Tag: feelings

  • ඔයා යටට ඇඳලද?

    ඔයා යටට ඇඳලද?

    රෑට ෆේස්බුක් එකේ ගොඩක් ගැහැණුන්ට අනවසරයෙන්ම මේ වගේ සෙක්ස්ට් ලැබෙනවා. ඒවායින් ඒ ගොල්ලො තිගැස්සෙනවා. ඒ අයට අප්පිරියාවක් ඇතිවෙනවා. කේන්ති යනවා . ස්ක්‍රීන්ෂොට් අරගෙන ෆේස්බුක් දානවා. බ්ලොක් කරනවා. මේ කිසි දෙයක් වැරදි නෑ. මේ තියෙන්නෙ මෑතක එහෙම කෙනෙකුට ලැබුන සෙක්ස්ට් එකක්.

    “මට කියන්න ඔයා තොන්ග් එකක් ඇඳන් ඉන්නෙ කියල.
    නෑ?
    එහෙනම් මට මෙහෙම කියන්න දෙන්න. මට ඕන ඔයාගෙ පස්ස මිරිකන්න. කියන්න ඔයා ඒකට ආසයි කියල.
    ඔයා එහෙම කරන්න. මට ඔයාගෙ පස්ස පෙන්නන්න”
    හැම ගෑහැනු හතර දෙනෙකුගෙන් තුන්දෙනෙක් මේ විදිහෙ බලහත්කාරයන්ට මුහුණ දෙනවා.

    මේ පණිවුඩවල ඇති වැරැද්දක් නෑ. ඒවා හරිම සුන්දර කතාබහ. හැබැයි අන්‍යොන්‍ය අවසරයෙන් සිද්ද වුනා නම්. අනවසරයෙන් කරන මේ විදිහෙ කඩාපැනීම් නිසා ගැහැණියකට තමන්ව නිරුවත් කළා වගේ දැනෙන්න පුළුවන්. තව කෙනෙක් කම්පනයට ආතතියට පත්වෙන්න පුළුවන්. මේ වගේ බලහත්කාරී පණිවුඩ ගැනෙන්නෙ ලිංගික අතවර විදිහට. අනවසරයෙන් සිදුකරන කවර හෝ ලිංගික පෙළඹවීමක් ලිංගික අතවරයක්.

    2019 කැනඩාවෙ මේ ගැන කරපු පර්යේෂණයක් අනුව කෙනෙක් මේ විදිහෙ බලහත්කාරී ලිංගික පණිවුඩ යවන්න කාරණා දෙකක් මුල්වෙනවා. එකක් නාසිසිසම් අනෙක සෙක්සිසම්. ඒ කියන්නෙ තමන් ගැන තියෙන ඕනවට වඩා ඇති ආත්මරාගය සහ අනෙක් ලිංගිකයා පහත් හෝ දුර්වල ලෙස දැකීමේ පෙළඹවීම. ඩිජිටල් අවකාශයේ මේ කෙරෙන බලහත්කාරයන්ට කියනවා ඩිජිටල් සෙක්සිසම් කියල.

    රෙඩිට් ෆෝරම් එක හරහා මේ පෙළඹවීම ගැන ඉතාම විවෘත සාකච්ඡාවක් ඇතිවුනා. එතනදි පේන්න තිබුනා කරුනු ගණනාවක් මේ බලහත්කාරය පිටිපස්සෙ තියෙන්න පුළුවන් කියල. ඉතාම පහලට ඇදවැටුනු ආත්ම අභිමානය යලි නගාසිටුවීම, ලිංගිකව උත්තේජනයක් ලැබීම, කොහොම හරි අවස්ථාවක් ලැබේ යැයි ඇති අපේක්ෂාව ආදිය මේ අතර තිබුන. බොහොමයක් අය මේ විදිහෙ පණිවුඩ යැවීම කරන්නෙ ගැහැණියක් සමග සම්බන්ධතා ගොඩනගා ගැනීම ගැන තියෙන වැරදි අවබෝධයක් නිසා බවත් පේන්න තිබුන.

    ඇමරිකානු සායනික මනෝ වෛද්‍ය ඩේවිඩ් ලේ කියන විදිහට ප්‍රධානවම මේක පිටිපස්සෙ තියෙන්නෙ පිරිමියා විසින් ස්ත්‍රියගේ ආශාව වැරදි ලෙස තේරුම් ගැනීම. රහස්මය තැන්වලදි පිරිමින් වඩාත් ලිංගික ආවේගයන් සහිතව හැසිරෙනවා කියල ඩේවිඩ් කියනවා. ඒක පරිණාමීය විදිහට පිරිමි ලිංගික හැසිරීමේදී පාවිච්චි වුනු නිර්භීතබව සහ ප්‍රචන්ඩ බව තාමත් ඉස්සරහට ඒම නිසා වෙන්නත් පුළුවන්. තව කොටසක් මෙතනදි අකමැති වීම සහ ප්‍රතික්‍ෂේප වීම ඇතුලෙත් යම් අවධානයක් ලැබීමේ තෘප්තියක් විඳිනවා.

    නමුත් බහුතරයක් පිරිමි තමන්ගේ බලහත්කාරී ලිංගික පණිවුඩ යවලා තිබුනෙ ඒ හරහා ඇයව පොළඹවා ගන්න පුළුවන් කියන බොළඳ අදහස ඇතුව. 18%ක පිරිසක් හිටියා ඇය විසින් ප්‍රතික්‍ෂේප කිරීමෙන් තමන්ගේ ලිංගික උත්තේජනය ලබන.

    මේ විදිහෙ බලහත්කාරී ලිංගික අතපෙවීමකින් සමහර කෙනෙක් ඇය තමන්ගේ බලයට නතු කරගැනීමේ ආස්වාදයක් විඳිනවා. ඒක ස්ත්‍රී දූෂණයක් හා සමාන වර්චුවල් අත්දැකීමක්.ඒ අයට ගැහැණියගේ කලබලය, කේන්තිය ආදිය අනුරාගී විදිහට දැනෙනවා. ඒ අනුරාගය වෙනුවෙන් තමන්ගේ සිවිල් සමාජයේ සියලු පිලිගැනීම් සහ වටිනාකම් පරදුවට තියනවා. එහෙම තමන්ටත් අනුන්ටත් හානිකර තැනකට මේ තත්වය පත්වෙද්දි ඒක ප්‍රතිකාර ගත යුතු තත්වයක් හැටියෙන් තේරුම් ගන්න වෙනවා.

    මේ සෙක්ස්ට් වගේම අනිත් දේ තමයි ඩික්පික් යවන එක. මටත් හැමදාම උදේට ඩික්පික් කීපයක් එනවා. කෙල්ලෙකුට අනිවාර්යෙන්ම ඊට වඩා එනවා. ගොඩක් අය මේක නොතකා හරිනවා. ඒත් විට්නි බෙල් එයාටයි එයාගෙ යාළුවන්ටයි පිරිමි එවපු ඩික්පික් 150කින් එක්සිබිෂන් එකක් කළා.

