ වහලා දාන්නෙ? ඒ ඔබේම පැවැත්මට ඇතුල්වෙන දොරටුව. ඔයාගෙ පැවැත්මට ඇතුල් වෙන දොරටුවක් නෑ කියන්නෙ ඔයාගෙ පැවැත්ම එහෙම්පිටින්ම අහිමි වෙනවා කියන එක. තමන්ව තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම, පැවැත්මේ සත්‍යය පිලිබඳ සියලූ කාරණා අහෝසියි. කිසිම ආත්මයක් නැති රෝදෙක ස්පෝක් කම්බියක් වෙන එක ලේසියි.
     
    මාක්ස්ගෙ අදහසම අභ්‍යන්තර අවබෝධය උඩ පදනම් එකක් නෙමෙයි. ඒ මනුස්සයා පව්. මොලේ තියෙන හාදයෙක්. ඒත් නිකම්ම දැනුමට කොටුවෙච්ච පොතේ ගුරෙක්. පොත් කාවෙක්. එයා හැමදාම බි‍්‍රතාන්‍ය කෞතුකාගාරෙට ගියා. එයා තමයි හැමදාම මුලින්ම එන්නෙ. ? දොරවල් වහනකලූත් එයා ඇතුලෙ පොත් කියවනවා. සමහර දවස්වලට එයාව කෙලින්ම ස්ටෙ‍්‍රචර් එකක දාලා අරන් යන්නෙ ඉස්පිරිතාලෙට. මොකද මිනිහා දවසෙම කරන්නෙ පොත් කියවන එකයි, එකක් ඇරෙන්න තව එකක් සිගරට් උරන එකයි. අන්තිමට එයාට සිහි නැති වෙනවා. අවුරුදු 40ක් තිස්සෙ බි‍්‍රතාන්‍ය කෞතුකාගාරෙට සිද්ද වුනා මේ මිනිහ එක්ක ගනුදෙනු කරන්න. 
     
    මේ මනුස්සයාගෙ ජීවිතේ එක මොහොතක් එයාට භාවනාවක් නැත්තං තමන්ගෙ අභ්‍යන්තරයට පිවිසීමක් අත්විඳින්න බැරි වුනා. එයා කිසි දෙයක් දන්නෙ නෑ මිනිසාගෙ ඇතුලාන්තය ගැන. මොනවද එයා දස් කපිටාල් වල ලියලා තියෙන්නෙ? කිසිම කොමියුනිස්ට්කාරයෙක්  ඕක කියවන්නෙ නෑ. මට මුනගැහිලා තියෙනවා සියගානක් කොමියුනිස්ට් කට්ටිය. හැමෝම බයිබලය වගේ මේක ගේ ඇතුලෙ තියාගෙන ඉන්නවා. කියවන්නෙ නෑ. ඒ ගොල්ලො මේකෙන් ශුද්ධ වූ ත‍්‍රිත්වයක් හදාගෙන ඉන්නෙ. මාක්ස්, එංගල්ස්, ලෙනින්. ශුද්ධ වූ ග‍්‍රන්ථය තමයි දස් කපිටාල්. මම  ඕක කියෙව්වා. මුල ඉඳන් අගටම, පිටුවෙන් පිටුව, වාක්‍යයෙන් වාක්‍යය. ඒක නිකම්ම හිස් වචන ගොඩක් විතරයි. කිසිම අත්දැකීමක් ඒ ලියවිල්ලෙ නෑ. අනිත් පොත පතෙන් ගත්ත උපුටාගැනීම් විතරයි. තමන්ගෙම වූ කිසි දැනීමක්වත්, මාක්ස්ගෙ කියන එක අත්දැකීමක්වත් ඒකෙ අඩංගු නෑ.
     
    මාක්ස් කියන්නෙ කොයි වගේ මිනිහෙක්ද? යුදෙව්වො ලෝකෙට දීලා තියෙනවා හරිම අමුතු මිනිස්සු. මාක්ස් කියන්නෙත් එක්කෙනෙක්. එයාගෙ කොමියුනිසම්වලට හේතුව දුප්පතුන් ගැන ආපු කරුණාවක් නෙමෙයි. එයාගෙ කොමියුනිසම් හැදෙන්නෙ ධනවතුන් ගැන ඇති ඉරිසියාවෙන්. මේ කාරණය හරියටම තේරුම් ගන්න  ඕන. මොකද ඒකෙන් පුළුවන් සම්පූර්ණ ඇටිටියුඞ් එකම වෙනස් කරන්න. මාක්ස්ගෙ තාත්තා දුප්පත්. මාක්ස් දුප්පත්. එයා ජීවිත කාලෙම ජීවත් වුනේ ධනවත් යාලූවෙක් වෙච්ච එංගල්ස්ගෙ උදව්වෙන්. ෆෙඞ්රික් එංගල්ස් කියන්නෙ එහෙම බුද්ධිමතෙක් නෙමෙයි. ඒත් එංගල්ස් තමන්ට උදව් කරන හින්ද මාක්ස් එයා ලියපු හැම පොතකම එංගල්ස්ගෙ නමත් දැම්මා. ෆෙඞ්රික් එංගල්ස් කිසිම දෙයක් ඇත්තට ලිව්වෙ නෑ. ඒ මාක්ස් එයාට ගෞරවය පෙන්නපු විදිහ විතරයි. මොකද එංගල්ස් නැත්තං මාක්ස්ට වෙන්නෙ හාමතේ මැරෙන්න.
     
    යුදෙව්වෙක් විදිහට දුප්පතෙක් වෙන එක දුෂ්කර වැඩක්. මං මේක හොඳට දන්නවා. මොකද මං ඉන්දියාවෙ ජෛනයෙක් විදිහට මේ තත්වෙ අත්විඳලා තියෙනවා. ඉන්දියාවෙ ජෛන හිගන්නො එක්කෙනෙක් වත් නෑ. ඔක්කොම හි`ගමන් යදින අය හින්දු. ජෛන අය හැමෝම ධනවත්. ඒ ගොල්ලො තමයි රටේ පෝසත්ම අය.
    ඒ වගේම යුදෙව්වෙක් වෙලා දුප්පතෙක් වුනාම, අනෙක් හැම යුදෙව්වම පෝසත් වෙලා ඉඳිද්දි, ස්වභාවිකවම ඇතිවෙනවා ඉරිසියාවක්. ඒක දුප්පතුන් ගැන කරුණාවක් නෙමෙයි. දස් කපිටාල්, කොමියුනිස්ට් මැනිෆෙස්ටෝ හෝ මාක්ස් ලියපු කිසිම පොතක එක වාක්‍යයක්වත් මුනගැහෙන්නෙ නෑ දුප්පතුන් ගැන කරුණාවෙන් ලියවුන. ඒ හැම එකක්ම ලියවිලා තියෙන්නෙ පොහොසතුන් ගැන ඉරිසියාවෙන්.
     
    ඒ හින්ද මං සංක්ෂිප්ත කරනවා නම්, මාක්ස්ගෙ කොමියුනිසම් කියන්නෙ මෙච්චරයි. ධනවතුන් විනාශ කරන්න සහ සියලූ ධනය සමානව බෙදන්න. ඒක තමයි රුසියාවෙ සහ චීනයේ වුනේ. දුප්පතුන් දිගටම දුප්පත් වෙලා හිටියා. ඒත් ධනවතුන්ගෙ ධනය බෙදී ගිය හින්ද ඒ ගොල්ලො හිතෙන් සතුටු වුනා. ධනවත් මිනිස්සුන්ව නැති කළා. සංසන්දනයක් නැති වුනා. එතකොට වෙන්නෙ මෙච්චරයි. කිසි කෙනෙක් ධනවත් නෑ තව කෙනෙකුට තමන් දුප්පත් විදිහට හිතෙන්න. දුප්පත්කමත් සමානව බෙදිලා තියෙන්නෙ. කාටවත් ඉරිසියා වෙන්න හේතුවක් නෑ. හැමෝම එකවගේ දුප්පත්. කාටවත් හිතෙන්නෙ නෑ මීට වඩා හොඳ විදිහක් තියෙන්න පුළුවන් කියලවත්.
    මං එකග නෑ දුප්පත්කම සමානව බෙදාගන්න. ධනවතුන්ව විනාස කරන්න. ඒක හින්ද මං ඒ කොමියුනිසම් වලට විරුද්දයි. ඒත් මට තියෙනවා වෙනස් විදිහට අදහසක් කොමියුනිසම් ගැන. මට අනුව කොමියුනිසම් කියන්නෙ ධනවාදයේ ඉහළම හිනිපෙත්තයි.
     
    කැපිටලිසම් වලට විරුද්ද වෙලා කොමියුනිසම් ඇති කරන්න බෑ. කැපිටලිසම් උපරිමයෙන් තෘප්තිමත් වෙන තැනදි කොමියුනිසම් ඇතිවෙනවා. 
     
    කැපිටලිසම් තමයි ලෝකෙ ධනය උත්පාදනය කරපු පළවෙනි ක‍්‍රමය. ඊට කලින් තිබුනා වැඩවසම් ක‍්‍රමය. ඒකෙන් ධනය ඇතිවුනේ නෑ. ඒකෙන් සිද්ද වුනේ සූරාකෑම සහ මංකොල්ලය. ඉස්සර රජවරු ළ`ග තිබුන ධනය කියන්නෙ අපරාධ කරලා රැුස් කරගත්තුවා. ඒ මිනිස්සුන්ගෙන් බලෙන් රැුස්කරපු ධනයක්. ඒක ඔවුන් විසින් උත්පාදනය කරපු ධනයක් නෙමෙයි.
     
    ධනය ඇති කරන්න බුද්ධිය තියෙන්න  ඕන. අපි ධනය ගොඩක් උත්පාදනය කළේ නැත්තං ඒ ධනයේ තියෙන අර්ථයම නැති වෙලා යනවා. අපිට සිද්ද වෙනවා ධනය රැුස් කරන්න දුප්පතුන් අතට පවා ඒ ධනය ගිහින් ඔවුන්ගේ දුප්පත්කම තුරන් වෙන කල්. කාටවත් බෑ සල්ලි කන්න. එතකොට මොනවද කරන්නෙ? අන්න එතනදි කැපිටලිසම් එහි කූටප‍්‍රාප්තියට එනවා. කොමියුනිසම් පටන් ගන්නවා. 
     
    මම ධනවාදය ගැන විශ්වාස කරනවා. සමහර විට මම වෙන්න පුළුවන් එකම කෙනා පැහැදිලිව ධනවාදය විශ්වාස කරන බව කියන. මොකද මේ තමයි ඉතිහාසෙ එකම ක‍්‍රමය මිනිසාට විශාල ධනයක් උත්පාදනය කරන්න පුළුවන්. විද්‍යාව හා තාක්‍ෂණික දියුණුවත් අත්පත් කර ගනිමින් දුප්පත්කමක් නොපවතින තරම් ධනයක් නිර්මාණය කරන්න පුළුවන්. මේ ධනය බෙදන්න ක‍්‍රමයක්  ඕන නෑ. ඒ විසින්ම එය බෙදී යනවා. කිසිම ආඥාදායකයෙක් හෝ නායකයෙක්  ඕන වෙන්නෙ නෑ. කැපිටලිසම් වලට පුළුවන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, පුද්ගලිකත්වය, කතා කිරීමේ නිදහස ආදිය එක්ක සුසංයෝගීව වැඩෙන්න. ඒකෙන් කිසි දෙයක් විනාශ වී යාමේ අනිවාර්යයක් නෑ. අපි කරන්න  ඕන වැඩි වැඩියෙන් ධනය උත්පාදනය කරන ක‍්‍රම ගැන උනන්දු වෙන එක මිස ධනය බෙදී යාම ගැන කරදර වෙන එක නෙමෙයි. ප‍්‍රමානවත් විදිහට ධනය උත්පාදනය කරලවත් නැත්තං තව මොකක්ද බෙදලා දෙන්න හදන්නෙ?
     
    රුසියාවෙ චීනෙ වගේ රටවල කොමියුනිසම් ඇතිවෙයි කියල මාක්ස්වත් කිව්වෙ නෑ. මොකද මේ රටවල් අන්ත දුප්පත්. මොනවා බෙදන්නද? මාක්ස් හිතුවෙත් මුලින්ම කොමියුනිසම් ඇතිවෙන්නෙ ඇමරිකාවෙන් කියල. ඒත් අවාසනාවට ඒක වුනේ රුසියාවෙ. ඒක වැරදීමක්. ඒක මිනිස්සු සතුටු කරන, ධනවත් සහ නිදහස් කරන ක‍්‍රමයක් නෙමෙයි. ඒ වෙනුවට ඉක්මණට අපි පෝසත් වෙයි කියන බලාපොරොත්තුවෙන් දුක් විඳින්න පොළඹවන ක‍්‍රමයක්. කවද්ද මේ දවස එන්නෙ? දැන් විප්ලවය වෙලා අවුරුදු හැටකුත් පහුවෙලා. විප්ලවකාරයො ඔක්කොම මැරිලා ගිහිල්ලා. හැමෝම බලාපොරොත්තු වුනා ඒ දවස එයි කියල. ඒත් රුසියාව තාම දුප්පත්.
     
    ඇමරිකාවෙ දුප්පත්ම මිනිහා වුනත් රුසියාවෙ ලොකුම ධනවතාට වඩා හොඳ තැනක ඉන්නවා. රුසියානුවො ලොකු වටිනාකමක් නැති කරගත්ත. ඒ ගොල්ලොන්ගෙ නිදහස නැතිවුනා. පුද්ගලිකත්වය නැති වුනා. අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය නැති වුනා. ඒ අයගෙ හැමදෙයක්ම නැති වුනා. ඒ ගොල්ලො හරියට කන්සන්ටේ‍්‍රෂන් කෑම්ප් එකක ඉන්න පිරිසක් වගේ. යුක්තියක් නෑ. ඇපීල් කරන්න තැනක් නෑ. අහන්න කෙනෙක් නෑ.
     
    මම මේ විදිහෙ විනාශකාරී කොමියුනිසම් ක‍්‍රමයකට අනිවාර්යෙන්ම විරුද්දයි. ඒත් වෙන විදිහක වඩා දියුණු කොමියුනිසම් ක‍්‍රමයකට මම පක්ෂයි. 
     
    ධනය උපද්දන්න. පොහොසත් වෙන්න. දැන් විද්‍යාව හා තාක්‍ෂණය මේකට අවශ්‍ය හැමදේම ඔබට සම්පාදනය කරලා තියෙනවා. බෙදා හැරීම ගැන කරදර වෙන්න එපා. පුළුවන් තරම් උත්පාදනය කරලා සැචුරෙෂන් පොයින්ට් එකට එන්න. ධනවාදය එහි උපරිම ප‍්‍රතිඵල අත්කර ගන්නා දාට කොමියුනිසම් ඉබේටම ඇති වෙයි.
    ( ඕෂෝගෙ කතාවක්, පරිවර්තනය මගෙන්)


    චින්තන ධර්මදාස
  • වල්මත් දෑසක මුනිවර තෘප්තිය

    වල්මත් දෑසක මුනිවර තෘප්තිය

    ගිය අවුරුද්දෙ දෙරන සිනමා සම්මාන උළෙලෙදි ස්වර්ණා මල්ලවාරච්චිට ‘ලයිෆ් ටයිම් අචීව්මන්ට්’ අවෝර්ඞ් එකක් දුන්නා. ස්වර්ණා ගැන කෙටි හඳුන්වාදීමෙන් පස්සෙ ස්වර්ණා වේදිකාව උඩට ඇවිදගෙන එද්දි මගේ ඇෙග් හිරිගඩු පිපුනා. මටම තේරුම් ගන්න බැරි භක්තියකින් ඇස්වලට කඳුළු ආවා. ජීවිත කාලයක් පුරා ගැහැණු ජීවිතයක නිදහස වෙනුවෙන් සටන් කර පරිණත වූ ඒ ඇස්, ඒ හඩ, වචන අතර ඒ ඉඩ, පුදුමාකාර සංතෘප්තියක් දැනෙව්වා.

