කාල් මාක්ස් විසින් කැපිටලිසම් ප‍්‍රබන්ධගත කළා සහ එයාගෙ සෝෂලිසම් වීරයා කරන්න කැපිටලසිම් ‘විලන්කරණයට’ ලක් කළා කියල මං දාපු පෝස්ට් එකට මාක්ස්ගෙ ෆෑන්ස්ලා ගොඩක් කලබල වුණා. මෝඩයෙක්, තක්කඩියෙක්, නානසාරයෙක්, වෙළෙන්දෙක්, ප….යෙක්, හු…..තෙක් ආදී අනේක විධ කමෙන්ට් පළවුනා. නාගරික බුද්දිමය සංවාද තලයෙන් මාව අතුගාලා දාන්න  ඕන කියලත් සංවිදානය වුනා. කොටින්ම වම අවදි වුණා කිව්වොත් වැරදි නෑ. ඒත් කිසි කෙනෙක් මාක්ස් කැපිටලිසම් ප‍්‍රබන්දගත කළා කියන අදහස ඇඩ‍්‍රස් කළේ නෑ. දේශපාලන විද්‍යාව පිළිබඳ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට පවා වැදගත් වුනේ චින්තන ධර්මදාස සහ එයාගේ සරමයි.

මාව කුඩුපට්ටම් කළා කියල මං හිතන්නෙ නෑ කිසි දෙයක් සිද්ද වෙනවා කියල. ඒකෙන් වෙන්නෙ අදහසක් එක්ක මතවාදී සාකච්ඡුාවකට යන්න තමන්ට තියෙන නොහැකියාව හෝ නිර්මාණශීලීත්වයෙන් හි`ග බව ප‍්‍රදර්ශනය කිරීමක් විතරයි. ඒක නිකරුනේ විනෝදය සැපයීමක්. මං ඒකෙන් කාලකණ්ණි සතුටක් ලබනවා නෙමෙයි. අවංකවම මේ බැන බැන ඇවිදින ගොඩක් අය මං පුද්ගලිකව ආදරය කරන මිනිස්සු. ඒ ඔවුන්ගෙ මතවාදයට විරුද්ද වුණත් ඒ අය මේ රටේ සිද්ද වෙන සමාජ කතිකා, සංවිධාන වලට කරන සක‍්‍රීය මැදිහත්වීම හින්ද.

මීට කාලෙකට කලින් මම ගනනාථ ඔබේසේකරගෙ ලිපියක් පදනම් කරගෙන දුටුගැමුණු ගැන අදහසක් පළ කළා. ලංකාවෙ ජාතිකවාදී සහ ජාතිවාදී සිංහල බෞද්ද බලවේග ඔක්කොම මාව මරාගෙන කන්න ලෑස්ති වුනා. මේ විදිහෙම ඔහේ කරන ඉබාගාත අපහාස වලින් ෆේස්බුක් එක පිරුණා. ඒ තමයි ලංකාවෙ දකුණ.
මෙතනදි මං මාක්ස් සහ එයාගෙ විප්ලවය ගැන අදහසක් පළ කළා. දුටුගැමුණු වගේම දුටුමාකස් තත්වයක් උද්ගත වුණා. එතනදි වගේම මෙතනදිත් කිසි කෙනෙක් මතවාදය සාකච්ඡුාවට ගත්තෙ නෑ. වැදගත්ම දේ තියෙන්නෙ මෙතනයි. සිංහලයන්ට මහා වංශය වගේ තමයි වම්මුන්ට දස් කපිටාල්. කතාවෙන් කොයිතරම් ප්‍රෝග්‍රෙසිව් වුනත් සිතීම තියෙන්නෙ පරණ ආගමික තැනමයි. එතන තර්කය, සංවාදය හෝ විද්‍යාත්මක ක‍්‍රමය නෑ. තියෙන්නෙ ප‍්‍රකෝපය සහ ප‍්‍රචණ්ඩත්වය විතරයි. කතා අතින් වෙනස් වුනත් සිතීමෙන් ලංකාවෙ වම කියන්නෙ දකුණමයි.

