1979 ෆිල් ඩොනාහියු කියන ඇමරිකානු මාධ්‍යවේදියා මිල්ටන් ෆ‍්‍රීමන්ව ඉන්ටවිව් කරනවා.
”ෆිල් – ලෝකෙ තියෙන අඩු සංවර්ධිත රටවල් දකිද්දි, ඒවායෙ දුප්පත්කමෙන් මිරිකිලා ඉන්න මිනිස්සු දකිද්දි, දියුණු රටවල් වලට විතරක් අසාධාරණ විදිහට බලය සීමා වෙලා තියෙද්දි, මෙච්චර තණ්හාවක් එලිපිටම පේන්න තියෙද්දි ඔයාට එක මොහොතකටවත් හිතුනෙ නැද්ද සැකයක් ධනවාදය ගැන? ආශාව මත පදනම් වෙච්ච සමාජයන් ගැන?
මිල්ටන්- මට කියන්න එක සමාජයක් ආශාව මත පදනම් වෙලා නැති? ඔයා හිතනවද රුසියාව දුවන්නෙ ආශාව මත නෙමෙයි කියල? ඔයා හිතන්නෙ චීනෙ දුවන්නෙ ආශාව මත නෙමෙයිද? මොකද්ද ආශාව කියන්නෙ? ඇත්තටම අපි කවුරුත් අපිට අනුව තණ්හාධික නෑ. නිතරම අනිත් අය තමයි තණ්හාවෙන් පෙළෙන්නෙ.
ලෝකෙ දුවන්නෙ විවිධ මිනිසුන් රාශියකගෙ පුද්ගලික උවමනාවන් පදනම් කරගෙනයි. ශිෂ්ටාචාර ඇවිත් තියෙන්නෙ රාජ්‍ය ආයතන හරහා නෙමෙයි. ඇල්බර්ට් අයින්ස්ටයින් තමන්ගෙ සොයාගැනීම කළේ කවුරුවත් රාජ්‍ය නිලධාරියෙක් කියල නෙමෙයි. හෙන්රි ෆෝර්ඞ් වාහන කර්මාන්තයෙ මහා පෙරළියක් කළේ රජය මැදිහත්වෙලා නෙමෙයි. වාර්තාගත ඉතිහාසයේ ඔය කතා කළා වගේ දුප්පත්කමෙන් මිරිකිච්ච සමාජයන් එතනින් එලියට ඇවිත් තියෙන්නෙ එකම එක අවස්ථාවක් යටතේ විතරයි. ඒ ධනවාදය සහ නිදහස් වෙළඳ ආර්ථිකයක් යටතේ. ඔයාට දැනගන්න ඕන නම් අන්තම වූ තත්වයේ දුක්ඛිතයන් ඉන්නෙ ධනවාදයෙදි නෙමෙයි ඒකෙ ප‍්‍රතිවිරුද්ද පැත්තෙදි. ඒක නිසා ඉතිහාස වාර්තාවෙන් කියවෙන දේ ඉතාම පැහැදිලියි. ධනවාදය හැරෙන්න වෙන කිසිම විකල්ප විදිහක් හොයාගෙන නෑ මේ වෙනකල් සාමාන්‍ය ජනතාවගෙන් ඵලදායිතාවයන් මුදාහරින්න.
ෆිල්- ඔයා කියන ඔය ක‍්‍රියාවලියෙන් ඇත්තටම ප‍්‍රතිලාභ ලබන්නෙ මේ ක‍්‍රමය අපයෝජනය කරන්න පුළුවන් අය මිස යහපත නෙමෙයි.
මිල්ටන් – කොහෙද එතකොට ඔය කියන යහපත ආරක්‍ෂා වෙන්නෙ? කවුද එහෙම කරන්නෙ? ඔයා හිතන්නෙ කොමියුනිස්ට් සහෝදරත්වය යහපතට සළකනවා කියලද? හිට්ලර් යහපතට සළකනවද? මට සමාවෙන්න ඕන, ඔයා හිතනවද ඇමරිකන් ජනාධිපතිවරු යහපතට සළකනවා කියල? ඒ ගොල්ලො මිනිස්සුන්ව පත් කරන්නෙ ඒ අයගෙ හෝ ඒ අයට සහයෝගය දක්වන අයගෙ යහපත මත පදනම් වෙලාද, නැත්තං දේශපාලන හයිය මත පදනම් වෙලාද? එතකොට ඔයා කියන්නෙ දේශපාලන ආත්මාර්ථකාමියො උත්තරීතරයි ආර්ථික ආත්මර්ථකාමීන්ට වඩා?
