එස්තර් පෙරල් කියන්නෙ බෙල්ජියානු සයිකොතෙරපිස්ට් කෙනෙක්. සෙක්සොලොජිස්ට් කෙනෙක්. පිරිමි ගැහැණු දෙපාර්ශ්වයෙම කාලයත් එක්ක අනුරාගය අඩුවී යාම ගැන එයා කතා කරනවා. ඒකට බලපාන්න පුළුවන් කරුණු 10ක් මතක් කරනවා.

1. දීර්ඝ කාලීන කැපවුනු සම්බන්ධතාවයක් නිසා
සායනික මනෝවෛද්‍ය මාර්තා මීනා කියන විදිහට වගකීම්සහගත බව නිසාම ගැහැනියකගේ ආශාව මිය යනවා. කැපවුනු දිග කාලයක් පවතින සම්බන්ධතාවයක තියෙන ඒකාකාරීබව, සෙක්ස් කිරීමේ අනිවාර්යතාව වගේම පැවරුනු, අපේක්ෂා කරන වැඩකොටස ආදිය නිසා ගැහැනියකගේ ලිංගික ආශාව ටිකෙන් ටික නැති වෙන්න පුළුවන්. එයාට නිතර සතුටින් ඉන්න, සැහැල්ලු වෙන්න පෙම්වතාගෙ උදව් අවශ්‍ය වෙන්න පුළුවන්. දේවල් අත්හරින්න, ඇඟ අඩුකිරීම වගේ දේවල් පීඩාවක් නොකරගන්න, එයාගෙ ලස්සන නැවත නැවත මතක් කරන්න ළඟම දැනෙන කෙනෙකුගෙ වචන ඕන කරනවා. සැහැල්ලුව, වගකීම් විරහිත බව නැවත අනුරාගය අවුලනවා. 

 

2.  foreplay අමතක කිරීම

ඇත්තටම ගැහැනියකට ෆොර්ප්ලේ එකක් සෙක්ස්වලට වඩා ආස්වාදනීය වෙන්න පුළුවන්. සිපගැනීම්, වැළඳගැනීම්, සරාගී ස්පර්ශයන්, අනුරාගී කෙඳිරුම් ගැහැනියකගේ ආශාව ඇත්ත ලිංගික ක්‍රියාවට වඩා ගොඩක් දුර අරන් යනවා. ගොඩක් වෙලාවට ගැහැනු කරන පැමිනිල්ලක් වෙන්නෙ පිරිමියාගේ මේ ආදර ඇවටිලි දැවටිලි කොහොමෙන් හරි සංසර්ගයට පොළඹවාගැනීමේ දිශාවටම කේන්ද්‍ර වෙනවා කියන එක. පිරිමියාට උවමනාව ඇතිවුනු වෙලාවට විතරක් මේ සිපවැළඳගැනීම් සීමාවෙනවා කියන එක. ගැහැණියක් දවස පුරාම අවධානය සහ ආදරය බලාපොරොත්තු වෙනවා. ඇයට කලින් සුරතාන්තය අවසන් වුනු මොහොතේ පටන් නැවත පූර්ව රති රංගය ආරම්භ වෙනවා.

 

3.  සුරතාන්තයෙන් සැනසීම ලැබේ යැයි සිතීම

ගොඩක් වෙලාවට පිරිමි හිතන්නෙ සුරතාන්තය ලැබුවා කියන්නෙ සෙක්ස්වල උපරිම තෘප්තිය ලැබුවා කියල. ඒත් තෘප්තිය සහ බැඳීම කියන එක ලිංගික ක්‍රියාවට වඩා ගොඩක් දුර යනවා. ගැහැණු සෙක්ස්වලට කැමති වෙන්නෙ එහි අවසානය නිසා නෙමෙයි. ඒ වෙනුවෙන් ඇතිවෙන අනුරාගී බව, උවමනාවේ ආස්වාදය නිසා. ගොඩක් ගැහැනු ඉන්නවා ඒ අය අනුරාගී බැඳීම් ප්‍රතික්‍ෂේප කරන්නෙම මේ සම්පූර්ණ ක්‍රියාවට නතුවෙන්න තියෙන අකමැත්තට. ඇය සිපගැනීම් සුරතල්වීම්වලට ආශා කරන්න පුළුවන්. ඒත් සුරතාන්තයක් දක්වා සියල්ල ගෙනියන්න අකමැති වෙන්න පුළුවන්. පිරිමින්ට සිපගැනීමේ සිට සුරතාන්තය දක්වා තියෙන්නෙ සරල රේඛාවක්. ඒත් ගැහැණුන්ට ඒ ඇතිවෙන සම්බන්ධතාවය විතරක්ම ආස්වාදනීය වෙන්න පුළුවන්. මේක බොඳවුනු කලාපයක්. පිරිමි ඇවිස්සුනාම ඒ අයට අමතක වෙනවා ගැහැනියට නවතින්න අවශ්‍ය තැන ගැන සාවධාන වෙන්න.

