Home Features කිස් එකක් මේ තරම් කික් ඇයි?

කිස් එකක් මේ තරම් කික් ඇයි?

0
කිස් එකක් මේ තරම් කික් ඇයි?

ගැහැනියකගේ තොල් ඇගේ යෝනියේ හැඩය ගන්නවා ඒ නිසා පිරිමි ඒ දෙතොල් සිපගැනීමේ ආශාවෙන් පෙලෙනවා කියන කතාව කියන්නෙ ඩෙස්මන්ඩ් මොරිස්. ඒත් සිපගන්නෙ ගැහැණු පිරිමි විතරක් නෙමෙයි. ගැහැණු ගැහැණු, පිරිමි පිරිමි අතරත් අනුරාගී සිපගැනීම් ඇතිවෙනවා.

ඇයි අපි කිස් කරන්න මේ තරම් ආස?

සිපගැනීමක් කියන්නෙ හරිම අපූර්ව ක්‍රියාවක්. අනෙකාගේ තොල් අපේ තොල්වලින් ග්‍රහනය කිරීම, දිවෙන් තෙත් කිරීම, විවෘතවන මුවෙන් ඇතුල්වීම, අනෙකාගේ දිව, තල්ල, දත් අපේ දිවෙන් ස්පර්ශ කිරීම, එකිනෙකාගෙ කෙළ හුවමාරු කරගැනීම වගේ ගොඩක් දේවල් සිපගැනීමකදි සිද්ද වෙනවා. මේ හැමදෙයක්ම ප්‍රසිද්දියෙ වුනත් කරන්නත් පුළුවන්. ලංකාවෙ පොඩ්ඩක් නුහුරු වුනාට ප්‍රසිද්ධියේ සිපගැනීම ලෝකෙ අසභ්‍ය දෙයක් නෙමෙයි.සාමාන්‍යයෙන් අපි කෙනෙකුගෙ කෙළ ගැන දක්වන්නෙ අප්පිරියාවක්. කෙනෙකුගෙ කට ඇතුලට අපේ දිව දානවා කියන්නෙ සමහර විට ඔක්කාරය ඇති කරන දෙයක් වෙන්නත් පුළුවන්. සිපගැනීම කියන ක්‍රියාවම ඒ විශේෂ සමබන්ධය නැතුව හිතුවොත් ප්‍රියජනක එකක් නෙමෙයි.

ඒත් ආදරේදි අපිට ඒ සියල්ල සුන්දර වෙනවා. ඇගේ ඛේටයෙන් නැහැවෙන්න මං නොඉවසිල්ලෙන් ඉන්නවා. ඇගේ දිව, දත්, කෙල, හුස්ම කිසි දෙයක් මට අප්‍රසන්න නෑ. ඒ වෙනුවට ඒවා මට දිව්‍යමයයි. ඒ වෙනස ඇති කරන්නෙ ආදරය.

සිපගැනීමකදි අපිට දැනෙන අනුරාගීම හැඟීම තමයි සම්පූර්ණයෙන්ම අනෙකාව බාරගැනීම. අනෙකාගෙ සියලු දේ අපේ ආශාව දල්වන දේ බවට පත්වීම. අපි කිස් එකකින් කියන්නෙ ඔයාගෙ හැමදෙයක්ම මට ලස්සනයි, ඔයාගෙ කිසි දෙයක් මට අප්‍රසන්න නෑ කියන එක. ඇගේ තොල් අතරින් මගේ දිවට ඇගේ මුව තුලට පිවිසෙන්න පුළුවන් වෙනවා. ඒක ඇගේ ඉතාම පුද්ගලික කලාපයක්. කිසි කෙනෙක් එහෙම තව කෙනෙකුගෙ කට ඇතුලට ඇතුල් වෙන්නෙ නෑ ඒ තරම් සමීප සම්බන්ධයක් නැතුව. අපි සිපගැනීමකදි අපේ පුද්ගලික සීමා අහෝසි කරනවා. අපි එකිනෙකාගෙ ඛේටය හුවමාරු කරගන්නවා. එකම හුස්මෙන් හුස්ම ගන්නවා.|

සිපගැනීමක් ඒ තරම් අනුරාගී වෙන්නෙ ඒක ඒ තරම් ගැඹුරු බාරගැනීමක් හින්ද. අතිශය පුද්ගලික ශරීර විනිවිදීමක් හින්ද. ඒක ඕන තැනක අපිට කරන්න පුළුවන් හින්ද.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here