වායු ගෝලය උණුසුම් වෙනවා කියන එක ලෝක පරිසර සටනෙ මේ වෙද්දි ප‍්‍රධාන මාතෘකාව. ලියනාඩෝ ඩිකැප්රියො වගේ නළුවො පවා බරපතල විදිහට මේ වායු ගෝලය උණුසුම් වීම සහ කර්මාන්ත නිසා පරිසරයට වෙන බලපෑම ගැන කතා කරලා තමන්ගෙ ප‍්‍රතිරූප විශාල කරගන්නවා. ඒත් එහෙම උණුසුම් වීමක් තියෙනවද කියන එක ගැන ජනපි‍්‍රය කතිකාවට එපිටින් ගිහිල්ලා කරුණු හොයා බලන්න කාටවත් ඕන වෙන්නෙ නෑ. මේ උණුසුම් වීම ගැන කතාව ඇත්තක් නෙමෙයි කියල ඉතාම දියුණු විතර්කයන් මතු වෙලා තියෙනවා. ඒත් වඩා වැදගත් වෙන්නෙ වායු ගෝලය උණුසුම් වීමේ අවදානම ගැන කතාව. විශාල කර්මාන්ත සහ තාක්ෂණයට විරුද්ධ වඩා සංවේදී (ඇඬෙන) කතන්දරය. ඒක ටේරන්ඞ් එකක්. ෆැෂන් එකක්.
ලංකාවෙත් මේ වගෙම පරිසර කතිකාවක් මේ දවස්වල ඇවිලෙනවා. හම්බන්තොටින් අක්කර 15000ක් චීන කොම්පැනියකට දීම. පරිසර සංවිධාන කීපයක එකතුවක් මේ චීන කොම්පැනියට ඉඩම් දීම හරහා අපේ රටට ඇතිවීමට නියමිත අවදානම ගැන විරෝධතා පවා පැවැත්වුවා. ඒත් ලෝකෙ ගොඩක් පරිසර ක‍්‍රියාකාරීන්ගේ අරගලවලදි වගේම මේ ඉඩම් පවරා නොදිය යුත්තේ ඇයි කියන එකට දියුණු, ප‍්‍රායෝගික සහ තාර්කික කාරණා මතු කරන්න ඒ අය අපොහොසත් වුනා.
ලෝකෙ දැනට කාලෙක ඉඳන් මතුවෙන මේ පරිසර කාරණා මුල් කරගත්ත ඇක්ටිවිසම් රැුල්ල දැන් වාතයක් වෙන තරමට ඇවිත්. යම් ඉදිරි ක‍්‍රියාමාර්ගයක් දිහා වඩා පොසිටිව් විදිහට බලමින් එහිදී ප‍්‍රවේශම් විය යුතු හෝ වළක්වා ගත යුතු කාරණා ගැන දැනුවත් කිරීම, අවධානය යොමු කිරීම වගේ ඵලදායී දෙයක් වෙනුවට මේ ක‍්‍රියාකාරීන්ගේ පදනම වෙන්නෙම හුදු විරෝධය.
රජයක යම් කටයුත්තකදී යම් විනාශයක් හෝ අවැඩක් සිදු වෙනවා නම් ඒවා විධිමත්ව පෙන්වා දීමයි ඇක්ටිවිස්ට්ලාගේ කාර්යභාරය. ඒ වෙනුවට වෙනත් රටකින් බාර නොගත් කොම්පැනියක් වීම හෝ චීනය රටක් හැටියෙන් නම කැත කරගෙන සිටීම හෝ වැනි තර්ක අදාල කාරණා වෙන්නෙ නෑ. ඒ නිශ්චිත කොම්පැණිය සමග ඇති කරගන්නා ගිවිසුම අනුව ඇතිවෙන්න නියමිත තාර්කික අවුල් මේසෙට ගේන්න ඕන. ඒවා අවම කර ගැනීම වෙනුවෙන් යෝජනා ඉදිරිපත් වෙන්න ඕන. එවන් අවුල් තත්වයන් ඇතිවීම වැලැක්වීමට ඇතිකර ගත යුතු ක‍්‍රියාමාර්ග වෙනුවෙනුයි ප‍්‍රගතිශීලී සටන දියත් වෙන්න ඕන. ඒත් මේ සිද්ද වෙන්නෙ අපිට හැමදාම හුරුපුරුදු විකුණනවා, කපනවා, කොම්පැනි එනවා, වගේ වමේ බාල ඉමෝෂනල් කැම්පේන්.