මං හිතන්නෙ ඔයා ගොඩක් දේවල් අවතක්සේරු කරනවා. මට කියන්න ලෝකෙ කොහෙද ඔයා මේ දේවදූතයො ඇත්තටම හොයාගන්නෙ කියල. මං විශ්වාස කරන්නෙ නෑ ඔයාවත් එහෙම කරයි කියල”
මිල්ටන් ෆ‍්‍රීමන් කියන්නෙ ඇමරිකානු ආර්ථික විද්‍යාඥයෙක්. එයා රොනල්ඞ් රේගන්ටත්, කන්සවේටිව් මාග‍්‍රට් තැචර්ටත් උපදේශකයෙක් විදිහටත් වැඩ කළා. නොබෙල් සම්මානයෙන් පවා පිදුම් ලැබුවා. විශේෂයෙන්ම ධනවාදය වෙනුවෙන් නිදහස් වෙළඳපොල වෙනුවෙන්, රාජ්‍යයේ මැදිහත්වීම අවම කිරීම වෙනුවෙන් මිල්ටන් තමන්ගෙ අදහස් මෙහෙයුවා. කැපිටලිස්ම් ඇන්ඞ් ෆ‍්‍රීඩම් කියන පොතේ එයා දේශපාලන නිදහසට වඩා ආර්ථික නිදහස වැදගත් වෙන්නෙ ඇයි කියල පැහැදිලි කරනවා. එකිනෙකා මත පදනම් වෙන ප‍්‍රතිලාභය නිසාම ඇති වෙන ස්වභාවික තුලනයෙන් (නිදහස් වෙළඳ ආර්ථිකයෙන්) සමාජය වඩා නිදහස් වර්ධන අවකාශයන් හිමි කරගන්නවා කියලයි මිල්ටන් ෆ‍්‍රීමන්ගෙ අදහස වුණේ.
ලංකාවෙ උපතින්ම සමාජවාදී බුද්ධිමතුන්ට නොදිරවන නිසාම ෆ‍්‍රීමන්ගෙ පොත් සිංහලට පරිවර්තනය වෙන්නෙ නෑ. ඒත් ආචාර ධාර්මික මිත්‍යාවන් ඇතුළෙන් සමාජය විග‍්‍රහ කරන දේශපාලන න්‍යයාචාර්යයන්ට අහුනොවෙන ප‍්‍රායෝගික විද්‍යාවක් ෆ‍්‍රීමන් නිර්භීතව එලිකරනවා. ෆැන්ටසිමය හෘදය සාක්ෂි කාරණා වලට එපිටින් මනුෂ්‍ය ගතිකයන් ඉක්මවා නැත්තං ඒවා ඵලදායී ආයෝජන කර ගනිමින් ගොඩනැගිය හැකි වඩා සාර්ථක සමාජ ආකෘතීන් ෆ‍්‍රීමන්ගේ ධනවාදී දැක්ම ඇතුලෙ සාකච්ඡුාවට ගන්නවා. ඒත් ෆ‍්‍රීමන්ගෙ කතා පොලිටිකල් තියරි වගේ ආගමික නෑ. රොමැන්ටික් නෑ.