මේ මෑතක බාර් එකක බොන අතරෙ මං යාලූවෙක් එක්ක කතාවකට වැටුණ.
‘මචං ලංකාවෙ  ඕනතරම් වම සහ මාක්ස්වාදය ගැන පොත් ලියවිලා තියෙනවා. අපේ නවල්ස් ගත්තත් තොග පිටින් රුසියානු සාහිත්‍යය කොපි කරනවා තාමත්. ඒත් ඇයි කැපිටලිසම් හෝ ඒකට පාදක සිතීම ගැන පොත් ලංකාවට පරිවර්තනය වෙලා නැත්තෙ? ඒවා ගැන සාකච්ඡුා වෙන්නෙ නැත්තෙ?’

මෙතන තියෙනවා ලංකාවෙ බුද්දිමය නඩය විසින් දැනුවත්ව පනවා ඇති වාරණයක්. කැපිටලසම් නිර්මාණය කෙරුණු පරිණාමීය මිනිස් ඉතිහාසය, ඒ හා බැඳුණු දියුණු සිතීම් සහ පරිකල්පන කියන කිසිවක් සිංහලට නැගෙන්නෙ නෑ. කොටින්ම බුද්දිමතෙක් නම් එයා ලෙෆ්ට් එකේ වෙන්න  ඕන කියන තරමට ලංකාවෙ වම අධිපතිවාදීයි. (නිදහස් අධ්‍යාපනය ආදී දේවල් ගැන සංවාද වලදී පවා පැනනගින්නේ මේ අධිපතිවාදීකමමයි) කැපිටලිසම් කියන එක ගැන ලංකාව දන්නෙ කාල් මාක්ස් කියපු ෆික්ෂන් එක විතරයි. ඒක වඩාත් පැහැදිලි වෙන්නෙ තාමත් මේ කිව්වෙ මොකක්ද කියල තේරුම් ගන්න ලංකාවෙ වම්මුන්ට බැරිවීම හරහා. ඒ වචනෙම මහා කුණුහරුපයක් විදිහට ඇහෙන්නෙ ඒකයි. තමන් මොකක් හෝ ෆික්ෂන් එකකට කැමති වීම අවුලක් නෙමෙයි. ඒත් ඒ ෆික්ෂන් එක ලෝකයේ පවතින එකම යතාර්ථය හැටියට ගන්නවා නම් ඒක ලොකු ප‍්‍රශ්නයක්.

ලූඞ්විග් වොන් මයිසෙස් කියන ඔස්ටේ‍්‍රලියානු පාසැලේ ආර්ථික විද්‍යාඥයා කියන විදිහට ‘මිනිසාගෙ නිදහස් ව්‍යාපාරයන් සඳහා නිර්මාණය වුණු ක‍්‍රමය කැපිටලිසම් කියල නම් කරන්නෙම ඒක ප‍්‍රතික්‍ෂේප කිරීමට සහ හෙලා දැකීමටයි’. අඩුම තරමෙ මිනිස්සුන්ට තියෙන අදහස් තෝරා ගැනීමේ අයිතිය වෙනුවෙන්වත් අයින් ?න්ඞ්, මයිසෙස් වගේ අයගෙ අදහස් සිංහලට පරිවර්තනය වෙන්න  ඕන.

පුද්ගලික දේපොල මත පදනම් නිෂ්පාදන ක‍්‍රමයක් හැටියට කැපිටලසිම් අර්ථ නිරූපනය කරන්නෙ මාක්ස්. එයා තමයි මේකෙ මහා ලේබල්කරු. කැපිටලිසම් කියන අදහස් පද්ධතියෙ ඇති සියලූ ශක්‍යතාවයන් නොතකා හරමින් එයා ඒක තමන්ගේ ඌනිතවාදී දර්ශනය (ප‍්‍රබන්ධය) ඇතුලට ගේනවා. බුදුන්ගේ මාරයට, දෙවියන්ගේ සාතන්ට පස්සෙ ලොකුම දුෂ්ටයා නිර්මාණය කරනවා. මේ කතාවට ලෝකෙ වටේම ෆෑන්ස්ලා හැදෙනවා.