    ස්වර්ණා කියන්නෙ මට නිළියක් නෙමෙයි. එයා ඇක්ටිවිස්ට් කෙනෙක්. එයාගෙ ඇත්ත ජීවිතේ අරගෙන ගිය අරගලය එයා එහෙම්පිටින්ම සිනමාවටත් අරගෙන එනවා. ස්වර්ණාගෙ සිනමාව එක වාක්‍යයකට සංක්ෂිප්ත කළොත් එතන තියෙන්නෙ පිරිමියෙක් අතින් අසාධාරණයට ලක්වූ ස්ත‍්‍රියක් ඒ පිරිමියාට විරුද්දව ගහන කැරැුල්ල. මේක ආනයනය කරපු ෆෙමිනිස්ට් මතවාදයක් විදිහට නැතුව  ඕගනික් විදිහට ගේන්න ස්වර්ණාට පුළුවන් වෙනවා. එයාගෙ සිනමාව කියල සටහන් තැබෙන හැම තැනකම කියවෙන්නෙ මේ එකම කතාව. එයාගෙ ජීවිත අරගලය.

    ස්වර්ණාට තියෙන්නෙ කොට්ටම්බා කහට බැඳුණු කටහඩක්. ඒ කටහඩම අවිනීතකමක්, නොහික්මුණුකමක් ඉගි කරනවා. පිරිමින්ට කියන වචනවලට වඩා එහා යමක් හගවනවා. මට හිතෙන විදිහට ස්වර්ණා සිනමාවට ගෙනාවා වරදෙහි බැඳෙන ස්ත‍්‍රිය කියන එක. ඒක මාලනී කරමින් හිටපු සිරියාවන්ත, අහිංසක, බබා එකට වඩා වෙනස්. ස්වර්ණාගේ භූමිකාව ලංකාවෙ පිරිමි වගේම ගැහැණුත් අවුල් කරන සුළු එකක්. සීමාවන් සම්මතයන් ඉක්මවා අනුරාගයට ඉඩ දෙන නිදහසක්.

    ස්වර්ණා කියන්නෙ මට ලංකාවෙ සිනමාවෙ අනුරාගීම නිළිය. රවුම් වටකුරු හික්මුණු සිල්වත් ස්ත‍්‍රී චරිතය වෙනුවට එයා කෙස`ග සිරුර, දිගටි මුහුණ, අවිනිශ්චිත බව සහ සටන්කාමීබව ගෙනාවා.  ලිංගිකමය හෝ ශෘංගාරමය තේමාවන් රැුගත් ප‍්‍රකාශනවලට පවා අනෙක් නිළියන්ට සාපේක්ෂව ප‍්‍රගතිශීලී විවෘතබවක් ස්වර්ණාගෙ තිබුණ. මං මුලින්ම ස්වර්ණා ඉන්නවා කිව්වොත් ඒ චිත‍්‍රපටිය බලන්න පෙළඹුනෙම ඒ අනුරාගී ඇලීම නිසා. ඒත් ස්වර්ණා හැමතිස්සෙම ස්වයං මෛථුන්‍යයකට එහා ගිය ස්ත‍්‍රීත්වය පිළිබඳ ගැඹුරු කැපුමක් මගේ පිරිමි මනසෙ ඉතුරු කළා.

    එයා නිකම්ම ශෘංගාර වස්තුවක් වුනේ නෑ. සිනමාවෙදි සාරයක් සහිත ස්ත‍්‍රිය කියන එක නිර්මාණය වෙන්නෙ ස්වර්ණා මතින්. මාලනී ගත්තොත් මට හිතෙන්නෙ එයා කරමින් හිටියෙ ‘බ්ලොන්ඞ්’ චරිතය. ස්වර්ණා සිනමාවේ නිරූපිත ස්ත‍්‍රියට අනුරාගයේ බලය සහ ආත්මයේ සාරය ගෙනාවා. මාලනී කියන්නෙ ලාංකීය සිනමාවෙ නිළි රැජිණ නම් ස්වර්ණා කියන්නෙ ලාංකීය සිනමාවෙ කැරළිකාරිය.

    ස්වර්ණා කියපු ගමන් මට මතක් වෙන්නෙ දඩයම. ඒ මුගුරක් අරන් දෑත බදලා, ජේත්තුකාර රතු කැප්රි කාර් එකේ වින්ඞ්ස්ක‍්‍රීන් එක කුඩුවෙන්න ගහන රත්මලී. ඒ තමයි සිනමාවෙ ස්වර්ණා. දඩයම කියන්නෙ ලංකාවෙ සුවිශේෂී ෆිල්ම් එකක්. විවෘත ආර්තිකය එනවත් එක්ක අපේ රටේ සංස්කෘතික කලාපය පෙලෙන්න පටන් ගත්ත බය සහ චකිතය ඒ කාලෙ කෙරුණු චිත‍්‍රපටි ගනනාවකින් එලියට පැන්නා. දඩයම සහ පාර දිගේ, බඹරු ඇවිත් එයින් කීපයක්.

    වසන්ත ඔබේසේකර වෙන විදිහක වැඩක් ට‍්‍රයි කරමින් හිටිය ඩිරෙක්ටර් කෙනෙක්. එයා සත්‍ය සිදුවීම් කියලා රටේ සිද්ද වෙච්ච මිනීමැරුම් ආශ‍්‍රයෙන් ත‍්‍රිලර් චිත‍්‍රපටි හැදුවා. එතනදි පාදක කරගන්නා කතාව වෙන්නෙ බාල ගොසිප් එකමයි.  ලංකාදීපෙ තුන්වෙනි පිටුව වගේ. දඩයම ෆිල්ම් එක ගත්තොත් ලොකු කාර් පාවිච්චි කරන්නෙ හොරු සහ වංචාකාරයො, උන්ට අහුවෙලා සල්ලං වෙනවා ගම්වල අහිංසක කෙල්ලො, වගේ හොඳටම ස්ටීරියො ටයිප් අයිඩියොලොජියක් තමයි දුවන්නෙ. ඒත් එයාගෙ සිනමා ආඛ්‍යානය ඇතුලෙ හැදෙන දේ ඊට වඩා වෙනස් කතාවක් කියන්න පටන් ගන්නවා.

    ලංකාවෙ සිනමාවෙ හැදිච්ච ස්ටයිලිෂ්ම දුෂ්ටයා හැදෙන්නෙ දඩයමේ වෙන්න පුළුවන්. මේ දුෂ්ටයා විදිහට ජයනාත්ගෙ චරිතය කොයිතරම් හොඳට හැදෙනවද කිව්වොත් අපි දුෂ්ටයාට ආශක්ත වෙනවා. ඒ සිගරට් බොන විදිහ, සන්ග්ලාස් දාන විදිහ, නරුමකම පවා විලාසිතාවක් හදනවා.

    විවෘත ආර්තිකේ එන්න කලින් අපේ සිනමාවෙ තිබුනෙ වලව්කාරයො අතින් සල්ලං වෙන අහිංසක කෙල්ලො ගැන කතන්දර. අසූව දශකෙ වෙනකොට මේ සල්ලාල වලව්කාරයා වෙනුවට ජේත්තුකාර, කාර් පදින, ඒ කාලෙ හැටියට මිනිස්සු ධනපතියො කියලා හිතෙන් මවාගත් බිස්නස්කාර, සල්ලාල තරුණයා ආදේශ වුනා. ගමේ වුනත් ටිකක් දාංගලේ වැඩි කෙල්ල (ප‍්‍රගතිශීලී) මේ තරුණයන් අතින් කන්‍යාභාවය නැති කරගත්තා.
    ඒත් දඩයමේ මේ දුෂ්ටයා වගේම කෙල්ලත් හුරුපුරුදු අහිංසක එකක් නෙමෙයි. ඔබේසේකර කතාව හැ`ගුම්බර කරන්න කෙල්ලව අහිංසක කරන්නෙ නෑ. ඒ වෙනුවට රත්මලී ෆාස්ට් කෑල්ලක් කරනවා. කෝච්චියට නැගලා බහින ටිකට එයා කොල්ලෙක් එක්ක යාලූ වෙනවා. ඒ මදිවට තාත්තා එහා පැත්තෙ ඉන්න අතරෙ.
    එක තැනකදි ජයනාත් චෝදනා කරනවා රත්මලී එයා එක්ක යාලූ වුනේ කාර් එකටයි සල්ලි වලටයි කියල. එතනදි දැකලා පුරුදු සාමාන්‍ය කෙල්ල වගේ රත්මලී අසරණ වෙන්නෙ නෑ.

    ‘‘ කන්න අඳින්න දෙන්න බැරි කොල්ලො එක්ක ගෑනු යාලූවෙන්නෙ නෑ තමයි’’ එයා අනිත් පැත්තට දමලා අරිනවා.

    දුප්පත් පැලක හිටියත් රත්මලී ගම්බද කොමලි නෙමෙයි. එයා කොල්ලොන්ව අල්ලෙ නටවන්න දන්න කෙල්ලෙක්. ජයනාත්ගෙන් ළමයෙක් ලැබුනත් එයා අපි දැකලා පුරුදු ස්ත‍්‍රිය වගේ දියවෙලා වැක්කෙරන්නෙ නෑ. ඒ වෙනුවට එයා ආපහු සටන් කරනවා.

    ‘‘එක්කො මාව මරපන්. නැත්තං බැඳපන්. මැරුවත් මං අවතාරයක් වෙලා උඹේ පස්සෙන් එනවා..’’
    දඩයමේ ස්වර්ණා අතින් හැදෙන මේ රත්මලීගේ චරිතය හරිම ටෙක්ස්චර්ඞ් එකක් (තල ගණනාවකින් ගොඩනැගෙනවා). මුලින් නොමේරූ, නොපැහුණු, රැුවටෙන සුළු, ද`ගකාර කෙල්ලෙක් දිගින් දිගට අමාරුවෙ වැටෙනවා අපි බලන් ඉන්නවා. ඒත් එක තැනකින් පස්සෙ රත්මලී හීනෙ අත්අරිනවා. එයා යතාර්ථය බාරගන්නවා.

    එතන ඉඳන් ඒ චරිතෙ හරියට කිල්බිල් වල උමා තර්මන් වගේ. ඒකෙ ලාංකීය වර්ෂන් එක. ඉතාමත් නිර්භීත, මරාගෙන මැරෙන බෝම්බකාරියකගේ තැන දක්වා ස්වර්ණා රත්මලීව අරන් එනවා. ඒ ස්ත‍්‍රීත්වය වේදනාව සහ දරාගැනීම ඇතුලෙ පරිණතවන ගැඹුරත්, අත්පත් කරගන්නා පිරිමියා ඉක්මවා යන බලයත් ඉතාම හොඳින් සටහන් කරන අතරෙ.

    ‘‘දඩාවතේ යන බල්ලො එක්කො බැඳලා දාන්න  ඕන. නැත්තං වෙඩි තියලා දාන්න  ඕන. මං හදන්නෙ තමුසෙව බැඳගන්න..’’

    එක තැනකින් පස්සෙ රත්මලී ජයනාතව ආත්මෙන්ම අප්පිරිය කරනවා. ඉපදිච්ච, බඬේ ඉන්න දරුවන් වෙනුවෙන් සහ පිස්සු හැදුනු තාත්තා වෙනුවෙන් විතරයි එයාට ඒ කසාදෙ කොලේ ලියාගන්න  ඕන වෙන්නෙ. අප‍්‍රියතම පිරිමියාව කසාද බඳින්න සටන් කරන ගැහැණියක් කියන්නෙ මාර ග‍්‍රවුන්ඞ් එකක්. ඔබේසේකර ගොසිප් එක ඇතුලෙන් හරිම ලස්සනට වෙන වෙන මානයන් විවෘත කරනවා.

    වසන්ත ඔබේසේකරගෙ සිනමාකරණයත් මෙතනදි වෙන උත්සාහයක් ගන්නවා. අදාල නොවෙන රූපයක් මත ඊළග ජවනිකාවට අදාල හඩ පටයක් යැවීම,  ඕනවට වඩා වෙලාවක් තිස්සෙ රඳවාගෙන ඉන්න රූප රාමු මගින් අපේ තේරුම් ගැනීමේ යම් හිඩැසක්, ගැප් එකක් ක‍්‍රියේට් කරන්න එයා උත්සාහ ගන්නවා. මට හිතෙන විදිහට වසන්ත ඔබේසේකර පොප් සිනමාවක් ඇතුලෙන් යම් ගැඹුරු දේවල් ස්පර්ශ කරන්නෙ කොහොමද කියල ට‍්‍රයි අත්හදා බලනවා. (ඒත් කැඩපතක ඡායා සහ ඊට පස්සෙ කරපු නිර්මාණ දක්වා එද්දි ඔබේසේකරගේ සිනමාව බලන් ඉන්න අමාරු වෙන තත්වයක් දක්වා බංකොලොත් වුනා)

    ස්වර්ණා දඩයම ඇතුලෙ මාතෘත්වය ඉමෝෂනල් තැනකින් ගලවලා අරගෙන අරගලකාරීත්වයත් එක්ක ගැටගහනවා. රත්මලී ළමයා ගැන වද වෙවී එතන අඩඅඩා ළතැවෙන ගැහැණියක් නෙමෙයි. එයා බඩත් උස්සගෙන පාරට බහිනවා තමන්ට යුක්තිය ඉල්ලන්න.

    රත්මලී මැරෙනවා. ඒත් ඈ ඉතුරු කරන සාරය, දිගින් දිලටම දුර්වලයන් හැටියට පාවිච්චි වෙන එකට විරුද්ද අරගලය දැවැන්තව නැගී සිටිනවා.

    අද වුනත් ෂූට් කරගන්න බැරි තරම් විශිෂ්ට විදිහට දඩයමේ අවසානය ගොඩනැගෙනවා. ඒ පාවිච්චි කරන ෂොට්, එඩිට් එක සහ ස්වර්ණාගේ රංගනය ෆිල්ම් එකේ කූටප‍්‍රාප්තිය අමතක නොවෙන තැනකට ගේනවා. ඒ අති ප‍්‍රචණ්ඩ අවසානයට පස්සෙ ඔබේසේකර වචනයකින් වත් නරඹන්නාගේ කම්පනය අස්වසන්නෙ නෑ. නිකම්ම දූවිල්ලෙන් වහලා දාලා ෆිල්ම් එක ඉවර වෙනවා.

    ස්වර්ණා කියන්නෙ සමාජ සම්මතයන් අනුව හික්මවුණු හැදිච්ච කෙල්ල නෙමෙයි. ඒ වෙනුවට නැහැදිච්ච සීමාවන් පවා තරණය කරන සවිඥාණක ස්ත‍්‍රීත්වයක් එයා අරන් එනවා. එයාගෙ සටන වෙන්නෙ පිරිමියාගේ කොටුවෙන් පිට යන ස්ත‍්‍රියගේ නිදහස නැවත පිරිමින් විසින් ඇයව පාවිච්චි කිරීමට කොන්දේසියක් කරගන්නවාට විරුද්දවයි. ඒ නිදහස් ගැහැණියට, වේසියක්, බඩුවක් වීමට වඩා ආත්මයක්, අයිතියක් හිමියි කියල කියන්නයි. මට මැඩෝනා එමී අවෝර්ඞ්ස් වලදි කරපු කතාව මතක් වෙනවා.

    “ලෝකෙ කියන විදිහට ඔයා කෙල්ලෙක් නම් ඔයාට සිද්ද වෙනවා සෙල්ලම හරියට කරන්න. ඔයාට පුළුවන් ලස්සන වෙන්න, කියුට් වෙන්න. ඒත් වැඩිය ස්මාර්ට් වෙන්න හදන්න එපා. මොකක් හරි දෙයක් ගැන හැමෝම පිළිගන්න දේට පිටන් ඔයාගෙ අදහසක් තියාගන්න එපා. ඔයාට පුළුවන් පිරිමි අතින් ඔබ්ජෙක්ටිෆයි වෙන්න, ටිකක් වල් විදිහට අඳින්න. ඒත් ඒ වල්කම අයිති කරගන්න හදන්න එපා. ඔයාගෙ සෙක්සුවල් ෆැන්ටසි ලෝකෙට දැනගන්න තියන්න එපා. පිරිමි කැමති විදිහට ඔයා ඉන්න  ඕන. වඩා වැදගත් වෙන්නෙ පිරිමි අතරෙ ඔයා ඉන්න එක ගැන ගැහැණුන්ට අවුලක් නොවෙන විදිහට හැසිරෙන එකයි”

    මැඩෝනා මේ කියන්නෙ පිරිමි සමාජෙක ගැහැණියකට අප‍්‍රකාශිතව පනවා ඇති සීමාව ගැන. ස්වර්ණා ලංකාවෙ මේ සීමාවන්ට අභියෝග කළා. නිව්යෝර්ක් ටයිම්ස්වල මැඩෝනා වෙනුවෙන් කැමිල් පැග්ලියා ලියන මේ වචන ස්වර්ණාටත් අදාල වෙන්නෙ ඒකයි.

