Tag: old

  • සෙක්ස් වෙනස් වෙන්නෙ නැතුව – රට වෙනස් වෙන්නෙ නෑ

    සෙක්ස් වෙනස් වෙන්නෙ නැතුව – රට වෙනස් වෙන්නෙ නෑ

    අද අපේ ජිම් එකට අවුරුදු හැටක විතර සුද්දෙක් ආවා (සුද්දා කියන්නෙම අන්තිම වර්ණවාදී යෙදුමක්. ඒත් ඒක නැතුව කතාව කියන්න බෑ) සුද්දා එක්ක අවුරුදු විසිපහක විතර අර ලාල්කාන්ත කියනවා වගේ අනුරාගී කෙල්ලෙක් ආවා. එයා නර්ස් කෙනෙක් නෙමෙයි හැබැයි එයා ලංකාවෙ කෙනෙක්.

    එතකොටම මගේ ළගට ජිම් එකේ යාලුවෙක් ආවා. ඌ ජිම් එකේම ජීවත් වෙන එකෙක්. පොලේ කඩයක් කරන බුවෙක්.

    ‘දැක්කනෙ.. සල්ලි තමයි.. සල්ලි තියෙනවා නම් නාකි වුනත් ගින්දර වගේ කෙල්ලො ඉන්නවා’
    මේ කතාවට මට හිනා ගියා.
    ‘පිස්සුද බං? ඕන තරං කෙල්ලො ඉන්නවා නාකි මිනිස්සුන්ට ආස. සල්ලිවලට ආස අයත් ඇති. කොල්ලෙක් කෙල්ලෙක් එක්ක වගේම වැඩිමල් මනුස්සයෙක් එක්කත් වෙනම ආතල් එකක් තියෙනවා’
    මං ඌට පැහැදිලි කරන්න හැදුවා.

    ‘පිස්සු කතා කරනවා. මොකක්ද වෙනස? මොකක්ද වෙනස කියන්නකො? නගින්නෙවත් නැති වයසෙ උන් එක්ක සල්ලි මිස වෙන මොන ආතල්ද?’
    ඌ මට අභීයෝග කළා.

    ‘නෑ මචං. උඹ දන්නෙ එච්චර වුනාට ඔය පයිය කෙලින් කරගෙන දාලා හොල්ලනවට වඩා සෙක්ස්වල තව ඕන තරම් ආතල් තියෙනවා. ඕකට වඩා කොච්චර දේවල් කරන්න පුළුවන්ද දිවෙන්?’
    මං හොඳටම දන්න කාරණයක් කිව්වා.

    “බම්බුව. පයිය කෙලින් කරගන්න බැරි උන් කියන කතා ඕවා. අර පයිය තියාගෙන ඇට දෙකෙන් ගහනවා කියන්නෙ’’ ඌ දිව දැමීම සම්බන්දෙන් ඉතාම අපහසුතාවයකින් පෙළෙනවා කියලා මට දැනුනා.

    ඌ මගේ කණට ළංවුනා. මට රහසක් කිව්වා.
    ‘සෙක්ස් කරන්න සොබා ධර්මෙන් දීලා තියෙන්නෙ මේක (පයිය). ඒකෙන් කරාමයි ළමයෙක් හරි හදාගන්න පුළුවන්. මොකෝ ඔය නාකි එක්ක ගිහින් ළමයෙක්වත් හදාගන්න කියලද?’

    ‘හෝව් හෝව්.. සෙක්ස් කරන එකයි ළමයි හදන එකයි දෙකක්නෙ. මොකටද බං ළමයි හදන්නෙ? අපි ට්‍රයි කරන්නෙම ළමයි හැදෙන්නෙ නැති විදිහට කරන්‍නනෙ’
    මං ඉතිං මගේ විදිහ කිව්වා.

    ‘ළමයි හදන්නෙ නැතුව මොන ජීවිතයක්ද? කසාදයක් බඳිනවා කියන්නෙ ළමයෙක් දෙන්නෙක් හදාගෙන ජීවත් වෙන එකට. ආසාවල් පිරිමහන්න එකඑකා පස්සෙ යන උන්ට ජීවිතයක් නෑ’

    අපි එකඑක්කෙනා ජීවිතේ කියල හිතන දේ මොනතරම් වෙනස්ද කියල මට හිතුන. ජීවිතේ කියන්නෙ තමන් ගත කරන දේටමයි එයින් පිට ජීවිතයක් නොපවතී කියල විශ්වාස කරන මිනිස්සු ගොඩක් ඉන්නවා. මං ඉස්සරහ ඉන්නෙ ඒ වගේ මිනිහෙක්.

    ‘ දැන් උඹම කල්පනා කරලා බලපං. මේ හොම්බෙන් ගිය රටක ඉඳගෙන තව ළමයි හදන්න ඕන කියන්නෙ මොන ගොනාද?’ මං උගෙන් ඇහුවෙ තව දැනගන්න.

    ‘රටට කෙළවුනේ අපි හින්ද නෙමෙයිනෙ. දේශපාලකයො හොරකම් කරපු හින්ද’ ඌ පැනපු ගමන් ජවිපෙ පහරක් එල්ල කළා..

