Category: Sex Education

  • සෙක්ස් කරන්න ගැබ් නොගන්න

    සෙක්ස් කරන්න ගැබ් නොගන්න

    උපත් පාලනය කියන්නෙ මිනිසාගේ ලිංගික නිදහස අත්පත් කරගැනීමෙදි වැදගත්ම විප්ලවය. එතෙක් දරුවන් හැදීම සහ ලිංගික සතුට අතර ගැටගැහිලා තිබුනු අගුල ගැලවුනේ මේ විද්‍යාවෙ පෙරලියෙන් පස්සෙ. උපත් පාලනය කියන එකේ මූලික අදහස වෙන්නෙම සෙක්ස් කරන්නෙ තෘප්තිය වෙනුවෙන් මිස දරුවන් හැදීමේ පරමාර්ථයෙන්ම නෙමෙයි කියන එක.

    දැන් අවුරුද්දක කාලයක් ළමයි හදන්නෙ නැතුව ඉන්න කියල ලංකාවෙ වෛද්‍යවරු අවවාද කරනවා. ඒක සලකා බැලිය යුතු ඇත්ත කාරණයක්. වසංගතයෙ අවදානම වගේම වංගතයෙන් බිඳවැටෙන ආර්තිකයෙ අවදානමත් ඒ දරුවට දරන්න වෙනවා. මේක ළමෙයක් මේ ලෝකෙට ඉපදෙන්න හොඳ වෙලාවක් නෙමෙයි. විශේෂයෙන්ම ලංකාව වගේ රටක.

    හැබැයි මේක වෛද්‍යවරු කිව්වට රටේ ජනතාවට උපත්පාලනය ගැන තියෙන්නෙ කොහොම දැනීමක්ද? උපත්පාලනය කියන්නෙ ජාතිය වඳකිරීමේ සැලැස්මක්. ඒක තමයි රාජපක්ෂ ආන්ඩුව විසින් ජනගත කළ මතය. ලිංගික අධ්‍යාපනයට එරෙහිව වගේම හාමුදුරුවරු, පූජකවරු උපත්පාලනයට එරෙහිවත් පාරට බැස්සා.

    කොවිඩ් නිසා ලොක්ඩවුන්වෙලා ගෙදර ඉන්න අතරෙ වැඩිවැඩියෙන් මිනිස්සු සංසර්ගයේ යෙදෙනවා. සමහර විට කොන්ඩම් එකක්, උපත්පාලන පෙති පැකට් එකක් මේ වෙලාවෙ ගෙදරක අවශ්‍යම ලැයිස්තුවෙ නැතුව ඇති. එතකොට ප්‍රායෝගිකව මේක කරන්නෙ කොහොමද? මේ කාරණයෙ වැදගත්කම අවධාරණය කිරීමට සහ ඒක පිළිබඳ දැනුම ජනතාව අතරට අරන් යන්න රජය විසින් කරන වැඩකොටස මොකක්ද? වඳ කොත්තු, වඳ බ්‍රා, පැලෝපීය නාල ගැන භීතිකා ජනිත කළ රජයකට (චන්න ජයසුමන කියන ඇමතිවරයා එහි ප්‍රමුඛයෙක්) උපත්පාලනය කරන්න කියල ජනතාවගෙන් ඉල්ලා සිටින්න සිදුවීම උත්ප්‍රාසයක්. ඒ කොහොම වුනත් අර භීතිය ජනනය කරන්න මීඩියාවල වෙන්කරපු කාලයෙන් කොයිතරම් ප්‍රතිශතයක් උපත්පාලන දැනුම වෙනුවෙන් ලබාදෙයිද?

    ලංකාවෙ උපත්පාලන ක්‍රමවේද පිළිබඳ දැනුම පවතින්නෙ අන්තිම අවම මට්ටමක. කොන්ඩම් එක පැළඳීම රේන්කෝට් ලා නෑමක් වැනිය කියල පැත්තකට දැම්මම බහුලව පවතින්නෙ උපත් පාලන පෙති. එහෙම වුනත් ලෝකෙ මේ වෙද්දි නිර්මාණය වුනු උපත්පාලන ක්‍රමවේදයන් බොහොමයක් තියෙනවා. ඒ ක්‍රමවලින් හොඳම ක්‍රමය තෝරගන්න එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ වගේම එකම පුද්ගලයෙකුගේ වුනත් ගැලපෙන උපත් පාලන ක්‍රමය කාලය අනුව වෙනස් වෙන්න පුළුවන්.

    ආණ්ඩුව කතා නොකරන හින්ද උපත් පාලනය ගැන අපි කතා කරන්න හිතුවා. උපත් පාලන ක්‍රමයක් තෝරගනිද්දි අපි අපෙන් විමසන්න ඕන ප්‍රශ්න කීපයක් තියෙනවා.

    1. අපි කොයිතරමක විතර ආරක්ෂිත බවක් බලාපොරොත්තු වෙනවද?
    2. ඒ වෙනුවෙන් අපිට දරන්න පුළුවන් වියදම කොයිතරම්ද?
    3. ප්‍රිවසි නැත්තං රහස්‍යභාවය කොයිතරම් වැදගත්ද?
    4. ස්ථිර සහකරුවෙක් ඉන්නවද?
    5. ලිංගික රෝගවලින් ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වීම අවශ්‍යද?
    6. පීරියඩ්ස් නැත්නම් ආර්තවයට එහි බලපෑම අවුලක්ද?
    7. ඒ වෙනුවෙන් කොයිතරමක විතර වෙහෙසක් දරන්න ලෑස්තිද?
    8. ඉදිරියේදී දරුවෙක් ලැබීමට අපේක්ෂා කරනවද?

    මෙන්න මේ ප්‍රශ්න අනුව තමන්ට වඩා ගැලපෙන උපත් පාලන ක්‍රමය තෝරගන්න වෙනවා. උපත් පාලන ක්‍රම වැඩකරන විදි කීපයක් තියෙනවා. ඒ කියන්නෙ ගැබ්ගැනීම පාලනය කරන්න පාවිච්චි කරන ටෙක්නික් එක වෙනස්.
    1. චර්යාමය – මේ කියන්නෙ අපේ චර්යාමය වෙනසකින් ගැබ්ගැනීම පාලනය කරන එකට. යන්න යද්දි එලියට ගන්න එක, සෙක්ස් නොකර ඉන්න එක, පීරියඩ් සයිකල් එක නැත්තං ඔසප් චක්‍රයේ දින අනුව සංසර්ගයේ යෙදෙන එක වගේම විකල්ප ලිංගික ක්‍රම පාවිච්චිය ආදිය වැටෙන්නෙ මේ කාන්ඩයට.
    2. බාධකමය – ඒ කියන්නෙ මොකක් හරි විදිහකින් ශුක්‍රානු සහ ඩිම්බ අතර බාධකයක් ඇති කරන ක්‍රමවේද. මේ නිසා ඩිම්බ සංසේචනය වීම නවතිනවා.
    3. හෝමෝනමය – කාන්තාවගේ ශරීර රසායනය වෙනස් කිරීමේ ක්‍රම. මේ හෝමෝන මගින් ඩිම්බ නිපදවීම වළක්වනවා, නැත්තං ගැබ්ගෙල ප්‍රදේශ රළු කිරීමෙන් ශුක්‍රානු ඇතුල්වීම වළක්වනවා, ගර්භාෂ බිත්තිය තුනී කිරීමෙන් ඩිම්බය රෝපනය වීම වළක්වනවා.
    4. වෛද්‍යමය – යම් ශල්‍යමය මැදිහත්වීමකින් ශරීරයේ වෙනසක් ඇති කිරීමෙන් ගැබ්ගැනීම වළක්වනවා.

    දැන් අපි බලමු අපිට ලබාගන්න පුළුවන් උපත්පාලන ක්‍රම මොනවද කියල. ඒවායේ වාසිඅවාසි එකිනෙකට වෙනස්. ගැලපෙන ආකාර වෙනස්.

    1. වැලකීමඒ කියන්නෙ සෙක්ස් නොකරම ඉන්න එක. එහෙම නැත්තං යෝනි මාර්ගයේ ලිංගික ක්‍රියාවන්ගෙන් වළකින එක. මේක වැටෙන්නෙ චර්යාමය උපත්පාලන කාන්ඩයට. මේ විදිහෙන් කිසිම අතුරු ආබාධයක් නෑ. සෙක්ස් සම්පූර්නයෙන් නවත්තලා ඉන්න එක නම් මානසික සෞඛ්‍යයට ඒ තරම් හොඳ නෑ.


    2. ස්ටෙරිලයිස්මේ

    මේක වෛද්‍යමය මැදිහත්වීමකින් සිද්ද කරන දෙයක්. අර දොස්තර සාෆිව අල්ලගෙන මැරෙන්න හැදුවෙ මෙන්න මේ උපත්පාලනය අනවසරයෙන් කරනවා කියලයි. මෙතනදි කරන්නෙ පැලෝපීය නාල අවහිර කරන එක. ගැටගැසීමක් වගේ දෙයක්. මේක ස්ථාවර එකක්. ආපහු නිවැරදි කරන්න බලාපොරොත්තුවක් නැත්නම් තමයි සුදුසු වෙන්නෙ. සිහිනැති කරලා කරන සැත්කමක්. නරක ප්‍රතිඵල විදිහට සමහර අයට වේදනාව, රුධිර ගලනය, ආසාදන වීම් වගේම සමහර දුර්ලභ අවස්ථාවල ගර්භාෂයෙන් පිටත කළලයක් වර්ධනය වෙන තත්වයන් ඇතිවෙන්න පුළුවන්.


    3. පිරිමි ස්ටෙරිලයිස්

    මේකට වාසෙත්කමී කියලත් කියනවා. ඉස්සර මේ සැත්කම කරගන්න අයට රජයෙන් යම් මුදලක් දුන්නා. මේකත් වෛද්‍යමය කාණ්ඩයේ උපත්පාලනයක්. මෙතනදි කරන්නෙ වෘෂණකෝෂ වලින් එන නාල අවහිර කරන එකයි. ඒ නිසා තරලයක් පිටවුනත් ශුක්‍ර පිටවීමක් සිද්‍ද වෙන්නෙ නෑ. ස්ථාවරයි. අදාල ප්‍රදේශය හිරිවැට්ටීමකින් කරන්න පුළුවන් සරල සැත්කමක්. හැබැයි ආපහු හරවන්න බෑ.


    4. උපත්පාලන රෝපනය

    සම යටට ඉඳිකටුවක උදව්වෙන් ප්‍රොජෙස්ටින් හෝමෝනය අඩංගු ගිනිකූරු හිසක තරම් පොඩ් එකක් ඇතුල්කරනවා. මේක දිගුකාලීන ක්‍රමයක්. නමුත් ආපහු අයින් කරන්න ලේසියෙන් පුළුවන්. අයින් කිරීමෙන් පස්සෙ ගැබ්ගැනීම සිද්ද වෙනවා. අතුරු ප්‍රතිඵල විදිහට මහත් වෙන එක, පීරියඩ්ස් වෙනස් වීම, බඩේ සහ පියයුරුවල වේදනා ආදිය ඇතිවෙන්න පුළුවන්.


    5. ප්‍රොජෙස්ටින් IUD

    නමෙන්ම තේරෙනවා මේක හෝමනල් වැඩක් කියන එක. මෙතනදි කරන්නෙ ප්‍රොජෙස්ටින් අඩංගු ටී හැඩයේ උපකරණයක් ගර්භාෂයේ රඳවන එක. අවුරුදු 3-5ක් අතර කාලයක් ගැබ්ගැනීම් වළක්වාගන්න මේකෙන් පුළුවන්. වාසි පැත්තෙන් බැලුවොත් සෙක්ස් කරන්න කලින් ලෑස්ති වෙන්න දෙයක් නෑ. IUD එක අයින් කළාම ආපහු ළමයි හදන්න පුළුවන්. පීරියඩ්ස් හැදෙන එකත් අඩුවෙනවා හෝ නැති වෙනවා.

    අවාසි පැත්තට තියෙන්නෙ සමහර විට සමහර අයට මේකෙන් පස්සෙ අවිධිමත් පීරියඩ්ස් ඇතිවෙන්න පුළුවන්. වේදනාව වැඩියෙන් එන්න පුළුවන්. ඩිම්බකෝෂවල කුඩා ගෙඩි ඇතිවෙන්න ඉඩතියෙනවා
    (මේවායෙන් අවදානමක් නෑ) ඉතා අඩු අවස්තාවල මේක ඉන්‍ෆෙක්ට් වෙන්න හෝ ගර්භාෂයේ ඇලෙන්න පුළුවන්.


    6. කොපර් IUD

    මේක වෛද්‍යමය මැදිහත්වීමක්. මෙතනදි කරන්නෙ ටී හැඩයෙ තඹ උපකරණයක් ගර්භාෂයේ තැන්පත් කරන එකයි. මේ උපකරණයෙන් ශ්‍රකානු ඩිම්බ ළඟාවෙන එක වලක්වනවා. ඩිම්බ ගර්භාෂ බිත්තියේ ඇලෙන එකත් වලකනවා.

    මේ උපකරණය අවුරුදු 10ක් පාවිච්චි කරන්න පුළුවන්. සෙක්ස් කරද්දි කලින් ලෑස්ති වෙන්න කියල දෙයක් නෑ. හැබැයි සමහර විට ක්‍රෑම්ප් (කෙන්ඩා පෙරලීම්) ඇතිවෙන්න පුළුවන්. අසාමාන්‍ය තත්වවලදි ශ්‍රෝනි ප්‍රදේශයේ ආසාදනවලට මේක උදව්වක් වෙන්නත් පුළුවන්. ඉතා දුර්ලබ අවස්තාවලදි මේක ගර්භාෂයේ ඇලෙන්න ඉඩතියෙනවා.


    7. උපත් පාලන එන්නත – ඩිපොප්‍රොවෙරා

    හෝමොන එන්නතක් මගින් උපත් පාලනය කරන එකයි වෙන්නෙ. වෛද්‍යවරයෙක් මගින් එන්නත ලබාගන්න ඕන. මාස තුනක කාලයකට පිළිසිඳගැනීම් වළක්වනවා. මාස තුනකට පස්සෙ නැවත එන්නත ගන්න ඕන. මේකෙදිත් සෙක්ස් කරද්දි ලකලෑස්ති වෙන්න කියල දෙයක් නෑ. විදපු වෙලාවෙ ඉඳන් පාලනය වැඩකරනවා. කරදරයක් විදිහට නැවත නැවත ගන්න සිදුවීම තියෙනවාත. ඒ වගේම අවුරුදු දෙකක් එක දිගට ගත්තොත් ඇට වල ඝනත්වය අඩුවෙනවා. පීරියඩ් කාල අතර රුධිර ගලනය ඇතිවෙන්න පුළුවන්. හිසරුදාව, මහත්වීම, නොසන්සුන්බව, බඩේ අපහසුව ඇතිවෙන්න පුළුවන්. එන්නතෙන් පස්සෙ සමහර විට අවුරුද්දක් විතර ඩිම්බ නොහැදෙන්නත් පුළුවන්.


    8. යෝනි මුදුව (නුවාරිංග්)

    මේකත් හෝමෝනමය ක්‍රමයක්. මෙතනදි නම්‍යශීලී මුදුවක් යෝනියට දානවා. එයින් ප්‍රොජෙස්ටින් සහ ඊස්ට්‍රජන් හෝමෝන නිදහස් කරනවා.

    එක වලල්ලක් මාසයක කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. වෛද්‍යවරයෙකුගේ සහය ඕන වෙනවා. හැබැයි හරිම ලේසියි. මේක දැම්මම සෙක්ස්වලට කලින් හිතන්න ඕන නෑ. අවාසි විදිහට තියෙන්නෙ හරියට නිසිතැන වළල්ල රඳවාගැනීම අපහසු වෙන්න පුළුවන්. ඒ වගේම නිසිකලට මාරු කිරීම කරන්න වෙනවා. සමහර අයට මේ නිසා යෝනි ශ්‍රාවය වීම් ඇතිවෙන්න පුළුවන්. සියුම් අපහසුතා දැනෙන්න පුළුවන්. කලාතුරකින් හෘදයාබාධ ඇති කරන්න ඉඩතියෙනවා. ඒ වගේම කරදරකාරී විදිහට සංසර්ගය අතර එලියට එන්න පුළුවන්.


    9. වැජයිනා ජෙල් (ෆෙක්සි)

    මේක හෝමෝනමය නොවන ක්‍රමයක්. සංසර්ගයට කලින් මේ ජෙලි ආධාරකයක් මගින් යෝනි මාර්ගයේ තවරන්න ඕන. යෝනි මාර්ගයේ PH අගය අඩුකිරීම මගින් ශුක්‍රානු වලට ඩිම්බය කරා ළංවීමට බාධාවක් ඇතිකිරීමයි සිද්ද වෙන්නෙ. එක පාරයි වැඩකරන්නෙ. ලේසියි. ජෙලි එක හින්ද ලුබ්‍රිකේට් වීමකුත් වෙනවා. පැයක කාලයක් විතරයි මේක වැඩ කරන්නෙ. සමහර අයට සුළු ඉරිටේෂන් එන්න පුළුවන්.


    10. උපත් පාලන ස්ටිකරය

    මේකත් හෝමෝනමය විදිහක්. අඟල් දෙකක විතර පැච් එකක් යටිබඩ ප්‍රදේශයේ හෝ තට්ටම්වල හෝ අතේ හෝ පිටේ අලවන එකයි කරන්නෙ. ‍මේ ස්ටිකරයෙන් පිටවන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටින් හෝමෝන සම හරහා ශරීරයට ඇතුල්වෙනවා. සති තුනක් විතර පාවිච්චි කරන්න. ඊට පස්සෙ සතියක් විතර අතාරින්න. එතකොට නැවත පීරියඩ්ස් එනවා.

    එක පැච් එකක් වැඩකරන්නෙ සුමානයයි. මේකටත් වෛද්‍යවරයෙකුගේ සහය ඕනකරනවා. හැබැයි වැඩේ හරිම ලේසියි. සෙක්ස් කරන්න කලින් හොයන්න දෙයක් නෑ. සමහර අයගෙ සමට මේ ස්ටිකරය කහන්න වගේ ගන්නවා. අවදානමක් විදිහට ලේ කැටි ගැසීම් සහ හෘදයාබාධ ඇතිකරන්න පුළුවන්.


