ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය ගැන නරකක් කියන කෙනෙක් නැති තරම්. ඒ ඇත්තටම ඒක ඒ තරම්ම හොඳ නාට්‍යයක් හින්ද. පණ්ඩිත දාර්ශනික කතා නැති, හාස්‍යය විනෝදය සපිරි, ලේයර් ගණනාවකින් කියවා ගත හැකි, ලංකාවෙ බලාපොරොත්තු විය නොහැකි විදිහෙ නාට්‍යයක් ඒක. මට හිතෙන්නෙම මේක ස්පැනිෂ් කතාවකින් අරගෙන තියෙනවා කියල. ඒත් තාමත් එහෙම කිසිම මූලාශ්‍රයක් මට හොයාගන්න බැරි වුනා. ඒත් මේ ආකෘතිය කොහෙත්ම ලංකාවෙ එකක් නෙමෙයි.
මේක ඒ විදිහට කොහෙන් හරි අරගෙන තිබුණත් ඒකෙන් මේකෙ වටිනාකම බාල වෙන්නෙ නෑ. මේ වගේ කතාවක් ඔලුවට එන ඩිරෙක්ටර් කෙනෙක් මෙහේ ඉන්නවා කියන එක අදහාගන්න බැරිකමටම මං සර්ච් කළා ආනයනය කරපු තැනක් හොයාගන්න. ඒත් මට බැරි වුනා.
ඇෆ්‍රොඩයිට් මංකොල්ලය කියන්නෙ මහා ජනතාවකගේ සුවිශාල ලිංගික ආකර්ශනයක් දිනාගත් ගැහැණු නව දෙනෙක් ඒ ආකර්ශනය සි්‍දී ගිහින් තමන්ගේ හිස් ජීවිතය මුනගැහෙන මොහොතේදී ඒ හිස්කමට එරෙහිව ගහන කැරැල්ලක්. නිළියන් වුණු ඔවුන්ට නිළිකම අවසන් තැන, තමන්ව හොයාගන්න සිද්ද වෙන විටදි මුහුණ දෙන ත්‍රාසමය අත්දැකීමක්. මේ ත්‍රාසය මංකොල්ලයක් විදිහට සංවිධානය වෙනවා.

ඇෆ්‍රොඩයිට් මල්කොල්ලයෙ ඉන්නෙ නාකි ගෑණු නම දෙනෙක්. ඇත්තටම මේ නාට්‍යය පවතින්නෙ කතාවක් මතට වඩා මේ ගෑණු නම දෙනා මත. ඒ අයගෙ සම්බන්ධතා මත. මේ නාකි – නිළියො නම දෙනෙක්. ඒ නිළියො ටික ඒ අයගෙ ජීවිතේ මහළු මඩමක ගෙවී යන අවාසනාවන්ත ඉරණමට මුහුණ දීගන්න බැරුව බැංකු මංකොල්ලයක් කරනවා. ඒ අයගෙ ජීවිතේ අවසාන හීනෙ වෙනුවෙන්.
මේ නාකි ගෑණුන්ට සමාජය විසින් පැවරුණු කාර්යයන් තියෙනවා. බෝධි පූජා කරන එක, වන්දනා ගමන් යන එක ආදිය. ඒත් මේ ගෑණු ඒ සමාජයෙන් තමන්ගේ වයසට පැවරුණු භූමිකා ප්‍රතික්ෂේප කරනවා. ඒ අය තමන්ගේ හීන හොයාගෙන යන්න කැරැල්ලක් ගහනවා. මෙතෙක් කාගේ හෝ පිටපතකට රඟපෑ නිළියන් පළමු වරට තමන්ගේ පිටපතකට රඟපාන්න තීරණය කරනවා.

