අද අපේ ජිම් එකට අවුරුදු හැටක විතර සුද්දෙක් ආවා (සුද්දා කියන්නෙම අන්තිම වර්ණවාදී යෙදුමක්. ඒත් ඒක නැතුව කතාව කියන්න බෑ) සුද්දා එක්ක අවුරුදු විසිපහක විතර අර ලාල්කාන්ත කියනවා වගේ අනුරාගී කෙල්ලෙක් ආවා. එයා නර්ස් කෙනෙක් නෙමෙයි හැබැයි එයා ලංකාවෙ කෙනෙක්.
එතකොටම මගේ ළගට ජිම් එකේ යාලුවෙක් ආවා. ඌ ජිම් එකේම ජීවත් වෙන එකෙක්. පොලේ කඩයක් කරන බුවෙක්.
‘දැක්කනෙ.. සල්ලි තමයි.. සල්ලි තියෙනවා නම් නාකි වුනත් ගින්දර වගේ කෙල්ලො ඉන්නවා’
මේ කතාවට මට හිනා ගියා.
‘පිස්සුද බං? ඕන තරං කෙල්ලො ඉන්නවා නාකි මිනිස්සුන්ට ආස. සල්ලිවලට ආස අයත් ඇති. කොල්ලෙක් කෙල්ලෙක් එක්ක වගේම වැඩිමල් මනුස්සයෙක් එක්කත් වෙනම ආතල් එකක් තියෙනවා’
මං ඌට පැහැදිලි කරන්න හැදුවා.
‘පිස්සු කතා කරනවා. මොකක්ද වෙනස? මොකක්ද වෙනස කියන්නකො? නගින්නෙවත් නැති වයසෙ උන් එක්ක සල්ලි මිස වෙන මොන ආතල්ද?’
ඌ මට අභීයෝග කළා.
‘නෑ මචං. උඹ දන්නෙ එච්චර වුනාට ඔය පයිය කෙලින් කරගෙන දාලා හොල්ලනවට වඩා සෙක්ස්වල තව ඕන තරම් ආතල් තියෙනවා. ඕකට වඩා කොච්චර දේවල් කරන්න පුළුවන්ද දිවෙන්?’
මං හොඳටම දන්න කාරණයක් කිව්වා.
“බම්බුව. පයිය කෙලින් කරගන්න බැරි උන් කියන කතා ඕවා. අර පයිය තියාගෙන ඇට දෙකෙන් ගහනවා කියන්නෙ’’ ඌ දිව දැමීම සම්බන්දෙන් ඉතාම අපහසුතාවයකින් පෙළෙනවා කියලා මට දැනුනා.
ඌ මගේ කණට ළංවුනා. මට රහසක් කිව්වා.
‘සෙක්ස් කරන්න සොබා ධර්මෙන් දීලා තියෙන්නෙ මේක (පයිය). ඒකෙන් කරාමයි ළමයෙක් හරි හදාගන්න පුළුවන්. මොකෝ ඔය නාකි එක්ක ගිහින් ළමයෙක්වත් හදාගන්න කියලද?’
‘හෝව් හෝව්.. සෙක්ස් කරන එකයි ළමයි හදන එකයි දෙකක්නෙ. මොකටද බං ළමයි හදන්නෙ? අපි ට්‍රයි කරන්නෙම ළමයි හැදෙන්නෙ නැති විදිහට කරන්‍නනෙ’
මං ඉතිං මගේ විදිහ කිව්වා.
‘ළමයි හදන්නෙ නැතුව මොන ජීවිතයක්ද? කසාදයක් බඳිනවා කියන්නෙ ළමයෙක් දෙන්නෙක් හදාගෙන ජීවත් වෙන එකට. ආසාවල් පිරිමහන්න එකඑකා පස්සෙ යන උන්ට ජීවිතයක් නෑ’
අපි එකඑක්කෙනා ජීවිතේ කියල හිතන දේ මොනතරම් වෙනස්ද කියල මට හිතුන. ජීවිතේ කියන්නෙ තමන් ගත කරන දේටමයි එයින් පිට ජීවිතයක් නොපවතී කියල විශ්වාස කරන මිනිස්සු ගොඩක් ඉන්නවා. මං ඉස්සරහ ඉන්නෙ ඒ වගේ මිනිහෙක්.
‘ දැන් උඹම කල්පනා කරලා බලපං. මේ හොම්බෙන් ගිය රටක ඉඳගෙන තව ළමයි හදන්න ඕන කියන්නෙ මොන ගොනාද?’ මං උගෙන් ඇහුවෙ තව දැනගන්න.
‘රටට කෙළවුනේ අපි හින්ද නෙමෙයිනෙ. දේශපාලකයො හොරකම් කරපු හින්ද’ ඌ පැනපු ගමන් ජවිපෙ පහරක් එල්ල කළා..
‘ඇයි එතකොට උඹලා වගේ හිතන උන් පෝලිමට ළමයි හදලා, ඒ ළමයින්ට නිකං උගන්නන්න, උන්ට ආන්ඩුවෙ රස්සා දෙන්න, ලෙඩ වුනාම ඉස්පිරිතාලවල නිකං බෙහෙත් දෙන්න ආන්ඩුවෙ සල්ලි වියදම් වෙන්නෙ නැද්ද?’
