ලෝකෙ එක එක විදිහෙ මිනිස්සු ඉන්නවනෙ. ඒ මිනිස්සුන්ට තියෙනවා එක එක හැඩයෙ පෞර්ෂයන්. නැත්තං පර්සනැලිටීස්. ඒ පෞර්ෂයන් ඔක්කොම වර්ග කීපයකට බෙදලා අඳුරගන්න පුළුවන්. ඇල්ෆා, බීටා, ඔමේගා, ගිගා,  ඩෙල්ටා කියලා මේ පෞර්ෂ කාන්ඩ නම් කරනවා. ගෑණු පිරිමි දෙවර්ගයේම මේ පෞර්ෂ වර්ග 05 ඉන්නවා. මෙතනදි පිරිමි පෞර්ෂ විතරක් විශේෂ කරලා කතා කළාට ඒකෙ ස්ත්‍රී වර්ෂන් එකත් ඒ විදිහටම පවතිනවා.

ඇල්ෆා මේල්

සත්තුන්ගෙ අපිට මූලිකව අඳුරගන්න පුළුවන් චරිතය ඇල්ෆා මේල්. රැහේ නායකයා. එයා තමයි වඩාත් හැදිදැඩි රළු පිරිමියා. හැම ගෑනියෙකුගම ආකර්ශනය එයාට. එයා කැමති ඕනම ගෑනියෙක් එයාට අත්පත් කරගන්න පුළුවන්. 

අපි නිතර දකින බෑඞ් බෝයි චරිත අයිති වෙන්නෙ මේ පෞර්ෂයට. එයා ඇග්‍රෙසිව්. තමන් ගැන ඕනවටත් වඩා කන්ෆිඩන්ට්. මචෝ. අපි කියන්නෙ නියම පිරිමියා කියල මෙයාට. 

මේ පෞර්ෂයෙ තියෙන ප්‍රධාන දුර්වලතාව වෙන්නෙ පාලනය කරගන්න බැරි ඊගො එක. ඒක නිසාම නිතර ගැටුම් ඇතිවෙනවා. තමන්ගෙ පෙම්වතිය එක්කවත් සංවාදයක් කරගෙන යන්න බැරිවෙනවා. ගැහැනියෙකුට ඕන කරන ඉමෝෂනල් දේවල් දෙන්න මේ පෞර්ෂය ඇතුලෙ අමාරු වෙනවා. ඒත් අනිත් කාරණා වලින් හැමදෙයක්ම ගොඩදාගන්න පුළුවන් වෙනවා. 

ඇල්ෆා මේල්ලා බොහෝ වෙලාවට කැමති වෙන්නෙ දුර්වල ගෑනුන්ට. ඒ වගේම ගෑනියෙක් චීට් කරන්න ඕන වුනාම වැඩිපුරම හොයාගන්නෙත් ඇල්ෆා මේල් කෙනෙක්.

පද්මාවතී ෆිල්ම් එකේ රන්වීර් සිං කියන්නෙ හරියටම ඇල්ෆා මේල් චරිතයක්

බීටා මේල්

බීටා මේල් අය තමයි හොඳ ළමයි වගේ අය. ඒක නිසාම ගොඩක් අය විසින් රවට්ටන්න ඉඩ තියෙනවා. ඒ රැවැට්ටුවත් ඒ ගොල්ලොන්ගෙ හොඳකම නැති වෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට මේ අය වැඩිය කතා බහ නොකරන, ඉන්ට්‍රොවර්ට් චරිත. ඒත් පොදුවෙ දකින කතා කරන හැමෝම කැමති වෙන විදිහෙ පර්සනැලිටියක්. ගොඩක් කෙල්ලො ඇල්ෆා මේල් කෙනෙක්ගෙන් බූට් එකක් කෑවම තෝරගන්නෙ බීටා මේල් කෙනෙක්. කාලයක් පවතින ස්ථාවර සම්බන්ධතාවයකට හරියන්නෙම මේ අයව. ඉස්කෝලෙදි වුනත් පැත්තකට වෙලා ඉන්න නර්ඞ් චරිත. දේවල් සීරියස් ගන්නෙ නැති ලස්සන සරල සිතුවිලි තියෙන අය. කෙල්ලන්ට හොඳම ළඟම යාලුවො වෙන්නෙ බීටා මේල් අය.