මේ නාට්‍යය මේ නිළියන් විසින් තමන්ට අවැසි විදිහට මෙහෙයවාගෙන ඇති බව පැහැදිලියි. මේ නිළියො රඟපෑමෙ අදහාගන්න බැරි පිම්මක් පනිනවා. මීට කලින් අපි මේ නිළියන්ගෙන් කිසි දවසක නොදුටු, නොපැතූ රංගනයක් මේ අය ඉදිරිපත් කරනවා. මට වැඩියෙන්ම දැණුනෙ ඒක, ‘උඹලා දැකපු අය නෙමෙයි අපි’ කියලා කරන ප්‍රචන්ඩ ප්‍රකාශනයක් වගේ. ඒක ඇඟ හිරිවැටෙන තරමෙ අත්දැකීමක්. විශේෂයෙන් අමා විජේසේකර නාකි වුණු සරාගී නිළියක් විදිහට කරන රංගනය පිස්සු වට්ටනසුලුයි. අමාගෙ තියෙන දැහැමි මූණ පිරිමි ශිෂ්නයක් පතන බේබදු ගැහැණියක් බවට පෙරලුනාම පරණ අමාව පුරුදු නරඹන්නාට දැනෙන්නෙ තිගැස්මක්.

කෞෂල්‍යා, චාන්දනී, සමාධි, නිල්මිණී, සුජානි ඇතුලු සෙට් එකම විශ්මිතයි. විශේෂයෙන්ම කෞෂල්‍යාගේ සහ චාන්දනීගේ නිරුත්සාහයික රංගනය මාරයි. ඒ මුනිවර රංගන පරාසයේ සිට තරුණ ජව සම්පන්න රංගනය දක්වා වේදිකාව උඩ එකිනෙක මුහුවෙමින් දිගහැරෙනවා. අලුතෙන්ම දකින රන්දි පවී පවා හොඳ රංගනයක් එක්ක අර දැවැන්ත රංග ආනුභාවයන් සමග මනාව මුහුවෙනවා. උන් මේ ඩිරෙක්ටර්ගෙ පිටපත තම තමන්ගේ අත්අඩංගුවට අරගෙන. සෝෂල් මීඩියාවල තැන තැන දකින්න තිබුනා මේ නාට්‍යයේ පෝස්ටරය දැකලා කලබල වුනු ස්ත්‍රීවාදීන්ගේ විචාර. මේක පිරිමි ඇග්‍රෙෂන් එකක්ය, පිරිමි අනුකරණය කිරීමක්ය, පිරිමින්ගේ ලිංගික තෘප්තිය පිණිස කරන රෝල් ප්ලේ එකක්ය ආදී වූ චෝදනා ඒ තැන්වල ඇහුනා. ඒත් මේක තනිකරම පිරිමි අධ්‍යක්ෂවරයෙක් යටත් කරගෙන එයාගෙ පිටපත බලහත්කාරයෙන් අත්පත් කරගෙන, තමන්ට ඕන නාට්‍යය රගපාන ගැහැණු නව දෙනෙකුගේ මංකොල්ලයක්.
කෙනෙකුට හිනා නොවී ඉන්න නම් බෑ. හිනා වෙනවා නෙමෙයි හිනා පනිනවා. ඒත් අපි හිනාවෙන්නෙ හරි භයානක දේවල්වලට. එහෙම භයානක දේවල්වලට හිනාවෙවී අපි ගෑණු නව දෙනෙක් තම තමන්ගේ වෙනස් වෙනස් ආශාවන් වෙනුවෙන් එක්ව කරන තනි මංකොල්ලයක් බලන් ඉන්නවා.

