මෑත දවසකදි අපේ ඔෆිස් එකේ කෙල්ලෙක් මට මග් එකක් තෑගි දුන්නා. මං ඕකෙ ෆොටෝ එකක් ෆේස්බුක් දැම්මා. ඒ කෙල්ලට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් ගොඩක් ආවා. මේ අතරෙ කෙනෙක් අමුතුම ආදර හසුනකුත් එවලා තිබුන.

මට ඔයාගෙ කකුල් ඉඹින්න දෙන්න. ඒ ඇඟිලි ලෙවකන්න දෙන්න. ඒ පතුල්වලින් පෑගෙන්න අවසර දෙන්න. මට ඔයාගෙ කකුල් ළඟ දැවටෙන්න දෙන්න… ඔයා මගේ දේවදූතිය වෙන්න.

ඕක දැකපු ගමන් ඒ කෙල්ල හොඳටම බය වුනා. ඒක එයාට දැනුනෙ අපහාසයක් වගේ. ඒත් ඇත්තටම ඒ නෝට් එක පුරාම තිබුනෙ වර්ණනාවක්.

ලංකාවෙ මේ විදිහට ෆෙටිෂ් එකක් තේරුම් ගන්න තියෙන ඉඩකඩ හරිම අඩුයි. ඒ වෙනුවට ඒ නෝට් එක අරගෙන නමත් එක්ක එෆ්බී දාලා අර මිනිහව විනාශ කරන අවස්ථා වැඩියි. තමන්ගෙ කකුල් ඉඹින්න ආසාවෙන් පෙලෙන මිනිහව පර්වර්ට් කෙනෙක් අසහනකාරයෙක් මානසික රෝගියෙක් විදිහට ප්‍රකාශයට පත් කරලා තමන්ගෙ යහපත්භාවය තහවුරු කරගන්නයි ගොඩක් අය පෙළඹෙන්නෙ. ඒක පුද්ගලිකව ඒ කාගෙවත් වැරැද්දක් නෙමෙයි. අපේ සංස්කෘතික ඉගැන්වීමෙ විදිහ.

ලංකාවෙ ෆුට් ෆෙටිෂ් කියපු ගමන් මට මතක් වෙන සිංදුවක් තියෙනවා.

‘ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත් වන්නට නොමැත වරම්…’ චන්ද්‍රලේඛා කියන මේ වචන ටික එයා කියන්නෙ මේ අදහසින් නොවුනත් ෆුට් ෆෙටිෂ්වල ඉස්තරම් ප්‍රකාශනයක්.

මං මේ දවස්වල අහන ලව් ඇන්ඩ් රේඩියෝ කියල පොඩ්කාස්ට් එකක් තියෙනවා. ඒකෙ විවිධ ලිංගික ෆැන්ටසිවල ජීවත්වෙන අය තමන්ගෙ අත්දැකීම් බෙදාගන්නවා. ඒක අහනකොට දැනෙන දෙයක් තමයි සාමාන්‍ය සමාජය විපරීතයි කියන සම්බන්ධතා ඇතුලෙ මොනතරම් එකිනෙකා ගැන විශ්වාසයක්, ගෞරවයක් ආරක්ෂා වෙනවද කියන එක. ඒ හැමදෙයක්ම කරන්නෙ ඒ පදනම උඩ. ඒ වගේම ඒ ලිංගික පරිකල්පනයන් අපිව පුදුම කරනවා. අපි සෙක්ස් කියල දකින්නෙ මොනතරම් බෝරිං දේවල් ටිකක්ද කියල හිතෙනවා.

එක එපිසෝඩ් එකක ඒකෙ කතා කරනවා ඩොමිනේටි්‍රක්ස් ගැන. ෆුට් ෆෙටිෂ් කියන එකත් බොහෝ විට මේ ඩොමිනේටි්‍රක්ස් කියන බීඩීඑස්එම් ශෘංගාරයේ එක කලාපයක්. ඩොමිනේටි්‍රක්ස් කියන්නෙ කාන්තාව විසින් ආධිපත්‍ය අරගෙන පිරිමියාව පාගා දමන ස්වරූපයේ ලිංගික අත්දැකීමකට. ඒකෙ ඩොමිනන්ට් කියන පදයෙන් බිඳලා අරගෙන මේ නපුරු ගැහැණිය ඩොම් කියල හඳුන්වනවා. මේ නපුරු ගැහැනියගේ කුරිරුකම තමයි පිරිිමියාගෙ සතුට වෙන්නෙ.

