ක්‍රොස්ඩ්‍රෙසින් කිව්වම පිරිමි විදිහට අඳින්න පළඳින්න කැමති ගැහැනු සහ ගැහැණු විදිහට අඳින්න පළඳින්න කැමති පිරිමි කියන දෙවර්ගයම අයිති වෙනවා. හැබැයි ගැහැණු විදිහට අඳින්න කැමති පිරිමි කියන එක සමාජයෙ අපවාදයට උපහාසයට සහ අපහාසයට ලක්වෙනවා වැඩියි. පිරිමියෙක් ගෑනියෙක් වගේ ස්ටොකින්ස් දාන්න, ගවුමක් අඳින්න පෙළඹුනොත් ඒක උසුළුවිසුළු කිරීමකින් පටන් අරන් සමහර විට සදාචාරය වෙනුවෙන් කරන මරා දමීමක් දක්වා වුනත් යන්න පුළුවන්. තමන්ගෙ සැමියා තමන්ගෙ යට ඇඳුමකින් සැරසී ඉන්නවා දැක්කොත් බිරිඳක් ඒක කොහොම බාරගනීවිද? ඔෆිස් එකේ බොස් මස්කාරා ගාන්න, අයි ලයිනර්ස් අඳින්න කැමති බව දැනගත්තොත් ඔෆිස් එකේ සේවකයො බොස්ව කොයිතරම් සීරියස් බාරගනීද? මේ හැමවෙලාවකම ක්‍රොස් ඩේරසින් කියන එක පිරිමිකම පාවා දීමක්, ලොකු අහිමිවීමක්, පරාජිතවීමක් විදිහටයි සමාජය බාරගන්නෙ.
මේක මාර අවුලක් විදිහට දකින්න පෙළඹුනාට ඇත්තටම මේ ආශෘව විශ්වීය මට්ටමේ අන්තිම සාමාන්‍ය එකක්. අපි ඉතාම ආසා කරන, කුතුහලයෙන් පෙලෙන විරුද්ධ ලිංගිකයෙකුගෙ ඇඳුමෙන් සැරසෙන එක ශෘංගාරාත්මක අත්දැකීමක්. ඇත්තටම එක ඩ්‍රැමටික් වැඩක්. අපි පොඩි කාලෙදි කව්බෝයි කෙනෙක් හරි ටාසන් රොබින්හුඩ් හරි වගේ වෙන්න ආසාවෙන් ඒ විලාසය ගන්නවා වගේමයි. තමන් ආශා කරන විරද්ධ ලිංගිකයාගෙ හම ඇතුලට රිංගලා ඒ අත්දැකීම විඳීමේ ප්‍රහර්ෂයක් ක්‍රොස් ඩේරසර් කෙනෙක් විඳිනවා.
මේක ඔන්ලයින් අවකාශයෙ අපි නිතර දකිනවා. කෙල්ලොන්ගෙ නම් වලින් ඉන්න කොල්ලො. ඒ ගොල්ලො කෙල්ලො විදිහට චැට් කරනවා. සමහර විට අනුරාගී විදිහට චැට් පවා කරනවා. විනෝදයක් විදිහට කළත් මේක ඇතුලෙත් ක්‍රොස්ඩේරසින් හා සමාන අශාවක් සංතර්පනය වෙනවා.
හිර ටයිට් ස්කර්ට් එකක් ඇන්දම කොහොමද, හයි හීල්ස් දාලා මාබල් පොලොවක ඇවිදිද්දි කොහොමද, බ්‍රා එකක් පටි තමන්ගෙ උරහිස්වල තෙරපෙද්දි කොහොමද, වැක්ස් කරපු කකුල් දෙකක් අතගෑවෙද්දි කොහොමද, මේ විතරක් නෙමෙයි සමහර විට ගැහැනියක් විදිහට පිරිමියෙක් සිපගනිද්දි දැනෙන හැගීම කොහොමද වගේ දෙයක් වුනත් කෙනෙකුට විඳින්න හිතෙන්න පුළුවන්. ක්‍රොස්ඩේරසර් කෙනෙක් එකම වෙලාවක තමන් සහ තමන්ගේ ආශාවෙ වස්තුව කියන තැන් දෙකේම එකවිට පවතිමින් තියුණු ශෘංගාර ආස්වාදයක් ගන්නවා.
ට්‍රාන්ස්වෙස්ටයිට්ලව (ක්‍රොස් ඩේරසින්වලට කියන තව වචනයක්) මහා සමාජය විසින් මේ බාහිර පෙනුම අනුකරණය කිරීම නිසා පිළිකුල් කළාට සාහිත්‍යයෙදි එහෙම ඉතා ගෞරව සහිතව පිලිගන්නවා.
