මායා කියන්නෙ කොපියක්. කාංචනා කියන ටැමිල් ෆිල්ම් එකේ රීමේක් එකක්. කාංචනා කියන්නෙ මුනි කියල ජනප‍්‍රිය වුණු රාඝව ලෝරන්ස්ගෙ ෆිල්ම් එකේ සීක්වල් එක. ලෝරන්ස්ගෙ මේ ෆිල්ම් සීරීස් එක ඉන්දියාවෙ දිව්වෙ බොක්ස් ඔෆිස් පෙරළගෙන.
 
මේ වැඬේ සිද්ද වෙන්නෙ හොරර්- කොමඩි කියන ජොන්රා එක ඇතුලෙ. කවුරු හරි මැරිච්ච කෙනෙකුගේ අවතාරයක් ජීවත් වෙලා ඉන්න කෙනෙකුට ආවේස වෙලා මොකක් හරි පලිගැනීමක් කරන විදිහෙ කතාවක් තමයි පාදක කරගන්නෙ. ඒත් හොලිවුඞ් ස්ක‍්‍රිප්ට් විදිහට එකම තැනකට ෆෝකස් වෙන්නෙ නැතුව මේ ප්ලොට් එක වටේ තව ගොඩක් කතා පරිකතා එලනවා. තනිකරම බර එන්ටර්ටේන්මන්ට් පොදියක් දෙන එකයි ලෝරන්ස්ගෙ අරමුණ.
 
රාඝව ලෝරන්ස්ගෙ මේ වැඬේ කාංචනා වලට එනකොට වෙන ලේයර් එකකට පනිනවා. කොමඩි හොල්මන් කතාව ඇතුලෙ ලෝරන්ස් ට‍්‍රාන්ස් ජෙන්ඩර් ගැන පොලිටිකල් කතාවක් ගේනවා. ඒ අතරෙ ඉන්දියාවෙ මුස්ලිම් හින්දු අවුල් වගේ තැනුත් ටච් කරගෙන යනවා. එයා එක විදිහක ස්ටේට්මන්ට් එකකට මේ විනෝද පොදිය පාවිච්චි කරනවා.
 
පේ‍්‍රක්‍ෂාගාරයේ සරලම තැනට කතා කරන්න පුළුවන් වෙන එක කොහොමත් ටැමිල් ෆිල්ම් වල සාර්ථක ගුණයක්. ඇත්තටම ඒ සිනමාව කර්මාන්තයක් විදිහට සාර්ථක වෙන්න හේතුවත් මේකයි. සිනමාව තියෙන තැනට පේ‍්‍රක්‍ෂකයා ගේන්න ට‍්‍රයි කරනවා වෙනුවට පේ‍්‍රක්‍ෂකයා ඉන්න තැනට ගිහින් ඒ අය සිනමාව කරනවා. නරඹන්නා එක්ක රියල් සම්බන්ධයක් හදාගන්නවා. අපේ මේන් ස්ටී‍්‍රම් ෆිල්ම් වල වුණත් හැංගිලා තියෙන මධ්‍යම පංතික හීනමානය හින්ද මේ නියම බැඳීම ඇති කරගන්න බැරි වෙනවා. දෙමළ ෆිල්ම් වල තියෙන ඇට දෙකන් අල්ලගන්න ගතිය ෆිල්ම් වලට ගේන්න අපි තාම දන්නෙ නෑ. අපි ඒක කරන්න හදන්නෙ සුදු හුරතල් පොඩි එවුන්, අලි පැටව් සහ නාඩගම් පෙන්නලා.
 
කොහොමටත් ලංකාවෙ ආර්ට් ගැන සංවාදෙම හැදෙන්නෙ ජනප‍්‍රිය දේට විරුද්දව. යමක් ජනප‍්‍රිය නම් ඒකෙ මොකක් හරි අවුලක් තියෙනවා කියල. ජනප‍්‍රිය දේක තියෙන ඒ ජනප‍්‍රිය වීමේ ගුණය හොයාගෙන ඒක ඇතුලෙන් අලූත් නිර්මාණ ප‍්‍රවේශයක් ගන්නවා වෙනුවට ඒක පීචං කියල යටපත් කරන්නමයි ට‍්‍රයි එක. උදාහරණයක් විදිහට අජිත් මුතුකුමාරණගේ සිංදු වලට එරෙහි ප‍්‍රබුද්ද සංවාදය ගන්න පුළුවන්. ලංකාවෙ කිසිම මාධ්‍ය ප‍්‍රචාරණයක් නැතුව, උස්සලා තියෙන ඉන්ටවිව් නැතුව,  ඕපන් ස්ටේජ් වලින් කෙලින්ම මිනිස්සු එක්ක සම්බන්ද වෙලා ලොකු මාර්කට් එකක් හදාගත්ත තැනක් කිසිම බරක් නොතියා නිකම්ම බාල්දු කරනවා. වෙන විදිහකට කිව්වොත් මේ පීචං කරන්නෙ රටේ ඉන්න මහා ජනතාවකගේ රසය. එතකොට ආර්ට් හැදෙන්නෙ ඒ මහා ජනතාවගේ රසයට ප‍්‍රතිවිරුද්දව. ඒ අයව පිටමං කරලා.
 
