මිනිස් ශිෂ්ටාචාරයේ විද්‍යාව සහ සෙක්ස් අතර අපූරු සම්බන්ධය ගැන මේරි රෝච් ‘බොන්ක්’ කියල පොතක් ලියනවා. ලිංගිකත්වය ගැන ඇරිස්ටෝටල්ගෙ කාලෙ ඉඳන් විද්‍යාත්මක කියවන්න ගත්ත උත්සාහයන් මේකෙ සඳහන් වෙනවා. මේරි ටෙඞ් කතාවක් කරනවා සුරතාන්තය නැත්තං ඕගසම් එක ගැන අපි නොදන්නා කාරණා දහයක් ගැන. මේ ඒ කතාව ඇසුරෙන් සකස් කරපු ලිපියක්.

සුරතාන්තය කියන්නෙ අපේ ඇගේ ස්වයංසිද්ද ස්නායු පද්ධතිය මගින් සිද්ද වෙන දෙයක්. මේක අපේ බලපෑමෙන් තොරයි. හරියට හුස්ම ගැනීම, ආහාර ජීර්නය, ලිංගික ප්‍රානවත් වීම වගේමයි.

 

තව එකක් තමයි සුරතාන්තයක් වෙන්න ලිංගික අවයවයක්ම අවශ්‍ය වෙන්නෙ නෑ. ඒකට තව ගොඩක් සංවේදන බලපානවා. ඇල්ෆ්‍රඞ් කින්සි එයාගේ පර්යේෂන කරද්දි මුනගැහෙන කාන්තාවක් කියනවා ඇහිබැම සකස් කරද්දි එයා සුරතාන්තයට පත්වෙනවා කියල. හදිසි අනතුරුවලින් එහෙම කොඳු නාරටිය ආබාධ වුනු අයගෙ බොහෝ විය ඒ ආබාධිත ප්‍රදේශය අසලම මේ විදිහෙ සංවේදී කලාපයක් නිර්මානය වෙනවා. දනිස් සුරතාන්තය කියල හඳුන්වන්නෙත් මේ වගේ තත්වයක්. ඒ වගේම දත් මදිද්දි සුරතාන්තයට පත්වෙන කාන්තාවක් ගැන පර්යේෂනයක් තියෙනවා.  දොස්තරලා මේ ගැන විවිධ දේ යොදාගෙන පරීක්ෂා කළත් ඒවා එකක් වත් හරි ගියෙ නෑ. ඒක බ්‍රෂ් එකෙන් මැදීමේ සම්පූර්න ක්‍රියාවලියක් විදිහට විතරක්ම ඇතිවෙන තත්වයක් වුනා. පස්සෙ මේ කාන්තාව මේක යක්ෂයාගෙ බලපෑමක් කියල හිතලා දත් මැදීම අත්අරිනවා. මවුත් වොෂ් පාවිච්චි කරන්න ගන්නවා. තව සමහරු ඉන්නවා ඕනම වෙලාවක හිතලා මිනිත්තුවෙන් සුරතාන්තයට පත්වෙන්න පුළුවන්.

සුරතාන්තය ඇතිවෙන්නෙ කොඳු ඇට පෙල කෙලවරේ සේක්‍රඞ් බෝන් කියල හඳුන්වන ප්‍රදේශයෙන්. ඒ ස්නායු නෘතිමව ඉලෙක්ට්‍රෝඩයකින් උද්දීපනය කළත් අපි සුරතාන්තයට පත්වෙනවා. වඩාත් විස්මිත කාරණය වෙන්නෙ බ්‍රේන් ඩෙඞ් එහෙම නැත්තං මොළය මැරුණු අයගෙ පවා සුරතාන්තය ඇති කරන්න පුළුවන්වීම. මැරුනු අය ආපහු අවදිවෙන ලාසරස් අෆෙක්ට් එක වගේම ඕගසම් අෆේක්ට් එකත් ඇති කරන්න පුළුවන් මේ සේක්රඞ් නර්ව් එක ඔක්සිජන් ගමනාගමනය ඇතුව පවතිනවා නම්.

තියඩෝර් වැන්ඩවෙල්ඞ් කියන්නෙ අයිඩිසයල් මැරේජ් කියන පොත ලියපු කෙනා. එයා ශුක්‍රානු ගැන කොනොසර් කෙනෙක්. එයා කියනවා තරුණයෙකුගෙ ශුක්‍රානු ඉතාම නැවුම් සුවඳක් දෙන අතර වැඩිහිටියෙකුගෙ ශුක්‍රානුවලින් ස්පැනිෂ් චෙස්නට් සුවඳ විහිදෙනවා කියල. සමහර වෙලාවට මේක මල් සුවඳක් වගේම තව වෙලාවක ඕනවට වඩා සුවඳ ගඳක් විදිහට දැනෙන්න  පුළුවන්. ලිංගික සංසර්ගයට පස්සෙ පැයක් විතර යනකල් කාන්තාවකගේ මුවෙන් මේ ශූක්‍රානු සුවඳ දැනෙනවා කියලත් එයා කියනවා. 

