කඩ්ඩ හෝඩියේ අට වෙනි සහ නවවෙනි අකුරු එක ලඟින් ඉපදිලා තියෙන්නෙ සම්බන්ධයන් හැදීම උදෙසාම බිහිවුනු විදියට. හුදෙකලාව ඉන්න කැපිටල් H අකුරක් අල්ලපු වැටේ ඉන්න සිම්පල් i අකුරත් එක්ක හාද වෙලා හැදෙන Hi එක කියන්නේ ලොකු සම්බන්ධයක් වෙනුවෙන් තැබෙන මුල්ගලේ අමුද්‍රව්‍ය. වැදගත් තැනක මුල් තැන.  

Facebook හදාගත්ත මුල්ම කාලේ, ස්ක්‍රීන් එක දකුණු පැත්තෙන් චූටියට පේන ඕනෑම ලස්සන කෙලි මූණකට යවන request එකක් accept වෙලා පැය ගානක් යද්දි Hi මුල්ගල chat box එකේ තැන්පත් කරලා ඉවරයි අපි. ඉතාම කණගාටුදායක විදිහට ගොඩක් මුල්ගල් පැලවුනා. හැබැයි එහෙන් මෙහෙන් අපිලිවෙලට බිත්ති බැඳුනු ඒවත් නැත්තෙම නෑ. සමහරු නම් තට්ටු ගෙවල් පිටිං ගැහුවා. ඒත් අපිට කොහෙද බූල් බල්ලෝ. ඒ මතකයන් හිනැහෙමින්, සමරමින් මම ගැමුණුගේ මතක පද search කරලා ගත්තා යූ ටියුබ් එකේ අස්සෙන්.

“ආදරේ කරද්දි හැම නිතරම අපි ඉන්නේ extreme closeup එකක. ආදරේදී අපි ඉන්න මේ අති සමීපතාව නිසා අපි ලඟම ඉන්න කෙනාගේ නියම චිත්‍රය අපිට පේන්නේ නැතුව යනවා. ඒත් අපි ඈත් වුනු දාට අපිට පේන්න ගන්නවා වෙනම රූපයක් වෙනදා නොදුටු ….” 

එදා ලඟ සිට දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්නේ. සුනිල් එදිරිංසිහගෙ සදාකාලික නොවූ ලෝකේ ගැන බූපතිගේ අදහස යූ නලය දිගේ ගලං ඇවිත් හෙඩ් ෆෝන් වයර් වලින් ලීක් වෙලා මගේ කං  ඇතුලේ කැලතෙමින් තිබුනා. බූපති David Lynch ගැන කිව්ව අදහසක් නිසා පොරගේ films මොනවද කියලා search කරන්න phone එක අතට ගද්දිම messenger chat එකක vibration එක අතට දැනුනා…..අටවෙනි අකුරෙයි නවවෙනි අකුරෙයි එකතුවක් , Messenger එකට නුපුරුදු නමකින් ඇවිල්ලා තිබුනා. Messenger එකට නුපුරුදු වුනත් මූණු පොත අස්සේ ඒ නම, ඒ රූපය, කවදාවත් නුපුරුදු උනේ නෑ. දවස ගානේ upload වෙන ගින්දර photos ගොඩක හිමිකාරී. එක පිට එක like දාං යන්න හිතුනු වාර අනන්ත උනත් කොහේදෝ තිබ්බ විනීත කමක් නිසා බලා පමණක් සැනසුනු ඒ හැඩකාරි. 