මේ හින්ද සීරියස් විදිහට ජනප‍්‍රිය කලාවෙ යෙදෙන කට්ටිය ලංකාවෙ අල්පයි. කීයක් හරි හොයාගන්න පේමන්ට් විදිහට කරන වැඩවලින් තමයි අපේ ප‍්‍රධාන ධාරාව, සිනමාවෙ නම් වාණිජ සිනමාව හැදිලා තියෙන්නෙ. එක විදිහකට ගත්තොත් එහෙම පොප් වැඩක් කරන්න  ඕන කරන සිනමා තාක්‍ෂණික දැනුමත් අපිට නෑ. තාක්‍ෂණය කියන්නෙ උපකරණ සහ ඒවා පාවිච්චි කරන හැටිය විතරක් නෙමෙයි. චිත‍්‍රපටියක් ඇතුලෙ ඒක භාවයන්, කාල අවකාශයන් හසුරුවා ගැනීමත් තාක්‍ෂණික වැඩක්. හරියට කතාවක් කියාගන්න බැරි ප‍්‍රශ්නෙත් එක්ක පොරබදන අපේ සිනමාවට දෙමළ සිනමාවෙ බල්ටි හිතාගන්නවත් අමාරුයි.
 
මායා වගේ චිත‍්‍රපටි වලින් ලොකු වැඩක් සිද්ද වෙන්නෙ මෙතනදියි. ඉන්දියාවෙ හිට් වෙච්ච ෆිල්ම් එකක් අරගෙන ඒකට නොදෙවෙනි රීමේක් එකක් හදනවා කියන්නෙ අපේ රටේ සිනමාව සම්බන්ධයෙන් කාරණා ගොඩක් වර්ධනය වෙන තැනක්.
 
ප‍්‍රධානම එක කතාව කීම. මේක තමයි අපි සුබලබව නාගන්න තැන. ඉන්දියානු චිත‍්‍රපටිය තිබුණත් ඒක අපිට ගැලපෙන විදිහට යලි නිර්මාණය කිරීම හරියට සිද්ද වෙන්න  ඕන. උදා විදිහට කාංචනා ඔරිජිනල් ෆිල්ම් එකේ තිබුන සිංදු ගොඩ මට මාර වාතයක් වුනා. ඒ කතාවෙ මට ගෙවා ගන්න අමාරු ඇදෙන සුළු තැන් තිබුන. ඒත් මායා රීමේක් එක හොඳට ටයිට් විදිහට කතාව ගන්නවා විතරක් නෙමෙයි ඒක අපිට හුරු පුරුදු තැන් එක්ක හරියට ගලපනවා.
 
ෆිල්ම් එක ගැන කිව්වහම ගොඩක් කාංචනා බලපු මගේ යාලූවො කිව්වෙ, මචං ඒ කැරැුක්ටර්ස් නම් ගන්න බෑ කියල. විශේෂයෙන් අතුරු චරිත. ඒත් ෆිල්ම් එක බලපු හැමෝටම කොයිතරම් සාර්ථකව මේ චරිත සිංහලට ඇවිල්ලා තියෙනවද කියන එක හිතාගන්නත් බැරි වුණා. සමහර තැන්වල මායා කාංචනාටත් වඩා ඉස්සරහින්.
ඒ වගේම දෙබස් රචනයත් අති සුපිරියි. ඒ දෙමළ ජෝක් සිංහලට ගේන කොට අපිට දැනෙන තැන් වලින් අල්ලලා තියෙන විදිහත් ඒ පාවිච්චි වෙන අති සාමාන්‍ය වචනත් රස නොමරා රස විඳින්න ඉඩ ඉතුරු කරනවා.
අධ්‍යක්‍ෂණයෙදි දෙබස් උච්චාරණය පවා දෙමළ චිත‍්‍රපටියෙ තැනටම ගේන්න ට‍්‍රයි කරනවා. මට හිතෙන්නෙ ඒක හොඳට ඞීටේල් ඇතුව රෙසිපිය පරීක්ෂා කිරීමක්. එක්කෙනෙක් දෙබස් කියද්දි අනෙකා එක එක විදිහට හුමිටි තියන, ඇද කරන සද්ද පාවිච්චි කිරීම හරහා ඒ කොමඩිවල තියෙන පන්ච් එක හොඳටම පවත්වාගන්නවා.
 