ඇරිස්ටෝටල් සහ ෆිලිස්ගෙ කතාව ඩොමිනේටි්‍රක්ස්වල ප්‍රසිද්ද කතාවක්. ෆිලිස් කියන මේ අධිපති ගැහැනිය ඇරිස්ටෝටල් කියන මහා දාර්ශනිකයාව යටපත් කරගන්නවා. ඇරිස්ටෝටල්ට දනගහන්න කියල අන කරනවා. ඊට පස්සෙ ඇරිස්ටෝටල්ගෙ පිට උඩ නැගලා ෆිලිස් කස පහර දිදි අස්සයො පදිනවා.

මේ පොඩ්කාස්ට් එපිසෝඩ් එකේදි මේ පුංචි කෙල්ල කියනවා එයා කොහොමද මේ ෆැන්ටසියට ඇතුල් වුනේ කියල. එයාට නිතර මැසේජ් එවන අර කලින් විදිහෙ ශෘංගාර රසිකයෙක් ඉන්නවා. එයාගෙ කකුල් ගැන, එයාගෙ ඇඟිලි ගැන, ඒ නියපොතු, හීනි මයිල් ගස් මේ වගේ එකීනොකී හැම දෙයක්ම ඒ පිරිමියාගෙ වර්ණනාවට අහුවෙනවා. මුලින් මේ කෙල්ලට තරහ යනවා. තරහ ගිහින් බනිනවා. හැබැයි අපේ ගෑනු ළමයි වගේ ඒවා කොපි කරලා එෆ්බී දාන්නෙ නෑ.

අර තරුණයා කියනවා එයාට තියෙන්නෙ අඟල් දෙකක විතර පුංචි ශිෂ්නයක් කියල. මේ කෙල්ල ඒකට හිනාවෙනවා. හිනාවෙලා පාච්චල් කරනවා. මේ හැමදේකින්ම අර පිරිමියා සතුටු වෙනවා කියල එයා තේරුම් ගන්නවා.  කොයිතරම් අපහාස කළත් ඒ පිරිමියා එයාට කතා කරන්නෙ මැඩම් කියන ගෞරවාර්ථයෙන්ම විතරයි. ඒ යටහත් පහත් බව එයා සදා රකිනවා. කොයිතරම් තේරුම් ගන්න අමාරු වුනත් මේ කෙල්ල අර වහල් පිරිමියාව බ්ලොක් කරන්නෙ නෑ. මේ වැඩේ හරි ඉන්ටරෙස්ටින් කියල කෙල්ලට හිතෙනවා.

දවසක් මේ පිරිමියා එයාගෙන් මුත්‍රා ටිකක් ඉල්ලනවා. ඒ වෙනුවෙන් හොඳ මුදල් ගෙවන්නත් එයා ලෑස්ති වෙනවා. ඒත් මේ කෙල්ල හිතන්නෙ මේක පචයක් කියල. චූ ටිකකට මෙච්චර ගානක් ගෙවන්නෙ කවුද කියල එයාට හිතෙනවා. ඒත් නැති වෙන්න තියෙන්නෙ මොනවද? එයා චූටි බෝතලේකට චූ කරලා ඒක ලස්සනට පැක් කරලා අර පිරිමියාගෙ ඇඩ්‍රස් එකට යවනවා. එයාට අර කියපු මුදල චෙක් එකක් විදිහට ලැබෙනවා.

ඊට පස්සෙ එයා දැනගන්නවා කෙල්ලන්ගෙ ඇඳපු යට ඇඳුම්, කොන්ඩ බෝල, මේස්, ස්ටොකින්ස්, කෙස්ගස්, වසාරෝම හැමදේකටම මේ විදිහෙ ඉල්ලුමක් තියෙනවා කියල. එයා එයාගෙ චැනල් එකක් පටන් ගන්නෙ ඊට පස්සෙ.

ඒ ච ැනල් එකේ එයා කැමරාව ඉස්සරහට ඇවිත් එයාගෙ කුරිරුකම් විඳින්න සැදී පැහැදී ඉන්න පිරිමි එක්ක කතා කරනවා. ඒ පිරිමින්ට සැර කරනවා. අපහාස කරනවා. එයා ඇඳපු පැලඳපු දේවල් විකුණනවා. ඒ පිරිමි ඒ වෙනුවෙන් සල්ලි දෙනවා.