    “මැඩෝනා තරුණ කෙල්ලන්ට කියල දුන්නා පූර්ණ වශයෙන් ස්ත‍්‍රීත්වය සහ ලිංගිකත්වය වැළඳගන්නත් ඒ අතරෙම තමන්ගෙ ජීවිතය ගැන පූර්ණ පාලනයක් ඇතුව ඉන්නත්. එයා පෙන්නුවා ආකර්ශනීය, අනුරාගී, ජවසම්පන්න, අභිවෘද්ධිකාමී, ප‍්‍රචණ්ඩ සහ සරල යන හැමදේම එකවිටම අත්පත් කරගන්නෙ කොහොමද කියල”

    මැඩෝනා එක්ක අනෙක් පැත්තෙ තියාගෙන ස්වර්ණාව සංසන්දනය කරනවා නෙමෙයි. ඒත් ලංකාවෙ ස්ත‍්‍රීත්වය සම්බන්දව පැවතුණු සීමාමායිම් වෙනස් කරන්නත්, අලූත් අනුරාගී මෙන්ම හිතන්න පුළුවන් ස්ත‍්‍රියක් නිර්මාණය කරන්නත් ස්වර්ණා පෙරමුණ ගත්තා. මං දකින්නෙ සිනමාව කියන්නෙ ස්වර්ණාගෙ ජීවිත අරගලයේ එක ප‍්‍රකාශනයක් විතරයි. වඩා වැදගත් වෙන්නෙ ගැහැණියක් විදිහට තමන්ගෙ ජීවිතේ සම්පූර්ණයෙන් ප‍්‍රකාශමාන කිරීමේ නිදහස වෙනුවෙන් එයා තනියම කරගෙන ගිය අරගලයයි.

    අවුරුදු 16න් සිනමාවට ඇවිත් 2016දි අවුරුදු පනහක සිනමා ජීවිතය සම්පූර්ණ කරද්දි මාව කම්පනය කළේ සිනමාවට වඩා ස්වර්ණා ජීවිතයෙන් අත්කරගෙන තිබුණු ජයග‍්‍රහණයයි. තාරුණ්‍යය පිරුණු, නිදහස හොයන වල්මත් දෑස් වෙනුවට ස්වර්ණාගේ ඇස්වල මුනිවර තෘප්තියක් තිබුන. දඩයමේ ඉඳන් ඇගේ ඇස අගට එද්දි ස්වර්ණා ගැහැණියක් විදිහට ස්තී‍්‍රත්වයේ ගැඹුර අත්පත් කරගෙන තිබුන.


    චින්තන ධර්මදාස

    2017 ජනවාරි, රාවය ස්වර්ණා විශේෂ අතිරේකයෙන්

  • රුවන්වැලි සෑය සහ දුටුගැමුණු : දස් කපිටාල් සහ කාල් මාක්ස්

    රුවන්වැලි සෑය සහ දුටුගැමුණු : දස් කපිටාල් සහ කාල් මාක්ස්

    කාල් මාක්ස් විසින් කැපිටලිසම් ප‍්‍රබන්ධගත කළා සහ එයාගෙ සෝෂලිසම් වීරයා කරන්න කැපිටලසිම් ‘විලන්කරණයට’ ලක් කළා කියල මං දාපු පෝස්ට් එකට මාක්ස්ගෙ ෆෑන්ස්ලා ගොඩක් කලබල වුණා. මෝඩයෙක්, තක්කඩියෙක්, නානසාරයෙක්, වෙළෙන්දෙක්, ප….යෙක්, හු…..තෙක් ආදී අනේක විධ කමෙන්ට් පළවුනා. නාගරික බුද්දිමය සංවාද තලයෙන් මාව අතුගාලා දාන්න  ඕන කියලත් සංවිදානය වුනා. කොටින්ම වම අවදි වුණා කිව්වොත් වැරදි නෑ. ඒත් කිසි කෙනෙක් මාක්ස් කැපිටලිසම් ප‍්‍රබන්දගත කළා කියන අදහස ඇඩ‍්‍රස් කළේ නෑ. දේශපාලන විද්‍යාව පිළිබඳ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට පවා වැදගත් වුනේ චින්තන ධර්මදාස සහ එයාගේ සරමයි.

    මාව කුඩුපට්ටම් කළා කියල මං හිතන්නෙ නෑ කිසි දෙයක් සිද්ද වෙනවා කියල. ඒකෙන් වෙන්නෙ අදහසක් එක්ක මතවාදී සාකච්ඡුාවකට යන්න තමන්ට තියෙන නොහැකියාව හෝ නිර්මාණශීලීත්වයෙන් හි`ග බව ප‍්‍රදර්ශනය කිරීමක් විතරයි. ඒක නිකරුනේ විනෝදය සැපයීමක්. මං ඒකෙන් කාලකණ්ණි සතුටක් ලබනවා නෙමෙයි. අවංකවම මේ බැන බැන ඇවිදින ගොඩක් අය මං පුද්ගලිකව ආදරය කරන මිනිස්සු. ඒ ඔවුන්ගෙ මතවාදයට විරුද්ද වුණත් ඒ අය මේ රටේ සිද්ද වෙන සමාජ කතිකා, සංවිධාන වලට කරන සක‍්‍රීය මැදිහත්වීම හින්ද.

    මීට කාලෙකට කලින් මම ගනනාථ ඔබේසේකරගෙ ලිපියක් පදනම් කරගෙන දුටුගැමුණු ගැන අදහසක් පළ කළා. ලංකාවෙ ජාතිකවාදී සහ ජාතිවාදී සිංහල බෞද්ද බලවේග ඔක්කොම මාව මරාගෙන කන්න ලෑස්ති වුනා. මේ විදිහෙම ඔහේ කරන ඉබාගාත අපහාස වලින් ෆේස්බුක් එක පිරුණා. ඒ තමයි ලංකාවෙ දකුණ.
    මෙතනදි මං මාක්ස් සහ එයාගෙ විප්ලවය ගැන අදහසක් පළ කළා. දුටුගැමුණු වගේම දුටුමාකස් තත්වයක් උද්ගත වුණා. එතනදි වගේම මෙතනදිත් කිසි කෙනෙක් මතවාදය සාකච්ඡුාවට ගත්තෙ නෑ. වැදගත්ම දේ තියෙන්නෙ මෙතනයි. සිංහලයන්ට මහා වංශය වගේ තමයි වම්මුන්ට දස් කපිටාල්. කතාවෙන් කොයිතරම් ප්‍රෝග්‍රෙසිව් වුනත් සිතීම තියෙන්නෙ පරණ ආගමික තැනමයි. එතන තර්කය, සංවාදය හෝ විද්‍යාත්මක ක‍්‍රමය නෑ. තියෙන්නෙ ප‍්‍රකෝපය සහ ප‍්‍රචණ්ඩත්වය විතරයි. කතා අතින් වෙනස් වුනත් සිතීමෙන් ලංකාවෙ වම කියන්නෙ දකුණමයි.

    මේ මෑතක බාර් එකක බොන අතරෙ මං යාලූවෙක් එක්ක කතාවකට වැටුණ.
    ‘මචං ලංකාවෙ  ඕනතරම් වම සහ මාක්ස්වාදය ගැන පොත් ලියවිලා තියෙනවා. අපේ නවල්ස් ගත්තත් තොග පිටින් රුසියානු සාහිත්‍යය කොපි කරනවා තාමත්. ඒත් ඇයි කැපිටලිසම් හෝ ඒකට පාදක සිතීම ගැන පොත් ලංකාවට පරිවර්තනය වෙලා නැත්තෙ? ඒවා ගැන සාකච්ඡුා වෙන්නෙ නැත්තෙ?’

    මෙතන තියෙනවා ලංකාවෙ බුද්දිමය නඩය විසින් දැනුවත්ව පනවා ඇති වාරණයක්. කැපිටලසම් නිර්මාණය කෙරුණු පරිණාමීය මිනිස් ඉතිහාසය, ඒ හා බැඳුණු දියුණු සිතීම් සහ පරිකල්පන කියන කිසිවක් සිංහලට නැගෙන්නෙ නෑ. කොටින්ම බුද්දිමතෙක් නම් එයා ලෙෆ්ට් එකේ වෙන්න  ඕන කියන තරමට ලංකාවෙ වම අධිපතිවාදීයි. (නිදහස් අධ්‍යාපනය ආදී දේවල් ගැන සංවාද වලදී පවා පැනනගින්නේ මේ අධිපතිවාදීකමමයි) කැපිටලිසම් කියන එක ගැන ලංකාව දන්නෙ කාල් මාක්ස් කියපු ෆික්ෂන් එක විතරයි. ඒක වඩාත් පැහැදිලි වෙන්නෙ තාමත් මේ කිව්වෙ මොකක්ද කියල තේරුම් ගන්න ලංකාවෙ වම්මුන්ට බැරිවීම හරහා. ඒ වචනෙම මහා කුණුහරුපයක් විදිහට ඇහෙන්නෙ ඒකයි. තමන් මොකක් හෝ ෆික්ෂන් එකකට කැමති වීම අවුලක් නෙමෙයි. ඒත් ඒ ෆික්ෂන් එක ලෝකයේ පවතින එකම යතාර්ථය හැටියට ගන්නවා නම් ඒක ලොකු ප‍්‍රශ්නයක්.

    ලූඞ්විග් වොන් මයිසෙස් කියන ඔස්ටේ‍්‍රලියානු පාසැලේ ආර්ථික විද්‍යාඥයා කියන විදිහට ‘මිනිසාගෙ නිදහස් ව්‍යාපාරයන් සඳහා නිර්මාණය වුණු ක‍්‍රමය කැපිටලිසම් කියල නම් කරන්නෙම ඒක ප‍්‍රතික්‍ෂේප කිරීමට සහ හෙලා දැකීමටයි’. අඩුම තරමෙ මිනිස්සුන්ට තියෙන අදහස් තෝරා ගැනීමේ අයිතිය වෙනුවෙන්වත් අයින් ?න්ඞ්, මයිසෙස් වගේ අයගෙ අදහස් සිංහලට පරිවර්තනය වෙන්න  ඕන.

    පුද්ගලික දේපොල මත පදනම් නිෂ්පාදන ක‍්‍රමයක් හැටියට කැපිටලසිම් අර්ථ නිරූපනය කරන්නෙ මාක්ස්. එයා තමයි මේකෙ මහා ලේබල්කරු. කැපිටලිසම් කියන අදහස් පද්ධතියෙ ඇති සියලූ ශක්‍යතාවයන් නොතකා හරමින් එයා ඒක තමන්ගේ ඌනිතවාදී දර්ශනය (ප‍්‍රබන්ධය) ඇතුලට ගේනවා. බුදුන්ගේ මාරයට, දෙවියන්ගේ සාතන්ට පස්සෙ ලොකුම දුෂ්ටයා නිර්මාණය කරනවා. මේ කතාවට ලෝකෙ වටේම ෆෑන්ස්ලා හැදෙනවා.

    ‘කැපිටලසිම් කියල හඳුන්වන්නෙ යමක්ද ඒ වෙළඳපොල ආර්ථිකයයි’ මයිසෙස් කියනවා. කැපිටලසම් වලින් කරන්නෙ විශාල ජනතාවකට අවශ්‍ය විශාල නිෂ්පාදනයක් ඇති කරන එකයි. ඒත් මාක්ස්ට අනුව ඒක වෙන කේස් එකක්.

    ඇමරිකන් එන්ටර්ප‍්‍රයිස් ඉන්ස්ටිටියුට් (ඒඊඅයි) එකේ මිචෙල් නොවාක් කියනවා කැපිටලිසම් කියන එක මිනිස් මනසේ සැබෑ ස්වභාවය කියල. එයා ට‍්‍රයි කරනවා ඒක ලතින් ‘කැපුට්’ කියන වචනෙන් බිඳිලා ආවා කියල තේරුම් කරන්න. ඒ කියන්නෙ ‘ඔලූව’ කියන එක. සොයා යාම, නිර්මාණශීලීත්වය, නව නිෂ්පාදනය කියන ඒවා තමයි කැපිටලිසම්වලදි මූලික වෙන්නෙ. නිෂ්පාදන ප‍්‍රතිලාභවලට ලැබෙන පුද්ගල අයිතිය කියන්නෙ ඒකට අවශ්‍ය වටපිටාව මිස ඒකෙ අවසාන උවමනාව නෙමෙයි. ධනවාදී ආර්තිකයක තියෙන සුවිශේෂී වෙනස වෙන්නෙ මේ ව්‍යාපාර කියන එකයි. ඒ කියන්නෙ මිනිස් බුද්ධිය සහ හැකියාව ආයෝජනය කරලා නව සොයා ගැනීම් සහ නිෂ්පාදන කරන එකයි. ඊට පස්සෙ හැකි පමණ විශාල ජනතාවක් අතරට  ඒ සොයා ගැනීම් ගෙනියන්න අලූත් සහ වඩා හොඳ මාර්ග හොයන එකයි.

    ඒත් ධනවාදී ආර්ථික විද්‍යාවේ පියා විදිහට සලකන ඇඩම් ස්මිත්වත් කැපිටලිසම් කියන වචනෙ පාවිච්චි කරන්නෙ නෑ. ඊට පස්සෙ තැන් කීපයක කැපිටාල් කියන වචනෙ පාවිච්චි වුනත් මේ වචනෙට අද ලැබෙන අර්ථය හැදෙන්නෙ සමාජවාදීන් අතින්.

    කැපිටලිසම් කියන එක එහි ඔරිජිනල් ඉතිහාසෙන් ඒලියනේට් කරලා අද අපි කැපිටලිසම් කියල තේරුම් ගන්න අදහස නිර්මාණය කරන්නෙ මාක්ස්.  ඒ කියන්නෙ ප‍්‍රාග්ධන සම්පත් හිමි පංතියක් විසින් වැඩකරන පංතියේ ශ‍්‍රමය සූරාකමින් පවත්වාගෙන යන නිෂ්පාදන ක‍්‍රමයක් වගේ අදහසක්. ඊට කලින් ලූවී බ්ලැන්ක් සහ පියරේ ජෝසෆ් ප්රූඩන් මීට සමාන තේරුමකින් කැපිටලිසම් කියන වචනෙ පාවිච්චි කරනවා (ඒ දෙන්නත් සමාජවාදීන්). එහෙම තමයි මාක්ස්වාදයේ එන කැපිටලිසම් ප‍්‍රබන්ධයට පාර හැදෙන්නෙ.

    මාක්ස් විසින් කැපිටලිසම් කියල හඳුන්වපු, පරාරෝපණයට ලක් කරපු ඒ මානව ක‍්‍රියාවලිය සූරාකෑමේ ඉතිහාසයක් වෙනුවට පරිභෝජනවාදයේ ඉතිහාසයක් විදිහටත් කියවන්න පුළුවන්. නිෂ්පාදනයේ අවසන් උවමනාව වෙන්නෙ පරිභෝජනය. ඇත්තට ගත්තොත් ධනවාදය කියල හඳුන්වන ක‍්‍රියාවලියෙන් සිද්ද වෙන වැදගත්ම දේ තමයි මේ කන්සියුමර් නැත්තං පාරිභෝගිකයා නිර්මාණය කරන එක. ඒත් මාක්ස්ට පරිභෝජනය අවුල්. එයා කියන්නෙ මේ පාරිභෝගික භාණ්ඩය ඇතුලෙ නිෂ්පාදන සම්බන්දතා හැංගෙනවා කියල. නිෂ්පාදන ශ‍්‍රමය ඒලියනේට් වෙනවා කියල. මාක්ස්ට ප්ලොට් එක මගඇරෙනවා.