    ‘ඇයි එත‍කොට උඹලා වගේ හිතන උන් පෝලිමට ළමයි හදලා, ඒ ළමයින්ට නිකං උගන්නන්න, උන්ට ආන්ඩුවෙ රස්සා දෙන්න, ලෙඩ වුනාම ඉස්පිරිතාලවල නිකං බෙහෙත් දෙන්න ආන්ඩුවෙ සල්ලි වියදම් වෙන්නෙ නැද්ද?’

    ‘ඉතිං ඉතිං ඒවටනෙ අපි බදු ගෙවන්නෙ. අපි කන බොන හැමදේකින්ම අපි බදු ගෙවනවනෙ’ ජිම් යාලුවා උජාරුවෙන් උත්තර දුන්නා.

    ‘ඉතිං බං ඔය බදු ඇති නං ණය වෙන්නෙ මොකටද?’

    ‘ඒක තමයි කියන්නෙ, දේශපාලකයො හොරකම් කරන හින්ද කියල’

    මං යාලුවා ළගට ගියා,
    ‘මචං ලංකාවෙ ලොකුවටම හොරකම් කළා කියන රාජපක්ෂ හොරකම් කලෙත් ඌටම නෙමෙයි, උගේ ළමයි තුන්දෙනාට. ඔය හොරකම් කරන දේශපාලකයො හොරකම් කරන්නෙත් උඹලා වගේම උන්ගෙ ළමයි හොඳට තියන්න. කන්න අඳින්නත් නැතුව ඉන්න අතරෙ ළමයි හදන පවුලක මිනිහෙකුට හොරකමක් නොකර ජීවත් වෙන්න බැරි වෙනවා. උන් තමයි දේශපාලකයො ළගට ගිහින් මොකක් හරි ගානක් කපා ගන්න පුළුවන් ඕන කුජීත වැඩකට සෙට්වෙන්නෙ’’’

    මං තේරුම් කරන්න හැදුවා. ඒත්,
    ‘එතකොට ඔයා කියන්නෙ දේශපාලකයො හොරකම් කරන්නෙ නෑ කියලද?’
    දේශපාලකයා විසින්ම තමන් අමාරුවෙ දැම්මා කියල තමන් නිදහස් වීමේ දැඩි උවමනාවක් රටේ ගොඩක් අයට වගේම මගේ යාලුවාටත් තිබුන.
    ‘නෑ මං කියන්නෙ දේශපාලකයො කියන්නෙත් උඹලමයි. උන් හොරකම් කරන්නෙ උඹලටත් එක්කයි. උන්ගෙ ළමයින්ටයි උඹලගෙ ළමයින්ටයි’’

    මං කියන කතාව ඌට කොහොමවත් තේරුම් කරන්න මට බැරි වුනා. මට එක වෙලාවකදි අමුතු කාරණයක් පෙනුනා. ඒ තමයි මගේ යාලුවට ආපස්සට හැරිලා තමන් දිහා බලන්න හැකියාවක් නැති බව. ඌත් ළමයි ඉස්කෝලවලට දාගන්න දේශපාලකයො ළගට ගිය වග මං දන්නවා. චන්දවලට වැඩ කරලා උදව් ගත්ත වග මං දන්නවා. ඒත් ඒවා කරපු යාලුවයි, දැන් මං ඉස්සරහ කතා කරන යාලුවයි දෙන්නෙක්.

    මගේ යාලුවාව කුපිත කළේ අර කෙල්ල විසින් දැරූ අනුරාගයයි. ඒ නාකි සුද්දට ඇය ලැබීම ගැන ඇති වුනු ලිංගික ඉරිසියාවයි. තමන් සමාජයෙන් කියන විදිහට කසාදයක් බැඳගෙන ළමයි හදමින්, උන්ගෙ වැඩවලට නහිමින්, එකම ගැහැණියක් සමග ජීවිතය ගත කරන්න සිදුවීමේ කණස්සල්ල අර යුවළගේ සතුට දනවන ආශාව නලියන ජීවිතයට එරෙහිව මතුවුනා. මගේ යාලුවා බිරිඳට හොරෙන් යම් යම් කොටු පැනීම් කරන බව ෂුවර්. ඒත් ඌට ඒකෙ ශෘංගාරය, නිදහස කිසිදවසක විඳින්න ලැබෙන්නෙ නෑ. මගේ යාලුවාගෙ සියලු සදාචාර විනිශ්චයන් පදනම් වෙන්නෙ මේ තමන්‍ගේ ආශාව කිසිදවසක සාක්ෂාත් කරගත නොහැකි වීමේ අසහනය උඩයි.

    යාලුවාට සිද්ද වෙනවා තමන්ටම සනාථ කරගන්න අර යුවළට නැති ජීවිතයක් තමන්ට තියෙනවා කියල.
    ඒ ආඩම්බරය එයා ගන්නෙ සම්මතයෙන් නැත්තං සදාචාරෙන්. එතනදි ඌ‍ ඒ වෙනුවෙන් තමන්ට කරන්න සිද්ද වෙන හොරකම්, රැවටීම් සහ තක්කඩිකම් අමතක කරනවා.

    රටට කෙළවෙන්නෙ තමන් නිසා නෙමෙයි දේශපාලකයො නිසයි කියල හිතනවා. තමන්ට කෙළවෙන්නෙ ජීවිතේ විඳින අනිත් මිනිස්සු නිසා කියල හිතනවා.