‘කැපිටලසිම් කියල හඳුන්වන්නෙ යමක්ද ඒ වෙළඳපොල ආර්ථිකයයි’ මයිසෙස් කියනවා. කැපිටලසම් වලින් කරන්නෙ විශාල ජනතාවකට අවශ්‍ය විශාල නිෂ්පාදනයක් ඇති කරන එකයි. ඒත් මාක්ස්ට අනුව ඒක වෙන කේස් එකක්.

ඇමරිකන් එන්ටර්ප‍්‍රයිස් ඉන්ස්ටිටියුට් (ඒඊඅයි) එකේ මිචෙල් නොවාක් කියනවා කැපිටලිසම් කියන එක මිනිස් මනසේ සැබෑ ස්වභාවය කියල. එයා ට‍්‍රයි කරනවා ඒක ලතින් ‘කැපුට්’ කියන වචනෙන් බිඳිලා ආවා කියල තේරුම් කරන්න. ඒ කියන්නෙ ‘ඔලූව’ කියන එක. සොයා යාම, නිර්මාණශීලීත්වය, නව නිෂ්පාදනය කියන ඒවා තමයි කැපිටලිසම්වලදි මූලික වෙන්නෙ. නිෂ්පාදන ප‍්‍රතිලාභවලට ලැබෙන පුද්ගල අයිතිය කියන්නෙ ඒකට අවශ්‍ය වටපිටාව මිස ඒකෙ අවසාන උවමනාව නෙමෙයි. ධනවාදී ආර්තිකයක තියෙන සුවිශේෂී වෙනස වෙන්නෙ මේ ව්‍යාපාර කියන එකයි. ඒ කියන්නෙ මිනිස් බුද්ධිය සහ හැකියාව ආයෝජනය කරලා නව සොයා ගැනීම් සහ නිෂ්පාදන කරන එකයි. ඊට පස්සෙ හැකි පමණ විශාල ජනතාවක් අතරට  ඒ සොයා ගැනීම් ගෙනියන්න අලූත් සහ වඩා හොඳ මාර්ග හොයන එකයි.

ඒත් ධනවාදී ආර්ථික විද්‍යාවේ පියා විදිහට සලකන ඇඩම් ස්මිත්වත් කැපිටලිසම් කියන වචනෙ පාවිච්චි කරන්නෙ නෑ. ඊට පස්සෙ තැන් කීපයක කැපිටාල් කියන වචනෙ පාවිච්චි වුනත් මේ වචනෙට අද ලැබෙන අර්ථය හැදෙන්නෙ සමාජවාදීන් අතින්.

කැපිටලිසම් කියන එක එහි ඔරිජිනල් ඉතිහාසෙන් ඒලියනේට් කරලා අද අපි කැපිටලිසම් කියල තේරුම් ගන්න අදහස නිර්මාණය කරන්නෙ මාක්ස්.  ඒ කියන්නෙ ප‍්‍රාග්ධන සම්පත් හිමි පංතියක් විසින් වැඩකරන පංතියේ ශ‍්‍රමය සූරාකමින් පවත්වාගෙන යන නිෂ්පාදන ක‍්‍රමයක් වගේ අදහසක්. ඊට කලින් ලූවී බ්ලැන්ක් සහ පියරේ ජෝසෆ් ප්රූඩන් මීට සමාන තේරුමකින් කැපිටලිසම් කියන වචනෙ පාවිච්චි කරනවා (ඒ දෙන්නත් සමාජවාදීන්). එහෙම තමයි මාක්ස්වාදයේ එන කැපිටලිසම් ප‍්‍රබන්ධයට පාර හැදෙන්නෙ.

