ගැහැණු ලිංගික පද්ධතිය වගේ නෙමෙයි පිරිමි ලිංගික පද්ධතියෙ බොහෝ කොටස් පිටතට දකින්න පුළුවන්. මේ නිසාම නිතර ස්පර්ශ කිරීමෙන්, අත්හදා බැලීමෙන් මේ ගැන දැනීමක් පිරිමින්ට තියෙනවා. ලිංගික ප්‍රදේශ ගැන පිරිමි ගැහැණු ඇටිටියුඩ් එක වෙනස් වෙන්නත් මේ දකින්න තිබීම සහ දකින්න නැති වීම බලපානවා.
මොනවද පිරිමි ලිංගික ප්‍රජනන පද්ධතියෙ තියෙන්නෙ?
පිරිමි ලිංගික ප්‍රජනන පද්ධතියෙ කොටස් කීපයක් තියෙනවා. ශිෂ්නය, වෘෂණකෝෂ (වල්ල), වෘෂණ (ඇටදෙක), එෆිඩිඩමස්, වාස් ඩෙෆරන්ස්, ප්‍රොස්ටේට් සහ සෙමිනල් වෙසිකල්ස් කියල මේ කොටස් අපිට නම් කරන්න පුළුවන්.
පිරිමින්ගේ ශිෂ්නය සහ යුරේත්‍රාව මුත්‍රා කිරීමටත් සහ ලිංගික ක්‍රියාවටත් දෙකටම අයිතියි.
අපිට අතට අහුවෙන ශිෂ්නය කොටස් තුනක් විදිහට දකින්න පුළුවන්. යටිබඩට සවිවී ඇති මූලය කොටස (මේක පිටතට නොපෙනෙන ඇතුළත උකුල් ඇටයට සවිවන කොටසක්), දෙවනුව කඳ කොටස සහ තුන්වෙනුව අපි ටොපා කියල හඳුන්වන ශිෂ්න මුන්ඩය. ශුක්‍රානු සහ මුත්‍රා දෙකම ප්‍රවාහනය කරන යුරේත්‍රා විවරය ශිෂ්නය මුන්ඩය කෙලවරේ තියෙනවා. ශිෂ්න මුන්ඩයේ පාදමට නැත්තං අර හත්තක් වගේ ලස්සනට වෙන්වෙලා හැදෙන කර ප්‍රදේශයට කියනවා කොරොනා කියල. චර්මඡේදනය නොකළ කෙනෙකුගේ කොරොනාව සහ ශිෂ්න මුණ්ඩය වැසෙන්න පෙරසමක් පවතිනවා.
මේ ශිෂ්නය ඇතුලෙ තියෙනවා සිලින්ඩරාකාර අවකාශ තුනක්. ලොකු දෙකට අපි කියනවා කොපෝරා කැවර්නොසා කියල. මේ දෙක දෙපැත්තෙ තියෙන්නෙ. තුන්වෙනි එක කෝපස් ස්පොන්ජියොසම් තියෙන්නෙ යුරේත්‍රාව වටේට. මේ අවකාශයන් තුනට රුධිරය පිරුනාම ශිෂ්නය ප්‍රාණවත් වෙනවා. විශාල වෙනවා. නම් කියවද්දි කට පැටලුනාට පිංතූරයෙන් තියෙන තැන් ටික බලාගත්තම ඇති.
ස්ක්‍රොටම් කියන්නෙ අපි සාමාන්‍ය ව්‍යවහාරයෙන් වල්ල කියන එකට. වෘෂණ ආවරණය කරමින් තියෙන වෘෂණ කෝෂවලට. මේක පිහිටලා තියෙන්නෙම ශුක්‍රානුවලට අවශ්‍ය තරමට උෂ්ණත්වය රඳවාගන්න. ඒ උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට වඩා තරමක් අඩුයි. ඒකයි ඒවා එලියෙන් තියෙන්නෙ. සීතල පලාතකට ගියාම මේවා ශරීරය ළඟට ඇකිලෙනවා. උෂ්ණත්වය ලබාගන්න කිට්ටු වෙනවා. උණුසුම් පළාතකට ගියාම නිදහසේ පහලට එල්ලා වැටෙනවා. මේ වෘෂණ කෝෂවල බිත්තියේ ඇති පේශීන්ගෙන් මේවා ඉහළ පහළ යාම පාලනය කරනවා.
