Tag: feelings

  • Brown Alice – Chapter Two

    Brown Alice – Chapter Two

    හිතුවක්කාර කෙල්ලෙකුගේ ශෘංගාර චාරිකා සටහන්

    එයා ලංකාවෙ band එකක guitarist කෙනෙක්. මට හම්බ වෙන්නේ tour එකකට මෙහෙ ආපු වෙලාවකයි.

    Show එක organize කරපු කෙනාව මම අඳුරන කෙනෙක් නිසා ඒගොල්ලො ලංකාවේ ඉ‍ඳන් එන දවසෙ රෑ dinner වලට මටත් එන්න කියලා කිව්වා. මම යාලුවෙක් වත් එක්කගෙන ඒකට ගියා. ඇවිත් හිටපු හැමෝම මගෙත් එක්ක කතා කලා.

    Band එකේ හැමෝමත් ඇවිත් කතා කලා,
    guitarist ඇරෙන්න.

    එයා මම ආපු ගමන් hi කොහොමද කියලා ඇහුවා විතරයි, ලොකුවට කතාබහ කරන්න ආවේ නැහැ. හැබැයි සැරින් සැරේ බලලා හිනා වුනා.

    මමත් හිනා වුනා මිසක් කතා කරන්න ගියෙ නැහැ.

    පහුවෙනිදා show එක.

    මම ගියෙ මගෙ යාලුවො දෙන්නෙක් එක්ක. Guitarist dance කර කර solo play කළා කීප සැරයක්ම, ඇස් දෙක වෙන පැත්තකට හරවන්න බැරි තරම් sexy!

    He stole the entire show at times!

    Concert එක ඉවර වුනාම audience එකේ ගොඩක් දෙනා stage එකට ගියා photos ගන්න, artistsලට කතා කරන්න. මගේ යාලුවෙක්ටත් guitarist එක්කයි singers ලා එක්කයි photos ගන්න ඕන කිව්වා.

    ගෑනු ළමයි stage එකේ පිරිලා, හැමෝම වට කරගෙන photos ගන්නවා, කතා කරනවා, ඒ හැමෝම එතන occupy වෙලා හිටියේ.
    ඒ නිසා ඒ දෙන්නට ගිහින් එන්න කියලා මම seat එකේ වාඩි වෙලා හිටියා.

    විනාඩි 15කින්, 20කින් විතර, යාලුවො දෙන්නා එක්ක guitaristසුත් ආවා මම වාඩිවෙලා හිටපු තැනට.

    ‘Did you enjoy the show?’
    ‘Absolutely loved it. You were amazing up there’, මම කිව්වා.

    එහෙම කතා කර ඉද්දි, තව band එකේ එක්කෙනෙක් එතනට ඇවිත්,
    ‘මාර බඩගිනියි, කන්න යමු ද’ කියලා එයාගෙන් ඇහුවා.

    24/7 burger joint එකක් තියෙනවා මේ ලග, එතන්ට යන්න කියලා මම suggest කළා.

    ‘යමු අපිත් එක්ක, අපි මෙහෙ දන්නේ නැහැනෙ’ කියලා guitarist හිනා වෙවී කිව්වා.

    හැමෝම හිටියෙ බඩගින්නෙ නිසා ඔක්කොමල්ලාම ගියා කන්න.

    Show එකේ success එක ගැන හැමෝම හිටියෙ හරිම සතුටෙන්.

    මම එයාගෙන් ඇහුවා තව දවස් කීයක් මෙහෙ ඉන්නවද කියලා. එකම state එකේ වුනත් තව තැන් දෙකක shows තියෙන නිසා, මෙහෙ සතියක් ඉන්නවා, ඊට පස්සෙ අනිත් state එකට යනවා, සම්පූර්ණ tour එකම මාස තුනක් කියලා එයා කිව්වා.

    “හෙට මෙහෙ ටිකක් ඇවිදලා බලන්න හිතන් ඉන්නවා, free නම් එන්න” එයා මට කිව්වා.

    මට පහු වෙනිදා වැඩ තිබුන. ඒ හින්ද මං කිව්වා මට එන්න වෙන්නෙ නැහැ, හැබැයි යන්න කලින් අනිවාර්යයෙන්ම හම්බෙමු කියලා.
    මගේ number එකත් දීලා, එයාගේ number එකත් මම අරගෙන ගෙදර එනකොට පාන්දර 5ටත් කිට්ටුයි. නැගිටිනකොට msg එකක් තිබුනා..
    ‘Quit work today and be my guide will you, please..’
    ‘Sure, pay my college fees, I’ll quit’ මම reply කළා.
    ‘Sure, tour money is yours’
    ඒ reply එකට මට හිනා ගියා.
    එයා එක්ක conversations හරිම fun. Boring නැහැ.. ඒ නිසා මට text කරන්න ආස හිතුනා.. මම suggest කලා යන්න තැන්, කරන්න දේවල්, වැඩ ඉවර වුනාම හවසට beach එකට යමුද කියලත් ඇහුවා.
    ‘මම ආස තැනක් තියෙනවා එතනට යමු’ මං කිව්වා.ගෙදර ගිහින් wash එකක් දාලා ඇදුමක් මාරු කරගෙන ගියා එයාව pick කරන්න.
    එයා car එකට නැග්ගෙ guitar එකත් අරගෙන.

    ‘Private show එකක් afford කරන්න තරම් නම් වත්කමක් තාම මට නැහැ’ මම හිනා වෙවී කිව්වා.
    ‘Any payment method is accepted’
    එයා කිව්ව කතාවට, මට හොදටම හිනා ගියා.
    හැම තිස්සෙම හිනා වෙලා, සින්දුවක් කියාගත්ත ගමන් හරිම chill එකේ ඉන්න ඒ personality එකට මට ආස හිතුනා.
    මම යමු කියලා කිව්වෙ beach එක අයිනේ restaurant එකකට. ඒක තිබුනෙ pier එකක, මුහුදෙ සද්දෙ විතරක් ඇහෙන calm තැනක.
    order කරපු කෑම එනකල් එයා guitar එක play කර කර සින්දු කියන්න පටන් ගත්තා.
    වෙන අය කවුරුත් නැතුව මටම විතරක් play කරන එක ඇත්තටම හරිම exciting.

    ‘මතකයි එදා අප හමු වූ දිනේ..
    දෙනුවන් අපේ හමුවී හිනැහුනේ..
    කිසිවක් නොදොඩා
    පා කර ඒ හැඟුමන් රහසේ..
    අද මගේ වෙලා උතුරයි ඒ ආදරෙ..’

    කියපු සින්දු හැම එකකින්ම, මේක තමයි මට ආසම හිතුන එක. ඒ සින්දුව මම ඊට කලින් අහලා තිබුනෙ නෑ. ඒ sing කරපු විදිහට මට හරිම ආස හිතුනා. අදටත් එයා කිව්ව version එක මම නිතරම වගේ අහනවා.
    සින්දු කියන අතරේ අපි drink එකක් ගත්තා. Joint එකක් ගේන්න කියලා වේලාසනින්ම දැනුම් දීලයි තිබුනේ. අපි ඒකත් බිබී සින්දු කිව්වා, කතා කළා.

    එයා Flirt කරන විදිහ හරිම smooth. කිසිම විදිහකින් Desperate නෑ. ලංකාවේ මෙහෙම කොල්ලො ඉන්නවා කියන එකම කොච්චර දෙයක්ද කියලා මට හිතුනා.

    He knows his game කියලා මට තේරුනා. show එක ඉවර වුනාට පස්සෙ, කෙල්ලො වට කරගෙන හිටපු විදිහට, sex වලින් අඩුවක් තියෙනවා කියලා කීයටවත් හිතන්න බැහැ. ඒ බව එයාගෙන් පේන්න තිබුනා. ඒ වුනාට, වචනෙකින්වත් කිසි වෙලාවක ඒ ගැන boast කරපු නැති එකට මට එයා ගැන පැහැදීමක් ඇති වුනා. මනුස්සයෙක් විදිහටත්, කෙල්ලෙක් විදිහටත් මාව, එයා හොඳටම enjoy කළා.

    රෑ වුනාම මෙතනට පේන view එක කියාගන්න බැරි තරම් ලස්සනයි. එතනට එයාව එක්කන් ආපු එක ගැන එයා මට thanks කළා.

    කාලා බීලා අපි යන්න පිටත් වුනා. යන ගමන් එයා මට කිව්වා, එයා තනියම room එකක ඉන්නෙ, band එකේ කාත් එක්කවත් share කරන්නෙ නැහැ, ටිකක් වෙලා ඉඳලා යන්න එන්න කියලා.

    ඒකට බෑ කියන්න බැරි තරමට successfully එයා මේ date එකෙන් මාව already impress කරලයි තිබුනෙ.
    ඇත්තටම මටත් තව වෙලා එයත් එක්ක ඉන්න ඕන වෙලා තිබුන.අපි ගියා room එකට.
    ගිහින් මම couch එකෙන් ඉඳගත්තා.
    එයත් මගේ එහා පැත්තෙන් ඇවිත් වාඩි වුනා.

    ‘Shall I kiss you?’
    ඒ අහපු එකට මම උත්තර දුන්නේ එයාව kiss කරලා.

    එයා කොණ්ඩෙ ඇතුලෙන් අත දාලා, මාව තව ළඟට ඇදගෙන මගේ මූණම kiss කළා.
    ඊට පස්සේ බෙල්ල kiss කරන්න පටන් ගත්තා.

    මම ඇඳන් හිටියේ කහ පාට දිග skirt එකක් එක්ක, සුදු පාට tube top එකක්. එයා top එක කෙලින්ම ඇදලා පහලට කළා. අනිත් අත skirt එක ඇතුලෙන් අත දාලා කකුල අතගාන්න පටන් ගත්තා.මම ඇඳන් හිටපු panty එකත් එයා skirt එක උඩින්ම ටිකක් වෙලා අතගාලා, පහළට ඇද්දා.
    මමත් එයා ඇදන් හිටපු t shirt එක ගලවලා එයාගෙ ඇඟ හොදින් වින්දා.

    එයා එහෙම්මම මාව අතින් ඇදලා අරන් ඇඳට විසි කලේ තව නම් ඉන්න බැහැ කියන්න වගේ.
    ඒ horny වෙලා තිබුන විදිහ දැක්කම, මාව kiss කරද්දි මට වඩා එයා moan කළාම, මම තව තවත් ඇවිස්සුනා..

    එයා ඇඳන් හිටපු short එක ගලවලා blowjob එකක් දෙන්න මං පාත් වුනා.

    මගේ skirt එකත් ගලවලා, එයා මාව ඇඟිලිතුඩුවලින් මාව ස්පර්ශ කරන ගමන් මුලු ඇඟම kiss කරන්න ගත්තා.
    ඇඟ පුරාම current එකක් යනවා වගේ මට දැනුනෙ..

    තප්පරයක්වත් අහක දාන්නෙ නැතුව, අපි දෙන්නම, අපි දෙන්නව උන්මාදයෙන් වින්දා.
    මගේ කකුල් දෙක පළල් වුනේ මටත් නොදැනීම. එයා මගේ ඇතුලට ටිකෙන් ටික එද්දි කිසි දෙයක් පේන්නෙ නැතුව ගියේ ඒ ආස්වාදයට ඇස් දෙකම පියවුනු හින්ද.

    Sex කරනකොට එයාගෙ බෙල්ලෙ තිබුන මාලේ මගෙ ඇගෙ වදින්න ගත්තා. ඒක ගලවලා දාන්නවත් එයා sex කරන එක නැවැත්තුවෙ නෑ.

    තව මගේ ඇඟට බරවෙලා හයියෙන් කරන අතරෙම එයා මාලේ ගලවලා බිමට විසි කළා. හරියට කරදර කරන්න එපා කියනවා වගේ.

    මත්වෙලා හිටියෙ අපි දෙන්නම.

    ඉවර වෙලා ආස්වාදජනක හතියත් එක්ක අපි එහෙම්මම ඇදේ හාන්සි වුනා.
    මං cigarette එකක් බොන්න balcony එකට ගියා. තෘප්තිමත් අත්දැකීමකට පස්සෙ මට දුම්කොළ දුමාරයක් ඕන.

  • ෆැන්ටසියට බයවෙන්න එපා!

    ෆැන්ටසියට බයවෙන්න එපා!

    Sexual fantasies කියන්නේ සැබෑ කරගන්න අවශ්‍ය දෙයක් නෙමෙයි කියන එකත් සැබෑ කරගන්න දේකට තව දුරටත් fantasy එකක් කියලා හදුන්වන්න බැරි බවත් තමයි sex fantasy එක ඇතුලේ මම දකින සුන්දරතම ලක්ෂණය.

    ගොඩක් වෙලාවට, බහුතරයක් ලංකාවෙ ජීවත් වෙන කාන්තාවන් තමන්ගේ පෙම්වතා ගෙන් හෝ ස්වාමියා ගෙන් පිට වෙන දෙයක් ගැන Fantasy එකක් තියෙන එක වැරද්දක් විදිහට සලකනවා, යම්කිසි වරදකාරි හැගීමක් විදිහට ඒක බාරගන්නවා.
    ඒක හරිම බොලද, අනුවණ සිතිවිල්ලක්.

    Fantasies තිබීම තුලින් සිද්ධ වෙන්නේ ලිංගික ජීවිතය තව තවත් ආස්වාදජනක වෙන එක ඇරෙන්න ඒ තුලින් නරකක් වෙයි කියලා හිතන්න හරිම අමාරුයි.

    අනිත් වැදගත්ම කාරණය තමයි, තමන් හිතන විදිහ හෝ තමන්ගේ personal thinking space කියන එකට කවුරුවත්ම නිසා බාධා ඇති කර ගන්න හොද නැති බව තේරුම් ගැනීම.

