අපිට සෙක්ස් ඇතුලට භාවනාව ගේන්න පුළුවන්ද? භාවනාව කියන්නෙ සවිඥානක බවට. අපිට දැනෙන හිතෙන දේවල් නිකංම ආශාව විසින් මෙහෙයවනවා වෙනුවට අපි ආශාව මත නැගී සියල්ල පූර්ණව සංසුන්ව විඳිමින් රාගය භාවනාවක් කරගන්නවා. එහෙම පුළුවන් නම් අපිට දැනෙන ආස්වාදය මීට වඩා ඉහළ තලවලට අපිට අරන් යන්න පුළුවන්. 

හැමෝම වගේ තන්ත්‍ර සෙක්ස් ගැන අහලා තියෙනවා. ඒත් මොකක්ද තන්ත්‍රවල උගන්නන සෙක්ස්? මොකද්ද ආධ්‍යාත්මිකත්වයත් එක්ක සෙක්ස්වලට තියෙන ගනුදෙනුව?

තාන්ත්‍රික සෙක්ස් වලදි කතා කරන්නෙ වඩාත් සවිඥානක බවක් සහ සහභාගිවෙන අයගේ ඇතුලතින් සිදුවන ගැඹුරු සම්බන්ධයක් අත්විඳීමේ උවමනාවෙන් සංයෝග වීමක්. දෙන්නාගෙ හුස්මවල වේගය, අනිමිසලෝචනය, ස්පර්ශය, සම්බාහනය, චුම්බනය වගේම හෙමින් විඳිමින් කරන සංසර්ගය මෙතනදි කමටහන් වෙනවා. තන්ත්‍ර සෙක්ස් කියන එක එන්නෙ මනස සහ ශරීරය අතර සම්බන්ධය ගැන උනන්දු වෙන තන්ත්‍ර කියන සම්භාව්‍ය ආධ්‍යාත්මික සම්ප්‍රදායෙන්. තාන්ත්‍රික සම්භෝගයේ අරමුණ වෙන්නෙ දෙදෙනා අතර හුවමාරු කරගන්නා ලිංගික ශක්තියෙන් දෙදෙනාගේම සුවපත්වීම, පිබිදීම සහ ආධ්‍යාත්මික වර්ධනය අත්පත් කරගැනීම.

 

තන්ත්‍ර බිහිවෙන්නෙ අවුරුදු දාහකට විතර කලින් ඉන්දියාවෙ. හින්දු බෞද්ධ ජෛන සම්ප්‍රදායන්ගෙ එකතුවක් විදිහට. සම්භාව්‍ය තන්ත්‍ර කියන්නෙ අපේ ශරීරයේ තියෙන චක්‍ර නමින් හඳුන්වන ශක්ති කේන්ද්‍රයන් හරි විදිහට පෙළගස්වා ගනිමින්, ජීවිතේ අභ්‍යන්තර බාහිර බෙදීමක් නැතුව සෑම පැතිකඩක්ම සවිඥානකව බාරගැනීම තුලින් අවබෝධය කරා යන ආධ්‍යාත්මික ක්‍රමයකට. අනෙක් හැම සම්ප්‍රදායක්ම ශරීරය සහ භෞතික ලෝකය බැහැර කරමින් අවබෝධය කරා යද්දි තන්ත්‍ර කියන්නෙ සමස්තය බාරගන්නා පිළිවෙතකට. කිසිවක් බැහැර නොකිරීමට. ජීවිතය නොබෙදන දර්ශනයකට.

අද අපි බටහිර අර්ථයෙන් තන්ත්‍ර කියල දකින්නෙ මේ සම්භාව්‍ය තාන්ත්‍රික දර්ශනය නෙමෙයි. මේ අපි කතා කරන තන්ත්‍ර සෙක්ස් කියන එක අවුරුදු 150ට විතර කලින් නියෝ-තන්ත්‍ර කියල නිර්මාණය වෙන සම්ප්‍රදායක්. එතනදි මූලික අරමුණ වෙන්නෙ සවිඥානක බව හා මේ සම්බන්ධතාව වඩාත් ලිංගික සම්බන්ධතාවයන්ම කේන්ද්‍ර කරගෙන පුහුණු කිරීම.