වෘෂණ කෝෂ කියන්නෙ අපි ඇට දෙක කියන එකට. මේවා ඕවලාකාර අඟල් 1.5-3ක් පමණ ලොකු කොටස්. ප්‍රමාණයෙන් තේ හැඳි දෙකක් විතර. සාමාන්‍යයෙන් වම් ඇටය තියෙන්නෙ දකුණු එකට වඩා පහළින්. මේවාට පැවරිලා තියෙනවා ප්‍රධාන වැඩ දෙකක්.
එකක් තමයි ශුක්‍රාණු නිෂ්පාදනය කරන එක. අනික ප්‍රධානම පුරුෂ ලිංගික හෝමෝනය වන ටෙස්ටස්ටරොන් නිෂ්පාදනය කරන එක. පිරිමියෙකුගේ වැඩිවිය පත්වීමේ ඉඳන් ලිංගික වර්ධනයට ටෙස්ටස්ටරොන් මූලික වෙනවා.
එෆිඩිඩමස් කියන කොටස අඩි 20ක් විතර දිග දඟර ගැහැණු ක්ෂුද්‍ර නලයක්. එෆිඩිඩමස් වලින් කරන්නෙ වෘෂණවලින් ශුක්‍රානු එකතු කරගෙන ඒවා පරිණත වෙලා, ස්ත්‍රී ප්‍රජනන මාර්ගය හරහා ගමන් කිරීමේ හැකියාව ලබන තුරු ආරක්ෂා කරන එක. එෆිඩිඩමස් පිහිටන්නෙ එක එක වෘෂනයේ පිටුපසට වෙන්නයි.
‘වාස් ඩෙෆරන්ස්’ කියන්නෙ එෆිඩිඩමස් වල ඉඳන් ශුක්‍රානු අරගෙන යන නූඩ්ල් එකක් වගේ නලයකට. මේ දෙක ගිහින් ප්‍රොස්ටේට් ග්‍රන්ථිය පිටිපස්සෙ තියෙන ‘සෙමිනල් වෙසිකල්ස්’ කියල හඳුන්වන කොටසට සම්බන්ධ වෙනවා. මේවා දෙකක් තියෙනවා. ඒ වගේම වෘෂණ කෝෂවල තියෙන මාංශ තන්තු, රුධිර නාල සහ ස්නායු ආදියත් ‘වාස් ඩෙෆරන්ස් සමග බැඳී ශුක්‍රමය- රැහැනක් නිර්මාණය කරමින් ගමන් කරනවා.
පිරිමි යුරේත්‍රාව වැඩ දෙකක් කරනවා. එකක් මුත්‍රාශයේ සිට මුත්‍රා පිටකිරීම. අනෙක මෝචනය වන ශුක්‍රානු රැගෙන යාම.