    මේ වගේ මිනිස්සු එකතු වෙලා ගන්න තීරණවලින් රටක් වෙනස් වෙයි කියලා ඒ වගේ මිනිස්සුම ගොඩක් බලන් ඉන්නවා.

  • 1948 පළවූ ගිහිගේ තවත් කලාපයක්

    1948 පළවූ ගිහිගේ තවත් කලාපයක්

    මේ පැරණි සඟරාත් අලුත් අසභ්‍ය ප්‍රකාශන නීති යටතේ තහනම් වෙලා යන්න පුළුවන්. මේවා නැවත පළකිරීම පවා අසභ්‍ය අශ්ශීල වෙන්න පුළුවන්. හතලිස් ගනංවල තිබුණු නිදහසත් අද අහිමි වෙන්න පුළුවන්. ඉතිං පණත් සම්මත වෙන්න කලින් අපිට මෙහෙම අතීතයක් තිබුණ කියල රසවිඳින්න.

    “නව ව්‍යාපාර පටන්ගන්නේත්, නව නිපදවීම් ඇති කරන්නේත්, නව පන්නය ඇති කරන්නේත්, නවකයන් පුහුණු කරන්නේත්, නවකලා බෝ කර ඒවාට පණ පොවන්නේත් හුදෙක් කාම ශක්තිය ඇති පුද්ගලයෝමය.

    සමාජය දෙස බලන්න. හොඳම කලාකාරයා, හොඳම ශිල්පියා, නිෂ්පාදකයා ආදී හොඳ වැඩකාරයො සියලු දෙනාම කාමශක්තියෙහි හස්තිබල ඇත්තෝය. එය මට නිර්භයවම කිව හැකි කාරණයකි. මා දන්නා බොහෝ කීර්තිමත්, බොහෝ දක්ෂ, බොහෝ විනෝදකාමී ඉතා හොඳ කෙරුම්කාරයෝ බොහෝ දෙනා මහා කාමාධික පුද්ගලයෝය. ඔවුන් කෙතරම් කාම ශක්තිමත්ද කිවහොත් ඇතැම් විට ඔවුන් ශිෂ්ට ජනසමාජයට නුසුදුසු තරම්ය.

    කාමාධික පුද්ගලයෝ රටකට සමාජයකට උවමනා පිරිසකි. ඇයි?

    ඒ ඔවුන් නොම්මර එකේ මනමාලයෝය. ඔවුන්ගේ ඒ මනමාලකම විදහා දැක්වීම පිනිස ඔවුන්ට රසට කෑමබීමත්, ලක්ෂනට අඳින්නට පළඳින්නටත්, අතදිග හැර වියදම් කරන්නටත් උවමනාය. ඒ උවමනාකම් නිසා ජනසමාජයේ කීදෙනෙක් යැපෙන්නේදැයි සිතන්න”

    – ගිහිගේ සඟරා කර්තෘ 1948

    ඒ කාලෙ මිනිස්සුන්ට තිබුණු දැනීමවත් අද සමාජයේ අයට නැති එක කණගාටුවට කාරණයක්.
    ගිහිගේ වැඩිහිටි සඟරාව සමග තවත් ගොඩක් කාම පොත්වල දැන්වීම් පළකල බවක් පේනවා. රුපියල් දෙකක් වන මේ සඟරා ලිපිණයැති කවරයක් සමග ඉල්ලුම් කිරීමෙන් තැපෑලෙන් ගෙන්න ගන්න පුළුවන්. මගුල් රහස කියන පොතේ පෙම්වතියක් තෝරගන්න හැටි, සිපගන්නා හැටි, දුනුවිල නිලමේ සහ ගජමන් නෝනාගේ ප්‍රේම කතා, මගුල් දවසෙ මුලින් කරන්න ඕන දේවල් වගේ ලිපි පලවෙනවා. ඒක ඇල් ඩීඩී කරුණාරත්නගේ වැඩක්.

    වාතස්‍යානගේ කාමසුත්‍රයෙන් උපුටාගෙන පලවෙන ලිංගික බෙලහීනතාවය දුරු කරන ප්‍රතිකාර නම් අත්හදා බැලීම භයානකයි. ඒවා එත්නොඉරොටිසම් නැත්නම් අතීතයේ කාලයත් සමග විකාශනය වුනු ශෘංගාර විෂයක සුන්දරත්වය විඳින්න මිස විද්‍යාත්මක ප්‍රතිකර්ම හැටියෙන් ගැනීම අමනෝඥයි. කූඩැල්ලන්ගෙන් කඩියන්ගෙන් හිඳින තෙල් පුරුෂ ලිංගය කෙලවරේ ආලේප කිරීම වගේ අද්භූත අත්බෙහෙත් එතන නියම කරනවා.

    මාර්ෂල් ගුණවර්ධන කියල කෙනෙක් මේ සඟරා වෙනුවෙන් ඉංග්‍රීසි පොත් සිංහලට හරවනවා. කාම නිල කියල පරිවර්තනය කරන මේ පොත් පිංචෙ ඔරිජිනල් එක මොකක්ද ලේඛකයා කවුද කියල හොයාගන්න අමාරුයි. ඒ වගේම මහාචාර්ය එච් එස් ගැම්බර්ස්ගෙ මැරිටල් ඇක්ට් වගේ පොත් (1946) පවා පරිවර්තනය වෙනවා.