    Sexual fantasies ගැන ‘Journal of sexual medicine’ විසින් නිකුත් කරපු සමීක්ෂණයක පැහැදිලිව කියනවා ගොඩක් කාන්තාවන්ට තියෙන fantasies සැබෑ ජීවිතයේදි අත් හදා බලන්න බහුතරයක් වෙලාවට ඒ කාන්තාවන් කැමැත්තක් දක්වන්නේ නැති බව.

    එහි දත්ත අනුව ගොඩක් කාන්තාවන් ඉමහත් ලෙස submissive, එහෙමත් නැත්තන් ලිංගික ඇසුරකදි පිරිමියාට යටත් වෙන්න කැමැත්තක් දක්වන බව සදහන් කෙරෙනවා.

    තවත් එකක් තමයි සාමාන්‍යයෙන් sex නොකරන තැනක sex කරන එක, පොදු තැනක් වෙන්න පුලුවන්, එළිමහන් තැනක වෙන්න පුලුවන්, පූජනීය තැනක් වෙන්නත් පුලුවන්.

    ඒ සමීක්ෂණයේ මගේ හිත් ගත්ත ආකර්ශනීයම කාරණය තමයි, Sexual fantasy එකක් විදිහට submissive වෙන්න කැමති කාන්තාවන්ගේ ලිංගික ජීවිතය එහෙම නොවන කාන්තාවන්ගේ ලිංගික ජීවිතයට වඩා ඉතා තෘප්තිමත් බව. ඒකෙන් කියවෙන්නේ fantasies තමන්ගේ ලිංගික ජීවිතයට දෙන ධනාත්මක බලපෑම.

    තව එහි සදහන් කෙරෙනවා submissive වෙන එක වගේම, පිරිමියා විසින් තමන්ව masturbate කරන එක, පිරිමියාව masturbate කරන එක, ඔහුව oral sex මගින් සතුටු කරවන එක, තුන් දෙනෙක් හෝ ඊට වැඩි දෙනෙක් එක්ක sex කරන එක වගේ දේවල්.

    බහුලවම කැමති fantasies වලට අමතරව තවත් කිහිපයක් එහි සදහන් කරනවා.

    කාන්තාවක් තවත් කාන්තාවන් දෙන්නෙක් සමග sex කරන එක, වෙනත් කාන්තාවන් දෙන්නෙක් sex කරන එක නරඹන එක, නන්නාඳුනන දෙන්නෙක් sex කරනවා නරඹන එක, නන්නාදුනන කෙනෙක් එක්ක sex කරන එක, විරුද්ධ ලිංගික ඇදුම් අදින එක, එකිනෙකාගේ ශරීර මත මුත්‍රා කරගන්න එක, සතෙක් සමග ලිංගිකව හැසිරීම වගේ ආසාවන්.

    මේ මොනයම් ආකාරයේ fantasies මනුස්සයෙක්ට තිබුනත්, වෙන කෙනෙක්ට හිරිහැරයක් නොවන තාක් ඒ හැම fantasy එකක්ම වලංගුයි සහ අහිංසකයි කියන නිගමනයට අපි හැමෝටම එන්න පුලුවන් වෙන්න ඕනේ.

    Fantasies තුලින් කියවෙන්නේ තමන්ගේ ලිංගික ජීවිතයේ නිර්මාණශීලීත්වයයි.. එය සුබවාදී නොවන්න හේතුවක් නැත්තේ ඒ නිසයි.


    ශේනි විජේසුරේන්ද්‍ර

  • සිංහල සිනමාවෙ සෙක්ස්

    සිංහල සිනමාවෙ සෙක්ස්

    ලංකාවෙ ෆිල්ම්වල කිස් කරන හැටි ගැන ඉන්ටරෙස්ටින් පෝස්ට් දෙකක් ෆේස්බුක් එකේ තිබුන. එකක් ගුනසිරි සිල්වාගෙ. අනික කපිල ගල්පිහිල්ලගෙ. ගුනසිරි කිස් එකට වුන දේ ගැන කියද්දි කපිල සෙක්ස්වලට වුන දේ කියනවා.

    හාද්දට බයේ මුහුණ – නහය – කට ඇතුල්ලූ කාලේ – ගුණසිරි සිල්වා

    සිංහල සිනමාවට හාද්ද – ලිංගිකත්වය තහනම් දෙයක්ව තිබුණු කාලේ ‘සිංහල සිනමාවට හාද්ද ඕනෑද? එපාද?’

    ‘නිරුවතක ඕනෑද’එපාද?’ ආදී වශයෙන් එදා සිනමා පත්‍ර පිටු පුරා සංවාද වලට ජනප්‍රිය මාතෘකා වූයේය.

    ඒ කාලේ හින්දි සිනමාවටද හාද්ද තහනම්ව පැවැති නිසා මල් ගස් වටේ දුව දුවා සිංදු කියු පෙම්වතුන් සිප ගන්නා අකාරය ‘සංකේතාත්මකව’ තිරයේ පෙන් වූයේ, මලක රොන් ගන්නා බඹරෙකි! නැතිනම් මලක් මත වසා සිටින සමනලයෙකි!

    ඒ බඹරාත් සමනලයාත් පසුව අපේ සිනමාවටද බෝ විය.

    එසේ හාද්දට බය වුණු කාලේ සිංහල සිනමාපටයක පළමුවෙන්ම දෙතොල් සිප ගැනීමක් රූ ගත කළේ සුගතපාල සෙනරත් යාපා ‘හන්තානේ කතාව’ චිත්‍රපටය තුළින් බව කීවද එය සෘජුව ප්‍රදර්ශනය කෙරුණේ නැත. ඒ තරමටම අපේ ‘සුචරිතවාදීන්’ හාද්දට බය වූ නිසා සුගතපාල සෙනරත් යාපාටද එය සෘජුව පෙන්වීමට, කපන මණඩලයෙන් අවසර නොලැබෙන්නට ඇත. ඒ නිසා එම දෙතොල් සිප ගැනීම පෙන්වූයේ චලනය වන සෙවනැලි දෙකක බොඳවූ රූප රාමු කිහිපයකිනි. එසේ වුවද ඒ ගැන එකල සිනමා පත්තරයකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් සුගතපාල සෙනරත් යාපා කීවේ තම චිත්‍රපටය රූපගත කිරීමෙදී එහි අවසාන දර්ශනය වෙනුවෙන් විජයත් ස්වර්ණාත් සිත් සේ දෙතොල් සිප ගත් බවකි.

    ‘හන්තානේ කතාව’ චිත්‍රපටයෙන් අනතුරුව සෘජුව දෙතොල් සිප ගැනීමක් ඉදිරිපත් කළේ මණික්සන්ද්‍ර සාගර ය. ඒ, ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘කළු දිය දහර’ චිත්‍රපටයේ ඉන්දිරා ජොන්කොලොස් සහ රවීන්ද්‍ර රන්දෙණිය ගේ දෙතොල් සිප ගැනීමය.

    1970 දී ‘හන්තානේ කතාව’ මගින් හාදු තහනම කඩන්නට සුගතපාල ට කොන්දක් තිබුණද, ඉන් වසර කිහිපයකට පසු නිපදවූ ‘සමනල සිහින’ චිත්‍රපටයේ මෙබඳු සෘංගාරාත්මක පෙම් රැගුමකදීවත් දෙතොල් සිප ගන්නට ඉඩක් නැතිව විජයටත් ස්වර්ණාටත් මෙසේ නහය – මුහුණ – දෙතොල අතුල්ල අතුල්ලා ඉන්නට සිදුවූ සැටියි මේ!.

    සිංහල සිනමාවේ ලිංගික කර්තව්‍යය සැකෙවින් – කපිල ගල්පිහිල්ල

    1. ගැහැණියගේ ලිංගික එකතුවීමට ඇති අකමැත්ත. මෙය නානාප්‍රකාරයෙන් ඇය ඉදිරිපත් කරයි, කාන්තාවන් විසින් සෑම අවස්ථාවකදීම ලිංගික එකතුවීමක් ප්‍රතික්ෂේප කල යුතුය වැනි අදහසක් මින් හුවා දැක්වීමට උත්සාහා කරයි.සැමියා තම බිරිඳ සමග එක්වීමට උත්සාහා කලත් සිංහල සිනමාවේදී තත්ත්වය එසේමයි.

    2. ලිංගික කර්තව්‍යය. මුහුණ සිප ගැනීමේදී එයට ඉඩ නොදී විරැද්ධ අතට මුහුණ හරවයි. තොල් සිප ගැනීමකදී දත කට පූට්ටු වූ ආකාරයෙන් දෙතොල් තද කරගෙන එකිනෙකට හේත්තු කරයි. කාන්තාවගේ දණහිසේ සිට අඩියක් පමණ උඩටකලවා දිගේ අත ගෙනියයි. පියයුරු වල සිට නාබිය දක්වා සිපගන්නා බව පෙන්වීමට කට අතුල්ලගෙන යයි. ඉඳහිටක පියයුරැ මතුපිටින් බෝම්බයක් උඩින් අත තියන ආකාරයේ බියකින් අත තියයි කිසිම අවස්ථාවක ගැහැණිය පිරිමියාව සිප ගැනීමක් හෝ අඩුම තරමින් ඇඟට අතක්වත් නොතැබීමට වග බලාගයි.. ගැහැණිය බෙඩ් ෂීට් එක මිරිකාගෙන සිටිය යුතුය. ගැහැණිය කෙඳිරි ගාන අතරතුර පිරිමියා තදින් හුස්ම ගයි. ඇත්තේ එකම ලිංගික ඉරියව්වකි.

    3. ලිංගික කර්තව්‍යයෙන් පසු සීන් එක. ගැහැණිය ඇඬිය යුතුය. පිරිමියා ඇඳේ දිගාවී සිගරට් එකක් ගැසිය යුතුය.

  • හුස්ම හිරවෙන ප්‍රේමය – Exit Bag

    හුස්ම හිරවෙන ප්‍රේමය – Exit Bag

    Exit Bag ෆිල්ම් එක ගැන පෝස්ටර් එක දැක්කට ඒක බලන එක පස්සට දදා හිටියෙ ජෝ දිසානායකගෙ කලින් වැඩේ moment මගේ බලාපොරොත්තු කඩකරපු හින්ද. හුදු රූපමය සෞන්දර්යයකට සහ තාක්ෂණික හැකියාවකින් ඔබ්බට කතාවක් හරියට කියාගන්න බැරි ගතියක් ඒකෙ තිබුන. ජීවිතේ අල්ලන නාඩියෙ දුරස් බවකුත් දැනුනා. ඒ හින්දා දෙවෙනි එක බලන්න ඒ තරං උනන්දුවක් ඇතිවුනේ නෑ.

    ඒත් ෂා , සමනලී මට මේ ෆිල්ම් එකේ ලින්ක් එක එව්වා.
    ‘මේක බලලා කතා කරන්න දෙයක් තියෙනවා කියල හිතනවා නම් විතරක් ලියන්න..’ එයා මට කිව්වා.

    මං ‘හා’ කිව්වා.

    Exit Bag මාව පුදුමයට පත් කළා. ඒ වගේ ෆිල්ම් එකක් ලංකාවේ නිර්මාණය වීම ගැන පවා මං ආඩම්බර වෙනවා. ඒක පරිපූර්ණ විශිෂ්ට නිර්මාණයක්.

    ෆිල්ම් එක තියෙන්නෙ රිවෙන්ජ් නැත්නම් පලිගැනීමක් ගැන.

    මෙතනින් එහා ටික කියෙව්වොත් ෆිල්ම් එක බලන ආතල් එක නැති වෙනවා. ඒ හින්දා ඒක බලලා තියෙන අය විතරක් මෙතනින් පහලට කියවන්න.

    ඒක අනිවාර්යයෙන්ම දෙපාරක් බලන්න ඕන ෆිල්ම් එකක්. පලවෙනි පාර කතාවෙ කෙලවරදි තේරුම් ගන්න දේවල් එක්ක ආපහු කතාවෙ මුල ඉඳන් ඩීටේල් කියවන්න ඕන. එතකොටයි ඒක පූර්ණව විඳින්න හම්බුවෙන්නෙ.

    මට Exit Bag කියන්නෙ රිවෙන්ජ් පෝර්න් එකක්.

    තමන්ගේ බිරිඳ තමන්ගේ නිවසේම වෙන කවුරුන් හෝ සමග රමණය කළ වීඩියෝවක් සැමියා අතේ තියෙනවා. ඒ සිදුවීම ගැන දරුණු වේදනාවකින් සහ පලිගැනීමේ ආස්වාදයකින් සැමියා පෙළෙනවා. තමන් දැඩිව ආදරය කළ ගැහැණිය සහ තමන්ව අමු අමුවේ පාවාදුන් ගැහැණිය (සම්මත මිම්ම අනුව) එකම ශරීරයක පිහිටීමේ දරාගත නොහැකි ට්‍රෝමැටික අත්දැකීමක ඔහු ආතුරව ඉන්නවා.

    මේ අතර ගැහැණියගේ සංකීර්ණ මනෝභාවයන් අතර චාරිකාවක අපිව අරන් යනවා. මේ සැමියා කතා කරන වල් ගැහැණිය අපිට චිත්‍රපටියෙ මුනගැහෙන්නෙ නෑ. අපි දකින්නෙ තමන් කළ වරද ගැනත් (ඒ ගැන කිසි දෙයක් අපි දන්නෙ නෑ. අපි දන්නෙ උමතු පිරිමියා කියන සෙක්ස් කතාව විතරයි), තමන් දැන් විඳින ජීවිතය ගැනත්, ඒ වගේම දැන් නරුමයෙක් බවට පත්ව සිටින පෙරදී තමන් බෙහෙවින් ආදරය කළ පෙම්වතා ගැනත් දුක්වෙන හැඟුම්බර ගැහැණියක්.