    11. අඛන්ඩ උපත් පාලන පෙත්ත

    දිනපතා ලබාගන්නා හෝමෝනමය පෙත්තක්. ප්‍රොජෙස්ටින් සහ ඊස්ට්‍රජන් සහිත පෙත්තක් දිනපතා ගැනීමයි කරන්නෙ. මාස තුනක කාලයක් හෝ අවුරුද්දක කාලයක් වෛද්‍ය නිර්දේශය අනුව ගන්න ඕන. පෙති 84ක් සාමාන්‍යයෙන් එනවා. අමතරව අක්‍රිය පෙති 07ක් එනවා. මේ පෙති ගනිද්දි බ්ලීඩ් වෙන්නෙ අවුරුද්දටම හතරවතාවයි. ඒ අර අක්‍රිය පෙති ගන්න දිනවලදියි. ඇක්ටිව් පෙති විතරක්ම ගන්නත් පුළුවන්.

    සෙක්ස් කරන්න කලින් කරදර නෑ. ඔසප් වේදනා සහ කුරුලෑ ඇතිවීමත් අඩු කරනවා.
    හැබැයි හැමදාම එකම වෙලාවට පෙත්ත ගන්න ඕන. සාමාන්‍ය උපත් පාලනයට වඩා පීරියඩ් අතර රුධිර පිටවීම වැඩි වෙන්න පුළුවන්. පීරියඩ්ස් නැති හින්ද ගර්භනීද නැද්ද කියල බලාගන්න අමාරුයි. කැරකිල්ල, පියයුරු මෘදුවීම, හිසරුදාව, අධික රුධිර පීඩනය, රුධිරය කැටි ගැසීමෙන් හෘදයාබාද ඇතිවීම වගේ අවදානම් තත්වයන් තියෙනවා.


    12. සාමාන්‍ය උපත් පාලන පෙත්ත

    දිනපතා ප්‍රොජෙස්ටින් සහ ඊස්ට්‍රජන් සහිත පෙත්තක් ගැනීමයි සිද්ද වෙන්නෙ.පැකට් එක මාසයයි. සෙක්ස්වලට කලින් කිසි අවුලක් නෑ. පීරියඩ්ස් වේදනා පවා අඩුවෙනවා. අක්‍රමවත් නම් වඩා පිලිවෙල වෙනවා. හැබැයි හැමදාම පෙත්ත ගන්න ඕන. අවදානමක් හැටියට සමහර අයට මේ නිසා අධික රුධිර පීඩනය, රුධිරය කැටිගැසීම. හෘදයාබාද ඇතිවෙන්න ඉඩතියෙනවා. මේ ක්‍රමයෙදි මාස්පතා බ්ලීඩ් වීම සිද්ද වෙනවා.


    13. උපත් පාලන මිනිපිල් එක

    කලින් ඒවා වගේම හෝමෝන පෙත්තක්. මේකෙ තියෙන්නෙ ප්‍රොජෙස්ටින් හෝමෝනය. දිනපතා ගන්න ඕන. මේකෙන් පීරියඩ්ස් සැහැල්ලු කරනවා. වේදනාව අඩු කරනවා. අධික රුධිර පීඩනය, රුධිරය කැටිගැසීම, ඉරුවාරදය වගේ වෙනත් උපත්පාලන පෙති ගන්න බැරි තත්වයක් තියෙනවා නම් මේක සුදුසුයි.

    හැමදාම ගන්න ඕන. අක්‍රමවත් රුධිරවහනය, හිසරුදාව, පියයුරු මෙලෙක් වීම, කැරකිල්ල වගේ තත්වයන් ඇතිවෙන්න පුළුවන්.


    14. ශ්‍රක්‍රඝාතක ඩයෆ්‍රම්

    මේ ක්‍රමය වැඩකරන්නෙ බාධකයක් විදිහටයි. ඩෝම් එකක් හැඩයෙ ශුක්‍ර ඝාතක ජල්ලියක් අඩංගු රබර් හෝ සිලිකන් කප් එකක් යෝනිමාර්ගයේ ගැබ්ගෙල ආවරණය වෙන මෙන් තැන්පත් කිරීමයි කරන්නෙ. ඒ වෙලාවෙම වැඩකරනවා. මේක නිසා සහකරුවාට කිසිම අපහසුවක් දැනෙන්නෙ නෑ. ඔයාට දැනෙන්නෙත් නෑ. සංසර්ගයට පැය කීපයකට කලින් දාන්න පුළුවන්. පැය 24ක් තියෙන්න අරින්න පුළුවන්. හැබැයි ක්‍රියාකාරීත්වය තියෙන්නෙ පැය දෙකයි. සෙක්ස් කරලා පැය දෙකකට පස්සෙ ආපහු කරනවා නම් රිෆිල් කරන්න ඕන. කප් එක හරියට ෆිට් වෙන්න ඕන. සමහර අයට ඉරිටේෂන් ඇතිවෙන්න පුළුවන්. නොනොක්සිනොල් සහිත ස්පර්මිසයිඩ්/ ශුක්‍රඝාතකවලින් HIV ආසාදනය වීමේ අවදානම වැඩි වෙන්නත් ඉඩතියෙනවා. සෙක්ස් කරලා පැය 06ක්වත් ඉවත් නොකර ඇතුලෙ තියන්න ඕන.


    15. කොන්ඩම්

    මේක තමයි සුප්‍රසිද්දම ක්‍රමය. හොඳ බැරියර් එකක්. ලේසිම ක්‍රමයත් මේක. වැදගත්ම දේ ලිංගිකව බෝවන රෝග පවා මේ ක්‍රමයෙන් වළක්වනවා. වාතෙකට තියෙන්නෙ හැමපාරකම අලුතෙන් එකක් දාන්න ඕන. ඒ වගේම වින්දනය අඩු කරනවා කියන එකත් ලොකු චෝදනාවක්. සමහර අයගෙ හමට සුළු ඉරිටේෂන් තත්වයන් ඇතිවෙන්න පුළුවන්.
    ලේසිම වැඩිම ක්‍රමය. එස්ටීඩීත් වලක්වනවා. හැමපාරකම අලුතෙන් දාන්න ඕන. සෙක්ස්වල වින්දනය අඩුකරනවා කියන හැගීම. සමහර විට සුළු ඉරිටේෂන් ඇතිවෙන්න පුළුවන්.


    16. ෆීමේල් කොන්ඩම්

    මෙතනදි කරන්නෙ ශිෂ්නය වෙනුවට වැජයිනා එකට තුනී කොපුවක් දාන එකයි. පිරිමි කොන්ඩම් එකෙන් ලැබෙන ඔක්කොම වාසි තියෙනවා. ඒ වගේම පිරිමින්ට කොන්ඩමයක් නිසා දැනෙන අවුල මේකෙන් අඩුකරනවා. හැබැයි සමහර විට කරද්දි අතරමග ගැලවෙන්න පුළුවන්. දාන්න අමාරු වෙන්න වගේම ගලවන්න අමාරුවෙන්නත් පුළුවන්. ගොඩක්ම අවුල තියෙන්නෙ මේක හොයන්න අමාරු එකයි. පිරිමි කොන්ඩමයට වඩා මිළත් වැඩියි.


    17. එලියට ගැනීම

    ගොඩක් අය සුලබව පාවිච්චි කරන ක්‍රමයක්. යන්න කිට්ටු වෙද්දි එලියට ගන්න එක. එකම අවුල මේක ඒ තරම් ෂුවර් ක්‍රමයක් නොවෙන එක. මේක චර්යාමය ගනයටයි වැටෙන්නෙ.


    18. දින ගනං කිරීම

    හරියට පීරියඩ්ස් දින අනුව සිද්ද වෙනවා නම් ආර්තවය දින ගනං කරමින් සෙක්ස් කරලා ගැබ්ගැනීම් වළක්වන්න පුළුවන්. වඩාත්ම සරුභාවයක් තියෙන්නෙ පීරියඩ් සයිකල් එකේ 12-14 දිනවල. ඩිම්බයක් මෝචනය සිද්ද වෙන දවස්. ඒ කාලෙ තමයි අවදානම වැඩිම. පිරියඩ්ස් සිද්ද වුනු ගමන්ම මුල් සතිය යම් ආරක්ෂිත බවක් තියෙනවා. ඒත් මේ ක්‍රමයත් සාර්ථක වෙනවා කියල නිශ්චිතව කියන්න බෑ. අනිත් පැත්තට දවස් ගැනලා මිසක් උවමනා වෙලාවට සෙක්ස් කරන්න බෑ.

    19. විකල්ප ක්‍රම භාවිතා කිරීම

    යෝනි මාර්ගයෙන් බැහැරව සංසර්ගය සිදු කරන්නත් පුළුවන්. මේ සඳහා ගුද සංසර්ගය, මුඛ සංසර්ගය ආදී ක්‍රමයන් යොදා ගන්න පුළුවන්. ගැබ්ගැනීමක් ගැන කිසිදු බයක් ඇති කරගන්න දේකුත් නෑ. චර්යාමය ක්‍රමයක් නිසා අතුරු ආබාධත් නෑ.

    20. ස්පර්මිසයිඩ් ස්පොන්ජ්

    ස්පර්මිසයිඩ් හෙවත් ශුක්‍රඝාතක ද්‍රව්‍ය අඩංගු කුඩා තැටියක් ආකාර ස්පොන්ජ් එකක් ලිංගිකව එක්වීමට කලින් යෝනි මාර්ගයට ඇතුල් කරනවා. මෙයින් ආකාර දෙකකින් ගැබ්ගැනීම වළක්වනවා. එකක් ශුක්‍රානුවලට ගැබ්ගෙල ප්‍රදේශයට ඇතුල්වෙන්න බාධකයක් හැටියෙන් ක්‍රියාකිරීමෙන්. දෙවැන්න ශුක්‍රඝාතක රසායනයෙන්.

    මේ ස්පොන්ජ් එක පැළඳු වෙලාවෙ පටන්ම වැඩකරනවා. පැය 24ක කාලයක් මේ බලය පවතිනවා. නැවත නැවත ඇඩ් කරන්න දෙයක් නෑ. දරුවන් ලැබූ අලුත අම්මලට මේක හරියටම ෆිට් වෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඉරිටේෂන් ඇතිවෙන්නත්, ඉවත් කිරීම අපහසු වෙන්න පුළුවන්. සංසර්ගයෙන් පස්සෙ පැය හයක්වත් ස්පොන්ජ් එක තියන්න ඕන. හැබැයි පැය 24ට වඩා තියන එක නරකයි.

    21. ස්පර්මිසයිඩ්

    ශුක්‍රඝාතක රසායන කියන්නෙ බාධකයක් පාවිච්චි කරන ක්‍රමයක්. මේ ස්පර්මිසයිඩ් ජෙලි, ක්‍රීම්, පෙන, හෝ පෙති විදිහට එන්න පුළුවන්. එක්වීමට කලින් යෝනි මාර්ගයට ඇතුල්කිරීමයි කළ යුත්තෙ. එකපාරකට විතරයි වැඩකරන්නෙ. දෙවෙනිවර සංසර්ගයේදී නැවත ඇතුල්කරන්න වෙනවා.
    විනාඩි 05ට විතර කලින් දාලා, ඉවර වුනාට පස්සෙත් පැය 6ක් විතර තියන්න ඕන.

    22. මෝනිං ආෆ්ටර් පිල්

    පොස්ටිනො කියල ජනප්‍රිය පෙත්ත මේකයි. මේක හදිසි හෝමෝන බලපෑමක් ඇතිකරන පෙත්තක්. මේක පාවිච්චි කරන්නෙ උපත්පාලනයක් රහිතව ලිංගිකය එක්වීමක් ඇතිවුනාට පස්සෙ. ඒ අතපසු වීමෙන් පැය 72ක කාලයක් ඇතුලත පෙත්ත ගන්න පුළුවන්. මෙමගින් ඩිම්බය ඩිම්බකෝෂයෙන් පිටවීම වළක්වනවා. ඒ වගේම ඩිම්බය ශුක්‍රානුවක් සමග එක්වීමත්, ගර්භාෂ බිත්තියේ රෝපණය වීමත් වළක්වනවා. මේකට කියන්නෙ ප්ලෑන් බී කියල. නිතර පාවිච්චි කරන්න හොඳ ක්‍රමයක් නම් නෙමෙයි. කැරකිල්ල, මහන්සිය, ඔලුවෙ කැක්කුම සහ බඩ රුදාව ඇතිවෙන්න පුළුවන්.

    23. Ella

    මේක තවත් හදිසි හෝමෝන පාලනයක්. අනිත් හැම පියවරක්ම මගහැරුනම ගන්න තියෙන්නෙ මේ පෙත්ත. අතපසු වීමෙන් මුල් දවස් 05ක කාලට ඇතුලත ගන්න පුළුවන්. ‍මේක ගන්න නම් වෛද්‍ය නිර්දේශයක් ඕන වෙනවා. මහත අයට මේ ක්‍රමය වැඩ කරනවා වැඩියි. හැබැයි නිතිපතා පාවිච්චි කරන්න හොඳ ක්‍රමයක් නම් නෙමෙයි.

    ඉතින් මේ අතරින් කෙනෙකුට තමන්ට වඩා ගැලපෙන උපත් පාලන ක්‍රමය තෝරගන්න පුළුවන්. චර්යාමය සහ බාධකමය ක්‍රමයන්ට බැහැර අනෙක් ක්‍රමවල විවිධ අතුරු ආබාධ ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. උපත් පාලන ක්‍රමයක් තෝරාගනිද්දි ඇයගේ සෞඛ්‍ය ගැන හිතන එක ඉතා වැදගත්. ඇත්තටම මේ තීරණයේ අයිතිය තියෙන්නෙ ඇයටයි. ඒ නිසා නිසි වෛද්‍ය උපදෙස් මත වඩා සරල පහසු අතුරු ආබාධ රහිත ක්‍රමයක් තෝරාගැනීම ආදරය කරන කෙනෙකුගේ වගකීම වෙනවා.

  • ඒක කරන්නම ඕන ටෙස්ට් එකක්

    ඒක කරන්නම ඕන ටෙස්ට් එකක්

    සුනිල් පෙරේරා  ගායනා කරන මේක නං කරන්නම ඕන ටෙස්ට් එකක් සිංදුවත් එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරගෙන යන එච්අයිවී පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය අද ආරම්භ වුනා. සමලිංගික, විෂම ලිංගික, සංක්‍රාන්ති ලිංගික, ලිංගික ශ්‍රමික හෝ මත්ද්‍රව්‍ය ආදියට ඇබ්බැහි වී ඇති ඕනෑම කෙනෙකුට අනාරක්ෂිත ලිංගික එක්වීමක් සිදුවුනහොත් කිසිදු පෙර දැනුම්දීමකින් තොරව වුවත් ළඟම ඇති රජයේ සායනයට පැමිණ නොමිලේ HIV පරීක්ෂාවක් කරගන්න පුළුවන්. ඒ වගේම www.know4sure.lk වෙබ්අඩවිය හරහා  ඔබේ රහස්‍යභාවය ආරක්ෂාවන පරිදි එච්අයිවී පරීක්ෂාවක් සඳහා පහසුවෙන් වෙලාවක් වෙන්කරගැනීමටත් දැන් අවස්ථාව තියෙනවා. HIV පිළිබඳ දැනුවත් විය යුතු බොහොමයක් කාරණා ගැනත් මේ වෙබ් අඩවියේ සාකච්ඡා කරනවා.

    මැකුවොත් හිරේ කියන පාඨයත් සමග සමාජගත වූ HIV මුලින්ම ක්‍රියාත්මක වුනේ එකම සහකරුවෙකුට පමණක් ලිංගික ක්‍රියාවන් සීමා කිරීමේ ආගමික සදාචාර නීතිය ආරක්ෂා කිරීම වෙනුවෙනුයි. අයාලේ යන අයට දෙවියන් විසින් දුන් දඬුවමක් වගෙයි මේක බාරගත්තෙ.  නමුත් පිළිසිඳ ගැනීමකින් තොරව ලිංගික එක්වීමේ හැකියාව මිනිසා සතු  කළ මානව ලිංගික නිදහසේ පුරෝගාමී  පුංචි රබර් කොපුව -කොන්ඩමය නැවතත් මෙතනදි ආරක්ෂාව වෙනුවෙන් පෙරමුන ගත්තා . ඒ නිසා එච්අයිවී ගැන බියකින් තොරව ලිංගික තෘප්තිය සොයායාමේ නිදහස ලැබුන.

    කොන්ඩමයේ ඉතිහාසය

    කොන්ඩමයක් මානව ඉතිහාසයේ මුලින්ම නිෂ්පාදනය වුනේ කවදද කියන එක හරියටම කියන්න පුළුවන්කමක් නෑ. වෛද්‍ය ඉතිහාසය පිළිබඳ පර්යේෂණ කරන වර්න් බුලො කියන්නෙ මේක මිත්‍යා කතා අතර හැංගිලා ගිහින් කියල. මධ්‍යතන යුගයෙ ඉඳන් සත්ව බඩවැල් ආදියෙන් නිපදවන කොන්ඩම පාවිච්චි වුනා. තවත් පර්යේෂකයො කියන්නෙ මේ ඉතිහාසය දහවෙනි ශතවර්ෂයේ පර්සියාව දක්වා යනවා කියල. ඒත් කොන්ඩම භාවිතයෙන් රෝග වැලැක්වීමට පුළුවන් කියල මුලින්ම දොස්තරලා හොයාගත්තෙ 16 වෙනි සියවසේදි.  ගේබි්‍රයල් ෆැලොපියො කියන ඉතාලියානු දොස්තර තමයි මුලින්ම නිර්දේශ කළේ කොන්ඩම භාවිතයෙන් ලිංගික රෝග බෝවීම වළක්වන්න පුළුවන් කියල.

    1800 ගනං වෙනකල් කොන්ඩම් හැදුනෙ සතුන්ගෙ කොටස්වලින්. ඒවා දරුවන් පිළිසිඳ ගැනීම වැළැක්වීමට සහ රෝග බෝවීම වැළැක්වීම වෙනුවෙන් පාවිච්චි වුනා. මේ කාලෙ කොන්ඩම වල රිබන් එකක් තිබුන. ඒක පහල කෙලවරෙන් ගැටගහ ගන්නයි හදලා තිබුනෙ. බුලො කියන විදිහට කොන්ඩම් වැඩිපුර භාවිතා වුනේ ගණිකා වෘත්තිය ආශ්‍රිතව නිසා ඒ අපවාදය කොන්ඩම සමගත් බැඳී තිබුන. ඒ වගේම පිරිමි කවදාවත් කොන්ඩම පළඳින්න ඒ තරම් කැමති වුනේ නෑ.

