දවස් ගානක් කැලෑ ඇතුලෙ ෂූට් කරලා ආපහු ගෙදර එද්දි මාව ඇතුලෙන් දෙකට තුනට ඉරිලා. මට මාව අමතක වෙලා තිබුණ. දවස් ගානක් එක දිගට තිබුණ ඇසිඞ් ටි‍්‍රප් එකක් වගේ. ෂූට් එකක් කියන්නෙ රමණයක් තරම් ලස්සන මරණයක්.
ලංකාවෙ සිනමාව තවදුරටත් හුස්ම ගන්නෙ කොහොමද කියන එකට හරි උත්තරේ වෙන්න ඕන ඒ හා සම්බන්ධව වැඩ කරන මිනිස්සු අතලොස්සකගෙ තියෙන නොසන්සිඳෙන පේ‍්‍රමය කියලයි මං හිතන්නෙ. ඒක රොමැන්ටික් කතාවක් වගේ පෙණුනත් ඊට එහා මේ මොහොතෙ සිනමාව වැඩකරන භෞතික හේතුවක් මට හිතාගන්න බෑ. මේ ගෞරවය චිත‍්‍රපටි ඩිරෙක්ටර්ලට වඩා අයිති වෙන්න ඕන චිත‍්‍රපටි වෙනුවෙන් වැඩ කරන අනෙක් පිරිසට. ඒ කියන්නෙ යුනිට් එකේ කොල්ලොන්ගෙන් පටන්ගත්තම ආර්ට්, මේක් අප්, ස්පෙෂල් අෆෙක්ට්ස්, කැමරා, එඩිටින් වගේම ර`ගපාන නළු නිළියන්ට. ඩිරෙක්ටර් කෙනෙකුට පිටරට සම්මානයක් හරි වැදගත් වෙන්න පුළුවන්. ඒත් සිනමාව කියල එකක් තවදුරටත් නෑ කියල දැන දැන ඒ වෙනුවෙන් තමන්ගෙ ශ‍්‍රමය හරිහමන් වැටුපක් වත් නොලබා කැප කරන මේ ඉතුරු පාර්ශ්ව වල කැපවීම සහ භක්තිය මං වෙන කිසිම කර්මාන්තෙක නොදැකපු දෙයක්. කොටින්ම මාසෙ වැටුපට වැඩ කරන මාව තැගැස්සුන තැනක්.
නළු නිළියො කියන්නෙ විශේෂයෙන්ම විකල්ප සිනමාවෙ රගපාන අය. වාණිජ සිනමාවෙ අයට නම් තාමත් ඉතිරි ඔප්ෂන් කීපයක් තියෙනවා. වැඩි ගානකට ලිංගික අලෙවියක් ලැබීමේ ඉඳන් දේශපාලනයට එනකල් ඒ ඔප්ෂන් විවිධ වෙන්න පුළුවන්. ඒත් විකල්ප සිනමාව වෙනුවෙන් එන නළු නිළියො මේ පරිප්පුව කන්නෙ මොකක් වෙනුවෙන්ද? හරි හැටි ගෙවීමක් නැතිව, සමහර වෙලාවට ඇෙ
ග් ඇඳුම් පවා නැතුව, රූගත කිරීම් වලදී හරිහැටි ඉන්න හිටින්න තැනක් වත් නැතුව, ඒත් උපරිමයෙන් තමන්ගේ චරිතය (ස්ක‍්‍රිප්ට් එකෙන් තමන්ට භාර) ජීවත් කරවන්න කැපවෙන කෞෂල්‍යා ප‍්‍රමුඛ මේ සිනමාවට අයිති රංග ශිල්පීන් සහ ශිල්පිනියන් මේ කට්ට ඇතුලෙ ලබන තෘප්තිය.. ඒක අත්ඇරගන්න බැරි රෝගාතුර පේ‍්‍රමයක්. සමහර විට තමන් ගැන කිසිම ගරුත්වයක් හෝ වටිනාකමක් නොදෙන බව සහතික අධ්‍යක්‍ෂවරුන් එක්ක පවා මේ අය වැඩ කරනවා, තමන්ගෙ රංගන දායකත්වයේ අබමල් රේණුවක හෝ අඩුවක් නොකර. සිනමාව ගැන තියෙන පිස්සුව, භක්තිය, විශ්වාසය ඇරෙන්න වෙන කිසිම මාව තෘප්තිමත් කරන උත්තරයක් හොයා ගන්න මට බෑ.