තන්ත්‍ර සෙක්ස්වල මහත්ඵල

1. අපේක්ෂා බරෙන් නිදහස

අනිත් හැමදේකදිම වගේ සෙක්ස් වලදිත් අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා. බලාපොරොත්තු තියෙනවා. ඇතුල් වීමේ හදිස්සිය තියෙනවා. අනිත් කෙනා සතුටු කිරීමේ වගකීම තියෙනවා. අපේ සතුට ගැන අපේක්ෂාව තියෙනවා.  ඒත් තන්ත්‍රවලදි කියන්නෙ මේ විදිහෙ අවසාන අරමුණකින් තොරව සෙක්ස් කරන්න කියල. ඒ ගමනම, ඒ මොහොතම ආස්වාද කරන්න කියල. තන්ත්‍ර සෙක්ස්වලදි සංසර්ගයක් වෙන්නත් පුළුවන්, එහෙම නොවෙන්නත් පුළුවන්. 

සුරතාන්තයක් ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඔයාට සෙක්ස් කරන්න කෙනෙක් ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. ඔව්. සහකරුවෙක් හෝ සහකාරියෙක් නැතුවත් තන්ත්‍ර සෙක්ස් කරන්න පුළුවන්. මේ බරෙන් නිදහස් වුනාම අපි ඒ මොහොත රස විඳින්න පටන් ගන්නවා. එතනදි ලිංගික අත්දැකීම ආධ්‍යාත්මික අත්දැකීමක් බවට පෙරලෙන්න ගන්නවා.

2. මේ මොහොතට කැඳවීම
ගෙදර දොරේ, වැඩකරන තැන්වල ප්‍රශ්න ඇඳ උඩට ගේන්නෙ නැතුව පූර්ණව සහකරුවා හෝ සහකාරිය ඉදිරියේ පැවතීමේ සාවධාන බව තන්ත්‍ර සෙක්ස් වලින් පුහුනු කරනවා. අපේ වගේම අපිත් එක්ක ඉන්න අනිත් කෙනාගෙත් මානසික වියවුල් නිරවුල් කරන්න, මේ ආස්වාදනීය මොහොතට කේන්ද්‍ර වෙන්න තන්ත්‍ර උදව් වෙනවා. ඒකෙන් අපේ ලිංගික ශක්තීන් අවදි වෙනවා වගේම වඩාත් තෘප්තිකර ලිංගික සාධනාවක් ලබන්න පුළුවන්.

3. ගැඹුරු සම්බන්ධතාවයකට කැඳවීම
තනිව වුනත් තව කෙනෙක් සමග වුනත් තන්ත්‍ර සෙක්ස් වලින් කරන්නෙ ඔයාව ඒ ලිංගික අත්දැකීම එක්ක හරියටම සුසර කරන එක. හුස්මෙන්, ස්පර්ශයෙන්, ඇසිනැස බලා සිටීමෙන් අපි ඇතුලෙම මෙතෙක් අපි නොදැන වසා හුන් දොරටු විවෘත කරනවා.

4 නොනිමෙන සංසර්ගයක්
තන්ත්‍රවල කියන මන්දගාමී සාවධාන චලනයෙන් ඔයාව සුරතාන්තය ගැන පීඩනයෙන් තෙරපන සෙක්ස්වලට වඩා වෙනස් ආස්වාද කලාපයකට ගෙනියනවා. ඒක ගැඹුරු සංසුන්බවක් ඇති කරනවා. ඒ වගේම පූර්ව රති ක්‍රියාවල වැඩි වේලාවක් ගත කිරීමෙන් සහ අගිස්සට ගොස් පැමිනීමේ අභ්‍යාසය, ඒ කියන්නෙ සුරතාන්ත දොරටුවට ගොස් නැවත උවමනාවෙන් එයා පමා කරමින් මෙපිට ඒමෙන්, ඉතා දීර්ඝ සෞන්දර්යාත්මක සම්භෝගයක් ඇති කරනවා.