    ලොව සුප්‍රකට පෙම්වතා කැසනොවා 1700 කියන විදිහට තමන් සැබවින්ම ජීවත් වෙන ඒ මොහොතෙදි මැරිච්ච හම් කෑල්ලකින් තමන්ව වහගන්න එයා කැමති නෑ. කැසනොවා තව ටිකක් කල් ජීවත් වුනා නම් වෙනස් විදිවල කොන්ඩම් එයාට අත්හදා බලන්න තිබුන. සමහර විට එයා ඒවට වැඩියෙනුත් එක්ක කැමති වෙන්නත් ඉඩ තිබුන.

    1800 ගනංවලින් පස්සෙ රබර් කොන්ඩම් හඳුන්වාදෙනවා. මුල් කාලෙදි මේ කොන්ඩම්වලින් ආවරණය වුනේ ශිෂ්න මුන්ඩය විතරයි. යුරෝපීයයන් ඒවා ඇමරිකන් ටිප්ස් විදිහට හැඳින්නුවා. 1869දි මුල්වරට ශිෂ්නය සම්පූර්ණයෙන් ආවරණය වෙන රබර් කොන්ඩමයක් එනවා. නමුත් ඒ මැදින් යන මූට්ටුවක් තිබුන. ඒක අපහසුකාරී වුනා. ඒ වගේම ඒවා මිළ අධික වුනා. සෝද සෝදා නැවත පාවිච්චි කළ හැකි වුනා.
    මේ සියවසේ අවසාන භාගයෙදි තමයි මිළ අඩු කොන්ඩම හඳුන්වා දුන්නෙ. තුනී මුට්ටුවක් රහිත කොන්ඩමයක් වුනත් මේවා ඉක්මණින් කැඩෙන්න පටන් ගත්තා. මේ අතරම මාළු බොකුවලිනුත් කොන්ඩම් නිෂ්පාදනය වෙන්න ගත්තා.

    1873දි කොන්ඩම් කර්මාන්තයට දරුණු පහරක් වදිනවා. ඇමරිකානු ප්‍රතිසංස්කරණවාදියෙක් වන ඇන්තනි කොම්ස්ටොක් විසින් කොම්ස්ටොක් ලෝ කියන නීතිය ගේනවා. මේ නීතියෙන් කොන්ඩම සහ වෙනත් උපත්පාලනය සඳහා යොදාගන්නා දේවල් සහ සදාචාර විරෝධී ලෙස හඳුන්වන සෙක්ස් ටෝයිස් තැපැල් මගින් යැවීම තහනම් කරනවා. තව පළාත්වල වෙනත් දැඩි ස්වරූපයන්ගෙන් මේ නීතිය ක්‍රියාත්මක වෙන්න ගත්තා. කොන්ඩම් නැති වුනේ නෑ. ඒවා අඳුරු කර්මාන්ත වුනා. සමාගම් තමන්ගේ නිෂ්පාදනවලට කොන්ඩම් කියන්නෙ නැතුව රබර් සේෆ්, කැප්ස්, මහත්වරුන්ගේ රබර් මෙවලම් වගේ නම් වලින් හැඳින්නුවා.

    කොම්ස්ටොක් නීතිය තියෙද්දිම අද දක්වා කොන්ඩම නිෂ්පාදනයේ දැවැන්තයන් දෙදෙනා කර්මාන්තයට පිවිසෙනවා. 1883දි. ජර්මානු යුදෙව්වෙක් සංක්‍රමනිකයෙක් වන ජුලියස් ශ්මිඩ් තමන්ගේ කොන්ඩම් නිෂ්පාදනය ආරම්භ කරන්නෙ සොසෙජ් කවර ව්‍යාපාරයත් සමග. එයාගෙ කොන්ඩම්වල නම රැම්සෙස් ඇන්ඩ් ශීක්. ශ්මිඩ් රබර් වලින් කොන්ඩම් හැදුවා. ඇමරිකාවෙ ප්‍රමුඛතම කොන්ඩම් නිෂ්පාදකයා වෙන්න ශ්මිඩ්ට පුළුවන් වුනා. 1916දි ශ්මිඩ්ට එයාගෙ ප්‍රතිවාදියා මුනගැහුනා. ඒ තමයි මර්ලෙ යන්ග්. ට්‍රෝජන් කියන බ්‍රෑන්ඩ් එක එයාගෙ.

    1930 ගණං වෙද්දි කොන්ඩම්වලට තියෙන නීතිමය තත්වය ශක්තිමත් වුනා. රෝග වැලැක්වීම වෙනුවෙන් කොන්ඩම් පාවිච්චි කළ හැකිය කියන පිළිගත හැකි සාක්ෂිය තමයි ඒකට හේතු වුනේ. ඒ වගේම දොස්තරලාට රෝග වැලැක්වීම සඳහා කොන්ඩම් නිර්දේශ කරන්නත් නීතියෙන් අවසර ලැබුනා.
    මේ අතරදි ලේටෙක්ස් කොන්ඩම් හඳුන්වාදුන්නා. වඩා තුනී වෙමින් වැඩි තෘප්තියක් ළඟා කරදෙන්න ඒවාට පුළුවන් වුනා. ඒ වගේම පොදු ජනතාවට මිළට ගත හැකි වුනා. 1930 ගණන්වල මැද වෙද්දි ප්‍රධාන කොන්ඩම් නිෂ්පාදකයො 15 දෙනෙක් හිටිය අතර මිලියන එකහමාරක් කොන්ඩම් දවසට නිෂ්පාදනය වුනා.

    සමාජ විද ්‍යාඥ ජොෂුවා ගැම්සන් කියන විදිහට දෙවෙනි ලෝක යුද්දෙ වෙද්දි දවසට කොන්ඩම් මිලියන තුනක් නිෂ්පාදනය වෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව ඇමරිකානු හමුදාවලට කොන්ඩම් ලබාදීම. 1940 ගණන්වලදි ප්ලාස්ටික් සහ පොලියුරතේන්වලින් කොන්ඩම් හදන්න ගත්තට ඒවා වැඩි කාලයක් පැවතුනේ නෑ. මේ අතර පළවෙනි පාට පාට කොන්ඩමය ජපානයේ නිෂ්පාදනය වෙනවා.
    1960-70 වෙනකල් කොන්ඩම් අලෙවිය වැඩිවෙනවා. ඊට පස්සෙ එකපාරටම ඒක කඩන් වැටෙනවා. ඒකට හේතුව වෙන්නෙ උපත් පාලන පෙත්ත සහ IUD ක්‍රමයන් හඳුන්වාදීම. උපත් පාලනය කියන හේතුවට කොන්ඩම් එක්ක තවත් තරගකරුවන් ඉදිරිපත් වෙනවා.

    මේ විදිහෙ උපත් පාලන ක්‍රම ගණනාවක් හඳුන්වාදුන්නට 1965 වෙනකල්ම ඒවා තහනම් විදිහටයි පවතින්නෙ. කනෙක්ටිකට් වල ශ්‍රේෂ්ටාධිකරණය පළවෙනි වතාවට විවාහක අයට උපත් පාලන ක්‍රම පාවිච්චි කරන්න නීතිමය අවසරය දෙනවා. අවිවාහක අයට උපත් පාලන අයිතිය ලැබෙන්නෙ තවත් අවුරුදු හතකට පස්සෙ. ඒ කොහොම වුනත් 1977 දක්වාම කොන්ඩම් ඇඩ්වර්ටයිස් කරන්න තහනම්. මේ දැන්වීම පළකිරීම නීතිගත වුනාට පස්සෙ වුනත් රූපවාහිනී ආයතන තමන් විසින්ම ඒවා බාරගැනීම ප්‍රතික්‍ෂේප කළා.

    නැවත කොන්ඩම් ජනප්‍රිය වෙන්නෙ 1980 ගණන්වල HIV පැතිරෙන්න ගන්නවත් එක්ක. ඒත් මේ මාධ්‍ය නාලිකා කොන්ඩම් පිළිබඳ දැනුවත් කිරීම් තමන් විසින්ම වාරණය කරනවා. ඇමරිකානු ජ්‍යෙෂ්ට හමුදා වෛද ්‍යවරුන් පවා මේ දැනුවත් කිරීම් මාධ්‍ය විසින් කළ යුතුයි කියල කිව්වත් ඒ අය ඇහුම්කන් දෙන්නෙ නෑ. ඒ මාධ්‍ය බයවෙනවා උපත් පාලනයට විරුද්ධ තමන්ගේ පාරිභෝගිකයන් තමන්ට අහිමි වෙයි කියල. ඒ දැන්වීම් මගින් ප්‍රජාවගේ යහපත් රසය සහ පිළිගැනීම පිළිබඳ තත්වයන් කඩකරනවා කියල ඒ අය කියනවා.

    පළමු වරට කොන්ඩම් ඇඩ් එකක් ටීවී එකේ යන්නෙ 1991දි. ඒ ට්‍රෝජන් කොන්ඩම් ගැන. එතනදි කොන්ඩම් එකෙන් සිද්ද වෙන රෝග වැළැක්වීම ගැන මිස උපත් පාලනය ගැන කිසි දෙයක් කතා කරන්නෙ නෑ. මේ අවුරුද්දෙම ෆොක්ස් ච ැනල් එක ශ්මිඩ්ගෙ රැම්සස් ඇඩ් එක ප්‍රතික්‍ෂේප කරනවා ඒකෙ ශුක්‍රානු විනාශ කිරීමක් දැක්වෙනවා කියල. ප්‍රයිම් ටයිම් එකේ පළවෙනි වතාවට කොන්ඩම් දැන්වීමක් ප්‍රචාරය වෙන්නෙ 2005දි. 2007දිත් ෆොක්ස් එක මේ දැන්වීම් බාරගැනීම ප්‍රතික්‍ෂේප කරනවා ඔවුන් උපත් පාලනයට විරුද්ධ නිසා.

    ඉතින් අදටත් ලංකාවෙ කොන්ඩම් එකක් පොලිසිය විසින් නීති විරෝධී හෝ අපහාසාත්මක, අපචාරාත්මක තත්වයකින් සැලකීම ගැන වැඩිය පුදුම වෙන්න දෙයක් නෑ. ඒත් මේ පුංචි රබර් කොපුව තමයි ලිංගික රෝග බෝවීමේ අවදානම වළක්වන, ලිංගික නිදහස ආරක්ෂා කරන ප්‍රබලම මෙවලම වෙන්නෙ.

    HIV වලට බයවෙන්න දෙයක් නෑ!

    මේ වෙද්දි වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක HIV සාර්ථකව පාලනය කිරීමට ඖෂධ සොයාගෙන ඇති නිසා තවදුරටත් මේක බිය විය යුතු මාරාන්තික රෝගයක් නෙමෙයි. නිසි උපදෙස් මත ඖෂධ ලබාගන්නවා නම් ලිංගිකව හැසිරුනද ඔබෙන් තව කෙනෙකුට HIV බෝවෙන්නෙත් නෑ. මේ නිසා HIV ඇති අය සමාජයෙන් කොන්කිරීම හෝ ඒ අය ගැන බයෙන් කලබල වීම නූතන යුගයට අයිති හැසිරීමක් නෙමෙයි. ඒ නොදැනුවත් බව පිළිබඳ කතන්දර.

    මේකෙන් අදහස් වෙන්නෙ අප්‍රවේශම්කාරී වීම ප්‍රශ්නයක් නෑ කියන එක නෙමෙයි. විවෘත ලිංගික ඇසුරකදි කොන්ඩමයක් පැළඳීම හැමවිටම වැදගත්. නමුත් යම් අතපසු වීමක් වුවහොත් දෙවන පියවර වන්නේ පරීක්ෂාවක් සිදුකරගෙන සැක බිය දුරුකර ගැනීම.

    අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසු සති 4-6ක් අතර කාලයකදි මේ ටෙස්ට් එක කරගැනීම සුදුසු වෙනවා. මේ ටෙස්ට් එක නිසා ඔබේ ජීවිතයත් ඔබව ඇසුරු කරන අනෙක් අයගේ ජීවිතත් ආරක්ෂා වෙනවා. නෝටි වුනත් නයිස් විදිහට කරන සෙක්ස් කරන්න අපි ඉගෙන ගන්න ඕන.

    මේ ගීතය වෙනුවෙන් සුනිල් පෙරේරා මුදල් අයනොකරම තමන්ගේ ගීතයක තනුව සහ තමන්ගේ හඬ ලබාදීම විශේෂයෙන්ම අගය කළ යුතු දෙයක් වෙනවා.


    HIV සහ ලිංගාශ්‍රිත රෝග පර්යේෂණ සඳහා දුරකතනයෙන් පහසු වේලාවක් සහ දිනයක් වෙන් කරවා ගැනීමට

    www,know4sure.lk
    – 0766447873 – 0779803244
    ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන
    – 0112 66 71 63 – 0703 533 633
  • SQUIRT ආශාවේ රිදී වැස්ස

    SQUIRT ආශාවේ රිදී වැස්ස

    ස්ක්වර්ට් කරනවා කියන්නෙ ස්ත්‍රී මෝචනයට. ඒත් ඒ වචනෙන් ස්ක්වර්ට් එකක තියෙන ආශ්චර්ය දනවන්න බෑ. ඒක හින්ද අපි පාවිච්චි කරමු රිදී වැස්ස කියල.

    ගැහැණියකට ස්ක්වර්ට් කරන්න පුරුෂ ලිංගයක් අවශ්‍ය නෑ. ඒකට ඇත්තටම ඕන කරන්නෙ යුරේත්‍රාවක්. යුරේත්‍රාව කියන්නෙ මුත්‍රා එලියට අරන් එන නාලය.

    හැබැයි ස්ක්වර්ට් කරද්දි එලියට විදින්නෙ මුත්‍රා නෙමෙයි. මුත්‍රා යම් ප්‍රමාණයක් එක්ක තවත් ශ්‍රාවයන් මේ මුත්‍රා විවරය තුලින් එලියට විදින එකයි සිද්ද වෙන්නෙ. එහෙම වෙන්නෙ උපරිමයට ලිංගිකව අවදි වෙලා ඉන්න තත්වයකදි හෝ සුරතාන්තයකදි. මේක යෝනි මාර්ගය තෙත් කරන ශ්‍රාවයන්ට වඩා වෙනස්.

    රිදී වැස්ස අපි හිතනවට වඩා සුලබ එකක්. ඉතා සුළු ප්‍රමාණයක් යොදාගෙන කරපු පර්යේෂණයක් අනුව කාන්තාවන් 233කින් 126ක්ම ජීවිතේ එකවතාවක් හරි ස්ක්වර්ට් කරලා තිබුන. ඒ කියන්නෙ 54%ක් විතර ප්‍රතිශතයක්.

    ස්ත්‍රී මෝචනයයි රිදී වැස්සයි කියන දෙකම එකක් විදිහට සලකන්න පුළුවන්ද කියන එක ගැනත් පරස්පරතා තියෙනවා. ගොඩක් අය මේක දෙකක් විදිහට අත්විඳිනවා. රිදී වැස්ස වහින එක ස්ත්‍රී මෝචනය සිද්ද වෙනවට වඩා බහුලයි කියලයි කියන්නෙ.

    එතකොට ස්ත්‍රී මෝචනයක මොනවද පිටවෙන්නෙ? මෝචනයකදි පිටවෙන්නෙ සුදු පැහැති කිරි වලට හුරු ශ්‍රාවයක්. එහි අඩංගු සමහර දේ පිරිමි ශුක්‍රානුවලටත් සමානයි.

    ස්ත්‍රී මෝචනයක් සිද්ද වෙන්නෙ ස්කීන්ගේ ග්‍රන්ථිය කියල හැඳින්වෙන කොටසින්. යුරේත්‍රාව වටේටයි මේ ග්‍රන්ථි පිහිටන්නෙ. මේකට කියනවා ස්ත්‍රී ප්‍රොස්ටේට් එක කියලත්. මේ ග්‍රන්ථිවලින් යුරේත්‍රාවට ශ්‍රාවයන් පිටකළ හැකි විදිහට විවෘත වීම් තියෙනවා. 1800දි ඇලෙක්සැන්දර් ස්කීන් තමයි මේ ග්‍රන්ථි ගැන පළවෙනි වතාවට විස්තර කරන්නෙ.

    ඉතින් මෝචනයකදි පිටවෙන්නෙ මුත්‍රා නෙමෙයි. ගොඩක්ම ප්‍රොස්ටේට් එන්සයිම. හැබැයි රිදී වැස්සකදි මේ මෝචනය වෙන ශ්‍රාවයන් මුත්‍රා සමග මිශ්‍රවෙලයි ඒ වැස්ස නිර්මාණය වෙන්නෙ.

    කෙනෙකුට මිලි 150ක් විතර ප්‍රමාණයක වැස්සක් වස්සන්න පුළුවන් කියලයි පර්යේෂණවලින් පෙන්නන්නෙ. මේ තරම එකඑක්කෙනා අනුව සහ අවස්ථාව අනුව වෙනස් වෙනවා. ඒ වගේම මෝචනයකදි දැනෙන හැඟීමත් ඒ ඒ අයට වෙනස්. සමහර කෙනෙකුට සාමාන්‍ය සුරතාන්තයක් වගේම වෙද්දි තව කෙනෙකුට ඒක කකුල් වෙව්ලන තරමෙ ආස්වාදජනක එකක්.

    මේ රිදී වැහි පැණි රසයි කියලයි කියන්නෙ. ඒ හින්දම පැරණි ඉන්දියාවෙ මේ දියට සුරයන්ගේ අමෘතය කියලත් කිව්වා.

    සැබෑ මෝචනයක් නම් වෙන්න ඕන සුරතාන්තයක් එක්කම වුනත් ජී-ස්පොට් එක උත්තේජනය කිරීම මගින් සුරතාන්තයට බැහැරින් මෝචනය ඇතිවෙන්න පුළුවන්. ඒ කියන්නෙ ඕගසම් එකකට නොගිහින් ස්ක්වර්ට් වෙන්න පුළුවන්. මේකට බලපාන්නෙ ඉන්න ඉරියව්ව සහ තාක්‍ෂණය.