ප්‍රොස්ටේට් ග්‍රන්ථිය තියෙන්නෙ මුත්‍රාශයට යටින්. ඒක යුරේත්‍රාව වටේට පිහිටනවා. මේකෙ සයිස් එක වෝල්නට් ගෙඩියක තරම්. වයස්ගත වෙද්දි ප්‍රොස්ටේට් එක විශාල වෙන්න ගන්නවා. මේක ඕනවට වඩා විශාල වුනොත් මුත්‍රා මාර්ගය අවහිර වෙන්න ඉඩ තියෙනවා. ප්‍රොස්ටේට් එකට උඩින් තියෙන ‘සෙමිනල් වෙසිකල්ස්’ සහ ‘වාස් ඩෙෆරන්ස්’ එකතු වෙමින් ශුක්‍ර මෝචනය කරන ප්‍රනාලයන් නිර්මාණය කරනවා. මේ ප්‍රනාල ප්‍රොස්ටේට් එක ඇතුලෙන් ගමන් කරනවා. ප්‍රොස්ටේට් එකෙන් සහ සෙමිනල් වෙසිකල්ස් වලින් ශුක්‍රානු පෝෂණය කරන දියරයක් නිපදවෙනවා. ශූක්‍රානුවල වැඩිහරියක් තියෙන්නෙ මේ දියරය. ඒ වගේම ‘වාස් ඩෙෆරන්ස්’ සහ යුරේත්‍රාවේ ඇති කව්පර් ග්‍රන්ථි කියන කොටසෙනුත් තවත් දියරයක් ඉතා සුළු ප්‍රමාණයක් ශුක්‍රානුවලට එකතු වෙනවා.
ශිෂ්නය ගැන දැනගන්න.
- ශිෂ්නයේ හැඩය නිසියාකාරව තියාගන්න නම් නිතර ප්‍රාණවත් වීම අවශ්‍යයි. වෛද්‍යවරු කියන්නෙ මේක අභ්‍යාසයක් විදිහට කරන්න කියල. ශිෂ්නයේ පවතින මෘදු මාංශපේශී වරින්වර රුධිරයෙන් පිරිලා ක්‍රියාකාරී වෙන්න ඕනකmරනවා. දවසෙම ප්‍රාණවත් වීමක් නැති අයට මේ වෙනුවෙන් මොළයේ ඉන්බිල්ට් ෆන්ක්ෂන් එකක් තියෙනවා. නින්දේදී සිහින දකින අවධියේදී මේක ක්‍රියාත්මක වෙනවා. ඔයා සෙක්සි හීනයක් දකිනවද නැත්තං සොම්බි විනාසයක් දකිනවද කියන එක අදාල නෑ, ශිෂ්නය ප්‍රාණවත් වෙනවා.
ඒත් සමහර අයට දියවැඩියාව හෝ මුහුණ දුන් ඛේදජනක අත්දැකීමක් නිසා ශිෂ්නය ප්‍රාණවත් නොවෙන්න පුළුවන්. ඒ අය මේ ප්‍රාණවත් වීම ඇති කරන්න කටයුතු නොකළොත් ශිෂ්නය එන්න එන්න කුඩාවීමට පටන් ගන්නවා. මේ පේශීන් හැකිලී යාම නිසා සෙමි කීපයක් ශිෂ්නය කුඩාවෙන්න පුළුවන්.
-
ශිෂ්නය අප්‍රානිකව ඇතිවිට ප්‍රමාණය සහ ප්‍රාණවත් වූ පසු ප්‍රමාණය අතර සම්බන්ධයක් නෑ. අපිට හිතෙන්නෙ බැස්සම මෙච්චර නං නැග්ගම කොච්චර ඇද්ද කියලනෙ. ඒත් මේක හිතලුවක්. එක එක අයගෙ එක එක ප්‍රමාණවලින් විශාලවීම සිද්ද වෙනවා. අප්‍රාණිකව ඉතා කුඩාවට ඇති ශිෂ්නයක් ප්‍රාණවත් වීමේදී විශාල වෙන්නත් පුළුවන්, එහෙම නොවෙන්නත් පුළුවන්. ඇල්ෆ්‍රඩ් කින්සි දාහක විතර පිරිසක් එක්ක කරපු පර්යේෂණයක් අනුව අප්‍රාණික විට කුඩා ශිෂ්නයන් අප්‍රාණික විට දිග ශිෂ්නයන්ට වඩා දෙගුනයක් විතර දික්වෙනවා. කින්සි දැකපු විදිහට 12%ක් විතර ශිෂ්නයන් තුනෙන් එකක් හෝ ඊට වඩා අඩු ප්‍රමාණයකට දික්වුනා. 7%ක් විතර දෙගුනයකින් දික්වුනා. බහුතරයක් ශිෂ්නයන් සාමාන්‍ය මට්ටමක පැවතුනා.
