එහෙන් කොතලාවල ප්‍රශ්නෙ, මෙහෙන් ගුරුවරුන්ගෙ ප්‍රශ්නෙ, අරහෙන් කොවිඩ් රැල්ල, මේ ඔක්කොමත් එක්ක මේ රටේ මනුස්සයෙකුට මාස්ටර්බේට් කරන්නවත් ඉස්පාසුවක් නැතිවීම සාධාරණයි. එහෙම නැත්තං මේ දේවල් නැරඹීම, කියවීම ම මාස්ටර්බේෂන් එකක් කරගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. හැබැයි මොන දේ රටේ සිද්ද වුනත් අපි මාස්ටර්බේට් නොකර ඉන්න නරකයි.

මාස්ටර්බේෂන් නැත්තං ස්වයං වින්දනය කියන්නෙ අපි හැමෝම වගේ එක්ස්පර්ට්ස්ලා වුනු විෂයක්. අනිත් මොනවා ගැන නැති වුනත් මේ ගැන අපි ගොඩක් දන්නවා. ඉස්සෙල්ලම ඉස්කෝලෙ කාලෙදි මේක ඉතා නරක පුරුද්දක්, ඇඟ කෙට්ටු කරන ඇබ්බැහියක් වගේ කතන්දර මැදින් පටන් ගත්ත ගමන අපි සෑහෙන දුරක් මේ සොඳුරු පුරුද්දත් එක්ක ඇවිත් තියෙනවා. ඒත් අපි සමහර විට නොදන්න දේවල් ටිකක් තියෙන්න පුළුවන්. සමහර විට තාමත් කෙනෙක් මාස්ටර්බේට් කරන හින්ද තමන් කෙට්ටුයි කියල හිතන් ඉන්න වුනත් පුළුවන්.

සෙක්ස් කරන්න කවුරුත් නැති හින්ද මාස්ටර්බේට් කරනවා කියල කිව්වට මේ දෙක සම්පූර්ණයෙන්ම දෙකක්. කවුරු හරි හිටියත් අපි මාස්ටර්බේට් කරන පුරුද්ද අත්අරින්නෙ නෑ. ඒ වගේම සෙක්ස්වලදි ශරීරය ප්‍රතිචාර දක්වන විදිහට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විදිහකටයි මාස්ටර්බේෂන්වලදි ප්‍රතිචාර දක්වන්නෙ. මේ දෙකෙන් ලැබෙන සුරතාන්තය පවා වෙනස්.

තව කෙනෙක් එක්ක සෙක්ස් කරද්දි අපේ රුධිර පීඩනයට, හදවතට වගේම ප්‍රොස්ටේට් ග්‍රන්ථිවලටත් යහපත් ප්‍රතිඵල ලැබෙනවා. ඒත් මාස්ටර්බේෂන් එකකින් ඒ තරම් ප්‍රතිලාභ ලැබෙන්නෙ නෑ. හැබැයි මාස්ටර්බේට් කරන එක ප්‍රොස්ටේට් පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරන බව නම් හොයාගෙන තියෙනවා.

අපේ ශරීරය මේ දෙකේදි වෙනස් විදිහට ප්‍රතිචාර දක්වන්නෙ ඇයි කියන එක ගැන නිශ්චිත හේතුවක් කියන්න පුළුවන්කමක් නෑ. ඒත් මාස්ටර්බේට් කරලා පිටවන ශුක්‍රානු පවා සෙක්ස් වලදි පිටවෙන ශුක්‍රානුවලට වඩා වෙනස්.කොහොමත් සෙක්ස් කියන්නෙ තවත් කෙනෙක් එක්ක කයින් මනසින් එකතු වෙන මොහොතක්. ඒක ශරීර දෙකක හෝ වැඩි ගණනක මුහුවීමක්. ඒ මානසික කායික අත්දැකීම මාස්ටර්බේෂන් එකකට සමාන කරන්න බෑ.