    මට හිතෙන්නෙ ලංකාවෙ ඒ වගේ අනවසර සෙක්ස්ට් වලිනුත් අපිට පුළුවන් ප්‍රදර්ශනයක් කරන්න. ඒ බලහත්කාරය ආර්ට් ෆෝම් එකකට පෙරලන්න. ඩිජිටල් සෙක්සිසම් ගැන කතාබහක් හදන්න. අනිත් පැත්තට ඒක අපේ රහස් ලිංගික පණිවුඩ සාහිත්‍යය ගැනත් හොඳ අධ්‍යනයක් කරන්න.

  • මැයි දෙසැම්බර් ප්‍රේමය

    මැයි දෙසැම්බර් ප්‍රේමය

    මේ ප්‍රවෘත්තිය දැක්කෙ අහම්බෙන්. අවුරුදු අසූවක පිරිමියෙක් එක්ක අවුරුදු 29ක ගැහැණියකගේ විවාහය. ඒක රූපවාහිනී ප්‍රවෘත්තියක් වෙනවා.

    එහෙම ප්‍රවෘත්තියක් වීම එක විදිහකට වැදගත්. මේක තෝරගන්න මූලික වෙන හේතුව නරඹන ජනතාවගේ ‘අනේ බලන්නකෝ නාකි කෝලම්’ ‘ඊයා නේද තාත්තටත් වඩා වයසයි’ ආකාරයේ සාමූහික ජාගර උපහාස රසයක් ඇතිකිරීම බව පැහැදිලියි. ඒත් අනිත් පැත්තෙන් අපි දන්නෙම නැතුව අපේ ආදර ලෝකෙ වයස් සීමාව තරමක් හරි පළල් කරන්නත් මේක හේතුවක් වෙනවා. ඊළඟට අවුරුදු 75ක ප්‍රේමවන්තයෙක් දැක්කට ඒ තරම් අපේ අපහාස උපහාස රසය ඇවිස්සෙන්නෙ නෑ.

    වැදගත්ම දෙයක් තමයි මේ වගේ ප්‍රවෘත්තියකට වැටෙන කමෙන්ට් දිහා පරීක්ෂාවෙන් බලන එක. සාමාන්‍යයෙන් කමෙන්ට් එකක් දාන්නෙ ළඟ ඉන්න කෙනෙක් එක්ක ජුගුප්සාව පළකිරීමෙනුත් තෘප්තිමත් කරගන්න බැරි තරමෙ ආශාවක් තිබුනම. ඒක එක්තරා විදිහකට සමාජයේ අවංකම අවුලක් ප්‍රදර්ශනය කරනවා.

    මේ කමෙන්ට්වල වැඩිහරියක් උපහාසයට නගන්නෙ මේ අසූ වියැති පෙම්වතා සමග මේ කාන්තාවගේ සංවාස අභ්‍යාසයි. මෙතනදි මෙවන් තරුණියකගේ පහස ලැබීමේ වාසනාව ගැනත් කතා වෙනවා. ප්‍රශංසාත්මකව හෝ ආස්වාදනීය ආකාරයකින් නෙමෙයි. හියුමිලියේෂන් ආස්වාදයකට.

    මෑතක කරපු පර්යේෂණයකින් එලිදරව් වෙනවා අවුරුදු 65 – 80 දක්වා කියන්නෙත් ලිංගිකව සක්‍රීය වයසක් කියල. ඒ වගේම ඒ අය බොහොමයක් කියනවා තමන් ලිංගිකව තෘප්තිමත් බවත්. 40%ක් මේ වයස් කාණ්ඩයේ වැඩිහිටියන් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙනවා. ඒ වගේම මේ වයස් කාණ්ඩයෙන් අඩකටත් වඩා කියනවා සෙක්ස් කියන එක තමන්ගේ ජීවිතයේ ගුණාත්මක තත්වය පවත්වාගෙන යන්න වැදගත් කියල.

    එතකොට වයස එක්ක සෙක්ස් ගැලපීමෙන් නගන හාස්‍යය අපේ පරණ හණමිටි දැනුමක් එක්ක ගැටගැහෙනවා. ඒ වයස කියන්නෙ පන්සලක පල්ලියක පරලොවක් වෙනුවෙන් වැඩ කළ යුතු කාලයක් කියන ඇදහිල්ලයි මේ උපහාසය පිටිපස්සෙ තියෙන්නෙ. ඒ අයට තමන්ගේ ශරීරය සහ ලිංගිකත්වය ආස්වාද කිරීමේ අයිතිය සමාජ සදාචාර මුහුණවරකින් අධෛර්ය කිරීමක් තමයි මේ කමෙන්ට්වල තියෙන්නෙ.

    මනෝ විද ්‍යාත්මක ගැහැණු වඩා වයස්ගත පිරිමින්ට ආශක්ත වීමේ විභවයක් තියෙනවා. මේක තමන්ගේ පියා සම්බන්ධ අවිඥානක තත්වයක් විදිහට ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණය ඇතුලෙ පැහැදිලි කරනවා. සංඛ්‍යාත්මක දත්ත එක්ක ගත්තත් ගැහැණු තමන්ගේ පියාගේ හිසකෙස් වර්ණය, ඇස්වල වර්ණය, සමාන ලක්ෂණ හිමි පිරිමින්ට ආකර්ශනය වීම සනාථ වෙලා තියෙනවා. ඒ වගේම වඩා වයස්ගත දෙමව්පියන් එක්ක ඉන්න කාන්තාවක් වැඩිහිටි පිරිමියෙක් විවාහ කරගැනීමේ හැකියාව වැඩි බවත් කියනවා. නමුත් මේක අවිඥානක පෙළඹවීමක් මිස සවිඥානක වුනා නම් ඒ අය කරන තෝරාගැනීමක් නෙමෙයි.

    එතකොට මේ කාන්තාව අසූවියැති පෙම්වතා සමග විවාහ වෙන්න හේතු වෙන්න ඇත්තෙ මොනවද? මුලින්ම අපේ දුප්පත් මානසිකත්වය විසින් දෙන තාර්කික හේතුව තමයි ධනය හෝ බලය කියන එක. ඒක ඒ තරම්ම මතුපිටින් නොවුනත් ස්ථාවරත්වය, ආරක්ෂාව, සුවපහසුව පැත්තෙන් කාන්තාවකගේ ආකර්ශනය වැඩිහිටි පිරිමියෙක් කරා ගෙනියන කාරණයක් වෙන්න පුළුවන්.

    මෙතනදි අපහාස උපහාස කරන බහුතරයක් පටලවා ගන්න කාරණයක් තමයි විවාහය සහ ලිංගික හැසිරීම එකම දෙයක් විදිහට සැලකීම. ඒ කියන්නෙ විවාහක පිරිමියා සමගම පමණක් ලිංගිකව හැසිරීමේ විශ්වාසය තියාගෙනයි මේ බහුතරයා මේ ප්‍රවෘත්තියට එබෙන්නෙ. ඇයට පුළුවන් ඔහු සමග විවාහ වෙන්න. ඔහුගේ ආදරය ලබන්න. ලිංගිකව හෝ ප්‍රේමනීයව හෝ තවත් පිරිමින් සමග බැඳෙන්න. ඔවුන් ඉන්නෙ විවෘත විවාහ ජීවිතයකද, සංවෘත විවාහ ජීවිතයකද යන්න ගැන ප්‍රවෘත්තියේ කිසිදෙයක් නෑ.