    ස්කූල් ඔෆ් ලයිෆ් වීඩියෝවක මේ පරිභෝජනයේ ඉතිහාස කතාව ගොඩක් සරලව පැහැදිලිව විස්තර කරනවා.
    ”මිනිස් ඉතිහාසෙ මෑත අවධියක් වෙනකල් ලෝක ජනතාවගෙන් අතිබහුතරය කිසි දෙයක් නැති තත්වයකයි ඉන්නෙ. ඇඳුමක් කැඩුමක්, පිගානක්, මුට්ටියක්, කොස්සක්, වඩා හොඳ වුනොත් වගා කරන්න උපකරණ කීපයක් තමයි වත්කම් හැටියට තිබුනෙ. මිනිස්සු වගේම ජාතීනුත් අන්තිම දුප්පත්. 1800 වෙද්දිත් මිනිස්සු ලෝකෙ පටන් ගත්ත කාලෙ වගේම දුප්පත් තත්වයක හිටියෙ. (මාක්ස් ඉපදෙන්නෙ 1818)

    ඒත් 18 වෙනි ශතවර්ෂෙ මුලදි වයඹදිග යුරෝපයේ රටවල් වල කැපී පේන වෙනස් සංසිද්දයක් ඇතිවෙන්න පටන් ගන්නවා. ආර්තිකය පළල් වෙන්නත් වැටුප් වැඩි වෙන්නත් ගන්නවා. මීට කලින් යන්තම් ජීවිතේ ගැටගහගන්න විතරක් සල්ලි තිබ්බ පවුල් පොඩි පොඩි සුකුරුත්තං බඩු ගන්න ෂොපින් යනවා. පනාවක්, කණ්ණාඩියක්, යට ඇඳුමක්, ටිකක් ඝන බූට් සපත්තු දෙකක් නැත්තං තුවායක්. ඒ අයගෙ වියදම් කිරීම නිසාම වඩා හොඳ ආර්තිකයක් හැදෙන්න ගන්නවා. ඒ ගොල්ලො වියදම් කරන එක වැඩි වෙද්දි වැඩි වැඩියෙන් කර්මාන්ත ඇති වෙනවා. වැඩි වැඩියෙන් වැටුප් ලැබෙනවා. 18 වෙනි ශතවර්ෂෙ මැද වෙද්දි මේක නිරීක්ෂණය කරපු අය තේරුම් ගන්නවා ඒ ගොල්ලො ශිෂ්ටාචාරෙ දැවැන්ත වෙනසක් පසු කරමින් ඉන්න වග. මේක තමයි ඉතිහාසඥයො විස්තර කරන ලෝකෙ පළවෙනි කන්සියුමර් රෙවොලූෂන් එක.

    බි‍්‍රතාන්‍යයේ තමයි ගොඩක්ම වෙනස්කම් සිද්ද වෙන්නෙ. එච්චර කල් ධනවත් කීපදෙනෙකුට විතරක් බුක්ති විඳින්න පුළුවන් වෙලා තිබුණු දේවල් වලට විශාල පිරිසකගේ ඉල්ලූමක් ඇතිවුණා වගේම ඒ ඉල්ලූම සපුරන්න විශාල කර්මාන්ත හැදෙනවා. මැගසින්වල ඇඞ් පළවෙනවා. එච්චර කල් අවුරුදු දහයකට විතර වෙනස් නොවී තිබුන කොන්ඩ ස්ටයිල් සහ ඇඳුම් අවුරුද්දෙන් අවුරුද්ද මාරු වෙන්න පටන් ගන්නවා. මේ විලාසිතා හොඳටම එක්ස්ටී‍්‍රම් සහ ඇබ්සර්ඞ් ඒවා. කොයිතරම් වේගෙන් හැමදේම අලූත් වෙනවද කිව්වොත් සමහරු කල්පනා කරනවා හිරකාරයො එල්ලලා මරන එක පවා අලූත් විදිහකට කරයිද කියල.

    බලාපොරොත්තු වෙන්න  ඕන විදිහටම පල්ලිය මේ ගැන ගොඩක් අවුල් වෙනවා. ඒ ගොල්ලො මේ අලූත් පරිභෝජනවාදෙට විරුද්දව දේශන පවත්වනවා. (ඇත්තටම මාක්ස් වගේ පුංචි බුද්දිමතුන් පවා හොඳටම අවුල් වෙනවා. එයා මේක කොමෝඩිටි ෆෙටිෂිසම් එකක් විදිහට විවේචනය කරනවා. පරිභෝජන ආර්තිකයක් තේරුම් ගැනීමට මාක්ස් දක්වන සිඟිති අසමත්කම තේරුම් ගන්න මේ ගැන විවේචනය කියවන්න)  මේ පුහු අලංකාරය, පිනවීම පාපයක් විදිහට පල්ලිය හඳුන්වනවා. ඒත් මේ අතරෙ ‘සෝබනය’ ආර්තිකයට කොයිතරම් වැදගත්ද කියල පෙන්වන අලූත් අදහසක් මතු වෙනවා.

    1723 බර්නාඞ් මැන්ඩෙවිල් කියන වෛද්‍යවරයා ‘ෆේබල් ඔෆ් බීස්’ කියල ලියවිල්ලක් ලියනවා. ඒ මගින් ආගමික හා සදාචාරාත්මක මතවාද වලට බැහැරින් රටවල් ධනවත් කරමින් ඒවාට යහපත්, ආරක්ෂිතතත්වයක් ඇති කළේ කිසිසේත්ම වටිනාකමක් නොදුන්, කොටින්ම (මාක්ස් වැන්නවුන් සහ පල්ලිය) අපහාසයට බඳුන්කළ ක‍්‍රියාකාරීත්වයක් බව හෙළි කරනවා. ඒ තමයි සතුට වෙනුවෙන් ෂොපින් කරන එක. මේ වැඩකට නැති සුකුරුත්තම් වෙනුවෙන් ෂොපින් කිරීම තමයි ජාතික ආර්තිකය ගොඩනගන්නෙ කියල මැන්ඩෙවිල් පෙන්වා දෙනවා. විකාරරූපී සහ අනවශ්‍ය දේවලට වැඩි ඉල්ලූමක් ඇති කිරීම වැඩි ආදායම් ලැබීමට මග බව පැහැදිලි කරනවා. මේ දේවල් වැඩි වැඩියෙන් නිෂ්පාදනය කරන්න වීම ඇතුලෙ කර්මාන්ත ඇතිවෙනවා.  ශ‍්‍රමය පුහුණු වෙනවා. රෝහල් වගේ සේවා නඩත්තු වෙනවා.

    මැන්ඩෙවිල්ගෙ මේ කතාව බොහොමයක් ආර්තික විද්‍යාඥයන් විසින් පිළිගත්තා. ඒත් ශෝන් ශාක් රූසෝ වගේ අය මේකට එකග වුනේ නෑ. මේ පරිභෝජනවාදයත් එක්ක එයාගෙ ජිනීවාවල ගමේ ඇතිවෙන වෙනස්කම් දැකලා තැතිගන්න රූසෝ ආපහු පරණ සරල ජීවිතේට යන්න යෝජනා කරනවා. බෝඩර් වසා දමන්නත් වැඩි වැඩියෙන් ටැක්ස් පනවන්නත් ඒ හරහා මිනිස්සු සුඛෝපභෝගී භාන්ඩ පරිභෝජනය කිරීම අධෛර්යය කොට නැවත වටිනාකම් පැත්තට යොමු කරන්නත් රූසෝ යෝජනා කරනවා. (ගොඩක් ලංකාවට ළග අදහසක්).

    ඒත් ඇත්තටම මේ සංවාදය දැන් වලංගු නෑ. අපි යම් යම් අවාසනාවන්ත අතුරු ප‍්‍රතිඵල සහිතව වුනත් පරිභෝජනවාදී ආර්තිකයක ජීවත් වෙන්න තීරණය කරලා ඉවරයි. අපි යහපතට ඉහළින් ධනය හෝ පොහොසත්කම අවශ්‍යයි කියල බාරගෙන ඉවරයි.

    පරිභෝජනවාදය මුහුන දෙන ප‍්‍රශ්නෙ තියෙන්නෙ මෙතන. පරිභෝජනයේ හොඳ ලක්ෂණ එක පැත්තකිනුත් උසස් මානසිකත්වයක ලක්ෂණ අනෙක් පැත්තකිනුත් අත්පත් කර ගනිමින් ඒ දෙකේම නරක පැති මගහරවා ගත හැකි මගක් තියෙනවද කියන එක. සමාජයේ මිනිස්සු වියදම් කිරීමට පොළඹවා එමගින් සුබසාධනය සහ සංවර්ධනය අත්පත් කරගන්නා අතර ඒවා තේරුමක් නැති ඉබාගාත වියදම් නොවී යම් තේරුමක් ඇති දේකට යොමු කරන්න විදිහක් නැද්ද කියන එක.

    ඔන්න එතකොට තමයි තාත්තව, ඇඩම් ස්මිත්ව මතක් වෙන්නෙ. 1776දි පබ්ලිෂ් කරන එයාගෙ ‘වෙල්ත් ඔෆ් නේෂන්ස්’ පොතේ එයා මැන්ඩෙවිල් විසින් ගේන තර්කයේ මූලික දේවල් දකිනවා. පරිභෝජනවාදී සමාජ පාරිභෝගිකයන්ගේ ඉතා නොවැදගත් උවමනාවන් තෘප්තිමත් කිරීම හරහා රැුකියා උත්පාදනය කරමින් දුප්පත්කම අඩු කරන්න දායක වන වග දකිනවා. ස්මිත් වුනත් මේ පරිභෝජනය විකාරසහගතයි කියල දැක්ක නමුත් එහි ප‍්‍රතිඵලවලට ලොකු වටිනාකමක් දුන්නා. මේ පරිභෝජනය හරහා කර්මාන්ත දියුණු වුනා. රැකියා ඇතිවුනා. ධනය උත්පාදනය වුනා.  මාක්ස් වගේ ෆැන්ටසියකට නොගිහින් ස්මිත් අනාගතයට ආකර්ශනීය බලාපොරොත්තුවක් දෙනවා. ඒ පරිභෝජනය සෑම විටම නොවැදගත්, විකාරසහගත දේ ගැනම වෙන්න  ඕන නැති වගයි. එඩින්බරෝ පොත් වෙළඳාමෙ ඇතිවුනු වර්ධනය එයා දැක්කා. ඉදිරියේදී උසස් අධ්‍යාපනය කොයිතරම් ලොකු වෙළඳපොලක් වෙනවද කියල එයා දැක්කා. එඩින්බරෝ නව නගර නිර්මාණය සඳහා එකතු වුණු ධනය එයා දැක්කා. මිනිස්සුන්ට කොයිතරම් විශාල වශයෙන් ශ‍්‍රමය, බුද්ධිය අවශ්‍ය වන උසස් අවශ්‍යතා තියෙනවද කියල ස්මිත් වටහාගෙන තිබුන.  ඒත් මැන්ඩවිල් දැකපු විදිහටම ඒ වෙද්දිත් ඒවා තිබුනෙ කැපිටලිස්ට් ව්‍යාපාරවලට එලියෙන්. අධ්‍යාපනයේ අවශ්‍යතාවය, ස්වයං අවබෝධය, අලංකාර නගර, වඩා හොඳ සමාජ ජීවිත මේ අතර තියෙනවා. ඇඩම් ස්මිත් කියන විදිහට කැපිටලිසම්වල අවසාන උවමනාව වෙන්නෙ මිනිසාගේ තෘප්තිය එහි සියලූ සංකීර්ණතා ඇතුව තෘප්තිමත් කිරීමයි. ඒක ද්‍රව්‍යමය සහ මානසිකමය කියන පැති දෙකෙන්ම වෙන්න  ඕන”

    මේ මාක්ස් නොදුටු මිනිස් පරිභෝජනයේ ඉතිහාසය. මාක්ස් මේ වියමන ගැන කරන්නෙ අතිශය ඌනිත කියවීමක්. ඔස්ටේ‍්‍රලියානු ආර්තික විද්‍යාඥයෙක් වෙන ලූඞ්විග් වොන් මයිසෙස් මේ පරිභෝජනවාදී ආර්තිකය සහ එහි අනාගතය ගැන මෙහෙම කියනවා.

    ”වෙළඳපොල ආර්තිකයක් පවතින කැපිටලිස්ට් ක‍්‍රමයක ඇත්ත බොස්ලා වෙන්නෙ පාරිභෝගිකයො. ඒ ගොල්ලො තමන්ට ඇති මිළදී ගැනීමේ සහ නොගැනීමේ නිදහස උඩ තීරණය කරනවා කවුද ලාභ ලැබිය යුත්තේ සහ කර්මාන්ත කරගෙන යා යුත්තේ කියල. කුමක් කවර තත්වයකින් කොපමණ ප‍්‍රමානයක් නිෂ්පාදනය කරන්න  ඕනද කියල ඔවුන් තීරණය කරනවා. මේ අයගෙ ඇටිටියුඞ් එක තමයි ව්‍යාපාරිකයාගෙ ලාභය හෝ පාඩුව වෙන්නෙ. ඒ ගොල්ලොන්ට පුළුවන් දුප්පතුන් පොහොසතුන් කරන්න වගේම පොහොසතුන් දුප්පතුන් කරන්නත්”

    පාරෙ ට‍්‍රැෆික් ප‍්‍රශ්නෙ විසඳන්නෙ කොහොමද කියන එක ගැන  ටෙඞ් ටෝක් එකක් කරන්න එන ස්ටොකොම් ට‍්‍රාන්ස්පොටේෂන් ඩිපාර්ට්මන්ට් එකේ ජොනාස් එලියසන් එයාගෙ කතාව පටන් ගනිද්දි මාක්ස්ට වැරදුන තැන ලස්සනට සටහන් කරනවා.

    එයා කියන්නෙ හැම ට‍්‍රැෆික් ප්ලෑන් එකකම තියෙන වැරැුද්ද වෙන්නෙ ඒ හරහා මිනිස්සුන්ට ජීවිතය කොහොම සංවිදානය කරගත යුතුද කියල උගන්නන්න යන එකයි කියල.

    ‘සංකීර්ණ සමාජ ක‍්‍රමයක් සැලසුම් කරන එක අතිශය දුෂ්කරයි. මං කතාවක් කියන්නම්. 1989 බර්ලින් තාප්පෙ කඩා දැම්මට පස්සෙ ලන්ඩනයේ නගර සැලසුම් ශිල්පියෙකුට මොස්කව් වල යාලූවෙකුගෙන් කෝල් එකක් එනවා.

    එයා අහනවා කවුද ලන්ඩන්වල පාන් සැපයුමේ ප‍්‍රධානියා කියල. ලන්ඩන් වල ඉන්න මිනිහට තේරුම් ගන්න අමාරු වෙනවා මේ ප‍්‍රශ්නෙ. කවුද ලන්ඩන්වල පාන් සැපයුම් ප‍්‍රධානී? එයා කියනවා එහෙම කවුරුවත් නෑ කියල. එතකොට මොස්කව් යාලූවා විශ්වාස කරන්නෙ නෑ. ඒක වෙන්න බෑ. කවුරුහරි ඉන්න  ඕනනේ. ඒක හරි සංකීර්ණ සිස්ටම් එකක්. කවුරු හරි අනිවාර්යෙන්ම මේ හැම එකක්ම පාලනය කරන්න  ඕන. ඒත් ලන්ඩන් යාලූවා කියනවා, එහෙම කිසි කෙනෙක් නෑ. කොටින්ම මං ඒ ගැන කල්පනා කරලවත් නෑ. ඒ සිස්ටම් එක ඒක විසින්ම පාලනය වෙනවා’

    මෙන්න මේක තමයි මාක්ස්ටත් කැපිටලිසම් ගැන සිද්ද වෙන අවුල. එයා මේ සමස්ත මිනිස් නිෂ්පාදනය දකින්නෙ කවුරුන් හෝ විසින් තාර්කිකව පාලනය කරන සිස්ටම් එකක් විදිහට. එයා මේක විලන්කරණයට ලක්කරලා කැපිටලිසම් කියල ප‍්‍රබන්ධ කරන්නෙ මේ මොස්කව් යාලූවට වගේම ඒක තේරුම් ගන්න බැරිකමට.
    අනෙක් හැම දාර්ශනිකයෙක්ම විශ්ලේෂකයෙක්ම කරන්නෙ පවතින ක‍්‍රමය නිරීක්ෂණය කරමින් ඒකට තමන්ගේ අදහස් එකතු කරන එක. ඒත් මාක්ස් ඊට එහාට ගිහින් සංකීර්ණ මානව සමාජ ක‍්‍රියාවලියක් එයා විසින් තනියම නිර්මාණය කරනවා. හරියට එලියසන් සඳහන් කරන ට‍්‍රැෆික් ප්ලෑන් එකක් වගේ. සමාජවාදී සමාජයක් කරා යන මේ ගමන කියන්නෙ මාක්ස්ගේ ඩිසයින් එක. තමන්ගේ සීමිත මනසින් සංකීර්ණ සමාජ සමස්තයක ගමන ප‍්‍රබන්ධගත කරන අසාර්ථක උත්සාහය.