ලංකාවෙ ෆ‍්‍රීමන්ගෙ අදහස් ගැන තියෙන අවිඥාණික වාරණය වගේම ධනවාදී ප‍්‍රතිසංස්කරණ පැත්තෙනුත් යන්න වෙන්නෙ හරි හෙමින් ගමනක්. මොකක් හරි හින්ද අපි පුරුදු වෙලා ඉන්නෙ කුස්සි ආර්ථිකේකට. බෙදා හදා ගැනීමක්, සමාජ පැවැත්මක් වෙනුවට තමන්ගේ සාක්කුවයි, තමන්ගේ පවුලයි විතරයි කියන අනාරක්ෂිත තැනකිනුයි මිනිස්සු ආර්තිකේට සම්බන්ද වෙලාම තියෙන්නෙ. ඒක හින්දම හැම අලූත් දේකටම අපි බයයි. ආණ්ඩුව අපිව බලාගන්න ඕන කියලයි අපි හිතන් ඉන්නෙ.
විවෘත ආර්ථිකය බාර ගන්නා, නිදහස් වෙළඳ පොල යම් පමණකට හෝ විශ්වාස කරන, ප‍්‍රායෝගික ආර්ථික දැක්මක් ඇති පක්ෂයක් විදිහට ලංකාවෙ තියෙන්නෙ බංකොලොත් වුණත් එජාපය විතරයි. එජාපය කිව්වට රනිල් වික‍්‍රමසිංහ, මංගල සමරවීර වගේ කීප දෙනෙක් විතරයි මෙතන ඉන්නෙ.
මිල්ටන් ෆ‍්‍රීමන් තරම් රැුඩිකල් විදිහට නොවුණත් එජාපය මේ පාර ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හරහා ධනවාදය සඳහා පදනම් ශක්තිමත් කිරීමේ හොඳ වැඩපිලිවෙලක් ඉදිරිපත් කරනවා. සියලූ පාර්ශ්ව ශක්තිමත් කරමින්, ක‍්‍රමයක් යටතට ගනිමින් ඉදිරියේදී විවෘත වෙළඳ පොල ආර්ථිකයකට මූන දෙන්න පුළුවන් තත්වයක් ඇති කරන්න උත්සාහ ගන්න බවක් පේනවා.
කොටින්ම ප‍්‍රධාන තරගකාරී පක්ෂ තුනෙන් වඩා ඉදිරිගාමීම සහ නූතනම දැක්මක් ඇතුව නිර්මාණය වෙලා තියෙන්නෙ පංච විධ සැලැස්ම විතරයි. නිදහස් පක්ෂෙ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය අමු විහිළුවක් විතරක් වෙන අතරෙ ජවිපෙ ප‍්‍රතිපත්ති පපුව හිරවෙන හිරිමල් හීන විතරයි.
(ජවිපෙ පක්ෂයක් හැටියට මේ වන විට අත්පත් කර ගෙන ඇති ප‍්‍රගතිශීලී වෙනස්කම් මෙහිදී කිසිසේත් අවතක්සේරු නොකරන අතර ආණ්ඩුවක් හැටියට ප‍්‍රතිපත්ති සැලසුම් කිරීමේදී තව බොහෝ දුර සිතීමට ඇති බව අවධාරණය කරනවා පමණි. එසේ වුවද මේ මොහොතේ විපක්ෂයේ බහුතර බලය (විකල්පය) වෙනුවෙන් ජවිපෙ ශක්තිමත් කිරීම ධනේශ්වර දේශපාලනයේ ප‍්‍රගමනය වෙනුවෙන් අතිශය වැදගත්ය.)
මම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වල මේ අගය කිරීම කරන්නෙ ඒවා කවදා හරි ඇත්තට වෙනවද කියන පටු කාරණයට වඩා ඒවායෙන් ඉදිරිපත් වෙන දැක්ම මත පදනම් වෙලා. අපි තාම දූපතක් විදිහටද හිතන්නෙ නැත්තං ලෝක සිතියමේ රටක් විදිහටද හිතන්නෙ කියන කාරණාව උඩ. ඩිජිටල්කරණයේ අන්තර්ජාලයේ ප‍්‍රගමනයන් එක්ක සමගාමී දැක්මක්ද ගොඩනගන්නෙ කියන එක මත. හැමෝම හැමදාම කිරලා මැනලා බලන සුබසාධන කාරණා අත්ඇරලා යූඇන්පී ප‍්‍රකාශනයෙ තියෙන අලූත් අදහස් සහ සිතා බැලීම් කීපයක් විතරක් මෙතනදි ඉස්මතු කරන්නම්.