    අනෙක් අතට ඇය ඒසෙක්ෂුවල් වෙන්න පුළුවන්. ඇයට ලිංගික ආස්වාදයක් උවමනාම නැති වෙන්න පුළුවන්. ඒ වගේ තත්වයකදි ඇයට වඩාත් ගැලපෙන ප්‍රේමය මේ පෙම්වතා සතුවෙන්න පුළුවන්. ඇඳ උඩ ලිංගික ජවනිකාවෙන්ම මේ ජීවිතවලට එබෙන අයට දැනෙන ලිංගික අතෘප්තියක් විතරක්ම මේ ප්‍රතිචාර ඇතුලෙ පේනවා වෙන්න පුළුවන්. විවිධාකාර ලිංගිකත්වයන් සහිත පිරිස් අපේ සමාජයේ ජීවත් වෙනවා කියන එක අපි නිතර අමතක කරනවා. සියල්ල දිගුවෙන්නෙ විෂම ලිංගික මොනොගමික සාම්ප්‍රදායික ලිංගික පවුල් ආස්වාදයට විතරයි.සමහර විට ඇය සමලිංගික වෙන්නත් පුළුවන්. සමලිංගික විවාහයකට අවසර නැති රටක ඇයට ඇති වඩා තේරුම් ගන්නාසුලු, පහසු මාර්ගය මේ විවාහය වෙන්න පුළුවන්. ඒ විවාහය ඇතුලෙ ඇගේ සමලිංගික ප්‍රේමයකට අවසර තියෙන්න පුළුවන්. එය ඉතාම ඉහලින් අගය කළ යුතු මානුෂීය සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්.

    තව විදිහකින් මේ දෙන්නා අතර ඉතාම අනුරාගී සම්බන්ධයක් තියෙන්නත් පුළුවන්. ඇය වයස්ගත පිරිමියෙකුගේ ඇසුරක අන් කිසි තැනක නොලබන තෘප්තියක් ආස්වාදයක් ලබනවා විය හැකියි. අපේ ලිංගික ආස්වාදය කියන එක අපේ පුද්ගලික ගැඹුරු මනසේ පෙළඹවීම් එක්ක සම්බන්ධයි. ඒක හුදු සම්මතයෙන් පිලිගත් වයස් කාණ්ඩයන් හෝ ලිංග කාණ්ඩයන් අතරම හැසිරෙන එකක් නෙමෙයි. ඒ විස්තෘතත්වය බාරගැනීම සහ අගය කිරීම කියන්නෙ අපේ පරිණතබව. ඒකට අපහාස උපහාස කිරීම කියන්නෙ අපේ නොමේරූ බව. වෙනස් විදිහක ශෘංගාර තෝරාගැනීමක් කියන්නෙ සෞන්දර්යයක්.

    තව පැත්තකින් මේක හුදු ලිංගික කාරණයක් නම් ඔවුන්ට විවාහය වැදගත් නොවෙන්න තිබුණ. මේ ප්‍රසිද්ධිය වැදගත් නොවෙන්න තිබුණ. ඕනම කෙනෙකුට විවාහ නොවී වුනත් ලිංගිකව එක්ව ජීවත්වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ විවාහය කියන්නෙම ඔවුන්ට සමාජය පැත්තෙන් දිය යුතු පණිවුඩයක් බව නිශ්චිතයි. ඒක එක්කො කෙනෙකුගේ ස්ථාවරත්වය ගැන, රැකබලාගැනීම සහ ආරක්ෂාව ගැන සහතික කිරීමක්. නැත්තම් ආදරය, විශ්වාසය සහ නිදහස ගැන සහතික කිරීමක්. මේ දෙපැත්තම කියන්නෙ හොඳ මානුෂීය ගනුදෙනුවක කතාවක්.

    නිර්මානුෂීය කතාව තියෙන්නෙ අපේ පැත්තෙ.

  • LOVE AND SEX

    LOVE AND SEX

    අපේ රොමාන්තික සංස්කෘතිය විසින් අපි මත පවරපු ලොකුම කරදරයක් තමයි දීර්ඝ කාලීන සම්බන්ධයක් හොඳට පවතින්න නම් ආදරය සහ ලිංගික තෘප්තිය කියන දෙකම ඒක ඇතුලෙ හරිහරියට ගැලපිලා තියෙන්න ඕන කියන එක. අපි ලොකුමහත් වෙන්නෙ සම්බන්ධතා පටන්ගන්නෙ ඔය හීනයත් එක්ක.

    මේ ලස්සන සුවපහසු අදහස අපි හැමෝගෙම ඔලුවෙ බලාපොරොත්තුවක් හදනවා. අවුරුදු ගානක් දෙන්නෙක් එකට ඒ දෙන්නට උදව් කරමින්, ඒ දෙන්නගෙ වියහියදම් කළමනාකරණය කරගනිමින්, එකට පවුලක් වෙලා, විනෝදවෙමින්, නිවාඩු ගතකරමින්, ඒ වගේම දෙන්නා දෙන්නගෙ ප්‍රශ්න හොඳින් තේරුම් ගනිමින්, දෙන්නාගෙ දුර්වලතා දරාගනිමින්, ඒ දෙන්නාගෙ යාළුවො දෙමව්පියො එක්ක හොඳ සම්බන්ධතා පවත්වමින්, ඒ අතරෙ දෙන්නා කරන රැකියා අංශවලිනුත් දියුණු වෙමින් ගත කරන ජීවිතයක් ගැන. නිකං කියවගෙන ගියත් විකාරයි වගේ නේද? පොඩ්ඩක් ඉන්න, මේ එක පැත්තක් විතරයි.

    අනිත් පැත්තෙන්, ඒ දෙන්නා දෙන්නාට ආකර්ශනීයම ලිංගික සහකරුවන් වෙමින්, නිතර ආල අනුරාගයෙන් පැටලෙමින් වෙලෙමින්, අවශ්‍ය වෙලාවට ප්‍රචන්ඩ විදිහටත් අවශ්‍ය වෙලාවට මෘදුවත් ශෘංගාරය බෙදාගනිමින්, ජීවිත කාලයක් පුරා ගෙවන ශෘංගාර ඇඩ්වෙන්චර් එකකුත් කරන්න තියෙනවා.

    මෙන්න මේ අදහස හින්ද අපි සම්බන්ධතා පවත්වාගෙන යන අතර එක තැනකදි අපි බය වෙනවා. ඒක හැම සම්බන්ධතාවයකම වගේ වෙනවා. සෙක්ස් කාලයත් එක්ක ඒ තරම් ආකර්ශනීය නැති වෙනවා. ඒ වගේම සිද්ද වෙන ප්‍රමාණය අඩුවෙනවා. සමහර වෙලාවට බලාපොරොත්තු කඩකරනවා. පොතක් කියවලා, එකට ප්‍රවෘත්ති හෝ ටීවී සීරීස් එකක් බලලා නිදාගන්න යන තරම් සැනසීමක් නැති වෙනවා.

    දැන් මේක මහා විනාශයක් වගේ පේන්න පුළුවන්. සම්බන්ධතාවයක් කැඩිලා බිඳිලා යන්න හදන තැනක් වෙන්න පුළුවන්.