    ලංකාවෙ වම වහා ඇවිළුණු පෝස්ට් එකට පාදක අදහස් වෙන්නෙ මේවා. පෝස්ට් එක ඇත්තටම ‘ටීසර්’ එකක්. උවමනාව වුනේ ධනවාදයට අදාල අදහස් සාකච්ඡුාවට ගන්න විවරයක් හදා ගැනීම. ඒත් තමන් ඉන්නෙ ප‍්‍රබන්ධයක කියල තාම තේරුම් ගන්න බැරි වමේ යාලූවන්ට සහ ආචාර්ය මහාචාර්යවරුන්ට මගේ යෝජනාව වෙන්නෙ දස් කැපිටාල් වගේ පොත් කියව කියන ඉන්න එක නතර කරලා වෙස්ට් වර්ල්ඞ් වගේ ටීවී සීරීස් බලන්න පටන් ගන්න කියලයි.


    චින්තන ධර්මදාස

  • කාන්තා විමුක්තියේ දෝංකාරය රෝස පාටද?

    කාන්තා විමුක්තියේ දෝංකාරය රෝස පාටද?

    පින්ක් කියන්නෙ අනිරුද්ධ රෝයි චෞද්‍රි විසින් 2016 අන්තිම හරියෙදි රිලීස් කරන ෆිල්ම් එකක්. ඒකෙ ප‍්‍රධාන චරිතය වෙන්නෙ අමිතාබ්. ඒත් නම් ලැයිස්තුවෙ කෙල්ලො තුන්දෙනෙකුගෙ නම් තමයි කලින් දාන්නෙ.

    මේක කෝර්ට් රූම් ඩ‍්‍රාමා කියන ජෝන්රා එකට වැටෙන ෆිල්ම් එකක්. ඒ කියන්නෙ චිත‍්‍රපටිය කේන්ද්‍ර වෙන්නෙ උසාවියක්, නඩුවක්, නීතිමය ප‍්‍රශ්නයක් වගේ කාරණයක් වටේට. දොලහක් කියන වේදිකා නාට්‍ය නිර්මාණය කරන්න පාදක කරගත්ත ටුවෙල්ව් ඇන්ග‍්‍රි මෙන් කියන එකත් මේ ජොන්රා එකේම තවත් චිත‍්‍රපටියක්. මේ විදිහෙ ප්ලොට් එකක ආතතිය සහ ඇදබැඳ තබා ගැනීම කියන එක අමාරු වැඩක්. ඒත් අනිරුද්ධ චෞද්‍රි ඉතාම ශූර විදිහට තමන්ගෙ කතාව  ඕගනයිස් කරගන්නවා.

    ඒත් මට පින්ක් ෆිල්ම් එක පේන්නෙ ප්‍රොපගැන්ඩා මූවි එකක් විදිහට. ඒ කියන්නෙ තමන්ට අවශ්‍ය, කලින් තීරණය කරන ලද දේශපාලනික අදහසක් කාවැද්දවීම වෙනුවෙන් සිනමාව පාවිච්චි කිරීමක්. ඒක අවුල් දෙයක් නෙමෙයි. එතනදි අදාල වෙන්නෙ කොයිතරම් සාර්ථක විදිහට අධ්‍යක්‍ෂවරයා විසින් ඒක කරනවද කියන එකයි. ගොඩක් වෙලාවට තමන්ගෙ මතවාදය වෙනුවෙන් චරිත සංවිධානය කරද්දි ඒ චරිත මළවුන් වගේ වෙනවා. මොකද ජීවිතේ තියෙන අතාර්කික, අසමමිතික, සංදිග්ධතා මගහැරිලා සරල රේඛීය පැතලි චරිත නිර්මාණය වෙන්න ගන්න හින්ද.

    පින්ක් ඉවර වෙද්දි පේ‍්‍රක්‍ෂාගාරය ගල්ගැහිලා නවතිනවා. ඒ තරම් කම්පනයක්, සංවේදීතාවයක් චිත‍්‍රපටිය විසින් එලියට මුදාහරිනවා. ඒ කියන්නෙ අනිරුද්ධගෙ ප්‍රොපගැන්ඩා එක සාර්ථකයි. චරිත ඉතාමත් පටු සහ සීමිත ඒවා වෙද්දිත්, ෆිල්ම් එක ඇතුලෙ ඉබාගාතේ දුවන ප්ලොට් ලයින් තියෙද්දිත්, ඒ සියල්ල ඉක්මවා මයිල් කෙලින් වෙන සුළු අත්දැකීමක් පින්ක් ඉතුරු කරනවා.

    අමිතාබ් කියන්නෙ මං කැමති නළුවෙක් නෙමෙයි. විශේෂයෙන් එයා තරුණ කාලෙ ර`ගපාපු චිත‍්‍රපටි බලද්දි මට අමිතාබ් නළුවෙක් වුනේ කොහොමද කියල හිතාගන්න බැරි වුණා. ඒත් වයසට යන්න යන්න එයා දැවැන්ත ප‍්‍රතිරූපයක් විදිහට එලියෙන් සහ ඇතුලෙන් වැඩුණා. හින්දි සිනමාවෙ දැවැන්තයා හැටියට එක පැත්තකින් ඉස්මතු වෙද්දි අමිතාබ්ගෙ රංගනයත් අභ්‍යන්තරයෙන් තවත් ගැඹුරට වැඩුනා. පා, පිකූ, පින්ක් කියන්නෙ ඒක දැනෙන චිත‍්‍රපටි කීපයක්.

    මේ ෆිල්ම් එකේ කාන්තාවන්ගේ නිදහසට අදාල මොඩර්න් ප‍්‍රශ්න කීපයක් ඉස්මතු කරනවා. ෆ්ලැට් එකක නිදහසේ ජීවත්වෙන කෙල්ලො තුන් දෙනෙක්. ඒ අයගෙ සම්බන්ධතා විවිධයි සහ ඇතැම්විට අසම්මතයි. මේ අතරෙ දවසක රාත‍්‍රී කොන්සර්ට් එකක් කෙලවර ඒ තුන් දෙනා එතනදි අඳුරගත්ත කොල්ලො තුන්දෙනෙක් එක්ක උන්ගෙ හෝටලේට යනවා. බොනවා. කුණුහරුප කතා සහ විහිළු කරමින් ගත කරනවා. අතපත ගානවා. ඒත් කොල්ලෙක් කාමරේට ගෙනිහින් ලිංගිකව එක්වීමට තැත් කරන තැනදි බෝතලේකින් ඔලූවට ගහනවා.

    කොල්ලො ටික පස්සෙන් පන්න පන්න තර්ජන කරනවා. කෙල්ලො ටික පොලිසියට යනවා. බලය, තත්වය මත පොලිසිය කොල්ලොන්ගෙ පැත්ත ගන්නවා. සමාජය ඉස්සරහ කෙල්ලො ටික අසරණ වෙනවා.
    පින්ක් එකේ කතාව මේකයි. මෙන්න මේ වෙලාවෙදි අමිතාබ්, සිනමාවේ වීරයා පැන්ෂන් ගිය ලෝයර් කෙනෙක් විදිහට පහළ වෙනවා. එයා විසින් මේ නඩුව කාන්තා විමුක්තියේ ප‍්‍රකාශනයක් දක්වා අරන් එනවා.

    ෆිල්ම් එක, එක එල්ලේම කාන්තා නිදහස ගැන තිබුණත් ඊට වඩා ගැඹුරු කාරණයක් ඒ හරහා මතු කරනවා. ඒ තමයි සමාජයේ තියෙන ස්ටීරියො ටයිප් සිතීම සහ තීරණ ගැනීම කියන එක. උදා විදිහට මුලින්ම අමිතාබ් නැත්තං දීපක් කියන චරිතය අඳුන්නලා දෙන්නෙ පර්වර්ට් කෙනෙක් විදිහට. නිතර මේ කෙල්ලන් දිහා බලන් ඉන්න වයස්ගත මහල්ලෙක්… ඒත් මොහොතකින් අපි විසින් ඒ චරිතය පිළිබඳව ගත් තීන්දුව ගැන අපිම ලැජ්ජා වෙනවා. ඊට පස්සෙ විදෙස් රටවල උගත්, ඉහළ මධ්‍යම පංතියේ තරුණයන්ගේ විවෘතබව ගැන අපේ කල්පිතය, ටැටූ ගහපු කෙල්ලන් ගැන, අනියම් සම්බන්ධතා ගැන ආදී වශයෙන් නාගරික සමාජයේ අතිශයින් සුලබ ස්ටීරියෝ ටයිප් සිතීම් ගණනාවක් අනාවරණය කරමින් චිත‍්‍රපටිය දිගහැරෙනවා. අනිරුද්ධගේ දක්ෂතාවය වෙන්නේම නරඹන අපිත් ඒ සිතීම ඇතුලෙම කොටුවූ අය වග අපටම තහවුරු කරමින් තමන්ගේ කාරණයට එළඹෙන විලාසයයි.

    ඒ වගේම ඉන්දියාවටත් ලංකාවටත් පොදු තවත් දෙයක් මේකෙ එලියට එනවා. ඒ තමන් අතින් යම් වරදක් හෝ බලපෑමක් සිදුවුණු යුවතියක් ඊට එදිරිව නැගී සිටි වහාම ඇයව ‘බඩුවක්’ කිරීමේ යාන්ත‍්‍රණයයි. ‘බඩුවක්’ යැයි සම්මත වූ වහාම ඇය හුදු අනුරාගයේ වස්තුවක් වන අතරම ඇයට කිසිදු මිනිස් අයිතිවාසිකමක හිමිකම අහිමිවෙයි. ඇගේ නැගී සිටීමත් තවත් පිරිමින්ගේ ලිංගය උත්තේජනය කිරීම පමණක් වෙයි. (ලංකාවෙ මෑත බට්ටිගේ කතාව හොඳ උදාහරණයක්)

    චිත‍්‍රපටියෙ මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් තැනක් ඉස්මතු කරනවා. ඒ සමාජයේ ගැහැණියක් ‘ක්වෙෂනබල් කැරැක්ටර්’ එකක් වීමේ වරදයි. ප‍්‍රශ්නකාරී චරිතයක් වීමම වරදකාරීත්වය සනාථ කිරීමක් වෙනවා.
    චිත‍්‍රපටිය ප‍්‍රශ්න කරමින් හෝ පොයින්ට් කරමින් යන ස්ටීරියො ටයිප් තින්ක්න්ග් කියන එක, හරි හෝ වැරදි බව කියන්න අධ්‍යක්‍ෂවරයා උත්සාහ ගන්නෙ නෑ. ඒක තමයි ෆිල්ම් එක තාර්කිකව සාධනය වෙන තැන වෙන්නෙ. අධ්‍යක්‍ෂවරයා චිත‍්‍රපටිය ගේන්නෙ එක ලයින් එකකට. ‘කන්‍යාවක් වේවා, ගණිකාවක් වේවා, කවර කෙනෙකු හෝ වේවා, තැන- නොතැන, තානාන්තර හෝ චරිත අදාලත්වයකින් තොරව, එපා කීමේ අයිතිය හිමියි කියන එක. අවිනිශ්චිත කාරණා ගොඩක් අතරෙ එක නිශ්චිතයක් අනිරුද්ධ තහවුරු කරනවා.

    ‘එපා කියන්නෙ එපා. ඒක සම්පූර්ණ වාක්‍යයක්. ඒ තේරුමට වෙන කිසි දෙයක් අවශ්‍ය හෝ අදාල වෙන්නෙ නෑ..’

    මේ කාරණා සියල්ල අතින් චිත‍්‍රපටිය විශිෂ්ටයි. ඒත් මට සිනමාවෙන් එලියෙ අතුරු ප‍්‍රශ්න කීපයක් ඉතුරු වෙනවා.

    සමාජයක් කාලෙන් කාලෙට තාක්‍ෂණය, නිෂ්පාදනය ආදී කාරණා අනුව වෙනස් වෙනස් කලාපයන්ට ප‍්‍රවේශ වෙනවා. එතනදි ස්වභාවයෙන්ම අතීත සම්මතයන්, පිළිගැනීම් අභියෝගයට ලක්වෙනවා. මතවාදීමය සහ භෞතිකමය ගැටුම් ඇතිවෙනවා. ඒක තමයි සමාජ පරිණාමය කියන්නෙ. එතනදි පිරිසක් ගොදුරු බවටත් තවත් පිරිසක් අවස්ථාවාදියො බවටත් පත්වෙනවා. ඒත් මේ දෙපැත්තම එකම තත්වයක නිර්මාණ.

    වැඩිය පටලව ගන්නෙ නැතුව මේක තේරුම් ගන්න පුළුවන් ලංකාවට ෆේස්බුක් අඳුන්නලා දීපු කාලෙ මතක නම්. මුලින්ම ෆේස්බුක් එක එහෙම්පිටින්ම පාවිච්චි වුනේ ලිංගික සම්බන්ධතාවලට. මිනිමරාගන්න තරමට අනියම් සම්බන්ධතා ඇවිලෙන්න ගත්ත. පෙම්වතුන් විසින් පෙම්වතියන්ට ෆේස්බුක් පාවිච්චිය තහනම් කළා. ඒත් ටිකෙන් ටික තාක්‍ෂණය පරිණත වුණා. පාවිච්චිය වෙනස් වුණා. අද වෙද්දි ෆේස්බුක් එකේ ඊට වඩා සෑහෙන දියුණු විනයක් සහ භාවිතාවක් තහවුරු වෙලා තියෙනවා.

    පින්ක් ෆිල්ම් එක ඇතුලෙ කතා කරන ඉන්දියාවෙ මෑත ඇතිවුණු රේප් රැුල්ලට පාදක ඇත්ත කාරණය වෙන්නෙ මේ සමාජ වෙනසයි. මෙතන අතවරයට ලක්වන්නා සහ අතවර කරන්නා කියන දෙන්නම මේ සමාජ වෙනසෙ ගොදුරු. ඒත් ෆිල්ම් එකේ උත්සාහය ජනප‍්‍රිය ලෙස අතවරයට ලක්වුණු තරුණියන්ගේ පැත්ත ඉමෝෂනල් කරන්න. තරුණයන්ව දුෂ්ටයට අන්දන්න.

    ඒක අනිරුද්ධ කරන්නෙ ටිකක් බාල විදිහට. එයා කොල්ලො ටික ඇමති කෙනෙකුගෙ පුත්තු කරනවා. උන්ව බලය හිමි තැන තියල කෙල්ලො ටික ප්ලොට් එකෙන්ම අසරණ කරනවා. ඒත් මේ කතාව එහෙම නොවුනා නම් පව් වෙන්නෙ කොල්ලො ටික පැත්තෙ කතාව. එහෙම විශේෂ බලයක් නැති කොල්ලෙක් අතින් කෙල්ලෙකුට මේ අතවරය වුනා නම් අනිවාර්යෙන් අපිට දකින්න වෙන්නෙ වරකාපොල නංගිගෙ වගේ සිද්දියක්.

    එක දවසින් අඳුරගත්ත කොල්ලෙක් එක්ක, ඒ කොල්ලගෙ කාමරේට ඇවිත්, බීලා, වල්කතා කිය කිය ඉන්න කොට ඒ කෙල්ල තමන් එක්ක නිදාගන්න කැමතියි කියල හිතන එක ඒ සමාජෙ සෙමියොටික් එකක්, නැත්තං අප‍්‍රකාශිත හැ`ගවුම් ව්‍යවස්ථාවක්. පින්ක් ෆිල්ම් එකේ කොල්ලො ටික, ‘උඹලා තමයි හැමදේම පටන්ගත්තෙ’ කියල කියන්නෙ බොරුවට නෙමෙයි. උන් ඇත්තටම ඒක විශ්වාස කරනවා. වචනයෙන් කියාගන්න බැරි, කෙල්ලන්ගෙන් ප‍්‍රකාශිත කැමැත්තක් පිළිබඳ සංඥාවෙ උන් අතරමං වෙනවා.