මේ වතාවෙ එජාපයේ සැලසුම පදනම් වෙන්නෙම සමාජ ආර්ථිකයක් කියන සංකල්පය උඩ. නිකං අතට අහුවෙන පපුව කූල් කරන කතා වලට වඩා එහෙම හරිහමන් කන්සෙප්ට් එකක් පදනම් කර ගැනීමම පිළිවෙල සහගතයි මං කියන්නෙ. සමාජ ආර්ථිකය යටතේ ඒ ගොල්ලො බලාපොරොත්තු වෙන්නෙ තරගකාරී වෙළඳපොල අවකාශ පවත්වා ගනිමින් දුර්වල සමාජ කොටස් ආරක්‍ෂණයට යම් වැඩපිලිවෙලවල් නිර්මාණය කිරීම. ඒ අතරෙ වැඩි පිරිසක් ආර්ථිකයට සම්බන්ධ වන ආර්ථික ප‍්‍රජාතන්ත‍්‍රවාදයකුත් (නිදහසක්) සංකල්පමය විදිහට පදනම් කරගන්නවා.
හැම අංශයක් ගැන හිතද්දිම අන්තර්ජාතික වෙළඳ පොල සහ තත්වයන්ට සාපේක්ෂව අපේ ගැටළු වලට උත්තර හොයන්න උත්සුක වෙලා තියෙන එකත් දියුණු විදිහක්. අපේ උරුමය, අපේ බසවක්කුලම කිය කිය ඉන්නෙ නැතුව දියුණු වෙන ලෝක තත්වයන් ගැන සවිඥාණක ආර්තිකයක් යම් පමණකට මෙතන යෝජනා වෙනවා. ලෝකය සමග නිරන්තරයෙන් සම්බන්ධිත රටක් හැටියට අපේ ශක්‍යතාවයන් දියුණු කරන එක ගැනයි අවධානය යොදලා තියෙන්නෙ. ඒක හොඳ දෙයක්.
උදා විදිහට නැවත ජීඑස්පී ප්ලස් ලබා ගනිමින් අපේ විදේශ වෙළඳපොල පුළුල් කර ගැනීම, ධීවර කෘෂි වගේ නොදියුණු විදිහට පරණ ක‍්‍රම අනුව දිවෙන අංශවල ජනතා සමාගම් ඇති කරමින් දේශීය මෙන්ම විදේශ වෙළඳපොලේ තරගකාරී මට්ටමකට ඔවුන් සංවර්ධනය කිරීම වගේ දේවල් අමාරුවෙන් හරි කරන්න ඕන දේවල්. එකම තැන පල්වෙන අකාර්යක්ෂම ගොවිතැන, ධීවර කර්මාන්තය තේරුමක් ඇති සැබෑ කර්මාන්තමය තත්වයකට ගන්න සාර්ථකම එළඹුමක් මේක. යූඇන්පිය ප‍්‍රකාශනයෙ කියන විදිහටම අයර්ලන්තෙ ඩෙයරි ගෝල්ඞ් කෝර්ප් ගොවි සමාගම මේකට හොඳ උදාහරණයක්.
ඒ එක්කම ආර්ථිකය ඩිජිටල් කිරීම හරහා සියලූ ගණුදෙනු ඔන්ලයින් ප‍්‍රවේශයකට ගන්නත් අදහස් කරනවා කියල කියනවා. මේ දේවල් මේ හැටියෙන්ම ඉටු නොවුණත් මේ විදිහෙ ප‍්‍රතිපත්තිවත් ඉදිරිපත් වීම වැදගත්. ඒ වගේ තත්වයකදි ආර්ථික සහ සියලූ මූල්‍ය කටයුතු වඩාත් කාර්යක්‍ෂම වගේම ඵලදායී කරගන්නත්, විනිවිදභාවයක් ඇති කරන්නත්, අන්තර්ජාතික වෙළඳාම් කටයුතු වලදී විශාල පිටුවහලක් වෙන්නත් පුළුවන්.