    හැබැයි මේක ඇත්තටම අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක සංස්කෘතික නැරටිව් එකේ දුර්වලතාවයක්. ආදරයක් වඩා හොඳින් පවත්වාගෙන යන්න හේතුවෙන දේවල් සෙක්ස් වඩා හොඳින් පවත්වාගෙන යන්න හේතු නොවෙන්න පුළුවන්. ඇත්තටම ඒක ඇන්ටිඩෝට් එකක් වෙන්නත් පුළුවන්. මේක දෙපැත්තටම මෙහෙමයි. හොඳ සෙක්ස්වලට ඕන කරන චරිතය පෞර්ෂය අතරයි සාර්ථක ආදරයකට ඕන කරන පෞර්ෂය අතරයි ගලපගන්න බැරි මූලික අවුලක අපි ඉන්නෙ.

    සම්බන්ධතාවයක් කාලයක් පවතින්න නම් මෘදුබව, නම්‍යශීලීබව, සිහිය, ප්‍රායෝගික බුද්ධිය, වගේම තමන්ගේම වූ පුද්ගලික කාලයන් පවත්වාගැනීම අවශ්‍ය වෙනවා. අනෙකාගෙ හැඟීම් පරිස්සමෙන් තේරුම් ගන්න ඕන, අපේ මූඩ්ස් හොඳින් සන්නිවේදනය කරන්න ඕන. අවුල් රිදවීම් වගේ දේවල් දරාගන්න ඕන. යම් විදිහක අපි ගැන නිශ්චිත හැඟීමක් අනෙකාට දෙන්න ඕන.

    සෙක්ස් ඒකෙ අනිත් පැත්ත. එතනදි ඕනම දෙයක් වෙන්න පුළුවන්. කුණාටුවක් තරම් ප්‍රචණ්ඩ වෙන්න වගේම ගැඹුරු මුහුදක් තරම් සංසුන් වෙන්නත් පුළුවන්. ඉතාම උත්කෘෂ්ට තැන්වලදි සෙක්ස් කියන්නෙ ඇතැම් විට වගකීම් විරහිතබව. තව වෙලාවක නපුරු වෙන එක. යටත් වෙන එක. ආධිපත්‍ය පතුරන එක. එතන උස් පහත් සංස්කෘතික සීමා නෑ. අපි අපේ ප්‍රාථමිකම තැන්වල ගතවෙන්න පුළුවන්. සෙක්ස් එක්සයිටින් වෙන්නෙ එතකොට.

    දීර්ඝ කාලීන සම්බන්ධතා ගැන අපි ගොඩනගාගෙන ඉන්න සංස්කෘතික රූපය තනිකරම නොමග යවනසුලුයි. මේ හින්ද අපේ හැම සම්බන්ධයක් ඇතුලෙම අසමත්බවක් පවතිනවා. මේ එකට පැවතිය නොහැකි පැවැත්මේ තේමාවන් දෙකක් අපි අමාරුවෙන් එකට ගැටගහන්න හදනවා. ඒක කොහෙත්ම යතාර්ථවාදී උත්සාහයක් නෙමෙයි.

    වඩා බුද්ධිමත් ලෝකයක නම් අපි සාමූහිකව අවබෝධ කරගනීවි ආදරයයි සෙක්ස් කියන එකයි ඔය කියන විදිහට ගැලපුනු පරමාදර්ශී සම්බන්ධතා කියන්නෙ ඉතාම විරල දෙයක් කියල. ඒක කොහෙත්ම අපේ සාමාන්‍ය සම්බන්ධතා එක්ක ගලපන්න පුළුවන් තත්වයක් නෙමෙයි කියල. ඒ වෙනුවට දීර්ඝ කාලීන සම්බන්ධයක් ඇතුලෙ තමන්ගේ ලිංගික උත්කර්ෂය කැප කරලා, අඩු ප්‍රමාණයකින් අඩු ආස්වාද මට්ටමකින් සෙක්ස් පවත්වාගෙන යන නමුත් ආදරයෙන් උපරිමව දැල්වෙන ජීවිත අපි අගය කරන්න, තේරුම් ගන්න උනන්දුවේවි. සමහර විට ඒ කරන කැපකිරීම ඔවුන්ට ඊට වඩා තෘප්තියක් ළඟා කරනවා වෙන්න පුළුවන්.

    අනිත් අතට මේ දෙක දෙකක් විදිහට පවත්වාගෙන යන සම්බන්ධතා. ආදරෙන් එකට පවතින අතර තමන්ගෙ මුරන්ඩු ආශාවන් නිදහසේ විඳින්න අවකාශයන් නැත්තං වෙනස් ජීවිත ආඛ්‍යානයන් ගොඩනගා ගත්ත මිනිස්සු ගැන අපි කතා කරාවි. ඒ අයගෙ ජීවිත හරහා අපිට නිර්මාණය කරගත හැකි අපිරිමිත සම්බන්ධතා ස්වරූපයන් අපි තේරුම්ගනීවි.

  • හොඳට ෆ්ලර්ට් කරන්න

    හොඳට ෆ්ලර්ට් කරන්න

    ෆ්ලර්ටින් කියන එකට තියෙන්නෙ නරක නමක්. සෙවල පෙරනවා කියලනෙ කියන්නෙ. නැත්තං කුකුලා කියලත් කියනවා. ෆ්ලර්ටින් කියන එකේ අදහස වෙන්නෙ කාව හරි ශෘංගාරාත්මක අවුස්සමින් ඉන්න අතර ඒක ලිංගික එක්වීමකින් පරිපූර්ණත්වයක් දක්වා අරගෙන නොයන තත්වයක්. තේරෙන වචනවලින් කිව්වොත් පෙරනවා විතරයි. ඒක එක විදිහකට කෙනෙක්ව සෙඩියුස් කරලා ඒකෙන් වාසි අරගෙන මගහැරීමක් විදිහට දකින්නත් පුළුවන්. රෑ පාටි එකක ඩාන්ස් කරලා ළඟින් ඉඳලා ඒක එතනින් එහාට අරගෙන යන්නෙ නැතුව ඩිස්මිස් වුනාම දැනෙන බංකොලොත් හැඟීම ෆ්ලර්ටින්වලින් ඇතිකරන්න පුළුවන්. ෆ්ලර්ටින් කියන්නෙ අනෙකාව අනුරාගයෙන් ඇවිස්සීම කියන එක.

    හැබැයි ෆ්ලර්ටින් වලින් සිද්ද වෙන්නෙ ඉතාම අවශ්‍ය සුවිසල් සමාජ කාර්යයක්. කෙනෙක් ෆ්ලර්ට් කරද්දි ඒකට විෂය වෙන කෙනාට ආත්ම විශ්වාසයක් දැනෙනවා. එයාගෙ ආත්ම ගෞරවය ගැන හැඟීම් වැඩෙනවා. එයාට වටිනාකමක් දැනෙනවා. ෆ්ලර්ටින් කියන එක කසාදය වගේ ලියවුනු සීමා වුනු දෙයක් නොවෙන නිසා මේ හැඟීම් ලෝකය පුරාම එකිනෙකා අතර බෙදී යනවා. හැමෝටම ඉන්නවා ෆ්ලර්ට් කරන කවුරු හරි කෙනෙක්. ඒකෙන් වෙන්නෙ තමන්ගෙ පැවැත්මෙ සුවිශේෂී බව ගැන මතක් කිරීමක්.
    ෆ්ලර්ට් කරන එක නවත්තන්න නෙමෙයි ඕන. වඩා සෞන්දර්යාත්මකව, ගෞරවනීය විදිහට ෆ්ලර්ට් කරන්න ඉගෙන ගන්න එකයි කරන්න ඕන.