ආර්ට් සහ මේක්අප් කියන්නෙ සිනමාවෙ ඊළග අඩිය ඉස්සරහට යන්න නම් කැමරාවෙ තාක්‍ෂණයටත් වඩා වැදගත් වෙන කොටසක්. ලෙන්ස් එක දැනුම වගේම චිත‍්‍රපටියෙ කතා කරන ලෝකය ඇතුලෙ තමන්ගෙ විෂය නිර්මාණය කර ගැනීමත් මේ කාරනා දෙකේදිම අවශ්‍යයි. කරපු වැඩ වලින් සහ බලපු ලංකාවෙ නිර්මාණ වලින් මං බලාපොරොත්තු අත්ඇරගෙන හිටියෙ මේ කලාප දෙක ගැන. දියුණු කර්මාන්තයක් නැතුව කොහොමද ඒ කර්මාන්තෙ අංශ වෙනම දියුණු වෙන්නෙ? ඒත් මට මුණගැහුන අලූත් උන් හින්ද මට හිතෙන්නෙ වැඬේ සිද්ද වෙන්නෙ අනිත් අතට. කර්මාන්තයක් නැතුවමත් ක‍්‍රියේටිව් එවුන් ටිකක් තමන් විහින් මේ විෂයන් දියුණු කරමින් යනවා. වෙන කවර කාලෙක හිටියාටත් වඩා දක්ෂ කලා සහ වේශනිරූපණ ශිල්පියො ‘ටිකක්’ අද ලංකාවෙ ඉන්නවා. ප‍්‍රතිලාභයක් හෝ අඩුතරමෙ පාවිච්චි කරන්න තැනක් හෝ නැතුවම තමන්ගේ ඇෙ
ග් අමාරුවට මේ අය විවිධ අත්හදාබැලීම් කරනවා. යූ ටියුබ් වීඩියෝ හරහා වෙන රටවල චිත‍්‍රපටි තාක්‍ෂණයන් ගැන දැනුම එකතු කර ගන්නවා. කොමර්ෂල් එකක් කරලා කිසි මහන්සියක් නැතුවම වැඩි ගානක් හොයාගන්න පුළුවන්කම තියෙද්දි චිත‍්‍රපටියක් වෙනුවෙන් දෙපාරක් නොහිතා වැඩ කරන්න ඉදිරිපත් වෙනවා. නොපවතින සිනමාවක් ඇතුලෙ වුනත් තමන්ගෙ සිහිනය ජීවත් කරවන්න මේ අය ඕනම දේකට උපරිමෙන් එකතු වෙනවා.
යුනිට් වල ඉන්නෙ චිත‍්‍රපටි ගැන පිස්සුවෙන් ආපු උන්. ගොඩක් වෙලාවට නළුවෙක් වෙන්න ආසාවෙන් ඇවිත් එකතු වෙච්ච එවුන්. දවල් රෑ නැතුව, කඳු කැලෑ නැතුව චිත‍්‍රපටියෙන් චිත‍්‍රපටියට මාරු වෙන උන්ට වෙන ජීවිතයක් නෑ. ඒත් හැම චිත‍්‍රපටියකටම තමන්ගෙ උපරිමය දෙන්න උන් ට‍්‍රයි කරනවා. පොතෙන් පතෙන් නොවුනත් චිත‍්‍රපටි ගානක වැඩි කිරීම හරහා දන්න අත්දැකීම් වලින් ප‍්‍රායෝගිකම විසඳුම් දෙන්න උන්ට පුළුවන්. සමහර වෙලාවට මං වගේ ඩිරෙක්ටර්ලා පවා චිත‍්‍රපටිය අත්අරින කොට ඒක ඇදගෙන යන හයිය වෙන්නෙ මේ ‘යක්කු’ ටික.