“ඔබේ වත නොව ඔබේ හදවත පුරා හඳ සේ පෑ…..”, සුනිල්ගේ කට මොහොතකට වහලා මම ටික වෙලාවක් chat box එක දිහා බලං හිටියා. වැරදිලා ආපු Hi එකක් නම් apologize කරයිනේ කියලා. අනේ දෙයියනේ එහෙම නම් වෙන්න එපා. විනාඩියක් දෙකක් ගෙවිලා ගියා. ප්‍රාර්ථනාව හරි ගියා. දෙයියෝ ඉන්නවා….ඔව්, ෂුවර් එකටම ඉන්නවා. මම පරිස්සමට H අකුර හොයාගෙන phone එකට දැනෙන නොදැනෙන ගානට එබුවා. ඊට පස්සේ i අකුර ගෙනැත් ඒ ලඟින්ම තිබ්බා. H එකයි i එකයි හරි හරියට ලංවෙලා ඉන්නවද කියලා නැවත බැලුවා. මොකද මීට කලින් හදිසියේ ටයිප් කරපු ගොඩක් ඒවා hoi කියලා type වෙලා තියන නිසා. එහෙම උනොත් වස නෝන්ඩියනෙ. දෙකම හරියට තියනවා. Touch කරා send button එක ඇඟට නොදැනෙන්න. ඊලඟ විනාඩිය කල්පයක් තරමට දිග වුනා. මෙහෙන් යවපු Hi එක එහෙන් seen වෙනකල් ලොවෙත් stress . ආතතිය වැඩි කමට ආයෙත් සුනිල්ට chance එකක් දුන්නා. “ගෙවූ කාලය සිහිනයක්”…… කියමින් සිංදුව ඉවරවෙමින් තිබ්බා. යූ නලේ ගියපු program එක Pause කලාට pause වෙලා නෑ වගේ. ගෙවූ කල්පයක් දිග විනාඩිය ඉවර කරමින් චැට් vibration එකක මිහිරි නාදය ඇහුණා. දඩ බඩ ගාලා phone එක අතට ගත්තා. කලබලේට තව ටිකෙන් අලුත්ම phone එක බිම…….. ඒ ඔක්කොම පටන් ගත්තේ එහෙම. 

*******

අපි දෙන්නම ඒ කාලේ මූණු පොතේ අතිශය සක්‍රීය ජීවින් දෙන්නෙක්. සමාජ මාධ්‍ය නීතීන් අනුව යාලුවෝ කියලා පෙන්නුවත් හැබෑ ජීවිතේ ඇතුලෙ නාඳුනන්නෝ. එයා model කෙනෙක් නොවුනත් සමාජ මාධ්‍ය අවකාශය තුල ඇවිලෙන ගිනි පුපුරක්. එයා දවස ගානෙම වගේ ගින්දර photos දානවා. ඒ ගින්දරට මම පිච්චෙනවා. ගොඩක් තනි රාත්‍රීන් වල ඒ පිච්චිලි වල ඉසියුම් සතුට ඇඟිලි පුරා ගලං යනවා. එයා දාන photos දිහා මම දිගු විනාඩි ගනන් බලා ඉඳලා තිබුනත්, එදිනෙදා පොඩි පොඩි අත් වැඩ සඳහා එයාගෙ ගින්දරම පින්තූර hard එකෙත්, සමහර පින්තූර හිතෙත් සේව් කරං හිටියත්, ඒ වගේ කෙනෙක් මං එෆ් බී එකේ ලියන හෑලි දිහා ඇහැක් ඇරලා බලයි කියලා මම හීනෙකින්වත් හිතලා තිබුනේ නෑ. ඉතින් එදා රෑ Chat එකේ තිබ්බ හැමදේම ලියන්න බල කරන බොලඳ ආසාවක්  හිත ඇතුලේ ඳඟකරත් මං ඒක සාරාංශයකට සීමා කරන්නම්. එයා කියලා තිබ්බේ මම ලියන දේවල් වලට කැමතී සහ මගේ සමහර කවි පඩංගු වලටත් කැමතී කියලා. Phone එක ආයෙත් මගේ අතින් වැටෙන්න ගියා ඒක දැක්කහම.ඊට පස්සේ ඇගේ යෝජනාව උනේ මාව මුන ගැහිලා කතා කරන්න ඕන කියන එක. මාත් එක්ක කියවන්න ඕන, share කරගන්න ඕන මොනවදෝ එව්වා වගයක් එයා ලඟ තිබුනා කියලා chat window එකේ  පේලියෙන් පේලියෙන් මතුවෙන english, සිංග්ලිශ් මිශ්‍ර කතන්දරේ තිබුනා. ආයේ ඉතින් ඒ හමුවට මම කුමට බෑ කියම්.  