    එහෙම ෆ්ලර්ට් කරද්දි ඒකෙ අරමුණ වෙන්නෙම අනිත් කෙනා එක්ක තමන්ගේ පරිකල්පනයන්, හැඟීම් සහ රුචිඅරුචි අවකාශයන් බෙදාගැනීම. ඒ ෆ්ලර්ට් එක උපදින්නෙ අනිත් කෙනා ගැන ගෞරවයක් ආදරයක් එක්ක. එයාව අපිට විශේෂ විදිහට දැනෙනවා. අපි එයාට එයා කොයිතරම් විශේෂද කියල කියනවා. සමහර විට ඒක එයා කිසි කෙනෙකුගෙන් මෙතෙක් අහලා නොතිබෙන්න පුළුවන්. එතනදි ෆ්ලර්ට් කිරීම කියන්නෙ රැවටීමක් නෙමෙයි. අනිත් කෙනාගේ වඩාත්ම ආකර්ශනීය නිමේෂයන් එලියට මතුකරගැනීමක්. අපේ පරිකල්පන අවකාශය එයා එක්ක බෙදාගැනීමක්.

    හොඳ ෆ්ලර්ට් එකක් ඒකෙ දිශානතිය කල්ඇතුවම පැහැදිලි කරගන්නවා. ඒක ලිංගික එකතුවීමක් දක්වා යනවද, එහෙම යන්නෙ නැද්ද, එහෙම වෙන්න හේතුව මොකක්ද කියන කාරනා ගැන ඒ පාර්ශ්වයන් දෙකම නිරවුල්. යම් විදිහකින් ලිංගික සම්බන්ධයක් දක්වා නොයනවා නම් ඊට හේතුව අනෙකාගේ දුර්වලකමක් හෝ අඩුපාඩුවක් නෙමෙයි කියන එක අනිත් කෙනාට විශ්වාසයි.

    හොඳ ෆ්ලර්ට් එකකදි අපි සෙක්ස්වල තියෙන ඇත්තම තැන ස්පර්ශ කරනවා. සෙක්ස්වල තියෙන ආකර්ශනීයම දේ වෙන්නෙ ශාරීරික ක්‍රියාව නෙමෙයි. ඒ එකතුවීම පිටිපස්සෙ තියෙන බාරගැනීම කියන කාරණය. ඒක තමයි සෙක්ස් ආස්වාදනීය වෙන්න ලොකුම හේතුව. තමන්ගේ ඉතාම රළු, ප්‍රාථමික, කැතම තැනකදී පවා තමන්ව ආදරෙන් බාරගන්නා අනෙකා මුනගැහීම. තමන්ට නොයෙක් වස්ත්‍ර පොරවා නොගෙන නිරුවත්ව ඉඳිමින් ආදරය ලබන්න පුළුවන්වීම. සෙක්ස්වලදි අපි අපේ සාමාන්‍ය ජීවිතයෙදි පවත්වාගන්නා ගෞරවනීය තත්වයන් අත්ඇරලා දානවා. අපේ වඩාත්ම වල්මත් අනාරක්ෂිත මොහොත නිරාවරණය කරනවා. එතනදි අපිව බාරගැනීමයි සෙක්ස්වල දැනෙන පරමානන්දය.

    සෙක්ස් කියන්නෙ සමෙන් සම ගැටීමේ ආස්වාදයක් නෙමෙයි. හොඳ ෆ්ලර්ට් කෙනෙක් මේක දන්නවා. කෝපි එකක් බොද්දි, ඔෆිස් එකේ වැඩ අතරෙදි, මුනගැහෙන අවසරයකදි වචනයකින් දෙකකින් මේ හැඟීම උපදවන්න හොඳ ෆ්ලර්ට් කෙනෙක්ට පුළුවන්. ඒක තමයි එයා දෙන තෑග්ග. එයා එක්ක කතා කරන හැමවෙලාවකම අනිත් කෙනාට තමන්ගේ උපරිම පැවැත්ම හැඟෙන එක.

    හොඳ ෆ්ලර්ට් කෙනෙක් මේ දේවල් කියන විදිහට අහන් ඉන්න කෙනාට ජුගුප්සාවක් දැනෙන්නෙ නෑ. අපහසුතාවක් ඇති කරන්නෙ නෑ. ඒ වෙනුවට ආශක්තබවක් ඇතිවෙන්නෙ. කියන්න ඕන කරන වචන, කියන්න ඕන වෙලාව, කියන්න ඕන ස්වරය මේ දේවල් තමයි හොඳ ෆ්ලර්ට් කෙනෙකුගෙ තාක්‍ෂණය. හැබැයි එයා ඒ දේවල් කියන්නෙ චාටු කතා විදිහට නෙමෙයි. ඒවා එයා ඇත්තටම විශ්වාස කරන හින්ද. අනිත් කෙනාගෙ ඇසුර එයා ඇත්තටම අගය කරන හින්ද.

    දෙන්නෙකුගෙ සම්බන්ධයක් ලිංගික සම්බන්ධයක් දක්වා නොයන්නෙ ඒ දෙන්නා අතර නොගැලපීමක්, ප්‍රතික්‍ෂේපයක් තියෙන හින්ද නෙමෙයි. ඒකට ගොඩක් දේවල් බලපාන්න පුළුවන්. අනවශ්‍ය ප්‍රශ්න ගොඩක් ඇවිත් ඒ දෙන්නා අතර තියෙන සම්බන්ධය පවා අවුල් කරයි කියන බය වෙන්න පුළුවන්. නමුත් හොඳ ෆ්ලර්ට් කෙනෙක් අනෙකාට ඇත්තටම අනුරාගීයි. එයා මේ ඇසුර ඇතුලෙ ශෘංගාර හැඟීම් විඳිනවා. නමුත් ඒක ශාරීරික ඇසුරකට නොයන මායිමක නවතිනවා. එහෙම වීම අනිවාර්යයක් නෙමෙයි. ඒක තෝරාගැනීමක්.

    හොඳ ෆ්ලර්ට් එකකදි අනෙකාට තමන් හා ශාරීරිකව එකතු වුනාටත් වැඩි තෘප්තියක් දැනෙනවා. ඒ සමෙන් සම ගැටෙන මොහොත අඩුවක් විදිහට දැනෙන්නෙ නැතුව යනවා.