    කතාව පටන් ගන්නෙම ඇගේ ජීවිතය කොයිවගේද කියන එක අපිට සජීවීව විඳින්න පුළුවන් තරමෙ රූප රාමුවකින්. ඇගේ මුහුනට පොලිතින් බෑග් එකක් දාලා හුස්ම හිරකිරීමකින්. එතකොට අපි දකිනවා පූස් පැටියෙක් වගේ ගුලිවෙලා නිදන සැමියෙක්.

    කතාව එලිදරව් වෙන්නෙ ටිකෙන් ටික. අපි දකින ලෝකය වෙනස් වෙන්නෙ අපිට නොදැනීම. අන්තිමට බලද්දි අපි මේ බලන් ඉන්නෙ වධකාගාරයක් දිහා. ගැහැණියක් තමන්ගේ කැමැත්තෙන් කළ රමණයක වරදට පිරිමියෙක් විසින් ඇයව ජීවිතාන්තය දක්වා වධයට නියම කරලා තියෙනවා.

    ඒත් ෆිල්ම් එක යන්නෙ තියරි උඩ නෙමෙයි. ඒ වෙනුවට නිශ්චිත නැති, වරින්වර මාරුවෙන, හැඟීම් කුනාටු අතර ඉන්න මිනිස්සු දෙන්නෙක් අතර.

    සමනලීගේ සහ රන්දිකගෙ රංගනය අතිවිශිෂ්ටයි. ඒ සංකීර්ණ සියුම් හැඟීම් ප්‍රකාශ කිරීම් මයිල් කෙලින් කරනසුලුයි. ඒ චරිතවලට කළ හැකි උපරිම සාධාරණයක් මේ නළුනිළි දෙපල විසින් කරනවා. ඕන නම් ලේයර්වලට ගලවමින් කතා කරන්න පුළුවන් තරමෙ බඩු ඒ චරිත තුල පේනවා.

    අනික කැමරාව. රූප රාමු අනායාසයෙන්ම භාවය විසින් ඉල්ලන තැන පිහිටනවා. බොරු ආයිත්තම් නෑ. වර්ණ හැඩතල, රාමුවේ ප්‍රමාණය, චලනය හැමදෙයක්ම කතාවේ කොටසක්.

    ෆිල්ම් එකේ සංගීතය පාවිච්චි වෙන්නෙ අවසාන දර්ශනයෙදි විතරයි . එතකල් අපි ඉන්නෙ හිස්කම සහ සද්ද බද්ද එක්ක. සංගීතය නිකංම රසකාරකයක් විදිහට පාවිච්චි වෙනවා වෙනුවට තවත් යටිපෙල වියමනක් හැටියට මෙහෙයවෙනවා. ඒකෙන් ෆිල්ම් එක විශාල වෙනවා.

    බිරිඳ ෆිල්ම් එකේ අන්තිමට විතරක් හිනාවෙනවා. එතෙක් ඇය සිරකොට ගසා ඇති බඳු කම්බි දැල ඈ වීණාවක් වගේ වයනවා.

    මේ ලිංගික ඊර්ෂ්‍යාව ගැන කතාව මාව කම්පනය කරපු ලංකාවේ රිවෙන්ජ් පෝර්න් එකක් එක්ක මාව ගැටගහනවා. ඒ පසුබිම් කතාවත් මේකමයි. පෙම්වතා විසින්ම ලීක් කරන්න ඇතැයි හිතන්න පුළුවන් ඒ පෝර්න් එක මාව තිගැස්මකට ලක් කළා. ඒ කවුරු හෝ හරි හෝ වැරදි කියන අදහසින් නෙමෙයි . ඒ පෝර්න් එක ඇතුලෙ මං දැකපු මිනිස් හැගීම් පොදිය හින්ද. ඒ චරිතවලට වෙන හානිය නොවේනම් ඒ ක්ලිප් එක ඉදිරියෙන් සහ පසුපසින් ටයිට්ල් කීපයක් දැමීමෙන් විශිෂ්ට කෙටි චිත්‍රපටයක් කරන්න තිබුන. ඒ තරම් සංකිර්ණ මිනිස් භාවයන් අපිට ලියලා රූගත කරලා අල්ලන්න බෑ කියලයි මට හිතුනෙ. Exit Bag ඒ අත්දැකීම ඊට වඩා ගැඹුරු සෞන්දර්යාත්මක අත්දැකීමකට ගෙනියනවා කියලයි මට දැනුනෙ.

    ප.ලි – සැමියා විසින් බිරිඳට පහරදෙන සීන් එක ගැන යමක් නොලියා අවසන් කිරීම අසාධාරණයක්. ඒක ලංකාවේ මං චිත්‍රපටයක මෙතෙක් දැකපු දරුණුම ප්‍රචණ්ඩ දර්ශනය වග කියන්න ඕන. ඒක බලන්න අමාරු තරම් රිදෙන්න කරලා තියෙනවා.


    චින්තන ධර්මදාස

  • ගැහැනු සෙක්ස් ගැන විවෘත අඩු ඇයි?

    ගැහැනු සෙක්ස් ගැන විවෘත අඩු ඇයි?

    මම මොකක් හරි ආර්ට් එකක් අඳිද්දි හරි මොනා හරි දෙයක් ලියද්දි මං කැමතියි ඒක erotic පැත්තට බර වෙන්න කරන්න. ඒකෙ සෞන්දර්යය දන්නෙ creative කෙනෙක්ම තමයි. කොටින්ම කිව්වොත් මං R-rated නැති, සෙක්ස් නැති නිර්මාණයක් කියවන්න, බලන්න කැමතිත් නැති තරම්. ඒත් මම ගොඩක් වෙලාවට මගේ නිර්මාණ පෝස්ට් කරන්නෙ නෑ. ඒකට හේතුව එහෙම දෙයක් පළ කරාම පිරිමි පාර්ශවයෙන් එන requests සහ Messages තොගය. එතකොට මට හිතෙන්න ගන්නවා මේ මගේ ආර්ට් එක හරි ඒකෙ යම්කිසි හොඳක් හරි නිසාම ලැබෙන ප්‍රතිචාරද කියල. ඒ වගේම මෙහෙම ප්‍රතිචාර දක්වන බහුතරයක් පිරිමි පාර්ශවය erotic නිර්මාණයක් කරන්න තරම් ගැහැනියක් විවෘත නම් ඇය වෙනත් ඕනෑම දෙයකට විවෘතයි කියලා වරදවා වටහා ගන්නවා. සමහරු එය විවේචනයක් හා අපහාස කිරීමක් දක්වා ගෙන යනවා. මේක මේ මාතෘකාව ගැන නිතර ලියන කියන පිරිමි පුද්ගලයෙකුට පවා සිද්ධ වෙන දෙයක්. එහෙම කෙනෙකුට ‘බඩු කාරයෙක්’ ‘අසහන කාරයෙක්’ වගේ නම් පට බැඳෙන්න පුළුවන්. ගැහැනු කෙනෙක් සෙක්ස් ගැන ලියන කියනවා නම් එය හෙලා දකින පාර්ශවය ඇයට පට බැඳිය හැකි නම් ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නෑ. ඒත් මේ සටහන ඒ පාර්ශවය ගැන නෙවෙයි. මේ කියන්න උත්සහ කරන්නෙ erotic නිර්මාණ කරන ඒ ගැන විවෘතව අදහස් පළ කරන ගැහැණියක්‌ උත්කර්ෂයට නගමින්, (ඒ නිර්මාණ ගුණාත්මක නැති අවස්ථා වලදී පවා) ඇයගේ පෞද්ගලිකත්වයට බාධා කරමින් වෙනත් අරමුණු ඉටු කර ගන්නට උත්සහ කරන පාර්ශවය ගැන.

    දෙදෙනෙකු කැමැත්තෙන් කරන පෞද්ගලික සංවාද හා සබඳතා ගැන කතා කරන්න මට අයිතියක් නෑ. නමුත් කාන්තාවක් සෙක්ස් ගැන යමක් විවෘතව කතා කළ පමණින් ඇයට massages යවමින්, ඒවාට පිළිතුරු නැති විට “පෙන්නන තරම් විවෘත නෑ”, “ලියන ඒවයේ හැටියට කිසි ගැම්මක් නෑනෙ.” කියමින් අපහාස කරමින් හා විවේචනයට ලක් කරමින් සමහරෙකු හැසිරෙන අවස්ථා ගැන ගොඩක් කාන්තාවන්ට අත්දැකීම් ඇති.

    සෙක්ස් ගැන ලියන කාන්තාවකට එසේ ලියන පමණින් ඔබ හා විවෘත වෙන්න අවශ්‍යද? (ඔබ හා පෙර සිටම මිත්‍රත්වයක් තිබෙන තත්වයකදී වුණත්.) ඇයට ඔබ කරන කියන ඕනෑම දේකට එකඟ වෙන්න ගැම්මක් තිබිය යුතුද? උදාහරණයක් විදිහට ඇය ඇයගේ ෆැන්ටසියක් ගැන ලියනවා කියමු. ඇය සැබෑ ජීවිතයේදීත් ඒ ෆැන්ටසිය ක්‍රියාත්මක කිරීමට නොබිය විය යුතුද? එය ඇය සිතින් නිර්මාණය කරන හුදු ෆැන්ටසියක්ම පමණක් විය නොහැකිද? එය ක්‍රියාත්මක කිරීම අවශ්‍යමද? ෆැන්ටසියක් කියන අදහසම ඔබ වැරදියට වටහාගෙන නෙවේද? ක්‍රියාවට නංවන්නට ගියොත් තම ෆැන්ටසිය විනාශ වීමක් වෙයි හරි අප්‍රසන්න වෙයි හරි කෙනෙක්ට හිතෙන්න පුළුවන් නේද? කෙනෙකුට තමන්ගේ ෆැන්ටසි සිතේ මැවෙද්දි හරි porn video එකක බලද්දි හරි පමණක් රසවත් වෙන්න පුළුවන් නේද? ගොඩක් කාන්තාවන්ට ඔවුන්ගේ ෆැන්ටසි ඒ වගේ. මේ අතරේ සියළු දේ අත් හදා බලමින් අත්විඳින්න ආශා කරන කාන්තාවන් කොටසක්ද ඉන්නවා. (ආශාවන් යටපත් කර ගැනීම උරුම වෙච්ච කාන්තාවන්ට ලිංගික නිදහසේ උපරිමය භුක්ති විඳීමට හැකි විය යුතුයි.) මේ සටහන හැබැයි ඔවුන් ගැන නෙවෙයි.

    උදාහරණයකින් පැහැදිලි කරනවා නම්, හැම කාන්තාවක්ම මද වශයෙන් හරි සමලිංගිකයි එහෙම නැත්තන් හැම කාන්තාවක්ම මුළුමනින්ම විරුද්ධ ලිංගික නෙවේ ද්වී ලිංගිකයි කියල කියන තර්කයක් තියෙනවා. හැබැයි මේ උපකල්පනය සංකීර්ණ කරන සාධක කීපයක් සැලකිල්ලට නොගෙනයි ඉහත අධ්‍යයනය කරලා තියෙන්නෙ. එකක් තමයි කාන්තාවකගේ ලිංගික අවයව කරන දේයි ඇගේ මානසික, ආත්මීය මට්ටමේ උද්දීපනයයි අතර ගැලපීම 10%ක්‌ අවස්ථා වලදි පමණක් පවතින එක. අනික් අවස්ථා වලදි කාන්තාවන්ගෙ උද්දීපනයේ නොගැලපීමක් (Arousal nonconcordance) ප්‍රදර්ශනය වෙනවා. ඒත් පිරිමින්ගෙ ලිංගික අවයවයි ඔවුන්ගේ ආත්මීය උද්දීපනයයි, ඒ කියන්නෙ මොළයේ ක්‍රියාකාරීත්වයයි අතර ගැළපීම 50% ක්‌. ඒ නිසා ඔහුට ලිංගිකව ආකර්ශනීය යැයි පෙනෙන දෙයක් නිසා ශිෂ්නය ඍජු වීම 50% ක් අවස්ථා වලදී වෙනවා. ඒත් කාන්තාවන්ගෙ 90% ක්ම ඇගේ ශරීරය හා මොළය සම්පූර්ණයෙන්ම වෙනස් තරංග ආයාමයක පවතින්නෙ. වෙනත් වචන වලින් කිව්වොත්, කාන්තාවකගේ ලිංගික අවයව ලිංගිකව අදාළ යැයි සලකන ඕනෙම උත්තේජකයකට ප්‍රතිචාර දක්වනවා. (චිම්පන්සියන් ලිංගිකව හැසිරෙන අයුරු දැකීමෙන් පවා), ඒත් එයින් අදහස් කරන්නේ කාන්තාවන්ට අනිවාර්යයෙන්ම තමන් දකින උත්තේජක ලිංගිකව ආකර්ශනීය බව හරි රහසිගතව ඒවා අත්හදා බලමින් ක්‍රියා කරන්න අවශ්‍ය බව හරි නෙවේ.

    මේ උද්දීපන නොගැලපීම (Arousal nonconcordance) කාන්තාවන්ට ව්‍යාග්‍රා නිර්දේශ කිරීම වැඩ නොකරන්න එක හේතුවක්‌. ව්‍යාග්‍රා පිරිමි සහ ගැහැනු යන දෙපාර්ශවයේම ලිංගික අවයව වලට රුධිර ප්‍රවාහය වැඩි කරනවා. ඒත් කාන්තාවන්ගේ ලිංගික අවයව වලට සාපේක්ෂව මොළයේ සැබවින්ම උද්දීපනයක් එහිදි සිදු වෙන්නෙ නෑ. මානසික උද්දීපනය කාන්තාවන්ට ඇදහිය නොහැකි තරම් වැදගත් දෙයක්. එය සරලව lubricants වලින් කරන්න පුළුවන් දෙයක් නෙවේ.