මාක්ස් විසින් කැපිටලිසම් කියල හඳුන්වපු, පරාරෝපණයට ලක් කරපු ඒ මානව ක‍්‍රියාවලිය සූරාකෑමේ ඉතිහාසයක් වෙනුවට පරිභෝජනවාදයේ ඉතිහාසයක් විදිහටත් කියවන්න පුළුවන්. නිෂ්පාදනයේ අවසන් උවමනාව වෙන්නෙ පරිභෝජනය. ඇත්තට ගත්තොත් ධනවාදය කියල හඳුන්වන ක‍්‍රියාවලියෙන් සිද්ද වෙන වැදගත්ම දේ තමයි මේ කන්සියුමර් නැත්තං පාරිභෝගිකයා නිර්මාණය කරන එක. ඒත් මාක්ස්ට පරිභෝජනය අවුල්. එයා කියන්නෙ මේ පාරිභෝගික භාණ්ඩය ඇතුලෙ නිෂ්පාදන සම්බන්දතා හැංගෙනවා කියල. නිෂ්පාදන ශ‍්‍රමය ඒලියනේට් වෙනවා කියල. මාක්ස්ට ප්ලොට් එක මගඇරෙනවා.

ස්කූල් ඔෆ් ලයිෆ් වීඩියෝවක මේ පරිභෝජනයේ ඉතිහාස කතාව ගොඩක් සරලව පැහැදිලිව විස්තර කරනවා.
”මිනිස් ඉතිහාසෙ මෑත අවධියක් වෙනකල් ලෝක ජනතාවගෙන් අතිබහුතරය කිසි දෙයක් නැති තත්වයකයි ඉන්නෙ. ඇඳුමක් කැඩුමක්, පිගානක්, මුට්ටියක්, කොස්සක්, වඩා හොඳ වුනොත් වගා කරන්න උපකරණ කීපයක් තමයි වත්කම් හැටියට තිබුනෙ. මිනිස්සු වගේම ජාතීනුත් අන්තිම දුප්පත්. 1800 වෙද්දිත් මිනිස්සු ලෝකෙ පටන් ගත්ත කාලෙ වගේම දුප්පත් තත්වයක හිටියෙ. (මාක්ස් ඉපදෙන්නෙ 1818)

ඒත් 18 වෙනි ශතවර්ෂෙ මුලදි වයඹදිග යුරෝපයේ රටවල් වල කැපී පේන වෙනස් සංසිද්දයක් ඇතිවෙන්න පටන් ගන්නවා. ආර්තිකය පළල් වෙන්නත් වැටුප් වැඩි වෙන්නත් ගන්නවා. මීට කලින් යන්තම් ජීවිතේ ගැටගහගන්න විතරක් සල්ලි තිබ්බ පවුල් පොඩි පොඩි සුකුරුත්තං බඩු ගන්න ෂොපින් යනවා. පනාවක්, කණ්ණාඩියක්, යට ඇඳුමක්, ටිකක් ඝන බූට් සපත්තු දෙකක් නැත්තං තුවායක්. ඒ අයගෙ වියදම් කිරීම නිසාම වඩා හොඳ ආර්තිකයක් හැදෙන්න ගන්නවා. ඒ ගොල්ලො වියදම් කරන එක වැඩි වෙද්දි වැඩි වැඩියෙන් කර්මාන්ත ඇති වෙනවා. වැඩි වැඩියෙන් වැටුප් ලැබෙනවා. 18 වෙනි ශතවර්ෂෙ මැද වෙද්දි මේක නිරීක්ෂණය කරපු අය තේරුම් ගන්නවා ඒ ගොල්ලො ශිෂ්ටාචාරෙ දැවැන්ත වෙනසක් පසු කරමින් ඉන්න වග. මේක තමයි ඉතිහාසඥයො විස්තර කරන ලෝකෙ පළවෙනි කන්සියුමර් රෙවොලූෂන් එක.