ඒ එක්කම කොළඹ මෙගාපොලිස් එකක් ඇති කරන එක ආකර්ශනීය යෝජනාවක්. අවාසනාවට යූඇන්පියේ අයම පවා මෙගාපොලිස් කියන්නෙ ලොකු පොලිසියක් කියලයි හිතාගෙන ඉන්නෙ. ඒත් දියුණු විශාල අන්තර්ජාතික මට්ටමේ නගරයක් හැටියෙන් කොළඹ දියුණු කිරීමේ අදහස මරු එකක්.
ආර්ථික, සංචාරක, ධීවර ආදී සියලූ ක්‍ෂේත‍්‍රයන් සඳහා සංවර්ධන අධිකලාප ඇති කිරීමේ අදහසකුත් මතු කරලා තිබුණ. මේ හරහා හදූනාගත් විවිධ ප‍්‍රදේශ වල එක් එක් විෂයන් සඳහා වැඩි පහසුකම්, ආයෝජන වගේම කර්මාන්ත අවස්ථා පුළුල් කිරීමක් සිදු කරනවලූ. උදා විදිහට යාපනය තෝරාගෙන තිබුනෙ තොරතුරු තාක්‍ෂණය පැත්තට. ඒක ඇත්තටම තියුණු තෝරා ගැනීමක්. ඒ වගේම විදේශ ආයෝජන ක‍්‍රමවත්ව හසුරුවා ගනිමින් ස්ථාවර සංවර්ධනයකට රට ගෙනියන්න හොඳ ට‍්‍රයි එකක්.
මං දකින්නෙ පක්ෂයක් විදිහට අතීතය පැත්තට හැරීගෙන කල්පනා නොකර අනාගතය දිහාවෙන් සංකල්ප කීපයක් දාලා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හැදීම විතරක් වුණත් වැඩක්. එතකොට ඡුන්ද ව්‍යාපාර හරහා මේ අලූත් අදහස් සාකච්ඡුා වෙනවා. පවතින පසුගාමී සමාජ ක‍්‍රමය ඇතුලෙ තමන්ට යම් යම් අවාසි ඇති වෙන්න පුළුවන් වුණත් එඩිතරව මේ අදහස් මේසෙට ගේන එක ගැන යූඇන්පිය සීරියස් වෙලා තියෙනවා.
ලංකාවෙ ගම කියන්නෙ සිද්ද වෙන ආර්ථික කටයුතු වලින් එක්කො සූරා කැවෙන නැත්තං නිකං ඉඳලා කන ආර්ථික ව්‍යූහයක්. කිසිම අදහස්මය දියුණුවක් වෙනසක් ගම් කරා ළ`ගා නොවෙන්නෙ මේ ආර්ථිකමය දුරස්ථකම නිසා. යූඇන්පිය කරන්න හදන පොකුරු ගම් සංකල්පයත් නිර්මාණශීලී අදහසක්. ඒ හරහා ගම් කීපයක් එකතු කරලා තැනෙන පොකුරුගම තමයි සංවර්ධනය කෙරෙන්නෙ. එතකොට ග‍්‍රාමීය ඒකක විදිහට ක‍්‍රමවත් ආර්ථික රටාවක් යටතට මේ ගම් ටික ගන්න පුළුවන්.
පරිසරය ගැන දක්වලා තියෙන උනන්දුවත් කාරණා කීපයක් විෂයෙම කැපිලා පෙනුනා. විශේෂයෙන් කාබනික ගොවිතැන දියුණු කරමින් හරිත නිෂ්පාදන වලට ලෝකයේ ඇති ඉඩකඩ යම් පමණකට හෝ ලංකාවට ලබා ගැනීමේ උත්සාහයන් ගැනත් කියල තිබුණ. ඒ වගේම පරිසර දූෂණය අඩුම රටක් විදිහට ලෝකයේ ස්ථානගත වීම වගේ උවමනාවන් මං හිතන්නෙ කරන්න බැරි වුණත් හොඳයි. අඩුම තරමෙ අපි කල්පනා කරන්නෙ ලෝකෙ ලැයිස්තුගතවීමක් ගැන.