    ඒ ‍වගේම ගිහිගේ සඟරාවට ආවේණික ජ්‍යොතිෂ, මිත්‍යා ශාංගාර සංකලනයත් අඛණ්ඩව කරගෙන එනවා.

  • 1954 පළවූ විවාහකයන්ගේ සඟරාව

    1954 පළවූ විවාහකයන්ගේ සඟරාව

    1948 පළවූ ගිහිගේ වැඩිහිටි සඟරාවට වඩා ලොකු වෙනසක් 1954 පළවෙන විවාහකයන්ගේ සඟරාවෙ තියෙනවා. ගිහිගේ සඟරාව බෞද්ධ සහ වෙනත් ඇදහිලි මිත්‍යා සමග පවත්වන සම්බන්ධය විවාහකයන්ගේ සඟරාවේදි අපිට මුනගැහෙන්නෙ නෑ. ඒ වෙනුවට ඒ කාලෙ හිතාගැනීමට පවා අපහසු විද්‍යාත්මක කාරණා ස්පර්ශ කිරීමේ උනන්දුවක් මේකෙ තියෙනවා. නුගේගොඩ මොඩර්න් පොත් සමාගම ලිංගික විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා විශාල මෙහෙවරක් කරලා තියෙනවා.

    “අප සමාජය පුරුදු කර ඇති ව්‍යාජ ලැජ්ජාශීලී ගතිය මෙම අවශ්‍ය දැනුම ලබාගැනීම බාධා කරන තිරයකි. එයට අප වහල්විය යුතු නොවේ. කාමය උල්පන අවිනීත කුණුසරුපයෙන් නොව අවශ්‍ය ලිංගිකත්වය සම්බන්ධයෙන් ශාස්ත්‍රීය දැනුමක් ලබාගැනීමට උපකාරවන අන්දමින් මෙම සඟරාවේ මංගල කළඹ ඔබ අත තබනෙමු”

    1922 පළවෙන ෆ්‍රැන්සිස් මාර්ෂල්ගෙ ෆිසියොලොජි ඔෆ් රිප්‍රොඩක්ෂන් වගේ පොත්වලින් උපුටාගැනීම් පළකරමින්, බ්‍රිතාන්‍ය ආදී රටවල ලිංගික සංස්කෘතිය ගැන විස්තර කරමින් විවාහකයින්ගේ සඟරාව විසින් ලංකාවට සම්පාදනය කරන දැනුම ප්‍රශස්ත මට්ටමක තියෙනවා. ඒ වගේම ඒ කාලෙ පාවිච්චි වෙන වචන පවා වෙනස්. උදා විදිහට කන්‍යාසිවිය වෙනුවට ප්‍රශස්ත රජ්ජුව කියල යොදනවා. ප්‍රශස්ත රජ්ජුව විවර නොවී තිබියදීත් ගැබ් ගැනීමට ඇති හැකියාව ගැන සාකච්ඡා කරනවා.

    කාලයක් පුරා විවාහයේ ර‍සය පවත්වාගන්න කායික අනුරාගයේ ඇති වැදගත්කමත් රති ඉරියව් ගැනත් කතා කරනවා. උපත් පාලනයේ වැදගත්කම අවධාරණය කරනවා. ඒ කාලෙදි උපත් පාලනයත් පවක් හැටියෙන් සළකන ලද වගක් තමයි පේන්න තියෙන්නෙ. විවාහකයන්ගේ සඟරාව විසින් ගබ්සාව පාපයක් වන අතර ගැබ්ගැනීම වැළැක්වීම පාපයක් නොවෙන හැටි පැහැදිලි කරනවා. ගබ්සාව විෂයෙහි පසුගාමී අදහසක් වුනත් ඒ කාලය සම්බන්ධයෙන් වඩා ප්‍රගතිශීලී තැනක මේ සඟරාව වැඩ කරමින් තිබුණු වගක් පේනවා.

    වැදගත්ම දෙයක් තමයි සිරුර සුවඳවත් කරන ආකාරයන් ගැන දැනුම ලබාදීම. ඒ කාලෙ ඩියොඩ්‍රන්ට් වර්ග තිබුනෙ නෑ. ඩියොඩ්‍රන්ට් තියෙන අද කාලෙත් ස්වභාවික ගැමි සුවඳ ගැන වර්ණනා ලියන හෙළයො බොහොමයි. ඒත් මේ සඟරාව සිරුරේ එක් එක් ප්‍රදේශ සුවඳවත් කරන පිළිවෙත් කියා දෙනවා. සම්භෝගයේදි සුගන්ධවත්බවහෙි වැදගත්කම අවධාරණය කරනවා.

    ප්‍රසුතියකින් පසු ලිංගික කාර්යයේ යෙදිය යුතු අන්දම, සැබෑ නිවුන් සහ ව්‍යාජ නිවුන් දරුවන් අතර වෙනස, නපුංසකයන්, ඌන සහ අධිවෘද්ධි ලිංගිකයන් ආදී තත්වයන් ගැන තොරතුරු කියනවා. වැදගත්ම ලිපියක් විදිහට ආගම සහ ලිංගිකත්වය ගැන සාකච්ඡාවක් පළවෙනවා.

