බහුතරයක් විෂම ලිංගික පිරිමි ඒනල් සෙක්ස්වලට බයයි. තමන්ගේ ගුද මාර්ගය ආශ්‍රිතව තියෙන පිරිමිකම පිළිබඳ මොකක්ද එකක් ඒ අය විශ්වාස කරනවා. කවුරු හරි තමන් සමග ගුද සංසර්ගය කලොත් ඒ පිරිමිකම නැති වෙනවා වගේ එකක්.

‘මට පු.. අරින්නද එන්නෙ?’

මේ වගේ යෙදුම් පවා හැදෙන්නෙ මේ ගුදය සමග බැඳුනු පිරිමිකමෙන්. පිරිමින්ගෙ ගුද සංසර්ගය සලකන්නෙ සමලිංගිකයන්ට සීමාවුනු දෙයක් විදිහට. මෙන්න මේ මරිමෝඩ පිරිමි සංකල්පය නිසා ගුද සංසර්ගයෙන් ලැබෙන විශාල ආස්වාදයක් විෂම ලිංගික පිරිමින්ට මගඇරෙනවා.

මෙතනදි ගුද සංසර්ගය කිව්වට මේක ඉංග්‍රීසියෙන් හඳුන්වන්නෙ ඈස්ප්ලේ කියල. ඒ කියන්නෙ සංසර්ගයට අමතරව ඇඟිලිවලින් දිවෙන් ආදියෙන් ඒනසය (ගුදය) ආශ්‍රිතව කරන තවත් බොහොමයක් ශෘංගාර ක්‍රියාකාරකම්.

1. ඒක ආස්වාදනීයයි.
ඒනල් සෙක්ස් වේදනාකාරීයි කියන එක මිත්‍යාවක්. හරි සූදානමකින් තොරව, හදිස්සියෙන් කරන ඒනල් සෙක්ස් වේදනාකාරීයි තමයි. ඒත් ඕනම ලිංගික ක්‍රියාකාරකමක් ඒ විදිහෙන් කලොත් වේදනාකාරීයි. ලූබ්රිකන්ට් පාවිච්චි කරලා, ටිකෙන් ටික ඒනසය එක්ක ශෘංගාර හැසිරීම් පුහුනු වුනොත් ඒක පුදුම තරම් ආස්වාදජනකයි.

2. සංසර්ගය විතරක් නෙමෙයි
කලින් සඳහන් කළා වගේ මේක අනිවාර්යෙන්ම ශිෂ්නයක් ඇතුල් කිරීමක්ම වෙන්න අවශ්‍ය නෑ. මොකක් හරි විදිහකින් උදා විදිහට බට් ප්ලග් එකක්, සෙක්ස් ටෝයි එකක් පාවිච්චි කරලා, ප්‍රොස්ටේට් උත්තේජනයක් ලබාදෙන්න පුළුවන් නම් මේ තෘප්තිය ලබාගන්න පුළුවන්.

3. පෙගින්
පෙගින් කියන්නෙ කාන්තාව කෘතිම ශිෂ්නයක් පැළඳගෙන පිරිමියා සමග ඒනල් සෙක්ස් කරන එකට. ඒක වෙනම විදිහක ෆැන්ටසියක්. ගැහැණුබව ගැන පිරිමිබව ගැන අපේ ඔලුවල කන්ඩිෂන් කරපු සීමාවන්, මනස්ගාතයන් පැත්තකට දාලා නිදහසේ සෙක්ස් කරන්න අපිට පුළුවන් නම් අපේ තෘප්තියත් අසීමිත එකක් වෙනවා. කැමති විදිහකින් ශරීරය විඳින්න. සෙක්ස් කියන්නෙ ඒකට.

4. ඈස්ප්ලේ කරන්න නම් ඇඟ ගැන හොඳට දැනගන්න.
පිරිමියෙකුගේ හෝ ගැහැනියකගේ ගුද මාර්ගය කියන්නෙ වැජයිනා එකකට වඩා වෙනස් කලාපයක්. යෝනි සංසර්ගයේදි ලුබ්රිකන්ට් අවශ්‍ය නොවෙන්න පුළුවන් වුනත් ඒනල් සෙක්ස්වලදි ලුබ්රිකන්ට් අවශ්‍යමයි. ඒ වගේම ඒනල් සෙක්ස් කරන අය ඒ මාර්ගය පිරිසිදුව සූදානම්ව තියාගැනීමත් පුහුනු කරන්න ඕන. සෞඛ්‍ය සම්පන්න ආහාර කියන එක එතනදි වැදගත්.