    මේ ෆිල්ම් එක විදිහකට බලය සහ වසගය අතර ගැටුමක්. වසගය කියන්නෙ සුන්දර දෙයක්. ඒත් වසගය සම්බන්ධව ඔප්පු කළ හැකි න්‍යායන් නෑ. අමිතාබ් විසින් උසාවියෙදි කෙල්ලෙන්ට සමාජයේ සුරක්ෂිතව ඉඳීමේ ඇති මැනුවල් එක ගැන තාර්කික කාරණා අහද්දි අසාධාරණ විදිහට අවතක්සේරු කරන්නෙ හෝ වසා දමන්නෙ මේ වසගය පිළිබඳ කාරණයයි.

    ඒ වසගය බලහත්කාරයකට ලයිසන් දීමක් කියනවා නෙමෙයි. ඒත් මේ කතාවෙ අයිඩියොලොජිය විසින් මරා දමන ලද මානුෂික අර්ධය වෙන්නෙ ඒකයි.

    අනෙක් අතට මේ චිත‍්‍රපටිය ගොඩනැගෙන්නේ උසාවි කාමරයක් ඇතුලෙ. සමාජීය අතවරයක් හෝ ප‍්‍රශ්නයක් ගැන සංවාදයක් උසාවි කාමරයක් තුල ඇහෙන එක චිත‍්‍රපටියෙ සංවිධිත අවසානයකට පහසුවක් මිස ඒ කාරණය ගැන විවිධ සමාජීය පැතිකඩයන් විවෘත කර ගැනීමට හොඳ එළඹුමක් වෙන්නෙ නෑ. සිනමාකරුවා විසින් දැනුවත් කරන්න උත්සාහ කරන කාරණය සම්බන්ධයෙන් ගත්තත් මේ උසාවියෙන් නඩුව ජයගෙන එලියට බහින යුවතියන්ට වෙන්න නියමිත මොකක්ද? සදාචාරය පිළිබඳ සමාජ අදහස පදනම් වන්නේ උසාවියේ දෙන ලද තීන්දු මත නෙමෙයි.

    ඒ වගේම සමස්ත කතාවම ගොඩනැගෙන්නේ දැවැන්ත අහම්බයන් මතයි. මෙවන් පරාර්ථකාමී, ප‍්‍රගතිශීලී නීතිඥයෙක් නිකං කතා කරන්න ඉදිරිපත් වීමේ පටන් ඔහු විසින් තමන්ගේ පැත්තට නඩුව හරවාගන්නා සියලූ තැන් පාදක වෙන්නෙ අතිශය අහම්බ කාරණා උඩයි. යම් හෙයකින් අනෙක් පැත්තෙ දක්ෂ නීතිඥයෙක් හෝ ඒ පැත්තට පක්ෂපාත යම් යම් කාරණා ගොනුවීමක් තිබුනා නම් මේ නඩුව පරදින එකයි සිද්ද වෙන්නෙ. මේ අහම්බය විසින් චිත‍්‍රපටිය ඇතුලෙ තහවුරු කරන්න උත්සාහ ගන්නා ‘පරම’ කාරණය හෑල්ලූවට ලක්වෙනවා.

    ඒ සියල්ලටම වඩා මේ චිත‍්‍රපටය එය විසින් විරුද්ධව නැගී සිටිනවා යැයි පෙන්නුම් කරන ප‍්‍රතිගාමී සමාජ දේහයම ආපහු ශක්තිමත් කරනවා. ෆිල්ම් එක මුල ඉඳන්ම පටන් ගන්නෙ ඉතා බිය දනවන සුළු සංගීතයක් සහ මුහුණුවරක් ඇතුව. මේ ඉතා දූෂිත අනාරක්ෂිත සමාජයකි කියන එකයි මූලික එල්බගැනීම වෙන්නෙම. අමිතාබ් පවා මුලින් උන්මත්තක චරිතයක් වගේ කියන්නෙ ‘පරිස්සම් වෙන්න.. පරිස්සම් වෙන්න..’ කියල.

    කාන්තාවන්ට නිදහසේ ජීවත් වීම භයානක හෝ අනතුරුදායක බව තහවුරු කිරීමක් තමයි පින්ක් ඇතුලෙන් ඇත්තටම සිද්ද වෙන්නෙ. උදා විදිහට ඩියර් සෙන්ඩගී හෝ හයිවේ වගේ චිත‍්‍රපටියක් ගත්තොත් ඒ කතාවලින් කෙල්ලෙකුගෙ හිතුවක්කාර, ස්වාධීනත්වය උඩට උස්සලා තියනවා. බයක් වෙනුවට ඒ වගේ ජීවිතයකට ආශක්ත කරනවා. ඒත් පින්ක් චිත‍්‍රපටියෙ සාමාන්‍ය ජනතාවට දැනෙන කතාව වෙන්නෙ ‘ඔන්න  ඕක තමයි රෑ තනියම එලිපෙහෙලියට යන අද කාලෙ කෙල්ලොන්ට වෙන දේ’ කියලයි. නිදහස වෙනුවෙන් පෙනී සිටින අතරම පින්ක් වලින් කරන්නෙ ඒ නිදහසට විරුද්ධව ආරක්ෂාව පිළිබඳ බයක්, සැකයක් සමාජගත කරන එකයි.

    කාන්තා නිදහස වෙනුවෙන් ප‍්‍රගතිශීලී මැදිහත් වීමක් කරනවා නම් පින්ක් පෙනී ඉන්න  ඕන ලිංගික නිදහස වෙනුවෙන්. මෙතන සමාජේ බේසික් එකක් විදිහට සෙක්ස් නරකයි. ඒත් කැමැත්තෙන් කළා නම් ඉතින් අවුලක් නෑ. සෙක්ස් වරදක් වුණු රටක  ඕනම ලිංගික සම්බන්ධයක් කියන්නෙ රේප් එකක්. සෙක්ස් කියන එක බත් කනවා වගේ නිදහස් වුන දවසක රේප් හෝ මොලෙස්ටින්ග් කියන එකට තියෙන අදහස සහ උවමනාව වෙනස් වෙනවා.

    පින්ක්, කාන්තාවන්ගේ ආරක්ෂාව හෝ නිදහස තහවුරු කරන්න උත්සාහ ගන්නේ  දැඩි පිරිමි තාර්කික ආකෘතියක් ඇතුලෙයි. ගැහැණිය යනු තේරුම් ගත නොහැකි, තර්කයෙන් ඔබ්බට ගිය, ද්විකෝටිකයට හසු නොවන, වෙනස් පැවැත්මක් කියන එක අමතක කරමින් පිරිමියෙක් මෙන් සියල්ල පැහැදිලි සහ තාර්කික තැනකට ගෙන ඒම විසඳුමක් හැටියට යෝජනා කරනවා. කාන්තා නිදහස වෙනුවෙන් හැදෙන අලූත් ඉන්දියානු චිත‍්‍රපට රැුල්ලෙම තියෙන කාරණයක් මේක. උදා විදිහට දාංගල් ෆිල්ම් එකේ වුනත් අන්තිමට යෝජනා කරන්නෙ කාන්තාවක් විදිහට ඇති අභියෝග ජයගන්න පිරිමියෙක් වෙන්න කියන එකයි. කන්‍යාභාවය නැති කර ගැනීම, විවිධ අය සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීම ආදිය පිළිබඳව විවෘතව සියල්ලන් ඉදිරියේ හඩනගා ප‍්‍රකාශ කිරීම හරහා යෝජනා වෙන්නෙ නිදහස ලබා ගැනීම වෙනුවෙන් ස්ත‍්‍රිය එලිදරව් විය යුතු බවයි. නිරුවත් විය යුතු බවයි. ශිෂ්ටාචාරය ගොඩනැගීමේ එක තැනකදී මිනිසුන් සතු ‘ඉව’ අතුරුදන් වුනා වගේම ඊළග යුගය වෙනුවෙන් ස්ත‍්‍රිය තමන්ගේ ස්ත‍්‍රීත්වයේ වෙනස හෝ සුවිශේෂය අත්හැරිය යුතු බවයි. නිදහස වෙනුවෙන් නැවත කැමැත්තෙන් රේප් විය යුතු බවයි. ප‍්‍රශ්නය තිබෙන්නේ මේ උසාවියෙන් හෝ නීතියෙන් නිදහස ලබද්දී එතන ඉතුරු වෙලා ඉන්නෙ තවදුරටත් ගැහැණියක්ද කියන එකයි. මේ නිදහස ලබන්නේ පියයුරු දෙකක් සහ යෝනියක් හිමි පිරිමියෙක් නෙමෙයිද කියන එකයි.

    ස්ත‍්‍රීත්වයේ සුවිශේෂත්වය තුලින් නූතන ස්ත‍්‍රිය මුහුණ දෙන අභියෝග ජයගන්න පාරක් පෙන්නන්න මේ කාන්තා විමුක්ති සිනමා රැල්ල අපොහොසත් වෙලා තියෙනවා.


    චින්තන ධර්මදාස

  • ගොළුබෙල්ලන් සුරකිමු

    ගොළුබෙල්ලන් සුරකිමු

    වායු ගෝලය උණුසුම් වෙනවා කියන එක ලෝක පරිසර සටනෙ මේ වෙද්දි ප‍්‍රධාන මාතෘකාව. ලියනාඩෝ ඩිකැප්රියො වගේ නළුවො පවා බරපතල විදිහට මේ වායු ගෝලය උණුසුම් වීම සහ කර්මාන්ත නිසා පරිසරයට වෙන බලපෑම ගැන කතා කරලා තමන්ගෙ ප‍්‍රතිරූප විශාල කරගන්නවා. ඒත් එහෙම උණුසුම් වීමක් තියෙනවද කියන එක ගැන ජනපි‍්‍රය කතිකාවට එපිටින් ගිහිල්ලා කරුණු හොයා බලන්න කාටවත්  ඕන වෙන්නෙ නෑ. මේ උණුසුම් වීම ගැන කතාව ඇත්තක් නෙමෙයි කියල ඉතාම දියුණු විතර්කයන් මතු වෙලා තියෙනවා. ඒත් වඩා වැදගත් වෙන්නෙ වායු ගෝලය උණුසුම් වීමේ අවදානම ගැන කතාව. විශාල කර්මාන්ත සහ තාක්ෂණයට විරුද්ධ වඩා සංවේදී (ඇඬෙන) කතන්දරය. ඒක ටෙ‍්‍රන්ඞ් එකක්. ෆැෂන් එකක්.

    ලංකාවෙත් මේ වගෙම පරිසර කතිකාවක් මේ දවස්වල ඇවිලෙනවා. හම්බන්තොටින් අක්කර 15000ක් චීන කොම්පැනියකට දීම. පරිසර සංවිධාන කීපයක එකතුවක් මේ චීන කොම්පැනියට ඉඩම් දීම හරහා අපේ රටට ඇතිවීමට නියමිත අවදානම ගැන විරෝධතා පවා පැවැත්වුවා. ඒත් ලෝකෙ ගොඩක් පරිසර ක‍්‍රියාකාරීන්ගේ අරගලවලදි වගේම මේ ඉඩම් පවරා නොදිය යුත්තේ ඇයි කියන එකට දියුණු, ප‍්‍රායෝගික සහ තාර්කික කාරණා මතු කරන්න ඒ අය අපොහොසත් වුනා.

    ලෝකෙ දැනට කාලෙක ඉඳන් මතුවෙන මේ පරිසර කාරණා මුල් කරගත්ත ඇක්ටිවිසම් රැුල්ල දැන් වාතයක් වෙන තරමට ඇවිත්. යම් ඉදිරි ක‍්‍රියාමාර්ගයක් දිහා වඩා පොසිටිව් විදිහට බලමින් එහිදී ප‍්‍රවේශම් විය යුතු හෝ වළක්වා ගත යුතු කාරණා ගැන දැනුවත් කිරීම, අවධානය යොමු කිරීම වගේ ඵලදායී දෙයක් වෙනුවට මේ ක‍්‍රියාකාරීන්ගේ පදනම වෙන්නෙම හුදු විරෝධය.

    රජයක යම් කටයුත්තකදී යම්  විනාශයක් හෝ අවැඩක් සිදු වෙනවා නම් ඒවා විධිමත්ව පෙන්වා දීමයි ඇක්ටිවිස්ට්ලාගේ කාර්යභාරය. ඒ වෙනුවට වෙනත් රටකින් බාර නොගත් කොම්පැනියක් වීම හෝ චීනය රටක් හැටියෙන් නම කැත කරගෙන සිටීම හෝ වැනි තර්ක අදාල කාරණා වෙන්නෙ නෑ. ඒ නිශ්චිත කොම්පැණිය සමග ඇති කරගන්නා ගිවිසුම අනුව ඇතිවෙන්න නියමිත තාර්කික අවුල් මේසෙට ගේන්න  ඕන. ඒවා අවම කර ගැනීම වෙනුවෙන් යෝජනා ඉදිරිපත් වෙන්න  ඕන. එවන් අවුල් තත්වයන් ඇතිවීම වැලැක්වීමට ඇතිකර ගත යුතු ක‍්‍රියාමාර්ග වෙනුවෙනුයි ප‍්‍රගතිශීලී සටන දියත් වෙන්න  ඕන. ඒත් මේ සිද්ද වෙන්නෙ අපිට හැමදාම හුරුපුරුදු විකුණනවා, කපනවා, කොම්පැනි එනවා, වගේ වමේ බාල ඉමෝෂනල් කැම්පේන්.

    මේ පරිසරය මූලිකකරගත් අලූත් ඇක්ටිවිසම් රැුල්ල ගැන ජෝර්ජ් කාලින් ලස්සන කතාවක් කරනවා. කාලින් කියන්නෙ ඇමරිකානු ස්ටෑන්ඞ් අප් කොමඩියන් කෙනෙක්. භාෂාව, සමාජය, පුද්ගල මනස, විවිධ තහංචි වගේ දේවල් ගැන කාලින් කියන ඉතා තියුණු අදහස් නිසා එයාව සැලකෙන්නෙ කවුන්ටර් කල්චර් කොමඩියන්ලගෙ ඞීන් විදිහට. මේ තියෙන්නෙ කාලින්ගෙ ඒ කතාවෙ සරල, වැරදි සහිත මගේ පරිවර්තනය. ස්ටෑන්ඞ් අප් කොමඩියක ලයිව් කතාවක් පිටපතකට එද්දි එන්නෙම තුන්කාලක් මැරිලා.

    ‘‘දන්නවනෙ මිනිස්සු කොටසක් ඉන්නවා හැමදෙයක් ගැනම කණස්සලූ වෙන. දවසෙ හැම මිනිත්තුවකම ඒ ගොල්ලො හැමදෙයක් ගැනම කණස්සලූ වෙනවා. වාතය ගැන කණස්සලූ වෙනවා. වතුර ගැන කණස්සලූ වෙනවා. පස් ගැන කණස්සලූ වෙනවා. කෘමිනාශක, කෘතිමරසකාරක, ඇස්බෙස්ටොස් ගැන වද වෙනවා, වඳවෙලා යන ජීවීන් ගලවාගැනීම ගැන වද වෙනවා. මං කියන්නං මේ වඳවෙලා යන සත්තු ගැන. මේ වඳවෙලා යන සත්තු බේර ගැනීමේ උවමනාව කියන්නෙ මනුස්සයාගෙ තවත් උද්දච්ඡු උත්සාහයක් පරිසරය පාලනය කරන්න. ඒක තමයි අපිව මුලින්ම කරදර ගොඩකට ඇදලා දැම්මෙත්. ස්වභාධර්මයට අතදාන්්න යන එක.