4. වගකීම් සහගත බිරිඳක් හෝ පෙම්වතියක් වීම

ගොඩක් කාන්තාවො කියනවා මං සෙක්ස් කරන්නෙ මං ඒක අනිවාර්යෙන් කළ යුතු නිසා කියල. ඒක මං කරන්නෙ මගේ සැමියා වෙනුවෙන් කියල. මේ අනෙකා ගැන වගකීමක් දරන්න යාම ඇතුලෙම ගැහැනියක් එයා ගැන එයාට අවශ්‍ය දේ ගැන අමතක කරනවා. අනෙකාව සතුටු කිරීම විතරක්ම අරමුණු කරනවා. සෙක්ස් ගැන හිතද්දි එයා හිතන්නෙ සහකරුවාට අවශ්‍ය සෙක්ස් ගැන. මෙතනදි පිරිමියා වරදක් කරනවා නෙමෙයි. ගැහැනියක් එහෙම වුනාම පිරිමියෙකුට බෝරිං වෙනවා. පිරිමියෙක් කැමතියි තමන්ගෙන් සතුටුවෙන ගැහැනියක් දකින්න.  ගැහැණියකගෙ මේ වගකීම්සහගත චරිතය විසින් පිරිමියාගෙ අනුරාගය මරා දමනවා.

5. කාන්තාවගේ ලිංගිකත්වය වැරදියට තේරුම් ගැනීම

ගැහැණු ආශාව එක එක්කෙනා අනුව වෙනස් වෙනවා වගේම අඩුවැඩි වෙනවා. ඉන්ද්‍රිය මූලික, සුරතාන්ත කේන්ද්‍රිය ලිංගික ආශාව ඇත්තටම පිරිමි එකක්. ගැහැනියකට එයාගෙ කකුල් අතර වෙන දේට වඩා කන් අද්දර කොඳුරන දෙයින් එයාව අවදි කරන්න පුළුවන්. ඇගේ අනුරාගීබව ගැන, ඇගේ ලස්සන ගැන, ඇගෙන් ලැබෙන සුවය ගැන අහන එකමත් ඇයව තෘප්තියේ අද්දරට අරන් යනවා. ගැහැනු ආශාව හරිම ලේසියෙන් ඇති කරන්න පුළුවන් වගේම හරිම ලේසියෙන් බිඳී යනවා. ඒ වගේම නැවත ඉක්මනින් ඇති වෙනවා. ඒක හරිම ගලායනසුලු එකක්.

6. ගැහැනු ප්‍රතිවිරෝදතාවලින් කන්ෆියුස් වීම

ඊයෙ ඇය සෙක්ස්වලට ගොඩක් කැමති වුනා කියන්නෙ අදත් ඇය ඒකට කැමති වෙනවා කියන එක නෙමෙයි. එයා ඊයෙ අයිස්ක්‍රීම් කන්න ආස වෙලා අදත් ඒ විදිහටම ආස වෙන්න පුළුවන්. ඒත් සෙක්ස් වලදි එයා වෙනස්. එයා මෙහෙම කියන්න පුළුවන්.

‘මට බෑ. ඒත් මං බෑ කිව්වා කියල ඔයා අත්අරින්න බෑ. ඔයා ඒ තරම් ලේසියෙන් අත්අරිනවා කියන්නෙ ඔයාට ඇත්තටම ඒක ඕන වෙලා නෑ. අනිත් පැත්තට, ඔයා මට ඒක ඉල්ලලා කරදර කලොත් ඒ කියන්නෙ ඔයා මගේ සීමාවන්ට ගරු කරන්නෙ නෑ.’

නැත්තං එයා මෙහෙම කියයි.
‘මට ඒක ඕන නෑ වගේ. ඒත් ඔයාට පුළුවන් මට ඒක ඕන කරන්න. මට හා කියන්න සලස්සන්න. හැබැයි සතෙක් වගේ වෙන්නෙ නැතුව’

7. ඒක ශාරීරික හේතුවක් වෙන්න පුළුවන්

හෝමෝන අඩුවීමක් නිසා එහෙම ආශාව නැති තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඔයාගෙ ආර්තවය නතරවෙලා නම් ඒකෙන් අනිවාර්යෙන්ම වෙනසක් ඇති කරනවා. ගොඩක් වෙලාවට තයිරොයිඩ් ප්‍රශ්න නිසත් මේ බලපෑම ඇති වෙනවා.