    යෝනිය ඇතුලෙ ඉදිරිපසට වෙන්න ඉහළින් ජී-ස්පොට් එක පිහිටනවා. ඇඟිල්ලක් ඇතුලට දැම්මොත් ස්පොන්ජ්මය ප්‍රදේශයක් විදිහට මේක අඳුරගන්න පුළුවන්. මේ ජී-ස්පොට් එක සහ ක්ලිටෝරිසය එකවර උත්තේජනය කිරීමෙන් ගොඩක් අය ස්ක්වර්ට් එකකට යනවා. ජී- ස්පොට් කිව්වට මේක එහෙම හුදකලා තැනක් නෙමෙයි. ක්ලිටෝරල් නෙට්වර්ක් එකේම කොටසක් විදිහටයි පවතින්නෙ. ඒ කියන්නෙ ඔයා ජී-ස්පොට් එක උත්තේජනය කරනවා කියන්නෙ ඔයා ක්ලිටොරිස් එකේ කොටසක් උත්තේජනය කරනවා කියන එක. මේක එක එක ශරීරවල පිහිටන තැන වෙනස්. ඉවසිලිවන්තව ඒක හොයාගන්න වෙනවා.

    මුල් කාලෙදි ගැහැණු ස්ක්වර්ට් කරන එක ලැජ්ජාවක් කියල හිතලා ඒක පාලනය කළා. පිටවෙන්නෙ මුත්‍රා කියල හිතලා ඒ ගැන ලැජ්ජා වුනා. ඒත් කාලයත් එක්ක ඔවුන් සමග රමණය කරන පිරිමින් මේකෙන් ලබන ආස්වාදය තේරුම් ගැනීමත් එක්ක දැන් රිදී වැස්ස උත්කර්ෂවත් වෙලා තියෙනවා.

    මේකට පුරුෂ ලිංගයක් හෝ ඩිල්ඩෝවක් අවශ්‍යම නෑ. ඒ වෙනුවට ඇඟිලි සහ දිව එකට යොදාගෙන වඩා ආස්වාදනීය රිදී වැසි වස්සන්නත් පුළුවන්.

    එක පාරක් ස්ක්වර්ට් කළොත් ඒක දිගටම කරන්න පුළුවන් වෙනවා. එහෙම දිගට පුහුණු කළ කෙනෙකුට හිතන ඕනම වෙලාවක ඒ වැසි වැස්සීමේ මායා බලය ලැබෙනවා. යෝනියක් තියෙන ඕනම කෙනෙකුට ස්ක්වර්ට් කරන්න පුළුවන් කියලයි කියන්නෙ. ඒත් යෝනියක් තිබූ පමණින් ස්ක්වර්ට් කරනවා කියන එක අනිවාර්යයක් නෙමෙයි.

    ඇඳන් තෙමෙන්න, සමහර වෙලාවට බිත්තිවලට වැදෙන්න මේ ආශාවේ දිය දහර විදිනවා. ඒ වැස්සෙ තෙමෙන්න පෙම්වතුන් ආශාවෙන් පෙළෙනවා.

  • පුරුෂ ලිංගයේ කතාව – Sexology (Part 3)

    පුරුෂ ලිංගයේ කතාව – Sexology (Part 3)

    ගැහැණු ලිංගික පද්ධතිය වගේ නෙමෙයි පිරිමි ලිංගික පද්ධතියෙ බොහෝ කොටස් පිටතට දකින්න පුළුවන්. මේ නිසාම නිතර ස්පර්ශ කිරීමෙන්, අත්හදා බැලීමෙන් මේ ගැන දැනීමක් පිරිමින්ට තියෙනවා. ලිංගික ප්‍රදේශ ගැන පිරිමි ගැහැණු ඇටිටියුඩ් එක වෙනස් වෙන්නත් මේ දකින්න තිබීම සහ දකින්න නැති වීම බලපානවා.

    මොනවද පිරිමි ලිංගික ප්‍රජනන පද්ධතියෙ තියෙන්නෙ?

    පිරිමි ලිංගික ප්‍රජනන පද්ධතියෙ කොටස් කීපයක් තියෙනවා. ශිෂ්නය, වෘෂණකෝෂ (වල්ල), වෘෂණ (ඇටදෙක), එෆිඩිඩමස්, වාස් ඩෙෆරන්ස්, ප්‍රොස්ටේට් සහ සෙමිනල් වෙසිකල්ස් කියල මේ කොටස් අපිට නම් කරන්න පුළුවන්.
    පිරිමින්ගේ ශිෂ්නය සහ යුරේත්‍රාව මුත්‍රා කිරීමටත් සහ ලිංගික ක්‍රියාවටත් දෙකටම අයිතියි.

    අපිට අතට අහුවෙන ශිෂ්නය කොටස් තුනක් විදිහට දකින්න පුළුවන්. යටිබඩට සවිවී ඇති මූලය කොටස (මේක පිටතට නොපෙනෙන ඇතුළත උකුල් ඇටයට සවිවන කොටසක්), දෙවනුව කඳ කොටස සහ තුන්වෙනුව අපි ටොපා කියල හඳුන්වන ශිෂ්න මුන්ඩය. ශුක්‍රානු සහ මුත්‍රා දෙකම ප්‍රවාහනය කරන යුරේත්‍රා විවරය ශිෂ්නය මුන්ඩය කෙලවරේ තියෙනවා. ශිෂ්න මුන්ඩයේ පාදමට නැත්තං අර හත්තක් වගේ ලස්සනට වෙන්වෙලා හැදෙන කර ප්‍රදේශයට කියනවා කොරොනා කියල. චර්මඡේදනය නොකළ කෙනෙකුගේ කොරොනාව සහ ශිෂ්න මුණ්ඩය වැසෙන්න පෙරසමක් පවතිනවා.

    මේ ශිෂ්නය ඇතුලෙ තියෙනවා සිලින්ඩරාකාර අවකාශ තුනක්. ලොකු දෙකට අපි කියනවා කොපෝරා කැවර්නොසා කියල. මේ දෙක දෙපැත්තෙ තියෙන්නෙ. තුන්වෙනි එක කෝපස් ස්පොන්ජියොසම් තියෙන්නෙ යුරේත්‍රාව වටේට. මේ අවකාශයන් තුනට රුධිරය පිරුනාම ශිෂ්නය ප්‍රාණවත් වෙනවා. විශාල වෙනවා. නම් කියවද්දි කට පැටලුනාට පිංතූරයෙන් තියෙන තැන් ටික බලාගත්තම ඇති.

    ස්ක්‍රොටම් කියන්නෙ අපි සාමාන්‍ය ව්‍යවහාරයෙන් වල්ල කියන එකට. වෘෂණ ආවරණය කරමින් තියෙන වෘෂණ කෝෂවලට. මේක පිහිටලා තියෙන්නෙම ශුක්‍රානුවලට අවශ්‍ය තරමට උෂ්ණත්වය රඳවාගන්න. ඒ උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට වඩා තරමක් අඩුයි. ඒකයි ඒවා එලියෙන් තියෙන්නෙ. සීතල පලාතකට ගියාම මේවා ශරීරය ළඟට ඇකිලෙනවා. උෂ්ණත්වය ලබාගන්න කිට්ටු වෙනවා. උණුසුම් පළාතකට ගියාම නිදහසේ පහලට එල්ලා වැටෙනවා. මේ වෘෂණ කෝෂවල බිත්තියේ ඇති පේශීන්ගෙන් මේවා ඉහළ පහළ යාම පාලනය කරනවා.

    වෘෂණ කෝෂ කියන්නෙ අපි ඇට දෙක කියන එකට. මේවා ඕවලාකාර අඟල් 1.5-3ක් පමණ ලොකු කොටස්. ප්‍රමාණයෙන් තේ හැඳි දෙකක් විතර. සාමාන්‍යයෙන් වම් ඇටය තියෙන්නෙ දකුණු එකට වඩා පහළින්. මේවාට පැවරිලා තියෙනවා ප්‍රධාන වැඩ දෙකක්.

    එකක් තමයි ශුක්‍රාණු නිෂ්පාදනය කරන එක. අනික ප්‍රධානම පුරුෂ ලිංගික හෝමෝනය වන ටෙස්ටස්ටරොන් නිෂ්පාදනය කරන එක. පිරිමියෙකුගේ වැඩිවිය පත්වීමේ ඉඳන් ලිංගික වර්ධනයට ටෙස්ටස්ටරොන් මූලික වෙනවා.
    එෆිඩිඩමස් කියන කොටස අඩි 20ක් විතර දිග දඟර ගැහැණු ක්ෂුද්‍ර නලයක්. එෆිඩිඩමස් වලින් කරන්නෙ වෘෂණවලින් ශුක්‍රානු එකතු කරගෙන ඒවා පරිණත වෙලා, ස්ත්‍රී ප්‍රජනන මාර්ගය හරහා ගමන් කිරීමේ හැකියාව ලබන තුරු ආරක්ෂා කරන එක. එෆිඩිඩමස් පිහිටන්නෙ එක එක වෘෂනයේ පිටුපසට වෙන්නයි.

    ‘වාස් ඩෙෆරන්ස්’ කියන්නෙ එෆිඩිඩමස් වල ඉඳන් ශුක්‍රානු අරගෙන යන නූඩ්ල් එකක් වගේ නලයකට. මේ දෙක ගිහින් ප්‍රොස්ටේට් ග්‍රන්ථිය පිටිපස්සෙ තියෙන ‘සෙමිනල් වෙසිකල්ස්’ කියල හඳුන්වන කොටසට සම්බන්ධ වෙනවා. මේවා දෙකක් තියෙනවා. ඒ වගේම වෘෂණ කෝෂවල තියෙන මාංශ තන්තු, රුධිර නාල සහ ස්නායු ආදියත් ‘වාස් ඩෙෆරන්ස් සමග බැඳී ශුක්‍රමය- රැහැනක් නිර්මාණය කරමින් ගමන් කරනවා.

    පිරිමි යුරේත්‍රාව වැඩ දෙකක් කරනවා. එකක් මුත්‍රාශයේ සිට මුත්‍රා පිටකිරීම. අනෙක මෝචනය වන ශුක්‍රානු රැගෙන යාම.

    ප්‍රොස්ටේට් ග්‍රන්ථිය තියෙන්නෙ මුත්‍රාශයට යටින්. ඒක යුරේත්‍රාව වටේට පිහිටනවා. මේකෙ සයිස් එක වෝල්නට් ගෙඩියක තරම්. වයස්ගත වෙද්දි ප්‍රොස්ටේට් එක විශාල වෙන්න ගන්නවා. මේක ඕනවට වඩා විශාල වුනොත් මුත්‍රා මාර්ගය අවහිර වෙන්න ඉඩ තියෙනවා. ප්‍රොස්ටේට් එකට උඩින් තියෙන ‘සෙමිනල් වෙසිකල්ස්’ සහ ‘වාස් ඩෙෆරන්ස්’ එකතු වෙමින් ශුක්‍ර මෝචනය කරන ප්‍රනාලයන් නිර්මාණය කරනවා. මේ ප්‍රනාල ප්‍රොස්ටේට් එක ඇතුලෙන් ගමන් කරනවා. ප්‍රොස්ටේට් එකෙන් සහ සෙමිනල් වෙසිකල්ස් වලින් ශුක්‍රානු පෝෂණය කරන දියරයක් නිපදවෙනවා. ශූක්‍රානුවල වැඩිහරියක් තියෙන්නෙ මේ දියරය. ඒ වගේම ‘වාස් ඩෙෆරන්ස්’ සහ යුරේත්‍රාවේ ඇති කව්පර් ග්‍රන්ථි කියන කොටසෙනුත් තවත් දියරයක් ඉතා සුළු ප්‍රමාණයක් ශුක්‍රානුවලට එකතු වෙනවා.

    ශිෂ්නය ගැන දැනගන්න.

    1. ශිෂ්නයේ හැඩය නිසියාකාරව තියාගන්න නම් නිතර ප්‍රාණවත් වීම අවශ්‍යයි. වෛද්‍යවරු කියන්නෙ මේක අභ්‍යාසයක් විදිහට කරන්න කියල. ශිෂ්නයේ පවතින මෘදු මාංශපේශී වරින්වර රුධිරයෙන් පිරිලා ක්‍රියාකාරී වෙන්න ඕනකmරනවා. දවසෙම ප්‍රාණවත් වීමක් නැති අයට මේ වෙනුවෙන් මොළයේ ඉන්බිල්ට් ෆන්ක්ෂන් එකක් තියෙනවා. නින්දේදී සිහින දකින අවධියේදී මේක ක්‍රියාත්මක වෙනවා. ඔයා සෙක්සි හීනයක් දකිනවද නැත්තං සොම්බි විනාසයක් දකිනවද කියන එක අදාල නෑ, ශිෂ්නය ප්‍රාණවත් වෙනවා.

    ඒත් සමහර අයට දියවැඩියාව හෝ මුහුණ දුන් ඛේදජනක අත්දැකීමක් නිසා ශිෂ්නය ප්‍රාණවත් නොවෙන්න පුළුවන්. ඒ අය මේ ප්‍රාණවත් වීම ඇති කරන්න කටයුතු නොකළොත් ශිෂ්නය එන්න එන්න කුඩාවීමට පටන් ගන්නවා. මේ පේශීන් හැකිලී යාම නිසා සෙමි කීපයක් ශිෂ්නය කුඩාවෙන්න පුළුවන්.

    1. ශිෂ්නය අප්‍රානිකව ඇතිවිට ප්‍රමාණය සහ ප්‍රාණවත් වූ පසු ප්‍රමාණය අතර සම්බන්ධයක් නෑ. අපිට හිතෙන්නෙ බැස්සම මෙච්චර නං නැග්ගම කොච්චර ඇද්ද කියලනෙ. ඒත් මේක හිතලුවක්. එක එක අයගෙ එක එක ප්‍රමාණවලින් විශාලවීම සිද්ද වෙනවා. අප්‍රාණිකව ඉතා කුඩාවට ඇති ශිෂ්නයක් ප්‍රාණවත් වීමේදී විශාල වෙන්නත් පුළුවන්, එහෙම නොවෙන්නත් පුළුවන්. ඇල්ෆ්‍රඩ් කින්සි දාහක විතර පිරිසක් එක්ක කරපු පර්යේෂණයක් අනුව අප්‍රාණික විට කුඩා ශිෂ්නයන් අප්‍රාණික විට දිග ශිෂ්නයන්ට වඩා දෙගුනයක් විතර දික්වෙනවා. කින්සි දැකපු විදිහට 12%ක් විතර ශිෂ්නයන් තුනෙන් එකක් හෝ ඊට වඩා අඩු ප්‍රමාණයකට දික්වුනා. 7%ක් විතර දෙගුනයකින් දික්වුනා. බහුතරයක් ශිෂ්නයන් සාමාන්‍ය මට්ටමක පැවතුනා.

    2. බොහොමයක් පිරිමින්ගේ වඩාත්ම තෘප්තියක් ලබාදෙන ප්‍රදේශය පිහිටන්නේ ශිෂ්න මුන්ඩයට යටින්. මුලු ශරීරයම යොදාගෙන කළ පර්යේෂණවලින් පැහැදිලි වුනේ ශිෂ්න මුණ්ඩයට පහල කොටස වඩාත් තෘප්තිදායක වන අතර ඊළඟට මුණ්ඩයේ ඉහල සහ දෙපැත්ත තෘප්තිය අතින් පෙරටුව පිහිටන බවයි.

    3. වයසත් එක්ක ශිෂ්නයේ සංවේදීබව අඩුවෙනවා. මේක නිශ්චිතවම මෙපමණකින් කියල කියන්න බෑ. නමුත් අවුරුදු 25 පටන් මේ අඩුවීම ආරම්භ වෙනවා. වඩාත්ම සංවේදීබව අඩුවෙන්නෙ අවුරුදු 65-70 අතර. ඒත් මේ තත්වය කිසි කෙනෙක් හඳුනාගන්නෙ නෑ. ඉතාම අඩු පැමිනිල්ලක් විදිහට තමයි මේක ගැන සඳහන් වෙන්නෙ.

    4. වයිබ්‍රේටර්ස් තියෙන්නෙ කාන්තාවන්ට පමණක් නෙමෙයි. විශේෂයෙන් කොඳු නාරටියෙ ආබාධ ඇති පිරිමින්ට ලිංගික තෘප්තිය ලබාදෙන්න වයිබ්‍රේටර්ස් පාවිච්චි කරනවා. වයිබ්‍රේටර් එක ශිෂ්න මුන්ඩයට තද කිරීමෙන් ඕනෑම කෙනෙකුට මේ ආස්වාදය ලබන්න පුළුවන්. ඒකෙ තියෙන ස්නායු උත්තේජනය කිරීමේ විශේෂ ක්‍රමය නිසා මේ ආස්වාදය අපි හිතනවාට වඩා වැඩියි කියලයි කියන්නෙ.

    5. අපිට ඇහැට පේනවට වඩා අපේ ශිෂ්නය දිගයි. ඒකෙ කොටසක් තියෙන්නෙ අපේ ශරීරය ඇතුලෙයි. හරියටම ගහක පස් යට තියෙන කොටස වගේ. MRI එකකින් පේන විදිහට ප්‍රාණවත් පුරුෂ ලිංගයක් හරියට බූමරංගයක් වගේ.

    6. ඒ වගේම පුරුෂ ලිංගයේ පෙරසම කොටස බැක්ටීරියාවලට ජනාවාසයක් කියලයි කියන්නෙ. මේ පෙරසම ඉවත් කළ අය සහ පෙරසම ඇති අය යොදාගෙන කළ පර්යේෂණවලදී පෙරසම ඉවත් කළ අයගේ බැක්ටීරියා බෙහෙවින් අඩු බව පෙනී ගියා. ඒ වගේම පෙරසම ඉවත් කිරීමෙන් එච්අයිවී සහ ලිංගික රෝග බෝවීම 60%ක් පමණ අඩුවන බවත් දකින්න තියෙනවා. ඒකට හේතුව විදිහට කියන්නෙත් මේ බැක්ටිරීයා මගින් ඒ රෝග බෝවීමේ අවදානම වැඩි කරන බවක්. ශිෂ්න පිළිකා ඇතිවීමේ අවදානමත් පෙරසම ඉවත් කිරීමෙන් අඩුවෙනවා. ඒක නිසා ආරක්ෂිත ක්‍රම පාවිච්චි කරලා පෙරසම ඉවත් කිරීමත් නරක අදහසක් නෙමෙයි.