කල්හෝනා හෝ ෆිල්ම් එකේ රෝහිත් මෙන්න මේ වගේ කෙනෙක්.

ඔමේගා මේල්

මේ ගොල්ලො ලෝකෙ කිසිම සම්මතයකට ජීවත් නොවෙන පිරිසක්. ඇල්ෆා මේල් එකේම ඉන්ට්‍රොවර්ට් වර්ෂන් එක වගේ. සමාජයේ ප්‍රතිචාරය ගැන කිසිම ගානකට ගන්නෙ නැති පිරිසක්. තමන්ට අනුව තමන් හදාගත්ත වටිනාකම් පද්ධතියක් එක්ක ජීවත් වෙනවා. ගොඩක් වෙලාවට ඔමේගා මේල් අය ක්‍රියේටිව්. හැබැයි දෙයක් කරන්න තියෙන උනන්දුව සෑහෙන අඩුයි. මේ වගේ අය එක්ක විවාහ වෙන එක ගෑනියෙකුට සෑහෙන අවාසනාවන්ත වෙන්න පුළුවන්. මොකද තමන්ගෙ ජීවිතේ කිසි දෙයක් ආදරය හෝ වෙන කිසිම දෙයක් නිසා මේ අය වෙනස් නොකරන හින්ද. 

ගොඩක් බුද්ධිමත් ඒත් ඒ බුද්ධියෙන් කිසි වැඩක් ගන්න දන්නෙ නැති අයත් මේ පෞර්ෂ කාන්ඩයට අයිති වෙනවා.  සමහර ඔමේගා පොරවල් ඉන්නවා පීසා එකක් කකා  දරුනු ගනිත ගැටලු විසඳන්න පුළුවන්. අපිට ගොඩක් වෙලාවට පොලොවෙ නෙමෙයි ඉන්නෙ වගේ පේන්නෙ ඔමේගාවො.

ෆුක්රෙ ෆිල්ම් එකේ චූචා මේ වගේ චරිතයක්.

ගැමා මේල්

ඇල්ෆා මේල් කෙනෙක් පරිණත වුනාම මේ වගේ වෙනවා කියල හිතන්න පුළුවන්. හොඳටම වගකීම් සහගතයි. ඒ වගේම  ඇඞ්වෙන්චරස්, ෆන් එකට ඉතා කැමතියි.  මේ ඔක්කොම තිබුනත් නිතර තමන්ගේ පෙම්වතියගේ හැගීම් සහ උවමනාවන් ගැනත් හිතනවා. ඇක්ටිවිටි නැතුව ඉන්න බැරි ගතියක් තියෙනවා. කොයිදේකදි වුනත් පවුල මුල් කරගෙන හිතනවා. ගෑනියෙකුගෙ වාසනාව මේ වගේ පිරිමියෙක් හම්බුවෙන එක කියල කියන්න පුළුවන්.

කබි කුෂි කබි ගම් එකේ ෂාරුක් ගැමා මේල් උදාහරනයක්


ඩෙල්ටා මේල්

මේ අය හරියට ජීවිතෙන් කඩාවැටුනු අය . ඇල්ෆා හෝ ගැමා මේල් චරිතයකට ලොකු ට්‍රැජඩියකට මූන දෙන්න වුනාම මේ විදිහෙ පෞර්ෂයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට හුදකලා, පරාජිත ගතියක් තියෙනවා. ඒ ගොල්ලොන්ට ඕන තමන්ගෙ උපරිම හැකියාවන් අත්පත් කරගන්න. ඒත් ආත්ම විශ්වාසය හොඳටම හීනයි.  පාර්ටි වලට මිනිස්සු එකතු වෙන තැන්වලට යන්නෙ නෑ. ඒක නිසා ගොඩක් වෙලාවට ඩෙල්ටා පෞර්ෂ බෝරිං විදිහටයි පේන්නෙ. මේ අය හොයන්නෙ තමන්ව තේරුම් අරගෙන තමන්ගෙ උපරිමය බවට පත්වෙන්න උදව් කරන්න කෙනෙක්.

රබ්නෙ බනා ඩි ජෝඩි එකේ සුරින්දර් සුරි මෙහෙම කෙනෙක්.