බි‍්‍රතාන්‍යයේ තමයි ගොඩක්ම වෙනස්කම් සිද්ද වෙන්නෙ. එච්චර කල් ධනවත් කීපදෙනෙකුට විතරක් බුක්ති විඳින්න පුළුවන් වෙලා තිබුණු දේවල් වලට විශාල පිරිසකගේ ඉල්ලූමක් ඇතිවුණා වගේම ඒ ඉල්ලූම සපුරන්න විශාල කර්මාන්ත හැදෙනවා. මැගසින්වල ඇඞ් පළවෙනවා. එච්චර කල් අවුරුදු දහයකට විතර වෙනස් නොවී තිබුන කොන්ඩ ස්ටයිල් සහ ඇඳුම් අවුරුද්දෙන් අවුරුද්ද මාරු වෙන්න පටන් ගන්නවා. මේ විලාසිතා හොඳටම එක්ස්ටී‍්‍රම් සහ ඇබ්සර්ඞ් ඒවා. කොයිතරම් වේගෙන් හැමදේම අලූත් වෙනවද කිව්වොත් සමහරු කල්පනා කරනවා හිරකාරයො එල්ලලා මරන එක පවා අලූත් විදිහකට කරයිද කියල.

බලාපොරොත්තු වෙන්න  ඕන විදිහටම පල්ලිය මේ ගැන ගොඩක් අවුල් වෙනවා. ඒ ගොල්ලො මේ අලූත් පරිභෝජනවාදෙට විරුද්දව දේශන පවත්වනවා. (ඇත්තටම මාක්ස් වගේ පුංචි බුද්දිමතුන් පවා හොඳටම අවුල් වෙනවා. එයා මේක කොමෝඩිටි ෆෙටිෂිසම් එකක් විදිහට විවේචනය කරනවා. පරිභෝජන ආර්තිකයක් තේරුම් ගැනීමට මාක්ස් දක්වන සිඟිති අසමත්කම තේරුම් ගන්න මේ ගැන විවේචනය කියවන්න)  මේ පුහු අලංකාරය, පිනවීම පාපයක් විදිහට පල්ලිය හඳුන්වනවා. ඒත් මේ අතරෙ ‘සෝබනය’ ආර්තිකයට කොයිතරම් වැදගත්ද කියල පෙන්වන අලූත් අදහසක් මතු වෙනවා.

1723 බර්නාඞ් මැන්ඩෙවිල් කියන වෛද්‍යවරයා ‘ෆේබල් ඔෆ් බීස්’ කියල ලියවිල්ලක් ලියනවා. ඒ මගින් ආගමික හා සදාචාරාත්මක මතවාද වලට බැහැරින් රටවල් ධනවත් කරමින් ඒවාට යහපත්, ආරක්ෂිතතත්වයක් ඇති කළේ කිසිසේත්ම වටිනාකමක් නොදුන්, කොටින්ම (මාක්ස් වැන්නවුන් සහ පල්ලිය) අපහාසයට බඳුන්කළ ක‍්‍රියාකාරීත්වයක් බව හෙළි කරනවා. ඒ තමයි සතුට වෙනුවෙන් ෂොපින් කරන එක. මේ වැඩකට නැති සුකුරුත්තම් වෙනුවෙන් ෂොපින් කිරීම තමයි ජාතික ආර්තිකය ගොඩනගන්නෙ කියල මැන්ඩෙවිල් පෙන්වා දෙනවා. විකාරරූපී සහ අනවශ්‍ය දේවලට වැඩි ඉල්ලූමක් ඇති කිරීම වැඩි ආදායම් ලැබීමට මග බව පැහැදිලි කරනවා. මේ දේවල් වැඩි වැඩියෙන් නිෂ්පාදනය කරන්න වීම ඇතුලෙ කර්මාන්ත ඇතිවෙනවා.  ශ‍්‍රමය පුහුණු වෙනවා. රෝහල් වගේ සේවා නඩත්තු වෙනවා.