මේ ගෑණු නිළියො වෙන්න තමන්ගෙ ජීවිතේ හැම හීනයක්ම කැප කරපු මිනිස්සු. ඒත් වයසත් එක්ක හිස්බව මිස වෙන කිසිම දෙයක් ඉතිරි නොවුනු මිනිස්සු. සමහරු තාමත් තමන්ගේ පෙම්වතා එනකල් බලන් ඉන්නවා, සමහරු කලින් පෙම්වතා එක්ක ආපහු පැනලා යන්න සැලසුම් හදනවා, සමහරු තමන්ගේ ලිංගිකත්වය මාරු කරගන්න හදනවා, සමහරු තමන් ගබ්සා කරන්න ගිය දරුවාගේ මූන බලන්න මගබලන් ඉන්නවා. තමන්ට නිළි ජීවිතය නිසා මිස් වුන දේවල් හොයාගෙන යන්න මේ ගෑණු කැරැල්ලක් ගහනවා.

නාට්‍යය වඩාත් ත්‍රිල් වෙන්නෙ ඒකෙ තියෙන ට්විස්ට් හින්දමයි. ඒත් අන්තිමට ත්‍රිල වැඩි කරන්න ළග ළග දෙන ට්විස්ට් ටිකක් වැඩිද කියලත් හිතුන. නාට්‍යය මැද්දෙදි තරමක මන්දගාමී වෙන ගතියක් පේන්න තිබුන. දෙමළ වයසක ගැහැණියක්ද ඇතුලත් කරගනිමින් පොලිටිකලි කරෙක්ට් වෙමින්, ජනවාර්ගික ප්‍රශ්නයත් යන්තමින් හරි ගැටගහන්න උත්සාහ කිරීම තේරුමක් නැති වැඩක් කියලයි හිතෙන්නෙ. ඒ වගේම ඇමන්ඩා විසින් එකවරම බැලේ නර්තනයක් යෙදීමත් නාට්‍යයේ නැරටිව් එකෙන් එලියට වැටීමක් වගේ පෙනුනා.

නමුත් මේ කිසි දේකින් මේ ගෑනු නමදෙනාගේ කැරැල්ල අවතක්සේරු කරන්න බෑ. ඒක ලංකාවෙ නිළි පරම්පරාවක චරිත රංගනයේ සුවිශේෂ අවස්ථාවක්. ඒ සුවිශේෂී අවස්ථාව වේදිකාව උඩ නිර්මාණය කරදීම සචිත්‍ර රාහුබද්ධ විශිෂ්ට රංග කාර්යයක් වෙනවා.
නාට්‍යයේ හැම පුංචි දෙයක් ගැනම හිතලා තිබුන. හැම චරිතයකම පාහේ සියුම් ඩීටේල් මතු කරලා තිබුන. ඇත්තටම ගැහැණු නව දෙනෙක් රඟපෑවාට එතන ගෑනූ දහදෙනෙක් ඉන්නවා. නිල්මිනී සිගේරා ගෑණු දෙන්නෙකුට රඟපානවා. නිල්මිණී කියන්නෙ අපූරු නිළියක්. එයා පුළුන් තරම් සැහැල්ලුවට වේදිකාවෙ එහා මෙහා යමින් ගින්දර වගේ රංගනයක යෙදෙනවා. මෑත කාලෙදි ඇතිවුනු අවමතාවාදී වේදිකාව වෙනුවට සචිත්‍ර විසින් දස නාරී බෝම්බයක් වේදිකාව උඩට අතාරිනවා. ඒක හැම ප්‍රේක්ෂාගාරයකම ප්‍රේක්ෂකයන්ගෙ රස නහර කපාගෙන යන මුනිස්සම් තියෙන බර බෝම්බයක්.

නාට්‍යය ඉවර වෙලා ආචාර කරන්න එද්දි හින්දි ගීතයක් වාදනය වෙන එක පවා මරු. ඒ හැම දේකම වෙනසක් ලකුණු වෙනවා වගේම ප්‍රේක්ෂකයාගේ ඔලුව මඤ්ඤං වෙන බහුබූතයක් වෙනුවට සැහැල්ලුවෙන් හිනාවෙවී ගෙදර යන්න පුඵවන්, නැවත ඇවිත් බලන්න පුළුවන් නිර්මාණයක් කිරීමේ උවමනාව සටහන් වෙනවා.
ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය කියන්නෙ නාකි කියන්නෙ තරුණ කියන එක බව පසක් කරන නිර්මාණ වෑයමක්. මොකද නාකි බව විසින් අන් කවර කලකටත් වඩා ප්‍රචන්ඩ විදිහට තරුණ බව හඹා යන්න පටන් ගන්න හින්ද. විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕන. නාකි ගෑණුන්ගෙන්.
චින්තන ධර්මදාස