  • ගැහැණු ලිංගික ප්‍රජනන පද්ධතිය (Sexology – Chapter 2)

    ගැහැණු ලිංගික ප්‍රජනන පද්ධතිය (Sexology – Chapter 2)

    දෙවෙනි පරිච්ඡේදය විදිහට අපි ගැහැණු ප්‍රජනන පද්ධතිය තේරුම් ගන්න උත්සාහ කරමු. මේ අපි කතා කරන්නෙ සෙක්ස්වල බයොලොජි පැත්ත. අපේ ලිංගික ඉන්ද්‍රියයන් කොහොමද සකස් වෙලා තියෙන්නෙ කියන එක ගැන සර්ව සම්පූර්ණ නැතත් දළ අදහසක් අපිට තියෙන එක වැදගත්. මේ තරම් අපේ අනුරාගය වඩවන ස්ත්‍රී ශරීරයේ ආශාව නිර්මාණය වෙලා තියෙන හැටි ඇගේ සිරුරේ බාහිර පෙනුම වගේම සෞන්දර්යාත්මකයි.

    ගැහැණු ප්‍රජනන පද්ධතිය බාහිර සහ අභ්‍යන්තර විදිහට කොටස් දෙකකින් කියවන්න පුළුවන්. ඇගේ ප්‍රජනනයට සහ ලිංගිකත්වයට අදාල සිරුරේ බාහිරයේ, යෝනි ප්‍රදේශයේ අංග පහක් අඳුරගන්න තියෙනවා. පළවෙනි එක තමයි පියුබිස් කියන යෝනි අස්ථිය වසාගෙන ඇති මාංශමය ප්‍රදේශය. මේක රෝමවලින් යුත් පැතිරුනු කලාපයක්. ගැහැණියක් ළඟින් වැතිරිලා ඔලුව තියාගෙන ඕන වෙලාවක් ඉන්න පුළුවන් තැනක්.

    ඊළඟට ලෙබියා මැජොරා (ලෙබියම් මේජුස්) කියන කොටස. වල්වා කියල ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. යෝනියේ බාහිර තොල් කියලත් අපිට කියන්න පුළුවන්. ඇගේ පිටතට පෙනෙන දෙකට බෙදුනු අධෝමාර්ගය දක්වා දිවෙන කොටස තමයි මේකට අයිති වෙන්නෙ. මේකෙ තියෙනවා ඔයිල් නිපදවන ග්‍රන්ථි, රෝම ආදිය. මේ තමයි යෝනි මාර්ගයට බාහිර දොරටුව. මේ බාහිර තොල් හරිම සංවේදීයි. ඒවායේ ස්නායු කෙලවරවල් පිහිටලා තියෙනවා. ඒ කියන්නෙ හොඳට ස්පර්ශයන් දැනෙනවා.

    ඊළඟට තියෙන්නෙ ලෙබියා මයිනෝරා (ලෙබියම් මයිනුස්) . මේ තමයි ඇතුළත තොල්. මේවා එකිනෙකාගේ එක එක හැඩවලින් පිහිටනවා. හරිම මෘදු ස්පොන්ජිමය පේශීන්. මේ ලෙබියා මයිනෝරා උඩු කෙලවරෙන් ක්ලිටොරිසය පිහිටනවා. මේක හරියට ක්ලිටෝරිස් එකට උඩුහමක් විදිහටත් වැඩකරනවා. ස්නායු අන්ත බහුල නිසා සංවේදනය උපරිමයි. දිවක මෙන් තෙත් සුමුදු ස්පර්ශයකටමයි සුදුසු.

    මේ යෝනි තොල්වල හැඩය ගැන ගොඩක් අය වද වෙනවා. මේවායෙ ප්‍රමාණය හැඩය වෙනස් කරගන්න ප්ලාස්ටික් සර්ජරි කරනවා. ඒත් අපි අපේ ශරීරය ඒ තියෙන හැටියෙන් බාරගන්න එකයි වැදගත්. අපේ ශරීරය ගැන ලැජ්ජාවෙන් පසුතැවීම කියන්නෙ මානසික පීඩාවක්. මේ හින්ද යෝනි තොල්වල විතරක් නෙමෙයි ඕනම තැනක රූපලාවන්‍ය පිණිස කරන ප්ලාස්ටික් සර්ජරියකට කලින් සයිකොලොජිස්ට් කෙනෙක් මුනගැහෙන එක වැදගත්. ඒත් ඇත්තටම විද්‍යාත්මකව බලන, මධ්‍යස්ථව හිතන, මිනිස් පැවැත්මේ ගැඹුරු හැඩයන් තේරුම් ගන්න පුළුවන් එහෙම අය ලංකාවෙ ඉන්නවද කියන එක සැකයක්.

    ඒ කොහොම වුනත් යෝනිතොල්වල දැනෙන අධික වේදනාකාරී තත්වයන් නිසා, ලිංගිකව හැසිරීමේදී වගේම සමහර විට යට ඇඳුමක් හෝ අඳින්න බැරි තත්වයක වේදනාව නිසා වෛද්‍ය උපදෙස් පරිදි සමහරු මේ ප්‍රදේශයේ සැත්කම් කරනවා.
    ක්ලිටෝරිසය. ස්ත්‍රී යෝනියේ සංවේදීම කොටස. මේක ඇත්තටම ස්පොන්ජ් ටිෂූ දෙකක් විදිහට කවාකාරව වැජයිනාව වටේට පිහිටන තරමක් විශාල ප්‍රදේශයක්. අපි මෑ ඇටය කියන්නෙ මේකෙ ඉදිරි කොටසට විතරයි. පස්සෙ තමයි තේරුම් ගත්තෙ ක්ලිටොරිසය අපි හිතුවට වඩා ලොකුයි කියල. මුත්‍රා මාර්ගයට ඉහළින් තමයි මේක පිහිටලා තියෙන්නෙ.

    ක්ලිටෝරිසයෙන් මුත්‍රා කිරීමට හෝ දරුවන් බිහිකිරීමට අදාල කිසිඳු කාර්යයක් කරන්නෙ නෑ. ඒක දැනට හොයාගෙන තියෙන්නෙ තෘප්තිය වෙනුවෙන් පමණක්ම පිහිටියා වූ එකක් කියල. කළල කාලෙදි පුරුෂ ලිංගයයි ක්ලිටෝරිසයයි දෙකම නිර්මාණය වෙන්නෙ එකම පටකවලින්. ඒත් පුරුෂ ලිංගය දරුවන් බිහිකරන්න වගේම මුත්‍රා කරන්නත් පාවිච්චි වෙනවා. ක්ලිටෝරිසය එහෙම නෑ.

    ස්ත්‍රීන් වඩා ගැඹුරු සුරතාන්තයක් ලබන්නේ ක්ලිටෝරිසය ස්පර්ශ කිරීමෙන්ද නැත්තං වැජයිනා පිවිසුමකින්ද කියන සංවාදය ෆ්‍රොයිඩ්ගෙ කාලෙ ඉඳන් තියෙනවා. ස්ථාපිත මතය වුනේ වැජයිනා සුරතාන්තයක් වඩා ගැඹුරුයි කියන එක. නමුත් මෑත කාලෙ කරපු පර්යේෂණවලින් ඔප්පු වෙනවා මේ සුරතාන්ත දෙක අතරම කිසිම වෙනසක් නැති වග. ක්ලිටොරිසයෙන් වුනත් යෝනි මාර්ගයෙන් වුනත් ස්ත්‍රීන් ලබන සුරතාන්තය එකක්.

    දැන් අපිට බලන්න පුළුවන් ලිංගික කාර්යයට සම්බන්ධ අභ්‍යන්තර අවයව සහ ප්‍රදේශ මොනවද කියල. යෝනි මාර්ගය, කන්‍යාසිවිය, ගැබ්ගෙල කියල හඳුන්වන ඉංග්‍රීසියෙන් සර්වික්ස් කියන ප්‍රදේශය, ගර්භාෂය, පැලෝපීය නාල සහ ඩිම්බකෝෂ. මේ දේවල් තමයි එයාගෙ ඇතුලතින් අපිව පිළිගන්න බලාගෙන ඉන්නෙ.

    මේ කන්‍යාභාවය කියන එක මොකකට තියෙනවද කියලවත් තාම හොයාගෙන නැති වුනත් එක එක සම්ප්‍රදායන්ගේ එක එක විශ්වාස ඇදහිළි පිළිවෙත් තහංචි මේ සිවිය වටේ නිර්මාණය වෙලා තියෙනවා. මේක යෝනිදොරටුව ආසන්නයේම පිහිටන තුනී මාංශමය බිත්තියක්. කන්‍යා සිවිය කියන්නෙ සිදුරු සහිත එකක්. ආර්තවයෙදි ඇතුලත රුධිරය පිටවෙන්නෙ ඒ සිදුරුවලින්. කිසිම ගයිනොකොලොජිස්ට් කෙනෙකුට පුළුවන්කමක් නෑ කන්‍යා සිවියක් පරීක්ෂා කිරීමෙන් ඒක උපතින්ම පිහිටි ආකාරයක්ද නැත්නම් යමක් නිසා බිඳී ගිය එකක්ද කියල කියන්න. සමහර අයගේ අර්ධ වශයෙන් මේක පිහිටන අතර තව සමහර අයගෙ මේක පිහිටන්නෙම නෑ. පිහිටලා තියෙනවා නම් ඒක ලිංගික සංසර්ගයකදී, යමක් යෝනි මාර්ගයට ඇතුල් කිරීමේදී මේක බිඳී යනවා. ඒ වගේම සුළු ප්ලාස්ටික් සැත්කමකින් නැවත සකස් කරන්නත් පුළුවන්.

    යෝනි මාර්ගය කියන්නෙ එකමත එක වෙළුනු මාංශමය පේශීන්ගෙන් හැදුනු ගර්භාෂයට අංශක 45ක ආනතියකින් පිහිටන මාර්ගයක්. සෙක්ස් නොකරන වෙලාවට මේක ඇකිලිලයි තියෙන්නෙ. ලිංගික උත්තේජනය ඇතිවෙද්දි මේ මාර්ගයේ මාංශපේශීන් ඉහිල්වෙනවා. ලිහිසි වෙනවා. ඒක නිසයි පුරුෂ ලිංගයක් ඇතුල් කරන්න කලින් ෆෝර්ප්ලේ කියන පූර්ව අනුරාග ඇළුම්වෙළුම් වැදගත්. යෝනි මාර්ගයේ ඉදිරි බිත්තිය සෙමි 8කුත් පිටුපස බිත්තිය සෙමි 6කුත් විතර දික්වෙනවා. මේ මාර්ගයේ ග්‍රන්ථි කිසිවක් නෑ. තනිකරම රුධිර නාලවලින් පිරිලා තියෙන්නෙ. ලිංගික උත්තේජනයකදි මේ මාර්ගය තෙත් කරන්නේ බාර්තොලින් ග්‍රන්ථිය විදිහට හඳුන්වන යෝනි මාර්ග පිවිසුමේ පිහිටන ග්‍රන්ථි දෙකකින්.

    මේ මාර්ගයේ ස්නායු අන්ත පිහිටීමකුත් නෑ. යෝනි මාර්ගයේ ඉදිරිපස කොටසට වෙන්න විතරයි ස්නායු අග්‍ර පිහිටීමක් තියෙන්නෙ. තුනෙන් දෙකක විතර නර්ව් ෆයිබර්ස් නෑ. ඒ නිසා තමයි ශිෂ්නයේ දිග වැඩිවීම ආස්වාදයට බලපාන්නෙ නෑ කියන්නෙ. ඒක මානසික හේතුවක් මිස ඒක පැහැදිලි කරන විද්‍යාත්මක හේතුවක් නෑ.

    ඊළඟට තියෙන්නෙ ගැබ්ගෙල පෙදෙස. මේක හරි හීනි ටියුබ් එකක්. පිටවෙන ආර්තව රුධිරය සහ ඇතුල්වන ශුක්‍රානු ගමන් කරන්නෙ මේක හරහායි. මේ ගැබ්ගෙල නැත්තං සර්වික්ස් කියන ප්‍රදේශයේ ග්‍රන්ථිවලින් ශ්ලේෂ්මලයක් නිපදවෙනවා. මේක ආර්තවය එක්ක සාන්ද්‍රණය වෙනස් වෙන එකක්. ඩිම්බයක් මුදා හරින්නෙ නැති කාලෙට සාමාන්‍යයෙන් මේ ශ්ලේෂ්මලය ගනකම්. ශුක්‍රාණුවලට ඒ හරහා යන්න බෑ. ඩිම්බයක් මුදාහැරීමට ආසන්න වෙද්දි මේක ඉතාම තුනී පැහැදිලි දියරයක් බවට හැරෙනවා.

    මේ ගර්භාෂ පිවිසුම් මාර්ගයට පස්සෙ තියෙන්නෙ අපි ගර්භාෂය කියන මාංශමය මල්ල. ඒක දිගෙන් සෙ.මි 7.5ක් පළලින් සෙ.මි 5ක් විතර වෙන එකක්. මේක හරියටම මිට මොලවපු අතක් විතර ඇති. ගර්භාෂයේ තියෙනවා එන්ඩ්‍රොමෙටි්‍රයම් සහ මයොමෙටි්‍රයම් කියල පටක ලේයර් දෙකක්. එන්ඩොමෙටි්‍රයම් කියන්නෙ ගර්භාෂයේ ඇතුලත ලයනින් එක. මයිමෙටි්‍රයම් කියන්නෙ මැද ලේයර් එක. මේ මැද මෘදු මාංශමය තට්ටුව නිසා තමයි ගර්භාෂය අවශ්‍ය තරමට විශාලවෙන්න ඇකිලෙන්න පුළුවන් වෙන්නෙ. අපි ලේසියට ගර්භාෂයේ ඇතුලත ලේයරය සහ මැද ලේයරය කියමු.

    මේ ඇතුලත ලේයරය ගැබ් ගැනීමේදි වගේම ආර්තවයේදී වැදගත් කාර්ය කොටසක් කරනවා. සංසේචනය වුනු බීජය ඇවිත් ගර්භාෂයේ තැන්පත්වෙන්නෙ මේ ලේයරය මතයි. ඒ වගේම හැම මාසයකදිම ඔසප් වීමත් එක්ක ඒ සරුබීජය බාරගන්න ගර්භාෂය ඇතුලත සකස්වෙන මේ ඇතුලත බිත්ති ගැලවිලා රුධිරය එක්ක පිටවෙනවා. ආයිමත් ඊළඟ මාසෙදි සංසේචනය වුනු ඩිම්බයක් බාරගැනීමේ බලාපොරොත්තුවෙන් අලුතෙන් හැදෙනවා.

    ගර්භාෂයේ ඉඳන් පිටතට විහිදී යන පැලෝපීය නාල දෙකක් තියෙනවා. මේවා සෙ.මි 10ක් විතර දිගයි. මේ නාලවල අනෙක් කෙලවර හැදිලා තියෙන්නෙ පුනීලයක් වගේ. ඒවා ඩිම්බකෝෂ පැත්තට හැරිලයි තියෙන්නෙ. ඒ කෙලවරෙන් ඇඟිලි වගේ ව්‍යුහයන් ඩිම්බකෝෂය දිහාවට දික්වෙනවා. මේ ඩිම්බකෝෂයකින් පිටවෙන ඩිම්බයක් අර පුනීලයක් ඇතුලෙන් පැලෝපීය නාලයට ඇතුල්වෙනවා. ශුක්‍රානුවක් සහ ඩිම්බයක් මුනගැහෙන ලව්ලේන් එක වෙන්නෙ පැලෝපීය නාල. මේ ආදර මාවතේ ඩිම්බයක් ශුක්‍රාණුවක් බලාපොරොත්තුවෙන් දවස් හතක් ඇවිදන් එනවා.

    ඊළඟට අපි එනවා ඩිම්බකෝෂ වලට. මේ ඩිම්බකෝෂ වලින් තමයි ගැහැණු ශරීරයේ ලිංගික හෝමෝන වන ටෙස්ටස්ටරොන් සහ ඊස්ට්‍රජන් හෝමෝන නිපදවීම කරන්නෙ. ටෙස්ටස්ටරොන් කියන්නෙ පිරිමි හෝමෝනයක් කියලනෙ ගොඩක් අහලා පුරුදු. නෑ, ලිංගික ආශාව වැඩි කරන්න, නිරෝගී අස්ථි සහ මාංශ පවත්වාගෙන යන්න ගැහැණුන්ටත් ටෙස්ටෙස්ටරොන් ඕන වෙනවා. වැඩිහිටි පිරිමියෙක් වැඩිහිටි ගැහැණියකට වඩා දහගුණයක් විතරක් මේ හෝමෝනය නිපදනවා. නමුත් ගැහැණු ශරීරය මේකට වඩා සංවේදීයි. වැඩි ප්‍රමාණයක් ඊස්ට්‍රජන් හෝමෝනය නිෂ්පාදනය කළත් නිරෝගී පැවැත්මට මේ හෝමෝන දෙකම අවශ්‍ය වෙනවා. ඒ වගේම පිරිමි ශරීරවලත් ඊස්ට්‍රොජන් තියෙනවා.

    කෙල්ලෙක් වැඩිවිය පත්වෙද්දි ඩිම්බකෝෂයක පරිණත නොවූ ඩිම්බ 400,000ක් තියෙනවා කියලයි කියන්නෙ. ආර්තවය ළංවෙද්දි මේ ඩිම්බ සෛල බෙදෙන්න පටන් ගන්නවා.

    මේ අපරිණත ඩිම්බ නැත්නම් ෆොලිකල් කියල කියන සෛල දාහක් විතර ආර්තව සමයක් ළංවෙද්දි ඩිම්බයක් නිර්මාණය කරන්න මහන්සි වෙනවා. ඒත් එක ඩිම්බයක් විතරයි කෝෂයේ මතුපිටට ළඟාවෙන්න සමත් වෙන්නෙ. ඉතුරු ඔක්කොම අහක යනවා.