    ‘රති කලාවො දුරාතීතයේ නම් ප්‍රමුඛ ආගමික ලක්ෂණයක් විය. පියවි මිනිසුන් බොහෝ සෙයින් මෙම ස්වභාවික රස වරප්‍රසාදය ආගම හා සම්බන්ධ කොට සිරිත් විරිිත් තනාගත් බව පෙනේ. බැබිලොනිය, ග්‍රීසිය, ඉන්දියාව වැනි දේශයන්හිද සමෘද්ධිමත් කාලයන්හි පවා රති පූජාව ආගමික චාරිත්‍රයක්ව පැවතිනි. ශිව ලිංගිය ශුක්‍රයෙන් පූජා කිරීම මෑතක් වන තුරු දකුණු ඉන්දියාවෙ සිරිතක් විය.’

    සියලු පැරණි ආගම් ලිංගිකත්වය බාරගනිද්දී ‍බුද්ධාගම, ජෛන ආගම, ඉස්ලාමය සහ ක්‍රිස්තියානිය විසින් ලිංගිකත්වය බැහැර කරන ආකාරය මේ ලිපිය පෙන්වා දෙනවා. විනය පිටකයෙ පාරාජිකා පාලියෙන් උදාහරණයක් ගෙනෙමින් භික්ෂුවක් විසින් ස්ත්‍රියකගේ ස්ථානත්‍රයක් සංසර්ගයෙන් සේවනය කළහොත් එය පාරාජිකාවක් වන හැටි කියනවා. ඒ තුන වෙන්නෙ මුඛ මාර්ගය, ගුද මාර්ගය සහ යෝනි මාර්ගය යන තුනයි. ඒ කාලෙ පටන්ම මේ බහු ආකාර සංසර්ග විධි පැවතුනත් අසූගනංවලත් බ්ලෝජොබ් එකක් දෙන්න ලංකාවෙ ගෑනු දැනගෙන හිටියෙ නැති එක පුදුමයක්. බ්ලූ ෆිල්ම්වලට පිං සිද්ද වෙන්න දැන් නම් ඒ අර්බුදය අවසන්.

    විවාහකයන්ගේ සඟරාව වඩාත් නාගරික, ඒ වගේම බටහිර විද්‍යාත්මක දැනුමට නැඹුරු වුණු සඟරාවක් බව පේනවා. මේ දැනුම පරිශීලනය කරපු පිරිස් ගැන යම් වටහා ගැනීමක් ගන්න තිබුණා නම් ඉතා වැදගත් කියල හිතෙනවා. මොනවා වුනත් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වෙමින් ලිංගිකත්වය කුණුහරුපයක් බවට පත්වෙන්න පෙර කාල‍යේදී,  54දි මේ වගේ සඟරාවක් කරන්න මොඩර්න් පොත් සමාගම පෙළඹීම අගය කළ යුතුයි.

    (මේ ස්කෑන් පිටපත් ලබාදීම වෙනුවෙන් නන්දිත බැද්දේගමට අපගේ ස්තුතිය)

  • ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් – අතීතයේ උන් වැඩිහිටි පරපුරෙන්.

    ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් – අතීතයේ උන් වැඩිහිටි පරපුරෙන්.

    මේ කාම පත්තර රැල්ල අපිට මුනගැහුනෙ අසූවෙ අග සහ අනූව මුල කාලෙදි. මරදානෙ එල්ෆින්ස්ටන් එක ළඟ පාලමේ යට පත්තර කඩෙන් අතට අහුවෙන ඕනම වැඩිහිටි පත්තරයක් ගන්න අපි ඇබ්බැහි වෙලා හිටියා. ඒ පත්තර මිටි පිටින් මෙට්ටෙ යට දාගෙන පරිස්සම් කළා. ඒවා අහුවෙලා ගෙවල්වලින් ගුටිකෑවා. ඒත් ඒ පත්තරයක් අතට ගත්තම දැනෙන හැඟීම වෙන කිසිදේකින් ලබාගන්න බැරි වුනා. වැඩිහිටි වීඩියෝ කැසට් තිබුනත් ඒවා ඕන වෙලාවට අතට ගන්න පුළුවන් විදිහෙ භාවිතයක් නෙමෙයි. රෑට තනියම කාමරේ ඉන්නකොට වැඩක් ගන්න පුළුවන් වුනේ වැල පත්තරවලින් විතරයි. නවරස, සතුට, එක්කම බන්දුල පද්මකුමාර නම නැතුව කරපු පතිපතිනි පත්තරෙත් නිතර ගන්න තිබුන.

    ඊට පස්සෙ මේ හාර්ඩ්කෝර් වැල පත්තර කලාව ටික ටික අභාවයට යමින් සොඳුර සීදේවි වගේ සොෆ්ට්පෝර්න් පත්තර කලාවක් ආවා. ඒවා කඩවල ප්‍රසිද්ධියෙ එල්ලෙමින් තිබුන. මං එකක් නෑර සොඳුර පත්තරේ ගත්තා. රෝහණ කුමාර කියන්නෙ මගේ වීරයෙක් වුනා. ඇත්තටම සොඳුර පත්තරේ ලංකාවෙ ශෘංගාර ප්‍රකාශන කලාවේ විශේෂයෙන් කතා කරන්න ඕන වැඩ කීපයක්ම කළා. හැම පත්තරයක් එක්කම පිටිපස්සෙ පිටුවෙ පිනප් ගර්ල් කෙනෙක්ගෙ පිංතූරයක් දුන්නා. ඒ ශෘංගාර විප්ලවය සමරන්න වෙන් කරන ඉඩක් මේ.