මැන්ඩෙවිල්ගෙ මේ කතාව බොහොමයක් ආර්තික විද්‍යාඥයන් විසින් පිළිගත්තා. ඒත් ශෝන් ශාක් රූසෝ වගේ අය මේකට එකග වුනේ නෑ. මේ පරිභෝජනවාදයත් එක්ක එයාගෙ ජිනීවාවල ගමේ ඇතිවෙන වෙනස්කම් දැකලා තැතිගන්න රූසෝ ආපහු පරණ සරල ජීවිතේට යන්න යෝජනා කරනවා. බෝඩර් වසා දමන්නත් වැඩි වැඩියෙන් ටැක්ස් පනවන්නත් ඒ හරහා මිනිස්සු සුඛෝපභෝගී භාන්ඩ පරිභෝජනය කිරීම අධෛර්යය කොට නැවත වටිනාකම් පැත්තට යොමු කරන්නත් රූසෝ යෝජනා කරනවා. (ගොඩක් ලංකාවට ළග අදහසක්).

ඒත් ඇත්තටම මේ සංවාදය දැන් වලංගු නෑ. අපි යම් යම් අවාසනාවන්ත අතුරු ප‍්‍රතිඵල සහිතව වුනත් පරිභෝජනවාදී ආර්තිකයක ජීවත් වෙන්න තීරණය කරලා ඉවරයි. අපි යහපතට ඉහළින් ධනය හෝ පොහොසත්කම අවශ්‍යයි කියල බාරගෙන ඉවරයි.

පරිභෝජනවාදය මුහුන දෙන ප‍්‍රශ්නෙ තියෙන්නෙ මෙතන. පරිභෝජනයේ හොඳ ලක්ෂණ එක පැත්තකිනුත් උසස් මානසිකත්වයක ලක්ෂණ අනෙක් පැත්තකිනුත් අත්පත් කර ගනිමින් ඒ දෙකේම නරක පැති මගහරවා ගත හැකි මගක් තියෙනවද කියන එක. සමාජයේ මිනිස්සු වියදම් කිරීමට පොළඹවා එමගින් සුබසාධනය සහ සංවර්ධනය අත්පත් කරගන්නා අතර ඒවා තේරුමක් නැති ඉබාගාත වියදම් නොවී යම් තේරුමක් ඇති දේකට යොමු කරන්න විදිහක් නැද්ද කියන එක.

ඔන්න එතකොට තමයි තාත්තව, ඇඩම් ස්මිත්ව මතක් වෙන්නෙ. 1776දි පබ්ලිෂ් කරන එයාගෙ ‘වෙල්ත් ඔෆ් නේෂන්ස්’ පොතේ එයා මැන්ඩෙවිල් විසින් ගේන තර්කයේ මූලික දේවල් දකිනවා. පරිභෝජනවාදී සමාජ පාරිභෝගිකයන්ගේ ඉතා නොවැදගත් උවමනාවන් තෘප්තිමත් කිරීම හරහා රැුකියා උත්පාදනය කරමින් දුප්පත්කම අඩු කරන්න දායක වන වග දකිනවා. ස්මිත් වුනත් මේ පරිභෝජනය විකාරසහගතයි කියල දැක්ක නමුත් එහි ප‍්‍රතිඵලවලට ලොකු වටිනාකමක් දුන්නා. මේ පරිභෝජනය හරහා කර්මාන්ත දියුණු වුනා. රැකියා ඇතිවුනා. ධනය උත්පාදනය වුනා.  මාක්ස් වගේ ෆැන්ටසියකට නොගිහින් ස්මිත් අනාගතයට ආකර්ශනීය බලාපොරොත්තුවක් දෙනවා. ඒ පරිභෝජනය සෑම විටම නොවැදගත්, විකාරසහගත දේ ගැනම වෙන්න  ඕන නැති වගයි. එඩින්බරෝ පොත් වෙළඳාමෙ ඇතිවුනු වර්ධනය එයා දැක්කා. ඉදිරියේදී උසස් අධ්‍යාපනය කොයිතරම් ලොකු වෙළඳපොලක් වෙනවද කියල එයා දැක්කා. එඩින්බරෝ නව නගර නිර්මාණය සඳහා එකතු වුණු ධනය එයා දැක්කා. මිනිස්සුන්ට කොයිතරම් විශාල වශයෙන් ශ‍්‍රමය, බුද්ධිය අවශ්‍ය වන උසස් අවශ්‍යතා තියෙනවද කියල ස්මිත් වටහාගෙන තිබුන.  ඒත් මැන්ඩවිල් දැකපු විදිහටම ඒ වෙද්දිත් ඒවා තිබුනෙ කැපිටලිස්ට් ව්‍යාපාරවලට එලියෙන්. අධ්‍යාපනයේ අවශ්‍යතාවය, ස්වයං අවබෝධය, අලංකාර නගර, වඩා හොඳ සමාජ ජීවිත මේ අතර තියෙනවා. ඇඩම් ස්මිත් කියන විදිහට කැපිටලිසම්වල අවසාන උවමනාව වෙන්නෙ මිනිසාගේ තෘප්තිය එහි සියලූ සංකීර්ණතා ඇතුව තෘප්තිමත් කිරීමයි. ඒක ද්‍රව්‍යමය සහ මානසිකමය කියන පැති දෙකෙන්ම වෙන්න  ඕන”