චරිත නිරූපණය අතිනුත් මායා ගොඩ. පුබුදු සහ රංජන් නියමටම වැඬේ කරනවා. ෆිල්ම් එකේ ඉන්ටවල් එකෙනුත් පස්සෙ රංජන්ව ඉන්ට‍්‍රඩියුස් කරද්දි එයා දුවගෙන එන්නෙ සාරියක් ඇඳගෙන. චණ්ඩි ටිකක් එළවගෙන. එතනදි ලොකු අකුරෙන් සුපර් ස්ටාර් රංජන් රාමනායක කියල දාද්දි ඇත්තටම මූ ලංකාවෙ සුපර් ස්ටාර් නේද කියල හැ`ගීමක් එනවා. එයා මේ චරිතෙ කරන්න බාර ගත්ත එක එලියෙ සමාජය පැත්තෙන් වගේම චරිතෙ පැත්තෙනුත් ලොකු චැලෙන්ජ් එකක් ගේනවා. රංජන් වැඬේ ගොඩදානවා.
 
පුබුදු චතුරංගත් රංජන් එක්ක කරට කර ඉන්නවා. එක එක චරිත අතරෙ මාරු වෙවී පුබුදුට ලොකු වැඩක් කරන්න තියෙනවා. ඒත් රාඝව ලෝරන්ස්ට කොහෙත්ම නොදෙවෙනි විදිහට පුබුදු කැරැුක්ටර් එක කරනවා. ලංකාවෙ නළුවො හරියට ප්ලේස් වෙන්න වගේම ඒ නළුවන්ට නිළියන්ට තමන්වම අභියෝගයක් වෙන්න මේ විදිහෙ රීමේක් හැදෙන එක ලොකු දෙයක්.
 
මේ ෆිල්ම් එකේ අම්මා-පුතා, නැන්දා-ලේලි, සැමියා-බිරිඳ වගේම පෙම්වතා-පෙම්වතිය සම්බන්ධතාත් හොඳටම ජෝක් කරනවා. ඒ අවස්ථා අතිශය විකාර සහගත වුනත් අපි හොඳට දන්න ‘එසන්ස්’ එකකින් ඒ විකාරය ගැටගැහීම ඇතුලෙ ඒවා හොඳටම විශ්වාසනීය කරනවා. තේරෙන විදිහකට කිව්වොත් මේකෙ පුතා නිතරම ඉන්නෙ අම්මගෙ කරේ (ස්කූබි ෂැගීගේ කරේ ඉන්නවා වගේ). පුතාට චූ කරන්නත් අම්මා සිංදු කියන්න  ඕන. ඒත් මොකද්දෝ විදිහකට මේ අම්මා පුතා සම්බන්දෙ අපි දන්න එකක්. එක්සැජරේට් වුනාට එසන්ස් එක රියල්. මෙතනදි මේ අම්මගෙ චරිතෙ කරන නිළියත් ඒ චරිතෙ උපරිමයෙන්ම කරනවා.
 
ප‍්‍රවේගය වගේ චිත‍්‍රපටි කරද්දි නාගත්ත මියුසික් පැත්තත් මායා ගොඩදාගන්නවා. ඒ දෙමළ සිංදුවල තියෙන පන්ච් එක ඒ විදිහටම තියෙන්න සිංහල වචන වලින් ලියවෙනවා. ඔරිජිනල් කෘතියෙ ජනප‍්‍රියතාවයට හේතු වන අංශුමය ලක්ෂණයන් පවා ග‍්‍රහණය කර ගැනීම මායා ලබන ජයග‍්‍රහණයක්.
 