මේ පරිසරය මූලිකකරගත් අලූත් ඇක්ටිවිසම් රැුල්ල ගැන ජෝර්ජ් කාලින් ලස්සන කතාවක් කරනවා. කාලින් කියන්නෙ ඇමරිකානු ස්ටෑන්ඞ් අප් කොමඩියන් කෙනෙක්. භාෂාව, සමාජය, පුද්ගල මනස, විවිධ තහංචි වගේ දේවල් ගැන කාලින් කියන ඉතා තියුණු අදහස් නිසා එයාව සැලකෙන්නෙ කවුන්ටර් කල්චර් කොමඩියන්ලගෙ ඞීන් විදිහට. මේ තියෙන්නෙ කාලින්ගෙ ඒ කතාවෙ සරල, වැරදි සහිත මගේ පරිවර්තනය. ස්ටෑන්ඞ් අප් කොමඩියක ලයිව් කතාවක් පිටපතකට එද්දි එන්නෙම තුන්කාලක් මැරිලා.
‘‘දන්නවනෙ මිනිස්සු කොටසක් ඉන්නවා හැමදෙයක් ගැනම කණස්සලූ වෙන. දවසෙ හැම මිනිත්තුවකම ඒ ගොල්ලො හැමදෙයක් ගැනම කණස්සලූ වෙනවා. වාතය ගැන කණස්සලූ වෙනවා. වතුර ගැන කණස්සලූ වෙනවා. පස් ගැන කණස්සලූ වෙනවා. කෘමිනාශක, කෘතිමරසකාරක, ඇස්බෙස්ටොස් ගැන වද වෙනවා, වඳවෙලා යන ජීවීන් ගලවාගැනීම ගැන වද වෙනවා. මං කියන්නං මේ වඳවෙලා යන සත්තු ගැන. මේ වඳවෙලා යන සත්තු බේර ගැනීමේ උවමනාව කියන්නෙ මනුස්සයාගෙ තවත් උද්දච්ඡු උත්සාහයක් පරිසරය පාලනය කරන්න. ඒක තමයි අපිව මුලින්ම කරදර ගොඩකට ඇදලා දැම්මෙත්. ස්වභාධර්මයට අතදාන්්න යන එක.
ඇයි මේක කාටවත් තේරෙන්නේ නැත්තේ? මේ පොලොව උඩ එදාමෙදා තුර ජීවත්වුණු සත්ව වර්ග වලින් 90%ටත් වඩා නැතිවෙලා ගිහින්. උන් වඳවෙලා ගියා. අපි උන්ඔක්කොමව මැරුවෙ නෑනෙ. උන් අතුරුදන් වුනා. ඒක තමයි ස්වභාව ධර්මයේ විදිහ. මේ දවස්වල වඳවෙලා යනවා දවසකට සත්ව වර්ග 25 බැගින්. අපි මේ පොලොවට මොනවා කළත් නොකළත්, අපේ හැසිරීම ගැන කිසිම අදාලත්වයක් නැතුව, අද ඉන්න සත්තු වර්ග 25ක් හෙට වෙද්දි වඳවෙලා යනවා. අනේ ඒ අයට ගෞරවනීය විදිහටයන්නඉඩදෙන්න. ස්වභාව ධර්මයට පාඩුවෙ ඉන්න දෙන්න. අපි කරලා තියෙනවා මදිද? අපි හිතන්නෙ අපි හරිම වැදගත් කොටසක් කියල. ලොකු ලෝකමාන්නෙකින් හැමෝටම ඕන මොකක් හරිදෙයක් බේරගන්න. ගස් බේරගන්න, මීමැස්සො බේරගන්න. තල්මහව බේරගන්න. මේ ගොළුබෙල්ලන්ව බේරගන්න. මේ ඔක්කොටම වඩා උද්දච්චම කතාව තමයි ලෝකෙ බේරගන්න කියන එක. මොකක්? මුං විහිළු කරනවා වත්ද? පෘතුවිය බේරගන්න? අපි තාම අපි ගැනවත් හරියට බලාගෙනනෑ. අපි තව මනුස්සයෙකුට සලකන්නෙ කොහොමද කියල දන්නෙ නෑ. එහෙම තියෙද්දි මේ පෘතුවියක් බේරගන්න? මට එපාවෙලා තියෙන්නෙ මේ වගේ විකාර කතන්දර. මට එපා වෙලා තියෙන්නෙ මේ පෘතුවි දින සමරන එක. සුදු බුර්ෂුවා ලිබරල් පරිසරකාරයො කියනවා මේ ලෝකෙ තියෙනලොකුම ප‍්‍රශ්නෙ ඕන තරම් බයිසිකල් පාරවල් නැති එකලූ. ඒ ගොල්ලොන්ට ඕනේ තමන්ගේ වොල්වෝ ටික පාරේ ආරක්ෂිතව තියාගන්න. ඇත්තටම නම් මේ පරිසරකාරයො ලෝකෙ ගැන තුට්ටුවකට තකන්නෙනෑ. උන්ට ඕන ජීවත්වෙන්න පිරිසිදු වටපිටාවක්. කවදහරි තමන්ගෙ ජීවිතේ ටිකක් අපහසුවෙයි කියල ඒ ගොල්ලො බයයි. මේ ගොල්ලොන්ගෙ පුද්ගලික උවමනාකම්වලින් මට නම් තුට්ටුවක වැඩක්නෑ.