ඩිරෙක්ටර් කෙනෙක් කියන්නෙ අව්කූටකේ ෂූට් එකක දවස් දෙකක් යද්දි හෙම්බත් චරිතයක්. මානසිකව සහ භෞතිකව අමාරු තැන් කීපයක් පිට පිට ආපු ගමන් ඩිරෙක්ටර් කෙනෙක් වැටෙනවා. (ඉඳලා හිටලා පහල වෙන යකඩයො ඇරුණම) ඒත් ඩියුටිය, නැත්තං තමන්ගේ කාර්යය ගැන විශ්වාසය කියන එක ක‍්‍රියේටිව් තැනට වඩා ගොඩක් හයිය තැනක්. හැම වෙලාවකම තමන්ගෙ වැඩෙන් එලියට ගිහිල්ලත් චිත‍්‍රපටිය වෙනුවෙන් කරන්න තියෙන දේ කරන්න යුනිට් වල එවුන් බහින්නෙ ඒ විශ්වාසෙට. ඇත්තටම උන්ගෙ අතේ පයේ හයිය සහ විනයක් සහිත දැනුම එක්ක මීට වඩා ලේසි ජීවත් වෙන ක‍්‍රම හොයාගන්න පුළුවන්. ඒත් ෆිල්ම් උණට බෙහෙත් නෑ.
චිත‍්‍රපටියක් කියන්නෙ තිරය උඩ දකින දේ කියල කියන්නෙ නිෂ්පාදකයො, වෙළෙන්දො සහ පේ‍්‍රක්ෂකයො. ඒත් චිත‍්‍රපටි හදන හැමෝම දන්නවා චිත‍්‍රපටියෙ ඇත්ත කොටස තියෙන්නෙ තිරයට කලින්. චිත‍්‍රපටියක් හැදෙන අත්දැකීම.. ඒකයි සිනමාවෙ ඇත්ත පේ‍්‍රමනීය කොටස. ඒක ආධ්‍යාත්මික අත්දැකීමක්.
මේ වෙලාව ලංකාවෙ ආධ්‍යාත්මික සිනමාවෙ මොහොත විදිහටයි මං දකින්නෙ. විශේෂයෙන්ම නොපවතින සිනමාවක් වෙනුවෙන්, කොටින්ම පෙන්නන්න තිරයක් පවා නැතුව, බලන්න පේ‍්‍රක්ෂකයන් පවා නැතුව ලංකාවෙ චිත‍්‍රපටි හැදෙනවා. ඒ චිත‍්‍රපටි වෙනුවෙන් මිනිස්සු දවල් රෑ නැතුව වැඩ කරනවා. මෙතන හේතුව මුදල නෙමෙයි. මේ වැඩකරන්නෙ සිනමාව ගැන තියෙන භක්තිය. ආගමිකත්වය. නැත්තං ඇබ්බැහිය.
සිනමා කර්මාන්තය දියුණු වෙන්න ඕන කියල කොයිතරම් අරගල කළත් මේ පවතින මොහොතටත් මං යටි හිතෙන් කැමතියි. ආදරයක් ටෙස්ට් වෙන්නෙ අර්බුද අවස්ථාවලදි වගේම සිනමාව ටෙස්ට් වෙන්නෙත් ඒකට පැවැත්මක් නැති තැනදි. ඒ නොදකින දේ වෙනුවෙන් කරන්න පුළුවන් කැපකිරීමේ ප‍්‍රමාණය තමයි සිනමාව ගැන විශ්වාසයේ තරම.
චිත‍්‍රපටියක් කරනවා කියන්නෙ කෙනෙකුට ජීවිත කාලෙදි ලබන්න පුළුවන් එක්තරා ආධ්‍යාත්මික අත්දැකීමක්. ඒක කවදාවත් කෙටි චිත‍්‍රපටියකින් ලබන්න බැරි දෙයක්. කෙටි චිත‍්‍රපටි කියන්නෙ සිනමාව නෙමෙයි කියල මං දකින්නෙ මේ තැනින්. සිනමාව ඇතුලෙදි තමන්ව පරීක්‍ෂාවට ලක්වෙන්න ඕන. කෘතිය ඇතුලෙ ඒක සිද්ද වෙන එක කලාවට අයිති වගේම ඊට පිටින් අත්දැකීම ඇතුලෙ ඒක සිද්ද වෙන ජීවිතේට අයිතියි.
ෆිල්ම් එකක් ෂූට් කරනවා කියන්නෙ දවස් ගානක වැඩක්. වැඩියෙන්ම තමන් ජීවත් වෙන පළාතෙන් පිට දුර ඈතක වෙනස්ම පරිසරයක ගොඩක් දවස් ගත කරන්න වෙනවා නම් මේ අත්දැකීම තවත් දරුණුයි. මිනිස්සු කට්ටියක් තමන්ගෙ සුවදායී පරිසරයෙන් සහ ජීවිතයෙන් වෙන් කරලා කොහේ හරි පළාතක බරපතල වැඩ ඇතුව සිරගත කිරීමක් වගෙයි.