    කාන්තාවන් rape scene එකක් animal sex scene එකක් දැකීමෙන් වුණත් ශාරීරිකව උත්තේජනය වෙන්න පුළුවන්. ඒත් එහි අදහස ඇය ඊට කැමැත්තක් දක්වන බව හෝ එය අත්විඳීමට ආශා බව නෙවේ. ඇය අකැමැත්තෙන්ම ඇගේ ලිංගික අවයව එයට ප්‍රතිචාර දැක්විය හැකියි. අනෙක් කරුණ තමයි ගැහැණු ශරීරය ලිංගිකව උත්කර්ෂයට නංවා ඇති සංස්කෘතියක කාන්තාවක් තවත් රූමත් ශරීරයක් හිමි කාන්තාවක් හැම්බර්ගර් එකක් පාව්ච්චි කරමින් ලිංගික ක්‍රියාවලියේ යෙදෙනවා දැකීමෙන් උත්තේජනය වීම සාමාන්‍යයි. ඒත් එයින් කියවෙන්නෙ ඇය තවත් කාන්තාවක් සමග හරි හැම්බර්ගර් එකක් එක්ක හරි ලිංගිකව හැසිරීමට කැමති බව නෙවේ. ලිංගික ආශාව, උද්දීපනය සහ අනන්‍යතාවය කියන සියල්ලම කාන්තාවන් සම්බන්ධයෙන් ගත්තම නිතර එකිනෙකා සමඟ ගැටෙන සංකීර්ණ බලවේග. මේ අනුව හැම කාන්තාවක්ම අඩු වැඩි වශයෙන් ද්වී ලිංගික නැඹුරුතා දක්වනවා යන තර්කයේ ගැටළු සහගත බවක් මතු වෙනවා. කොහොමත් ලිංගිකත්වය කියන්නෙ හැමදාමත් අධ්‍යයන මට්ටමේ පවතින ඉතා සංකීර්ණ විෂයක්. එයිනුත් ගැහැණු ලිංගික ආශාවන් සම්බන්ධයෙන් ගත්තම අපට ඇසට පෙනෙනවාට වඩා නොපෙනෙන බොහෝ දේ තියෙනවා.

    ඔබ ඇතැම් කාන්තාවො සෙක්ස් සම්බන්ධ විවෘත පිරිමින්ව අසහනය යයි කියමින් උපහාසයට ලක් කරන අයුරු දැක ඇතුවාට සැක නැහැ. පුරුෂ ලිංගික උද්දීපනයේ ස්වභාවය ගැන දැනුමක් නොමැති කම ඊට හේතුව වෙන්න පුළුවන්. ඒ වගේම ගැහැණු ලිංගික උද්දීපනයේ සංකීර්ණ භාවය ගැන මැසිවිලි නගන පිරිමිත් ඔබ දැක ඇති. මේ දැනුම ලබා ගන්න හොඳම විධි නම් දෙදෙනා අතර එකිනෙකා ගැන සංවේදී, හොඳ සන්නිවේදනයක් පවත්වා ගැනීමත් අත්දැකීම් තුළින් ඉගෙන ගැනීමත් කියන දේවල්. ඒත් විද්‍යාත්මක කරුණු දැන සිටීම අඟහරු හා සිකුරු ජීවීන්ට සමාන පිරිමියා හා ගැහැණිය අතර සබඳතා වලදි වැදගත් වෙන්න පුළුවන්.

    ඉහත උදාහරණය වගේ උපකල්පන මත රඳා පවතිමින් සෙක්ස් ගැන විවෘතව කතා කරන ගැහැනියක් කාන්තා ලිංගික නිදහස හා විවෘත භාවය නාමයෙන් දේශනා දෙමින් අපහසුතාවයට පත් කරන එක අනුමත කරන්න බැරි දෙයක්. එය එවන් ගැහැනියක් හෙලා දකිමින් අපහාස කරනවා වගේම වැරදි ක්‍රියාවක්. අපි නිදහස පිළිගන්න ගරු කරන, ඒ වචනයේ තේරුම දන්න මිනිසුන් නම් ගැහැනියක් හෝ වේවා හෝ පිරිමියෙක් වේවා ඕනෑම ආකාරයක බලහත්කාරයක් අශිෂ්ටයි. ඕනෑම පුද්ගලයෙක්ට තමන්ගේ terms වලට අනුව නිදහසේ විකසිත වෙන්න දිය යුතුයි. ගැහැනියකගේ ලිංගික ආශාවන් හා කැමැත්තත් ඒ වගේ. බලපෑම් වෙන තැන ඇය හැඟීම් දැනීම් හකුළා ගෙන කිසි දාක විවෘත නොවී සිටින්න පුළුවන්. සෙක්ස් ගැන කතා කරන්න උනන්දු කාන්තාවොත් මේ තත්වය නිසා විවෘත අවකාශයේ ඒ ගැන කතා කරන්න මැළි වේවි. ලංකාව වගේ රටක කාන්තා ලිංගිකත්වය, ආශාව, සුරතාන්තය, ලිංගික නිදහස ගැන අපේ දැනුමට හැමදාම මග ඇහිරිලා තියේවි. විවෘත නෑ කියමින් බලපෑම් කරනවා වෙනුවට ඇයටම විකසිත වෙන්න ඉඩ හරිමින් දිරියක් වෙන්න පිරිමි පාර්ශවයට පුළුවන්. සමාජ මාධ්‍ය අවකාශයේ පමණක් නෙවේ හොඳ සන්නිවේදනයක් එක්ක පෞද්ගලික සබඳතා වලදිත් ඒක උදව්වක් වේවි.

    නැතිනම් ගැහැනු ලිංගිකව විවෘත අඩු ඇයි යන ප්‍රශ්නෙ අපිට හැමදාම අහන්නට වේවි.

  • කොටට ඇන්දොත් නඩුව පරාදයි

    කොටට ඇන්දොත් නඩුව පරාදයි

    මේ මෑතක වීඩියෝවක් සංසරණය වුනා මුස්ලිම් හාදයෙක් කාන්තාවන් කොටට ඇඳීම අපරාධයක් වන්නේ කෙසේද කියන එක විද්‍යාත්මකව පැහැදිලි කරන.

    ‘මං ආගම, සංස්කෘතිය පැත්තකින් තියන්නංකො. මං විද්‍යාවෙන් පැහැදිලි කරන්නං’ කියල තමයි එයා වැඩේ පටන්ගන්නෙ.

    මෙතනදි මේ උත්තර දෙන හාදයාට වඩා වැදගත් වෙන්නෙ ප්‍රශ්න අහන කාන්තාව. බොහෝ දුරට ඒ මුස්ලිම් කාන්තාවක් වෙන්න පුළුවන්. ඇය අහන්නෙ,

    ‘ඔයගොල්ලො අමුඩයක් ගහ‍ගෙන හිටියට අපිට ප්‍රශ්නයක් නැත්තං අපි කොටට ඇන්දම ඔයගොල්ලොන්ට ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද ?’ කියල. කාන්තාවක් විදිහට නැගිටලා එහෙම ප්‍රශ්නයක් අහන තරමට මුස්ලිම් සංස්කෘතිය ප්‍රගතිශීලී වෙලා තිබීම ඉතා හොඳ තත්වයක්.

    ඒ මයික් එක ළඟ ඉන්න හාදයා විස්තර කරනවා ගැහැණියකගෙ නිරුවතක් දැකීමෙන් පිරිමින්ගෙ ටෙස්‍ටෙස්ටරොන් ශ්‍රාවය වෙන්න ගන්නවය, එතකොට අම්මා අක්කා පේන්නෙ නැතුව යනවය, ඒ හින්ද කාන්තාව සියල්ල වසා සිටීම සමාජයේ පැවැත්මට අවශ්‍යය කියල.

    මේ වීඩියෝව මුස්ලිම් රැස්වීමක සිදුවීමක් පාදක කරගත්තා වුනාට මේ පිලිගැනීම මුස්ලිම් බෞද්ධ ක්‍රිස්තියානි භේදයක් නැතුව දරන ආගමික අදහසක්. කොටට ඇඳන් යනවට විරුද්ධව උපහාස අපහාස කරමින් ඒවා ධර්ම දේශනා යැයි හඳුන්වපු හාමුදුරුවරු රටේ ඉන්නවා. කිරිබත්ගොඩ ඥානානාන්ද වගේම විද්‍යාත්මකව දොස්තර පාදෙණිය වගේ කෙනෙකුගෙන් ඇහුවත් මේ මතය ඉහළින්ම සාධාරණීකරනය කරනවා විතරක් නෙමෙයි බෙදා හරින්නත් ඉතසිතින් දායක වෙනවා. අගරදගුරු වුනත් එතනදි වෙනසක් වෙන්නෙ නෑ.

    නිරුවත් ශරීරයක් දැක්කම ටෙස්ටස්ටරොන් ශ්‍රාවය වැඩි‍වෙනවා කියන එක ඇත්තක්. දෘෂ්‍ය උත්තේජනයකින් හෝමෝන ශ්‍රාවය වැඩිකරන්න පුළුවන්. හැබැයි ඒ හෝමෝන මගින් විතරක් ලිංගික ආශාව නැත්තං සෙක්ස් ඩ්‍රයිව් එක වැඩි කරනවද කියන එක නිශ්චිත නොවූ කාරණයක්. බලපාන තවත් හේතු ගණනාවක් අතර හෝමෝනත් එක දර්ශකයක්.

    ටෙස්ටස්ටරොන් කියන හෝමෝනය පිරිමින්ගෙ පමණක් තියෙන එකක් නෙමෙයි. පිරිමින්ගෙන් දහයෙන් පංගුවක් විතර ප්‍රමාණයක් ගැහැණුන්ටත් ටෙස්ටස්ටරෝන් තියෙනවා. ඇගේ ලිංගික ආශාව හෙවත් ලිබිඩෝව වැඩි කරන්න ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටොන් සමග ටෙස්ටස්ටරොන් දායක වෙනවා. ඔසප් කාලය ආසන්න වෙද්දි පිරිමින් වගේම දැඩි ලිංගික ආශාවකින් කාන්තාවත් මුසපත් වෙනවා. ඒත් පිරිමින්ව වහලා තියන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නෙ නෑ.

    ටෙස්ටස්ටරොන් කියන්නෙ මේ කියන විදිහෙ ලිංගික උන්මත්තකභාවය ඇති කරන හෝමෝනයක් නෙමෙයි. මාංශ වර්ධනය සහ ශක්තිමත් කිරීම, රතු සෛල නිෂ්පාදනය, අස්ථිවල ඝනත්වය, සිරුරේ මේදය බෙදාහැරීම ආදී කාරණා ගණනාවටම මේ හෝමෝනය හේතුවෙනවා.මේ ආගමික තර්කනයේ ‍තියෙන ප්‍රධානම අවුල ඒක පිරිමි කේන්ද්‍රීය, විෂම ලිංගික කේන්ද්‍රීය එකක් වීම. ගැහැණු ලිංගික ආශාවේ තර්කය මගහරින අතරම සමලිංගික ආශාව පිළිබඳ තර්කයත් මෙතනදි නොතකා හරිනවා. ඒ වගේම නිරුවත සම්බන්ධ සංස්කෘතික තර්කනයත් සම්පූර්ණයෙන්ම අමතක කරනවා. උදා විදිහට නියුඩිස්ට් සමාජයක කිසි කෙනෙක් නිරුවතක් දැකීමෙන් පාලනය කළ නොහැකි විදිහට ලිංගිකව ආශාවකින් පිස්සු වැටෙන්නෙ නෑ. රැලෙක්ස් රණසිංහ මේ ගැන ලස්සන කතාවක් කියනවා.

    ‘නිරුවතින් සිටින කාන්තාවකගේ රුවට වඩා සිල් රෙද්ද යන්තමින් ඔසවා වැටකින් පනින තරුණ උපාසිකාවකගේ රුවක් අනුරාගී විය හැකිය’ කියල.

    සියලු කාමයන්ගෙන් වසා තැබූ අයෙක් ඉතාම සාමාන්‍ය දේකින් පවා ලිංගිකව උන්මාදයට පත්විය හැකි ආකාරය චුල්ලප‍ලෝභන ජාතකයෙ ලස්සනට විස්තර කරනවා. මේ කුමාරයා වශී වෙන්නෙ රුවක් දැකීමෙන් නෙමෙයි ගායනා කරන ස්ත්‍රී හඩක් ඇසීමෙන්.

    විෂුවල් ස්ටිමියුලස් එක නැති වුනාට ශරීරය තව කොතෙකුත් අනුරාගී උත්තේජන නිර්මාණය කරගන්නවා. යටලීයෙන් නාරිලතා මල් පිපෙන්න පටන් ගන්නවා. තාපසයන්ට ලියතඹරා මල් පිපෙනවා. ගහකින් කොලයකින්, සතෙකුගෙන් හෝ උත්තේජනය වෙන තරමට නොපැසුනු ඉන්ද්‍රිය සංවේදන බලහත්කාරී වෙනවා.