ඇත්තටම ලෝකෙ කිසි වැරැුද්දක් නෑ. ලෝකෙ හොඳට තියෙනවා. ඒකෙ ජීවත්වෙන මිනිස්සුන්ටයි කෙලවෙලා තියෙන්නෙ. ලෝකෙ මේවෙද්දි අවුරුදු බිලියන හතරහමාරකට වඩා පැවතිලා තියෙනවා. අපි ඉඳලා තියෙන්නෙ කොච්චරද? අවුරුදු ලක්ෂයක් විතර. සමහරවිට ලක්ෂ දෙකක් විතර. අපි ලොකු කර්මාන්තවල යෙදෙන්න පටන් අරන් යන්තම් අවුරුදු 200ක් විතර ඇති. අවුරුදු බිලියන හතරහමාරක් එක්ක අවුරුදු දෙසීයක්? අපි මේ ලෝකෙට තර්ජනයක් කියල හිතන්න තරම් උද්දච්ඡු වෙන්න පුළුවන්ද? ඉර වටේ කැරකෙන නිල්කොල බෝලෙ අනතුරක දාන්න අපිට පුළුවන් කියල හිතන්න තරම්? මේ ලෝකෙ අපිට වඩා ගොඩක් ලොකු අවදානම් පහුකරලා තියෙනවා. අවුරුදු සියදහස් ගානක් අපිට හිතාගන්න පුළුවන් නරකම දේවල් හරහා ඇවිත් තියෙනවා. ගිනිකඳු, භූකම්පා, මැගන්ටික් ස්ටෝර්ම්ස්, පෘතුවි අක්ෂය උඩුයටිකුරු වීම්, ඇස්ටරොයිඞ්, පුපුරායාම් හරහා ඇවිත් තියෙනවා. ගංවතුර, සුනාමි, ඛාදන, කොස්මික් කිරණ, අයිස් යුගයන්.. ඒ අතරෙ අපිහිතනවා මේ ප්ලාස්ටික් බෑග් එකක්, ඇලූමිනියම් ටින් ටිකක් ලොකු දෙයක් කරයි කියල. මේ ලෝකෙට කිසිදෙයක් වෙන්නෙනෑ. අපිටයි වෙන්නෙ. අපි නැතිවෙලා යනවා. අපි වැඩිදෙයක් ඉතුරු කරලත් නෑ ඇත්තටම. සමහරවිට පොඩි ස්ටයිරෆෝම් කෑලි ටිකක් ඇති. අපි ගිහිල්ලා තව ගොඩක් කල් යනකලූත් මේ ලෝකෙ පවතීවි. අපි නැතිවෙලා යනවා හරියට පොඩි ජීවවිද්‍යාත්මක අත්වැරැද්දක් වගේ. ලෝකෙ පොඞ්ඩක් ඇග හොල්ලාවි හරියට මැක්කො පොදියක් ගසලා දාන්න වගේ.
ලෝකෙ කොහොමද වැඩකරන්නෙ කියල දැනගන්න ඕනද? එහෙනං අහන්න පොම්පෙ හිටපු මිනිස්සුන්ගෙන්. ගිනිකඳුවලින් පිටවුණු අලූවලින්හිටි තැනම ගල්වෙලා ගිය මිනිස්සුන්ගෙන්. භූමිකම්පාවලින් පොලොව යට නැතිවෙලා ගිය මිනිස්සුන්ගෙන් අහන්න ඒ ගොල්ලො ලෝකෙට තර්ජනයක් වුනාද කියල. එතකොට අර හවායි වල නැතිවෙලා ගියපු මිනිස්සු ටික, ඒ ගොල්ලො ක‍්‍රියාකාරී ගිනිකඳු පාමුල ගෙවල් හදලා ඊටපස්සේ එකපාර පුදුමවෙලා බලනවා මොකද මේ ලාවා පිරිලා තියෙන්නෙ විසිත්ත කාමරේ කියල. අපි ගිහිල්ලත් ගොඩාක් ගොඩාක් ගොඩාක් කාලයක් යනකල් මේලෝකෙ පවතිනවා. ඒ විසින්ම ඒක සුවපත් කරගනීවි. පිරිසිදු කරගනීවි. එහෙම තමයි ලෝකෙ වැඩකරන්නෙ. ලෝකෙ පවතින්නෙ තමන් විසින්ම සියල්ල යලි සකස් කරගන්නා ක‍්‍රමයකින්. වාතය අලූත් වෙයි. ජලය ආපහු පිරිසිදු වෙයි. ඔව් ප්ලාස්ටික් දිරන්නෙ නෑ තමයි. එතකොට ලෝකෙ අලූත් පැරඩයිමයක් හදා ගන්නවා පස් සහ ප්ලාස්ටික් එකතුවක් හැටියට. අපි ප්ලාස්ටික් දිහා බලන විදිහට ලෝකෙ ඒ දිහා බලන්නෙ නෑ. ප්ලාස්ටික් හැදුනෙ මේ ලෝකෙම තමයි.