    මේ ප්‍රජනන පද්ධතියට සම්බන්ධ කොටසක් නොවුනත් ලිංගික පද්ධතියට සම්බන්ධ කොටසක් තමයි පියයුරු කියන්නෙ. ස්තන ග්‍රන්ථි පිහිටලා තියෙන්නෙ මේවා ඇතුලෙ. ඇත්තටම පියයුරු කියන්නෙ ඒ ස්තන ග්‍රන්ථි ආවරණය කරන මාංශමය කොටසට. මාස්ටර්ස් සහ ජොන්සන්ගෙ කාලෙ වෙනකල්ම මිනිස්සු විශ්වාස කළා මේ පියයුරුවල ප්‍රමාණය ලිංගික සතුටට බලපානවා කියල. ඒත් මාස්ටර්ස්ලා ඔප්පු කළා ඒ දෙක අතර කිසි සම්බන්ධයක් නැති වග. සමහර කෙනෙක් පියයුරු අල්ලනවට කැමති වෙන්න පුළුවන්, තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. ඒක ආස්වාදය ගැන පුද්ගලික රුචිඅරුචිකමකට වැඩි දෙයක් නෙමෙයි. ඇත්තටම පියයුරු මිරිකීමේදී බහුතරයක් ගැහැණුන්ට දැනෙන්නෙ යාන්තම් උත්තේජනයක් විතරයි.

    මේ එක පියයුරක් ඇතුළත 15ක් 20ක් අතර ප්‍රමාණයක් ඛණ්ඩිකා නැත්තං පෙතිවගේ ව්‍යූහයන් පිහිටනවා. මේවා ඇතුලෙ දරුවෙකුට අවශ්‍ය කිරි නිෂ්පාදනය වෙන ග්‍රන්ථි තියෙනවා. ඩේසි මලක පෙති වගේ තියෙන මේ ඛණ්ඩිකා විවෘත වෙන්නෙ පියයුරු තුඩ, නිපල් එක දිහාවට. මේ සියල්ල මේද ස්ථරයකින් ආවරණය වෙනවා. අපි බලන්න අල්ලන්න ආස මෙන්න මේ පිරුනු මේදමය පටකය. ඒකට තමයි තනේ කියන්නෙ.

    නිපල් එක නැත්තං ගැහැණියකගේ තනපුඩුව කියන්නෙ කිරි දෙන්න පුළුවන් විදිහට උල්වෙලා සකස්වුනු පටකමය ප්‍රදේශයකට. ඒ වටේට තියෙනවා අරියෝලා කියන තවත් ලස්සන වටරවුමක්. සාමාන්‍ය සමට වඩා තද පාට තුඩට වඩා ළාපාට රවුමක්. ලිංගිකව උත්තේජනය වෙද්දි මේ තනපුඩු උඩට ඉස්සෙනවා. ඒවා දරදඬු වෙනවා. පිරිමියෙකුගෙ වුනත් තනපුඩු හුරතල් කලොත් ඒවා මේ විදිහට ප්‍රතික්‍රියා කරනවා. ස්නායු අන්ත ගොඩක් ඒකරාශී වෙලා තියෙන නිසා තනපුඩු ඉතාම සංවේදීයි. සමහර විට සුරතාන්තයක් පවා ලබාදෙන්න පුළුවන් තරම් ප්‍රබලයි. මේ නිසා දරුවෙකුට කිරිදෙන අතරෙ සුරතාන්තය ලබන ගැහැණු ඉන්නවා.

    ඔන්න ඔය විදිහට අපිට සරලව ගැහැණු ලිංගිකත්වය සම්බන්ධ බයොලොජිය තේරුම් ගන්න පුළුවන්. ඊළඟ කොටසින් පිරිමි බයොලොජිය ගැන කතා කරමු.

  • Sexology (Part One)

    Sexology (Part One)

    සෙක්සොලොජි කියල විෂයක් ලංකාවෙ නෑ. ඒ කියන්නෙ සමස්තයක් විදිහට ලිංගිකත්වය ගැන හදාරන අවකාශයක් අපිට නෑ. ඒ තරම් ලොකු ඒවා කොහොම වුනත් අඩුගානෙ ඉස්කෝලෙ හරිහමන් ලිංගික අධ්‍යාපනයක්වත් අපිට නෑ. අපේ වගේ රටවල බහුතරයක් දෙනා සෙක්ස් ඉගෙන ගන්නෙ එක්කො පෝර්න්වලින් නැත්තං අත්දැකීම්වලින්. ජීවිතේ ලිංගික අත්දැකීම්වලදි ප්‍රශ්න ඇති වුනත් ඒ ගොඩක් ඒවා සාමාන්‍ය සමාජ පැවැත්ම වෙනුවෙන් දරාගත යුතු ඒවා වශයෙන් නිශ්ශබ්දව බාරගන්න අපි පුරුදු වෙලා තියෙනවා. සෙක්ස් ගැන කතා කරන එක ලැජ්ජාවක්. එහෙම කතා කරන අය වනචරයො නැත්තං විපරීතයො. සෙක්ස් ගැන තේරුම්ගැනීමකට යනවා නම් අපිට සිද්ද වෙනවා ප්‍රැක්ටිකල්වලට අමතරව න්‍යායත් ටිකක් දැනගන්න.

    සෙක්ස් ගැන කතා කරද්දි ඒකෙ අංශයන් දෙකක් නැත්තං කලාපයන් දෙකක් ගැන අපිට දැනුමක් ඕන වෙනවා. එකක් සෙක්ස් සම්බන්ධ ජීව විද්‍යාත්මක ඒ කියන්නෙ අපේ ශරීරයේ බයොලොජිය පැත්තෙන් කතාව. අනිත් පැත්තෙන් සෙක්ස් සම්බන්ධ මනෝ විද්‍යාව, සයිකොලොජි පැත්තෙන් කතාව. සෙක්ස් කියන්නෙ ශරීරයයි මනසයි දෙකම එකක් වෙන තැනක්. මනස ශරීරයට බලපාන අතර ශරීරය මනසට බලපානවා. වෙන් කරලා කතා කළාට පවතින්නෙ තනි සමස්තයක් විදිහට. ඒක සිස්ටම් එකක් කියල අපිට කියන්න පුළුවන්.

    සෙක්ස්වලදි අපිට ජීව විද්‍යාත්මක වෙනස්කම් ගොඩක් සිද්ද වෙනවා. අපි රතුවෙනවා, හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා, හදවත ගැහෙන වේගය වැඩිවෙනවා මේවා අපිට ශාරීරිකව ඇතිවෙන දැනෙන පේන දේවල්. ඒ වගේම ජානමය පදනම සෙක්ස්වලට බලපානවා. අපේ ගැහැණු පිරිමිබව පවා තීරණය වෙන්නෙ ඒ ජාන මත. අපේ ශරීර අංගයන් හැඩයන් සකස් වෙන්න ජාන බලපානවා. අනිත් පැත්තෙන් හෝමෝන. හෝමෝන කියන්නෙත් ජීව විද්‍යාත්මක බලපෑමක්. සෙක්ස්වලට කෙලින්ම බලපාන හෝමෝන තියෙනවා.

    සෙක්ස් ගැන මුල්කාලීනව හිතුවෙ අනාගත පරපුර බිහිකිරීම සඳහා තියෙන ක්‍රියාවක් විදිහට. මේ අවශ්‍යතාවය මුල් කරගත්ත දැනුම අපිට ඕනම සංස්කෘතියකින් හොයාගන්න පුළුවන්. වර්ගයා බෝ කිරීම වෙනුවෙන් අපිත් අනෙක් සතුනුත් කරන ක්‍රියාවකට වඩා පිලිගැනීමක් සෙක්ස්වලට ලැබුනෙ නෑ. අපිත් අනිත් සත්තු වගේම ලිංගිකව ශරීරයෙන් ඇතිකරන උත්තේජනයකට ප්‍රතික්‍රියා දක්වනවා කියන එක තමයි මේ විශ්වාසය වුනේ.

    ව්ලද්මීර් බෙක්ටරෙට්

    ඒත් පස්සෙ ටික ටික වැටහෙන්න පටන්ගත්තා අපි වෙනස් කියල. එකම දෙයක් කරනවා වගේ පෙනුනට ඒ දෙක දෙකක් කියල. උදා විදිහට අපිටත් සතුන්ටත් දෙගොල්ලන්ටම මොළයක් තියෙනවා තමයි. ඒත් අපේ මොළෙයි සතෙකුගේ මොළෙයි කොහෙත්ම ගලපන්න පුළුවන් දෙකක් නෙමෙයි. දෙකම මොළ තමයි. ඒත් ව්‍යුහයෙන්ම ඒවා වෙනස්.

    ව්ලද්මීර් බෙක්ටරෙට් කියන රුසියානු විද්‍යාඥයා කියනවා සෙක්ස් කියන්නෙ හරියට චූ බරක් වගේ අපිට නිදහස් කරන්න සිද්ද වෙන ආවේගයක් කියල. සෙක්ස් ග්‍රන්ථිවලින් මේ ශ්‍රාවයන් මුදාහැරෙන කොට අපිට අනිවාර්යෙන්ම සෙක්ස් කරන්න අවශ්‍ය වෙනවා කියලයි එයා හිතුවෙ.

    ඒත් සෙක්ස් කියන් එහෙම රිලීස් කරගන්න තියෙන උවමනාවක්ම නෙමෙයි. ඒකෙ ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා.

    ඔන්න විසිවෙනි සියවසේ මුලදි හොයාගන්නවා සෙක්ස්වලට හෝමෝනවලින් තියෙන බලපෑම ගැන. හෝමෝනවලින් සෙක්ස් පාලනය වෙනවා කියන එක. ඇලන් ෆිෂර් ටෙස්ටස්ටෙරොන් එක්ක පර්යේෂණ පටන්ගන්නවා. ටෙස්ටෙස්ටරොන් කියන්නෙ අපේ ලිංගික ක්‍රියාවට බලපාන හෝමෝනයක්. ඒක පිරිමි වෘෂණවලත් ගැහැණු ඩිම්බකෝෂවලත් නිපදවෙනවා. ෆිෂර් මේ බලපෑම පරීක්ෂාවට ලක්කරනවා.

    එයා කූඩුවක පිරිමි මීයෙකුයි ගෑණු මීයෙකුයි දාලා පිරිමි මීයාගෙ මොළේට ටෙස්ටෙස්ටරොන් ඉන්ජෙක්ට් කරනවා. එයාගෙ බලාපොරොත්තුව වෙන්නෙ මීයා ප්‍රචණ්ඩ වෙලා, ලිංගික ආතතිය වැඩිවෙලා, ගැහැණු මීයාට හිරිහැර කරයි කියල. ඒත් වෙන්නෙ අනිත් පැත්ත. පිරිමි මීයා හොඳටම ආදරනීය වෙලා ගැහැණු මීයාව රැකබලාගන්න විදිහෙ හැසිරීමක් ප්‍රකට කරනවා.
    ඒ පාර ෆිෂර් මොළේ අනිත් පැත්තට ටෙස්ටෙස්ටරොන් විදිනවා. එතකොට මීයා ප්‍රචණ්ඩ වෙනවා. ලිංගික ආවේගයෙන් හැසිරෙන්න ගන්නවා.

    ඊට පස්සෙ ෆිෂර් මොළේ මැද කොටසට හෝමෝනය විදිනවා. එතකොට මීයා මිශ්‍ර ගති පළකරන්න පටන් ගන්නවා.

    මෙතනදි තේරුම් ගිය දේ තමයි හෝමෝන වැදගත් වුනාට සෙක්ස් කියන්නෙ හෝමෝන විතරක් නෙමෙයි කියන එක. මොළයේ එක එක තැන්වලදි හෝමෝනය විසින් ඇතිකරන බලපෑම වෙනස් වෙනවා. විද්‍යාඥයො ඉතා කැමැත්තෙන් හිටියෙ හෝමෝන පිළිබඳ දැනගැනීමෙන් පස්සෙ මිනිසාගේ ලිංගික ක්‍රියාව පාලනය කිරීමේ දැනුම තමන් සතු වෙනවා කියල. ඒත් සෙක්ස් කියන්නෙ එහෙම සරලව විසඳන්න පුළුවන් දෙයක් නෙමෙයි.

    සමලිංගිකත්වය කියන්නෙ රෝගයක් විදිහටයි ඉතා මෑතක් වෙනකල්ම සැලකුනෙ. මේ රෝගය හොඳ කරන්න වෛද්‍යවරු නොයෙක් උත්සාහ ගත්තා. අද වුනත් ලංකාවෙ මෙහෙම විශ්වාස කරන දොස්තරවරු ඉන්නවා.

    ඇන්ඩ්‍රොජන් කියන අපේ ලිංගික ආශාව නැත්තං ලිබිඩෝ එකට බලපාන හෝමෝනය අඩු කිරීමෙන් සමලිංගිකත්වය සුව කරන්න විසිවෙනි ශතවර්ෂෙ මැද හරියෙදි විද්‍යාඥයො උත්සාහ කළා. මේවා ඉතාම නොමිනිස් අත්හදාබැලීම්. ඒත් සමලිංගිකත්වය ලෝකෙ යම් තරමක හෝ නිදහසක් අත්පත් කරගත්තෙ ඒ වගේ පීඩිත ඉතිහාසයක් පහුකරන් ඇවිත්.

    මේ පර්යේෂණවලදි ඔප්පු වෙනවා අපිට හෝමෝනවලින් කෙනෙකුගෙ ලිංගික උත්තේජනයේ ප්‍රමාණය පාලනය කරන්න පුළුවන් වුනාට ලිංගිකත්වයේ දිශාව නැත්තං එයා ආශා කරන්නෙ මොනවටද කියන එක පාලනය කරන්න බෑ කියල. සෙක්ස් කියන්නෙ හෝමෝන විතරක් නෙමෙයි කියල.
    අපිව ලිංගිකව උත්තේජනය වෙද්දි අපිට කායිකමානසිත වෙනස්කම් ගණනාවක් සිද්ද වෙනවා. ප්‍රාණවත් වීමේ සිට නැවත පහත වැටෙන මොහොත දක්වා කාලයට අපි කියනවා මෛථුන පරාසය කියල. ඉංග්‍රීසියෙන් කොපියුලටරි ඉන්ටර්වල්.

    මේ පරාසයේ ඇතිවෙන විවිධ අවධීන් තියෙනවද?
    පිරිමින්ගෙ ගැහැණුන්ගෙ සුරතාන්තයන් දෙකම එකක්ද නැත්තං දෙකක්ද?
    සෙක්ස් එක්ක තියෙන ස්නායුකායික විද්‍යාත්මක සම්බන්ධතා මොනවද, ඒ කියන්නෙ සෙක්ස් සම්බන්ධ නොයෙක් ප්‍රතිචාරවලට අදාලව මොළයේ ඇතිවෙන වෙනස්කම් මොනවද කියන එක,

    මේවා ගැන කිසි කෙනෙක් දැනගෙන හිටියෙ නෑ. වෛද්‍යවරුත් තමන්ගේ අත්දැකීම් සහ විවිධ රෝගීන්ගෙන් ලත් තොරතුරු මත පිහිටලා තමයි ප්‍රතිකාර කරමින් හිටියෙ.

    විලියම් මාස්ටර්ස් සහ වර්ජනියා ජොන්සන් දෙන්නා එන්නෙ මෙන්න මේ හිඩැසට. ඒ ගොල්ලො මේ මෛථුන පරාසය ගැන විද්‍යාත්මකව වාස්තවික පර්යේෂණ කළා. ලිංගික සම්බන්ධයක් සිද්ද වෙන්නෙ කොහොමද කියන එක මුල්ම වරට කායික විද්‍යාත්මකව පැහැදිලි කලේ මාස්ටර්ස් සහ ජොන්සන්. ලිංගික හැසිරීමේදී දෙන්නෙකුගෙ ශරීර අතර ඇතිවෙන ජීව විද්‍යාත්මක වෙනස්කම් පියවරෙන් පියවර මාස්ටර්ස්ලා අවධීන් විදිහට වර්ග කරලා පෙන්නුවා. මාස්ටර්ස්ලා මේවා හොයන කාලෙදි සුරතාන්තය කියන්නෙ මිත්‍යාවක් කියල විශ්වාස කළ අය පවා හිටියා.

    මාස්ටර්ස්ලා මේ පර්යේෂණ කරන කාලෙදි දරුවන් නොලැබීම ගැන ගැටළුවක් සම්බන්ධයෙන් සැමියා සහ බිරිඳ වෛද්‍යවරයා මුනගැහෙන්නෙ දෙපාරකට. සැමියාට බෙලහීනතාවයට ප්‍රතිකාර කරන අතරෙ බිරිඳට සරුබව ලබාගැනීමට ප්‍රතිකාර කරන එකයි විදිහ. මේ ප්‍රශ්නය සඳහා දෙන්නව එකට පරීක්ෂා කරමින් ප්‍රතිකාර ලබාදීම කළ යුතුයි කියල කිසි කෙනෙකුට දැනුමක් තිබුනෙ නෑ. මුලින්ම මාස්ටර්ස් සහ ජොන්සන් තමයි සැමියා සහ බිරිඳ එකට මුනගැසීමෙන් දරුඵල සහ විවාහක ලිංගික ගැටළුවලට උත්තර හොයන්න පටන්ගත්තෙ.

    සෙක්ස්වලට බයොලොජිය වැඩකරන්නෙ කොහොමද කියන එක තමයි මාස්ටර්ස්ලාගේ පර්යේෂණය වුනෙ.

    ඒබ්‍රහම් මාස්ලෝ කියන ප්‍රකට මනෝවිද්‍යාඥයා මේ එළඹුමට පක්ෂ වුනා. සෙක්ස් කියන්නෙ ජීව පද්ධතීන් දෙකක්, මිනිස්සු දෙන්නෙක් අතර ඇති වෙන ක්‍රියාවක් විදිහට එයා දැක්කා. නමුත් සෙක්ස්වලදි මේ කායික අර්ධය විසින් මානසික අර්ධය කොහෙත්ම නොතකා හරින්න නරකයි කියල එයා අවධාරණය කළා. ඒ වගේම සෙක්ස්වලදි ඇත්තටම දැනෙන අත්දැකීම ඒ ක්‍රියාවේ යෙදෙන තමන් විසින්ම අවබෝධ කරගත යුතු ආගමික අත්දැකීමක් වගේ පුද්ගලික දෙයක් කියල මාස්ලෝ මතක් කළා.