මේ මාක්ස් නොදුටු මිනිස් පරිභෝජනයේ ඉතිහාසය. මාක්ස් මේ වියමන ගැන කරන්නෙ අතිශය ඌනිත කියවීමක්. ඔස්ටේ‍්‍රලියානු ආර්තික විද්‍යාඥයෙක් වෙන ලූඞ්විග් වොන් මයිසෙස් මේ පරිභෝජනවාදී ආර්තිකය සහ එහි අනාගතය ගැන මෙහෙම කියනවා.

”වෙළඳපොල ආර්තිකයක් පවතින කැපිටලිස්ට් ක‍්‍රමයක ඇත්ත බොස්ලා වෙන්නෙ පාරිභෝගිකයො. ඒ ගොල්ලො තමන්ට ඇති මිළදී ගැනීමේ සහ නොගැනීමේ නිදහස උඩ තීරණය කරනවා කවුද ලාභ ලැබිය යුත්තේ සහ කර්මාන්ත කරගෙන යා යුත්තේ කියල. කුමක් කවර තත්වයකින් කොපමණ ප‍්‍රමානයක් නිෂ්පාදනය කරන්න  ඕනද කියල ඔවුන් තීරණය කරනවා. මේ අයගෙ ඇටිටියුඞ් එක තමයි ව්‍යාපාරිකයාගෙ ලාභය හෝ පාඩුව වෙන්නෙ. ඒ ගොල්ලොන්ට පුළුවන් දුප්පතුන් පොහොසතුන් කරන්න වගේම පොහොසතුන් දුප්පතුන් කරන්නත්”

පාරෙ ට‍්‍රැෆික් ප‍්‍රශ්නෙ විසඳන්නෙ කොහොමද කියන එක ගැන  ටෙඞ් ටෝක් එකක් කරන්න එන ස්ටොකොම් ට‍්‍රාන්ස්පොටේෂන් ඩිපාර්ට්මන්ට් එකේ ජොනාස් එලියසන් එයාගෙ කතාව පටන් ගනිද්දි මාක්ස්ට වැරදුන තැන ලස්සනට සටහන් කරනවා.

එයා කියන්නෙ හැම ට‍්‍රැෆික් ප්ලෑන් එකකම තියෙන වැරැුද්ද වෙන්නෙ ඒ හරහා මිනිස්සුන්ට ජීවිතය කොහොම සංවිදානය කරගත යුතුද කියල උගන්නන්න යන එකයි කියල.

