කාමසූත්‍රයේ හාදු විස්තරය

සිපගැනීම කියන දේ මානවයාගේ පොදු ලක්ෂනයක් නෙමෙයි. අදත් සමහර සංස්කෘතීන්වල සිපගැනීම සිදු කරන්නෙ නෑ. ඒ කොහොම වුනත් මේ සිපගැනීම කටින් කටට ආහාර කැවීම තුලින් පරිනාමය වුන දෙයක් හැටියෙන් දකින්න පුළුවන්. තාමත් සමහර ගෝත්‍රයන් අතර දරුවන්ට අම්මලා මේ විදිහට ආහාර කැවීම දකින්න තිබුනත් ඒක සමාජ සිපගැනීමක් වෙන්නෙ නෑ.

නැත්තං සිපගැනීම කියන්නෙ සංස්කෘතිකව නිශ්චය වුනු අනුරාගී චර්යාවක් වෙන්න පුළුවන්. අඩුම තරමෙ ශෘංගාර හාදුව කියන්නෙ සංසර්ගයක පෙරනිමිත්තක්. ඒකම වෙන විදිහකින් සංකේතවත් කිරීමක්.

මේක මිනිස්සුන්ට විතරක් ඇති දේකුත් නෙමෙයි. බොනොබෝ වානරයො අතර එකිනෙකා සිපගැනීම තියෙනවා. පූසො බල්ලො අතර තියෙනවා. ගොළුබෙල්ලො කූඹි අතරත් උන්ගේ ඇන්ටෙනාවලින් කරන ස්පර්ශයක් තියෙනවා. මේ කොහොම වුනත් මෙමගින් විශ්වාසය බැඳීම වර්ධනය කරනවා.

ඉන්දියාවෙ දෙවෙනි සියවසේ විතරත් සිපගැනීම ගැන විස්තරාත්මකව ලියවිලා තියෙනවා. කාමසූත්‍රයෙ මේ වෙනුවෙන්ම වෙනම පරිච්ඡේදයක් වෙන් වෙනවා. සමහර මානව විද ්‍යාඥයො කියනවා ග්‍රීකයො සිපගැනීම ඉගෙන ගත්තෙ ඉන්දියාවෙන් කියල. ඒ මහා ඇලෙක්සැන්දර් ඉන්දියාව ආක්‍රමනය කළාට පස්සෙ. ඒත් ඒ කියන්නෙ ශෘංගාර හාදුව ආරම්භ වුනේ ඉන්දියාවෙන් හෝ කාමසූත්‍රයෙන් කියන එක නෙමෙයි.

කාමසූත්‍රයෙ සිපගැනීම ගැන තියෙන්නෙ මේ විදිහට.

ආදරය කරද්දි වැළඳගන්න, සිපගන්න, තුරුල්වෙන්න, නියපොතු වලින් හූරන්න නියම කරපු වෙලාවක් හෝ අනුපිලිවෙලක් නෑ. ඒත් ලිංගිකව එකතු වෙන්න කලින් මේ දේවල් සිද්ද වෙන්න ගන්නවා. ලිංගිකව එකතු වෙද්දි විවිධ ශබ්ද නැගීම්, මෘදු පහරදීම් සිද්ද වෙනවා. වාත්ස්‍යාන කියන විදිහට ආදරය කරන්න වෙලාවක් හෝ පැනවුනු පිලිවෙලක් නෑ.

මුලින් මුනගැහෙද්දි සිපගැනීම හෝ ඉහත සඳහන් අනිත් දේවල් මඳ වශයෙන් සහ වැඩි වෙලාවක් ගත නොකර කෙටියෙන් සිද්ද වෙනවා. සමහර වෙලාවට එකින් එකට. වෙන් වෙන් අවස්ථාවල. ඒත් මේකෙ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. අඩුවෙන් කරන්න අවශ්‍ය නොවෙන්න පුළුවන්. දිග වෙලාවක් ගත කරන්නත් පුළුවන්. හැමදේම එකවර කරන්නත් පුළුවන්.

සිපගන්න තැන් කාමසූත්‍රයෙ දැක්වෙන්නෙ මෙහෙම. නළල, ඇස්, කම්මුල්, ගෙල, පපුව, පියයුරු, තොල්, සහ මුව ඇතුලත. සමහර රටවල කලව සම්බන්ධ වෙන තැන්, අත් සහ නාභිය වගේ ප්‍රදේශ සිපගැනීම කරනවා. වාත්ස්‍යාන හිතන්නෙ මිනිස්සු මේ විදිහට තමන්ගේ ආදර හැගීමේ තීව්රබව හෝ සංස්කෘතිය  අනුව සිපගැනීම කළත් හැම විදිහක්ම හැමෝටම ගැලපෙන්නෙ නෑ කියලයි.