ලංකාවෙ ළමයින් සහ ආච්චිලා බලන පවුලේ සිනමාව තමයි ප‍්‍රධාන ධාරාව කියල තහවුරු කරගත්ත මනස්ගාතය මායා වගේ චිත‍්‍රපටි නිසා කැඩෙනවා. ඒ වගේම ලංකාවෙ ජවිපෙට සමලිංගිකත්වය පවා දරාගන්න බැරි මොහොතක මාස්  ඕඩියන්ස් එකක මායා ට‍්‍රාන්ස්ජෙන්ඩර් ගැන කතා කරනවා. හැමදාම ෆිල්ම් වල විහිළුවට ලක්කෙරුණු මේ ගැහැණු-පිරිමි චරිතය අන්ත කොමර්ෂල් හිට් එකක් ඇතුලෙ මානුෂීයකරණයක් ලබනවා. ඒ වගේ සංක‍්‍රාන්ති ලිංගිකයන් වෙනුවෙන් ස්ටේජ් එකක නැගලා කරන විසිල් වලින් ආචාර ලබන දේශනයක් පවා ෆිල්ම් එකට එනවා. සාමාන්‍යයෙන් චිත‍්‍රපටි ඇතුලෙ දේශන දෙන එක වාතයක් වුණත් මායා තියෙන්නෙ ඒ සියල්ල එකට ග‍්‍රහණය කරන්න පුළුවන් අවකාශයක. ඒක ඇතුලෙ  ඕන දෙයක් සිද්ද වෙන්න පුළුවන්, ජනප‍්‍රියතාවයට බිඳකුදු හානියක් නැතුව.
 
ඉන්දියාවෙ මුස්ලිම් හින්දු අර්තය ලංකාවෙ දෙමළ සිංහල විදිහට චිත‍්‍රපටිය ඇතුලෙ පරිවර්තනය වෙනවා. මං ගොඩක් කැමති හාමුදුරුවන්ව පාවිච්චි කරන විදිහට. ලේසියෙන්ම දරුණු විරෝධයක් නැගෙන්න පුළුවන් තැනක් මායා සූක්ෂම විදිහට ජයගන්නවා. ඇමතියන් අතින් අන්ත ආසාධාරණයන්ට ලක්ව ජීවිත පවා අතුරුදන් වූ අය මළවුන්ගෙන් නැගී සිටිද්දීත් හාමුදුරුවන් ඉදිරිපත් වෙන්නෙ උන්ව බෝතල් වල දමා සාගර පත්ලට යවන්නයි. නහී වේරේන වේරානි…. එච්චරයි බුද්ධ වචනය.
 
ඊට වඩා මානුෂිකත්වයකින් මායා දිහා බලන්න ගිහි තරුණයෙක් වුණු මාලන්ටත්, වෛරයේ දෙව`ගන වුණු කාලිටත් පුළුවන් වෙද්දි හාමුදුරුවො කරන්නෙ ‘විය යුත්තක්ම වෙයි..’ කියල අත පිහිදා ගැනීමයි.
ලංකාවෙ පේ‍්‍රක්‍ෂාගාරය ගැන නැවත විශ්වාසයක් ඇති කරන්න මායාට පුළුවන් වෙනවා. සිංහල ජනතාව පුරුදු වෙලා හිටපු හිනා කතා නැති සීරියස් නැරඹීම වෙනුවට විසිල් ගහන, හිනා පලන සජීවී පේ‍්‍රක්‍ෂාගාරයක් මායා විසින් උණුසුම් කරනවා. මෙතෙක් කල් අපි අවුලක් හැටියට දැකපු නිශ්ක‍්‍රීය නැරඹීම තිරය ඉදිරියේ ප‍්‍රශ්නයක් නෙමෙයි තිරය උඩ පෙන්නන දේවල් වල ප‍්‍රශ්නයක් වග තහවුරු කරනවා.
 
මේ රීමේක් සිනමාව ඇතුලෙ අපේ කර්මාන්තය ලබන පන්නරය විශාලයි. ඒ වගේම ඉතා දියුණු කර්මාන්තමය පසුබිමක් ඇති ඉන්දියාවෙ වගේ සිනමා ඇත්දැකීම් අපේ රටේ ඇතිවෙන්න තියෙන එකම ඉඩකඩත් මෙච්චරයි. අපි කොයිතරම් නිර්මාණශීලී වුණත් එහෙම වර්ධනය නොවුණු කර්මාන්තමය සම්බන්දතා මැද්දෙ අපේ සිතීමේ දුර සීමිත වෙනවා. ඒ අභියෝගය ජයගන්න තියෙන සාර්ථකම විදිහක් වෙන්නෙ දියුණු කොපි චිත‍්‍රපට රට ඇතුලෙ නිෂ්පාදනය වීමම විතරයි. වාණිජ හෝ ප‍්‍රධාන ධාරාවෙ සිනමාව මේ ශක්‍යතාව අත්පත් කර ගැනීම වැදගත් වෙන්නෙ ඒ අනුව අපේ ස්වාධීන සිනමාව පවතින තත්වයත් අනිවාර්යෙන්ම තීරණය වෙන හින්දයි.

චින්තන ධර්මදාස