එක තැනකදි මේ සදාචාර ප්‍රශ්නයක පෙලෙන පෙම්වතිය තීරණය කරනවා එයත් මේ ෆිල්ම් එකේ පෙනී ඉන්නවා කියල. මෙච්චර වෙලා මේක ආර්ට් ෆිල්ම් එකක් වශයෙන් තර්ක කරපු ඩිරෙක්ටර් කරකැවිලා යන්නෙ එතකොට.



ලංකාවෙ සිනමා ඉතිහාසය තුල බිහිවුනු ප්‍රෝග්‍රෙසිව්ම චිත්‍රපටය ජංගි හොරා කියලයි මං හිතන්නෙ.
කතාවෙ මුල ඉඳන් ජංගිය වෙනුවට පෑන්ටිය හෝ නොකියා ඉතාම ආගන්තුක විදිහට අන්ඩර්පෑන්ට් කියන වචනය යොදන හේතුව නම් හිතාගන්න අමාරුයි. මොකක් හරි හින්ද මුල ඉඳන්ම ජංගියට වාරණයක් තිබිලා තියෙනවා.




අසම්මත ප්‍රේමයේ උත්සවය මේ සිංදුවෙදි මගඅරිනවා. විරාගයේ අරවින්ද වගේ මඩ නොගෑවෙන, ශුද්ධ වූ අනියම් ප්‍රේමයක් ගැන සංකල්පයක් හදනවා. ඒක තමයි සාම්ප්‍රදායික විවාහයේ හිරවෙලා ඉන්න බෙලහීන සිංහල බෞද්ද පිරිමියාගේ ප්‍රේමයේ උපරිම සීමාව.
මං කලින් කිව්වා වගේ අසම්මත ප්‍රේමයන් විඳින අය මේ සිංදුවට කැමති වෙන්නෙ නෑ. ඒකට හේතුව මේ කියන වරදකාරීත්වය ඒ ප්‍රේමය විසින් බාරගන්නෙ නැති එක. මේකට කැමති වෙන්නෙ සම්මතය ඇතුලෙ අසම්මතය හොයන බියසුළු පෙම්වතුන්. ප්‍රේමයක පරමාර්ථය සුඛය මිස දුකක් නෙමෙයි. කරන්න ආසයි බයයි එකේ වුනත් තියෙන්නෙ කිතිකැවෙන ජොලියක්. මෙහෙම මළ පද වැලපිල්ලක් නෙමෙයි.