    මේ පැවැත්ම ඔසවා තබන දැනීම දෙන්න පුළුවන් ලිංගික සංසර්ගයකින් පමණයි කියල හිතන එක සීමාවක්. ඇත්තටම ෆ්ලර්ටින්වලට පුළුවන් ලිංගික සංසර්ගයෙන් ඇතිකරන සබඳතා අවකාශයට වඩා විශාල පරිමාවක පැතිරෙන්න. ලිංගිකමය, දේශපාලනමය, මතවාදිමය, පවුල්මය, භූගෝලමය දුරස්ථකම් කොපමණ තිබුනත් ෆ්ලර්ට් එකක් පවතින්න පුළුවන්. උදා විදිහට සමාගමක ප්‍රධානියෙක් තේ කඩේක කෙල්ලෙක් එක්ක ෆ්ලර්ට් කරනවා වෙන්න පුළුවන්, විෂම ලිංගික තරුණියක් සමලිංගික තරුණයෙක් එක්ක ෆ්ලර්ට් කරනවා වෙන්න පුළුවන්. සංසර්ගමය මොහොතට වඩා ෆ්ලර්ට් එකක පරාසය විශාලයි. මිනිත්තු කීපයක් ඇතුලත ඒ ෆ්ලර්ට් එක විසින් කෙනෙකුට තමන් පිළිබඳ වඩා හොඳ, බලාපොරොත්තුසහගත හැඟීම් ඇතිකරනවා.

    මේ විෂමතා ඇතුලෙ පවා ෆ්ලර්ට් එක සිද්ද වෙන නිසා එයින් ඉස්මතු කරන අනෙකාගේ ආකර්ශනීය කාරනා බොහෝවිට එයා කිසිදවසක අහලා නැති ඒවා වෙන්න පුළුවන්. එයාගෙ එදිනෙදා වපසරියෙදි ඒ සමාන ඇස්වලින් නොදකිනා දේවල් වෙන්න පුළුවන්. සමහර විට ඒ දක්ෂතා හෝ විශේෂතා තමන් තුල තියෙන වග ඒ පුද්ගලයා දැනගන්නෙත් ඒකෙන් වෙන්න පුළුවන්.

    අපි ගැන ශෘංගාරාත්මකව ආශක්ත වෙන කෙනෙක් තමයි අපේ ඉන්ටිමේට්ම දේවල් දකින්නෙ. ඕනම කෙනෙක් කැමතියි තමන් තව කෙනෙකුගේ ආශාව හෝ අවධානය හෝ දිනාගන්න සමත් කියල දැනෙනවට. ඒක සමාජ පැවැත්මක් විදිහට පුද්ගල මානසික අවශ්‍යතාවයක්. ෆ්ලර්ටින්වලින් පිරිමැහෙන්නෙ මෙන්න මේක.

    සාමාන්‍ය එදිනෙදා දවසක අපි මුහුන දෙන තැලෙන පෙලෙන, අපිව කුඩාකරන, අපේ ජීවිතය කළකිරවන දේවල් අතරදි කෙනෙක් අපිට ශෘංගාරාත්මකව ආශක්තවීම කාන්තාරෙක වතුර පොදක් වගේ දෙයක්. ඒක නිසා ෆ්ලර්ට් කෙනෙක් ඇත්තටම කරන්නෙ විශාල මානසික මෙහෙවරක්. අපේ කුඩාවීගෙන යන ආත්මය විසින් අමතක කළ අපේ විශාල සුන්දර ආත්මය අපිට මතක් කරන එක. මොන අසමත්කම් මැද වුනත් අපි තවමත් ආකර්ශනීයයි කියල ෆ්ලර්ට් කෙනෙක් අපිට දනවනවා.

    සෙක්ස්වලින් ලැබෙන පැවැත්ම ගැන පරිපූර්ණ හැඟීම අපේ ජීවිතේ බාහිර දේවල්වලට බලපානවා. කාලයත් එක්ක ඇල්මැරෙන සෙක්ස් හුදු ශාරීරික ක්‍රියාවක් විතරක් වෙද්දි අපේ මානසිකත්වය ටිකෙන් ටික ඇදවැටෙනවා. ඒක අපේ සමාජ ජීවිතේ ඇතුලෙන් පේන්න ගන්නවා. අපේ කාර්යක්ෂමතාව අඩුවෙනවා. අපි දේවල් ගැන නෙගටිව් වෙනවා. ලේසියෙන්ම මළ පනිනවා. ෆ්ලර්ට් කෙනෙක් ඇත්තටම කරන්නෙ අපේ ඒ මිස්වුනු හැඟීම් පරිමාව යළි පුරවන එක. අපිව බැලන්ස් කරන එක. ඒක මානසිකව සුවපහසු සමාජයක් පවත්වාගෙන යන්න වැදගත්.

    ෆ්ලර්ටින් කියන්නෙ ඇත්තටම ආකර්ශනීයභාවය කියන එක ප්‍රජාතන්ත්‍රීකරණය කිරීමක්. හැමෝටම ආකර්ශනීය වෙන්න ඉඩ සැලසීමක්. ඒක නිසා අඩුම තරමෙ ෆේස්බුක් පෝස්ට් එකකටවත් හාට් එකක්, හොඳ කමෙන්ට් එකක් දාලා තමන් ශෘංගාරයෙන් පසුවෙන අනෙකාව පුබුදන්න. එයාට මිනිත්තු කීපයක හරි සුන්දර හැඟීමක් ඇති කරන්න. හොඳ ෆ්ලර්ට් කෙනෙක් වෙන්න.

  • කංසා එක්ක සෙක්ස් – Cannasexual

    කංසා එක්ක සෙක්ස් – Cannasexual

    කැනබිස් නැත්තං කංසා එක්ක සෙක්ස් කොහොමද කියන එක ගැන ගොඩක් සාකච්ඡා පර්යේෂණ සිද්ද වෙලා තියෙනවා. පළමු කාන්ඩයේ මත්ද්‍රව්‍යයක් විදිහට පිටුවහල් කරලා තියෙද්දි පවා තමන් සතු සීමිත හැකියාව පාවිච්චි කරලා පර්යේෂකයො කංසා ගැන නිර්මාණය කරපු මිත්‍යා බිඳින සොයාගැනීම් කළා. අවුරුදු දහස් ගානක් තිස්සෙ කංසා කියන්නෙ මිනිස්සු පාවිච්චි කරපු ඇෆ්‍රොඩිසියැක් එකක්. ඒ කියන්නෙ වාජීකරණ නැත්තං ලිංගික උත්තේජනය ඇති කරන ඖෂධයක්.

    ක්‍රි.ව 7 සියවසේ විතර ඉන්දියාවෙ තාන්ත්‍රික සෙක්ස් එක්ක කංසා පාවිච්චි කරපු වාර්තා තියෙනවා. කංසා පාවිච්චි කරන ගොඩක් අය කියන්නෙ ඒක තමන්ගේ ලිංගික ජීවිතය වඩා තෘප්තිකර එකක් කරනවා කියල. සමහරු කියනවා ඒකෙන් නෙගටිව් ප්‍රතිඵල තියෙනවා කියලත්.

    පර්යේෂණවලින් පේන්නෙ මොකක්ද? කංසා පැලයට ඔයාගෙ ලිංගික ජීවිතය තවත් රසවත් කරන්න පුළුවන් කියන එකට සාක්ෂි ඕනතරම් තියෙනවා.

    1. කංසා පාවිච්චි කිරීමෙන් කාන්තාවන් වඩා හොඳ සුරතාන්තයන් ලබනවා.