‘ඉතිං ඉතිං ඒවටනෙ අපි බදු ගෙවන්නෙ. අපි කන බොන හැමදේකින්ම අපි බදු ගෙවනවනෙ’ ජිම් යාලුවා උජාරුවෙන් උත්තර දුන්නා.
‘ඉතිං බං ඔය බදු ඇති නං ණය වෙන්නෙ මොකටද?’
‘ඒක තමයි කියන්නෙ, දේශපාලකයො හොරකම් කරන හින්ද කියල’
මං යාලුවා ළගට ගියා,
‘මචං ලංකාවෙ ලොකුවටම හොරකම් කළා කියන රාජපක්ෂ හොරකම් කලෙත් ඌටම නෙමෙයි, උගේ ළමයි තුන්දෙනාට. ඔය හොරකම් කරන දේශපාලකයො හොරකම් කරන්නෙත් උඹලා වගේම උන්ගෙ ළමයි හොඳට තියන්න. කන්න අඳින්නත් නැතුව ඉන්න අතරෙ ළමයි හදන පවුලක මිනිහෙකුට හොරකමක් නොකර ජීවත් වෙන්න බැරි වෙනවා. උන් තමයි දේශපාලකයො ළගට ගිහින් මොකක් හරි ගානක් කපා ගන්න පුළුවන් ඕන කුජීත වැඩකට සෙට්වෙන්නෙ’’’
මං තේරුම් කරන්න හැදුවා. ඒත්,
‘එතකොට ඔයා කියන්නෙ දේශපාලකයො හොරකම් කරන්නෙ නෑ කියලද?’
දේශපාලකයා විසින්ම තමන් අමාරුවෙ දැම්මා කියල තමන් නිදහස් වීමේ දැඩි උවමනාවක් රටේ ගොඩක් අයට වගේම මගේ යාලුවාටත් තිබුන.
‘නෑ මං කියන්නෙ දේශපාලකයො කියන්නෙත් උඹලමයි. උන් හොරකම් කරන්නෙ උඹලටත් එක්කයි. උන්ගෙ ළමයින්ටයි උඹලගෙ ළමයින්ටයි’’
මං කියන කතාව ඌට කොහොමවත් තේරුම් කරන්න මට බැරි වුනා. මට එක වෙලාවකදි අමුතු කාරණයක් පෙනුනා. ඒ තමයි මගේ යාලුවට ආපස්සට හැරිලා තමන් දිහා බලන්න හැකියාවක් නැති බව. ඌත් ළමයි ඉස්කෝලවලට දාගන්න දේශපාලකයො ළගට ගිය වග මං දන්නවා. චන්දවලට වැඩ කරලා උදව් ගත්ත වග මං දන්නවා. ඒත් ඒවා කරපු යාලුවයි, දැන් මං ඉස්සරහ කතා කරන යාලුවයි දෙන්නෙක්.
මගේ යාලුවාව කුපිත කළේ අර කෙල්ල විසින් දැරූ අනුරාගයයි. ඒ නාකි සුද්දට ඇය ලැබීම ගැන ඇති වුනු ලිංගික ඉරිසියාවයි. තමන් සමාජයෙන් කියන විදිහට කසාදයක් බැඳගෙන ළමයි හදමින්, උන්ගෙ වැඩවලට නහිමින්, එකම ගැහැණියක් සමග ජීවිතය ගත කරන්න සිදුවීමේ කණස්සල්ල අර යුවළගේ සතුට දනවන ආශාව නලියන ජීවිතයට එරෙහිව මතුවුනා. මගේ යාලුවා බිරිඳට හොරෙන් යම් යම් කොටු පැනීම් කරන බව ෂුවර්. ඒත් ඌට ඒකෙ ශෘංගාරය, නිදහස කිසිදවසක විඳින්න ලැබෙන්නෙ නෑ. මගේ යාලුවාගෙ සියලු සදාචාර විනිශ්චයන් පදනම් වෙන්නෙ මේ තමන්‍ගේ ආශාව කිසිදවසක සාක්ෂාත් කරගත නොහැකි වීමේ අසහනය උඩයි.
යාලුවාට සිද්ද වෙනවා තමන්ටම සනාථ කරගන්න අර යුවළට නැති ජීවිතයක් තමන්ට තියෙනවා කියල.
ඒ ආඩම්බරය එයා ගන්නෙ සම්මතයෙන් නැත්තං සදාචාරෙන්. එතනදි ඌ ඒ වෙනුවෙන් තමන්ට කරන්න සිද්ද වෙන හොරකම්, රැවටීම් සහ තක්කඩිකම් අමතක කරනවා.
රටට කෙළවෙන්නෙ තමන් නිසා නෙමෙයි දේශපාලකයො නිසයි කියල හිතනවා. තමන්ට කෙළවෙන්නෙ ජීවිතේ විඳින අනිත් මිනිස්සු නිසා කියල හිතනවා.
මේ වගේ මිනිස්සු එකතු වෙලා ගන්න තීරණවලින් රටක් වෙනස් වෙයි කියලා ඒ වගේ මිනිස්සුම ගොඩක් බලන් ඉන්නවා.