කෙනෙකුට අවශ්‍ය ලිංගික ආස්වාදය ලබාගැනීම ඒ පුරවැසියාගේ අයිතියක්. ඒත් ආබාධිත පිරිස්වලට මේ අයිතිය තියෙනවා කියල අපේ සමාජය පිළිගන්නවද? අත් දෙකක් අහිමි කෙනෙක් තමන්ගේ ලිංගික අවශ්‍යතාවයන් පිරිමසා ගන්නවා ඇත්තෙ කොහොමද? අඩුම තරමෙන් ස්වයං වින්දනයෙ යෙදෙන්නවත් බැරි නම් ඒ අයට ජීවිතේ දැනෙන අසහනකාරීත්වය කොහොම වෙන්න පුළුවන්ද? අතපය හතර තියෙන අංග සම්පූර්ණ මිනිස්සු ගැන අධිතක්සේරුවක පවතින සමාජයක ඒ අයට පෙම්වතුන් පෙම්වතියන් හොයාගැනීමත් දුෂ්කර වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගණිකා වෘත්තිය වගේ දේවල් තහනම් කරන්න කියල කෑ ගහන සදාචාරවාදියො කිසි දවසක මේ වගේ මනුස්සයෙකුට එවන් සේවාවක තියෙන වැදගත්කම තක්සේරු කරන්නෙ නෑ. වෙන රටවල ආබාධිතයන් වෙනුවෙන්ම ගෙදරට ඇවිත් ලිංගික අවශ්‍යතා ඉටු කරලා දෙන සෞඛ්‍ය සේවා පවා පවතිනවා. ඒ මිනිස්සු එහෙම හිතනවා.
ආබාධිත කියන්නෙ වෙනස් වූ සෞන්දර්යයක්, අපූර්වත්වයක් විදිහට දකින ඒ අයට ආදරය කරන, ඒ අය එක්ක ලිංගිකව හැසිරෙන්න කැමති අය මට මුනගැහිලා තියෙනවා. හැබැයි ඒ වෙන රටවල අය. අපේ වගේ රටවල ආබාධිතභාවය දුර්වලකමක් විදිහටයි පොදු මනසෙ තැන්පත් කරලම තියෙන්නෙ. එතනදි සමානයෙක් විදිහට ගන්නවට වඩා අනුකම්පා හෝ ප්‍රචන්ඩ ආකාරයකින් තමයි ඒ අයට සැලකිල්ලක් ලැබෙන්න නියමිත.


මීම් එකක් කියන්නෙ ඒ වර්චුවල් හතරැස් පෝස්ට් එකක් විතරක් නෙමෙයි. මීම් එකක් කියන්නෙ පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට හුවමාරු වෙන අදහසක්, රූපයක්, වීඩියෝවක්, චර්යාවක් ඔය මොකක් හරි දෙයක්. මේ මීම් කියන වචනය මුලින්ම හඳුන්වාදෙන්නෙ රිචර්ඩ් ඩෝකින්ස්. එයාගෙ සෙල්ෆිෂ් ජීන් නැත්තං ආත්මාර්ථකාමී ජානය කියන පොතේ එයා මීම් කියන දේ ජානවලට සමාන කරනවා. අපේ ජීව විද ්‍යාත්මක දේවල් පරපුරෙන් පරපුරට අරන් යන්නෙ ජාන නම් අපේ සංස්කෘතික දේවල් මොලේකින් මොලේකට අරන් යන්නෙ මීම්ස් කියල ඩෝකින්ස් පැහැදිලි කරනවා. කොටින්ම මීම්ස් කියන්නෙ සංස්කෘතික ජානවලට.
මේවා ජානවලට අතිශයින්ම සමානයි. මේවායේ එකම උවමනාව වෙන්නෙ පුළුවන් තරම් කොපි ගහන එක. ඒ වගේම මේවා පීඩනවලට මුහුණ දෙනවා, විකෘති වෙනවා, බෝවෙනවා. අදහසක් හෝ චර්යාවක් විදිහට පැතිරෙනවා. සමස්ත සංස්කෘතියම පවතින්නෙ මීම්ස් විදිහට.
මේ විදිහෙ යුනිවර්සල් රෙප්ලිකේටර් එකක් වෙන්න නම් මීම් එකකට කාරණා තුනක් බලපානවා කියල බ්ලැක්මෝර් කියනවා. එකක් විශ්වාසනීය විදිහට ප්‍රජනනය. ඒ කියන්නෙ ඒ මීම් එකේ සුජාත දරු පරපුරක් ඇති කිරීම. දෙවෙනි එක බෝවීමේ හැකියාව. ඒ කියන්නෙ වේගයෙන් පැතිරෙන්න පුළුවන් වීම. තුන්වෙනි එක කල්පැවැත්ම. මීම් එක කොයිතරම් කාලයක් පරිණාමීයව ආරක්ෂා වෙනවද කියන එක.