    2019 පර්යේෂණයක් කරනවා කංසා සහ කාන්තාවන්ගේ සුරතාන්තය අතර සම්බන්ධය ගැන. මේකට කාන්තාවන් 373 දෙනෙක් යොදාගන්නවා. මෙතනින් සෙක්ස්වලට කලින් කංසා පාවිච්චි කරපු 127 දෙනෙක් අනිත් අයට වඩා තෘප්තිදායක සුරතාන්තයන්ට ළඟා වෙනවා. කැනබිස් පාවිච්චි කිරීමෙන් පාවිච්චි නොකරන්නියකට වඩා 2.13 ගුණයක් වඩා හොඳ සුරතාන්තයක් ලැබීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම නිතර කංසා පාවිච්චි කරන්නියක් ඉඳහිට කංසා පාවිච්චි කරන්නියකට වඩා 2.10 ගුණයක් තෘප්තිකර සුරතාන්තයක අවස්ථාව ලබනවා.

    2. කංසා පාවිච්චි කරන අය වැඩියෙන් සෙක්ස් කරනවා

    2017 පර්යේෂණයක් කරලා තියෙනවා කංසා සහ සෙක්ස් කිරීම අතර සම්බන්ධය ගැන හොයන්න. පිරිමි ගැහැණු 50000ක් මේ පර්යේෂණයට සහභාගි වෙලා තියෙනවා. මෙතනදි ඉතාම පැහැදිලි සම්බන්ධයක් මතුවෙනවා. කංසා පාවිච්චි කරන අය අනිත් අයට වඩා වැඩිපුර සෙක්ස් කරන්න නැඹුරුවෙනවා. මේකෙ ගැහැණු පිරිමි භේදයක් නෑ. ඒ වගේම කංසාවලින් ලිංගික ආබාධයන් ඇති නොකරන බවත් මේ පර්යේෂනයෙදි පැහැදිලි වෙන කාරණයක්.

    3. කංසාවලින් කාන්තාවන්ගේ ලිංගික සෞඛ්‍යය යහපත් කරනවා

    2020දි කාන්තාවන් 452ක් යොදාගෙන පර්යේෂණයක් කරනවා කංසා සහ කාන්තාවන්ගේ ලිංගික සෞඛ්‍යය අතර සම්බන්ධය තේරුම් ගන්න. මෙතනදි ඒ අයගේ ආශාව, සුරතාන්තය, උත්තේජනය, තෙත්වීම, තෘප්තිය, වේදනාව වගේ කාරණා ගැන ප්‍රශ්න කළා. නිතර කංසා පාවිච්චි කරන කාන්තාවන් ආශාව, උත්තේජනය, සුරතාන්තය, තෘප්තිය ආදී කාරණාවලින් කංසා පාවිච්චි නොකරන අයට වඩා ඉහළ ලකුණු ලබාගත්තා. කංසා පාව්චිචි කරන ආකාරය හෝ පාවිච්චි කරන කංසා වර්ගය මෙතනදි බලපෑමක් වුනේ නෑ.

    4. කංසා පාවිච්චියෙන් කාන්තාවන්ට වැඩි ලිංගික උත්තේජනයක් සහ අඩු වේදනාවක්

    2017 කළ පර්යේෂණයකින් එලිවුනේ කංසා පාව්චිචි කරන කාන්තාවන්ගේ ලිංගික පෙළඹවීම වඩා වැඩියි කියල. ඒ වගේම සෙක්ස්වලදි ඔවුන් ලබන වේදනාවත් කංසා නිසා අඩුවුනා.

    මේ පර්යේෂනය කලේ කාන්තාවන් 289ක් යොදාගෙන. සෙක්ස්වලට පෙර කංසා පාවිච්චියෙන් ඔවුන්ගේ ලිංගික අත්දැකීම පැහැදිලි වෙනසකට බඳුන් කළා. 60%ක් කිව්වා ඔවුන්ගේ ලිංගික පෙළඹවීම සහ ආශාව මේ නිසා වැඩිවුනා කියල. ඒ වගේම සෙක්ස්වලදි වේදනාවක් අත්විඳිනවා කියපු අයගෙන් 77%ක් කිව්වා තමන්ගේ වේදනාව ඉතාම අඩු මට්ටමක තිබුන කියල. අනිත් පෙරකී පර්යේෂණ දෙක වගේම මෙයිනුත් සනාථ වුනේ කංසා මගින් සුරතාන්තය වඩාත් තෘප්තිමත් එකක් කරනවා කියල.

    5. කංසාවලින් පුරුෂ ලිංගේන්ද්‍රිය ප්‍රානවත් වීම වැඩි කරන්න පුළුවන්. තව පර්යේෂණ කරන්න අවශ්‍යයි.

    කංසා සහ කාන්තා ලිංගිකත්වය ගැන කෙරුනු තරම් පර්යේෂණ කංසා සහ පිරිමි ලිංගිකත්වය ගැන කරලා නෑ. සමහර පර්යේෂකයන් පෙන්නා දෙන විදිහට කංසාවලින් පිරිමි සුරතාන්තයට පත්වීම අසීරු කරනවා. ඒත් හැම පර්යේෂණයක්ම ඒ තත්වය සනාථ කරලා නෑ.

    2011 කරපු පර්යේෂණයකට අනුව කංසාවලින් පිරිමින් සුරතාන්තයට පත්වීම ප්‍රමාද හෝ අසීරු කරන බවට කරුණු ගේනවා. ඒ වගේම පිරිමි ලිංගිකත්වය පැත්තෙන් ධනාත්මක කාරණාත් මේ පර්යේෂණයෙදි එලිදරව් වෙලා තියෙනවා. කොහොම වුනත් මේ පර්යේෂකයන්ගේ අදහස සමස්තයක් හැටියට කංසා නිසා පිරිමින්ගේ ලිංගික ක්‍රියාව වඩා යහපත් කරන බවයි.

    ඒත් මේ ගැන දෙපාර්ශ්වයකින් දෙවිදියක අදහස් පළවෙන නිසා තවදුරටත් පර්යේෂණ කරන්න සිද්ද වෙනවා.

    කැනබිස් නැත්තං කංසා පාවිච්චි කරමින් සෙක්ස් කරන අයට කියනවා කැනාසෙක්ෂුවල් කියල. මේක පුහුණුවක් විදිහට කරන අයත් ඉන්නවා. මෙතනදි පාවිච්චි කරන කංසා වර්ගය, මාත්‍රාව, දැනෙන වෙනස ආදිය ගැන වාර්තා තබාගැනීමෙන් වඩා හොඳ ප්‍රතිඵල කරා යන්න පුළුවන්. විශේෂයෙන් සමහර කාන්තාවන්ට කංසා නිසා මනෝභ්‍රාන්ති වගේ තත්වයන් ඇතිවෙන්න පුළුවන්. ඒ අයට කැනබිස් ඔයිල් යෝනියේ ආලේප කිරීම ආදිය මගින් වඩා හොඳ තෘප්තියක් ආස්වාදයක් ලබන්න හැකියාව තියෙනවා.

    මේ විදිහට කංසා එක්ක සෙක්ස් කිරීමේ විවිධ ආකාර ප්‍රභේද තියෙනවා. තමන් කැමති තමන්ට ගැලපෙන භාවිතය හොයාගන්න එක අපේ වැඩක් වෙනවා.