5. සතුට වැඩියි
පිරිමින්ගේ ජී-ස්පොට් එකක් තමයි ප්‍රොස්ටේට් ග්‍රන්ථිය. ඒක තියෙන්නෙ අපේ ගුදයෙ අඟල් දෙකක් විතර ඇතුලෙන්. ඒක වෝල්නට් එකක් තරම ඇති. මේ ග්‍රන්ථිය ඇතිල්ලෙනකොට තදවෙනකොට දැනෙන ආස්වාදය ඉතා වැඩියි.

ඒ වගේම තව තෘප්ති කලාපයක් තමයි ඒනල් රිංග් එක. මුලින් මේක හරිම තදට දැනෙන්න පුළුවන්. ඒක එහෙම වෙන්නෙ ජීවිත කාලෙ පුරාම නොදැනුවත්වම මේක තද කරගෙන සිටීම නිසා. මේ මාංශපේශීන් ඉහිල් කිරීම සහ විවර කිරීම ලොකු තෘප්තියක් ලබාදෙනවා. සුරතාන්තයකට පත්වෙන තරමෙ තෘප්තියක් මේ වළල්ලෙන් විතරක් ගන්න පුළුවන්.

ඒ වගේම ක්ෂනික මෝචනය ගැන ගැටලුවක් තියෙනවා නම් මේ ගුද මාර්ගය ඇඟිල්ලක් හෝ සෙක්ස් ටෝයි එකක් මගින් උත්තේජනය කිරීමෙන් සුරතාන්තය පමා කරන්නත් පුළුවන්. ශිෂ්න තෘප්තියෙන් ගුද තෘප්තියට මාරු වෙන්න පුළුවන්. පිරිමියෙක් තමන්ගේ ශිෂ්නයෙන් විතරක් තෘප්තිමත් වෙන එක හරියට කාන්තාවක් එයාගෙ ක්ලිටොරිස් එක විතරක් පාවිච්චි කරනවා වගේ වැඩක්. සංසර්ගයකදී පරිපූර්ණ තෘප්තියක් හොයාගෙන යන එකයි වටින්නෙ.

6. පී ස්පොට්
මේ ප්‍රොස්ටේට් එකට කියනවා පී ස්පොට් කියල. මේ වෙනුවෙන්ම හැදුනු සෙක්ස් ටෝයිස් තියෙනවා. මොකද පී ස්පොට් එක ආශ්‍රිත සුරතාන්තය අසමසම එකක්.

7. සෙක්ස්වලදි සාම්ප්‍රදායික වෙන්න එපා
සෙක්ස්වලදි අත්හදාබැලීම් කරන එක අපි හිතනවට වඩා ලොකු ආත්මීය නිදහසක් ලබාදෙනවා. ආගමෙන් සම්ප්‍රදායෙන් සමාජයෙන් පැනවුනු සීමාවන් බිඳගෙන යාමේ නිදහස එතන දැනෙනවා. අපේ සංසර්ගයට පවා පනවා ඇති ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමේ තෘප්තිය සුරතාන්තමය එකක්. පෙම්වතිය එක්ක ඔබේ ආශාවන් කුතුහලයන් බෙදාගන්න. ඔයාව තෘප්තියේ අනෙක් කෙලවර දක්වා ගෙනියන්න එයාට ඉඩදෙන්න. ඔබ ඇය තුලට ඇතුල්වෙනවා වගේම ඔබ තුලට ඇය ඇතුල්වීමේ තෘප්තියත් විඳින්න.

8. අනෙක් ලිංගිකයන් තේරුම් ගන්න උදව්වක්.
විෂම ලිංගික සීමාවෙන් එලියට ඇවිත් ඒනල් සෙක්ස් ආස්වාදය විඳින කෙනෙකුට පුළුවන් ‘ගේ’ හෝ ‘බයි’ අයව වඩා හොඳින් තේරුම් ගන්න. විෂම ලිංගික සදාචාරයේ විනිශ්චයන් බැහැර කරන්න. ඇත්තටම තෘප්තියෙන් ඔබ්බට හොඳ වටහාගැනීමක් ඇති සමාජ සම්බන්ධතාවලටත් පිරිමියෙක් විදිහට ඒනල් සෙක්ස් විඳීම බලපානවා.

9. ප්‍රොස්ටේට් කැන්සර් වළක්වන්න
ප්‍රොස්ටේට් පිළිකා වළක්වන්න ප්‍රොස්ටේට් ග්‍රන්ථිය මසාජ් කිරීම හොඳ විදිහක් කියල විශේෂඥයො කියනවා. ඉතින් ඒනල් සෙක්ස් කියන්නෙම ප්‍රොස්ටේට් මසාජ් එකක්. පිළිකාව වළක්වන්න. ඒනල් ට්‍රයි කරන්න.