සමහර වෙලාවට තමන්ගෙ බැංකු ගිනුමෙ අංකය අරගෙන සම්පූර්නයෙන්ම තමන්ව බංකොලොත් කරන්න කියල ඒ පිරිමි ඉල්ලනවා. ඒක තමයි ආස්වාදය. තව කෙනෙකුට තියෙනවා යෝද ගැහැනියකගෙන් පෑගිලා මැරෙන ශෘංගාරයක්. එතකොට මේ කෙල්ල හොඳටම ලෝ ඈන්ගල් ෂොට් එකක ඉඳන්, එතකොට එයාව යෝදියෙක් වගේ පේනවා, ඒක ඒ පිරිමියා එක්ක කතා කරනවා. ගොඩ්සිලා ගෑනියෙක් විසින් මේ පුංචි කුරාකුහුඹු පිරිමියා පාගලා මරන හැටි, කටේ දාගෙන හපන හැටි එයා විස්තර කරනවා. ඒ අතරෙ අනිත් පැත්තෙ පිරිමියා ස්වයං වින්දනයෙ යෙදෙනවා.

උඹ මේවා අහගෙන මාස්ටර්බේට් කරනවා නේද අගුටුමිට්ටො?
ඔව්.. ඔව් මැඩම්.. මට සමාවෙන්න මැඩම්.. මාව මරන්න මැඩම්..

ඒක හරිම අපූර්ව ෆැන්ටසියක්. මේ කෙල්ලගෙ රසිකයො කැමති නෑ කොයිම වෙලාවකවත් එයා නිරුවත් වෙනවට. එයා ඔවුන් වෙනුවෙන් නිරුවත් වෙනවට වඩා ඉහළ දෙවඟන තත්වයක් තමයි ඒ ගොල්ලොන්ට ඕන. සමහර විට මේ කෙල්ලට එයා ආදරේ කරන කොල්ලො එක්ක ඩේට් යන්න පවා වියදම් කරන්නෙ මේ යටහත් පිරිමි.

එයා මේ ෆැන්ටසිය විඳින්නෙ නෑ කියල මේ කෙල්ල කියනවා. ඒක එයාට ප්ලේ එකක්. ඒක එයා කරන පර්ෆෝර්ම් එකක්. ඒකට ඇත්තටම ඒ ෆැන්ටසිය එයා විඳිනවද කියන එක අදාල නෑ.
ඒ වගේම අර පිරිමිත් කරන්නෙ ඇක්ට් එකක්. ඒ අයට ඇත්තටම පුංචි ශිෂ්නයක් නැතුව ඇති. ඇත්ත බැංකු ගිනුම් අංක දෙන්නෙ නැතුව ඇති. ඒ ආස්වාදය වෙනුවෙන් ඒ ගොල්ලො චරිතයක් නිර්මාණය කරගන්නවා. මේක තනිකරම රෝල් ප්ලේ එකක්.

ඉතින් ගොඩක් අය හිතනවා වගේ මේක මානසික රෝගයක් නෙමෙයි කියලයි මේ කෙල්ල කියන්නෙ. ඒ වෙනුවට ඉතාම දැනුවත්ව, අනෙකාගෙ පුද්ගලිකත්වට ගරු කරමින් කරගෙන යන ශෘංගාර නාටකයක් විදිහටයි එයා මේක දකින්නෙ. නමුත් තමන්ගෙම ප්‍රේක්ෂක පිරිසක් එක්ක, තමන්ගේ සුවපහසුව ආරක්ෂාව ඇතුව හොඳ ආදායමක් උපයමින් මේ කරන වෘත්තිය ගැන ඇය ඉන්නෙ තෘප්තියෙන්.

එයා තව තවත් නිර්මාණශීලී දේවල් තමන්ගෙ වහල් පිරිමින් වෙනුවෙන් ඉදිරිපත් කරනවා. අලුත් වධහිංසන හොයාගන්නවා. අලුත් අපහාස යොදාගන්නවා.

ඒ අන්ධකාර රාත්‍රියේ තමන්ගෙ දෙපා සිඹින්නට බලන් ඉන්න සියගානක් පිරිමි ඉස්සරහට එයා මහේශාක්‍ය විදිහට කසය අරන් එනවා. අපිට දඩුවම් කරන්න මැඩම්…