    ඒත් අපි තවමත් සෙක්ස් ගැන කිසි දෙයක් දන්නෙ නෑ. පිරිමි නම් තමන්ගේ ලිංගේන්ද්‍රිය එලියෙ තියෙන නිසා අතපත ගාලා ඒ ගැන යම් හෝ අවබෝධයක් ගන්නවා. නමුත් ගැහැණුන්ට තමන්ගේ වැජයිනාව ගැන එහෙම අවබෝධයක් එන්නෙ නෑ. ඒක ස්පර්ශ කිරීමවත් නොකළ යුතු ලැජ්ජාවේ කලාපයක් විදිහටයි සමාජයෙන් පොඩිකාලෙම කෙල්ලෙකුට උගන්නන ආකල්පය.

    පොඩි කාලෙම අපි දරුවන්ට ලිංගික අවයව වසන් කිරීම උගන්නනවා. හෙළුවෙන් ඉන්න එක වරදක් කරනවා. ඒ වගේම ලිංගේන්ද්‍රියන් අතපත ගෑම නරක දෙයක් බවට පත් කරනවා. ඒවට කියන වචනයක්වත් හරියට කියලා දෙන්නෙ නෑ. චූටි කුරුල්ලා, චූවා වගේ විකාර නම් තමයි පොඩිකාලෙ ඒවා හඳුන්වන්නෙ.

    මේ හින්ද සිද්දවුනු ඛේදනීය සිදුවීම් පවා තියෙනවා. එක දැරියකට අම්මා වැජයිනාවට කුකී කියල උගන්නනවා. මේ දැරියගේ අපචාරී පියා මෙයාට බලහත්කාරකම් කරනවා. දැරිය ඉස්කෝලෙ ටීචර්ට කියනවා තාත්තා එයාගෙ කුකී එක ඉල්ලනවා කියල. ටීචර් කියනවා කුකී තියෙන්නෙ ෂෙයාර් කරගන්න කියල. මේ දැරිය තාත්තා අතින් දිගින් දිගටම අපචාරයට ලක්වෙනවා. ඒත් අම්මා දුවට හරි වචනෙ කියල දීලා තිබුනා නම් මේ ඛේදවාචකය වළක්වගන්න ඉඩ තිබුන.

    ඉතින් අර විදිහට අපි හදන ළමයි තමන්ගේ ලිංගික අවයව ගැනවත් හරි දැනීමක් නැති අය විදිහට ලොකු වෙනවා. ඒ ගැන කතා කරන්න ලැජ්ජාවෙන ඇඹරෙනවා. හොඳ ලිංගික සම්බන්ධයකට අවශ්‍ය නිදහස් නිරෝගී මනස අහිමි කරගන්නවා.

    අපේ ශරීරයේ හැම තැනක්ම සුන්දරයි. මහත වුනත්, බඩ ආවත්, ස්ටේ‍රච් මාක් තිබුනත් අපේ ශරීරය කියන්නෙ ලෝකෙ තියෙන විශ්මිතම නිර්මාණයක්. ඒ ශරීරයේ හැම කොටසක්ම මැජික් එකක්. ලැජ්ජාවෙන් නෙමෙයි ගෞරවයෙන් ඒවා බාරගන්න, විඳින්න අපි දැනගන්න ඕන.

    මතු සම්බන්ධයි

  • හැම පිරිමියෙක්ම ගන්නම ඕන ෆන් එකක්

    හැම පිරිමියෙක්ම ගන්නම ඕන ෆන් එකක්

    බහුතරයක් විෂම ලිංගික පිරිමි ඒනල් සෙක්ස්වලට බයයි. තමන්ගේ ගුද මාර්ගය ආශ්‍රිතව තියෙන පිරිමිකම පිළිබඳ මොකක්ද එකක් ඒ අය විශ්වාස කරනවා. කවුරු හරි තමන් සමග ගුද සංසර්ගය කලොත් ඒ පිරිමිකම නැති වෙනවා වගේ එකක්.

    ‘මට පු.. අරින්නද එන්නෙ?’

    මේ වගේ යෙදුම් පවා හැදෙන්නෙ මේ ගුදය සමග බැඳුනු පිරිමිකමෙන්. පිරිමින්ගෙ ගුද සංසර්ගය සලකන්නෙ සමලිංගිකයන්ට සීමාවුනු දෙයක් විදිහට. මෙන්න මේ මරිමෝඩ පිරිමි සංකල්පය නිසා ගුද සංසර්ගයෙන් ලැබෙන විශාල ආස්වාදයක් විෂම ලිංගික පිරිමින්ට මගඇරෙනවා.

    මෙතනදි ගුද සංසර්ගය කිව්වට මේක ඉංග්‍රීසියෙන් හඳුන්වන්නෙ ඈස්ප්ලේ කියල. ඒ කියන්නෙ සංසර්ගයට අමතරව ඇඟිලිවලින් දිවෙන් ආදියෙන් ඒනසය (ගුදය) ආශ්‍රිතව කරන තවත් බොහොමයක් ශෘංගාර ක්‍රියාකාරකම්.

    1. ඒක ආස්වාදනීයයි.
    ඒනල් සෙක්ස් වේදනාකාරීයි කියන එක මිත්‍යාවක්. හරි සූදානමකින් තොරව, හදිස්සියෙන් කරන ඒනල් සෙක්ස් වේදනාකාරීයි තමයි. ඒත් ඕනම ලිංගික ක්‍රියාකාරකමක් ඒ විදිහෙන් කලොත් වේදනාකාරීයි. ලූබ්රිකන්ට් පාවිච්චි කරලා, ටිකෙන් ටික ඒනසය එක්ක ශෘංගාර හැසිරීම් පුහුනු වුනොත් ඒක පුදුම තරම් ආස්වාදජනකයි.

    2. සංසර්ගය විතරක් නෙමෙයි
    කලින් සඳහන් කළා වගේ මේක අනිවාර්යෙන්ම ශිෂ්නයක් ඇතුල් කිරීමක්ම වෙන්න අවශ්‍ය නෑ. මොකක් හරි විදිහකින් උදා විදිහට බට් ප්ලග් එකක්, සෙක්ස් ටෝයි එකක් පාවිච්චි කරලා, ප්‍රොස්ටේට් උත්තේජනයක් ලබාදෙන්න පුළුවන් නම් මේ තෘප්තිය ලබාගන්න පුළුවන්.

    3. පෙගින්
    පෙගින් කියන්නෙ කාන්තාව කෘතිම ශිෂ්නයක් පැළඳගෙන පිරිමියා සමග ඒනල් සෙක්ස් කරන එකට. ඒක වෙනම විදිහක ෆැන්ටසියක්. ගැහැණුබව ගැන පිරිමිබව ගැන අපේ ඔලුවල කන්ඩිෂන් කරපු සීමාවන්, මනස්ගාතයන් පැත්තකට දාලා නිදහසේ සෙක්ස් කරන්න අපිට පුළුවන් නම් අපේ තෘප්තියත් අසීමිත එකක් වෙනවා. කැමති විදිහකින් ශරීරය විඳින්න. සෙක්ස් කියන්නෙ ඒකට.

    4. ඈස්ප්ලේ කරන්න නම් ඇඟ ගැන හොඳට දැනගන්න.
    පිරිමියෙකුගේ හෝ ගැහැනියකගේ ගුද මාර්ගය කියන්නෙ වැජයිනා එකකට වඩා වෙනස් කලාපයක්. යෝනි සංසර්ගයේදි ලුබ්රිකන්ට් අවශ්‍ය නොවෙන්න පුළුවන් වුනත් ඒනල් සෙක්ස්වලදි ලුබ්රිකන්ට් අවශ්‍යමයි. ඒ වගේම ඒනල් සෙක්ස් කරන අය ඒ මාර්ගය පිරිසිදුව සූදානම්ව තියාගැනීමත් පුහුනු කරන්න ඕන. සෞඛ්‍ය සම්පන්න ආහාර කියන එක එතනදි වැදගත්.

    5. සතුට වැඩියි
    පිරිමින්ගේ ජී-ස්පොට් එකක් තමයි ප්‍රොස්ටේට් ග්‍රන්ථිය. ඒක තියෙන්නෙ අපේ ගුදයෙ අඟල් දෙකක් විතර ඇතුලෙන්. ඒක වෝල්නට් එකක් තරම ඇති. මේ ග්‍රන්ථිය ඇතිල්ලෙනකොට තදවෙනකොට දැනෙන ආස්වාදය ඉතා වැඩියි.

    ඒ වගේම තව තෘප්ති කලාපයක් තමයි ඒනල් රිංග් එක. මුලින් මේක හරිම තදට දැනෙන්න පුළුවන්. ඒක එහෙම වෙන්නෙ ජීවිත කාලෙ පුරාම නොදැනුවත්වම මේක තද කරගෙන සිටීම නිසා. මේ මාංශපේශීන් ඉහිල් කිරීම සහ විවර කිරීම ලොකු තෘප්තියක් ලබාදෙනවා. සුරතාන්තයකට පත්වෙන තරමෙ තෘප්තියක් මේ වළල්ලෙන් විතරක් ගන්න පුළුවන්.

    ඒ වගේම ක්ෂනික මෝචනය ගැන ගැටලුවක් තියෙනවා නම් මේ ගුද මාර්ගය ඇඟිල්ලක් හෝ සෙක්ස් ටෝයි එකක් මගින් උත්තේජනය කිරීමෙන් සුරතාන්තය පමා කරන්නත් පුළුවන්. ශිෂ්න තෘප්තියෙන් ගුද තෘප්තියට මාරු වෙන්න පුළුවන්. පිරිමියෙක් තමන්ගේ ශිෂ්නයෙන් විතරක් තෘප්තිමත් වෙන එක හරියට කාන්තාවක් එයාගෙ ක්ලිටොරිස් එක විතරක් පාවිච්චි කරනවා වගේ වැඩක්. සංසර්ගයකදී පරිපූර්ණ තෘප්තියක් හොයාගෙන යන එකයි වටින්නෙ.

    6. පී ස්පොට්
    මේ ප්‍රොස්ටේට් එකට කියනවා පී ස්පොට් කියල. මේ වෙනුවෙන්ම හැදුනු සෙක්ස් ටෝයිස් තියෙනවා. මොකද පී ස්පොට් එක ආශ්‍රිත සුරතාන්තය අසමසම එකක්.

    7. සෙක්ස්වලදි සාම්ප්‍රදායික වෙන්න එපා
    සෙක්ස්වලදි අත්හදාබැලීම් කරන එක අපි හිතනවට වඩා ලොකු ආත්මීය නිදහසක් ලබාදෙනවා. ආගමෙන් සම්ප්‍රදායෙන් සමාජයෙන් පැනවුනු සීමාවන් බිඳගෙන යාමේ නිදහස එතන දැනෙනවා. අපේ සංසර්ගයට පවා පනවා ඇති ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමේ තෘප්තිය සුරතාන්තමය එකක්. පෙම්වතිය එක්ක ඔබේ ආශාවන් කුතුහලයන් බෙදාගන්න. ඔයාව තෘප්තියේ අනෙක් කෙලවර දක්වා ගෙනියන්න එයාට ඉඩදෙන්න. ඔබ ඇය තුලට ඇතුල්වෙනවා වගේම ඔබ තුලට ඇය ඇතුල්වීමේ තෘප්තියත් විඳින්න.

    8. අනෙක් ලිංගිකයන් තේරුම් ගන්න උදව්වක්.
    විෂම ලිංගික සීමාවෙන් එලියට ඇවිත් ඒනල් සෙක්ස් ආස්වාදය විඳින කෙනෙකුට පුළුවන් ‘ගේ’ හෝ ‘බයි’ අයව වඩා හොඳින් තේරුම් ගන්න. විෂම ලිංගික සදාචාරයේ විනිශ්චයන් බැහැර කරන්න. ඇත්තටම තෘප්තියෙන් ඔබ්බට හොඳ වටහාගැනීමක් ඇති සමාජ සම්බන්ධතාවලටත් පිරිමියෙක් විදිහට ඒනල් සෙක්ස් විඳීම බලපානවා.

    9. ප්‍රොස්ටේට් කැන්සර් වළක්වන්න
    ප්‍රොස්ටේට් පිළිකා වළක්වන්න ප්‍රොස්ටේට් ග්‍රන්ථිය මසාජ් කිරීම හොඳ විදිහක් කියල විශේෂඥයො කියනවා. ඉතින් ඒනල් සෙක්ස් කියන්නෙම ප්‍රොස්ටේට් මසාජ් එකක්. පිළිකාව වළක්වන්න. ඒනල් ට්‍රයි කරන්න.

  • සංවාසය වගේම සංවාදයත් කලාවක්

    සංවාසය වගේම සංවාදයත් කලාවක්

    ගැහැණියක් තමන්ගේ පෙම්වතාට හෝ පෙම්වතියට කියලා දෙන්න ඕන එයාව ස්පර්ශ කරන්න ඕන කොහොමද, එයාව අවදි කරන්න ඕන කොහොමද කියන එක. මේ ඉගැන්වීම තමයි හොඳ සම්බන්ධතාවයක් හදන්නෙ. පොත්වලින්, වීඩියෝවලින් ඉගෙන ගන්න පුළුවන්. ඒත් හැම ගැහැණියක්ම එකිනෙකාට වෙනස්. තෘප්තිය ලබන අත්විඳින විදිහ වෙනස්. තමන් සතුට ලබන කලාව තමන්ගේ පිරිමියාට හෝ සමරිසි නම් අනෙක් කාන්තාවට හෝ ඉගැන්වීම ආදරේ කොටසක්. ලිංගික සම්බන්ධයකදි තමන්ගේ තෘප්තිය අත්පත් කරගැනීම ගැහැනියකගෙ වගකීමක් වෙනවා.

    විශේෂයෙන්ම අද තරුණ තරුණියන් පුහුණු වෙන්න ඕන, ඉගෙන ගන්න ඕන දෙයක් තමයි සංවාදයක් පවත්වාගෙන යාමේ කලාව.  මෝබයිල් ෆෝන්, සෝෂල් මීඩියා නිසා අපිට නැතිවෙලා යන ඉතාම වටිනා ආර්ට් එකක් මේක. අනෙකා සමග ඉන්ටිමේට් සංවාදයක් අරගෙන යන එක. හොඳ ලිංගික ජීවිතයක් කියන්නෙ හොඳ සංවාදයක් පැවතීම කියන එකයි. පුළුවන් තරම් සංසර්ගය කිරීම කියන එක නෙමෙයි.

    මිනිස්සු කියනවා ඒ ගොල්ලොන්ගෙ වැඩ සහ ප්‍රශ්න නිසා සෙක්ස් කරන්න වෙලාවක් නෑ කියල. ඒක විනාශයක්. සෙක්ස්වලට වෙලාවක් හදාගන්න එක අතිශයින්ම වැදගත්. ගැහැනියකට ලිංගිකව අවදි වෙන්න පිරිමියෙකුට වඩා වෙලාවක් යනවා. අනිවාර්යෙන්ම ඒ වෙලාව පිරිමියා විසින් හදාගන්න ඕන.

    ඔයා සම්බන්ධතාවයක ඉන්නවා නම් ඒ අනිත් කෙනාව නැවත දැකීමේ ආශාවෙන් ඔයා පිරිලා ඉන්න ඕන. එයාව දකින මොහොතේදී කිසිම ආයාසයක් නැතුව ඔයාගෙ මුවට සතුටු හිනාවක් නැගෙන්න ඕන. ඔයාගෙ සහකරුවා හෝ සහකාරිය දැනගන්න ඕන එයා ඔයාගෙ ජීවිතේ ඉන්න එක ගැන ඔයා කොයිතරම් සතුටුද කියල.

    ආචාර්ය රූත් වෙස්ට්හයිමර්

  • ලංකාවෙ ගැහැණු ඒනල්වලට කැමතිද?

    ලංකාවෙ ගැහැණු ඒනල්වලට කැමතිද?

    ඒනල් සෙක්ස් සිංහලෙන් කිව්වොත් ගුද සංසර්ගය, මේ පොලොව මත මිනිස්සු බිහිවුනු කාලෙ ඉඳන්ම තියෙන්න ඇති කියලයි කියන්නෙ. ගුද සංසර්ගය කිව්වම ඒක නිකං කැත කරලා දාන ගතියක් තියෙන හින්ද මේ ලිපියෙදි ඒනල් කියන වචනෙම පාවිච්චි කරන්නම්. අවුරුදු 4000ට විතර කලිනුත් ඒනල් සෙක්ස් කරන මූර්ති හම්බුවෙලා තියෙනවා.

    ඒනල් සෙක්ස් වඩාත්ම පාවිච්චි වුනේ උපත් පාලනය වෙනුවෙන් කියලයි කියන්නෙ. ගෝත්‍ර සමාජවල ඉඳන්ම මිනිස්සු මේ විකල්පය පාවිච්චි කිරීමෙන් අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වන්න පුළුවන් කියල දැනගෙන හිටියා.

    හැබැයි ඒනල් සෙක්ස් කියන එක අනිත් උපත් පාලන ක්‍රම හොයාගන්න කලින් පාවිච්චි වුනු උපත් පාලන සංසර්ගයක් නිසාම ලෝකෙ ජනප්‍රිය වුනා කිව්වොත් වැරදියි. ගොඩක් අය ඒකට ආස වෙන්න ගත්තා. ඒක වඩාත් ප්‍රචලිත වුනේ ඒ හින්ද. සමරිසි අය අතර මේක කොහොමත් දිගටම පැවතුනා.
    මෙහෙම සමහරු අතර තිබුනට මීට අවුරුදු විස්සකට විතර කලින් බැලුවොත් ඒනල් කියන එක ලොකු ටැබූ එකක්. තමන්ගෙ බිරිඳ එක්කවත් එහෙම දෙයක් ගැන කතා කරන්න මිනිස්සුන්ගෙ තිබුනෙ බයක්. ඒක වරදක් කියන හැඟීමක්. ඒත් මේ වෙද්දි ඒනල් කියන එක ඉතාම සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් යනවා. අස්සක් මුල්ලක් නෑර ජනප්‍රිය වෙන පෝර්න් නිසා මේක නාගරික දුෂ්කර ප්‍රදේශ හෝ උස් පහත් හෝ බෙදීමත් නැතුව හැමෝගෙම අත්හදා බැලීමක් වෙනවා. ඇත්තටම වෙන විදිහකට කිව්වොත් අපි ඉස්සරට වඩා ලිංගිකව විවෘත සමාජයක් බවට පත්වෙලා තියෙනවා. ඒකට අවශ්‍ය ලිංගික අධ්‍යාපනය ලැබුනෙ පෝර්න් වලින්.