    පිරිමින් ගැහැණුන්ට වඩා දෘෂ්‍යමය දෙයින් උත්තේජනය වෙනවා කියන එක පර්යේෂණවලදි පෙනුනා. ගැහැණියක් දකින යමකින් පමණක් උත්තේජනය ලැබීමේ ප්‍රවනතාවය අඩුයි. ඇගේ ශෘංගාරමය අර්ධය එතනදි වඩාත් පරිණතයි.තමන්ගේ ආශාවන් පාලනය කරගත නොහැකිවීම වෙනුවෙන් සමස්ත සමාජයම වසා තැබිය යුතුයි කියන එකයි මේ ආගමික කොට ඇඳුම් කතාවේ හරය වෙන්නෙ. අතීතයේ බෞද්ධ භික්ෂුන් අඩු තරමේ මේ ආශාවන් පාලනය කරගත නොහැකි නිසා තමන් වනගත වීම යෝජනා කළා. ඒත් වත්මන් භික්ෂුන්ගේ සහ අනෙකුත් ආගමික පූජකයන්ගේ යෝජනාව වෙන්නෙ තමන්ගේ අශිෂ්ට මනස පාලනය කිරීම වෙනුවෙන් සකල සමාජය වසා තැබීමයි. තමන්ගේ දරුවන් හදාගැනීමට නොහැකි නිසා සමස්ත සමාජයේ වැඩිහිටි අයිතිය උදුරාගැනීමයි.

    පුද්ගල නිදහස පිළිබඳ දැක්මක් තිබුනා නම් අඩුම තරමෙ විද්‍යාවෙ දියුණුවත් එක්ක තමන්ගේ ටෙස්ටස්ටරොන් ප්‍රමාණය අඩු කරගැනීමෙන් ඔය කියන ලිංගික ආතිතය මගහරවා ගැනීමේ යෝජනාවක්වත් මේ අයට ගේන්න තිබුන.

    හෝමෝනවලින් පමණක් ලිංගික උත්තේජනය නැත්තං ආශාව පාලනය කරනවා කියන්න සාක්ෂි නෑ. ඒකට තවත් ගොඩක් සංකීර්න මොළයේ ක්‍රියාකාරීත්වයන් බලපානවා කියන එකයි අදහස. අපේ පූර්ව මස්තිෂ්ක කොටසින් අපි දකින යමක් ලිංගිකව ප්‍රමාණවත්ද කියන එක සලකා බලනවා. අපි හැමෝම එකම දේකින් එකම පමණකට උත්තේජනය වෙන්නෙ නෑ. අපේ උත්තේජනය පාලනය කරන ස්නායු ක්‍රියාකාරීත්වයන්ට මොළයේ විවිධ ප්‍රදේශවලින් සංකීර්ණ බලපෑම් ඇතිකරනවා.

    ගැහැණු පිරිමි ලිංගික උත්‍තේජන වෙනසට හෝමෝන, මොළයේ ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් සහ අපි අවට පවතින ලෝකය නැත්තං සංස්කෘතිය කියන තුනම හේතු වෙනවා. නිරුවත සම්බන්ධ ලිංගික සංඥා නිර්මාණය කරන්නෙ සංස්කෘතිය විසින්. නියුඩිස්ට් සමාජයක නිරුවත ලිංගික සංඥාවක් නොවන අතර අපේ සමාජයේ ඒක අධි ලිංගික සංඥාවක් වෙන්නෙ සංස්කෘතික වෙනස්කම හරහා. ඔව් එතනදි ඇත්තටම පිරිමින් කේන්ද්‍ර කරගනිමින් අධිමාත්‍රාවෙන් ස්ත්‍රී නිරුවත පිළිබඳ ලිංගික සංඥා බෙදාහැරීමක් සිද්ද වෙනවා. ඒක නිසා පාලනය කරගත නොහැකි පිරිමි ආශාවේ ගොදුර ගැහැණිය විය යුතුද?

    මිනිසාගේ පූර්ව මස්තිෂ්ක ප්‍රදේශයේ තියෙනවා ඕර්බිෆ්‍රන්ටල් කෝටෙක්ස් කියල කලාපයක්. මේ මගින් ලිංගික ආශාව පාලනය කරනවා. ඉතාම දියුණු ස්නායු ප්‍රදේශයක් වන මෙයින් යමක් කිරීම සුදුසුද නැද්ද කියන එක ගැන දැනීමක් ඇති කරනවා. උදා විදිහට නිරුවතින් සිටින කාන්තාවක් දකින පිරිමියෙකුට ලිංගික උත්තේජනයක් ඇතිවුනාට පිහියක් අතින් අරන් තමන් දිහාවට නිරුවතින් එන උමතු කාන්තාවක් දැකීමෙන් පිරිමියෙකුගේ ශිෂ්නය ප්‍රාණවත් වෙන්නෙ නෑ. ඕර්බිෆ්‍රන්ටල් කෝටෙක්ස් එකෙන් ආරක්ෂාව පිළිබඳ හැඟීම මතුකරනවා. සමහර වෙලාවට මත්ද්‍රව්‍යයක් අරගෙන ඉන්න කෙනෙකුගේ මේ ක්‍රියාවලිය නිසි විදිහට සිද්ද නොවෙන්න පුළුවන්. ඒත් එතනදි තමන්ගේ ක්‍රියාවෙ වගකීම පැවරෙන්නෙ මත්වූ අයට මිස කොටට හැඳි කතට වෙන්න බෑ. තමන්ගේ ලිංගික ආශාව පාලනය කරගත නොහැකියි කියන්නෙ මොළයේ මේ කලාපය අඩුවෙන් සංවර්ධනය වීමක්. ඒ වගේ කෙනෙකුට කෑමක් දැක්කත් අධික ආශාවක් ඇතිවෙලා ඒක පාලනය කරගත නොහී මිනිහෙක් මරලා හරි කෑම එක කන්න හිතෙන්න පුළුවන්.

    තත්වය මෙහෙම වුනත් නිදහස් යැයි සලකන බටහිර රටවල පවා ප්‍රසිද්ධියේ නිරුවතින් හැසිරීම ගැන බොහෝ විවාද ඇතිවෙනවා. බොහොමයක් රටවල තාමත් ඒක දඬුවම් ලැබිය හැකි වරදක්. ඒත් මොකක්ද මේ ගැන පර්යේෂණවලින් කියවෙන්නෙ?

    මිනිස්සු නිරුවත් සමක් දැකීමෙන් අතිශයින් උත්තේජනය වෙන බව ඇත්තක්. අපේ ඇස අනෙක් හැම රූපයක්ම පරදවලා නිරුවත් රූපය ඉක්මනින් අඳුරගන්නවා. හැබැයි නිරුවත් ගැහැණු රූපයක් දකින පිරිමින්ගේ ප්‍රචන්ඩකාරී හැසිරීම් අඩුවෙනවා. ඔවුන් සාමකාමී වෙනවා. ඒ ගොල්ලො ලිංගිකව උත්තේජනය වෙනවා තමයි.

    මේ උත්තේජනය ලිංගික ප්‍රකාශනය නැත්තං ඔරියන්ටේෂන් එක අනුවත් වෙනස් වෙනවා. කාන්තාවන් උත්තේජනය වෙන්නෙ යම් ලිංගික ක්‍රියාවක් දැකීමෙනුයි. නිකංම නිරුවත් රූපයක් ඔවුන් උත්තේජනය කරන්නෙ නෑ. සමලිංගික කාන්තාවන් පිරිමින්ටත් වඩා නිරුවත් කාන්තාවන් දැකීමෙන් උත්තේජනය වෙනවා. විෂම ලිංගික ගැහැණුන් පිරිමි ගැහැණු නිරුවත් දෙකෙන්ම උත්තේජනය ලබනවා.

    සැන්ෆ්‍රැන්සිස්කෝවල ප්‍රසිද්ධ නිරුවත සම්බන්ධ සංවාදයේදි මතුවුනු කාරණය තමයි ඉන්ඇඩ්වර්ටන්ට් විවර් නැත්තං අහම්බ ප්‍රේක්ෂකයා කියන එක. ඒ කියන්නෙ නොදැනුවත්ව මේ දර්ශනයට ලක්වෙන අයට හානියක් වෙනවා කියන අදහස. මේක තමයි ළමයින්ට අසභ්‍ය දර්ශන දකින්න ලැබීමෙන් වෙන හානිය කියල අපි නිතර අහන්නෙ. මේ ගැන කිසිම පර්යේෂණයක් නොකරපු කාලෙදි සම්මත සමාජයේ විශ්වාසය මත පිහිටා විද්‍යාවත් කියන්න ගත්තෙ ‍මේක දරුවන්ට භයානක තත්වයක් ඇතිකරන්න පුළුවන් කියල.

    ඒත් මේ සම්බන්ධයෙන් අවුරුදු 18ක් තිස්සෙ දරුවන් කුඩා අවධියේ පටන් නව යොවුන් වියට එළඹෙන තෙක් පර්යේෂණ සිද්ද කළා. දෙමව්පියන්ගේ නිරුවත දකිමින් වර්ධනය වෙන දරුවන් මේ අධ්‍යනයට පාත්‍ර වුනා. එතනදි පෙනුනෙ එමගින් කිසිදු ආකාරයක මානසික කම්පනයක් හෝ අහිතකර බලපෑමක් ඇති කරන්නෙ නෑ කියන එකයි.

    ඒ වෙනුවට මේ නිරුවත දැකීමෙන් ඇතිවෙන හොඳ ප්‍රතිඵල ගණනාවක් හෙලිදරව් වුනා. මේ දරුවන්ගේ ආත්ම විශ්වාසය ආත්ම සංයමය වර්ධනය වුනා. කායික සම්බන්ධතාවලදි ඒ අය වඩාත් සුවපහසු වුනා. ආදරය සම්බන්ධයෙන් වඩා පරිණත වුනා. පවුලේ සහ පවුලෙන් බාහිර සම්බන්ධතාවලදි ඒ අය කැපී පෙනෙන විදිහට යහපත් ලක්ෂණ පෙන්නුම් කරන්න ගත්තා. නිරුවත දැකීමෙන් මනුස්ස ජීවිතය වඩා යහපත් කරන බවට පෙනී ගියා.

    මේ ආගමික නීති සීමා ආදිය මහා බයකින් කතා කරන්නෙ අනුරාගය හෙවත් සිඩක්ෂන් ගැනයි. ඒ අනුරාගය දරාගැනීමට තමන්ට තියෙන නොහැකියාව ගැනයි. ඇත්තටම මනුස්ස ජීවිතය වඩා රසවත් කරන්නෙ මේ අනුරාගී කලාපයන් විසිනුයි. හුදු ලිංගික ක්‍රියාවෙන් ඔබ්බට ගිහින් විවිධ ශරීර කොටස් හෝ ශරීරයෙන් බැහැර කොටස් උත්තේජන ලෙස ගනිමින් පිබිදෙන්න පුළුවන් වීම හොඳ දෙයක්. ඒක තවත් කෙනෙකුට හිරිහැරයක් නොවන පරිදි පාලනය කරගන්න පුළුවන් වීම ශිෂ්ටත්වයේ නැත්තං සංස්කෘතියේ වැදගත් පුහුණුවක්. ඒ අනුරාගය කලාත්මකව විවිධ ස්වරූපයන්ගෙන් බුක්ති විඳිමින් සංතර්පණය වීම දියුණු මානව සංස්කෘතියක ලක්ෂණයක්.

    ඒ වෙනුවට එයින් බියපත්ව අන්තර්ජාල, සිනමා, කලා සහ කාන්තා ශරීරය පවා වසා දමා, වාරණය කළ ජීවතයක් ගත කරන්න තීරණය කිරීම කියන්නෙ හරිහැටි සංස්කෘතික පරිණාමයක් නොලැබූ දුර්වල මිනිස් ප්‍රජාවක කරුමයක්.

  • සෙක්ස් ස්ලේව් (දෙවෙනි කොටස)

    සෙක්ස් ස්ලේව් (දෙවෙනි කොටස)

    පළමු කොටස මෙතැනින් කියවන්න


    ස්ටාලින් කිසිවක් කීවේ නැත. ඒ නිශ්ශබ්දතාවය අමන්දාගේ දවසම මූසල කළේය. උඩ පැන පැන තලන්න බලන් ඉඳිද්දී යකඩය රත් වෙන්නෙ නැතිවුනාම අසීරුය. ඒ අසහනය දරාගෙනම අමන්දා ගෙදර යන්න ගියාය.

    ත්‍රීවිලයක් ළඟපාත නැති නිසා ඈට ටික දුරක් ඇවිදන් යන්න සිදුවිය. ඇයට ඒ දවස වෙනදට වඩා වෙනස්වට දැණුනි. ඇගේ අඩියක් අඩියක් පාසා ස්ටාලින් බලන් ඉන්නවා යැයි හැඟුනි. එය මාරම විඩාවකි. කවුරුන් හෝ තමන්ගේ පැද්දෙන පස්ස දිහා බලන් ඉන්නවා යැයි සිතුනොත් ඉන් ඉස්සරහට ඇවිදින්න බැරිය. අමන්දාට වුනේ එබන්දකි. හැම අඩියක්ම ඕනවටත් වඩා සිතා තබන්නට ගොස් ඇය ඇද නොවැටුනා පමණකි. නොයෙක්වර බොරුවට දුරකතනය කනේ තබා ගත්තේද තමන්ටම තමන්ව රවටාගැනීමේ උවමනාව නිසාය.

    ස්ටාලින් ඇගේ මනසට රිංගා ඇත. ඇයව අමුතුම ආතතියකට ඇද දමා ඇත. ඒ මතක් වෙද්දි ඇය විසින් ස්ටාලින්ට කළ හදිය ගැන සතුටින් ඇය දත්මිටි කෑවා. දත්මිටි කන තරම් සතුටක්.. ඒක අමුතු එකක්.
    ගෙදර එද්දි පොඩි එකා බිංදු ආච්චි අම්මා එක්ක ඉඳලාම හෙම්බත් වීලයි සිටියෙ.