-
බොහොමයක් පිරිමින්ගේ වඩාත්ම තෘප්තියක් ලබාදෙන ප්‍රදේශය පිහිටන්නේ ශිෂ්න මුන්ඩයට යටින්. මුලු ශරීරයම යොදාගෙන කළ පර්යේෂණවලින් පැහැදිලි වුනේ ශිෂ්න මුණ්ඩයට පහල කොටස වඩාත් තෘප්තිදායක වන අතර ඊළඟට මුණ්ඩයේ ඉහල සහ දෙපැත්ත තෘප්තිය අතින් පෙරටුව පිහිටන බවයි.
-
වයසත් එක්ක ශිෂ්නයේ සංවේදීබව අඩුවෙනවා. මේක නිශ්චිතවම මෙපමණකින් කියල කියන්න බෑ. නමුත් අවුරුදු 25 පටන් මේ අඩුවීම ආරම්භ වෙනවා. වඩාත්ම සංවේදීබව අඩුවෙන්නෙ අවුරුදු 65-70 අතර. ඒත් මේ තත්වය කිසි කෙනෙක් හඳුනාගන්නෙ නෑ. ඉතාම අඩු පැමිනිල්ලක් විදිහට තමයි මේක ගැන සඳහන් වෙන්නෙ.
-
වයිබ්‍රේටර්ස් තියෙන්නෙ කාන්තාවන්ට පමණක් නෙමෙයි. විශේෂයෙන් කොඳු නාරටියෙ ආබාධ ඇති පිරිමින්ට ලිංගික තෘප්තිය ලබාදෙන්න වයිබ්‍රේටර්ස් පාවිච්චි කරනවා. වයිබ්‍රේටර් එක ශිෂ්න මුන්ඩයට තද කිරීමෙන් ඕනෑම කෙනෙකුට මේ ආස්වාදය ලබන්න පුළුවන්. ඒකෙ තියෙන ස්නායු උත්තේජනය කිරීමේ විශේෂ ක්‍රමය නිසා මේ ආස්වාදය අපි හිතනවාට වඩා වැඩියි කියලයි කියන්නෙ.
-
අපිට ඇහැට පේනවට වඩා අපේ ශිෂ්නය දිගයි. ඒකෙ කොටසක් තියෙන්නෙ අපේ ශරීරය ඇතුලෙයි. හරියටම ගහක පස් යට තියෙන කොටස වගේ. MRI එකකින් පේන විදිහට ප්‍රාණවත් පුරුෂ ලිංගයක් හරියට බූමරංගයක් වගේ.
-
ඒ වගේම පුරුෂ ලිංගයේ පෙරසම කොටස බැක්ටීරියාවලට ජනාවාසයක් කියලයි කියන්නෙ. මේ පෙරසම ඉවත් කළ අය සහ පෙරසම ඇති අය යොදාගෙන කළ පර්යේෂණවලදී පෙරසම ඉවත් කළ අයගේ බැක්ටීරියා බෙහෙවින් අඩු බව පෙනී ගියා. ඒ වගේම පෙරසම ඉවත් කිරීමෙන් එච්අයිවී සහ ලිංගික රෝග බෝවීම 60%ක් පමණ අඩුවන බවත් දකින්න තියෙනවා. ඒකට හේතුව විදිහට කියන්නෙත් මේ බැක්ටිරීයා මගින් ඒ රෝග බෝවීමේ අවදානම වැඩි කරන බවක්. ශිෂ්න පිළිකා ඇතිවීමේ අවදානමත් පෙරසම ඉවත් කිරීමෙන් අඩුවෙනවා. ඒක නිසා ආරක්ෂිත ක්‍රම පාවිච්චි කරලා පෙරසම ඉවත් කිරීමත් නරක අදහසක් නෙමෙයි.