යෝජනාව ඉස්තීර වෙලා පළමු හමුව දෙහිවල බැරකූඩාවෙදි සිද්ද වුනා. මුහුද සිප ගෙන හමන තෙත ලුණු රහ හුළං අහුරයි, හිටි හැටියම ලෝකේ පෙරලෙන සද්දයකින් වටපිටාවම කම්පා කරං දුවන කෝච්චියයි මගේ හිතේ තිබ්බ ආතතිය වැඩි කරාද අඩු කරාද කියලත් මට ශුවර් නෑ. ඒ තරමට මං නොසන්සුන් වෙලා. එයා මොකක් ඇඳන් එයි ද ?. මගේ අත් වැඩිපුරම තෙම්මන්න හේතු වුනු, අර කළු පාට කොට ගවුම. රන්වන් පාට දිගු දෙපා ලෝබ නැතුව කල එලි බස්සන ඒ කොට ගවුම. ඒක ඇඳන් ආවොත් හොඳයි කියලා හිතනකොටම ගස් අතරින් ඇදිලා එයා ආවා… 

ඒක දිගම දිග ගවුමක්…පාට නම් කළු. හැබැයි ගින්දර ෆැක්ටර් එක උපරිමෙන්ම තිබුණා, එයා අඳින හැම ඇඳුමක වගේම. ඇඳුම් එයාව ලස්සන කලේ නෑ, ඇත්තටම සිද්ද වුනේ ඇඳුම් වලට එයා ලස්සනක් එක්කහු කරපු එක. හැම ගෑණු ඇඳුමක්ම එතෙන්න ප්‍රාර්ථනා කරන ලාලිත ශරීරයක් එයා සතුව තිබුනා. එයාගේ නිතඹ හරහා එතෙන ගවුම් ප්‍රදේශයට පුලුවන් උනා ආඩම්බරෙන් කොන්ෆිඩන්ස් පිට එලියට මතුවෙන්න. මතුවෙලා වටපිටාවට අභිමානයෙන් මූණ දෙන්න. පස්සකට මූණක් වෙන්න පුලුවන් කමක් උරුම වෙනවා කියන්නේම ලෝකෙ ලබන්න පුලුවන් ලොකුම ජයග්‍රහණ වලින් එකක්.  ඒ කොන්ෆිඩන්ස් පස්ස දිහා හැම පිරිමියෙක්ගෙම ඇස් ඇදුනා. තම තමන්ගේ පෙම්වතියන් එක්ක හිටපු පිරිමින්ගේ ඇස් වල කොන්ෆිඩන්ස් බිඳුනා, ඒ පෙම්වතියන්ගේ මූණු වල කොන්ෆිඩන්ස් කුඩු පට්ටම් වෙලා ගියා. එයා ඇවිත් මං ඉස්සරහ ඉඳ ගත්ත මොහොතේ මගේ කොන්ෆිඩන්ස් එකත් බිඳුනා. කළු ගවුමට යටින් ලස්සනට හිරට තැන්පත් වෙලා , භාගෙට එලිය බලමින් ඉන්න හංස ජෝඩුව දිහා බලන්නම ඕන වුනත් මට බලන්නට වෙලා තිබ්බේ අකුණු ගහන , අඳුන් ගාපු ඇස් දෙකක් දිහා. එයාගේ ඇඟේ තිබ්බ සෙක්සිම කොටස දිහා. ඒ තමයි එයාගේ මූණ. 

ඉතින් අපි මොනවද කතා කරන්නේ. ඒක හිත් අලවන  , අත් අල්ලන , වත් සිඹින  ගත් තෙරපෙන කතාබහක් වෙනවා නම් කොච්චර හොඳයි ද?