තන්ත්‍ර සම්භෝගයට සය වැදෑරුම් උපදෙස්

1. නිකං අතට අහුවෙන තැන සෙක්ස් කරනවා වෙනුවට සෙක්ස් කියන එක ශුද්ධ වූ නැත්තං ආගමික ක්‍රියාවක ගරුත්වයෙන් කරන්න ඕන. ඒ තැන ආරක්ෂිත, සහභාගි වෙන හැමෝම සුවපහසු තැනක් වෙන්න ඕන. ඒ වගේම සුවඳ, ශබ්ද, ආලෝක සියලු කලාපයන්ගෙන් ඊට අවැසි උත්තේජනය, මූඩ් එක නිර්මාණය වෙන්න ඕන. ස්නානයෙන් අරඹන්න. ඒ වතුර සහ සිරුර අතර සම්බන්ධය පවා කල්වේලා ගනිමින් විඳින්න. නැහැවෙන අතර නිවෙන්න. ඉන් පසු ඇඟලන ඇඳුම ගැනත් හිතන්න. එහි පහස ගැන දැනුවත් වෙන්න. ස්මාර්ට් ෆෝන් නිවා දමන්න. මේ මොහොතේ තනිවෙන්න.

2.  අනිමිසලෝචනය
මුහුනට මුහුණ හිඳගන්න. ඇසින් ඇස බලා ඉන්න. අනිමිස කිව්වට මෙතනදි ඇසිපිය සැලීමට අවසර තියෙනවා. ඇස් තුලින් අනෙකා තුලට එබී බලන්න. මේක මුලින්ම නුහුරු දෙයක් වෙනවා. අහක බලන්නම හිතෙනවා. ඒත් දිගටම බලාහිඳීම ඇතුලෙ අපි වෙනස් වෙනවා. වඩාත් ගැඹුරින් අනෙකාව දැනෙන්න, අනුරාගී වෙන්න පටන් ගන්නවා. මේ පරිවර්තනය පහසු කරන්න ඕන නම් අත් අල්ලාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම හුස්ම රිද්මය සමව පවත්වාගැනීමත් උදව් වෙන්න පුළුවන්.

3. අනිමිසලෝචනයට පස්සෙ තියෙන්නෙ පරිපථය තනා ගැනීම. අපේ දකුනු අත අනෙකාගෙ හදවත ස්පන්දනය දැනෙන තැනින් තබාගන්නා අතරම වම් අත අපේ හදවතට ඉහලින් තබාගන්නවා. මේ රිද්මයන් දෙක එකට අපේ ශරීර සම්බන්ධ කරමින් ස්පන්දනය වෙන්න ගන්නවා. අපේ ශරීර එකිනෙක සුසර වෙන්න පටන් ගන්නවා.

4. පූර්ව-රති ක්‍රියාවට මොහොත.
ඉන්පසු වඩ වඩාත් අනුරාගයෙන් ඇලෙමින් ගැලෙමින් ගත කරන්න කාලය. එකිනෙකා සම්බාහනය කිරීම වගේම දීර්ඝව සිපගැනීමත් තාන්ත්‍රික සම්භෝගය දිව්‍යමය කරනවා. ශරීර එකිනෙක හොඳින් හඳුනාගන්න ඉඩ දෙන්න.

5. ඔයා කැමති දුරක් යන්න
තන්ත්‍ර සෙක්ස්වල සංසර්ගයක් සිදු වෙන්නම අවශ්‍යයි කියල එකක් නෑ. අනිත් කෙනාගෙ කැමැත්ත අසා දැනගෙන ඒක තීරනය කරන්න. සංසර්ගය කරනවා නම් යබ්-යම් මුද්‍රාව වඩා හොඳයි. පුරුෂ ශක්තිය ඒ කියන්නෙ ශිව සහ ස්ත්‍රීභාවය, ශක්ති යන ආකාර දෙක මෙතනදි මූර්තිමත් වෙනවා. පිරිමියා කකුල් නවා හිඳ සිටින අතර ගැහැණිය ඔහුගේ උකුල මක හිඳිමින් සංසර්ගයේ යෙදෙනවා. පිරිමියාගෙ මුහුණට මුහුණ හිඳිමින්, ඇස්වලින් ඇස්වලට ගැලෙමින්, හුස්මෙන් හුස්ම විඳිමින් බඳ වටා කකුල්වලින් වෙලෙනවා. මේක අනිවාර්යයක් නෙමෙයි. කැමති ආකාරයක් අත්හදා බලන්න, අවශ්‍ය නම් සෙක්ස් ටෝයිස් ආදිය යොදාගන්නත් කිසිම බාධාවක් නෑ. නමුත් වැදගත් වෙන්නෙ හුස්මක් ගැන පවා සවිඥානක බවක් පවත්වාගනිමින් චලනයම භාවනාවක් කරගැනීම.