මේ විදිහට දවස් දෙකක් තුනක් යද්දි මහන්සිය සහ කාංසිය විසින් මිනිස්සුන්ව හෙම්බත් කරනවා. කේන්තිය, ආවේගය, අසහනය, නොරිස්සීම හැමදෙයක්ම පිටාර ගලන්න ගන්නවා. අපි විසින් වහන් කරගෙන දමනය කරගෙන හුන් සත්වයා එලියට එන්න ද`ගලනවා. ඒත් කණ්ඩායමක් විදිහට එක වැඩක් ඉවර කරන්න අපිට නියමිතයි. මේ වටපිටාව ඇතුලෙ දේවල් කළමනාකරනය වෙන විදිහ හරිම මානුෂීයයි. වැඩියෙන්ම අල්ලගෙන ඉන්න පුළුවන් වෙන්නෙ යුනිට් එකට. ඉක්මනටම කඩන් වැටෙන්නෙ ඩිරෙක්ටර්. තේ හදන කොල්ලා පවා සමහර වෙලාවල කිලෝමීටර් ගනන් අතේ කරේ එල්ලගෙන තේ, වතුර අදිනවා, කිසි හාවක් හූවක් නැතුව. මේ ශක්තීන් වැඩක් ඇතුලෙ මුහුවෙන එක චමත්කාරජනක මනුස්ස අත්දැකීමක්.
චිත‍්‍රපටියක් හැමතිස්සෙම ඒකෙ ඩිරෙක්ටර්ට වඩා විශාලයි. චිත‍්‍රපටිය කියන්නෙ ඩිරෙක්ටර්ම වුනොත් එයාගෙ තියෙන සීමිතකම ලොකු තිරයක් උඩ ලොකුවට පේන්න ගන්නවා. ඒත් වියමනක් විදිහට හැමෝගෙම දැනුම සහ මහන්සිය සෙට් එකක සෙට් වුනාම සිනමාව බිහිවෙන්න පටන්ගන්නවා. පුද්ගලික සීමිත බව නවකතාවක් හෝ චිත‍්‍රයකට වඩා එහාට යන්නෙ නෑ. ඒත් චිත‍්‍රපටියක් කියන්නෙ මේ මොහොතෙ ලෝකෙ දැවැන්තම කලාව. ඒකට සාමූහික බව අනිවාර්යයි.
එකිනෙකාගෙ රසායනයන් මිශ‍්‍රවෙලා චිත‍්‍රපටියක වේගය තීරණය වෙන හැටි, රූපයේ ස්වභාවය තීරණය වෙන හැටි, මේ දේවල් වලින් තමයි ඒ චිත‍්‍රපටියේ බීට් එක හැදෙන්නෙ. සාමූහික කලාවක් විදිහට හිතන එක ඇතුලෙයි සිනමාවෙ අනාගතය තීරණය වෙන්නෙ.
තාමත් විජයට ආදරේ කරන ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්ස්ලා, ගාමිනී වගේ වෙන්න ආපු ටෙක්නීෂියන්ස්ලා, පරණ ප්‍රොඩක්ෂන් ගැන තළු මර මර කතා කියන ප්‍රොඩක්ෂන් මැනේජර් ලා වගේ සිනමාවෙන් ආතුර වුණු ලොකු පිරිසක් කැමරාව වටේ ඉන්නවා. සිනමාව වෙනුවෙන් ඕනම දෙයක් කරන්න කොන්දේසි විරහිතව සූදානම් රසික පිරිසක් පරණ සිනමාව විසින් ඉතුරු කරලා තියෙනවා. සිනමාවෙ ප‍්‍රාග්ධනය මේකයි. හෝල් එකේ කැඩෙන ටිකට් ගානට වඩා චිත‍්‍රපටියක් හැදෙන්න බලපාන පාරභෞතික හේතුව මේකයි.
එදා සිනමාව වගේ නෙමෙයි අද සිනමාවෙ ඇත්ත හේතුව තියෙන්නෙ තිරයට කලින්. ඒ යතාර්ථය පයිසෙකටවත් ගණන් නොගෙන සිනමාවට ආදරය කරන පිරිසක් ඒ වෙනුවෙන් වැඩ කිරීම මිසක් සුනිල් ටී හෝ වෙන වෙළෙන්දෙක්ගෙ කැපවීම නෙමෙයි.
චින්තන ධර්මදාස