    Sepa


    Sathuta


    Sakunthala


    Sadamali


    Rath Aunty


    Deepakka


    Rasama Rasa


    Mal Raani


    Maneesha


    Nawarasa


    Nawarasa 02


    Play Boy


    Play Boy 02


    Kiss


    Kiss 02


    Lollipops


    Love


    Love 02


    Lucky Stud


    Mal


    Mal Paba


    Asawata Thatu Labila


     

  • නිදහස් කාලෙ කාම පත්ත‍රයක්

    නිදහස් කාලෙ කාම පත්ත‍රයක්

    1948 ලංකාවෙ පළවුන කාම සඟරාවක්. මේක මාව සුරතාන්තගත කරපු වැඩක්. දිනෙත් මල්ලිකාරච්චි ශූරීන්ට ස්තුතිවන්ත වෙනවා මේක මාවෙත තැපැල් කිරීම ගැන.

    ‘කාම විද්‍යාවෙන් උගන්වන්නේ ඉන්ද්‍රියයන් සහ ඒවා ආශ්‍රය කොටගෙන උපදින හැඟීම් නොමග යා නොදී හරිමග ගෙනා යා හැකි ශාස්ත්‍රය සහ ශිල්පයයි’

    ගිහිගේ සඟරාවෙ කතුවැකිය වෙන රහස තමන්ගේ පාඨකයාට කියන්නෙ එහෙමයි. ඒ කාලෙත් සෙක්සොලොජිස්ට්ලා ඉන්නවා. ඒ ගැන දැන්වීම් පළවෙනවා. හැබැයි මොනවගේ උපදෙස් දුන්නද කියල නම් ෂුවර් නෑ. ඩියුරෙක්ස් ලිංගාවරණ සහ කංචුක ගැන දැන්වීම් පලවෙනවා.

    ලකුණැති සොලොස් රතිකෙළි දැන වෙන වෙනම

    කර රුති පහස විඳ විඳ රුති වඩන පෙම

    රතිගති රුවැති දිගුනෙත සමග මනරම

    නොනැවති පහස විඳ වෙහෙසෙමිනි තුන්යම

    ඒ කාලෙත් කියවෙනවා සො‍ළොස් රතිකෙළි අතීතයේ මිනිස්සු දැන හිඳ අභාවයට ගිය කතාවක්.

    ස්ත්‍රියක් කාමාශාවෙන් පෙළෙන බව වටහා ගන්න විදිහ විස්තර කරනවා. ලස්සනම දේ ළඟම ඉන්න පොඩි එකෙක් වඩාගෙන පේන්න හුරතල් කරන එක. ඇඟ කම්මැලි අරින්න වගේ ඇඹරුනත් ෂුවර් නෑ.

    ඒ වගේම කාම ලැදි වුනාට මත්විරෝධී ගතියකුත් තියෙනවා. ගෑනුන්ගෙ පීරියඩ්ස් ගැන එහෙම කියනවා මරු කතා ටිකක්. යුරෝපියන්ගේ මතය වැරදියි කියමින් පරණ සාම්ප්‍රදායික පීරියඩ් විරෝධයම අරගෙන එනවා. ඒ ආර්ටිකල් එකේම පෑඩ් විකුණනවා.

    ගොනොරියා සිපිලිස් ආදී සමාජ රෝග ගැනත් කතා කරනවා. නරක ස්වාමි පුරුෂයන් නිසා පතිව්‍රතතාවය ආරක්ෂා කරන ගුනගරුක කාන්තාවන්ට පවා මේ රෝග වැළ‍ඳ‍ෙන බව කියනවා. බය වෙන්න එපා මේ අහන්න ලැබෙන දේවල් නිසයි එහෙම කීවෙ කියනවා.

    මේ කාම ශාස්ත්‍රය ජ්‍යොතිශයත් එක්ක හොඳටම ගැටගැහිලා තිබුණු වගක් පේනවා. ඒත් අසූ ගනන් වල කාම පත්තර රැල්ලෙ මේ නැකැත්බලි විශ්වාස තිබ‍ුනෙ නෑ.

    විවාහ දිනයේදී යුවළකට තෑග්ගක් විදිහට දෙන්න හොඳම ගිහිගේ වාර්ෂික කලාප එකතුවක් කියලත් සඳහන් කරනවා. මොනවා වුනත් ඇඩ්වර්ටයිසින් පැත්ත නම් හොඳටම කරලා තියෙනවා. හැම පිටුවකම මොනවා හරි විකුණනවා.

    මේ පත්තරවල අන්තර්ගත කාරණාවලට වඩා වටින්නෙ ඒ කාලෙ සමාජයෙ ලිංගිකත්වය ගැන තිබුණු ප්‍රශ්න, මතවාද සහ නිදහස පිළිබඳ කාරණා මේ හරහා අනාවරණය කරගන්න පුළුවන් එකයි. එක පත්තරයකින් ගොඩක් දේවල් කියන්න අමාරුයි. ඒත් අපේ රටේ කාම පත්තර ඉතිහාසෙ සුවිශේෂ තැනක් ගිහිගේ පත්තරේට අනිවාර්යෙන්ම හිමිවෙනවා.