නව යොවුන් යුවතියකට මේ සිපගැනීම් වර්ග දක්වලා තියෙනවා.

නාමමාත්‍රික හාදුව – යුවතියක් ඇගේ පෙම්වතාගෙ තොල් ස්පර්ශ කිරීම පමණක් කරනවා නම්, ඊට අමතරව ඇය විසින් කිසිවක් නොකරනවා නම් ඒක නාමමාත්‍රික හාදුවක් වෙනවා.

හැඟීම්මය හාදුව – යුවතියක් තමන්ගේ කෝල බව පැත්තකින් තියල තමන්ගේ තොල්වල තෙරපුනු ඔහුගේ තොල් ස්පර්ශ කරනවා නම්, ඒ සඳහා යටිතොල පමණක් චලනය කරනවා නම්, උඩු තොල චලනය නොකරනවා නම් එයා හැඟුම්මය හාදුවක් වෙනවා.

පුබුදුවන හාදුව – යුවතියක් ඇගේ පෙම්වතාගේ තොල් ඇගේ දිවෙන් ස්පර්ශ කරනවා නම්, ඇගේ ඇස් වසාගන්නවා නම්, පෙම්වතාගේ දෑත් වැළඳගන්නවා නම් ඒක පුබුදුවන හාදුවක් වෙනවා.වාතස්‍යාන තවත් හාදු වර්ග හතරක් ගැන ලියනවා.

ඍජු හාදුව – පෙම්වතුන්ගෙ දෙතොල් කෙලින්ම එකිනෙක ස්පර්ශ වෙනවා නම් ඒක ඍජු හාදුවක්.

ඇලවුනු හාදුව – සිපගන්නා අතර මුහුනු පැත්තකට ඇලවෙනවා නම් ඒක නැමුනු හෝ ඇලවුනු හාදුවක්.

හැරවුනු හාදුව – සිපගැනීමේදී කෙනෙක් අනෙකාගේ නිකටින් හෝ හිසින් අල්ලා මුහුන තමන්ගේ පැත්තට හරවාගන්නවා නම් ඒ හාදුව හැරවුනු හාදුවක්.

තෙරපුනු හාදුව – තොල් එකිනෙක තෙරපෙන හාදුවක් මේ විදිහට හඳුන්වනවා.

පස්වෙනි වර්ගයක් විදිහට තදින් තෙරපුනු හාදුවක් ගැනත් වෙනම සඳහන් වෙනවා. එතනදි යටිතොල ඇඟිලි දෙකකින් අල්ලා ගන්නා අතර එය දිවෙන් ස්පර්ශ කරමින් තදින් උරාබීමක් කරනවා. 

තොල් සිපගන්නාතර අනුරාගී තරගයන් කරන්නත් පුළුවන්. මුලින්ම අනෙකාගේ තොල් තමන් නතු කරගන්නෙ කවුද කියල. පෙම්වතිය පරාජය වුනොත් ඇය බොරුවට අඩන්න ගන්න ඕන. පෙම්වතාගෙ අත ගසා දන්න ඕන. අනිත් පැත්ත හැරිලා ආපහු තරග කරන්න ඉල්ලන්න ඕන. දෙවෙනි වතාවත් ඇය පැරදුනොත් ඇය ඊටත් වඩා කනස්සලු වෙන්න ඕන. පෙම්වතා නිදි අතරෙදි බලෙන්ම ඔහුගෙ තොල් තමන් තොල් අඩංගුවට ගන්න ඕන. දතින් හපන්න ඕන. එතකොට තොල් ලිස්සා මගහැරෙන්න නෑ. ඊට පස්සෙ ඇයට පුළුවන් හඩනගා ප්‍රීතියෙන් හිනාවෙන්න. ඇස් කරකවමින් තමන් කැමති දෙයක් විහිලුවෙන් කියන්න. සිපගැනීමෙදි තියෙන තරග සහ දබර මේ වගෙයි. නියපොතුවලින් සීරීම, තෙරපීම, සැපීම ආදියේදිත් මේ විදිහම අනුගමනය කරන්න පුළුවන්. මේ දේවල් අදාල වෙන්නෙ ඉතාම අනුරාගී බැඳීමකින් ගත කරන පෙම්වතුන්ට විතරයි.