    අම්මා… ආච්චි අම්මා එක්ක බෑ.. එයා බොරු කියනවා..
    ගෙට ගොඩවෙද්දිම බිංදු පැමිනිල්ලක් අරන් ආවේය.
    එයා කියනවා අම්මා සිදුහත් කුමාරයා නෙළුම් මල් හතක් උඩ ඇවිද්දලු. මං ඇහුවා විලක් උඩද කියල. නෑලු ගොඩලු. පච නේද අම්මා. එයා මුසාවාදාත් කියනවා..
    මේ කොල්ලට වස් වදිනවා ඔය කතන්දර කියල. පන්ඩිතයා.. ආච්චි අම්මා බිංදුගෙ පුකට චටස් ගා එකක් ගැසුවා.
    ආව්… බිංදු ආපහු හැරී ආච්චි පස්සෙන් පැන්නුවෙ ආච්චිට රිටර්න් එකක් දීමටයි.

    බිංදු.. මං කියල තියෙනවානෙ ලොකු අයට…
    අමන්දා කෑ ගැහුවත් බිංදුට ඒ ඇහුනේ නැතිය. අමන්දා කිව්වෙත් ඒක ඇහෙනවට වඩා යුතුකමක් කොට සලකාය. ඈ කාමරයට ගොස් ඇගේ ඇඳුම් උනා දමන්න ගත්තාය. හැඳ සිටි ගවුම උනා දැමූ ඇය බ්‍රා එක සහ පෑන්ටි එක පිටින් කණ්ණාඩිය ඉස්සරහ උන්නාය.

    ඈ කවදාවත් මේ විදිහට ඇයව නරඹන්නේ නැත. පිළිකා පරීක්ෂාවට කියා පියයුරු මිරිකන්න කිව්වත් ඇය එය කරන්නේ කණ්ණාඩිය අසලට ඇවිත් නොවේ. කාලයත් සමග තමන්ගේ නිරුවත් දකින්නට තමන්ටම ඇතිවෙන ලැජ්ජාව ගැන අමන්දා පුදුම වුනේ නැත. ඇයට එය දැනුනේ දරුවෙක් සිටින මවකගේ ස්වභාවික තත්වයක් හැටියෙනි. දැන් ඇය විසේකාර කෙල්ලක නොවේ. ඇය දැන් මවකි. බිරිඳකි. ඇය ඒ ගරුත්වය රැකිය යුතුය.

    නමුත් අද අමන්දාට තමන් දෙස බැලුනේය. තමන්ගේ පියයුරු දෙස උවමනාවෙන් බැලුනේය. යන්තම් පියයුරු තනපටයෙන් පිටතට දමා බලන්නට සිතුනේය. හැරී තමන්ගේම නිතඹ දෙස බැලෙද්දි තාමත් හැඩකාර යැයි සිතුනේය. මේ හැමදෙයක්ම ස්ටාලින් හින්දාය. තමන්ගේ වහලෙක් වන්නත් පෙරුම් පුරන පිරිමියෙක් මේ රටේ සිටී. හැමෝම තමන් මවක් හැටියෙන් දකිද්දි තමන්ව කසයක් අතින් ගත් අනුරාගිනියක් හැටියෙන් දකින ස්ටාලින් කෙනෙක් සිටී. අමන්දාට තමන්ගේම සිතුවිලි ගැන සිනා නැගුනි. එතකොටම බිංදු කාමරේට ආවේය.

    අම්මා…
    අමන්දා අඩ නිරුවතිනි. ඇය බිම වැටී තිබුනු ගවුමෙන් ඇඟ වසා ගත්තාය.
    බිංදු.. මං කියල තියෙනවා ඇඳුම් මාරු කරද්දි කාමරේට එන්න එපා කියල..
    බිංදු අමන්දා දෙස බලා සිටියා. ඔහුගේ මූනේ තිබුනේ ප්‍රශ්නාර්ථයක්.
    නෑ අම්මා එහෙම කියල නෑනෙ..

    ඇස් ලොකු කරගෙන බිංදු එහෙම කියනවිට අමන්දාටද එය නිවැරදි වග මතක් විය. ඇය ඕනෑ තරම් බිංදුව කාමරේ තියාගෙන ඇඳුම් මාරු කරයි. බිංදු නිතර කිරි බොන්න හදන කරදරෙන් ඇය මිදුනේද මෑතකයි.
    මට මේ මොකද වෙලා තියෙන්නෙ…

    අමන්දා බිංදුගේ ඔලුව අතගාමින් සිනාසුනා. ෆේස්බුක් ගිහින් ස්ටාලින්ට මොකද වුනේ යැයි බැලුවා. තාමත් පොරය එහෙමමය. දැන් එය කාන්තාවාදී සටනකි. එය විනෝදයකි.

    පැය කීපයකින් නිර්මාල් ගෙදර ආවේය. ඔහුගේ කාර්එක මිදුලේ නවත්තන සද්දෙට අමන්දා උනන්දුවෙන් සාලයට ආවාය.

    මොකද පරක්කු වුනේ… ඇය ඇහුවෙ විශේෂයක් ඇති නිසා නොවේ. නිර්මාල් හැමදාම එන්නේ මේ වෙලාව ආසන්නයේය. ඕනෑ නම් පැය බාගයක් පරක්කු වෙන්න ඇතිය.

    අද අපේ ඔෆිස් එකට ආවානෙ හමුදාවෙන්. කොවිඩ් වැක්සින් එක ගහපු නැති අය අල්ලන්න. හොඳ වෙලාවට මගේ ළඟ කාඩ් එක තිබුනෙ. දෙන්නෙක් ඇල්ලුවා. උසාවි දැම්මා. මෙච්චර වෙලත් මුං වැක්සින් එක ගන්නෙ නෑනෙ..

    නිර්මාල් ගෙට ඇතුල් වුනේ තමන්ගේ දවසේ විශේෂම ප්‍රවෘත්තිය කියාගෙනය. බහුතරයක් වැක්සින් කර ඇති නිසා දැන් මාස්ක් පළඳනා කරදරය අහවරය. නමුත් කාඩ් එක ළඟ තබාගැනීම අයිඩෙන්ටියට වඩා වැදගත්ය. නැත්තං ඕනම වෙලාවක ඕනම තැනක අත්අඩංගුවට පත්විය හැකිය.

    ඒත් වැක්සිනය අන්තර් ජාතික කුමන්ත්‍රණයක් ලෙස සළකා එය නොකර සිටීමේ අයිතිය වෙනුවෙන් සටන් කරන සුලුතරයක් රටේ සිටී. නිර්මාල්ලාගේ ඔෆිස් එකේ හිටියේ නම් ඉඳිකටුවට ඇති බය නිසා මළත් එන්නත් නොකරන දෙන්නෙකි. උන් දැන් පිටුවහලුන් මෙන් හැංගි හැංගි ජීවත් වෙති. එන්නත් නොකරන සියල්ලන් රාජ්‍ය ද්‍රෝහීන් හැටියෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ කතාවට වඩා අමන්දාට දැනුනේ නිර්මාල් ළඟින් ආ බීර ගඳය. කොහෙට හෝ ගොසින් බීලා ඇවිත් ඇත. එය වරදක් නොවේ. නමුත් නිර්මාල් තමන් විසින්ම එය වරදක් හැටියෙන් ගෙන වසන් කරන්නට විවිධ දේශපාලන කතන්දර කියයි. එය විහිලුවකි. නමුත් ඒ නිර්මාල්ගේ හැටිය.

    අමන්දා නහය වසා ගත්තාය. ඒ ගඳ දැනෙන බව නොකියා ඇඟවීමටයි.

    ඔහු වැඩ කරන්නේ සොෆ්ට් වෙයාර් කොම්පැනියකය. ඒ නිසාම තේරුම් ගත නොහැකි ජාතිමාමකත්වයක්, ආගම් බැතියක් නිර්මාල්ට ඇත. උදේ කාර් එකේ ඩෑෂ් බොර්ඩ් එක උඩ අලවා ඇති බුදු පිළිමය ඉදිරියෙන් මල් කීපයක් නොතබා නිර්මාල් වාහනය ස්ටාර්ට් කරන්නේ පවා නැත. ඒ මදිවාට ඔහු වෙජිටේරියන්ය. අමන්දා බිංදුත් එක්ක එලියට ගිය විටෙක් මස් මාංශ කෑවොත් මිස ගෙදරට ඒවා නොගෙනෙයි. මේ නිසාම බිංදුගේ ආසම කෑම කේඑෆ්සී චිකන්ය.

    ස්ටාලින් ගැන කියන්නට ඕනෑ වුනත් අමන්දා එය නොකීවේ නිර්මාල් ළඟින් ආ බීර ගඳ නිසාය. බීර බීම ඇත්තට සිදුවු දෙයක් නොවන හැටියෙන් හිඳින්නට ඔහු දරන තේරුමක් නැති උත්සාහය අමන්දාට ඇති කළේ බාල හැඟීමකි.

    මල් පබා… වී….. මල් පබා…
    පුදුම නිර්මාණයක් අප්පා.. මේ රටේ මිනිස්සුන්ට මේවා වටින්නෙ නෑනෙ.. බලන්න වචන.. මියුසික්.. මේකනෙ සංගීතය කියන්නෙ. දැන් ඔක්කොම උන් කියන්නෙ කුණුහරුප. ඒ මදිවට ඒවා සාහිත්‍ය කියල කියන්න හදන එවුනුත් ඉන්නවා…

    නිර්මාල් තමන්ගේ අයිමැකයේ සිංදු අහමින් ඒවා තනියම විචාරය කරයි. අමන්දා පිටුපස සිට අසා සිටිනවා යැයි ඔහු සිතයි. අමන්දාට වේරලියැද්දව පේන්න බැරිය. ඇය සිටියේ හෙට ප්‍රසන්ට් කළ යුතු වාර්තාවක් සකස් කරමිනි. බිංදු ඇඳේ අනිත් පැත්තේ නිදි.

    නිදාගන්න පෙරාතුවද අමන්දා නැවත තමන්ගේ ෆේස්බුක් එක බැලුවාය. ස්ටාලින්ගෙන් මොනවා හෝ ඇවිත් ඇතැයි පැතුවාය. නමුත් සියල්ල හිස්ය. ගෝෂාව විතරය. ඈ ලැප්ටොපය පසෙකින් තබා නිදාගන්න හැදුවාය.

    මට ඔයාගෙ සෙක්ස් ස්ලේව් වෙන්න ඉඩ දෙන්න… ඈට ඒ අකුරු වචන වී සද්ද වී ඇසුනේය. ඒ වචනවලින් තමන්ගේ ඇඟට වෙන අමුත්තක් දැනුනේය. නිර්මාල් ඇඳට ආවේ අමන්දා ඒ හැඟීම් එක්ක ඒ අතට මේ අතට පෙරලෙද්දීය.

    කාමරේ ලයිට් නිමී ගියේය. නොනිමුනු පරිගනක තිරය විතරක් දැල්වුනේය.

    නිර්මාල්ගේ තමන්ගේ සිරුරේ යාන්තමින් තැවරෙද්දි අමන්දාට බොහෝ කලකින් නොදැනුනු හැඟීමක් දැනුනාය. ඈට තවත් ඒ ස්පර්ශය හොඳින් දැනෙන්න උවමනා විය. ඈ ඔහුට සමීප වූවාය.
    නිර්මා….ල්..
    ඈ හෙමින් මතුළාය.

    හ්ම්…. නිර්මාල් සාමාන්‍යයෙන් ඇඳට වැටෙන්නෙම නිදාගෙනය.
    ඈ හෙමින් ඔහුගේ අතක් රැගෙන තමන්ගේ ටීෂර්ට් එක ඇතුලෙන් දමාගත්තාය. යන්තමින් පියයුරුවල වැදෙන්නට ඉඩහැරියාය..

    අප්‍රාණිකව තමන්ගේ පියයුරු මත දැවටෙන ඇඟිලිවලින් අමන්දා මුසපත් විය. ඈට තුරුල් වෙන්නට උවමනා විය. ඒ ඇඟිලිවලින් තමන්ගේ පියයුරු මිරිකෙනවාට ආසා විය.

    නිර්මා….ල්.. මෙවර ඈ කීවේ අනුරාගී සුසුමක්ද සමගය. තමන්ටම පාලනය කරගත නොහැකි පරිදි ඈ නිරුවත් කකුලක්ද නිර්මාල්ගේ සිරුර මතින් දමා ගත්තාය.

    නිර්මාල්ගේ ඇස් ඇරුනි.
    මොකෝ මේ?

    ඔහු ඇසුවේ යම් රෝගයක් දැයි අසන නියාවෙනි. ඒ ස්වරයෙන්ම අමන්දාගෙ දැහැන් බිඳුනි. කකුල ආපසු නිසි තැනට ආවේය. අමන්දා අනිත් පැත්ත හැරුනාය.


    කාමකතා චක්‍රවර්තී රෝලන්ඩ් කේ පෙරේරා ලියයි

  • වින්දනේ ස්වයං වින්දනේ

    වින්දනේ ස්වයං වින්දනේ

    එහෙන් කොතලාවල ප්‍රශ්නෙ, මෙහෙන් ගුරුවරුන්ගෙ ප්‍රශ්නෙ, අරහෙන් කොවිඩ් රැල්ල, මේ ඔක්කොමත් එක්ක මේ රටේ මනුස්සයෙකුට මාස්ටර්බේට් කරන්නවත් ඉස්පාසුවක් නැතිවීම සාධාරණයි. එහෙම නැත්තං මේ දේවල් නැරඹීම, කියවීම ම මාස්ටර්බේෂන් එකක් කරගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. හැබැයි මොන දේ රටේ සිද්ද වුනත් අපි මාස්ටර්බේට් නොකර ඉන්න නරකයි.

