මේ මෑතක මගේ පිටරටක ඉන්න යාලුවෙක් කතාවක් මැද මාර කතාවක් කිව්වා.

‘ඔය මචං මාර්කටින් වලින් අටවපු උගුල්නෙ අපි බදාගෙන ඉන්නෙ. දැන් බලපං අපි ගඳයි කියල උන් අපිට සුවඳ ගහන්න කියල දුන්නා. දැන් අපි පර්ෆියුම් ගානවා, ඩියොඩ්‍රන්ට් ගානවා. අපිට අපිව ගඳයි. තනිකර උගුලක් ඕක’

මීට කලිනුත් ලංකාවෙ කීපතැනක මං මේ කතාව අහලා තියෙනවා. අපිව සුවඳ කරවීම වෙළඳපොලේ බලහත්කාරයක් හැටියෙන්. මට ඒ කතාව ගැන පුදුමයි.

මේ සුවඳ කිරීමේ නිර්මාණශීලී පුරුද්ද නිසා අපේ ශෘංගාරයේ දියුණු වෙන ඉසියුම් වෙන තැන් ගැන කියල නිමකරන්න බෑ. ඒ විඳීම, ආඝ්‍රාණය නිසාම අපිට ෆැන්ටසීන්වල පීනන්න පුළුවන්. පෙම්වතිය හෝ පෙම්වතා ඇතුලෙන් හැඟීමක් ඉඹින්න පුළුවන්. ඒ සුවඳත් ශරීර සුවඳත් අතර කැලතිල්ලෙ නැලවෙන්න පුළුවන්. පර්ෆියුම් එකක් කියන්නෙ සෙක්ස්වලදි මැජික් එකක්.

අපි අපේ ශරීරයේ සුවඳ කියන එක නිර්මාණ කලාපයක් විදිහට බාරගැනීමක්. ඒ ඇසුරෙන් විවිධ අත්දැකීම් මවන්න අපිට පුළුවන්. සුවඳට පුළුවන් හැමදෙයක්ම වෙනස් විදිහකින් දනවන්න. ඒක අපිට හසුනොවෙන තරම් සියුම් තැනක්.

ඒ මානව සංවේදිතාවයන් දියුණු තියුණු කරපු එක මාර්කටින්වලට පවරන්න පුළුවන්ද? ඒක අපේ සවිඥානකත්වයේ දියුණුවක්. අපේ රස කලාපයන්ගේ විස්තීර්ණවීමක්.

මෙතනදි වැදගත් කාරණයක් වෙන්නෙ අපේ සාමාන්‍ය ශරීරයෙ සුවඳ හෝ ගඳ ගැන ලැජ්ජාවකින් පෙලෙන්න දෙයක් නෑ කියන එක. ඒ පියවි සුවඳට අමතරව තව සුවඳ ෆැන්ටසිවල අපිට රමණය කරන්න පුළුවන්. අපේ එකිනෙකාගෙ දහඩිය සුවඳ කියන එක සෙක්ස්වලදි දැනෙන මූලිකම කාම උද්දීපකයක්. ඒ ප්‍රාථමිකයෙ ඉඳන් අපිට පුළුවන් තවත් අනේක සුවඳ දෙව්ලොව මවන්න.

“සුවඳ කියන්නෙ ශෘංගාරයේ ප්‍රාථමිකම කොටස. ඒක ගැන අපි උවමනාවෙන් බැලුවත් නැතත්. සුවඳ කියන්නෙ අපේ ආදරවන්තයාගෙ ශරීරය විනිවිදීමක්. ගොඩක් අය විශ්වාස කරනවා ආදරවන්තයන්ගෙන් කෙනෙක් ඇත්තටම අනුරාගීව උද්දීපනය වෙන්න නම් එයා අනෙකාගේ ස්වභාවික සුවඳට ඇළුම් කරන්න ඕන කියල. ඒත් ඔයාට පුළුවන් හිතාමතාම සුවඳ පාවිච්චි කරලා ඔයාගෙ ශෘංගාර ජීවිතේ වඩා රසවත් කරන්න. සෙක්ස් කරද්දි විතරක් විශේෂ සුවඳක් ගල්වන්න. ඒ සුවඳත් එක්ක මතකයක් නිර්මාණය කරන්න. කාලයක් යද්දි ඒ සුවඳ කියන්නෙ ඔය දෙන්නගෙ සුන්දරම මතක මිටියාවතක් වෙනවා. ඒ සුවඳ දැනෙන ඕනම තැනක ශෘංගාරය අවදි වෙනවා.

අපේ ප්‍රකෘතිම සුවඳ වෙන සෙක්ස් සහ දහඩිය සුවඳ ගැන ගොඩක් අය ලැජ්ජ වෙනවා. ඒ ලැජ්ජාව හින්ද ඒ අයගෙ සෙක්ස්වලට පවා බාධා වෙනවා. සමහර කාන්තාවෙ මේ ලැජ්ජාව නිසා ඕරල් සෙක්ස් කරන්නෙ පවා නෑ. ඒත් ඒ අය දන්නෙ නෑ ඒ අයගෙ පෙම්වතුන් මේ සුවඳට කොයිතරම් ආසද කියන එක. ඔයාට පුළුවන් නම් ඔයාගෙ ආදරවන්තයා ඔයාගෙ නිරුවත් ශරීරයේ සුවඳත් රසයත් නිසා අනුරාගයෙන් මත්වෙන හැටි තේරුම් ගන්න ඔයාට තව තවත් ගැඹුරට ආස්වාද කලාපයන් තරණය කරන්න පුළුවන් වෙනවා’

ක්‍රිස් මැක්ස්වෙල් රෝස්