  • මැයි දෙසැම්බර් ප්‍රේමය

    මැයි දෙසැම්බර් ප්‍රේමය

    මේ ප්‍රවෘත්තිය දැක්කෙ අහම්බෙන්. අවුරුදු අසූවක පිරිමියෙක් එක්ක අවුරුදු 29ක ගැහැණියකගේ විවාහය. ඒක රූපවාහිනී ප්‍රවෘත්තියක් වෙනවා.

    එහෙම ප්‍රවෘත්තියක් වීම එක විදිහකට වැදගත්. මේක තෝරගන්න මූලික වෙන හේතුව නරඹන ජනතාවගේ ‘අනේ බලන්නකෝ නාකි කෝලම්’ ‘ඊයා නේද තාත්තටත් වඩා වයසයි’ ආකාරයේ සාමූහික ජාගර උපහාස රසයක් ඇතිකිරීම බව පැහැදිලියි. ඒත් අනිත් පැත්තෙන් අපි දන්නෙම නැතුව අපේ ආදර ලෝකෙ වයස් සීමාව තරමක් හරි පළල් කරන්නත් මේක හේතුවක් වෙනවා. ඊළඟට අවුරුදු 75ක ප්‍රේමවන්තයෙක් දැක්කට ඒ තරම් අපේ අපහාස උපහාස රසය ඇවිස්සෙන්නෙ නෑ.

    වැදගත්ම දෙයක් තමයි මේ වගේ ප්‍රවෘත්තියකට වැටෙන කමෙන්ට් දිහා පරීක්ෂාවෙන් බලන එක. සාමාන්‍යයෙන් කමෙන්ට් එකක් දාන්නෙ ළඟ ඉන්න කෙනෙක් එක්ක ජුගුප්සාව පළකිරීමෙනුත් තෘප්තිමත් කරගන්න බැරි තරමෙ ආශාවක් තිබුනම. ඒක එක්තරා විදිහකට සමාජයේ අවංකම අවුලක් ප්‍රදර්ශනය කරනවා.

    මේ කමෙන්ට්වල වැඩිහරියක් උපහාසයට නගන්නෙ මේ අසූ වියැති පෙම්වතා සමග මේ කාන්තාවගේ සංවාස අභ්‍යාසයි. මෙතනදි මෙවන් තරුණියකගේ පහස ලැබීමේ වාසනාව ගැනත් කතා වෙනවා. ප්‍රශංසාත්මකව හෝ ආස්වාදනීය ආකාරයකින් නෙමෙයි. හියුමිලියේෂන් ආස්වාදයකට.

    මෑතක කරපු පර්යේෂණයකින් එලිදරව් වෙනවා අවුරුදු 65 – 80 දක්වා කියන්නෙත් ලිංගිකව සක්‍රීය වයසක් කියල. ඒ වගේම ඒ අය බොහොමයක් කියනවා තමන් ලිංගිකව තෘප්තිමත් බවත්. 40%ක් මේ වයස් කාණ්ඩයේ වැඩිහිටියන් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙනවා. ඒ වගේම මේ වයස් කාණ්ඩයෙන් අඩකටත් වඩා කියනවා සෙක්ස් කියන එක තමන්ගේ ජීවිතයේ ගුණාත්මක තත්වය පවත්වාගෙන යන්න වැදගත් කියල.

    එතකොට වයස එක්ක සෙක්ස් ගැලපීමෙන් නගන හාස්‍යය අපේ පරණ හණමිටි දැනුමක් එක්ක ගැටගැහෙනවා. ඒ වයස කියන්නෙ පන්සලක පල්ලියක පරලොවක් වෙනුවෙන් වැඩ කළ යුතු කාලයක් කියන ඇදහිල්ලයි මේ උපහාසය පිටිපස්සෙ තියෙන්නෙ. ඒ අයට තමන්ගේ ශරීරය සහ ලිංගිකත්වය ආස්වාද කිරීමේ අයිතිය සමාජ සදාචාර මුහුණවරකින් අධෛර්ය කිරීමක් තමයි මේ කමෙන්ට්වල තියෙන්නෙ.

    මනෝ විද ්‍යාත්මක ගැහැණු වඩා වයස්ගත පිරිමින්ට ආශක්ත වීමේ විභවයක් තියෙනවා. මේක තමන්ගේ පියා සම්බන්ධ අවිඥානක තත්වයක් විදිහට ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණය ඇතුලෙ පැහැදිලි කරනවා. සංඛ්‍යාත්මක දත්ත එක්ක ගත්තත් ගැහැණු තමන්ගේ පියාගේ හිසකෙස් වර්ණය, ඇස්වල වර්ණය, සමාන ලක්ෂණ හිමි පිරිමින්ට ආකර්ශනය වීම සනාථ වෙලා තියෙනවා. ඒ වගේම වඩා වයස්ගත දෙමව්පියන් එක්ක ඉන්න කාන්තාවක් වැඩිහිටි පිරිමියෙක් විවාහ කරගැනීමේ හැකියාව වැඩි බවත් කියනවා. නමුත් මේක අවිඥානක පෙළඹවීමක් මිස සවිඥානක වුනා නම් ඒ අය කරන තෝරාගැනීමක් නෙමෙයි.