    ඒනල් කියන එක ආස්වාදජනක ලිංගික අත්දැකීමක් වුනාට ඒක හැම ගැහැනියක්ම කැමති වෙන විදිහෙ එකක් නෙමෙයි. සමහරුන්ට මේක වේදනාකාරීයි. තෘප්තියක් ලබා දෙන්නෙ නෑ. ඒ වගේම සමහරුන්ට මේක දිව්‍යමය අත්දැකීමක්. මෙතෙක් අත්නොවිඳි තරමෙ සුරතාන්තයක්. ඒක නිසා තමන්ට ඒනල් කියන එක කොහොමද කියල තමන්ගෙ අත්දැකීමෙන් තීරනය කරන්න ඕන.

    ඒනල් අත්හදා බලනවා නම් සැලකිලිමත් විය යුතු කාරනා පහක්.

    1. ඉස්සෙල්ලා පුරුදු කරන්න – එකපාර ශිෂ්නය ඇතුල් කරනවා වෙනුවට බට් ප්ලග් එකක් හෝ ඇඟිල්ලක් මගින් ටිකින් ටික ඒ අවට මාංශපේශීන් ඉහිල් කරන්න. ඇතුල්වෙන්න ඉඩදෙන තරමෙ රිලැක්ස් බවක් දැනෙන කල් පමා කරන්න. එක පාර මේක බැරි වෙන්න පුළුවන්. ඒත් හෙමින් උත්සාහ කරන්න.

    2. ලූබ් පාවිච්චි කරන්න. එයින් ලිස්සා යාම පහසු කරනවා. අතට අහුවෙන ඕන ක්‍රීම් එකක් පාවිච්චි කරන්න එපා. සමහර රසායනික ඒ සංවේදී ප්‍රදේශයන්ට හානිකර වෙන්න පුළුවන්. ඒ සඳහාම නිපදවන ලද ලූබ් එකක් පාවිච්චි කරන්න. වැඩි මිලක සිට ඊසි ග්ලයිඩ් වගේ අඩු මිළක් දක්වා ලූබ් ෆාමසිවල තියෙනවා.

    3. බඩ සූදානම්ව තබාගන්න. වැසිකිලි යාමේ අපහසුතා ඇතිනම් ඒනල් උත්සාහ කරන්න එපා. ඉතා සැහැල්ලු කුසක් ඇති වෙලාවක් තමයි මේ අත්හදා බැලීමට වඩා සුදුසු වෙන්නෙ. උණු තේ කෝප්පයක් පානය කිරීම වගේ දෙයක් වඩා හොඳින් අභ්‍යන්තරය සූදානම් කරනවා.

    4. කතා කරන්න. අනිත් කෙනාට දැනෙන විදිහ, වේදනාව, ආස්වාදය ගැන නිරවුල්ව කතාබහ කරන්න. ඒනල් කරන්න කලින් වගේම ඊට පස්සෙත් මේ කතාබහ වැදගත්. මේක සිද්ද වෙන්න ඕන දෙන්නම ඉන් ආස්වාදයක් ලබනවා නම් විතරයි.

    5. පිරිසිදුබව වැදගත්. ඇතුල් කරන්න කලින් වගේම ඒනල් සෙක්ස්වලින් පස්සෙ නැවත වැජයිනා එකට ඇතුල් කරනවා නම් හොඳින් නැවත හොඳින් පිරිසිදු වෙන්න වගබලාගන්න. ගුද මාර්ගයේ ඇති බැක්ටීරියාවලට පුළුවන් යෝනි මාර්ගයේ ආසාදන ඇති කරන්න. ඒ නිසා පිරිසිදු බව ගැන වගබලාගැනීම ආසාදනවලින් වැලකීමට හේතුවෙනවා.

    අපේ හිතවත් පර්යේෂක කණ්ඩායමක් ලංකාවෙ කාන්තාවන් සහ ඒ අය ඒනල් සෙක්ස් දකින විදිහ ගැන ඔන්ලයින් සමීක්ෂනයක් කළා. ලංකාවෙ ඔන්ලයින් පාවිච්චි කරන අයගෙ සීමාවත්, මේ වගේ පර්යේෂනයකට කැමැත්තෙන් සහභාගිවන කාන්තාවන්ගෙ සීමාවත් නිසා මේ ගැන ඔන්ලයින් පර්යේෂනයක් සාර්ව මට්ටමේ ලා සලකන්න බෑ. ඒ වගේම එක දවසක් තුල කෙරුනු මේ කටයුත්තට සහභාගි වුනේ කාන්තාවන් 30කගෙ සුළුතර කණ්ඩායමක් විතරයි. ඒ හින්ද මේක ඉතා සීමිත වපසරියක කෙරුනු ඩිප්ස්ටික් රිසර්ච් එකක් වෙනවා.

    මේ පිරිසෙක් 89%ක් කාන්තාවො ඒනල් සෙක්ස් ගැන දැනගෙන හිටියා. එහෙම එකක් නොදැන හිටපු 11%ක් හිටියා. ඒනල් සෙක්ස් ගැන සමීප යාලුවො එක්ක කතාබහක් ඇතිවෙලා තියෙනවද කියල අහපු ප්‍රශ්නෙට 73%ක් ඔව් කියල උත්තර දුන්නා. 27%ක් කිසිම දවසක කා එක්කවත් ඒනල් ගැන කතා කරලා තිබුනෙ නෑ.

    ඒනල් සෙක්ස් නොකලත් ගොඩක් අයට ඒනල් උත්තේජනයක් ලබන්න පුළුවන්. ඇඟිල්ලෙන් දිවෙන් ටෝයි එකකින් මේක සිද්ද කරන්න පුළුවක්. මේ පිරිසෙන් 78%ක් කාන්තාවෙ ජීවිතේ කවදම හරි ඒනල් උත්තේජනයක් ලබලා තිබුන. 10% ක් කිසි දවසක එහෙම එකක් ලබලා තිබුනෙ නෑ. තවත් 10% එවන් උත්තේජනයක් ලබන්න කුතුහලෙන් පසුවුනා.

    මේ උත්තේජන මොන විදිහෙ ඒවද කියල පර්යේෂකයො ඇහුවා. මෙතනදි ඇඟිලි ඇතුල්කිරීමෙන් 76%ක් ඒ ප්‍රදේශය ලෙවකෑමෙන් දිවගෑමෙන් 67%ක් ශිෂ්නයක් ඇතුල් කිරීමෙන් 59%ක් සෙක්ස් ටෝයිස් පාවිච්චි කිරීමෙන් 47%ක් උත්තේජන අත්දැකීම් ලබලා තිබුන.

    මේ අයගෙන් වැඩිම පිරිසක් කැමති වුනේ දිවෙන් උත්තේජනය කරන එකට. ඊලගට ඇඟිල්ල පාවිච්චි කරන එකට. ඊට පස්සෙ සෙක්ස් ටෝයි එකක් යොදාගන්නවට. ශිෂ්නය ඇතුල් කිරීමේ උත්තේජනයට කැමති වුනෙ 19%ක කොටසක් විතරයි.

    මේ කාන්තාවන්ගෙන් 57%ක් ස්වයං වින්දනය කරන අතරතුර ඒනල් උත්තේජන අත්දැකීමක් ලබා තිබුන. 34%ක් කිසි දවසක එහෙම ට්‍රයි කරලා තිබුනෙ නෑ. ට්‍රයි කරන්න කැමති 7%ක පිරිසකුත් හිටියා.

    ඒ වගේම 42%ක පිරිසක් ඒගෙන් උත්තේජනය අසීමිතව වැඩිවෙනවා කියල කිව්වා. 13%ක් ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කළා. ට්‍රයි කරලත් ඒක හරියටම දන්නෙ නැති 7%ක් හිටියා. කරලත් නැති දන්නෙත් නැති 36%ක් හිටියා.

    මේ පිරිසෙන් 69%ක් ඒනල් අත්හදා බලන්න තව යාලුවෙකුට නිර්දේශ කරන බව කිව්වා.

    මේ කාන්තාවන් තමන්ගෙ අත්දැකීම ගැන විවිධ සටහන් තියල තිබුන.

    “ක්ලිට් එක ස්පර්ශ කරන අතරෙ පිටිපස්සෙන් යමක් ඇතුල්කිරීම අතිශය ආස්වාදජනකයි. හැබැයි ඒ වෙලාවට අපි කැමති කෙනෙක් හිතෙන් මවාගන්න ඕන. එහෙම නැතුව කිසි වැඩක් නෑ.”

    “ඒක හරිම කින්ක් අත්දැකීමක්. ඒක මරු”

    “ඒනල් ප්ලෙෂර් එක වැජයිනල් ප්ලෙෂර් එකට වඩා වෙනස්. ඒක කෙනෙක් ලබන්න වටින අත්දැකීමක්. වේදනාව තුලින් ලබන අමුතුම සතුටක් ඒක”
    “මට නං දිව්‍යමයයි. ඒකට සම කරන්න වෙන එකක් නෑ”

    “ගොඩක් අය බයයි”

  • ගෑනු පිරිමි මල් පළතුරු

    ගෑනු පිරිමි මල් පළතුරු

    ක්‍රොස්ඩ්‍රෙසින් කිව්වම පිරිමි විදිහට අඳින්න පළඳින්න කැමති ගැහැනු සහ ගැහැණු විදිහට අඳින්න පළඳින්න කැමති පිරිමි කියන දෙවර්ගයම අයිති වෙනවා. හැබැයි ගැහැණු විදිහට අඳින්න කැමති පිරිමි කියන එක සමාජයෙ අපවාදයට උපහාසයට සහ අපහාසයට ලක්වෙනවා වැඩියි. පිරිමියෙක් ගෑනියෙක් වගේ ස්ටොකින්ස් දාන්න, ගවුමක් අඳින්න පෙළඹුනොත් ඒක උසුළුවිසුළු කිරීමකින් පටන් අරන් සමහර විට සදාචාරය වෙනුවෙන් කරන මරා දමීමක් දක්වා වුනත් යන්න පුළුවන්. තමන්ගෙ සැමියා තමන්ගෙ යට ඇඳුමකින් සැරසී ඉන්නවා දැක්කොත් බිරිඳක් ඒක කොහොම බාරගනීවිද? ඔෆිස් එකේ බොස් මස්කාරා ගාන්න, අයි ලයිනර්ස් අඳින්න කැමති බව දැනගත්තොත් ඔෆිස් එකේ සේවකයො බොස්ව කොයිතරම් සීරියස්  බාරගනීද? මේ හැමවෙලාවකම ක්‍රොස් ඩේ‍රසින් කියන එක පිරිමිකම පාවා දීමක්, ලොකු අහිමිවීමක්, පරාජිතවීමක් විදිහටයි සමාජය  බාරගන්නෙ.

    මේක මාර අවුලක් විදිහට දකින්න පෙළඹුනාට ඇත්තටම මේ ආශෘව විශ්වීය මට්ටමේ අන්තිම සාමාන්‍ය එකක්. අපි ඉතාම ආසා කරන, කුතුහලයෙන් පෙලෙන විරුද්ධ ලිංගිකයෙකුගෙ ඇඳුමෙන් සැරසෙන එක ශෘංගාරාත්මක අත්දැකීමක්. ඇත්තටම එක ඩ්‍රැමටික් වැඩක්. අපි පොඩි කාලෙදි කව්බෝයි කෙනෙක් හරි ටාසන් රොබින්හුඩ් හරි වගේ වෙන්න ආසාවෙන් ඒ විලාසය ගන්නවා වගේමයි. තමන් ආශා කරන විරද්ධ ලිංගිකයාගෙ හම ඇතුලට රිංගලා ඒ අත්දැකීම විඳීමේ ප්‍රහර්ෂයක් ක්‍රොස් ඩේ‍රසර් කෙනෙක් විඳිනවා.

     මේක ඔන්ලයින් අවකාශයෙ අපි නිතර දකිනවා. කෙල්ලොන්ගෙ නම් වලින් ඉන්න කොල්ලො. ඒ ගොල්ලො කෙල්ලො විදිහට චැට් කරනවා. සමහර විට අනුරාගී විදිහට චැට් පවා කරනවා. විනෝදයක් විදිහට කළත් මේක ඇතුලෙත් ක්‍රොස්ඩේ‍රසින් හා සමාන අශාවක් සංතර්පනය වෙනවා.

     හිර ටයිට් ස්කර්ට් එකක් ඇන්දම කොහොමද, හයි හීල්ස් දාලා මාබල් පොලොවක ඇවිදිද්දි කොහොමද, බ්‍රා එකක් පටි තමන්ගෙ උරහිස්වල තෙරපෙද්දි කොහොමද, වැක්ස් කරපු කකුල් දෙකක් අතගෑවෙද්දි කොහොමද, මේ විතරක් නෙමෙයි සමහර විට ගැහැනියක් විදිහට පිරිමියෙක් සිපගනිද්දි දැනෙන හැගීම කොහොමද වගේ දෙයක් වුනත් කෙනෙකුට විඳින්න හිතෙන්න පුළුවන්. ක්‍රොස්ඩේ‍රසර් කෙනෙක් එකම වෙලාවක තමන් සහ තමන්ගේ ආශාවෙ වස්තුව කියන තැන් දෙකේම එකවිට පවතිමින් තියුණු ශෘංගාර ආස්වාදයක් ගන්නවා.

    ට්‍රාන්ස්වෙස්ටයිට්ලව (ක්‍රොස් ඩේ‍රසින්වලට කියන තව වචනයක්) මහා සමාජය විසින් මේ බාහිර පෙනුම අනුකරණය කිරීම නිසා පිළිකුල් කළාට සාහිත්‍යයෙදි එහෙම ඉතා ගෞරව සහිතව පිලිගන්නවා.

     සාහිත්‍යකරුවෙක් තමන්ගේ ගැහැනු චරිතයක් නිරූපනය කරද්දි කරන්නෙත් මේකමයි.  තොලස්තෝයි ඇනා කැරනිනාව ලියද්දි ඒ කඩවසම් හමුදා නිලධාරියා එක්ක ආදරය කරන විවාහක ගැහැනිය බවට රූපාන්තරණය වෙනවා. ගුස්ටාව් ෆ්ලොබෙයා මේ ගැන එයාගෙ පෙම්වතියට කියනවා. එමා බෝවරි ලියද්දි එමා කියන්නෙ තමන් පිටින් බලාගෙන ඉඳලා ලියපු බාහිර චරිතයක් නෙමෙයි කියල එයා කියනවා. එයා එමා බවට පත්වෙනවා. හරි නං ෆ්ලෝබෙයා කියන්න ඕන, එමා රොඩොල්ෆ් එක්ක සෙක්ස් කරද්දි එයා එමාගේ පරිකල්පනීය රූපය ඇතුලට වැදිලා කොයිතරම් මාස්ටර්බේට් කළාද කියල.

    ට්‍රාන්ස්වෙස්ටිසම් කියන්නෙ අපිට අපේ විශ්වීය පුරවැසිබව විඳින්න තියෙන අයිතිය සැමරිමක්. ලිංගිකත්වය මත බෙදීමෙන් සමාජය විසින් පනවපු පරිකල්පනීය සීමාවලට එරෙහි ප්‍රොටෙස්ට් එකක්. ක්‍රොස්ඩේ‍රසින් අපිට රෝමානු මහා නාට්‍යකරු ටෙරන්ස්ගෙ දාර්ශනික අදහසක් මතක් කරනවා.

    ‘මම මනුස්සයෙක්. මනුස්සයන්ගෙ කිසිම දෙයක් මට ආගන්තුක නෑ.’ (මෙතනදි මිනි ස්කර්ට් ජී ස්ටි්‍රන්ග් වගේ දේවල් වුනත් අයිතියි)

    කවුරු හරි කෙනෙක් උත්පත්තියෙන් ලබපු, අපිට අඳුරගන්න පුළුවන් නිශ්චිත ලිංගිකත්වය ඇතුලට  සම්පුර්නයෙන් රාමුවෙලා නෑ කියල දැනුනම පොඩි අප්සෙට් එකක් එන්න පුළුවන්. ඒත් එහෙම කෙනෙක්ව,  හිතාගන්න බැරි අන්තයන් දෙකක තමන්ගේ ඇතුලතින් ජීවත්වෙන, පරාසයන් දෙකක එකවිට පවතින,  නිකංම පිරිමියෙක් හෝ ගැහැනියක් නොවෙන කෙනෙක් විදිහට තේරුම්ගත්තම ඒක ආස්වාදනීය වෙන්නත් පුළුවන්.

    ගෑනු පිරිමි ඇඳුම් මාරුව කියන්නෙ  සමාජයක් තැතිගන්න, කම්පනය වෙන්න ඕන දෙයක් නෙමෙයි. අපේ ඔරිජිනල් කියල සම්මත කරපු අනන්‍යතාවයට අපි කොටුවෙලාම ජීවත් වෙන්න ඕන කියල එකක් නෑ. ඒ වගේම ආර්ට් ඇතුලෙන්, පරිකල්පනයන් ඇතුලෙන් අපේ අනෙකා බවට පත්වීම හොඳ දෙයක්. ඒක අපේ එම්පතිය නැත්තං මානුෂීය තේරුම් ගැනීම අනෙක් ලිංගිකත්වයන්ගේ ඉවුර දක්වා දිගු කිරීමක්. ඇඳුම් පැළඳුම්වලින් අපි සසල වුනත් අනෙක් බොහෝ වියමන්වලදි අපි මේක සුවපහසුවෙන් බාරගන්නවා.

    ආධ්‍යාත්මික කලාපයෙ ශිව වගේ හින්දු විශ්වාසයක් ගත්තොත් අපි වැඳුම් පිදුම් කරන ඒ රූපය නිර්මාණය කරන්නෙ එකවිට ගැහැනියක් සහ පිරිමියෙක් විදිහට. පිරිමි බුද්ධ රූපයක් අපි නිර්මාණය කරන්නෙ බොහොමයක් ස්ත්‍රී ලක්ෂන ඇතුව. ඒත් කවුරු හරි පිරිමියෙක් ගෑනු බ්‍රා එකක් ඇන්දම අපි කැලඹෙන්න ගන්නවා. ඒක අපි ඇතුලෙ කන්ඩිෂන් කරපු ලිංගිකත්වයන් ගැන සංකල්ප විශ්වය හොල්ලන්න ගන්නවා.

     ඇත්තටම අපි නිරවුල්ව බැලුවොත් ක්‍රොස්ඩේ‍රසින් කියන එක ඉතාම සරල සාමාන්‍ය දෙයක් විදිහට බාරගන්න ඕන.