6. කෙලවර ස්පර්ශ කිරීම.
තන්ත්‍ර සෙක්ස්වල කූටප්‍රාප්තියක් නෑ. නමුත් ආස්වාදය පිනිස අපිට පුළුවන් කෙලවර ස්පර්ශ කරමින් නැවත එන්න. මේකට අනිත් කෙනාගෙ සහයෝගය සහ දැනීමත් වැදගත් වෙනවා. දීර්ඝ වෙලාවක් මේ විදිහට කෙලවරටම එමින් යමින් සිටීම අවසානයේදී ඉතාම තියුණු සුරතාන්තයක් ලබාදෙන්නත් උදව් වෙනවා.

තනියම තන්ත්‍ර

1. ලෑස්ති වෙන්න. තනියම වුනත් ඒක ආගමික කටයුත්තක් වගේම බැතිමත්ව කරන්න. ස්නානයෙන් සුවඳින් දුහුල් වතින් සැරසෙන්න. සංගීතයෙන්, ආලෝකයෙන් සැනහෙන්න.

2. හුස්ම ගැන සාවධාන වෙන්න. හුස්ම ඉහල පහල යන හැටි බලන් ඉන්න. ඒ හුස්ම එක්ක ගතවෙන්න. පෙනහළු පිරෙන හැකිලෙන හුස්මෙහි ගමන විඳින්න.

3. ස්පර්ශ කරන්න. ඔබේ ශරීරය පුරාම අත් ගෙනියන්න. වඩාත් දැනෙන පිබිදෙන තැන් තේරුම් ගන්න. ඒ තැන් ස්පර්ශයේදී ඔබේ ලිංගේන්ද්‍රිය කිතිකැවෙන හැටි අත්විඳින්න. ශරීරයේ හැම කොටසක්ම අනුරාගීව සම්බාහනය කරන්න. ඇඟිලි තුඩුවලින් පුබුදන්න.

4. සුරතාන්තයක් අවශ්‍ය නම් ස්වයං වින්දනය කරන්න. හෙමින්, හුස්ම සමගම රිද්මයානුකූල වෙමින්, සිරුරේ අනෙකුත් ස්පර්ශයන්ගෙන් කුල්මත් වෙමින් දීර්ඝ වෙලාවක් ලිංගේන්ද්‍රිය ස්පර්ශ කරමින් ගත වෙන්න.

5. පෙර කී පරිද්දෙන්ම සුරතනාත්තය ලබන්න හදිස්සි නොවන්න. ළඟටම ගිහින් නැවත එන්න. වරින් වර ඉවුරු ස්පර්ශ කරන්න. සුරතාන්ත මොහොත තීව්ර කරගන්න.

එබඳු සුරතාන්තයකින් හුදු ආතතිය අසහනය  නිදහස් කරගැනීමේ ශෘරීරික ක්‍රියාවකට ඔබ්බෙන් ගැඹුරු කායික මානසික සම්බන්ධතාවයක සුවයක් අත්විඳින්න පුළුවන් වෙනවා. සාමාන්‍ය ආතතිකර ස්වයං වින්දනයක අවසානයේ ඇතිවෙන හිස්බව වෙනුවට වඩාත් පරිපූර්ණ බවක් දනවනවා. අපේ ආතතීන් අගතීන් සුවපත් කරනවා.