කවුද මනුස්සයෙක් බලු පැටියෙක්ව දූෂනය කරපු ප්‍රවෘත්තියක් දෙරනෙ නිව්ස් එකක් විදිහට දාලා තිබුන. ඒ වීඩියෝ එකේදි අදාල මනුස්සයගෙ මූන පවා ආවරනය කරන්න උත්සාහයක් චැනල් එකෙන් අරගෙන තිබුනෙ නෑ. බල්ලෙක් එක්ක සෙක්ස් කරපු කතාවක් බලු විදිහට පෙන්නුවා කියල තමයි දෙරණට කියන්න වෙන්නෙ.

මිනිස්සු සත්තු එක්ක සෙක්ස් කරන එක මහ අමුතු දෙයක් නෙමෙයි. සිංහලයාගෙ වංශකතාවම පටන් ගන්නෙ සිංහයෙක් එක්ක සෙක්ස් කරන තැනකින්. ඒත් මේ මනුස්සයා බීමත්ව ඒ සතාට දරුණු හිංසාවක් කරලා තියෙන වග පැහැදිලියි. අන්තිමට ඒ බලු පැටියා මැරිලා.

මේ කතාව ප්‍රවෘත්තියක් විදිහට ජාතික නාලිකාවක් විකාශය කළ යුතු ප්‍රවෘත්තියක් නෙමෙයි. මිනිස්සු තිරිසනුන් වෙනවා කියල වර්චු සිග්නලින් කරනවට වඩා, ඒ කියන්නෙ බොරු සදාචාරවාදයක් පතුරනවට වෙනවට වඩා වැදගත් වෙන්නෙ මේ කතාව පිටිපස්සෙ තියෙන අසරණකම තේරුම් ගන්න එක. අර මැරුනු බල්ලා තරමටම අර මනුස්සයත් අසරණයි.

මේ වීඩියෝ එකත් එක්ක මට මතක් වුනේ වයිස් VICE චැනල් එකෙන් කරලා තිබුන ඩොකියුමෙන්ටි්‍රයක්. ඒකෙ තිබුනෙ කොලොම්බියාවෙ උතුරු වෙරලට වෙන්න තියෙන කාටහේනා කියල පලාතක් ගැන. ඒ පලාතෙ මිනිස්සු අතර සම්ප්‍රදායක් තියෙනවා නව යොවුන් වයසෙදි තරුණයෙක් බූරු දෙනක් එක්ක සංසර්ගය කරන්න ඕන කියල. මේ පලාත අතීතයේ කගබා නම් ප්‍රජාවක් ජීවත් වුනු කෘෂිකාර්මික ගම් ප්‍රදේශයක්. ඒ ප්‍රජාව අතර මිත්‍යාවක් විදිහට මේ අදහස කාලයක පටන් පැවතිලා තියෙනවා. නව යොවුන් වයසෙදි තරුණයෙක් බූරු දෙනක් එක්ක සංසර්ගය කිරීමෙන් තරුණයාගෙ ශිෂ්නය විශාල වෙනවා වගේම වඩා හොඳ ලිංගික ශක්තියක් ඇතිවෙනවා කියල මේ විශ්වාසයේ එනවා. මේ පැත්තෙ ගොඩක් අය අවුරුදු දහයක් එකලොහක් වෙද්දි බූරුවෙක් එක්ක සෙක්ස් කරනවා.
 

මේ විදිහට සත්තු එක්ක සෙක්ස් කරන එකට කියනවා බිස්ටියැලිටි Bestiality කියල. බිස්ටියැලිටි කියන්නෙ ඒ කරන ක්‍රියාවට. මේ කරන අතරෙ කෙනෙක් ලස්සන තරුණියක් ගැන හීන දකිනවා වෙන්නත් පුළුවන්. ඒ කියන්නෙ හැඟීමෙන් සම්බන්ධ නෑ. මේකත් එක්කම සම්බන්ධ අනිත් ලිංගිකත්ව කලාපය තමයි සූෆිලියා Zoophilia  කියන එක. එතනදි ඒ කෙනා උත්තේජනය ලබන්නෙත් සතා ගැනම මතක් කිරීමෙන්. සත්තු ගැන ලිංගික හැගීම් තියෙන අයට අපි කියනවා සූෆිලියා කියල.

කාටහේනා කියන්නෙ තදටම කතෝලික පලාතක්. ඒ හැදියාව සංස්කෘතිය  කෙල්ලොන්ට සෙක්ස් නොකර කසාද බඳින කල්ම ඉන්න බලකරනවා. අපේ සිංහල බෞද්ධ සිනා නොමසෙන් දසන් දක්වා හැදියාවට ගොඩක් ළඟයි. මේ නිසා නව යොවුන් වයසෙ තරුණයන්ට තමන්ගේ ලිංගික අත්දැකීම් හුවමාරු කරගන්න ඉතුරු වෙන්නෙ බූරුවො විතරයි.