8. සෙක්ස් කම්මැලි වීම

පිරිමි ගොඩක් ලේසියෙන් ඒ ගොල්ලොන්ගෙ පෙම්වතියන්ට ඇලීගැලී ඉන්න පුළුවන්. ඒ ගොල්ලොන්ට ඕන ඒ ගොල්ලො තරම්ම ඒ පෙම්වතියනුත් සෙක්ස් වලට ආස කරන්න. ඒත් ගැහැනු හරිම ලේසියෙන්ම සෙක්ස් වලට ඇති ආශාව අත්අරින හින්දම ඒ ගොල්ලොන්ට ඒ රස වැඩි කරන අලුත් දේවල් ඕන. එයාට සෙක්ස් කරන එක කරන්න වටින මහන්සියක් වෙන්න ඕන. නිකංම හම්බුවෙන සෙක්ස් වලින් ගැහැනියක් අනුරාගී වෙනවා අඩුයි. එයා සෙක්ස්වලට කැමති නම් එයා කැමති වෙන්නෙ සීමාවන්  අභිභවා යන්නයි.  ඒකාකාරීත්වයන්ගෙන් එලියට යන්නයි. කළ යුතු නොයුතු ලැයිස්තුවට අකීකරු වෙන්නයි.

9. ආරක්ෂාව සහ ආශාව අතර වියවුල

ගැහැනු ඒ ගොල්ලො දිහා බලන්නෙ අම්මලා, රැකබලාගන්නො විදිහට. මේ  භූමිකාව කොහෙත්ම සෙක්සි එකක් නෙමෙයි. ඔයාට ශෘංගාරයට ඇතුල් වෙන්න නම් මේ ගෘහනියගෙ භූමිකාව අතාරින්නම වෙනවා. ඉතිහාසය පුරාම සියවස් ගානක් කුමන්ත්‍රනය කලේ බිරින්දන් සහ මව්වරුන් ශෘංගාරහරනය කරන්නෙ කොහොමද කියලයි. ඒ ඉගැන්වීම් තාමත් කාන්තාවන්ගෙ ශරීර ඇතුලෙ මුල්බැහැගෙන තියෙනවා.

10 අවදි නොවීම

ඇවිස්සුනු ගැහැනියක් තරම් පිරිමියෙක් අවුස්සනසුලු වෙන දෙයක් නෑ. අවුස්සන උවමනාව තරම් ගැහැනියක් ඇවිස්සෙනසුලු වෙන දේකුත් නෑ. පිරිමියා සෙක්ස්වලට ලෑස්ති වෙන්න පුළුවන්. ඒත් ගැහැනිය ඉන්නෙ එයාගෙ ශරීරයත් එක්ක සම්බන්ධය දැනෙන, ඇයට ඇය හැටියෙන් හැඟෙන මොහොතක් නෙමෙයි නම් ඒකෙන් ඇයට කිසි දෙයක් වෙන්නෙ නෑ. පිරිමියාට කියන්න පුළුවන් ඇය කොයිතරම් ලස්සනද කියල. ඒත් මේ සෙක්ස් කිරීමේ උවමනාව නිසාමයි කියල ගැහැනියට තේරෙනවා නම් ඇය ඔහු කියන කිසි දෙයක් ගනං ගන්නෙ නෑ. රෝස්මරි බෙසන් කියන සෙක්සොලොජිස්ට් කියනවා ගැහැනියක් සෙක්ස්වලට යන්න කාරනා තුනක් හේතු වෙනවා  කියල.

ඒ තමයි, ඇවිස්සීම, ආශාව සහ උවමනාව. ගැහැනියක් ශාරීරිකව උත්තේජනය වෙලා ඇවිස්සිලා ඉන්න පුළුවන් ඒත් ආශාවක් දැනෙන්නෙ නැතුව. එයා ඇඟෙන් ඇවිස්සුනාට ඒකට ඕන කරන හැඟුම්මය සපෝර්ට් එක මිසින්ග්. තව වෙලාවක එයාට ආශාව තියෙන්න පුළුවන්. ඒත් ඇඟට දැනෙන කිසි ඇවිස්සීමක් නැතුව. ඒක හරියට සෙක්ස් ගැන අදහසක් තියෙනවා ඒත් තාම ඇඟට ඒක පත්තු වෙලා නෑ වගේ. උවමනාව කියන්නෙ දිගටම කුතුහලයෙන්, ආශාවෙන් සිද්ද වෙන දේට ඉඩහරින්න ඇගේ තියෙන සූදානම. සියල්ල අත්හැර ඒ මොහොතට ඉඩදීමේ ඇගේ කැමැත්ත. එයාට තාම මූඩ් එක ඇවිත් නැති වෙන්න පුළුවන්. ඒත් එයා ලෑස්තියි මූඩ් එක එනකල් එතන ගත වෙන්න.