  • ලිංගික ආශාවෙ සම්භවය

    ලිංගික ආශාවෙ සම්භවය

    කොලින් විල්සන් 3 වන කොටස

    මේ හැම දේකින්ම දැඩි උනන්දුභාවයක් වගේම ඇතිවිය හැකි නොයෙක් බලපෑම් ගැන ප්‍රශ්න මතු කරනවා. ස්ටඩි ඔෆ් මර්ඩර් පොතේ මම යෝජනා කළා පොඩි දරුවන්ගෙ ලිංගික ආශාව නොවැඩුනු එකක් කියල. ඒක හරියටම කෑම ගැන ඇතිවන ආශාව වගේම සරලයි. තමන්ගේ ලිංගික අවයවය උත්තේජනය කිරීමේ උවමනාවක් විතරයි. මේ මුල් වයසෙදි මේ ආශාව යම් කිසි වස්තුවක් එක්ක මෝහනීය ලෙස බැඳුනොත් කෙනෙකුගෙ ලිංගික තෘප්තිය ඒ වස්තුව එක්කම සම්බන්ද වෙනවා. මේක නයිට් කැප් එකක්, ඒප්‍රන් එකක්, හැරමිටියක්, එහෙම නැත්තං ඒ ළමයාගේම ලිංගික කලාපයක් හෝ වෙන ළමයෙකුගෙ ලිංගික කලාපයක් වෙන්න පුළුවන්. වාසනාවට ගොඩක් පිරිමි මේ විදිහට මෝහනය වෙන වස්තුව අයිති වෙන්නෙ විරුද්ධ ලිංගිකයෙකුට.

    එක මූලික දෙයක් මෙතනදි කියන්න වෙනවා. ලිංගික ආශාව සරලම අර්ථයෙන් ගත්තොත් ලිංගික ඉන්ද්‍රියෙහි ඉල්ලා සිටීමක් වෙනවා. ඒක හරියට චුම්බකත්වය කියන්නෙ චුම්බකය හා බැඳුනු දෙයක් වගේමයි. වෙනස තියෙන්නෙ ලිංගික ඉන්ද්‍රිය හරියට ඉලෙක්ට්‍රො මැග්නට් එකක් නැත්තං විද්‍යුත් චුම්බකයක් වගේ වෙන එකයි. ඒක එක්කො සම්පූර්ණයෙන්ම නිරුද්ධයි. නැත්තං සම්පූර්ණයෙන්ම ආරෝපිතයි. ඒක ලිංගික ඉන්ද්‍රියේ ඇතිවන ස්ථිති විද්‍යුතයක්. කොයි විදිහෙන් හරි මෝචනය වෙන්නයි අවශ්‍ය. අපි මේ ලිංගික විද්‍යුතය උත්පාදනය කරන ඩයිනමෝව ගැන දන්නෙ බොහොම සුළුවෙන් නමුත් මේ විද්‍යුතය කොහෙත්ම නොසලකා හැරිය හැකි එකක් නෙමෙයි. ලිංගිකත්වයෙදි පරිකල්පනය විසින් ඉටු කරන කොටස ගැන සාකච්ඡා කරද්දි අපි කොහොමවත් නියම ශාරීරික අවයවයේ පැවැත්ම අමතක නොකල යුතුයි. සමහර විට වෙන බොහෝ දුරබැහැර දෙයක් ගැන කල්පනා කරමින් සිටින පිරිමියෙක් එයාගෙ යටිකය යමකට තෙරපුනාම දැනෙන කිතිකැවෙන කරන්ට් එක එයාව  පුදුම කරන්න පුළුවන්.

    මේ තැනදි අපිට ලිංගික ආශාව ගැන පැහැදිලිව කියන්න පුළුවන් එකම එක පොදු කාරණයක් විතරයි. ඒ මේ ආශාව අනෙක් මානව ආවේගයන්ට වඩා ගැඹුරු තලයක ක්‍රියාත්මක වෙන බවයි. සමහර විට ආත්මාරක්‍ෂාවටත් වඩා. සමස්තයක් විදිහට මිනිසාට පුළුවන් ඔහුගේ රසයන් සහ ආශාවන් තේරුම් ගන්න. ඔහුට උවමනා  මුදල්, සමාජ තත්වය, හෝ ප්‍රසිද්ධිය, නැත්තං ඔහුගේ අධිපති ආශාව තියෙන්නෙ චිත්‍ර හෝ පරණ පොත් එකතු කරන්න වුනත් ඔහුට පුළුවන් ඒ ආශාව දිගේ ආපස්සට ගිහින් එහි මූලය හොයාගන්න. එය ඔහුගේ වටිනාකම් ලැයිස්තුවේ ඉස්සරහට ආපු හැටි තේරුම් ගන්න පුළුවන්. සවිඥානක වෙන්න අමාරුම ආවේගය තමයි ලිංගික ආවේගය. කෙනෙකුට හිතන්න පුළුවන් එයාට නම් ඒක තේරුම් ගන්න පුළුවන් කියල. ඒත් එකවරම ඒ ආශාවෙන් ඒ මනුස්සයටම හිතාගන්න බැරි කෙලවරකට එයාව අරන් යන බව නිසැකයි. ෂෝ ගේ මෑන් ඇන්ඩ් සුපර්මෑන් නාට්‍යයෙ තියෙනවා ලෝකෙ වෙනස් කිරීමේ මහා උවමනාවෙන් පෙලෙන කෙනෙක් වුනත්, එයාගෙ ඉතාම නිවැරදි ගනංබැලීම් සියල්ල බිඳහෙලමින්, තමන් යන්තමින් හෝ ගරු කරන ගැහැනියක සමග ලිංගිකව එක්වීම සඳහා පෙළඹෙන්න පුළුවන් කියන එක. එයා ඈන්ව බදාගන්න ගමන් මෙහෙම කියනවා.

    “ජීවිතානුරාගය විසින් මාව අමන්දානන්දයට පත් කරනවා. ඔයා මගේ අත්දෙක මැද්දෙ ඉන්න කොට මට මුලු ලෝකෙම තියෙනවා වගෙයි. ඒ ජීවිතය ගැව අනුරාගය විසින් මාව සම්පූර්ණයෙන්ම නතු කරගෙන ඉවරයි”.

    රොමේන් රෝලන්ඩ් එයාගෙ ජින් ක්‍රිස්ටොෆර් කතාවෙත් මේ දේම කියනවා. එයා ක්‍රිස්ටොෆර්ගෙ අම්මයි තාත්තයි අතර කිසිදු සමානකමක් හෝ සම නැඹුරුවක් නෑ කියල කියද්දි එයා කියනවා, “තාත්තාට කිසිම අදහසක් තිබුනෙ නෑ මොන එකක් හින්දද එයා ඒ තරම් හොඳ රස්සාවක් අතෑරලා මේ වැඩකාර කෙල්ලෙක් බඳින්න යන්නෙ කියල. ඒත්  ඔහුව මේ කුඩා තඹ කෙස් ඇති වැඩකාර කෙල්ල ළඟට ඇදලා දාපු නොදන්නා බලවේගයට ඒක අදාලම නෑ. එයා එයාගෙ කොටස කළා”