‘සංකීර්ණ සමාජ ක‍්‍රමයක් සැලසුම් කරන එක අතිශය දුෂ්කරයි. මං කතාවක් කියන්නම්. 1989 බර්ලින් තාප්පෙ කඩා දැම්මට පස්සෙ ලන්ඩනයේ නගර සැලසුම් ශිල්පියෙකුට මොස්කව් වල යාලූවෙකුගෙන් කෝල් එකක් එනවා.

එයා අහනවා කවුද ලන්ඩන්වල පාන් සැපයුමේ ප‍්‍රධානියා කියල. ලන්ඩන් වල ඉන්න මිනිහට තේරුම් ගන්න අමාරු වෙනවා මේ ප‍්‍රශ්නෙ. කවුද ලන්ඩන්වල පාන් සැපයුම් ප‍්‍රධානී? එයා කියනවා එහෙම කවුරුවත් නෑ කියල. එතකොට මොස්කව් යාලූවා විශ්වාස කරන්නෙ නෑ. ඒක වෙන්න බෑ. කවුරුහරි ඉන්න  ඕනනේ. ඒක හරි සංකීර්ණ සිස්ටම් එකක්. කවුරු හරි අනිවාර්යෙන්ම මේ හැම එකක්ම පාලනය කරන්න  ඕන. ඒත් ලන්ඩන් යාලූවා කියනවා, එහෙම කිසි කෙනෙක් නෑ. කොටින්ම මං ඒ ගැන කල්පනා කරලවත් නෑ. ඒ සිස්ටම් එක ඒක විසින්ම පාලනය වෙනවා’

මෙන්න මේක තමයි මාක්ස්ටත් කැපිටලිසම් ගැන සිද්ද වෙන අවුල. එයා මේ සමස්ත මිනිස් නිෂ්පාදනය දකින්නෙ කවුරුන් හෝ විසින් තාර්කිකව පාලනය කරන සිස්ටම් එකක් විදිහට. එයා මේක විලන්කරණයට ලක්කරලා කැපිටලිසම් කියල ප‍්‍රබන්ධ කරන්නෙ මේ මොස්කව් යාලූවට වගේම ඒක තේරුම් ගන්න බැරිකමට.
අනෙක් හැම දාර්ශනිකයෙක්ම විශ්ලේෂකයෙක්ම කරන්නෙ පවතින ක‍්‍රමය නිරීක්ෂණය කරමින් ඒකට තමන්ගේ අදහස් එකතු කරන එක. ඒත් මාක්ස් ඊට එහාට ගිහින් සංකීර්ණ මානව සමාජ ක‍්‍රියාවලියක් එයා විසින් තනියම නිර්මාණය කරනවා. හරියට එලියසන් සඳහන් කරන ට‍්‍රැෆික් ප්ලෑන් එකක් වගේ. සමාජවාදී සමාජයක් කරා යන මේ ගමන කියන්නෙ මාක්ස්ගේ ඩිසයින් එක. තමන්ගේ සීමිත මනසින් සංකීර්ණ සමාජ සමස්තයක ගමන ප‍්‍රබන්ධගත කරන අසාර්ථක උත්සාහය.

ලංකාවෙ වම වහා ඇවිළුණු පෝස්ට් එකට පාදක අදහස් වෙන්නෙ මේවා. පෝස්ට් එක ඇත්තටම ‘ටීසර්’ එකක්. උවමනාව වුනේ ධනවාදයට අදාල අදහස් සාකච්ඡුාවට ගන්න විවරයක් හදා ගැනීම. ඒත් තමන් ඉන්නෙ ප‍්‍රබන්ධයක කියල තාම තේරුම් ගන්න බැරි වමේ යාලූවන්ට සහ ආචාර්ය මහාචාර්යවරුන්ට මගේ යෝජනාව වෙන්නෙ දස් කැපිටාල් වගේ පොත් කියව කියන ඉන්න එක නතර කරලා වෙස්ට් වර්ල්ඞ් වගේ ටීවී සීරීස් බලන්න පටන් ගන්න කියලයි.


චින්තන ධර්මදාස