සාහිත්‍යකරුවෙක් තමන්ගේ ගැහැනු චරිතයක් නිරූපනය කරද්දි කරන්නෙත් මේකමයි. තොලස්තෝයි ඇනා කැරනිනාව ලියද්දි ඒ කඩවසම් හමුදා නිලධාරියා එක්ක ආදරය කරන විවාහක ගැහැනිය බවට රූපාන්තරණය වෙනවා. ගුස්ටාව් ෆ්ලොබෙයා මේ ගැන එයාගෙ පෙම්වතියට කියනවා. එමා බෝවරි ලියද්දි එමා කියන්නෙ තමන් පිටින් බලාගෙන ඉඳලා ලියපු බාහිර චරිතයක් නෙමෙයි කියල එයා කියනවා. එයා එමා බවට පත්වෙනවා. හරි නං ෆ්ලෝබෙයා කියන්න ඕන, එමා රොඩොල්ෆ් එක්ක සෙක්ස් කරද්දි එයා එමාගේ පරිකල්පනීය රූපය ඇතුලට වැදිලා කොයිතරම් මාස්ටර්බේට් කළාද කියල.
ට්‍රාන්ස්වෙස්ටිසම් කියන්නෙ අපිට අපේ විශ්වීය පුරවැසිබව විඳින්න තියෙන අයිතිය සැමරිමක්. ලිංගිකත්වය මත බෙදීමෙන් සමාජය විසින් පනවපු පරිකල්පනීය සීමාවලට එරෙහි ප්‍රොටෙස්ට් එකක්. ක්‍රොස්ඩේරසින් අපිට රෝමානු මහා නාට්‍යකරු ටෙරන්ස්ගෙ දාර්ශනික අදහසක් මතක් කරනවා.
‘මම මනුස්සයෙක්. මනුස්සයන්ගෙ කිසිම දෙයක් මට ආගන්තුක නෑ.’ (මෙතනදි මිනි ස්කර්ට් ජී ස්ටි්‍රන්ග් වගේ දේවල් වුනත් අයිතියි)
කවුරු හරි කෙනෙක් උත්පත්තියෙන් ලබපු, අපිට අඳුරගන්න පුළුවන් නිශ්චිත ලිංගිකත්වය ඇතුලට සම්පුර්නයෙන් රාමුවෙලා නෑ කියල දැනුනම පොඩි අප්සෙට් එකක් එන්න පුළුවන්. ඒත් එහෙම කෙනෙක්ව, හිතාගන්න බැරි අන්තයන් දෙකක තමන්ගේ ඇතුලතින් ජීවත්වෙන, පරාසයන් දෙකක එකවිට පවතින, නිකංම පිරිමියෙක් හෝ ගැහැනියක් නොවෙන කෙනෙක් විදිහට තේරුම්ගත්තම ඒක ආස්වාදනීය වෙන්නත් පුළුවන්.
ගෑනු පිරිමි ඇඳුම් මාරුව කියන්නෙ සමාජයක් තැතිගන්න, කම්පනය වෙන්න ඕන දෙයක් නෙමෙයි. අපේ ඔරිජිනල් කියල සම්මත කරපු අනන්‍යතාවයට අපි කොටුවෙලාම ජීවත් වෙන්න ඕන කියල එකක් නෑ. ඒ වගේම ආර්ට් ඇතුලෙන්, පරිකල්පනයන් ඇතුලෙන් අපේ අනෙකා බවට පත්වීම හොඳ දෙයක්. ඒක අපේ එම්පතිය නැත්තං මානුෂීය තේරුම් ගැනීම අනෙක් ලිංගිකත්වයන්ගේ ඉවුර දක්වා දිගු කිරීමක්. ඇඳුම් පැළඳුම්වලින් අපි සසල වුනත් අනෙක් බොහෝ වියමන්වලදි අපි මේක සුවපහසුවෙන් බාරගන්නවා.
ආධ්‍යාත්මික කලාපයෙ ශිව වගේ හින්දු විශ්වාසයක් ගත්තොත් අපි වැඳුම් පිදුම් කරන ඒ රූපය නිර්මාණය කරන්නෙ එකවිට ගැහැනියක් සහ පිරිමියෙක් විදිහට. පිරිමි බුද්ධ රූපයක් අපි නිර්මාණය කරන්නෙ බොහොමයක් ස්ත්‍රී ලක්ෂන ඇතුව. ඒත් කවුරු හරි පිරිමියෙක් ගෑනු බ්‍රා එකක් ඇන්දම අපි කැලඹෙන්න ගන්නවා. ඒක අපි ඇතුලෙ කන්ඩිෂන් කරපු ලිංගිකත්වයන් ගැන සංකල්ප විශ්වය හොල්ලන්න ගන්නවා.
ඇත්තටම අපි නිරවුල්ව බැලුවොත් ක්‍රොස්ඩේරසින් කියන එක ඉතාම සරල සාමාන්‍ය දෙයක් විදිහට බාරගන්න ඕන.