සිනමාව ගැන වුණත් වෙන කිසිම පක්ෂයකට වඩා සවිස්තර හිතා බැලීමක් යූඇන්පියෙන් කරලා තිබුණ. වාරණ මණ්ඩලය වර්ගීකරණ මණ්ඩලයක් විදිහට පමණක් පවත්වාගෙන යාම වගේම අකර්මන්‍ය චිත‍්‍රපට සංස්ථාව වෙනුවට චිත‍්‍රපට සංවර්ධන මණ්ඩලයක් ඇති කරන උත්සාහය ප‍්‍රශස්තයි. සිනමා අධ්‍යයන, පර්යේෂණ සහ සිනමාවේ තත්වය නගා සිටුවිමේ කාරණා මේ මණ්ඩලය හරහා සිද්ද වෙනවා කියලයි කියන්නෙ. කොහොම වුණත් මේ ඉඩ ඇතුලෙ සිනමාකරුවන්ට තමන්ගෙ ගැටළු නිරාකරණය කර ගන්න වැඩි ඉඩක් විවෘත වෙනවා. ඒ වෙනුවෙන් විධිමත් අදහස් හා යෝජනා සහිතව සාකච්ඡුා ආරම්භ වෙන්න ඕන.
තව හොඳ දෙයක් විදිහට මං දැක්කා අන්තර්ජාතික ජ්‍යොතිෂ මධ්‍යස්ථානයක් සහ විකල්ප වෛද්‍යක‍්‍රම පර්යේෂණ හා සංවර්ධනයට ආයතන නිර්මාණය කිරීම. කාලාන්තරයක් තිස්සෙ පැවතගෙන ආපු යම් හෝ ආකාර කියවීම් නූතන වෙළඳ අවකාශයන් සමග මුහුවෙන්නට ඉඩදෙමින් මේ වපසරියේ ඒවාට අදාල තැන ලබා ගන්න ඉඩ හදලා දෙන එක වැදගත්. මිත්‍යාවන් විදිහට නිකම්ම බැහැර කරන සාම්ප‍්‍රදායික බුද්ධිමතුන්ගේ මට්ටමට එහා ගිහින් ඉල්ලූම අනුව වඩා දියුණු තලයක සැපයුමක් ඒ විෂයන් හරහාත් නිර්මාණය වෙනවා එතකොට.
අපේ පරණ හම්පඩ ජාතික විශ්ව විද්‍යාල ලෝකයේ පිළිගත් විශිෂ්ට විශ්ව විද්‍යාල සමග අනුබද්ධ කිරීමේ උත්සාහය සහ වැඩි වැඩියෙන් හුවමාරු වැඩසටහන් නිර්මාණය කර ගැනීමේ උවමනාව අවධාරණය කිරීමත් හරිම වැදගත්. මට අනුව නම් විශ්ව විද්‍යාල වලට කරන්න පුළුවන් හොඳම දේ මේකයි. විශ්ව විද්‍යාල කිව්වට මධ්‍ය මහා විද්‍යාල වගේ තියෙන අපේ යුනිවර්සිටි වලට ගෝලීය අධ්‍යාපන ප‍්‍රවේශයක් ලබන්න ඉඩකඩ මේ හරහා විවෘත වෙනවා. ඒ වගේම දැනට ඔහේ වැනෙමින් තියෙන තාක්‍ෂණ විද්‍යාල දේශීය සහ විදේශීය සමාගම් සමග එක්ව කොලේජස් ඔෆ් ටෙක්නොලොජීස් බවට පරිවර්තනය කිරීමේ අදහසත් ප‍්‍රායෝගික වෑයමක්.
මේ හැමදේකදිම රජය කෙලින් මැදිහත් නොවී දේශීය විදේශීය සමාගම් සහ ආයෝජන මත මේ දේවල් පදනම් කිරීම ගොඩක් හොඳ තත්වයක්. මෙ ඔක්කොම ආණ්ඩුවෙන් කරන්න ගත්තා නම් එක පැත්තකින් තත්වය මස්තබාල්දු වෙනවා. අනිත් පැත්තෙන් පහසුකම් නැතුව වැඬේ අල වෙනවා.