    මාස්ටර්බේෂන් නැත්තං ස්වයං වින්දනය කියන්නෙ අපි හැමෝම වගේ එක්ස්පර්ට්ස්ලා වුනු විෂයක්. අනිත් මොනවා ගැන නැති වුනත් මේ ගැන අපි ගොඩක් දන්නවා. ඉස්සෙල්ලම ඉස්කෝලෙ කාලෙදි මේක ඉතා නරක පුරුද්දක්, ඇඟ කෙට්ටු කරන ඇබ්බැහියක් වගේ කතන්දර මැදින් පටන් ගත්ත ගමන අපි සෑහෙන දුරක් මේ සොඳුරු පුරුද්දත් එක්ක ඇවිත් තියෙනවා. ඒත් අපි සමහර විට නොදන්න දේවල් ටිකක් තියෙන්න පුළුවන්. සමහර විට තාමත් කෙනෙක් මාස්ටර්බේට් කරන හින්ද තමන් කෙට්ටුයි කියල හිතන් ඉන්න වුනත් පුළුවන්.

    සෙක්ස් කරන්න කවුරුත් නැති හින්ද මාස්ටර්බේට් කරනවා කියල කිව්වට මේ දෙක සම්පූර්ණයෙන්ම දෙකක්. කවුරු හරි හිටියත් අපි මාස්ටර්බේට් කරන පුරුද්ද අත්අරින්නෙ නෑ. ඒ වගේම සෙක්ස්වලදි ශරීරය ප්‍රතිචාර දක්වන විදිහට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විදිහකටයි මාස්ටර්බේෂන්වලදි ප්‍රතිචාර දක්වන්නෙ. මේ දෙකෙන් ලැබෙන සුරතාන්තය පවා වෙනස්.

    තව කෙනෙක් එක්ක සෙක්ස් කරද්දි අපේ රුධිර පීඩනයට, හදවතට වගේම ප්‍රොස්ටේට් ග්‍රන්ථිවලටත් යහපත් ප්‍රතිඵල ලැබෙනවා. ඒත් මාස්ටර්බේෂන් එකකින් ඒ තරම් ප්‍රතිලාභ ලැබෙන්නෙ නෑ. හැබැයි මාස්ටර්බේට් කරන එක ප්‍රොස්ටේට් පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරන බව නම් හොයාගෙන තියෙනවා.

    අපේ ශරීරය මේ දෙකේදි වෙනස් විදිහට ප්‍රතිචාර දක්වන්නෙ ඇයි කියන එක ගැන නිශ්චිත හේතුවක් කියන්න පුළුවන්කමක් නෑ. ඒත් මාස්ටර්බේට් කරලා පිටවන ශුක්‍රානු පවා සෙක්ස් වලදි පිටවෙන ශුක්‍රානුවලට වඩා වෙනස්.කොහොමත් සෙක්ස් කියන්නෙ තවත් කෙනෙක් එක්ක කයින් මනසින් එකතු වෙන මොහොතක්. ඒක ශරීර දෙකක හෝ වැඩි ගණනක මුහුවීමක්. ඒ මානසික කායික අත්දැකීම මාස්ටර්බේෂන් එකකට සමාන කරන්න බෑ.

    එතකොට මාස්ටර්බේට් කරනවා වැඩියි කියල එකක් තියෙනවද? කරන්න සුදුසු වාර ගණනක් තියෙනවද? එහෙම දෙයක් නෑ. අපේ වැඩ පාඩු නොවෙන, අපේ සම්බන්ධතාවලට ප්‍රශ්නයක් නොවන ප්‍රමාණයක් අපිට මාස්ටර්බේට් කරන්න පුළුවන්. මාස්ටර්බේට් කරන නිසා ඔයාට පෙම්වතා හෝ පෙම්වතිය එක්ක සෙක්ස් කරන්න බැරි වෙනවා නම් අන්න අර්බුදයක් තියෙනවා. ඒක හින්ද අපි මාස්ටර්බේට් කරන්න ඕන අපිට ඕන ගානට, අපිට ඕන වෙලාවට.

    ගොඩක් අය හිතනවා මාස්ටර්බේට් කරන්නෙ කසාද බඳිනකං කියල. ඒත් බැන්දා කියල ඒක නතර වෙන්නෙ නෑ. බැඳලා ඉන්න අතරෙ මාස්ටර්බේට් කරනවා කියන්නෙ සෙක්ස්වල ප්‍රශ්නයක්වත්, වෙන මානසික ගැටලුවක්වත් නෙමෙයි. තනියම හිටියා, බැඳලා හිටියා කියල වෙනසක් නැතුව, හොඳ සම්බන්ධයක්, නරක සම්බන්ධයක් කියල භේදයක් නැතුව, සතුටේදීත් දුකේදීත් මාස්ටර්බේට් කරන එක සාමාන්‍යයක්.

    මාස්ටර්බේෂන්වල තියෙන වැදගත්ම ප්‍රතිලාභයක් තමයි මනස සංසුන් කරන එක. සමහර වෙලාවට වැඩක් පටන් ගන්න කලින් මාස්ටර්බේට් කළාම හිත වටේ දුවන්නෙ නැතුව වැඩේට අරමුණු කරගන්න ලේසියි. වැඩ කරන්න කලින් පෝර්න් එකක් බලලා මාස්ටර්බේට් කරලා වැඩේ කරන්න පුරුදු වුනු අය ගොඩක් ඉන්නවා. ඒ වගේමයි ගොඩක් ස්ටේ‍රස් දවසක කෙලවරේදි හිතට සහනයක් දෙන්නත් මාස්ටර්බේෂන් එකකට පුළුවන්. මහන්සිය ආතතිය දුරු කරලා අපිව සැහැල්ලු කරන්න ඒක පොඩි ව්‍යායාමයක්.

    පිරිමි තමන්ගේ ලිංගික ඕනෑඑපාකම් ගොඩක් ඉගෙන ගන්නෙ මාස්ටර්බේෂන් හරහා. ඒ හින්දම සාමාන්‍යයෙන් ගැහැණුන්ට වඩා පිරිමින් තමන්ගේ ආශාවන් හොයාගෙන යන්න දන්නවා. ඒ වගේම මාස්ටර්බේට් කරන ගැහැණුත් අනිත් ගැහැණුන්ට වඩා සෙක්ස්වලදි පරිණතයි, නිර්මාණශීලීයි. තමන්ගේ රළුවට ස්පර්ශ විය යුතු තැන්, සුමුදුව ස්පර්ශ විය යුතු තැන් ඒ ගොල්ලො දන්නවා. හොඳ ලිංගික ජීවිතයකට මාස්ටර්බේෂන් කියන එක ලොකු උදව්වක් වෙනවා.

    ලිංගික වෛද්‍යවරුන් කියන්නෙ මාස්ටර්බේට් කරන එක නෙමෙයි නොකරන එකයි සැලකිලිමත් විය ප්‍රශ්නෙ කියල. කවුරු හරි මාස්ටර්බේට් කරන්නෙ නැත්තං ඒක තමයි අසාමාන්‍ය කාරණය වෙන්නෙ. මොකද මාස්ටර්බේට් කරන එක අන්තිම සාමාන්‍යයි.

  • ශරීර අතර ශක්තිය

    ශරීර අතර ශක්තිය

    අද උදේ ෆේස්බුක් එකේ දැකපු පෝස්ට් එකක් මට නතර වෙලා ටිකක් කල්පනා කරන්න කිව්වා. ඒ පෝස්ට් එක දාලා තිබුනෙ විසි ගානක කොල්ලෙක්. ඒ කොල්ලා අහලා තිබුනෙ තමන් දරුණුවට පීඩා විඳින ප්‍රශ්නයක් ගැන.

    කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් ගොඩනගා ගැනීමේ දැඩි උවමනාවක් තිබුනත් එයාට කෙල්ලෙක්ව මුනගැහෙන සමාජ අවකාශයක් නැති වීමේ ප්‍රශ්නයක් තියෙනවා. ගෙදර ඉඳන් ඔන්ලයින් රස්සාවක් කරන හින්ද මිනිස්සු මුනගැහෙන තැනක් නෑ. ඒ හින්දම එයා විවිධ පාඨමාලා, ක්‍රීඩා කරන්න යනවා. ඒ කවුරුන් හෝ මුනගැසීමේ උවමනාව වෙනුවෙන්ම. ඒත් ඒ උත්සාහයත් ඒ තරම් සාර්ථක වෙන්නෙ නෑ. මේ හින්දම මේ තරුණයා ඩිප්‍රෙෂන් එකකට යනවා. එයා උදව් ඉල්ලලා තිබුනෙ කෙල්ලොන්ව දකින්න ඇසුරු කරන්න ලැබෙන කලාපයක් ගැන විස්තර දැනගන්න.

    මේක ඉස්සරහට තව තවත් මුහුන දෙන්න සිද්ද වෙන අර්බුදයක්. අපි තාක්‍ෂණයේ දියුනුවත් එක්ක ශරීර මුනගැහෙන අවකාශයන් අවතක්සේරු කරලා තියෙනවා. මිනිස්සු විදිහට පොකුරට මුනගැහුනම ඒ පොදුබව ඇතුලෙ නිර්මාණය වෙන, බෙදාගන්නා ශක්තිය නොතකා හැරලා තියෙනවා. ඒක ඔන්ලයින් සම්බන්ධතා හරහා ඇති කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි.

    ඉස්සර පන්සල්වල, පල්ලිවල මේ අවකාශය තිබුන. දේශපාලනය කියන්නෙ මූලිකවම මෙන්න මේ මිනිස් හැකියාව පිළිබඳ කාරණයක්. එකට එකතු වීමේ, එකට වැඩ කිරීමේ, පුද්ගලික අපිට වඩා විශාල සමස්තයක්, දේවත්වයක් නිර්මාණය කරන තැනක්. අපි සාකච්ඡාවකදි වුනත් ඔන්ලයින් තනියම එකතු වෙනවට වඩා මුහුනට මුහුන සංවාද කරද්දි එහා මෙහා වෙන එනර්ජි එක වෙනස්.

    මහා සංගීත ප්‍රසංගවල අපිට දැනෙන උතුරා යන ජීවය මේක. ලක්ෂ ගානක් මිනිස්සු එකට එකතු වෙද්දි, එකම අරමුණකට දිශාගත වෙද්දි, එකම හැඟීමක් බෙදා ගනිද්දි දැනෙන ආශ්චර්යමත් හැඟීම. ඒක සාමූහික සත්වයෙක් විදිහට මිනිසාට අවශ්‍යම දැනීමක්.

    හුදකලා බව අනවශ්‍යයි නෙමෙයි. ඒත් සාමූහික බව ගැන සැලකිලිමත් වීම අවශ්‍යයි. ජාතිවාදී ආගම්වාදී ගෝත්‍රික රංචු ගැසීම් වෙනුවට මිනිස්සු එකතුවෙන සුන්දර ලෞකික අවකාශයන් අවශ්‍යයි. ඒ මහා සාමූහික එක්රැස්වීම් නිර්මාණය කරන මිනිස්සු අවශ්‍යයි. ඒවා චාරිත්‍රයන් ලෙස සැමරීම පවත්වාගැනීම අවශ්‍යයි.

    ශරීර අතර සන්නිවේදනය නොතකා හැරීම හින්ද අපි අපේ පැවැත්මේ මූලිකම හරයක් අහිමි කරගන්නවා. අපිට ග්‍රවුන්ඩ් රියැලිටිය අහිමි වෙනවා. අපේ මනස් අධිරාජ්‍යයක් ජීවත් වෙන්න පටන් ගන්නවා.

    අනෙකාගේ මැදිහත්වීම, අනෙකාගේ පැවැත්මේ අභියෝගය අපිට අහිමි වෙනවා. ඒකෙන් කාලයත් එක්ක අපිට අපිවම අහිමි වෙන්න පටන් ගන්නවා. අපේ දැනීමේ සහ සිතීමේ සීමාවන් පටුවෙන්න ගන්නවා. අපිට එකතු වීම, එකතු වී වැඩ කිරීම ගැන තියෙන දක්ෂතාවයන්, ඒ ආඛ්‍යානයන් ටිකෙන් ටික නැති වෙනවා.

    ඇත්තටම මිනිස්සු එකතු කරන නිර්මාණයක් හෝ ප්‍රසංගයක් හෝ මොනයම්ම දෙයක් හෝ කරන කෙනෙක් එතනදි කරන සුවිශේෂම කාරණය වෙන්නෙ ඒ මිනිස් පොකුරකට එකතු වෙන්න අවකාශයක් නිර්මාණය කරන එක. ඒ සමූහ සන්නිවේදනය ඇති කරන එක. ආර්ට් එක හෝ ඉදිරිපත් කිරීම එතනදි ද්විතියිකයි. වැදගත් දේ සීයක් දෙසීයක් එකට බඳවාගෙන උත්පාදනය කරන ශක්තිය. ඒ මිනිස් ඇදහිල්ල.

    මේ වෙනුවෙන් තාක්‍ෂණය උදව් කරගන්නත් අපිට පුළුවන්. උදා විදිහට කිසි තේරුමක් නැති ඩේටින් ඇප් වෙනුවට මිනිස්සු එකිනෙකා මුනගැහෙන ඇසුරු කිරීම් කලාප නිර්මාණය කරන ඇප් ගැන අපිට හිතන්න පුළුවන්. පොත් කියවන්න එකතු වෙන අය, ෆිල්ම් බලන්න එකතු වෙන අය, බියර් බොන්න එකතු වෙන අය වගේ තව එකී නොකී අමුතු අපූරු සාමූහික මුනගැසීම් නිර්මාණය කරන්න පුළුවන්. තවකෙක් සමග ඇසුරක් පවත්වාගෙන යාමේ මූලික මිනිස් හැකියාවන් වර්ධනය කරන්න, පවත්වාගෙන යන්න අපිට මීට වඩා හිතන්න සිද්ද වෙනවා. එහෙම නැති වුනොත් වෙන්නෙ ටිකෙන් ටික අපි කාංසාව හරහා ඩිප්‍රෙෂන්වලට යන එක.