එතකොට මාස්ටර්බේට් කරනවා වැඩියි කියල එකක් තියෙනවද? කරන්න සුදුසු වාර ගණනක් තියෙනවද? එහෙම දෙයක් නෑ. අපේ වැඩ පාඩු නොවෙන, අපේ සම්බන්ධතාවලට ප්‍රශ්නයක් නොවන ප්‍රමාණයක් අපිට මාස්ටර්බේට් කරන්න පුළුවන්. මාස්ටර්බේට් කරන නිසා ඔයාට පෙම්වතා හෝ පෙම්වතිය එක්ක සෙක්ස් කරන්න බැරි වෙනවා නම් අන්න අර්බුදයක් තියෙනවා. ඒක හින්ද අපි මාස්ටර්බේට් කරන්න ඕන අපිට ඕන ගානට, අපිට ඕන වෙලාවට.

ගොඩක් අය හිතනවා මාස්ටර්බේට් කරන්නෙ කසාද බඳිනකං කියල. ඒත් බැන්දා කියල ඒක නතර වෙන්නෙ නෑ. බැඳලා ඉන්න අතරෙ මාස්ටර්බේට් කරනවා කියන්නෙ සෙක්ස්වල ප්‍රශ්නයක්වත්, වෙන මානසික ගැටලුවක්වත් නෙමෙයි. තනියම හිටියා, බැඳලා හිටියා කියල වෙනසක් නැතුව, හොඳ සම්බන්ධයක්, නරක සම්බන්ධයක් කියල භේදයක් නැතුව, සතුටේදීත් දුකේදීත් මාස්ටර්බේට් කරන එක සාමාන්‍යයක්.

මාස්ටර්බේෂන්වල තියෙන වැදගත්ම ප්‍රතිලාභයක් තමයි මනස සංසුන් කරන එක. සමහර වෙලාවට වැඩක් පටන් ගන්න කලින් මාස්ටර්බේට් කළාම හිත වටේ දුවන්නෙ නැතුව වැඩේට අරමුණු කරගන්න ලේසියි. වැඩ කරන්න කලින් පෝර්න් එකක් බලලා මාස්ටර්බේට් කරලා වැඩේ කරන්න පුරුදු වුනු අය ගොඩක් ඉන්නවා. ඒ වගේමයි ගොඩක් ස්ටේ‍රස් දවසක කෙලවරේදි හිතට සහනයක් දෙන්නත් මාස්ටර්බේෂන් එකකට පුළුවන්. මහන්සිය ආතතිය දුරු කරලා අපිව සැහැල්ලු කරන්න ඒක පොඩි ව්‍යායාමයක්.

පිරිමි තමන්ගේ ලිංගික ඕනෑඑපාකම් ගොඩක් ඉගෙන ගන්නෙ මාස්ටර්බේෂන් හරහා. ඒ හින්දම සාමාන්‍යයෙන් ගැහැණුන්ට වඩා පිරිමින් තමන්ගේ ආශාවන් හොයාගෙන යන්න දන්නවා. ඒ වගේම මාස්ටර්බේට් කරන ගැහැණුත් අනිත් ගැහැණුන්ට වඩා සෙක්ස්වලදි පරිණතයි, නිර්මාණශීලීයි. තමන්ගේ රළුවට ස්පර්ශ විය යුතු තැන්, සුමුදුව ස්පර්ශ විය යුතු තැන් ඒ ගොල්ලො දන්නවා. හොඳ ලිංගික ජීවිතයකට මාස්ටර්බේෂන් කියන එක ලොකු උදව්වක් වෙනවා.

ලිංගික වෛද්‍යවරුන් කියන්නෙ මාස්ටර්බේට් කරන එක නෙමෙයි නොකරන එකයි සැලකිලිමත් විය ප්‍රශ්නෙ කියල. කවුරු හරි මාස්ටර්බේට් කරන්නෙ නැත්තං ඒක තමයි අසාමාන්‍ය කාරණය වෙන්නෙ. මොකද මාස්ටර්බේට් කරන එක අන්තිම සාමාන්‍යයි.