සමහරවිට ලෝකෙ ප්ලාස්ටික් දිහා බලන්නෙ තමන්ගෙම දරුවෙක් විදිහට වෙන්න පුළුවන්. සමහරවිට ලෝකෙ අපිට බෝවෙන්න ඉඩදුන්නෙම ඒක හින්ද වෙන්නත් පුළුවන්. ප්ලාස්ටික් හදාගන්න ඕන හින්ද. ඕන වුනාට එයා දන්නෙ නෑ ඒක හොඳට හදාගන්නෙ කොහොමද කියල. ඒක හින්දා අපිව හැදුවා. ‘ඇයි අපි මේ ලෝකෙ පවතින්නෙ?’ කියන මාර ඓතිහාසික දාර්ශනික ගැටලූවට උත්තරේ ඒක වෙන්න පුළුවන්. දැන් ප්ලාස්ටික් තියෙනවා, අපේ වැඬේ ඉවරයි, හෙමින් මැකිලා යන එකයි අපිට තියෙන්නෙ. ඔව් ඇත්තටම ගත්තොත් ලෝකෙ අපිව පුංචි තර්ජනයක් විදිහට ගන්නවා වෙන්න පුළුවන්. ඕනම විශාල සජීවී පදාර්තයක් ඒ විදිහෙ තර්ජනයකට ක‍්‍රියාත්මක වෙන විදිහට ලෝක ක‍්‍රියා කරාවි.
මට හිතෙන්නේ ලෝකෙ අනිවාර්යයෙන් මොකක් හරි විදියක් කල්පනා කරනවා. ඔයා පෘතුවිය වුනානම් මේ කරදරකාරයන්ගෙන් බේරෙන්න මොකද්ද කරන්නේ? හ්ම්… වයිරස් හොඳ විදිහක් වෙයි නේද? මුන් වයිරස්වලට බයයි වගේ. කොහොමත් වයිරස් සූක්ෂමයිනෙ. හැම වෙලේම ස්වභාවය වෙනස් කරකර, හදන හදන හැම එන්නතකටම එහා යන අලූත් ක‍්‍රියාදාම හදහද.
සමහරවිට පළවෙනි වයිරස් එක මේ මිනිස්සු කියන ජාතියේ ප‍්‍රතිශක්ති පද්ධතිය බෙලහීන කරන එකක් වෙන්න පුළුවන්. සමහරවිට මේ මිනිස් ප‍්‍රතිශක්ති බෙලහීන වයිරසය ඔවුන්ව තවත් ලෙඩරෝග ආසාදනවලට ගොදුරු කරන්න පුළුවන්. සමහරවිට ඒක පැතිරෙන්නෙ ලිංගිකව වෙන්නත් පුළුවන්. ඔවුන්ව ප‍්‍රජනනයේ යෙදීම අධෛර්ය කරන්න.
ඔව් ඒක හොඳ පොයෙටික් ආස්ථානයක් නේද? ඒ මොනාවුනත් මට සිහින මවන්න පුළුවන්නෙ කොහොමත්. මම පොඩි දේවල් ගැන වද වෙන්නේනෑ. මී මැස්සෝ, ගස්කොලන්, තල්මස්සු, ගොලූබෙල්ලො..
මම හිතන්නෙ අපි කවදාවත් තේරුම් ගන්න බැරි තරම් ලොකු දැනුමක කොටසක් කියලා. ඒකට ඕන එකක් කියාගන්න. මම ඒකට කියන්නේ මහා ඉලෙක්ට්‍රෝනය කියලා. ඒක ද`ඩුවම් දෙන්නෙ නෑ. විනිශ්චයන් දෙන්නෙ නෑ. ඒක එහෙම පවතිනවා. අපිත් පවතිනවා, ටික කාලෙකට වුනත්.’’
චින්තන ධර්මදාස