    එතකොට මේ කාන්තාව අසූවියැති පෙම්වතා සමග විවාහ වෙන්න හේතු වෙන්න ඇත්තෙ මොනවද? මුලින්ම අපේ දුප්පත් මානසිකත්වය විසින් දෙන තාර්කික හේතුව තමයි ධනය හෝ බලය කියන එක. ඒක ඒ තරම්ම මතුපිටින් නොවුනත් ස්ථාවරත්වය, ආරක්ෂාව, සුවපහසුව පැත්තෙන් කාන්තාවකගේ ආකර්ශනය වැඩිහිටි පිරිමියෙක් කරා ගෙනියන කාරණයක් වෙන්න පුළුවන්.

    මෙතනදි අපහාස උපහාස කරන බහුතරයක් පටලවා ගන්න කාරණයක් තමයි විවාහය සහ ලිංගික හැසිරීම එකම දෙයක් විදිහට සැලකීම. ඒ කියන්නෙ විවාහක පිරිමියා සමගම පමණක් ලිංගිකව හැසිරීමේ විශ්වාසය තියාගෙනයි මේ බහුතරයා මේ ප්‍රවෘත්තියට එබෙන්නෙ. ඇයට පුළුවන් ඔහු සමග විවාහ වෙන්න. ඔහුගේ ආදරය ලබන්න. ලිංගිකව හෝ ප්‍රේමනීයව හෝ තවත් පිරිමින් සමග බැඳෙන්න. ඔවුන් ඉන්නෙ විවෘත විවාහ ජීවිතයකද, සංවෘත විවාහ ජීවිතයකද යන්න ගැන ප්‍රවෘත්තියේ කිසිදෙයක් නෑ.

    අනෙක් අතට ඇය ඒසෙක්ෂුවල් වෙන්න පුළුවන්. ඇයට ලිංගික ආස්වාදයක් උවමනාම නැති වෙන්න පුළුවන්. ඒ වගේ තත්වයකදි ඇයට වඩාත් ගැලපෙන ප්‍රේමය මේ පෙම්වතා සතුවෙන්න පුළුවන්. ඇඳ උඩ ලිංගික ජවනිකාවෙන්ම මේ ජීවිතවලට එබෙන අයට දැනෙන ලිංගික අතෘප්තියක් විතරක්ම මේ ප්‍රතිචාර ඇතුලෙ පේනවා වෙන්න පුළුවන්. විවිධාකාර ලිංගිකත්වයන් සහිත පිරිස් අපේ සමාජයේ ජීවත් වෙනවා කියන එක අපි නිතර අමතක කරනවා. සියල්ල දිගුවෙන්නෙ විෂම ලිංගික මොනොගමික සාම්ප්‍රදායික ලිංගික පවුල් ආස්වාදයට විතරයි.සමහර විට ඇය සමලිංගික වෙන්නත් පුළුවන්. සමලිංගික විවාහයකට අවසර නැති රටක ඇයට ඇති වඩා තේරුම් ගන්නාසුලු, පහසු මාර්ගය මේ විවාහය වෙන්න පුළුවන්. ඒ විවාහය ඇතුලෙ ඇගේ සමලිංගික ප්‍රේමයකට අවසර තියෙන්න පුළුවන්. එය ඉතාම ඉහලින් අගය කළ යුතු මානුෂීය සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්.

    තව විදිහකින් මේ දෙන්නා අතර ඉතාම අනුරාගී සම්බන්ධයක් තියෙන්නත් පුළුවන්. ඇය වයස්ගත පිරිමියෙකුගේ ඇසුරක අන් කිසි තැනක නොලබන තෘප්තියක් ආස්වාදයක් ලබනවා විය හැකියි. අපේ ලිංගික ආස්වාදය කියන එක අපේ පුද්ගලික ගැඹුරු මනසේ පෙළඹවීම් එක්ක සම්බන්ධයි. ඒක හුදු සම්මතයෙන් පිලිගත් වයස් කාණ්ඩයන් හෝ ලිංග කාණ්ඩයන් අතරම හැසිරෙන එකක් නෙමෙයි. ඒ විස්තෘතත්වය බාරගැනීම සහ අගය කිරීම කියන්නෙ අපේ පරිණතබව. ඒකට අපහාස උපහාස කිරීම කියන්නෙ අපේ නොමේරූ බව. වෙනස් විදිහක ශෘංගාර තෝරාගැනීමක් කියන්නෙ සෞන්දර්යයක්.

    තව පැත්තකින් මේක හුදු ලිංගික කාරණයක් නම් ඔවුන්ට විවාහය වැදගත් නොවෙන්න තිබුණ. මේ ප්‍රසිද්ධිය වැදගත් නොවෙන්න තිබුණ. ඕනම කෙනෙකුට විවාහ නොවී වුනත් ලිංගිකව එක්ව ජීවත්වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ විවාහය කියන්නෙම ඔවුන්ට සමාජය පැත්තෙන් දිය යුතු පණිවුඩයක් බව නිශ්චිතයි. ඒක එක්කො කෙනෙකුගේ ස්ථාවරත්වය ගැන, රැකබලාගැනීම සහ ආරක්ෂාව ගැන සහතික කිරීමක්. නැත්තම් ආදරය, විශ්වාසය සහ නිදහස ගැන සහතික කිරීමක්. මේ දෙපැත්තම කියන්නෙ හොඳ මානුෂීය ගනුදෙනුවක කතාවක්.

    නිර්මානුෂීය කතාව තියෙන්නෙ අපේ පැත්තෙ.