    ඇයි මේක කාටවත් තේරෙන්නේ නැත්තේ? මේ පොලොව උඩ එදාමෙදා තුර ජීවත්වුණු සත්ව වර්ග වලින් 90%ටත් වඩා නැතිවෙලා ගිහින්. උන් වඳවෙලා ගියා. අපි උන්ඔක්කොමව මැරුවෙ නෑනෙ. උන් අතුරුදන් වුනා. ඒක තමයි ස්වභාව ධර්මයේ විදිහ. මේ දවස්වල වඳවෙලා යනවා දවසකට සත්ව වර්ග 25 බැගින්. අපි මේ පොලොවට මොනවා කළත් නොකළත්, අපේ හැසිරීම ගැන කිසිම අදාලත්වයක් නැතුව, අද ඉන්න සත්තු වර්ග 25ක් හෙට වෙද්දි වඳවෙලා යනවා. අනේ ඒ අයට ගෞරවනීය විදිහටයන්නඉඩදෙන්න. ස්වභාව ධර්මයට පාඩුවෙ ඉන්න දෙන්න. අපි කරලා තියෙනවා මදිද? අපි හිතන්නෙ අපි හරිම වැදගත් කොටසක් කියල. ලොකු ලෝකමාන්නෙකින් හැමෝටම  ඕන මොකක් හරිදෙයක් බේරගන්න.  ගස් බේරගන්න, මීමැස්සො බේරගන්න. තල්මහව බේරගන්න. මේ ගොළුබෙල්ලන්ව බේරගන්න. මේ ඔක්කොටම වඩා උද්දච්චම කතාව තමයි ලෝකෙ බේරගන්න කියන එක. මොකක්? මුං විහිළු කරනවා වත්ද? පෘතුවිය බේරගන්න? අපි තාම අපි ගැනවත් හරියට බලාගෙනනෑ. අපි තව මනුස්සයෙකුට සලකන්නෙ කොහොමද කියල දන්නෙ නෑ. එහෙම තියෙද්දි මේ පෘතුවියක් බේරගන්න? මට එපාවෙලා තියෙන්නෙ මේ වගේ විකාර කතන්දර. මට එපා වෙලා තියෙන්නෙ මේ පෘතුවි දින සමරන එක. සුදු බුර්ෂුවා ලිබරල් පරිසරකාරයො කියනවා මේ ලෝකෙ තියෙනලොකුම ප‍්‍රශ්නෙ  ඕන තරම් බයිසිකල් පාරවල් නැති එකලූ. ඒ ගොල්ලොන්ට  ඕනේ තමන්ගේ වොල්වෝ ටික පාරේ ආරක්ෂිතව තියාගන්න. ඇත්තටම නම් මේ පරිසරකාරයො ලෝකෙ ගැන තුට්ටුවකට තකන්නෙනෑ. උන්ට  ඕන ජීවත්වෙන්න පිරිසිදු වටපිටාවක්.  කවදහරි තමන්ගෙ ජීවිතේ ටිකක් අපහසුවෙයි කියල ඒ ගොල්ලො බයයි. මේ ගොල්ලොන්ගෙ පුද්ගලික උවමනාකම්වලින් මට නම් තුට්ටුවක වැඩක්නෑ.

    ඇත්තටම ලෝකෙ කිසි වැරැුද්දක් නෑ. ලෝකෙ හොඳට තියෙනවා. ඒකෙ ජීවත්වෙන මිනිස්සුන්ටයි කෙලවෙලා තියෙන්නෙ. ලෝකෙ මේවෙද්දි අවුරුදු බිලියන හතරහමාරකට වඩා පැවතිලා තියෙනවා. අපි ඉඳලා තියෙන්නෙ කොච්චරද? අවුරුදු ලක්ෂයක් විතර. සමහරවිට ලක්ෂ දෙකක් විතර. අපි ලොකු කර්මාන්තවල යෙදෙන්න පටන් අරන් යන්තම් අවුරුදු 200ක් විතර ඇති. අවුරුදු බිලියන හතරහමාරක් එක්ක අවුරුදු දෙසීයක්? අපි මේ ලෝකෙට තර්ජනයක් කියල හිතන්න තරම් උද්දච්ඡු වෙන්න පුළුවන්ද? ඉර වටේ කැරකෙන නිල්කොල බෝලෙ අනතුරක දාන්න අපිට පුළුවන් කියල හිතන්න තරම්? මේ ලෝකෙ අපිට වඩා ගොඩක් ලොකු අවදානම් පහුකරලා තියෙනවා. අවුරුදු සියදහස් ගානක් අපිට හිතාගන්න පුළුවන් නරකම දේවල් හරහා ඇවිත් තියෙනවා. ගිනිකඳු, භූකම්පා, මැගන්ටික් ස්ටෝර්ම්ස්, පෘතුවි අක්ෂය උඩුයටිකුරු වීම්, ඇස්ටරොයිඞ්, පුපුරායාම් හරහා ඇවිත් තියෙනවා. ගංවතුර, සුනාමි, ඛාදන, කොස්මික් කිරණ, අයිස් යුගයන්.. ඒ අතරෙ අපිහිතනවා මේ ප්ලාස්ටික් බෑග් එකක්, ඇලූමිනියම් ටින් ටිකක් ලොකු දෙයක් කරයි කියල. මේ ලෝකෙට කිසිදෙයක් වෙන්නෙනෑ. අපිටයි වෙන්නෙ. අපි නැතිවෙලා යනවා. අපි වැඩිදෙයක් ඉතුරු කරලත් නෑ ඇත්තටම. සමහරවිට පොඩි ස්ටයිරෆෝම් කෑලි ටිකක් ඇති. අපි ගිහිල්ලා තව ගොඩක් කල් යනකලූත් මේ ලෝකෙ පවතීවි. අපි නැතිවෙලා යනවා හරියට පොඩි ජීවවිද්‍යාත්මක අත්වැරැද්දක් වගේ. ලෝකෙ පොඞ්ඩක් ඇග හොල්ලාවි හරියට මැක්කො පොදියක් ගසලා දාන්න වගේ.

    ලෝකෙ කොහොමද වැඩකරන්නෙ කියල දැනගන්න  ඕනද? එහෙනං අහන්න පොම්පෙ හිටපු මිනිස්සුන්ගෙන්. ගිනිකඳුවලින් පිටවුණු අලූවලින්හිටි තැනම ගල්වෙලා ගිය මිනිස්සුන්ගෙන්. භූමිකම්පාවලින් පොලොව යට නැතිවෙලා ගිය මිනිස්සුන්ගෙන් අහන්න ඒ ගොල්ලො ලෝකෙට තර්ජනයක් වුනාද කියල. එතකොට අර හවායි වල නැතිවෙලා ගියපු මිනිස්සු ටික, ඒ ගොල්ලො ක‍්‍රියාකාරී ගිනිකඳු පාමුල ගෙවල් හදලා ඊටපස්සේ එකපාර පුදුමවෙලා බලනවා මොකද මේ ලාවා පිරිලා තියෙන්නෙ විසිත්ත කාමරේ කියල. අපි ගිහිල්ලත් ගොඩාක් ගොඩාක් ගොඩාක් කාලයක් යනකල් මේලෝකෙ පවතිනවා. ඒ විසින්ම ඒක සුවපත් කරගනීවි. පිරිසිදු කරගනීවි. එහෙම තමයි ලෝකෙ වැඩකරන්නෙ. ලෝකෙ පවතින්නෙ තමන් විසින්ම සියල්ල යලි සකස් කරගන්නා ක‍්‍රමයකින්. වාතය අලූත් වෙයි. ජලය ආපහු පිරිසිදු වෙයි. ඔව් ප්ලාස්ටික් දිරන්නෙ නෑ තමයි. එතකොට ලෝකෙ අලූත් පැරඩයිමයක් හදා ගන්නවා පස් සහ ප්ලාස්ටික් එකතුවක් හැටියට. අපි ප්ලාස්ටික් දිහා බලන විදිහට ලෝකෙ ඒ දිහා බලන්නෙ නෑ. ප්ලාස්ටික් හැදුනෙ මේ ලෝකෙම තමයි.

    සමහරවිට ලෝකෙ ප්ලාස්ටික් දිහා බලන්නෙ තමන්ගෙම දරුවෙක් විදිහට වෙන්න පුළුවන්. සමහරවිට ලෝකෙ අපිට බෝවෙන්න ඉඩදුන්නෙම ඒක හින්ද වෙන්නත් පුළුවන්. ප්ලාස්ටික් හදාගන්න  ඕන හින්ද.  ඕන වුනාට එයා දන්නෙ නෑ ඒක හොඳට හදාගන්නෙ කොහොමද කියල. ඒක හින්දා අපිව හැදුවා. ‘ඇයි අපි මේ ලෝකෙ පවතින්නෙ?’ කියන මාර ඓතිහාසික දාර්ශනික ගැටලූවට උත්තරේ ඒක වෙන්න පුළුවන්.  දැන් ප්ලාස්ටික් තියෙනවා, අපේ වැඬේ ඉවරයි, හෙමින් මැකිලා යන එකයි අපිට තියෙන්නෙ. ඔව් ඇත්තටම ගත්තොත් ලෝකෙ අපිව පුංචි තර්ජනයක් විදිහට ගන්නවා වෙන්න පුළුවන්.  ඕනම විශාල සජීවී පදාර්තයක් ඒ විදිහෙ තර්ජනයකට ක‍්‍රියාත්මක වෙන විදිහට ලෝක ක‍්‍රියා කරාවි.

    මට හිතෙන්නේ ලෝකෙ අනිවාර්යයෙන් මොකක් හරි විදියක් කල්පනා කරනවා. ඔයා පෘතුවිය වුනානම් මේ කරදරකාරයන්ගෙන් බේරෙන්න මොකද්ද කරන්නේ? හ්ම්… වයිරස් හොඳ විදිහක් වෙයි නේද? මුන් වයිරස්වලට බයයි වගේ. කොහොමත් වයිරස් සූක්ෂමයිනෙ.  හැම වෙලේම ස්වභාවය වෙනස් කරකර, හදන හදන හැම එන්නතකටම එහා යන අලූත් ක‍්‍රියාදාම හදහද.

    සමහරවිට පළවෙනි වයිරස් එක මේ මිනිස්සු කියන ජාතියේ ප‍්‍රතිශක්ති පද්ධතිය බෙලහීන කරන එකක් වෙන්න පුළුවන්. සමහරවිට මේ මිනිස් ප‍්‍රතිශක්ති බෙලහීන වයිරසය ඔවුන්ව තවත් ලෙඩරෝග ආසාදනවලට ගොදුරු කරන්න පුළුවන්. සමහරවිට ඒක පැතිරෙන්නෙ ලිංගිකව වෙන්නත් පුළුවන්. ඔවුන්ව ප‍්‍රජනනයේ යෙදීම අධෛර්ය කරන්න.

    ඔව් ඒක හොඳ පොයෙටික් ආස්ථානයක් නේද? ඒ මොනාවුනත් මට සිහින මවන්න පුළුවන්නෙ කොහොමත්. මම පොඩි දේවල් ගැන වද වෙන්නේනෑ. මී මැස්සෝ, ගස්කොලන්, තල්මස්සු, ගොලූබෙල්ලො..
    මම හිතන්නෙ අපි කවදාවත් තේරුම් ගන්න බැරි තරම් ලොකු දැනුමක කොටසක් කියලා. ඒකට  ඕන එකක් කියාගන්න. මම ඒකට කියන්නේ මහා ඉලෙක්ට්‍රෝනය කියලා. ඒක ද`ඩුවම් දෙන්නෙ නෑ.  විනිශ්චයන් දෙන්නෙ නෑ. ඒක එහෙම පවතිනවා. අපිත් පවතිනවා, ටික කාලෙකට වුනත්.’’


    චින්තන ධර්මදාස

  • අංපිටියෙ සුමන එක්ක යමු.

    අංපිටියෙ සුමන එක්ක යමු.

    යමු එකෙන් කරපු අංපිටියෙ සුමන ගැන රියැක්ෂන් වීඩියෝ එක ෆේස්බුක් එකේ ලොකු ගින්නක් අවුළලා තියෙනවා. කොහොමටත් සිංහල බෞද්ද මහාඑක පැත්තෙන් එහෙම පත්තුවීමක් එන්න  ඕන සහ ඒක ආස්වාදනීය වෙන අතරෙ විකල්ප, බුද්දිමත්, මධ්‍යම පාංතික, සිංහල බෞද්ද මහා එකට එලියෙන් ඉන්න අයගෙන් මතුවෙන අදහස් ඊට වඩා තීරණාත්මකයි. ගොඩක් අය සුමනට එක`ග නැති වුනත් යමු එකේ මේ පෙනී ඉන්න පිරිසට ඊට වඩා විරුද්දයි. මේක පොලොවෙ පය ගහපු නැති, කිසි දෙයක් නොතේරෙන, පොෂ් බබ්බු ටිකක් විසින් නොදන්නා දේශපාලන කලාපයකට අත දැමීමක් කියල චෝදනා එනවා. දැන් තියෙන තත්වෙ අනුව වඩා වැදගත් වෙන්නෙ සුමන හෝ එයා වෙනුවෙන් පෙනී ඉන්න සිංහල බෞද්දයා තේරුම් ගන්න එක නෙමෙයි, අපි විසින් විකල්ප හෝ ප‍්‍රගතිශීලී හෝ බුද්දිමත් හෝ කියා උපකල්පනයක සිටි මේ පිරිසකගේ මේ ස්කිසොෆ‍්‍රිනික් තත්වය ගැන ටිකක් මයින්ඞ්ෆුල් වෙන එකයි.
     
    ගොඩක් අය නෝන්ඩියටත් කීපදෙනෙක් ඇත්තටමත් අහලා තිබුනා යමු කියන්නෙ මොකද්ද කියල. මේ ප‍්‍රශ්නෙ අහන ගොඩක් අය නොදැන ප‍්‍රදර්ශනය කරන ඇත්ත වෙන්නෙ තමන් ලංකාවෙ ගතකරමින් ඉන්නෙ නාගරික ජීවිතයක් නෙමෙයි කියන එකයි. ෆේස්බුක් පිටුවක් තියෙන කිසිම කෙනෙක් යමු ගැන නොදැන ඉන්න බෑ. ෆේස්බුක් පිටුවක් නැත්තං එයා මේ මොහොතෙ ජීවත් වෙන්න බෑ. 
     
    යමු, ලංකාවෙ අලූත් කෑම සංස්කෘතියක් ඇති කරපු වැඩක්. කෑම සංස්කෘතියක් නිර්මාණය කරනවා කියන එකම රටක සංස්කෘතික දේශපාලනය වෙනස් කිරීමක්. ලොකු පොඩි උස් පහත් භේදයක් නැතුව එක එක කෑම ජාති ගැන එක එක තැන් ගැන එක එක වැඩ ගැන ලියන්න යමුට පුළුවන් වුනා. මං හිතන්නෙ ලංකාවෙ මුල්ම සහ සාර්තක වුනු ස්ටාර්ට්-අප්ස් කීපය අතරට යමු වැටෙනවා. මුලින්ම ඉංග‍්‍රීසියෙන් විතරක් ගිය වැඬේ පස්සෙ සිංහලටත් පෙරළුනා. වෙබ් එකේ  ඕන වැඩක් සිංහලට පෙරලෙන තැනදියි ලංකාවෙ වැඩ කරන්න ගන්නෙ. එතනින් යමු පොඩි පොඩි එන්ටර්ටේන්මන්ට් වැඩත් කරන්න පටන් ගත්ත. ඉංග‍්‍රීසි සමාජෙට හුරුපුරුදු මේ වැඩ සහ අදහස් සිංහල සමාජයට එනකොට වෙනස් සංස්කෘතියක් නිර්මාණය කරන්න ගත්ත. වැදගත්ම දේ විදිහට මං දකින්නෙ ඉංග‍්‍රීසි මධ්‍යම පංතියෙ ජීවත් වුණු යමු බහුතරයක් දෙනා සිංහල සමාජය තේරුම් ගන්න, ඒ සමග දේවල් ෂෙයාර් කරන්න, ඒ සමාජ ජීවිතේට මැදිහත් වෙන්න දරන ඇත්ත උත්සාහයයි.
     
    මේ උත්සාහය වඩා වැදගත් වෙන්නෙ ලංකාවෙ සිංහල සමාජය හුරුපුරුදු යටත්වැසි මානසිකත්වයෙන් එලියට හිතන්න ඉංග‍්‍රීසි සමාජය හුරුපුරුදු පුරවැසි මානසිකත්වයේ සිතීම අනිවාර්යෙන්ම  ඕන කරන හින්දයි. මතුපිටින් විතරක් ගත්තත් යමු පාවිච්චි කරන ඉතාම සරල වීඩියෝ ආකෘති ලංකාවට ගොඩක් අලූත්. වෙබ් මීඩියා කියන එක ගැන යම් අදහසක් රටට අරන් එන්න යමුට පුළුවන් වුනා.
     