ඊශ්‍රායලයෙ වාර්තා වෙනවා සුවකළ නොහැකි ඉක්කාවක් තිබුනු කෙනෙක් බිරිඳ සමග සංවාසයෙන් සුරතාන්තයට පත්වුනාට පස්සෙ මේ ඉක්කාව හොඳ වුනා කියල. සුවකළ නොහැකි ඉක්කාවට ලිංගික ප්‍රතිකාරයක් විදිහට මේක ගැන කැනේඩියානු මෙඩිකල් ජර්නල්වල සඳහන් වෙනවා. මේකෙ එක තැනක තියෙනවා නවතින්නෙ නැති ඉක්කාව ඇතිවෙනවා නම් ඒ අතරෙ ඔයා තනිකඩ නම් මාස්ටර්බේට් කරන්න කියලත්.

1900දි විතර විශ්වාස කලේ සුරතාන්තයකදි ගර්භාෂය ඇතුලට ශූක්‍රානු  ඇද ගැනීමෙන් පිළිසිඳ ගැනීම වඩා සාර්තක වෙනවා කියල. ඒ කාලෙ දොස්තරලා විශ්වාස කළා පිලිසිඳ ගැනීමකට සුරතාන්තය අවශ්‍යමයි කියල. ඒ ගොල්ලො පිරිමින්ට උපදෙස් දුන්නා කාන්තාවන් උපරිමෙන් සතුටු කරන්න කියල.

මාස්ටර්ස් ඇන්ඞ් ජොන්සන් මේ ‘අප්සක් තියරිය’ (උඩට ඇදගන්න කතාව) විශ්වාස කලේ නෑ. ඒ ගොල්ලො කාන්තාවන් පස්දෙනෙක් ගෙනල්ලා ඒ ගොල්ලොන්ට කෘතිම ශුකානු ඇතුල්වෙන විදිහට සකස් කලා. ඒවායෙ රේඩියෝ ඇක්ටිව් ද්‍රාවනයක් මුහු කරලා තිබුන. එක්ස්රේ මගින් පරීක්ෂා කළා මේ විදිහෙ අප්සක් වීමක් සිද්ද වෙනවද කියල. ඒත් එහෙම දෙයක් සිද්ද වුනේ නෑ.

ඉස්සර විශ්වාසයක් තිබුනා ශුක්‍රානු නිකංම සතියක් විතර තිබුනොත් ඒවායෙ සරු බව අඩුවෙනවා කියල. දුර්වල වෙනවා කියල. බි්‍රතාන්‍ය සෙක්සොලොජිස්ට් කෙනෙක් වුනු රෝයි ලෙවින් හිතුවා මේක නිසා තමයි පිරිමි නිතර මාස්ටර්බේට් කරන්නෙ කියල.  ශුකානු අලුත් කරගන්න. ඌරන්ට මේ විදිහට ලිංගිකව උත්තේජනය කරමින් ශුක්‍රානු ඇතුල් කිරීමෙන් පැටව් ලැබීම වැඩිවෙනවා කියල පර්යේෂන කරලා තියෙනවා. මේක ගැන වීඩියෝ තියෙනවා බලන්න ආස හිතෙන.

මාස්ටර්ස් ඇන්ඞ් ජොන්සන්ස් මිනිස්සුන්ගෙ සම්පූර්ණ ඉරොතික චක්‍රයම විද්‍යාත්මකව අධ්‍යනය කළා. අවදි වීමේ ඉඳන් අවසානය දක්වාම. ඒ ගොල්ලො පීනස් කැමරාවක් (ශිෂ්නයක් විදිහට සකස් කළ කැමරාවක්) දාලා සෙක්ස් කරද්දි කාන්තාවන්ගේ සිදුවන අභ්‍යන්තර වෙනස්කම් පවා අධ්‍යනය කළා.

කින්සි ශුක්‍රානු විදින දුර ගැන පර්යේෂන කළා. ඒ කාලෙ වඩා දුර ශූක්‍රානු විදිනවා නම් ගැබ් ගැනීම වඩා සාර්තකයි කියලයි හිතුවෙ. මිනිස්සු 300ක් මිනුම් උපකරන සහ කැමරා එක්ක මේ පර්යේෂණයට සහභාගි වුනා. හතරෙන් තුනකගෙම ශුක්‍රානු එක තැනම වැටෙනවා. හැබැයි හැමෝමව පුදුම කරමින් එක්කෙනෙක් අඩි අටක් දුර විද්දා.

ලිංගික හැසිරීමකට සූදානම් වෙන මීයෙක් ඉස්සරහට චීස් කෑල්ලක් විසි කරලා උන්ගෙ අරමුණු වෙනස්වන ස්වභාවය ගැන පර්යේෂන කරලා තියෙනවා.  විසි කරන චීස් කෑලිවලට පුළුවන් වෙනවා ගෑනු මීයාව ඩිස්ටර්බ් කරන්න. හැබැයි පිරිමි මීයාට ඒ වෙලාවට චීස් ගැන වගක්වත් නෑ.

ලෝකෙ මිනිස්සු සුරතාන්තය ගැන මේ තරම් දේවල් හෙව්වට ලංකාවෙ අපේ අම්මලාගෙ පරම්පරාවෙ ගෑනු සුරතාන්තය කියල එකක් තියෙනවද කියලවත් නොදැන මැරිලා ගියා. පිරිමියාගෙ ධාතු පිටවීම විතරක් සංසර්ගයේ එකම කාර්යය වුනා. ඒත් දැන් තත්වය වෙනස්. පිරිමි වගේම ගැහැනුත් දන්නවා සංසර්ගයකදී සුරතාන්තය ලැබීම තමන්ගෙ අයිතියක් කියල.