ඔයාගෙ පොත් කියවලා මිනිස්සු වල් වෙනවා. අහලපහල අයටවත් ඉන්න විදිහක් නෑ.

මට මැසෙන්ජර් එකෙන් කමෙන්ට් එකක් එව්වා ගෑනු ළමයෙක්.

ආ?

විහිලුවක්ද, බැනුමක්ද කියල අකුරුවලින් හිතාගන්න බැරුව මං ප්‍රශ්නාර්තයක් යැව්වා.
මං ඉන්නෙ උඩ තට්ටුවක රෙන්ට් එකට. මායි තව ගෑනු ළමයෙකුයි තමයි මේ තට්ටුවෙ ඉන්නෙ. පහල තට්ටුවෙ ගෙදර අයිතිකාරයො. කිසිම අවුලක් නැති කාගෙවත් දේවල්වල ඇගිලි ගහන්නෙ නැති ජෝඩුවක්. ඒ ගොල්ලොන්ට ළමයි දෙන්නෙකුත් ඉන්නවා.

ටික දවසක ඉඳන් මහ රෑට අල්ලපු ගෙදරින් මහ සද්දෙට සිංදු ඇහෙනවා. ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි ඒ සද්දෙටම ඒවා කියනවත් එක්ක. ඒක ගෝෂාවක්. ඒ මදිවට උදේට රන්ඩු වෙනවා. සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම බැනගන්නවා. ඔක්කොමටම වඩා උන් සෙක්ස් කරනකොට. වටේම මිනිස්සු දන්නවා. කෙඳිරිගන්නෙයි එක එක ඒවා කියන්නෙයි රටටම ඇහෙන්න.

මේක ඉවසන්නම බැරි තැන මායි මගේ එහා පැත්තෙ අපාර්ට්මන්ට් එකේ ගෑනු ළමයයි තීරණය කළා මේ ගොල්ලොන්ට මේක කියන්න. අපිට නිදාගන්න විදිහක් නෑ කියල. එයාලගෙ බේඩරූම් එක තියෙන්නෙ අපේ බැල්කනිවලට කෙලින්ම. හැමදේම හොඳටම පේනවා රෑ ලයිට් එලියට. ඔන්න එදා රෑත් දෙන්නා රන්ඩු වෙන්න ගත්තා. ඊට පැයකට පස්සෙ සිංදු කියන්න ගත්තා. සද්දෙන් හිනාවෙන්න ගත්තා. වෙලාව එකට විතර ඇති.

අපි බැල්කනියට ගිහින් කතා කළා. ඇහෙන්නෙ නැති තැන කෝටු කෑල්ලකින් දමලා ගැහුවා ජනේලෙට. ජනේලෙ ඇරලා ඒ ගෙදර පිරිමියා කතා කළා. අවුරුදු 50ක් විතර ඇති. මැරෑටි පාටයි.
අපි බොහොම කරුනාවෙන් අපිට තියෙන කරදරේ කිව්වා. නිදාගන්න බෑ සද්දෙ ටිකක් අඩු කරන්න කියල ඉල්ලුවා. ඒත් මේ මිනිහා අපි දෙන්නටම බැන්නා.

පුළුවන් දෙයක් කරපල්ලා, පොලිසි පලයල්ලා කියල ඉංග්‍රීසි භාෂාවෙ නරකම වචන ගොඩකුත් කිව්වා. ඒකට අපේ ගෙදර අයිතිකාරයාට තරහ ගිහින් එයත් ඇවිත් අර මිනිහට බැන්නා. රන්ඩුව එතනින් ඉවර වුනාට සද්දෙ ඉවර වුනේ නෑ. දිගටම ඒ ගොල්ලො ඒක කරගෙන ගියා. 
ඊගාව දවසෙ මං වැඩ ඇරිලා එද්දි අර මනුස්සයා ජනේලෙන්  මට හූ කිව්වා. මං ගානකට නොගෙන ඇවිත් නාලා ඇඳුම් වැලට දාන්න බැල්කනියට යද්දි අර මිනිහා මහ හයියෙන්

oh baby.. suck my dick.. I wanna suck your pussy..
වගේ ඒවා කියනවා. 

ඒ අතරෙ ජනේලෙත් ඇරියා. මට ඉතින් ඒ පැත්ත බැලුනා. කාමර් ලයිට් දාලා. ඒ මිනිහා ජනේලෙ එල්ලිලා මං දිහා බලන් ඉන්නවා. ගෑනු කෙනා එතනම දන ගහගෙන එතනම වැඩේ කරනවා.

මම ඉක්මනට ගේ ඇතුලට ගිහින් ලයිට් ඔෆ් කළා. එක දිගටම ඒ දෙන්නා අදාල කාර්ය කරගෙන ගියා. සද්දෙන් කියවන්නයි කෙඳිරිගාන්නයි ගත්තා. බොරු කියන්න ඕන නෑනෙ මාත් බලාගෙන හිටියා.
උන් දෙන්නා එතනම සෙක්ස් කරනවා කිසිම අවුලක් නැතුව. මට ඒක නං ප්‍රශ්නයක් නෙමෙයි.
ඊට පස්සෙ මං මගේ කාමරෙන් ඒ පැත්ත පේන ජනේලෙ කොල අලවලා වහලා දැම්මා. (වැහුවට වැඩක් නෑ දිගටම උන් සෙක්ස් කරන සද්දෙ අපිට අහගෙන ඉන්න වුනා) පස්සෙ ගෙදර අයිති අක්කට මේ කතාව කිව්වා. එයා අර ගෙදර අයිති අයට කියලා ඒ අයිති අය අර මිනිහව හම්බුවෙන්න ආවා. ඒ ගෙදර අයිති අවුරුදු 60ක විතර ආන්ටි කෙනෙකුට.

පිරිමියා මිනිස්ටර් කෙනෙක් ළඟ වැඩලු.

ඒ ආන්ටි අපේ අක්කට කියල, අර මිනිස්සු වල් පොත් කියව කියව, වල් ෆිල්ම් බල බල බිබී සෙක්ස් කරනවා කියල. අක්කා අහලා මොන වල් පොත්ද කියල. අර චින්තන ධර්මදාසද මොකෙක්ද කියල වල්පොත් ලියන මිනිහෙක් ඉන්නෙ. ඇතුල්වෙන තැන මේසෙ උඩම තියෙන්නෙ ඒ පොත් කියල.
අක්කා මට මේක කිව්වම මට ඔයාට මේක කියන්න හිතුනා. ඔයාගෙ පොත් හින්ද අනිත් මිනිස්සුන්ට නිදාගන්නවත් නෑ කියල. ඔයා ඕකෙ ලියලා තියෙනවද රෑට ජනෙල් ඇරගෙන මහ සද්දෙට අනිත් එවුනුත් ඇහැරෙන්න සෙක්ස් කරන්න කියල?

මගේ පොත් මේ විදිහෙ පිලිගැනීමකට ලක්වෙන එක ආඩම්බරේකට කාරණයක් වුනත් අනිත් මිනිස්සුන්ට තමන් සෙක්ස් කරන එක වාතයක් වෙන එක නං මං කිසි දවසක බලාපොරොත්තු නොවුනු තත්වයක්.
මං ඉතින් මට මේ කතාව කියපු ගෑනු ළමයගෙන් ඒ වෙනුවෙන් සමාව ඉල්ලුවා. පොලිසියට කිව්වත් බය නැති හාදයෙක්ට මං කියල මොනා කරන්නද? ඕන නං ඔය කාමරේ මට ගන්න පුළුවන්.  චින්තන ධර්මදාස