ඒ බලාපොරොත්තු වැඩි කරමින් ඇදිලා ආවේ ගෑණු පිරිමි සම්බන්ධකම් ගැන මම ඒ ලඟක දී දාලා තිබුණු පෝස්ට් එකක් ගැන කතාබහක්. අවුරුදු දෙකක කැරලිකාර ආදර සම්බන්ධයක්, සාම්ප්‍රදායික විවාහ දොරටුවේ ඉස්මත්තටම ඇවිදින්, මොකක්දෝ වාසනාවකටද අවාසනාවකට ද මන්දා කාබාසිනියා වෙලා ගිහින්, මම , සම්මත, අසම්මත, නීතිමය,  හැම ක්‍රමයකින්ම තනි වෙලා හිටිය කාලයක් ඒක. අපි වෙනුවෙන් ගහන්න තිබ්බ පෝරුවේ රත්තරන් පාට තැවරුනු රිජුෆෝම් පුන්කලස්,රිජුෆෝම් වී කරල් , ඉර, හඳ ,තරු, සියල්ල කුඩු වෙලා ඉහිරිලා අවරට යද්දිත්, නැකැත් පත්‍ර වෙඩිංකාඩ් ඉරිලා දියවෙලා යද්දිත් මට දුකක් කියලා එකක් නොදැනුනේ ඇයි කියන එක අද හිතලා බලද්දීත් හෙන ප්‍රශ්නයක්. කොටින්ම දුකක් හිතෙන්නවත් මං ඒ ගැන කල්පනා කෙරුවේ නෑ ඒ කාලේ. මට දැන් වෙලාවකට හිතෙනවා FIGHT CLUB movie එකේ නමක් නැති කතා නායකයා කලා වගේ ඒ මහා මංගල්ලේ පුපුරවා හරින්න ඇත්තේ මංමද කියලා . ඔව් ඒ මංගල්ලේ ලං වෙන්න ලං වෙන්න මගේ ඇතුලේ Tyler durden කෙනෙක් ඉපදෙන්න ඇති….අපේ පළමු හමුවේ ගෑනු පිරිමි කතාව පටං අරං ගලා ගියේ ඒ ඔස්සේ. 

“මට ජීවිතයේ අරමුණු, ආසාවල් කියලා ලොකූ දේවල් නෑ. ජීවිතේ නාකි වෙනකල් ඇදං යන්න අත්වාරුවක් වෙන්න මිනිහෙක් ඕනත් නෑ. මගේ ඇතුලේ ඉන්නවා අඩ හඳයෙක්.මං ඌට කතා නොකරන්නේ ඔයා එක්ක කතා කරනකොට විතරයි…”

ඊට පස්සේ එයා ඩන්හිල් පැක් එක දික් කරා එක පාරටම.

“ගන්නව ද ?”

මම තත්පර ගානකට ලොක් වුනා. එක වෙලාවෙම ඔලුව ඇතුලේ ඉපදුනු ප්‍රශ්න කිහිපයක් ඔලුවෙන් ගැලවිලා ඇවිත් A4 කොලවල ලියවිලා මගේ ඇස් ඉස්සරහින් හිට ගත්තා. ඉතින් එකිනෙකාට සමාන්තරව හිටගෙන ඉන්න A4 කොල පහක්  තියනවා මුහුදු හුලඟට ඇඹරෙමින්. එක A4 කොලේක එක ප්‍රශ්නේ ගානේ තිබ්බා. මම ඇස් චූටි කරමින්, ලොකු කරමින් , නළල රැලි කරගනිමින්, ඒවා හිතෙන් කියවන්න ගත්තා.

1. මේකි සිගරටුත් බොනව ද?

2. අඩහඳයා ?????…..ඒ මොකාද ඒ ?

3. “මං ඌට කතා නොකරන්නේ ඔයා එක්ක කතා කරනකොට විතරයි”…….පළවෙනි වතාවට මාව හම්බවෙන්නේ අද වෙනකොට ඒ කියපු හරුපේ තේරුම මොකක් ද?

4. මේ ලඟම තියන , secured ම , ගාන ශේප්ම hotel එක මොකක් ද?

5. අද රෑට එන්න වෙන්නැති එක ගැන ගෑනිට කියන බොරුව මොකක්ද ?….

ආහ්….පස්වෙනි A4 කොලේ ඕන නෑනෙ. මංගල්ලේ කැඩුනනේ. මට දැන් ගෑණියෙක් නෑනේ. No more barriers baby. මම පස් වෙනි A4 කොලේ ගුලි කරලා විසි කරන ගමන් අනිත් කොල හතර තාවකාලිකව නැවත මොලේ ඇතුලට රිංගෙව්වා. පට්ට සැටිස් එකේ මම එක ඩන්හිල් කූරක් ඇදලා ගත්තා. ඉතුරු ප්‍රශ්න හතරට උත්තර දුම අදින ගමන් උත්තර ලියනවා. ඒ දුම මැද මට පේන්න ගන්නවා එක එක රූප……ඒ රූපාවලිය පටන් ගන්නේ සුදු ඇඳ රෙද්දේ කෙලවරක සිට බිම දිගේ පල්ලම් බහින, හදිසියේ ගැලවුනු සලකුණු ඇති කළු දිග ගවුමකින්. 

~~~~~

By Dasun Silva