පිරිමියා කාන්තාවගේ උඩුතොල සිපගනිද්දි ඇය ඔහුගේ යටිතොල සිපගන්නවා නම් ඒක උඩුතොල හාදුවක් වෙනවා.

ඔහු හෝ ඇය කාගේ හෝ තොල් දෙකම එකවර ගන්නවා නම් අල්ලාගැනීමේ හාදුවක් වෙනවා. ගැහැනියකට මේක කරන්න පුළුවන් උඩු රැවුල නැති පිරිමියෙකුට විතරයි. මේ වෙලාවෙදි දෙන්නාගෙන් කවුරු හරි අනෙකාගෙ දත්, දිව, තල්ල තමන්ගෙ දියෙන් ස්පර්ශ කරනවා නම් ඒක දිවෙහි සටන හැටියට හඳුන්වනවා. ඒ වගේම කෙනෙක් තමන්ගේ දත් අනෙකාගෙ මුවමත තෙරපන්නත් පුහුනු වෙන්න ඕන.

හාදුවෙහි සිව් විධියක් තියෙනවා. මධ්‍යස්ත, උරන, තෙරපන, සහ මෘදු විදිහට. ශරීරයේ සිපගන්නා තැන අනුව මේ වෙනස් හාදු පාවිච්චි කරන්න පුළුවන්.

පෙම්වතා නිදි අතර ඇගේ ආශාව දනවන්න ඔහුව සිපගැනීමට කියනවා ආදරය අවුලන හාදුව කියල. පෙම්වතා වෙන කාර්යයක ඉන්න අතර, එක්කො දබර වෙන අතර, ඉවත බලා සිටින අතර ඒ කියන්නෙ ඔහුගේ මනස වෙනතක යෙදී තිබියදී පෙම්වතිය විසින් ඔහුව සිපගැනීම අහක බැලුම් හාදුව කියල කියනවා.

පෙම්වතා ගෙදර එනවිට පෙම්තිය නිදි නම් ඇයට තමන්ගේ ආශාව දනවනු වස් සිපගැනීම අවදිකරන හාදුව වෙනවා. මේ වගේ වෙලාවට පෙම්වතිය නිදිමෙන් සිට ඔහුගේ සිතැගි දැන ඔහුට ඉඩදී ගෞරවය දිනාගත යුතු වෙනවා.

තමන් ආදරය කරන කෙනාගෙ පිළිඹිඹුව කන්නාඩිය මත හෝ දියමත සිපගැනීම අරමුන දැනවීමේ හාදුවක් වෙනවා.

තමන් ආදරය කරන කෙනා අසල සිටියදී උකුල මත සිටින දරුවෙක් හෝ දරුවෙකුගේ පිංතූරයක් හෝ සිපගැනීම පැවරුම් හාදුවක් කියනවා.

රාත්‍රී නාට්‍ය ශාලාවක හෝ රැස්වීමක් අතර පෙම්වතා ඇවිත් සිටගෙන සිටින පෙම්වතියගේ ඇගිල්ලක් සිපගන්නවා නම්, ඇය හිඳගෙන සිටී නම් ඇගේ පයැගිල්ලක් සිපගන්නවා නම්, එහෙම නැත්නම් පෙම්වතාගෙ ශරීරය දෝවනය කරමින් සිටින අතර පෙම්වතිය ඔහුගේ ආශාව දල්වන්නට කලවය මත මුහුන තබාගන්නවා නම් හෝ ඔහුගේ මුල් පයැගිල්ල සිපගන්නවා නම් ඒක ආදර්ශ හාදුවක් වෙනවා.

ඒ වගේම කාමසූත්‍රය මෙහෙම කියනවා.

ආදරවන්තයින්ගෙන් කෙනෙක් අනෙකාට කරන දේ අනෙකා විසින්ද පෙරලා නැවත කළ යුතුයි. ඇය ඔහුව සිපගන්නවා නම් ඔහුත් ඇයව සිපගත යුතුයි. ඇය ඔහුට අනුරාගීව පහර දෙනවා නම් ඔහුත් ඇයට එසේම පහර දිය යුතුයි.

මේ විදිහට වෙන් වෙන් වශයෙන් ලිව්වාට හාදු දෙද්දී කාන්ඩ කර කර හාදු දෙන්න උවමනා නෑ. නිදහසේ හාදු වැස්ස් වැටෙන්න ඉඩදෙන්න. ඒ හාදු අතර මේ කියන හැම ශෘංගාරයක්ම තවරන්න.