    ඒ විදිහෙ එක වැඩක් තමයි රියැක්ෂන් වීඩියෝ කියන එක. ඒක ලංකාවෙ කාටවත්ම පුරුදු වැඩක් නොවන වග සහතිකයි. රියැක්ෂන් වීඩියෝ එකක් කියන්නෙ යම් සිදුවීමක් හෝ අවස්ථාවක් ගැන යම් කෙනෙකුගෙන්, නැත්තං කීපදෙනෙකුගෙන් ඒ වෙලාවෙම ගන්න රියැක්ෂන් එක කැප්චර් කිරීමක්. ඒක ඒ පුද්ගලයා නොදැනුවත්ව වීඩියෝ කරන්න තරම් අව්‍යාජ වෙන්න  ඕන. මේක මුලින්ම පටන් ගත්තෙ ජනප‍්‍රිය ටෙලි සීරීස්වලට නරඹන්නො දක්වන ප‍්‍රතිචාර විදිහට. ඊට පස්සෙ තව ගොඩක් දේවල් වලට රියැක්ෂන් වීඩියෝ හැදෙන්න ගත්තා වගේම නැවත නරඹන්නො ඒවා අගය කිරීමට හේතුව වුනෙම ඒවයෙ අව්‍යාජකම. එකවරම හිතන දේ එඩිට් නොකර එලියට දැමීම. 
     
    ඒක හරියට අපි යාලූවො ටිකක් කතා කර කර ඉන්නවා වගේ. මාධ්‍යයකට හෝ තවත් කාටවත් කරන අදහස් දැක්වීමක් නොවෙන ජීවිතේ විවෘත මොහොතක්. ඒ වෙලාවෙ යම් කතාවකට හෝ චරිතයකට අපිට එන ඒ මොහොතෙ ප‍්‍රතිචාරය අපේ තාර්කික ප‍්‍රතිචාරයට වඩා ආස්වාදයක් වගේම කරුණු වලට වඩා මූඞ් එකක් මුදා හරිනවා. ස්පොන්ටේනියස් රියැක්ෂන් එකකදි ඒ කතා කරන කෙනාගේ දැනුවත්භාවයන් හෝ තානාන්තරයන් අදාල නෑ. ඒකෙ සම්පූර්ණ විනෝදයම තියෙන්නෙ ඒ සියල්ලක් නැති නිරුවත් මොහොතක් වෙන එක.
    සුමන ගැන කරපු වීඩියෝ එකට අදාල අපේ ගොඩක් විද්වත්තු අදහස් පළකරමින් තිබුනෙම රියැක්ෂන් වීඩියෝ කියන මාධ්‍යය භාවිතය ගැන නොදැන. ‘ඇත්ත තත්වය ගැන මීට වඩා හොයලා බලන්න  ඕන’, ‘ප‍්‍රශ්නෙ මතුපිට නැතුව ගැඹුරට බහින්න  ඕන’ වගෙ කතන්දර වල තියෙන්නෙම පරණ සබුද්දික අදහස් දැක්වීමක ඉල්ලා සිටීමක්. ඉන්ටර්නෙට් මාධ්‍යයේ ඇති සුවිශේෂීතාවයම පදනම් කරගෙන බිහිවුණු නව සන්නිවේදන අවකාශයන් නොතකා හැරීමක්. 
     
    රියැක්ෂන් වීඩියෝ එකක් කවුරුවත් සීරියස් ගන්නෙ නෑ. ඒකෙ අරමුණම මොහොතක ආස්වාදයක් දැනවීම විතරයි. කිතිකැවීමක් හෝ කෙනිත්තීමක් විතරයි. ඊට වඩා සීරියස් වෙන්න කියල ඉල්ලන එකේ තේරුම වෙන්නෙම ‘අපේ ඉන්ටලෙක්චුවල් ආකෘති හොල්ලන්න එපා’ කියන එකයි.
     
    අනිත් ආකර්ශනීයම වැඬේ අපේ බුද්දිමත් සමාජය මේ සීරියස් වෙන්න කියන ඉල්ලීම ඇතුලෙම මේ ඉංග‍්‍රීසි මධ්‍යම පාංතික තරුණ ජීවිත වලට ඇති විරෝදයත් ෂේප් එකේ තල්ලූ කරන හැටිය. තමන් විසින් ගොඩනගා ගත් දැනුමේ, විචාරයේ සහ දේශපාලනයේ ආධිපත්‍යයට අභියෝග කරන මේ ජනප‍්‍රිය ඉංග‍්‍රීසි කතාකරන සමාජ ක‍්‍රියාකාරී රැුල්ල පාගා දැමීමේ උවමනාවත් ගොඩක් කමෙන්ට් ඇුතුලෙ තියෙනවා. හරියටම කිව්වොත් මේ නව සමාජ සංස්කෘතියට විරුද්දව සිංහල බෞද්ද අශිෂ්ට බලවේගයන් එක්ක එකට හිට ගන්න වුනත් මේ ශිෂ්ට යැයි කියන බුද්දිමත්තු සෙට් එක මේ වගේ වෙලාවක ලෑස්තියි. එතනදි දැනෙන්න ඉස්සරහට එනවා පංති හීනමානය. තමන් ජීවිතේ ඇතුලෙ කාපු පරිප්පු ‘පොලොවෙ පය ගැහීම’ කියලා වටිනාකමකට ආදේශ කරගනිමින් ඒ පරිප්පුව නොකාපු කෙනෙක් වැඩි සංකේතීය ප‍්‍රතිලාබයක් විඳිනවා බලන් ඉන්න බැරි අතිසරල ගමේකමක් මේ විරෝදය පිටිපස්සෙ තල්ලූ වෙනවා. 
     
    සංස්කෘතික වෙනසකදි වඩාත්ම ප‍්‍රතිගාමී අන්තයන් නියෝජනය කරන්න නියමිත මේ සමාජ බුද්දිමතුන් කට්ටියයි. ආචාර්යවරුන්, වෙදුන්, සහ ස`ගුන්ගෙන් සැදුම් ලත් මේ සෙට් එක ශිෂ්ට සමාජයේ තමන් විසින් අත්පත් කරගත් බලය අභියෝග වෙන  ඕනම තැනකදි  ඕනම ප‍්‍රතිගාමී බලවේගයක් එක්ක එකට හිටගන්න ලෑස්තියි. මේ මොහොතේ වැඩිවිස්තර නොකළත්, එක්තරා පුද්ගලික විශ්ව විද්‍යාල ගැන සාකච්ඡුාවකදී මෙවන් ප‍්‍රගතිශීලී බුද්දිමත් ආචාර්යවරයෙක් ‘උපාදිය කියන්නෙ සමාජ සහතිකයක්’ යැයි විලිලැජ්ජා නැතුව පැවසීමත් (තවත් අව්‍යාජ රියැක්ෂන් එකක්), ඉතා මෑතක දොස්තර කෙනෙක් ‘වැඩි ගනං බෙහෙත් ලියන්නෙ ධනපතින්ට, අඩු ගනං බෙහෙත් ලියන්නෙ කම්කරුවන්ට’ යැයි කියා සිටීමත් මේකට අප්ඬේටඞ් උදාහරණ දෙකක්.
     
    කොයි විදිහක පසුබිම් හේතු තිබුනා වුනත් රාජ්‍ය නිලධාරීන්ට ඒ විදිහට බාධා කිරීම සහ අපහාස කිරීම ද`ඩුවම් ලැබිය යුතු වරදක්. විශේෂයෙන් සිවුරක් හැඳගෙන පූජ්‍ය පක්ෂ ගෞරවය ලබමින් සුමන දිගටම නිලධාරීන්ට කරන මේ අතවරය සදාචාරාත්මකවත්, රටේ නීතිය අනුවත් වරදක්. අපේ බුද්දිමත් පාර්ශ්වයේ යෝජනාව මේ මතුපිට කාරණය නොතකා ප‍්‍රශ්නයේ ගැඹුරට සාකච්ඡුාව ගෙනයන එකයි. එතකොට කාටවත් ඒ මතුපිට හිංසනය පිළිබඳ කාරණාව ඉස්මතු කරන්න අයිතියක් නැද්ද? අපි ප‍්‍රශ්න විසඳාගැනීමේ ක‍්‍රමයක් විදිහට ප‍්‍රචණ්ඩත්වය සහ අශිෂ්ටත්වය අනුමත කරනවාද?
     
    මෙතනදි යමු මේ වීඩියෝව හදපු එකේ කිසිම වැරැුද්දක් මට පෙන්නෙ නෑ. ඒ වෙනුවට ඒ වගේ සමාජ කතිකාවලට තමන්ගේ සිග්නේචර් එක ඇතුව මැදිහත් වීම ගැන අගය කිරීමක් විතරයි මට තියෙන්නෙ. එකම අවුල මේ හරහා අංපිටියෙ සුමනෙ උවමනා නැති තරම් අවකාශයකට පිම්බී විශාල වෙන එකයි. සුමන ජනප‍්‍රිය වුනේම එයා ගැන ගිය නෙගටිව් වීඩියෝ හරහා. හරියට ඩොනල්ඞ් ට‍්‍රම්ප් වගේ තමන්ගේ සදාචාරයක් නැතිකම ගැන නැගෙන සියලූ ජෝක්, විහළු, අප‍්‍රසාදයන් තමන්ට ලැබෙන මනාප බවට පත් කරගන්න සුමන නොදැනුවත්ව දැනුවත්. ඒ නිසා යමු වීඩියෝව හරහා අනිවාර්යෙන්ම සුමනගෙ බැංකු ගිණුම් පිරෙන්න පටන් ගන්නවා. නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින අභීත විරුවා බවට කුණුහබ්බ පලන අංපිටියෙ සුමන අභිෂේක ලබනවා. 
     
    සුමන විසින් පෙනී ඉන්නා ජනතාවගේ දුක පිළිබඳ කඳුළු සලන මහතුන් දැනගත යුතු දේ වන්නේ ලංකාවෙ ඉතිහාසෙ කිසිම අවස්තාවක හාමුදුරු කෙනෙක් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී ඉඳලා නැති වගයි. හැමවෙලාවකම සිද්ද වෙන්නෙ හාමුදුරුවො වෙනුවෙන් ජනතාවක් පෙනී ඉන්න එකයි. ඉතිහාසෙ දුර වැඩි නම් ඉතා මෑතක රතු පස්වල හාමදුරුවන්ගෙ ජනතා සටන සිහිකැඳවන්න පුළුවන්.

    චින්තන ධර්මදාස

  • A pilgrimage to the city of illicit love

    A pilgrimage to the city of illicit love

    An affair in office is a state that everyone should wish for. No matter how many contradictions there maybe, the experiences brought by such an encounter can never be ignored. The important thing here is that the romance at work doesn’t become another marriage. The question a lot of people bring out here is ‘what’s the whole point of it? There’s no ultimate outcome, is there?’

    Just as life is all about living, love is all about loving. There’s no need for it to transform into something else. That existence, that outflow, it’s all about the moment where that space is shared. But we are used to an ultimate conclusion. A destination.To create a corporation out of love. Sometimes this even brings about an end to love. (If marriage is not sustained in a way which is unlike a marriage, I think love dies there. We meet plenty of such dead people living together on a daily basis) Firstly, love at any given point or way cannot be in bane. On the other hand if it’s counted as bane in contrast to another construction, there can be no such construction which is worthy of securing more than love itself. By attempting to control or sensor a love that even spurs up in a moment and dies away at the next,  we expect to protect a condensed or a numbed state in our lives. Any matter can be wrong but love can never be wrong at any time under any circumstance.

    A few months ago, Randu gifted me with the book “Adultery” of Paulo Coelho. There are some books that change the reader during the process of reading itself. Books that pushes you into freedom and into another layer of thinking. I have come across two such books of Coelho. One is this and the other is Eleven Minutes. I don’t feel that even the Alchemist that’s counted as his masterpiece is as influential as these two books.

    Coelho goes into deep soulful discussions of illicit romances in his book Adultery.

    “Learn to love better. This should be our goal in the world: learn to love. Life offers us thousands of opportunities for learning. Every man and every woman, in every day of our lives, always has a good opportunity to surrender to Love. Life is not a long vacation, but a constant learning process. And the most important lesson is learning to love. Loving better and better… But one thing will be forever marked on the soul of the universe: my Love. All in spite of my mistakes, my decisions that caused others to suffer, and the moments when I thought it didn’t exist.” ― Paulo Coelho, Adultery

    We spend the most amount of time of our day in office or at a place of work. In other words the best time of the day is spent there. Other than the weekends and the few hours in the night, we live our lives inside our job. From a romantic relationship, it gives a different meaning to that entire time spent there.

    In terms of ‘work’ such affairs helps to shift the frustrations of a job into a condition where every moment is spent with eagerness and cheer. I think companies should also promote such relationships because it brings about such good results in terms of productivity. Also it makes way to have a romantic human vibe inside the organization.

    Even in terms of the society instead of a life that’s squared into a family, a life that renews its youthfulness and freedom is proposed by this ‘ill’icity. These relationships can give a fresh breath to the lethargic or dying family lives.

    The moment we speak about this, there can be criticism arising from within ourselves about the issues in this related to sex and chaos it can bring into the family. Such issues and criticism doesn’t go beyond the basics of sexual jealousy and respecting social conditionings we are accustomed to.  In truth, we enter new universes in such relationships. Our time stretches on illogical human moments. In the end we are left with a choice, if life is a straight line or weather it’s a cloud like uncertain bran.
    Coelho writes a beautiful description on such sensitivities of love.

    “Some people say that, as summer approaches, we start to have weird ideas; we feel smaller because we spend more time out in the open air, and that makes us aware of how large the world is. The horizon seems farther away, beyond the clouds and the walls of our house.” ― Paulo Coelho, Adultery

    The negatives of such relationships really come about when these relationships attempt to replace older relationships. Meaning, these relationships also see the need of adhering to norms. It yearns again for the protection of an orderly and mechanical relationship. This can make many unpleasant things take place. Because it’s a state just like the marriage spoken of earlier.

    “Going after a dream has a price. It may mean abandoning our habits, it may make us go through hardships, or it may lead us to disappointment, et cetera. But however costly it may be, it is never as high as the price paid by people who didn’t live. Because one day they will look back and hear their own heart say: ‘I wasted my life.” ― Paulo Coelho, Adultery

    The most important thing is that love exists beyond the registered time of the clock. That’s a human accident. To a certain extent a parallel universe. We enter into another universe from our usual subjective universe. We stride across universes like time travelers.

    An illicit affair is submission to a feeling of risk disregarding social norms or bonds. Only a very few people takes such free steps with concern matters of life. We are bound to then write letters in a paper without any lines. Its up to us to decide whether we are going to go ahead writing along straight lines even if there are no real lines or whether we are going to write everywhere all across the paper.

    The most important result of office romances is that people are uprooted from the boundaries of their households. The creation of a life that’s re-shared with the society beyond the sustenance of households. The normal reality of Sri Lanka is that once you create a family you disown a life that’s beyond the four walls of that household.

    “That’s why we like fish in aquariums; they remind us of ourselves, well fed but incapable of moving beyond the glass walls.” ― Paulo Coehlo, Adultery

    I was thinking recently why every public discussion or meeting begins in Sri Lanka at 3pm and that also during weekdays. With concern to the organizations, at a least short leave is required to be given. But the meetings always happen at 3pm. A main reason for this could be the meetings are required to be held during the working time itself. Even though people are willing to commit time out of ‘working time’ for a social cause or need, they are not ready commit hours out of their ‘household time’. No matter how many positive facts there may be in creating a family, the trapped lives lived by the majority is not an effective state for the society. This is a situation similar to roads. Many vehicles refrain from crossing lines not because of accidents but for the fear of Police. On the other hand unlike vehicle accidents, human accidents are beautiful experiences.

    These unauthorized romances bring people back to an open society from family society. It proposes a human space that can accept uncertainties, weaknesses and contradictions. It creates flexibility in structures that are numbed and condensed.

    “Let yourself get carried away by the night from time to time. Look up at the stars and try to get drunk on the sense of infinity. The night, with all its charms, is also a path to enlightenment. Just as a dark well has thirst-quenching water at its bottom, the night, whose mystery brings us closer to the mystery of God, has a flame capable of enkindling our soul hidden in its shadows.” ― Paulo Coelho, Adultery

    Even amidst of thousand insults illicit/ office romances are doing a lot of progressive work that even go beyond producing creative energy into monotonous patterns of the mind and body. It takes us back into risk. It challenges our consistency and stand. It’s a moment where life goes ablaze as fast as hydrogen.  No one who is alive can refrain from going in flames at a moment as such.


    Chitnhana Dharmadasa