    එහෙම මිනිස් ඇසුරක් නැතිව, ආදරෙන් වියළුනු, හැකිළුනු සිත් ඇතිව අපි ගන්න තීරණ ධනාත්මක වෙන්නෙ නෑ. ඒ වෙනුවට අපේ යටපත් හැඟීම්, පීඩාවන් විසින් අපේ ලෝක දෘෂ්ටිය අඳුරු කරනවා. පටු කරනවා. ආත්මාර්ථකාමී කරනවා. අපි වඩා සුන්දර දේවල් නිර්මාණය කරන්නෙ ආදරය ඇතුලෙ. අපේ හිත් පිරිලා තියෙන කොට. හිත් හිස් වෙලා තියෙද්දි වැඩ කරන්නෙ තාර්කික මොළය විතරයි. ඒ තීරණ වියළියි.

    කොවිඩ් වගේ වසංගත විසින් අපිට ඇති කරන ලොකුම බලපෑම වෙන්නෙ මේක. අපේ සාමූහිකත්වය නැති කරන එක. අපේ ශරීර අතර සම්බන්ධය අහිමි කරන එක. ඒ හරහා මිනිස් සමූහයක් විදිහට අපිට නිර්මාණය කළ හැකි විශාල ආඛ්‍යානයන් නතර කරන එක. මේ ඇහැට පේන හෝ විද්‍යාත්මක මනින්න පුළුවන් කාරණයක් නෙමෙයි. ප්‍රොඩක්ටිවිටි ගැන නිර්ණායකවලට අහුවෙන දෙයක් නෙමෙයි. ඒත් දීර්ඝ කාලීන දරණු හිස්කමක් සහ මානව පැවැත්ම පිළිබඳ ගොඩ ආ නොහැකි කාංසාවක් මතු කරන තත්වයක්. ඒ ගැන අපි දැනුවත් වෙද්දි ඒක ස්වභාවිකයක් වෙලා ඉවරයි. අපි අපේ ශරීරයේ භාෂාව නැති කරගෙන හමාරයි.

  • ආබාධිත නං සෙක්ස් නැද්ද?

    ආබාධිත නං සෙක්ස් නැද්ද?

    මට සුමීරව මුනගැහුනෙ සැබෑ දේශප්‍රේමියෝ ප්‍රෙස් එකට ගිය දවසෙ. ආබාධිත අය ගැන නිවැරදිව හිතන මානසිකත්වයක් මේ රටේ තියෙනවද අයියෙ කියල ඌ මගෙන් ඇහුවා. ඒකෙන් සුමීර අදහස් කළේ ආබාධිතයො පව්, උදව් කරන්න ඕනි, අසරණයි වගේ සාම්ප්‍රදායික අනුකම්පක දෘෂ්ටියකින් බැහැරව ඒ අයත් සමාන පුරවැසියො විදිහට දකින්න මේ රටේ මිනිස්සුන්ට පුළුවන්ද කියන එකයි. ඒක සෑහෙන අමාරු දෙයක් වෙන්න පුළුවන්. ආබාධිත කියන්නෙම එක විදිහකට වැරදි වචනයක්. ඒක සම්මත මිනිස් රූපයක් ඔලුවෙ තියාගෙන ඒකට වෙනස් අය දුර්වලයි, අඩුවක් සහිතයි කියන දැක්මෙන් යොදපු එකක්. ඒ වෙනුවට ඒක තමයි ඒ ගොල්ලොන්ගෙ ඩිෆෝල්ට් මෝඩ් එක කියල දකින පිළිගන්න මනසක් අවශ්‍යයි. ඒ අයට තියෙනවා වෙනස් අවශ්‍යතා. සමාජයක් කකුල් දෙකේ මිනිස්සු ගැන හිතද්දි කකුල් නැති මිනිස්සු ගැනත් හිතන්න ඕන. ඒක උදව්වක් නෙමෙයි ඒ අයගෙ අයිතියක්.

    මේ ආබාධිත දෘෂ්ටිය හොඳටම පැහැදිලි වෙන තැනක් තමයි ආබාධිතයන්ගෙ සෙක්ස් ගැන අපි හිතන විදිහ. පොදු සමාජ අදහසට අනුව ආබාධිත අයට ලිංගික ජීවිතයක් අහිමියි. ආබාධිතයෙක්ව සළකන්නෙම ඒසෙක්ෂුවල් විදිහට. එයාගෙ ලිංගික අනන්‍යතාවය, ලිංගික ප්‍රකාශනය හෝ ලිංගික අයිතිය ගැන අදහසක් අපිට නෑ. ඒ අදහසක් නැතිවීම ඇතුලෙම අපි ආබාධිතයන්ට ඒ අයගෙ ලිංගික පුරවැසිභාවය අහිමි කරනවා. ආබාධිත අයට අවශ්‍ය ලිංගික අධ්‍යාපනය ඒ අයට ලැබෙන්නෙ නෑ. ආබාධිත නොවේ යැයි සැළකන සමාජයටත් ලිංගික අධ්‍යාපනය නොලැබීමේ ගැටලුව තිබුනත්, ආබාධිත වීම නිසා මේ පිරිසට ඇසුරු කරන කණ්ඩායම්වලින්, පරිසරයෙන් පවා ලැබෙන දැනුම අඩු වෙනවා. ආබාධිත වීමත් එක්ක සෙක්ස් ගැන සිතීමත් ස්ටිග්මා එකක් තහංචියක් වගේ මානසිකත්වයක් පිටත සහ ඇතුළත නිර්මාණය වෙනවා. මේ නිසා ඒ අය තමන්ගේ ලිංගිකත්වය ගැන දැනීමෙන්, ප්‍රකාශනයෙන් වගේම හැකියාවන්ගෙනුත් දුර්වල වෙනවා. ආබාධිත දරුවන් මේ නොදැනුම ඇතුලෙ විවිධ බලහත්කාරයන්ට සහ ප්‍රචන්ඩත්වයන්ට ලක්වෙනවා.
    කෙනෙකුට අවශ්‍ය ලිංගික ආස්වාදය ලබාගැනීම ඒ පුරවැසියාගේ අයිතියක්. ඒත් ආබාධිත පිරිස්වලට මේ අයිතිය තියෙනවා කියල අපේ සමාජය පිළිගන්නවද? අත් දෙකක් අහිමි කෙනෙක් තමන්ගේ ලිංගික අවශ්‍යතාවයන් පිරිමසා ගන්නවා ඇත්තෙ කොහොමද? අඩුම තරමෙන් ස්වයං වින්දනයෙ යෙදෙන්නවත් බැරි නම් ඒ අයට ජීවිතේ දැනෙන අසහනකාරීත්වය කොහොම වෙන්න පුළුවන්ද? අතපය හතර තියෙන අංග සම්පූර්ණ මිනිස්සු ගැන අධිතක්සේරුවක පවතින සමාජයක ඒ අයට පෙම්වතුන් පෙම්වතියන් හොයාගැනීමත් දුෂ්කර වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගණිකා වෘත්තිය වගේ දේවල් තහනම් කරන්න කියල කෑ ගහන සදාචාරවාදියො කිසි දවසක මේ වගේ මනුස්සයෙකුට එවන් සේවාවක තියෙන වැදගත්කම තක්සේරු කරන්නෙ නෑ. වෙන රටවල ආබාධිතයන් වෙනුවෙන්ම ගෙදරට ඇවිත් ලිංගික අවශ්‍යතා ඉටු කරලා දෙන සෞඛ්‍ය සේවා පවා පවතිනවා. ඒ මිනිස්සු එහෙම හිතනවා.

    ආබාධිත කෙනෙකුගේ ලිංගික ප්‍රකාශනය බාරගන්න සමාජයට පුළුවන්ද කියන ප්‍රශ්නය අපි ඉස්සරහ තියෙනවා. ආබාධිත කියන්නෙත් අනිත් ඕනම කෙනෙක් වගේම විෂම ලිංගික, සමලිංගික, සංක්‍රාන්ති ලිංගික ඕනෑම පිහිටීමක් ගන්න පුළුවන් කෙනෙක්. ඒ අය තමන්ගේ ලිංගිකත්වය එක්ස්ප්‍රෙස් කරන්න පුළුවන්. ලිංගික අනන්‍යතාවය පිළිබඳ ගැටලුවට අමතරව ආබාධිතයෙක් වීම කියන කාරණයත් එකතු වුනාම අපි සමාජයක් හැටියට ඒක බාරගන්නෙ කොහොමද? ඒ විවෘතභාවය අපි ළඟ තියෙනවද? අපේ ඉස්කෝලවලින් උගන්නලා තියෙනවද?ආබාධිත කියන්නෙ වෙනස් වූ සෞන්දර්යයක්, අපූර්වත්වයක් විදිහට දකින ඒ අයට ආදරය කරන, ඒ අය එක්ක ලිංගිකව හැසිරෙන්න කැමති අය මට මුනගැහිලා තියෙනවා. හැබැයි ඒ වෙන රටවල අය. අපේ වගේ රටවල ආබාධිතභාවය දුර්වලකමක් විදිහටයි පොදු මනසෙ තැන්පත් කරලම තියෙන්නෙ. එතනදි සමානයෙක් විදිහට ගන්නවට වඩා අනුකම්පා හෝ ප්‍රචන්ඩ ආකාරයකින් තමයි ඒ අයට සැලකිල්ලක් ලැබෙන්න නියමිත.

    2012දි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා ලිංගිකත්වය පිළිබඳ ප්‍රශ්නය ගෝලීය එකක් කියල. ලිංගිකත්වය පිළිබඳ කාරණය මානව සංවර්ධනයෙදි කේන්ද්‍රීය තැනක් විදිහට සළකන්න අවශ්‍යයි කියල. ඒ කියන්නෙ ලිංගික අයිතීන් ආරක්ෂා කිරීම වගේම ලිංගිකත්වය යනු පොසිටිව් දෙයක් විදිහට දකින්න සමාජයේ දෘෂ්ටිය වෙනස් කිරීමේ අවශ්‍යතාවය.

    අපි පුරුද්දට කිව්වට ලිංගිකත්වය කියන්නෙ පුද්ගලික දෙයක් නෙමෙයි. පුද්ගල ලිංගිකත්වයට බලපාන සමාජ ආයතන සහ සමාජ වටිනාකම් තියෙනවා. ඒවා හරහා අපේ ලිංගිකත්වය පාලනය කරනවා. ඒ පිළිබඳ දැනුවත්භාවයෙන් තමයි ලිංගික පුරවැසිභාවයක් නිර්මාණය වෙන්නෙ. ලිංගික පුරවැසියෙක් කියන්නෙ තමන්ගෙ ලිංගික අයිතීන් සහ නිදහස ගැන දැනුවත් පුරවැසියෙක්. ආබාධිත වීම කියන්නෙ ලිංගික පුරවැසිභාවය අහිමිවීමක් නෙමෙයි, අහිමිකිරීමක්. ඒ අයටත් ආදරය කිරීමේ, ලිංගික ආස්වාදය ලැබීමේ සහ ප්‍රජනනයේ අයිතිවාසිකම් තියෙනවා කියල එක පැත්තකින් ඒ අය දැනුවත් කරන්න ඕන. අනෙක් පැත්තෙන් සමාජය දැනුවත් වෙන්න ඕන.

    සෙක්ස් කියන වචනෙ ගනිද්දිම ඒක ආබාධිතභාවය ඇතුළත් නොවෙන සංකල්පයක් විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. සෙක්ස් ඇතුලෙ ඉතිහාසයක් පුරාම ආබාධිතබව අවතක්සේරු කරලයි තියෙන්නෙ. මේක සංස්කෘතික වියමනක් විදිහට අපි කාලයක් තිස්සෙ පවත්වාගෙන එන තත්වයක්. අපි ලියන කියන කතාවල, නරඹන චිත්‍රපටවල ආබාධිතබව සහ ලිංගිකත්වය නිර්මාණය වෙලා තියෙන්නෙ කොහොමද? ඩී එච් ලෝරන්ස් තමන්ගේ සුප්‍රකට චැටර්ලි ආර්යාවගේ පෙම්වතා කතාවෙ පවා ආබාධිත වීම නිසා සැමියාගෙන් බාහිර ලිංගික ආස්වාදය හොයාගෙන යන ආර්යාවක් නිර්මාණය කරනවා. අපි සමස්ත සාහිත්‍ය සහ කලාව ඇතුලෙම ආබාධිතයන් ලිංගිකත්වයෙන් දුර්වල කොට නෙරපා හැරලා තියෙනවා.

    මේකෙන් වෙන්නෙ ආබාධිත පිරිස් තවත් දුර්වල වෙන එක. අසහනකාරී වෙන එක. නිරෝගී පුරවැසිභාවයෙන් දුරස් වෙන එක. අනිත් පැත්තෙන් කාට හෝ බරක් වෙන එක. සමාජයට පීඩාකාරී වෙන එක. ඒ අය සතුව පවතින අවශ්‍යතාවයක්, හැකියාවක්, ශරීරයේ වෙනස්කමක් නිසා අහිමි කරන සමාජයකයි ඒ අය ජීවත් වෙන්නෙ. මේ හින්ද ආබාධිත දරුවන්ට ලිංගික අධ්‍යාපනය විශේෂයෙන් ලබාදීම අවශ්‍යයි. පාසැල් අධ්‍යාපනයේ පටන්ම ආබාධිතභාවය ගැන පොහොසත් දැක්මක් නිර්මාණය කිරීම අවශ්‍යයි. අපේ චිත්‍රපටිවල, කතාවල අතපය හතරෙ, තුනේ, දෙකේ වෙනස් වෙනස් මිනිස්සු ජීවත් වෙන්න අවශ්‍යයි.

    ආබාධිතයන්ට වගේම සිතීමෙන් ආබාධිත සමාජයටත් ලිංගික පුරවැසිභාවය ගැන දැනීමක් අවශ්‍යයි.