හැබැයි තරුණයෙක් බූරුවෙක් එක්ක සෙක්ස් කිරීම ඒ තරම් වරදක් විදිහට තරුණියො පිලිගන්නෙත් නෑ. ඒත් විවාහයෙන් පස්සෙ ඒක නවත්තන්න ඕන කියලයි ඒ ගොල්ලො හිතන්නෙ.

කොහොමත් ගෑනියෙක් එක්ක සෙක්ස් කරන එක බූරුවෙක් එක්ක සෙක්ස් කරනවට වඩා ආස්වාදනීයයි කියල සාමාන්‍ය කාටහේනා පිරිමියෙකුත් පිලිගන්නවා. ගෑනියෙක් එක්ක යෝනි සංසර්ගයට අමතරව මුඛ සංසර්ගයත් කරන්න පුළුවන් වුනත් බූරුවෙක් එක්ක ඒක කරන්න බෑ කියල උන් හිනාවෙනවා.

මේ ප්‍රසන්ටර් බූරුවො එක්ක සෙක්ස් කරපු පොඩි උන් රැලක් එක්ක කතා කරනවා. එතනදි පොඩි එකෙක් විස්තර කරනවා බූරුවාගෙ ලිංග ප්‍රදේශය ආදරෙන් උත්තේජනය කරද්දි බූරුවා වල්ගය උස්සලා ඉඩ දෙන හැටි. ඒ කොල්ලා තමන්ගෙ ආදරවන්තියන් විදිහට කියන්නෙත් බූරු දෙන්නු ගැන.

සමහර පිරිමි බැල්ලියක් සමග ලිංගික සංසර්ගයේ ආස්වාදයට ඇබ්බැහි වීමෙන් ගැහැනියක් සමග සංසර්ගය පවා නොතකා හරිනවා කියල සූෆිලියා ගැන අධ්‍යයන කරපු ආචාර්ය හානි මිලෙට්ස්කි කියනවා. බොහෝ මුස්ලිම් රටවලත් මේ ආකාරයෙන්ම බූරුවන් සමග සංසර්ගයෙන් පිරිමින්ගේ ලිංගික හැකියාවන් වැඩිවන බවට විශ්වාසයන් පවතිනවා කියල එයා කියනවා.

සත්තු එක්ක වගේ නෙමෙයි ගැහැනු එක්ක ලිංගිකව හැසිරෙද්දි ලොකු මනෝසෙල්ලමක් කරන්න වෙනවා කියල මේ ආචාර්යවරියට සූෆිලියා ලිංගිකයන්  කියනවා. ඒ අය කියන විදිහට ගැහැනියකගෙ සංකීර්නත්වය නිසා ඒ අවශ්‍ය ආස්වාදය ලබන්න බැරි වෙනවා. 

ලංකාවෙ අහංගම පලාතෙදි මට මුනගැහිලා තියෙනවා මේ විදිහට බැල්ලියක් එක්ක සංවාසයේ යෙදෙන අවුරුදු හැත්තෑවක විතර මනුස්සයෙක්. ඒ මනුස්සයා ඒ බැල්ලිව නාවලා හොඳට පිරිසිදුව තියාගෙන ඉන්නවා. හරිම ආදරෙන් බලාගන්නවා. ඒ මනුස්සයාගෙ බිරිඳ දවස් තුන්සිය හැටපහේම සිල් සමාදන් වෙලා ඉන්න ගෑනු කෙනෙක්. ලිංගිකව හැසිරීම අපාගත වෙන පාපයක් කියල විශ්වාස කරන කෙනෙක්. හිටිහැටියෙ අර සැමියා බිරිඳව ගැටගහලා බලෙන් ලිංගිකව හැසිරෙන්න උත්සාහ ගන්නවා. එතකොට බිරිඳ ගමටම ඇහෙන්න කෑ ගහනවා. ගමේ කොල්ලො කුරුට්ටො ඇවිත් අර මනුස්සයව ගස් බැඳලා ගහනවා. ඉතින් අන්තිමට ඒ මනුස්සයා අර බැල්ලි එක්කම එකට එක කාමරේක ජීවත් වෙන්න පටන් ගත්තා.

මුහුදු යන ධීවරයො ගැනත් මේ වගේම ප්‍රවාදයක් තියෙනවා. මුහුදෙදි අහුවෙන මඩුමාළු එක්ක ධීවරයො සංසර්ගය කරන කතාව සෑහෙන ජනප්‍රිය එකක්. ඒ වගේම මඩුවන්ටම ඇබ්බැහි වුනු මිනිස්සු ගැනත් මඩුවො නිසාම දෙදරා ගිය කසාද ගැනත් කතන්දර ලංකාවෙ තියෙනවා.

 https://www.youtube.com/watch?v=_VKWLC87Uzw&t=232s