”මම හිතන්නෙ ප‍්‍රශ්නයකට ආණ්ඩුවක් විසින් දෙන විසඳුම් නිසා ප‍්‍රශ්නය තිබුණ තත්වයටත් වඩා අමාරු කරනවා. නිකං හරි සහරාව ආණ්ඩුවකට බාර දුන්නොත් ටික කාලෙකින්ම ඒකෙත් වැලි හි`ගයකට මූණ දෙන්න සිද්ද වෙනවා”
-මිල්ටන් ෆ‍්‍රීමන්
වයසක අය ගැනත් නිර්මාණශීලී හිතා බැලීමක් කරලා තිබුණ. විවිධ සමාගම් සමග එකතුව ඒ අයගෙ විවේකය, සැඳෑ සමය වෙනුවෙන් ආරක්‍ෂණ වැඩපිලිවෙලවල් නිර්මාණය කිරීම පැත්තෙන්. ඇත්තටම සමාගම්වල සීඑස්ආර් වැඩ (ආයතනික සමාජ සත්කාර) විදිහට වඩා හොඳ දියුණු අවස්ථාවන් මේ වෘද්ධ හෝ අබාධිත අයට උදා කරලා දෙන්න පුළුවන් එක ඇත්තක්.
ආබාධිත අයිතිවාසිකම් පණත සම්මත කිරීමට ක‍්‍රියා කිරීම හරහා ආබාධිත අයට පහසුකම් සහ අයිතීන් ලබා දෙන එකත් සංවේදී හිතා බැලීමක්.
ඒකීය රාජ්‍ය කියන එක විතරක් බේරගෙන කළ හැකි උපරිම බලය බෙදා හැරීමක් හරහා සුළුජාතීන් සමග හොඳ සම්බන්ධයක් ගොඩනගා ගැනීමේ උත්සාහය ගොඩක් වටිනවා. වර්ගවාදී කණ්ඩායම් එක්ක වැඬේ කොයිතරම් අමාරු වුණත් සවිඥාණක සමාජ කණ්ඩායම් වල උදව්වෙන් මේ අවශ්‍ය තත්වයන් දිනාගැනීමයි කරන්න ඕන.
ෆ‍්‍රීමන් කියනවා වගේම මේ කිසි දෙයක් යූඇන්පිය සමාජය වෙනුවෙන් කරන පරිත්‍යාගයන් නෙමෙයි. හැමදෙයක්ම දේශපාලනේදි සිද්ද වෙන්නෙ ඒ අයගෙ බල උවමනාවන් වෙනුවෙන්. ඒකෙ මැජික් එකක් නෑ. ඒත් ඒ හරහා සමාජයට ලොකු ඉදිරි පිම්මක් ඇති වෙනවා නම්, අලූත් අවකාශයන් විවෘත වෙනවා නම් ඒ වෙනුවෙන් උනන්දු වීමයි කරන්න ඕන. මේ කාරණා වලට අදාලව වඩා දියුණු සැලසුම් ඇතුව, සාකච්ඡුා කරමින් යූඇන්පිය මේ දේවල් කරන්න උත්සාහ කරන තැනට තල්ලූ කරන එකයි සමාජ දේශපාලනය වෙන්න ඕන.
”ඇත්තටම නිදහස් ආර්තිකයක් ගැන තියෙන විරෝධයට පදනම් වෙන ප‍්‍රධානම කාරණය වෙන්නෙ එතකොට මිනිස්සු ඒ අයගෙ ඇත්ත උවමනාවන් වෙනුවෙන් වැඩ කරන එක. එතනදි මිනිස්සුන්ගෙ උවමනාවන් කියල ඇතැම් බුද්දිමතුන් කියන කොටස් මවාගත් කාරණා අර්බුදයට යනවා. නිදහස් ආර්තිකේකට තියෙන ලොකුම බාධාව වෙන්නෙ මූලිකව නිදහස ගැන විශ්වාසයක් නැතිකමයි”
මිල්ටන් ෆ‍්‍රීමන්